_She is our baby_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
☃️Jiho
💕Seli
💃Hanra
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
🌷'' සුකී ඉක්මනට එන්න.. යාලුවෙක් ඇවිල්ලා.. ''
💝'' මමා..... ''
🌷'' බලන්න කෝ කවුද කියල ''
කිචන් එකේ ඉදලා දුවගෙන ආව සුකී ජන්කුක්ගෙ කකුලෙ එල්ලුනෙ හන්රා දිහා බලන ගමන්. කෙල්ලට අලුත් මූණක්. ඒ නිසා සුකී බලාගෙන හිටියා.
💃'' හලෝ... බබා... ''
💝'' මම බබා නෙමේ.. මම ප්‍රින්සස් ''
💃'' අයියෝ.. මම දන්නැනේ ප්‍රින්සස් ''
🐰'' ප්‍රින්සස්.. මේ හන්රා ආන්ටි.. මමාගෙයි පපාගෙ යි ෆ්‍රෙන්ඩ් කෙනෙක්.. ''
💝'' හායි හනී ආන්ටී ''
💃'' කියුට් අනේ.. ''
🌷'' මේ ඒක නෙමේ.. හන්රා ඔයාලා කතා කර කර ඉන්න මම ජියෝන් ආන්ටිට උදව් කරන්න යන්නං.. ''
සනා ඉක්මනටම කිචන් එකට ගිහිල්ල මිසිස් ජියෝන්ට උදව් කලා කෑම හදන්න. කට්ටිය කෑම කාලා සුකීවත් ඩියෝන් එක්ක යවපු ජන්කුක් ඇතුලට ආවෙ සනාවත් එක්ක ගෙන ගමනක් යන්න.
💃'' කුකී.. මාව ගන්න කවුද එන්නෙ.. ''
🐰'' ආ ඔයාට ඔම්ම එක්ක එන්න පුලුවන් හන්රා. සොන්හිත් මෙහෙට එනවා ඔම්මව ගන්න. එයාලා එක්ක ම එන්න ''
💃'' හා.. ''
🐰'' සනා ලෑස්ති උනාද ඉක්මනට එන්න පරක්කු වෙනවා. කම්පැනි එකට යන්න ඕන මට ''
ජන්කුක් පහල ඉදලා කථා කරන කොට සනා ඉක්මනට පහලට ආවා.
🌷'' යමු...
ජියෝන් ඔම්මා.. හන්රා අපි යනවා. ''
🐦💃'' හරී... ''
පැය තුනක් විතර කම්පැනි එකේ ඉදපු දෙන්නා වාහනේට ආවා. තවත් පැයක් පමණ ගත වන විට ජන්කුක් ගේ කාර් එක තැනක නතර කරද්දි මෙච්චර වෙලාවක ජන්කුක්ව තදින්ම වැළද ගෙන දෑස් වසාගෙව හිටිය සනා හිමීට තමන්ගෙ ඇස් ඇරලා වට පිට බැලුවා. ඒත් සැනින් කෙල්ලගෙ ඇස් විසල් උනේ තමන් ඉදිරියේ ඇති දේ දැකලයි. බනීගෙ රෝස මල ඇස් ලොකු කරගෙන Park එක දිහා බලාගෙන හිටියා..
🌷'' බනී.. Park එකක් නේද මේ ? "
සනා කාර් එකෙන් බහින ගමන් ඇහුවා.. සනාගෙ කියුට් වැඩ වලට හිනාවෙවී ජන්කුක් කාර් එකෙන් බැහැලා සනා ලගට ඇවිත් එක අතකින් සනාගෙ අත අල්ල ගත්තා..
🐰'' නෑ ඔයා වැරදි බේබී රෝස්... මේක බීච් පාක් එකක්.. පාක් එකට පිටිපස්සෙ බීච් එක තියෙන්නෙ.. ''
🌷'' ඒත් ඇයි... මෙහෙට ආවෙ "
ජන්කුක්ගේ අතේ එල්ලුන සනා පාක් එක පුරා තමන්ගේ ඇස් යැව්වා.. ඒක ටිකක් ලොකු බීච් පාක් එකක්.. සතියෙ දවසක් උනත් පුංචි පුංචි පැටව් ගොඩක් එතනට ඇවිත් තිබුනෙ එයාලගේ පවුලෙ අය එක්ක විනෝද වෙන්න වගේ..
🐰'' කියන්න තරම් විශේෂ දෙයක් නෑ.. දැන් එන්නකෝ යන්න.. "
🌷'' කුකී මාක්ස් එක... ''
🐰'' දාගන්න.. නැත්නම් අපි දෙන්නම ඉවරයි.. ''
🌷'' හරී...''
සනාගෙ රෝස පාට කම්මුලක් ඇගිලි වලින් මිරිකුව ජන්කුක් ඒ කම්මුලක් මතින් පුංචි පෙක් එකක් තියලා කිව්වෙ පෙපරාසි නිසා.. ජන්කුක් දිහා බලලා හිනාවුන සනා අතින් අල්ල ගෙන ජන්කුක් සමගින් පාක් එක ඇතුලට ඇවිදගෙන ගියා..
පාක් එකේ එක කෙලවරට වන්නට තිබුනේ පුංචි විලක්.. ඒ නිසාම ඒ පරිසරය හරිම සුන්දරයි ඒ වගේම නිස්කලංකයි.
ජන්කුක් සනාගෙ අතින් අල්ල ගෙන ඒ විල ලග තියෙන ලොකු මේපල් ගහ යට තිබුන බංකුවෙන් වාඩි වුනා.. විල දිහාවට මුහුණලා වාඩි උන දෙන්නා ඒ දිහා බලාගෙන හිටියා.. සනා ජන්කුක්ගේ උරහිසකට හිස බර කර ගනිද්දි ජන්කුක්ගේ එක අතක් ඒ ඉනවටා පැටලුනා..
🌷'' මෙතෙන්ට අපි ඇවිත් තියෙනව වගේ මතකයි බනී... ''
සනා හුලග නිසා විලේ හැදෙන දිය රැලි දිහා බලාගෙන මිමිණූව ඒ හඩ ජන්කුක්ට ඇහුනෙ ජන්කුක්ගේ තොල් අග සිහින් හිනාවක් ඇදෙන කොට.
🐰'' හේතුව මතකද.. ''
🌷'' නෑ.. ඒත් මට මෙතෙන්ට ආව වෙලාවෙ ඉදලා හිතට ලොකු නිදහසක් දැනෙනවා. ඒත් මට දැනෙන්නෙ මගෙ ජීවිතේ ලැබුන සතුටුම වෙලාවක් වෙන්න ඇති ඒක.. ''
පැය කිහිපයක් ගත වෙද්දි ජන්කුක් එතනම තිබුන Restaurant එකට ගියෙ එයා බුක් කරපු රූම් එකට යන්න.
'' sir.. How can I help you... ''
වැඩිය සෙනග ගැවසෙන්නේ නැති උනත් මාක්ස් එක ගලවන්නෙ නැතුව ම ජන්කුක් කතා කලා.
🐰'' 26 room එකට 2.30 වෙද්දි lunch එක එවන්න පුලුවන්ද.. මම මෙනූ එක කියලා තියෙන්නෙ ''
'' okay sir... ''
🌷'' බනී.. මේ කොහෙද යන්නෙ.. ''
🐰'' lunch එකට.. ඇයි ''
🌷'' නෑ.. ඇයි අපි එලියෙ කන්නෙ නැතුව රූම් එකට ගෙන්නන්නෙ ''
රූම් එකට ආව කෙල්ල ජන්කුක්ගෙන් එහෙම ඇහුවා.
🐰'' මම බුක් කරපු රූම් එකට පාක් එක වගේම බීච් එකත් ලස්සනට පේනවා. ගිහිල්ල බලන්න ''
සනා රූෆ් ටොප් එකට ගිහිල්ල බලාගෙන හිටියා. ඇත්තටම නෑ ජන්කුක්ට මාක්ස් එක ගලවන්න බැරි නිසා තමා රූම් එකක් බුක් කලේ.
🌷'' ඇත්තටම.. මෙතන ගොඩක් ලස්සනයි... ''
සනා ඈත පේන දර්ශනය දිහා බලාගෙන ආසාවෙන් කියද්දි ජන්කුක් ඒ උරහිසක් මත තොල් තද කලා..
සරත් කාලයේ අවසානය උවත් මුළු පරිසරයම සිත්තරෙකු ඇඳි සිතුවමක් ලෙස කොළ , රතු, තැඹිලි සහ කහ ආදී නෙක නෙක වර්ණ ගැන්වූ ශාක පත්‍ර බැලූ බැලූ අත ඔවුන්ට පෙනුනි. සරත් කාලයේ වෛර්ණ පත්‍ර පිරි තිබූ ගස් වල කොළ අතු අගින් බැස යන්නට පටන් ගෙන තිබුනෙ ශීත කාලය උදාවන බව කියන්න මෙනි. සිහින් සීතලක් මුසු වූ සුළඟක් වරින් වර ගත දැවටෙන සුලග හැමුවෙත් ඒ ආදරවන්තයො තවත් ලං කරමින්.
ජන්කුක් හිටියේත් තමන් ඉස්සරහ පේන දර්ශනෙන් වශී වෙලා වගේ. දිලිසෙන ඇස් රවුම් කරගෙන සනා හිටියේ පාට පාට උන බීච් පාක් එක දිහා බලාගෙන. කරේ තිබුන උනුසුම් කබායේ එක අතක් පහලට වැටිලා පටි ගවුම අතරින් සනාගෙ උරහිසක් නිරාවරණය වෙලා තිබුනා. ඉහිරිලා ගිය අකීකරු කොන්ඩ කැරලි කීපයක් මූන වටේ දග කලෙ සනාටවත් පාලනය කරන්න බැරි වෙද්දි
ජන්කුක්ගේ ඇස් නැවතිලා තිබුනේ , සීතලට වෙව්ලන සනාගේ තොල් ලග.
🐰" ඔයාට සීතලයි නේද... "
සනාගේ ඉනවටේ අත් දෙක පටලලා උරහිසට නිකට තියලා ජන්කුක් හීන් හඩින් කිව්වා...
🌷'' හොස්පිට්ල් එකේ ගෙවපු ජීවිතේ මේ වගේ දෙයක් බලන්න මට වෙලාවක් තිබුනේ නැති තරම්. ''
🐰'' ඒක අමතක කරන්න සනා. ඒ මොහොතේ ඔයා කලේ ජීවිතයක් බේර ගන්න උදව් කරන්න එක නේ ''
🌷'' සීතලයි. ''
🐰" ඇතුලට යමුද "
සනාගෙ කන් පෙත්තකට තොල් තියලා ජන්කුක් රහසින් මිමුනුවා...
🐰'' එන්න අපි දැන් යන්න ඕනි.. "
🌷'' කොහෙද "
🐰" lunch එක ගන්න ඊට පස්සේ ඊට පස්සෙ ඕන තරම් බලාගෙන ඉන්න. හවස් තව තැනක් තියෙනවා යන්න.. "
🌷'' තව තැනක්? කොහෙද? ''
🐰'' ගියාම බලාගන්න.. දැන් යමු.. "
.
.
.
.
.
.
.
.
.
.
.
හවස ජන්කුක් සනාගෙ අතින් ඇදගෙන පාක් එකේ පිටිපස්සට ආවා. ඉර බහින නිසා අහස තැඹිලි පාටින් වර්ණ ගැන්විලා තියෙනවා දෙන්නම දැක්කා.. දෙන්නා බීච් එකට යන පටු පාර දෙපැත්තෙ බිම රෝස පෙති පේලියට දාලා වගේම විදුලි ලාම්පු වල එලිය වැටිල තිබුනා.
තව ටිකක් ඉස්සරහට යද්දි ලස්සනට decorate කරපු table එකක් සනා දැක්කා. එතනත් ලයිට්ස් වගේම පොඩි ලාම්පු වල එලිය වැටිල ආලෝකමත් වෙලා තිබුනා
🌷'' මෙච්චර දෙයක්... ''
🐰'' ලස්සන ද ''
🌷 '' ඔව්.. ''
සනා ටික ටික ඉස්සරහට යනකොට දැක්කෙ පුංචි පහන් වගයක්. ඒවා අමුතු හැඩේකට තිබුනා කියල කෙල්ල දැක්කා. එක පහනක් අල්ලන්න යද්දි ඒ ටික පත්තු උනා. ඉක්මනට කෙල්ල ඒක කියෙව්වා. කෙල්ලගෙ ඇස් වල කදුලු පිරුනා.
Will you marry me? කියලා ඒ තිබුන වචන ටික කියවපු කෙල්ල වටපිට බැලුවෙ ජන්කුක්ව බලන්න. ඇත්තටම මේක කලේ එයාගෙ බනීද.... එතකොට ම එහා පැත්තෙ ජන්කුක් ලගට ආවා.
🐰'' Can you be my Mrs. Jeon?
My red rose ''
ජන්කුක් ඇහුවෙ කෙල්ල ළඟට හිමීට ඇවිඳගෙන ඇවිත් දණ ගහලා රෝස මල කෙල්ලට දික් කරන ගමන්..
" Say yes ! Say yes ! "
වටෙන්ම කෙල්ලට ඇහෙන්නෙ කැමැත්ත දෙන්න කියලා කියන එක.. ජන්කුක් තවමත් බිම දණ ගහගෙන.. ඒත් කෙල්ලට වචන එන්නෙත් නැති තරම්. කෙල්ලගෙ ඇස් වලින් කඳුලු වැටෙනව එක්ක ම රෝස මල කෙල්ල ගත්තෙ කෙල්ල යන්ත්ම් ඔළුව උඩට හොලවලා ' yes ' කියලා තොල් අතරින් මුමුණ ගමන්.. ඒ මල ගන්නවත් එක්ක ම ජන්කුක් අත උඩ තිබුණ ඩයමන්ඩ් රින්ග් එකත් සනාට දැම්මා.
රින්ග් එක කෙල්ලගෙ අතට දාලා ඒ අතට ඒ හාදුවක් දීලා නැගිටලා කෙල්ලගෙ නළලට හාදුවක් දුන්නෙ ආදරේ උතුරද්දි..
🐰'' මගෙ ජීවිතේට ආවට thanks මැණික. ''
කෙල්ලව බදා ගන්න ගමන් ජන්කුක් හිමීට කෙල්ලගෙ කනට මිමිනුවා.
🐨'' දැන් ඉතින් නිදහසේ වෙඩින් එක ගන්න තියෙන්නෙ... ''
නම්ජුන් හරිම කූල් එකේ කියාගෙන යද්දි අනික් අය හිනා වුනා.. එතකොට තමා සනා වටපිට බැලුවෙ. බෑන්ඩ් එකේ කට්ටිය වගේම ලීසුක් , සෙලී , ජන්කුක්ගෙ අප්පා එතකොට ටියා , යොන්සු කට්ටියත් එතන හිටියා.
🐤'' මේ කුකී... හදිසිය කියලා ඩොක්ට ව කන්න එහෙම එපා ඈ... ඊලඟට පැණි හදේ යන්න වෙන්නෙ බබෙකුත් අරගෙන... ''
ජිමින් හිනා වෙවී ඒත් සීරියස් පිට කියද්දි ජන්කුක්ට හිතුනෙම හියෝන් උනත් තව අගල් විස්සක් විතර කොට වෙන්න පාරක් අනින්න මයි. ඒත් ජන්කුක් ඒ ආසාව අත් හැරියේ ප්‍රේම කුරුල්ලෙක් වෙන්න ඔන්න මෙන්න කියල ඒක කඩන්න හොද නැති නිසා..
🐺'' කමක් නෑ දැන් කාලං හරිම forward. අනික ලමයි හදලා මැරි කරන එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා නේ... ''
🌷'' ඔයා මගෙ ඔප්පා ද... මොනාද කියවන්නෙ "
ලැජ්ජාවෙන් රතු වෙලා හිටිය සනා ලීසුක් දිහා බලලා රැව්වා..
🐺'' අම්මේ මගේ නංගි බබාට තරහා ගිහිල්ලා..."
🐰'' ඔම්මලා ආවෙ නැද්ද තාම... ''
🐺'' එයාලා මාත් එක්ක ආවා. මං මෙතෙන්ට එද්දි එයාලා එලියට ගියා. දැන් ඇවිත් ඇති කුකී..
ආහ්... අර ටේබල් එක ලග ඉන්නෙ ''
ජන්කුක් සනා දෙන්නා එක්කම අනික් අයත් එතෙන්ට ආවෙ කෑම කන්න.
💃'' කුකී... අපි .... මේ... අ..... ''
හන්රා ජන්කුක්ට කියන්න හදපු දේ කියන්න බැරි උනෙ ඇස් දෙකක් එයා ලග නතර උන නිසා.
🐤'' හනී....... ඔයා...
___________________________🌟🌻
හන්රා කාවද දැක්කෙ....
ජිමින්ටත් මල්සරා විදල නේද.....
ඔන්න සනාකුක් දෙන්නා සෙට් කරා. වෙඩිම ඉක්මනට ගනී දෙන්නා. වෙඩින් කාඩ් එක දෙන්නං මම
You are reading the story above: TeenFic.Net