🌘🔥 32.🍁 Telescope දෙයියා🍁 🔥🌒

Background color
Font
Font size
Line height

"ගගා හ්.."

සෑහෙන කාලෙකට පස්සෙ උදාවුණු වෙහෙසකර හෝරාවන් කීපෙකට පස්සෙ yangගේ පපුවේ හිස තියන් හිටපු zhaoගේ සිනිදු හිස කෙස් අතර yangගේ ඇගිලි තුඩු හෙමින් සීරුවේ එහෙ මෙහෙ ගියා.

"ම්ම්..."

"කොහොමද ඇතුලට ආවෙ.."

"මට මුලින්ම හිතට ආපු දිනේ පාස්වර්ඩ් එකට දුන්නා...ඉතිං හරි ගියා...පලවෙනි තට්ටුවෙන්ම දොර අරුණා...මං ඉතිං වැඩ්ඩනෙ.."

"හහ්..හිතාගෙන ඇති... මං හිතලම මැරි කරපු දවස පාස්වර්ඩ් එකට දුන්නේ නැත්තම්..."

"හිතලම කිව්වේ..!"

Yangගේ ඇගිලි තුඩු හිටිවනම නතර වෙද්දී zhao තව ටිකක් ඒ පපුව අස්සෙ හැන්ඟුණා.

"මං හිතුවා...මීට කලින් ඔයා එයි කියලා..."

"Zhao..."

"ම්ම්."

"ඔයාම එන්න එපා කිය කිය බලන් හිටියේ ඇයි මැණික.."

"එහෙම නොකර බැරි උණා ඉතිං..මං එපා කිව්වට හදවත ඇහුවේ නෑනෙ.."

Zhaoගේ වචනත් එක්ක පපුව පුරා සියුම් වේදනාවක් පැතිරෙද්දී yang, zhaoව උස්සලා තමන්ගෙ ඇඟ උඩට ගද්දි වැලමිටට බර දීපු zhao, yangගේ මූනට එබුණා.yangගේ මූණ මොහොතකට දුකෙන් කනස්සල්ලෙන් පිරිලා තිබුණත් එක තප්පරෙන් ඒ හැඟීම් වෙනස් වෙද්දී yangත් zhao දිහා ම බලන් හිටියා.

"...........එක අතකට හොඳ වැඩේ තමුසෙට.."

"ආහ්..."

"ආව හැටියේ...අර ගෑනිට මාව පූට්ටු කරලා...කාගෙවත් දරුවෙක්ගෙ උප්පැන්නෙකට මගෙ නමත් දීල සද්ද නැතුවම හැන්ඟෙන්න හැදුවට...හොඳම වැඩේ තමුසෙට..."

Yang කියවද්දී වරදකාරී හැඟීමකින් හිත පිරිලා යද්දී zhao, yangගේ ගෙල මුල මූණ හංගා ගත්තා.

"......"

"සති දෙකක් තිස්සේ මං නොකා නොබී පණ ගැහි ගැහී,මිනිස්සු ළඟ බාල්දු වෙවි රස්තියාදු වෙද්දී ,තමුසෙ එදා මාව දැකලාත් මං පස්සෙන් දුවන් එද්දිත් දැක්කෙ නෑ වගේ taxi එකේ නැඟලා යද්දී මට දැනුණ වේදනාවට තමුන්ට ඒ දඩුවම ලැබෙන්නම ඕනා..!!"

"ගගා...ඒත්....ඔයාගෙ ඔය සති දෙකට...මං මාස දෙකක් දඩුවම් වින්ඳා...වැඩි නැද්ද..."

Zhao මුමුණද්දි yangගේ තනි වචනය ස්ථිර හඩින් පිට උණා.

"නෑ....!"

"............"

"තමුසෙ මොන විදිහකින් හරි ලී රෙන්ව මැරි කරලා කියලා දැන නොගත්තා නම්...!!තමුන් තාමත් මට නොකියාම මාව මඟ ඇරලා ඉදිවී...!! ඉතිං ඒ දඬුවම මදිත් එක්ක.."

"................"

"අපාරාදේ මට අදත් නෑවිත් ඉන්න තිබුණේ..."

"ඉතිං මොකටද ආවෙ!! ගාඩ්ලා අතේ පණිවිඩත් එව්වා නේද දැන් පැය ගාණකට කලින්.යන විදිහ හොඳයි කියලා."

Yangගේ වචනත් එක්ක හිත රිදෙද්දී දවල් yangගේ නිවස ළඟදී ගාඩ් පස්සෙන් දුවන් ඇවිත් කියපු දේ zhaoට මතක් උණා.

"සතියක්ම මං නෑ කියලා නොදැන ලී ගෙ ගේ ළඟ බලන් ඉඳලා ඇති වෙලා ආවා කියලා දන්න නිසා තමා ගේ දිහාට එනවා දැකපු හැටියේ ගාඩ්ට කෝල් එකක් දුන්නේ...ඔයා අහන දේකට උත්තර දීලා එහෙම කියන්න කියලා... මන් හොදින් කියලා කියන්නයි මට ඕනා උණේ.."

"ඒත්...ඔයාට එහෙන් යන්න කලින් මට කියන්න තිබුණා...මං බොරුවට අර ගෑනිගේ ගේ ළඟ බලන් හිටියා...සතියක්ම..!!"

"ඉතිං මං කිව්වා නම්.."

"එහෙනම් එතන ඉන්නෙ නැතුව ඔයාගෙ ගේ ළඟ ඉන්න එනවානේ..."

"ඒ නිසා තමා කිව්වේ නැත්තෙ.."

"ආහ්.."

"එදා පොඩි ප්ලැනක් ගහලා ලී ට සද්දයක් දාලා එහෙන් ආවෙ.ඉතිං තව එයාව අවුස්සන වැඩක් කරන්න ඕනා උණේ නෑ මට.මං ගෙදර ඉද්දී ඔයා ඒ ගැන නොදැන එයාගෙ ගේ ළඟ ඉද්දී එයා හරි සතුටින් ඉන්න ඇති ඉතිං...අනික මං කිව්වා නම්, හිත හදන් බොරුවට එතන ඉන්න එක ඔයාටත් එපා වෙනවා.ලී සැක හිතන නිසා ඔයාට එතන නොයිදත් බෑ.."

"හ්ම් තේරෙනවා...එතකොට ඇයි අද ආවෙ.."

Zhao ඇහුවේ yangට අභියෝග කරන්න වගේ උණත් ඊලඟට ඇහුණ දේත් එක්ක ලැජ්ජාවටම ඒ මූණ රතු උණා.

"කොහෙද ඉතිං පාරවල් ගානේ රස්තියාදු වෙවී යකඩ ගොඩන් බදන් අඬනකොට,

සුක්කානම අත් දෙකෙන් බදන් හොටු ගගා ඉබිණ කොට ඔළුවේ කෙස් ගස් ටික ගලවලා අතට ගන්න හදනකොට බලන් ඉන්න බැරි උණා ඉතිං.."

"ගගා...!!"

"ඇයි බොරුද කියන්නේ..."

"ඔයා...ඔයා කොහොමද දැක්කේ....!!"

Zhao අහද්දී තමන්ගෙ නිවසෙදි වගේම ලී ගේ නිවසේදී පුළුවන් හැම වෙලාවකම තමන් නිවස තුල හැංගිලා ඉඳන් telescope එකෙන් zhao නොදැනුවත්වම ඔහු දිහා බලන් හිටපු විදිහ මතක් වෙලා තනියම හිනා උණා.yang විදේශ සංචාරකයකදී ලොකු මුදලකට මිලදී ගත්තක් උණු එයින් සෑහෙන ඈතක දෙයක් උණත් ඇස් ළඟම වගේ පෙනෙන තරම් සියුම්ව බලන්න පුළුවන් උණා.

මේ කාලය තුල yangට තිබුණු වටිනාම වස්තුව එය වෙද්දී එය නොවන්නට zhaoව දැකගන්නවත් නැතිව yangට ගෙවුන කාලෙ ගෙවන විදිහක් ගැන හිතා ගන්නවත් බැරි උණා වෙද්දී zhao දුරින් yang දිහා බලන් ඉද්දී yang, zhaoගේ සියුම් හැසිරිම් පවා දිනපතාම පාහේ දකිමින් සිටියා.

"හහ හ් හා....මට තව ඇස් දෙකක් තියෙනවානේ....මං ඒකෙන් තමුසේව සූම් කරලා බලන් හිටියා...අනේ මගෙ telescope දෙවියා "

"මේ නාකියා නම්...."

Yang හිනා වෙවි කියද්දි zhao මිට මෙලවපු අත බොරුවට yangගේ මූණ ඉදිරියේ හෙලෙව්වා.

"ඇයි මොකද ආ ගහන්නද..."

"හහ්..මාත් බලන් හිටියා අමු හෙළුවෙන් ඇවිත් ගෑනි වගේ තේ බිබී ඉඳලා ගියේ...!! මං ඉන්න දිහා හැරිලා වත් බැලුවේ නෑ ...!!"

"බැලුවේ නෑ තමා ඉතිං....මං ඕනා තරම් බලන් ඉඳලා තමා එළියට ආවෙ....තමුසෙටත් මාව බලන්න ඕනා කියලා හිතුණ නිසා.."

තමන් yangගේ ඡායාවක්වත් නොදැක නොසන්සුන් කමින් yang බැල්කනි එකට මොහොතකට හරි එවන ලෙස දෙවියන් යැද්ද හැටි zhaoට මතක් උණා.

"අනේ ගගා...."

"මට උඹව දැනෙනවා මැණික...උඹ හිතනවාටත් වඩා මට උඹව දැනෙනවා...ඒ වෙලාවේ...මං ආයි ඇතුළට ගියාම බැල්කනිය දිහා බලන් car එකෙන් එළියට තියන්න හදපු අඩිය ආයි ඇතුලට ගන්නවා දකිද්දී මාව පිච්චිලා ගියා දෙයියනේ.... මට...මට....බැරි උණා...තව බලන් ඉන්න...එක මොහොතකට හිතුණා...උඹත් එක්ක එක මොහොතක් හරි සතුටින් ඉඳලා මැරුණත් කමක් නෑ කියලා....!! ඉස්සර මගේ xian xian එයාගෙ උතුමාණන්ට කිව්වා වගේ..ඉතිං...වෙන දෙයක් වෙන්න....මම ආවා.."

Yang කියවද්දී zhao, yangගේ හිස දෑතින්ම බදන් ඉඹගෙන ඉඹගෙන ගියා.zhaoගේ තෙත කඳුලක සීතල yangගේ නළලට දැනෙද්දී ඒ පපුව ආයීමත් හිරි වැටුණා.

"මට..මට සමාවෙන්න ගගා..."

"මොකටද සමාව..!!"

"ඔයාව නොකියාම මඟ ඇරියට..."

"සමාව ඉලන්න ඔයා වැරැද්දක් කරේ නෑ zhao...ඔයා කරේ සුදුසුම දේ වැරැද්දක් උණා නම් ඔයා කිව්වා වගේම ඒ වෙනුවෙන් ඔයා ඕනවාටත් වඩා වේදනා වින්ඳනේ තනියම..."

"හ්ම්ම්........ඒත් මං තරහයි ඔයා එක්ක.."

"ඒ පාර මොකද.."

"ඇයි..ඇයි එහෙ නතර උණේ...අර සක්කර වට්ටම එක්ක..!!"

ඇඳ උඩින් වාඩි උණ Zhao, yangට පිටු පාලා ඉඳන් නෝක්කාඩුවෙන් කියවද්දී yang නැගිටලා zhaoව ඉණෙන් ඇදලා ඔඩොක්කුවට අරන් ඒ උරහිසෙන් නිකට තියා ගත්තා.

"අපොයි ඉරිසියාව..."

"ඉරිසියයි තමා ඉතිං...තමුන් මගෙ මිනිහනේ...ඒ වගේම ඒ තමුන්ගේ ගෑනි වෙන්න හිටපු එකී..."

"හරි හරි ඉතිං ...මං නතර උණා තමා...මුල්ම දවස් ටිකේ නම් ආන්ටිගෙයි අංකල්ගෙයි කීම අහක දාන්න බැරි කමට.පස්සෙ ඔයා මාව මඟ අරිද්දී මට තනියම ඉන්න බය හිතුණා...මගෙ කොල්ලට පිංසිද්ධ වෙන්න ඒ තරම් හොඳ මානසික තත්වෙක මං හිටියෙ...!!"

තමන් කරපු වැරැද්ද ආයි ආයිමත් මතක් වෙද්දී ඒ දවස් ටිකේ yang හිටපු හැටි මතක් වෙද්දී zhaoගේ පපුව පිච්චිලා ගියා.

"........."

"ඉතිං තනියම ගෙදර හිටියා නම් දැන් මගෙ හොල්මනට තමා මෙතන ඉන්න වෙන්නේ..."

"ගගා...!!"

"ඒ වගේම...ඒ සති දෙකෙන් පස්සෙ මං එහෙ හිටියෙ නැත්තං තමුන්ගේ හොල්මනට තමා මං එක්ක මෙතන ඉන්න වෙන්නේ..."

"ආ....හ්.."

"ඔයා හරි zhao... මුල ඉඳන්ම මෙතන ප්‍රස්නයක් තිබිලා.හිතුවක්කාර කමට උණත් මට රිදුණා උණත් අපි දෙන්නම වෙනුවෙන් ඔයා ගත්ත තිරණේ හරි... ඒත් ඔයා ඒ දේවල් තනියම දරා ගන්න ගිය එකෙයි වැරැද්ද.."

"....."

"කොහොම උණත් දැන් උණ දේවල් උණා නෙ...එදා ඇවිත් ලී ව එහෙම දැක්කම...එයා මැරි කරලා කියලා වගේම වෙලා තියෙන දේවල් දැන ගත්තම මං නැටුවේ නැති ටික විතරයි.මට දුක හිතුණා..කලකිරිමක් දැනුණා.වෙන දෙයක් නිසා නෙමෙ... ඒ වගේ කෙනෙක් නිසා මං උඹට රිද්දපු නිසා.ඒ වගේම මං වැටෙන්න ගිය මුලාව ගැන හිතුණම මට මං ගැනම කලකිරුණා.උන් දෙන්නම පොඩි කාලෙ ඉඳන් මට සහෝදරයෝ වගේ...එකපාරක් කිව්වා නම් මෙහෙම දෙයක් තියෙනවා කියලා...මං දෙපාරක් හිතන්නෙ නෑ අයින් වෙනවා...ඒ මොකුත් නෑ....සමහර විට මං එදා ආවා නම්....ඇත්තටම දරුවගේ උපපැන්නෙ මගෙ නම ලියනකණුත් බලන් ඉදි මෝඩ ජෝඩුව....! කියන්න බය උණාලු...උන්ට කරන්න හොඳයි...කියන්න බයයි...."

"ඒත් ඔයාගෙ ජීවිතේට අනතුරක් කියලා දැන දැනත්...එතන නතර උණු එක හරිද ගගා...!!"

"මට...!! අනතුර තිබුණේ මට නෙමෙ zhao...ඔයාට....!!"

"මොක්...ක...ක්...!!"

මතුසම්බන්ධයි.....
👩‍💻 dil

2023/02/02

Editing date - 2023/12/12

📌📌 අවුල් තැන් ටිකින් ටික පැහැදිලි වෙනවණේ....නොතේරෙන තැන් තිබුණොත් අහන්නෝ....🤗🤗


You are reading the story above: TeenFic.Net