chapter 25 ( Happy day)

Background color
Font
Font size
Line height

_𝗦𝗵𝗲 𝗶𝘀 𝗼𝘂𝗿 𝗯𝗮𝗯𝘆_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

☃️Jiho
💕Seli
💃Hanra

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.

💃'' චිමී.. ඔයා..... ''

🐤'' හනී.... ''
ජිමින් ඈත ඉදන් කෑගහගනම හන්රා ගාවට දුවගන එද්දි ජිමින්ගෙ කට හඩ ඇහුන සනා ජන්කුක් දෙන්නාත් හිනා වෙවි ඒ ලගට ආවා. දැන් එතන ඔක්කොම වෙන්න යන්නෙ මොකද්ද කියලා බලන් ඉන්නවා..

🐹'' ඒ.. අර ජිමිනට මොකක්ද උනේ ''

🐱'' තව ටිකක් බලාගෙන ඉන්න කෝ... ''

ජිමින් ආව ගමන් හන්රව බදාගත්තා..

🌷" ජ්..ජිමින්.. "

🐤'' ඔයා.. කොහොම ද... ''
ජිමින් හන්රව එයාගෙන් ඈත් කරලා උඩ ඉදන් යටටම බැලුවා.. ජිමින් හිටියෙ පුදුම වෙලා.

🐯'' මේ බලන්නකෝ අදුරන දෙන්නෙක් ඉන්නවා.. "
ඔක්කොටම කලින් ටේහ්‍යුං කෑගහගන ජිමින් ඉන්න දිහාවට ගියෙ එහෙම කියන ගමන්.. ජිමින් ටේහ්‍යුංගෙ සද්දෙට ගැස්සුනා.. දෙන්නා කටත් ඇරගන ටේ දිහා බලාගන ඉන්නවා.. ජිමින්ගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා හැමෝම දැක්කා.

🐤" ම්..මොකද්ද මේ වෙන්නෙ.. එයා මෙතන ඉන්නෙ කොහොමද "

🐰" ඔයාගෙ ආඩම්බර ජිමින්ව ගෙන්නන්න වෙන විදියක් තිබ්බෙ නෑ.. ''
ඒ දෙන්නා මූනට මූන බලා ගත්තා.

🐯'' ජිමිනා.. දැන්වත් පිලිගන්න ඔයා හන්ර ට ආදරෙයි කියලා. හන්රා ඔයා වෙනුවෙන් බලන් හිටියා. ඔයත් එහෙමයි නේ.. ඒ කෙල්ලට තවත් දුක් දෙන්න එපා... "
ටේහ්‍යුං එහෙම කිව්වාම හන්රා ජිමින් දිහා බැලුවෙ ජිමින් මොන වගේ උත්තරයක් දෙයිද බලන්න වගේ.. ජිමින් හිටියෙ බිම බලාගෙන... එයා උත්තරයක් දෙන්න හදන පාටක් පෙනුනෙ නෑ..

විනාඩි පහක් විතර යන්න ඇති. ජිමින් හිටිය ඉරියව්වෙ කිසිම වෙනසක් කලේ නෑ.. එයා දිගටම හිටියෙ බිම බලාගන.. හන්රා අසරන විදියට ජිමින් දිහා බලාගන හිටියෙ ඇස් වල කදුලු පුරෝගන. අවුරුදු ගානක් ජිමින් වෙනුවෙන් බලාගෙන හිටිය කෙල්ලට තව ඉස්සරහටත් බලාගෙන ඉන්න ශක්තිය තිබුනා. ඒත් කෙල්ලට තවත් බලාපොරොත්තු තියාගෙන ඉන්න එක බර වැඩි උනා..

ජිමින් එක බැල්මක් වත් හන්රා දිහාට යොමු කලේ නෑ. හන්රා සෝල් එන්න කරපු හැමදේම වැඩක් නෑ කියල දැනෙන කොට හන්රට හිතුනෙ කලකිරීමක් විතරයි. තවත් මොහොතක් වත් නොයිද කදුලු පිරුන ඇස් වලින් ම ජිමින් ලගින් එහාට උනේ එතන තවත් එයාට ඉන්න බැරි නිසා.

🦄'' අනේ.. හන්රා... ''
ඒත් එක්කම ජිමින් යන්න ගිය කෙල්ලගෙ අතින් අල්ලලා එකපාරටම ඇදලා අරන් තමන්ගෙ පපුවට තුරුල් කර ගත්තා.. ඒ උන දෙයින් හන්රා විතරක් නෙවෙයි හැමෝම පුදුම උනා.. ජිමින් කට්ටිය ඉන්නවා කියලාවත් නොහිතම හන්රව කිස් කරා.

🐱'' ඒකත් හරිනේ... ''

🐦'' මම දැනගෙන හිටියා කවද හරි දෙන්නට දෙන්න ආදරේ කරයි කියල...
ඒක නෙමේ දැන් අපි කෑම කමු නේ... ඊට පස්සේ නිදහස් නේ.. ''
මිසිස් ජියෝන්ට කීකරු වෙලා කට්ටිය කෑම කන්න පටන් ගත්තා.

🐹'' අපි දැන් කෑම කාලා යනවද.. ජියෝන් පපා.... ''

🐧'' නෑ පුතා.. දැන් ගියොත් ගොඩක් රෑ වෙනවා.. යද්දි අනතුරක් වෙන්න පුලුවන්.. ඒ නිසා ඔයාලට මම රූම් බුක් කරා. අපි හෙට උදේට යමු. ''
කෑම කාපු කට්ටිය ම හොටෙල් එකට ගියත් ජිමින් හන්රගෙ අතින් අල්ල ගෙන බීච් එකේ අත් අල්ලාගෙන ඇවිදින ගමන් තමා හිටියේ. ජිමින්ගෙ ඇස් නම් තිබුණේ කෙල්ලගෙ මූනේ. ජිමිනුත් වෙනදාට වඩා සතුටින් කියන්න එයාගේ දිලිසෙන ඇස් සාක්ෂි දැරුවා.

💃" දිගටම මං දිහා බලාගෙන ඉන්න ද හදන්නේ "
හන්රා ඇහුවේ මුහුද ලග ඇස් නතර කරලා. ජිමින් ඇස් වලින් හිනා වෙන ගමන් හන්රා දිහා බැලුවා.

🐤'' අවුරුදු ගානකට පස්සෙ හම්බ උනේ.. ඉතින් ඇයි නොබලා ඉන්නෙ.. "
හන්රා ජිමින්ගෙ පැත්තට හැරිලා අත් දෙකෙන් අල්ලගත්තා. ඒ එක්කම ජිමින්ට චූටි කිස් එකක් දීපු කෙල්ල ඉස්සරහට ඇවිදන් ගියා. ජිමිනුත් දුවගෙන ඇවිල්ල කෙල්ලව බැක් හග් කරගත්තා.

🐤'' ම්ම් දැන් කොහෙද යන්න ගියෙ ... ''

💃'' මොකද හිනා වෙන්නේ.. මට මහන්සි හොටෙල් එකට යන්න ඕන ''
ජිමින් කෙල්ලගෙ ඉන වටේ අතක් යවලා ඇගට තද කර ගන්න ගමන් කිව්වා ඒත් එක්කම වහින්න පටන් ගත්තා.

🐤" වහිනවා...."
ජිමින් ඉක්මනට හන්රා එක්ක හොටෙල් එකට ආවා. ඒත් දෙන්නා හොදටම තෙමිලා. දෙන්නා එක්ක ඉක්මනට බුක් කරලා තිබුන රූම් එකට ගියෙ එලියෙන් සීතල වැඩි වෙද්දි. හන්රගෙ බලවත් විරෝධය මැද්දෙ ජිමින් කොහොම හරි කෙල්ලගෙ රූම් එකට පැන ගත්තා.

💃" චිමී... ගිහින් වොෂ් එකක් දාගන්න... "

🐤'' හරි හරි ඉතින් ඕකට කෑ ගහන්න ඕන නැ නේ බේබී... "

.
.
.
.
.
.
.

සනා සුකීව නිදි කරවන ගමන් හිටියෙ. විනාඩි පහක් විතර යද්දි සනාටත් නින්ද ගියා. ඒත් ජන්කුක්ට නම් නින්ද ගියේ නෑ. කොල්ලා නැගිටලා ගියේ සනා නිදන් හිටපු පැත්තට. ගිහින් කෙල්ල ගාවින් නිදා ගත්තා. කෙල්ලට ඒ මොහොතෙ ම ඇහැරුනා. මොකද කෙල්ලගෙ ටී එක යටින් අත දාලා කෙල්ලව තදට බදා ගත්ත නිසා.

🌷'' බනී.. මොකද ''

🐰'' මට මෙහෙම ඉන්න දෙන්න බේබී.. ''

🌷'' කෝ ඉන්න මෙහෙම ඉන්න අමාරුයි.. සුකීව මිනි බෙඩ් එකෙන් තියන්නං ''

🐰'' හ්ම්... ''
සනා ඇදෙන් නැගිටලා සුකීව එයාගෙ මිනි බෙඩ් එකෙන් තිබ්බා.

ජන්කුක් ඇවිත් සනාගෙ ඉන වටින් ජන්කුක්ගෙ අත් යවලා කෙල්ලව තදින් තමන්ගෙ තුරුලට ලං කර ගත්තා. ජන්කුක්ගෙ නිකට සනාගෙ උරහිස මත රදවමින් සියුමැලි බෙල්ල සිප ගන්න ගත්තා. වෙන අවදානයක හිටිය නිසා කෙල්ල පොඩිඩක් ගැස්සිලා තම උරහිස මත ඔලුව තියන් ඉන්න ජන්කුක් දිහා බලන්න හදන කොටම කොල්ලා තවත් කෙල්ලව තමන්ගෙ උණුසුමට තුරුලු කරගත්තා. ජන්කුක්ගෙ ඇස් වලින් වැටෙන කදුලු කෙල්ලගෙ උරහිස පවා තෙත් උනා.

ජන්කුක්ගෙ ඇස් වලින් වැටෙන කදුලු නිසා කෙල්ලගෙ උරහිස තෙත් වෙන බව දැනෙන නිසා priya ජකොක් ඉන්න පැත්ත හැරෙන්න හදනකොට ජන්කුක් ඒක නතර කලා.

🐰'' ඔයාලව මට නැති වෙයි කියල හිතෙනවා. ''

🌷'' බනී.. ඒ ඔයාගෙ හිත.... ''

🐰'' හ්ම් වෙන්න ඕන... ''

🌷'' අපි නිදා ගමුද.. හෙට උදේ මට interview එකකුත් තියෙනවා. ''

🐰'' ඔව්.. මටත් තියෙනවා වෙඩින් එකට ඩේට් දාගන්න ''

🌷'' එච්චර ඉක්මනට ඇයි... ''

🐰'' තවත් කල් දාන්න ඕන ද.. හරි හරි හෙට බලමුකෝ... ''
ලාවට හිනා උන ජන්කුක් එහෙමම කෙල්ලව තුරුලට අරන් දෙන්නම වැහෙන්න බෙඩ් ශීට් එකත් දාගත්තේ බෙඩ් කබඩ් එක උඩ තිබ්බ ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කරගෙනමයි...

කෙල්ල ජන්කුක්ට තුරුල් වෙද්දි කොල්ලගෙ අත නොදැනීම ගිහින් නැවතුණේ කෙල්ලෙ ඉන වටේ.

🐰" කවමදාවත් පුංචිම දුකක්වත් දෙන්නේ නැ ප්‍රොමිස්..පණ වගේ පරිස්සම් කරනවා ''

කෙල්ලගේ නලල ඉබින ගමන් කොල්ලා හිතින් හිතුවේ කෙල්ලව පරිස්සම් කරනවා කියලා එයාගෙම හිතට පොරොන්දු වෙන ගමන්.
.
.
.
.
.
.
.
පහුවදා දවසත් වෙනදා විදිහට ම ගෙවිලා ගියා. සනා දොළහට සුකීවත් අරගෙන ගෙදර ආවෙ ජන්කුක්ට ඒ වෙලාවට යන්න බැරි නිසා.

💝'' මමී... පපා කෝ.. ''

🌷'' එයා තව ටිකකින් එයි හරිද මැණික.. දැන් වොෂ් කරගෙන ආවනේ.. අන්ජුම්ම ඔයාට කෑමත් හදලා.. කෑම කාලා පරිස්සමට සෙල්ලම් කරන්න හරිද.. ''

💝'' මමී දොයියන්න ද යන්නෙ... ''

🌷'' ඔව් මැණික.. මමීගෙ ඇගට ටිකක් අමාරුයි.. ''

💝'' හලී... ''
සුකී පහලට ගිහිල්ල කෑම කාලා සෙල්ලම් කරන්න ගත්තා. අන්ජුම්මත් සැරෙන් සැරේට ඇවිත් බලලා ගියා. පැය දෙකකට තුනකට විතර පස්සෙ ජන්කුක්ගෙ කාර් එකත් ගාඩ්න් එකේ නතර කරා.
ජන්කුක් ඇතුලට එද්දි සුකී කට පුරා හිනා උනා.

🐰'' බබා... මොකද.. ''

💝'' නෑ අලේ.. ''

🐰'' අන්ජුම්ම සනා කෝ.. අද තාම ආවෙ නැද්ද ''

❄️'' ආවා. කාමරේට වෙලා හිටියෙ. ''

🐰'' හරි අන්ජුම්ම එහෙනම් පරිස්සමට යන්න ''

❄️'' හරි... ''
ජන්කුක් අන්ජුම්ම ගියාට පස්සෙ දොරත් වහගෙන කාමරේට ගියා. සුකිත් ඒ පස්සෙන් ආවා.

💝'' මමී දොයි පපා... ''

🐰'' ඒකනේ..
සනා.. මැණික නැගිටින්න කෝ..
ටිකක් නැගිටින්න... ''

🌷'' ඇයි බනී.. ''

🐰'' නෑ නෑ.. ඔයාට මොකද උනේ.. ඩොක්ටට එන්න කියන්න ද.. ''

🌷'' එපා.. ටිකක් ඔලුව රිදෙන්න ගත්ත නිසා මම හොස්පිට්ල් එකෙන් බේත් අරගෙන ආවෙ.. ''

🐰'' හරී.. එහෙනම් රෙස්ට් කරන්න කෝ.. මම මොනා හරි හදන්නං.. ''

🌷'' මාත් එන්නම්... ''

🐰'' හරී.. එන්න ''

එක එක සද්ද එන නිසා කෙල්ල කන් දෙක වහගත්තා. මොකද වෙලාවකට kitchen එක පුපුරයිද කියලත් හිතෙන තරම් සද්ද. වෙලාවකට ජන්කුක් සුකී එක්ක රණ්ඩු වෙනවා. වෙලාවකට ඒ දෙන්නා හිනා වෙනවා. සනාටත් හරි ආසයි ඒ දෙන්නා එකට ඉන්නවා දකින්න.

ඒ දෙන්නා කෑම හදලා ඉවර වෙලා සනා ලගට ඇවිත් මේසෙට එක්ක ගෙන ගියා. සුවද උනාට මොනාද හැදුවෙ කියලවත් දන්නෙ නෑ.

💕''මමි.. කාලා දොයියන්න ආයෙ.. ''
තුන් දෙනාම බඩගිනි නිසා කන්න පටන් ගත්තා.

🌷'' කූ.. කෑම රසයි නේ.. ''

🐰''  Thanks කාලා රූම් එකට ගිහිල්ල නිදාගන්න. මම මේක අස් කරලා සුකිගෙ වැඩ ටිකත් කරලා එන්නං...
මේ සනා...  අපිට සති 2න් දිනයක් දාගන්න පුලුවන් වුනා. නැත්නම් ආයෙ දිනයක් තියෙන්නෙ ලබන මාසෙ වගේලු. ''

🌷'' ඔයා ඔක්කොම ලෑස්ති කරලා මට කියන්න. ''

🐰'' හරි.. Good night baby...  ''

💕'' Good night mummy ''

🌷'' good night... සුකී.. බබා රෑ නොවී නිදාගන්න.. ''
.
.
.
.
.
.

.
.
.
.
.

විශාල ශාලාවක් ඇතුලෙ ඇහු අඩි තබන සද්දයත් එක්ක එතන හිටපු කට්ටිය නිශ්ශබ්ද උනා.

'' ඒ එයාද... ''

'' වෙන්න පුළුවන් බොස්.. ඒ හැඩරුව ඒ විදිහට ම තියෙනවා. Pir ''

'' එතකොට කොහෙද එයා ඉන්නෙ ''
එතෙන්ට ආව ෆුල් සූට් එකක් ඇඳ ගත්ත කෙනා තමන්ගෙ ඉස්සරහ ඉන්න ගාඩ් කෙනෙක්ගෙන් ඇහුවා.

'' තැනක් හරියට ම හොයන්න බෑ බොස්.. කොරියාවෙන් පිට නෙමේ ඉන්නෙ ''

'' ෆ්ලොව් කරද්දි වත් ගෙදර හොයා ගන්න බැරි උනා ද ''

'' අපේ දෙන්නෙක් ෆ්ලොව් කරලා. ඒත් මග ඇරිලා. ''
ඒ පුද්ගලයා හොදට කල්පනා කරා. තමන්ගෙ අසුනෙන් නැගිටින ගමන්ම ගාඩ් කෙනෙක් දිහා බැලුව.

'' කලින් මම තමුසෙට බාර දුන්න වැඩේ අදම.. කරනවා. උන් ඉන්න තැන ඉක්මනට හොයන්න ඕන.. "

' මොකක් අදම.... ඒත් මේ හදිසියේ එකපාරම කීවම කොහොමද ලෑස්ති වෙන්නේ..."

'' මොකද ඒත් මේත් ගාන්නේ... ඇයි තමුසෙ මේවා පුරුදු වෙන්න කරන වැඩද.. මගෙන් කුණුහරුප අහ ගන්නේ නැතුව වැඩේ කරපං.... "

''හා...හරි... "

" මම ඇඩ්වාන්ස් එකක් දුන්නනේ... වැඩේ ඉවර කරාම තමුසෙගෙ ගෙදරට ඉතුරු සල්ලි ටිකත් එයි.... "













හී හී පරක්කු උනාට සමාව ඉල්ලනව...

හන්රාට ජිමින්ව සෙට් කරා...

ජන්කුක්ගෙ වෙඩිමට ලෑස්ති වෙන්න ඕන නිසා මම යනවා....

ඔයාලා අපේ සුකී බබාව දැකලා නෑනේ...
මේ ඉන්නෙ කිම් ජියෝන් සුකී...


පරිස්සමට ඉන්න...


You are reading the story above: TeenFic.Net