"මට...! අනතුර තිබුණේ මට නෙමෙ zhao...ඔයාට....!"
"මොක්...ක...ක්...!!"
"ඔව් ඒ ඔයාට...මාව මැරි කරන්න බැරි උණ එක නෙමෙ...ලීට ප්‍රස්නයක් උණේ...ඔයා මට ලං උණු එකයි එයාට බලන් ඉන්න බැරි උණේ..."
Zhaoගේ හිත තුල දහසක් ප්‍රස්න එහෙ මෙහෙ ගියා.
'වෙන්න බෑ...මිංයන් වලදී....ඒක අහම්බයක් විතරයි...'
"මං..මං හිතුවෙ ඒ වාහනේ...ඔයා පස්සෙ ආවා කියලා...!! ඔයා පස්සෙ එනකොට මට නෝට් උණා කියලා....!!"
ජීවිත අනතුරක් කියද්දි zhao ට මතක් උණේ පහුගිය කාලෙ පුරා ඔහු යන යන තැන ඔහුව ලුහු බැදපු වාහනේ...
"නෑ ඒ ආවෙ ඔයාගෙ පස්සෙන්...ඔයා නිකං හරි මගෙ ළඟට එන්න උත්සාහ කරා නම් ඒ ඔයාගෙ අන්තිම මොහොත වෙන්න තිබුණා...ඒ හැමෝම අතේ gun පවා තිබුණා.telescope එකෙන් බලද්දී මං කීප සැරයක්ම දැක්කා. නිකං ඔත්තු බලන්න නම් ඒවා ඕනා නෑනෙ.අනික මට කරදරයක් කරන්න ඕනා නම් එයාට ඒක ගේ ඇතුළේම කරන්න ඕනා තරම් ඉඩ තිබුණා..!!"
"ගගා...ඒ ඒ එහෙම නම්...ඔයා ඇයි හැමදාම මාව හොයන් ආවේ.."
"කොහොමත් ඔයා ගැන ලී හැමදේම දැනගෙන හිටියා zhao...ලී ගැන කලින් සැකයක්වත් තිබුණෙ නැති නිසා සිද්දවෙන කිසි දෙයක් නොදැන මෙහෙ තත්වේ දැන ගත්තම සතුටටත් එක්ක මං ඔයා එක්ක උණ හැමදේම ගිරවා වගේ කියලා දැම්මා. ඉතිං තව ඒ ගැන හංගන්න දෙයක් නෑ එයා දැනන් හිටියා මං ඔයාට ආදරෙයි කියලා.ඒ වගේම එයා හොඳ විස්වාසෙකින් හිටියා ඔයා ආයි එන්නෙ නෑ කියලා.ඉතිං මං ඔයාව හොයන් යන එක එයාට ප්‍රස්නයක් උණේ නෑ.ඔයා මගෙ ඉස්සරහට නොඑන තාක්..."
"හ්ම් විස්වාස වෙන්න එපැයි...ඒ තරම් තාත්විකව act කරලා ඒ දරුවා ඔයාගෙ කිව්ව විදිහට කවුරු උණත් විස්වාස කරනවා.."
"මං පිළිගන්නවා...ඒ අතින් එයා ගොඩක් දක්ෂයි.මේ තරම් දන්න මමත් රැවටුණු කොට...කොහොම හරි ඉතිං මං කොහොමද මැණික...කොහොමද ඔයා ගැන විස්තරයක් නැතිව ඉන්නෙ...දකින්නෙ වත් නැතිව ඉන්නෙ...මං ඒ හැම මොහොතකම උඹව විස්වාස කරා.මං දැනන් හිටියා...අර සති දෙකේ ඔයා හිත හයිය කරන් හිටපු විදිහට කොච්චර උවමනාව තිබුණත් මං ඉස්සරහට නොඑන බව...ඒත් එදා ලී එක්ක ආව වෙලාවේ නම් මං බය උණා.මං වැටෙන්න යද්දී ඔයා ළඟට දුවන් එද්දී..."
"ඒකට නම් මට කේන්තියි.."
"මොකටද..."
"මොනා උණත් එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා ගගා.ඔයා මගෙ කව්ද කියලා දැන දැන ඒ විදිහට මාව හොයන්න එන්න උණාම ගෑනියෙක් විදිහට කොච්චර දුක ඇත්ද... මට එයා ගැන දුක නෑ....ඒත් අර දරුවා....ඒ අසරණයා බඩේ ඉඳගෙන දුක් විදිනවා..."
"ඒවා එයාගෙ මමාගේ වැරදි zhao....ලී මේ තරම්වත් බේරිලා ඉන්නෙත් ඒ දරුවා නිසාම තමා.නැත්තං මං දැනටමත් හැමදේම විසඳගෙන.මෙහෙම හැංගී හැංගී ඉන්නෙ නෑ... අනික එදත් මං අසනීප නිසා ඉන්න හදද්දි එයයි මාව බලෙන් එක්ක ආවෙ..."
"ඕ..එහෙමද....එහෙනම් කරන්න දෙයක් නෑ...එයා හිතා මතා මට රිද්දන්නයි හදලා තියෙන්නේ...ඒ බබා....එයා එදා ලී ගේ ගෙදරදී මගෙ අතට කික් කරා ගගා...දන්නවාද ඒ වෙලාවේ....මන්දා මට මාවම අමතක උණා...."
"ඔයා ආසද.."
"එහෙම කියන්න නෑ...ඒත් අනේ මන්දා...ඒ පළවැනි පාරනේ.."
"හ්ම්ම්"
"ඒත් ඉන්න....එදා ඔයා මාව අඳුර ගත්තද...ඒත් කොහොමද..."
තමන් පණ නැතිව වැටෙන්න යද්දී zhao නොදනුවත්වම තමන්ව අල්ලන්න ගිය හැටිත් ඒ සමගම ලී ඇවිත් වාරු කරගත්ත හැටිත්, ලී ගේ කුසෙ ගෑවුණ අතට පොඩි එකාගෙන් පාරක් වැදුණ හැටිත් ලී zhaoව දැක්කද කියන බය හිතට එද්දී තමන් zhaoට දුක හිතෙන බව දැන දැනත් ලීගෙ අවධානේ zhaoගෙන් ඈතට ගන්න හිතන් දරුවා ගැන කතා කරපු හැටිත් yangට මතක් උණා.
"අද අර කළුවරේ අල්ලන් ඉඹිද්දී කොහොමද මං කියලා දැන ගත්තෙ.."
"ම..මට්..ට..ඔයාගෙ හුස්මත්...දැනෙනවා...ගගා...ඒ හුස්මත් ඇති මට ඔයාව අඳුර..ගන්න.."
"ඉතිං...මටත් එහෙම තමා...ඔයා මොන හමක් පෙරෙව්වත් එක බැල්මෙන්.. එක ස්පර්ශෙන්..එක සුවදකින් මං දන්නවා ඒ ඔයා කියලා..."
"අනේ ගගා...!!"
Zhao පිටු පසට දෑත් යවලා yangව තව තවත් උරහිසට තද කරගද්දී yang zhaoගේ හිස පැත්තකට හරවන් මොහොතකට ඒ තොල් අල්ලන් ඉඳලා අත ඇරියා.
"ම් හ්..."
Zhao කෙදිරි ගෑවෙ මදි කියන්න වගේ.
"ආයි අවුස්සන්න එපා...එළිය වැටෙන්න කලින් මං යන්න ඕනා..."
"හ්ම්ම්ම්ම්"
අකමැත්තෙන්ම zhao සුසුමක් හෙළුවා.
"කොහොම හරි ලී ට ප්‍රස්නෙ තිබුණේ මං ඔයාට කැමැති කියන එකටත් වඩා අපි ආයි ලං වේවිද කියන එක.මං ඔයාගෙ නොවී ඇස් මානෙන් හරි...එයාට පෙන්න ඉන්නවා නම්, එයාට ඒ ඇති කියන එක මුල් දවස් වලම මං තේරුම් ගත්තා. අනික එයා කරන්න යන්නෙ මොනවාද කියන එක ගැන මට තේරුම් ගන්න පුළුවන් එයාට කිට්ටුවෙන් හිටියොත්.ඉතිං ඒ නිසා මං එහෙම නතර උණේ...එයාට ඕනා විදිහට එයාට පෙන මානේ ඉන්න ගමන් මං මගෙ වැඩෙත් කරගත්තා.ඒ වගේම එයාට ඕනා උණා මං එයාගෙ වාහනේම එළියට යන්න...පස්සෙ සැකෙට බලද්දී මං දැක්කෙ වාහනේට gps සෙට් කරලා.ඉතිං මං නොදන්නවා වගේ එයාට ඕනා දෙම කරා. ඔයා එවපු note එකේ තිබුණ දේවලුත් හිතේ වැඩ කරද්දි එහෙම හොඳයි කියලා මට හිතුණා.
මං දැනන් හිටියා....මේ ඉරිසියා කාරයා ඕනාවට වඩා රිද්ද ගනි කියලා....ඒත් මං කරේ වෙලාවේ හැටියට හොඳම දේ මැණික..."
"ම්ම්...මට තේරෙනවා...මං ලේක්චර් ගාව ඒ note එක තිව්වේ නැත්තම්...ඔයා තාම නොදැන ඉදි.."
Yangගේ ජීවිතේට මොනයම්ම හෝ විදිහක අනතුරක් තිබෙන බව yang ව මුණ ගැහුණ මුල්ම දවසේ ඉඳන් zhaoගේ හිතේ තිබුණු සැකය අන්තිමේ තහවුරු උණා.. ලී ගේ නිවසට ගිහිං රෙන් ගෙන්, ලී ගෙත් ඔහුගෙත් විවාහය ගැන දැන ගද්දී, ලී තමන්ට දරුවා ගැන අමු අමුවේ බොරු කියපු බව තේරෙද්දි,රෙන් තමන්ගෙ අතේ තිබුණ කැළල නිසා කලබල උණ එක ගැන සිතද්දී yangට අනතුරක් තියේ නම් ඒ ලී ගෙනුත් රෙන්ගෙනුත් බව zhao තේරුම් ගත්තා.ෆාජි පැවසූ පරිදිම yangගේ ජීවිතේට අනතුරක් එල්ල වී තිබුණෙ සමීපතම අයගෙන් වෙද්දී තව දුරටත් yangව මඟ අරින එකත් හතුරන් අතරෙම yang මුලාවේ තියන එකත් අවධානම් බව zhao තේරුම් ගත්තා... අනිත් අතට අතීතයේ ඔවුන්ගේ ඉරණම විසදුණු හැටිත් ෆාජි පවසන විදිහට ඔවුන් එකිනෙකා සමීප වීමම අනතුරකට හේතු විය හැකි බවත් zhao තේරුම් ගත්තා.ඒ නිසාම ලී වගේම රෙන් ගැන සැක හිතුණු මුල් දවසේම yangව මේ ගැන දැනුවත් කරන්න zhaoට උවමනා උණත් yangව සම්බන්ධ කර ගැනිමට ක්‍රමයක් නොවෙද්දී අන්තිමේ දින දෙකකට පස්සෙ ෆාජිගේ අනා වැකිය ලියපු කොලෙකුත් එක්ක මිංයන් සිදුවීම හැර සිද්ද වෙන අනෙක් දේවල් yang පැමිණි මොහොතක පැහැදිලි කරන ලෙස ලේක්චර්ගෙන් ඉල්ලපු හැටි zhaoට මතක් උණා.
"මං ඒ note එක හම්බවෙන්න කලින් දැන ගෙන හිටියා...!"
"මොකක්...!ඒ කොහොමද.."
"මට රෙන් හැමදේම කිව්වා...."
රෙන්ගේ නම ඇහෙද්දීත් zhaiගේ ඇගේ හිරිගඩු පිපුනා.zhao නොදැනුවත්වම වම් අතේ කැළල අනිත් අතින් අතගාන්න උණා.
"ආහ්..."
"එදා ඔයා ලී හම්බවෙන්න ඇවිත් රෙන්ව හම්බ උණාලු නේද.. එදා මං ගෙදර ආව හැටියේ රෙන් මට හැමදේම කිව්වා.ලී ගෙ වැඩ ගැන එයා දැනන් හිටියා.ඒ වගේම ඔයා නොදන්නවා උණාට රෙනුත් ඔයාගෙ පස්සෙන් මිනිස්සු දාලා හිටියා...!
Yang පැහැදිලි කරද්දි zhaoගේ හදවතම සීතල වෙලා ගියා.
"මොකක්..!"
"මේ දැන් පවා...!එයාලා එළියේ ඉන්නවා...!"
"ග්..ග්.ග..ගාා...අනේ ඒ..එයාව..රෙන්..ව විස්වාස කරන්න එපා...!"
"එයා අපිට උදව් කරනවා මැණික..බය නොවී ඉන්න...අපිට යන්න ටිකට් පවා බුක් කරලා ලී ගෙ අයට ඉව වැටෙන්න නොදී ලෙක්චර්ට යැව්වෙ එයා...ඒ වගේම ඔයා ට ගාණක් නැති උණාට අද මන් මෙතන ඉන්නෙත් රෙන් මට ඔයා ඉන්න තැන කියපු නිසා..!"
"අනේ ගගා හ්..."
"එයා ලී ගෙ හස්බන්ඩ් තමා...ඒ වගේම එයා තමා කිව්වේ ලී ගෙන් අපිට අනතුරක් තියෙනවා කියලා.මොකක්දෝ හේතුවකට එයා ආයි ආයි කිව්වා ඒ ජීවිත අනතුරක් වෙන්න පුළුවන් කියන එක.මන් මුලින් විස්වාස කරේ නෑ. ඔයාගෙ පස්සෙන් එන මිනිස්සු අතේ ගන් තියෙනවා අහම්බෙන් දකිනකම්ම.ලී ට ඒ තරම් දරුණු වෙන්න හේතුවක් මට හිතාගන්නම බෑ zhao....ඒත් මට අතීතේ මතක් වෙනවා.දේවල් ආයි සිද්ධ වෙනවාද කියලා බය හිතෙනවා..ඒ වගේම අපිට අනතුරු අඟවන්න අපි නොදන්න හේතුවකුත් රෙන්ට තියෙනවා කියලා මට හිතෙනවා.නොවරදවා එයාට මට නොකියපු දෙයක් තියෙනවා! ඒ එයාගෙ වයිෆ් සම්බන්ධ දෙයක් නිසා එහෙම නොකියා හිටියත් වරදක් කියන්න බෑ අපිට.එයාගෙ වයිෆ් ගැන ඒ වගේ කතාවක් කියන්නත් කොයිතරම් අමාරුවෙන්ද හිත හදාගන්න ඇත්තේ.
කොහොම උණත් එයාට මේ වෙලාවේ කරන්න දෙයක් නෑ මීට වඩා.
ලී ඉන්න තත්වේ එක්ක එයා අසරණයි...."
"අනේ මං කියන එක අහ.."
"මට තේරෙනවා මැණික...ඒත් එයා නැත්තං මට මොකුත් කරගන්න වෙන්නේ නෑ.දන්නවාද දැන් සති 3කට විතර කලින් ඉඳන් මං එකපාර දුර්වල වෙන්න ගත්තා.මං ඔයාව බලන්න ආවට පුළුවන් කමකට ආවා නෙමෙ. අසනීපයක් නෑ...ඒත් ඔලුව අතපය උස්සගන්න වත් බැරි තරම්.අඩියක් දෙකක් ගියත් මහන්සියි.ලී බෙහෙත් අරන් දුන්නා.ඒ උනාට ඒවට තව වැඩි උණා වගේ දැනුණේ.එදා එයා එක්ක univercity එකට ළඟට ආවෙත් ඒකයි.ඇත්තම කිවුවොත් මං ඉන්න හදද්දී එයාමයි බලෙන් එක්ක ආවෙ.ඒ වගේම මං හිතන්නෙ එදා එයත් ඔයාව දැක්කා.මගෙ ඇගේ ඇලි ඇලි හිටපු හැටියටම මට තේරුණා ඔයාට පේන්න කියලා.ඒ වගේම එයා දැනගෙන හිටියා ඒ මං ඔයාව බලන්න univercity එක ළඟට යන අන්තිම දවස වෙන්න පුළුවන් කියලා.මොකද මං ඒ තරම් දුර්වල වෙලා හිටියෙ."
"අනේ ගගා.."
"අහන්නකෝ..කොහොම හරි ඊට ටික දවසකට කලින් රෙන් තමා සැකේට ලී ට හොරෙන් එයාම මගෙ ලේ අරන් ගිහිං චෙක් කරේ ලැබ් එකකට දීලා .කොහොම හරි රෙනුයි මමයි සැක කරා වගේම ලී කෑමත් එක්ක මාව දුර්වල වෙන්න ඩ්‍රග් එකක් දීලා.."
"ආහ්.."
"ඔව් එයාට ටිකෙන් ටික ඕනා උණේ මං ඔයාව බලන්න යන එකත් නවත්වන්න....! කටින් කියලා බැරි නිසා එයා මාව හිතලම අසනීප කෙරෙව්වා.."
"මේ යක්ෂණි... මට.."
zhao දත් මිටි කෑවා.
මතුසම්බන්ධයි....
👩💻 dil
2023/02/04
Editing date - 2023/12/12
You are reading the story above: TeenFic.Net