🌘🔥 34.🍁 විස්වාසය 🍁 🔥🌒

Background color
Font
Font size
Line height

"මේ යක්ෂණි... මට.."

Zhao දත් මිටි කෑවා.

"ඉතිං රෙන් නොහිටින්න මං ඒ කෑම කකා තාම එතන...එහෙනම් ඉතිං මේ වෙලාවට ඇඳක් බදන් ඉදි නැගිට ගන්න බැරිව...."

"අනේ...ඔයා දැන් හොඳින්ද ගගා..."

Zhao ඇහුවේ කලබලෙන් yangව එහෙට මෙහෙට හරවන ගමන් වෙද්දී yang, zhao අවුස්සන්න හිතන් හිනා උණා.

"දැන්.......ටිකකට කලින්.......අඩුවක් එහෙම දැනුණද මගෙ මැණිකට...."

"ආහ්.."

"මං කියන්නේ මං දුර්වල වෙලා...මගෙ ශක්තිය අඩුවෙලා වගේ...."

Yang, zhaoගේ මූණට එබිලා අහද්දී zhao රතු උණා.

"ඊව්...නාකියා...අපරාදේ මගෙ සිරියස් මූඩ් එක..."

Zhaoගේ මූණ කලු වෙලා යද්දී yang, zhaoගේ අත් දෙකත් අල්ලන් ආයීමත් කතාව පටන් ගත්තා.

"මං හොඳින් මැණික.ඒ ඩ්‍රග් එක එක දිගට ගද්දියි වීක් වෙන්නේ.මගෙ ගෙදර ගිය නිසා දැන් සතියක්ම ගන්න නෑනෙ.තව ඩ්‍රග් එකේ බලපෑම යන්නත් මන් බෙහෙත් බිව්වා.දැන් මං හොඳින්. ඒත් තව කාලයක් ගත්තා නම් තමා ප්‍රස්නේ... doctor කිව්වේ ස්නායු වලට උණත් බලපාන්න පුළුවන්ලු කාලයක් ගත්තොත්.."

"අනේ ගගා..."

"මං හොදින් zhao....කොහොමහරි රෙන් බොරුවට ලී එක්ක රංඩුවක් දා ගත්තා එදා ලී මං එක්ක univercity එක ළඟට ගිය දවසේ.කලින් බඳින්න හිටපු එකා ගේ අස්සෙ දාගෙන මදිවට ඌ එක්ක ඇවිදින්නත් යනවාද කියලා.ඇත්තටම අපි කතා වෙලා එහෙම කරේ.මොකද එයාගෙ වැඩ දැනගෙන එයාගෙ ගෙදරින් යනවා කිවුවොත් අපි අනතුරේ. ඉතිං රෙන්ගේ කේන්තිය ඉස්සරහා ලී ට කට උත්තර නැතිව මං එයාගෙ ගෙදරින් මගෙ ගෙදරට යනකං බලන් ඉන්න උණා.මඟදී ලී ගෙ මිනිස්සුන්ගෙන් කරදරයක් වෙයි කියන බයට මගෙ අසනීපේ පිට දාලා රෙන් මයි මාව ගෙනත් බැස්සුවේ..."

Yang එකින් එක පැහැදිලි කරද්දි zhao ගෙ හිතට දැනුනෙ තව තවත් පීඩනයක්.

' රෙන්..රෙන්.....රෙන්......තමුසෙ..'

"කොහොම උණත්...කාවවත්ම ඕනාවට වඩා විස්වාස කරන්න එපා ගගා..."

"හ්ම්ම්ම්ම්."

"හ්ම් ගාන්නේ...පොරොන්දු වෙනවාද...."

"හරි මැණික හරි...මං පොරොන්දු වෙන්නම්..ඒ වගේම මතක තියා ගන්නම්..."

අතින් පිරි මැදලම zhao ගේ තුවාල කැළල වටේට ඒ වෙද්දීත් රතුම රතු වෙලා තිබුණා.yang රෙන් ගැන විස්වාසෙන් හිටපු විදිහට තමන් කිව්වත් පිළිගන්නෙ නැති බව zhao තේරුම් ගත්තා.අනිත් අතට රෙන් zhaoට තුවාල උණ එක ගැන වගේම ඒ සිද්ධිය දැනගෙන හිටපු නිසාම එය ඔහුම කල බව විස්වාස කරන්න බැරි බව yangගේ කතාවත් එක්ක zhaoට තේරුණා.

'සමහර විට ලී කරපු දේ දැන් වගේම එයා ට අහුවෙන්න ඇති..ඒ නිසා ඒ ගැන දන්නවා වෙන්න පුළුවන්....ඒත්....ගගා එක්ක ලී කරන හැමදේම කිව්වා නම්...ඇයි ඒ ගැන විතරක් නොකිව්වේ....හොරයක් නැත්තම්...'

Zhao වම් අතේ මැණික් කටුව නැවතිල්ලක් නැතිවම අනිත් අතින් පිරි මදින හැටි yang සෑහෙන වෙලාවක් බලන් හිටියා.

" මැණික ඇයි මේ...කසනවාද.."

නොදැනුවත්වම yang උත්තරෙකුත් දීලා අහද්දී zhao කලබලෙන් හිස වැනුවා.

"ආහ්..ඕ..ඔව්...මේ..කසනවානේ....කැලල නිසා වෙන්න ඇති..."

"ම්ම්..කොහෙද ඉතිං කැළල තියාගන්නම ඕනා උනානේ...."

බස් එකේ දි zhaoගේ අතට බහෙත් දාපු හැටි මතක් වෙලා yangට හිනා ගියා.yang ඒ මොහොතෙත් හිතුවෙ එදා තමන් zhaoව නොසලකා හරිද්දී, ඔවුන් එකිනෙක කතා කරන්න හේතුව උණේ තුවාලේ වෙද්දී ඒ නිසා zhao ඒ කැළලට ආදරේ කරන බවයි.අනිත් එක ඒ තුවාලේ උණ විදිහත් විස ශරීර ගත උණු විදිහ ගැනත් අහන අහන ගානේ zhao නිහඬ වෙද්දී ඒ කතාව හිත් රිදවීමකින්ම ඉවර වෙන බව දන්න නිසාත් yang මේ මොහොතේ ඒ ගැන නොඅසා නිහඬ වෙන්න හිතුවා.අනිත් මොහොතේ yang, zhaoගේ අත අරන් කැළල හෙමින් සිප ගත්තා.

"දැන් මං යන්නම් zhao...බලන්න පාන්දර 4ත් පහුවෙලා..."

"අනේ ගගා..."

"තව සතියනේ මැණික...ඊටපස්සේ අපි යනවානේ ආපහු...එතකන් තව ටිකක් ඉවසන්න.."

"දැන් නම් බැරිවෙයි.."

පිටුපස හැරිලා yangගේ පපුවේ මූණ හංගාගත්තු zhao ගේ හුස්ම ආයිමත් උණුසුම් වගේම වේගවත් වෙන බව නිරුවත් පපුවට දැනෙද්දී yang ඇතුලතින්ම වෙව්ලලා ගියා.

"හ්ම්...මටත්.."

yang උගුර යටින් පවසද්දි zhaoගේ ඇගිලි තුඩු yangගේ පපුව මත දඟ කරන්න උණත් yang ඉක්මනින් zhaoගේ අත අල්ල ගත්තා.

"ම්ම්හ්..මං යන්න ඕනා මැණික..එළිය වැටෙන්න කලින්...කෝකටත් කියලා
ගාඩ් කෙනෙකුට මගෙ ඇඳුමකුත් අන්දලා මාස්ක් එහෙමත් දාලා මගෙ වාහනෙත් අරන් ඔයාගෙ අපාර්ට්මන්ට් එක ළඟට යවලා මං තාප්පෙන් පැනලා taxi එකක මෙහෙට ඔයාව බලන්න ආවෙ.මේ තරම් පරිස්සම් වෙලා අන්තිම මොහොතේ වැරැද්දක් වෙන්න බෑ මැණික..."

"හ්ම්...මට තේරෙනවා ගගා...."

Zhao මහ බරට හෙළපු සුසුම යකඩ බරු වගේ yangගේ හදවත පතුළේම තැන්පත් වෙද්දී zhao නිරුවතින්ම නැගිටලා කාමරෙන් එළියට ගියා.නිවස ඇතුලේ වෙලා තියෙන විනාසේ දකිද්දී ඇස් දෙකත් ලොකු කරන් කට කොණක උණු තෘප්තිමත් හිනාවකුත් එක්ක බිම වැටිලා කුඩුවෙලා තිබුණු බඩු අතරින් හෙමින් සීරුවේ ඇවිදන් ගිය zhao

මොහොතකින් ගේ පුරා තිබුණු yangගේ ඇඳුනුත් එකතු කරන් ආපහු ආවා.

"වොෂ් දානවාද..."

"ම්හ්...මේ සුවඳ අද දවස ඉවර වෙනකංවත් මං ළඟ තියෙන්න ඕනා..."

Yang කියවද්දී zhao අඬාගෙනම ගිහිං ආයිමත් yangට තුරුළු උණා.

"ඔය ඉතිං...මට යන්න බැරි කරන්නනේ හදන්නෙ...මේ ගමන ආව එක ගැන මට පසු තැවෙන්න දෙන්න එපා මැණික...ඔයාගෙ කඳුලු පිහින්න මිසක් ඔයාට කදුළු දෙන්න නෙමෙ මං මේ ගමන ආවෙ..."

Yang කියවද්දී zhao ඉක්මනින් නැගිටලා කඳුලු පිහගන්න ගමන් yang දිහා බලලා හිනා උණා....

"මං අඬන්නේ නෑ හොදද..."

"ම්...සතියකින් එයාර් පොර්ට් එක ළඟදී හම්බවෙමු මැණික...කිව්වා වගේම පිටත් වෙන වෙලාවට ඔන්න මෙන්න තියෙද්දී එන්න.."

"හ්ම්ම්ම්.."

කතාවෙන්ම zhao අතට දීපු ඇඳුම් ඇද ගත්තු yang යන්න නැගිට්ටා.තොල් හපන් කඳුලු නවත්වා ගත්තු zhao, yangගේ අතේ එල්ලිලාම දොර ගාවට ගියා.

"පරිස්සමින් ඉන්න...ඒ වගේම පුරුදු විදිහට මේ සතියේත් ලී ගේ ගෙදර ළඟට යන්න.

" යන්නම ඕනද අනේ...ඔයත් නැතිව.."

"එකපාර යන එක නැවැත්තුවොත් එයා සැක හිතයි...ඒ වගේම අනිත් එක....මේ වලස් මූණ ආයි තියෙන්න බෑ මං දකිනකොට....මාව නොමරා මැරුවා මෙතන...."

Yang, zhaoගේ රැවුළ රිදෙන්නම අත් දෙකෙන් අදින ගමන් පැවසුවා.

"මං කිව්වානේ... කපලා දෙන්න එන්න කියලා...ආවේ නෑනෙ...ඉතිං මං කැපුවේ නෑ..."

"හරි හරි තව සතියකින් පුරුදු පරිදි ඩියුටි පටන් ගන්නම්කො මං...එතකම් පණ්ඩිත කම් හිතුවක්කාර කම් නොකර හිත ගත ඔක්කොම පාලනේ කරන් හිටියා වගේම මේ ටික ඉන්න හොඳද...."

"හ්ම්ම්"

Yang, zhaoගේ නලල සිප ගන්න ගමන් යන්නත් හදලා ආයි ගේ ඇතුළට ගියා.සෝෆා එක උඩ තිබුණු zhao උදේ ඉඳන් ඇදන් ඉඳලා පැය කීපෙකට කලින් ගලවලා විසි කරපු ටී ෂර්ට් එක අතට අරන් නහයට තියලා ලොකු හුස්මක් උඩට ගත්තා.

"මං මේක අරන් යනවා..."

ආයිමත් zhaoව ළඟට අරන් තොල් දෙක සිපගෙන ඒ ඇස් වලට එබුණා.

"මතක තියා ගන්න....! අද කරපු දේට තාම දඬුවම් විදලා ඉවර නෑ හොඳ ද..."

"......"

"ඒ වගේම ආයි මුණ ගැහුනාම මට දැනගන්න ඕන...ඔයා මේ තරම් විස්වාසෙන් හිටියෙ කොහොමද...අපේ ජීවිත වලට අනතුරක් තියෙනවා කියන එක ගැන... මට කියන්න එපා...ඒ ෆාජිගේ අනාවැකි නිසාවත්...කලින් වතාවේ සිදු උන දේවල් නිසාවත් කියලා...මට සාධාරණ හේතුවක් ඕනා.
මං දන්නවා ඔයා මගෙන් මොනා හරි හන්ගනවා කියලා Zhao..."

Zhaoගේ තට්ටමක් මිරිකන ගමන් කියවපු yang දොරත් වහගෙන පිට වෙද්දී ගල් වෙලා වගේ yang කියාපු දේවල් අහං හිටපු zhao  සිහි එළවන් කෑ ගැහුවා.

"කාවවත් විස්වාස කරන්න එපා........!!."

මතුසම්බන්ධයි.....
👩‍💻 dil

2023/02/07

Editing date - 2023/12/12

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🙃🙃🙃🙃
ළමයි.....

ඔන්න පැටලුන තැන් ටික එකදිගට ලිහලා දැම්මා....☺️☺️

තව නොකියපු පොඩි පොඩි දේවල් ගැන හෙමින් කියන්නම්...

මෙතෙක් අපැහැදිලි තැන් තියේ නම් අහන්නෝ....🤗🤗

ආයි පුරුදු විදිහට එන්නම් හොඳේ...


You are reading the story above: TeenFic.Net