_She is our baby_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
After Two days
In the Korea
දවස් කීපයක නිවාඩුවෙන් පස්සෙ හැමෝම කාර්ය බහුල උනා. ලීසුක් හිටියෙ company එකේ. වැටෙන්න ඔන්න මෙන්න තිබුන company එකට ලීසුක් කොහොම හරි උඩට ගත්තා.
මේ ටිකේ ම ලීසුක් company එකට යන්නෙ තනියම නෙමේ. චෝ සොන්හි එක්ක. ඔව් කෙල්ල එක්ක ගියා කියන්නෙ කම්පැනි එකේ කෙල්ලො ලීසුක් දිහා බලන්නෙවත් අඩුම බොස් ගැන කතා කරන්නෙත් නෑ. කෙල්ල ලොකු ආසාවකින් එහෙ ගියෙ.
🍃'' ඔප්පා... බඩගිනි නැද්ද ඔයාට.. අපි කන්න යමුකෝ... ''
🐺'' මට ඕන නැ ඔයා කන්න.. ''
🍃'' මේ මිනිහා නොකා නොබී ඉන්නව නේ....
රෙක්ස් අන්කල්.. අපිට ලන්ච් එක මෙහාට ගෙනත් දෙනව ද.... ''
අන්තිමට බල බල ඉන්න එක නතර කරලා කෙල්ල සෙකට්රි ට කිව්වා කෑම ගේන්න කියල. විනාඩි දහයකදි විතර කෑම ගෙනත් දීලා එයා එලියට ගියා. ඒ එක්කම ලීසුක් වොෂ්රූම් එකට ගියා.
ලීසූක්ගෙ ෆෝන් එක මැනේජර් දීලා ගිහිල්ල තිබුනෙ සොන්හිට. එකපාරටම ෆෝන් එකට ආපු මැසේජ් නිසා කෙල්ල බැලුවා මොකක්ද කියලා. ඒකෙන් වීඩියෝ එකක් ඕපන් උනා.
වීඩියෝ එකට යටින් තිබ්බ වොයිස් මැසේජ් එක කෙල්ල ඕපන් කරා.
"තෑන්ක්ස් බේබි..
ඊයේ......"
එතනින් එහාට අහන්න බැරි උනා කෙල්ලට
ඉක්මනට විඩියෝ එකත් බැලුවා. කෙල්ලට විශ්වාස කරන්න බෑ ඒකෙ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ලීසුක් කියලා. එයා රෙස්ටූරන්ට් එකකට ගිහින්...
🍃'' එතකොට ඊයෙ දවසම එමී එක්ක.. නෑ ඒක වෙන්න බෑ. ලීසුක්ට එමී එක්ක සම්බන්ධයක්. හදා ගත්ත හිත ආයෙත් පෑරිලා කදුලු ආවා ඇස් දෙකට... ඒත් අඩන්න බෑ.. මේක මොකක්ද ඔප්පා බොරුවක් නේ.. මම ඉක්මනට රූම් එකට ගිහිල්ල බිමින් ඉදගත්තා. මම සතුටින් තප්පරයක් හිටියොත් දවසෙම අඩනවා. දන්නෙ නෑ මේ හිත පිස්සුවෙන් වගේ ඔයාවම හොයන්නෙ ඇයි කියලා. ඒ හේතුව නිසාම රිදෙනවා මට ''
රූම් එකට යන කෙල්ලව දැක්ක ලීසුක් බිම වැටිලා තියෙන ෆෝන් එක බැලුවා.
🐺'' මොකක්.... ''
🐺" යාහ්හ්.... මම කියන දේ අහනවා සොන්හි.. "
ලීසුක් බැරිම තැන extra key එක අරගෙන ඇවිත් රූම් එකේ දොර ඇරියා. ලීසුක් රූම් එකට යනකොට කෙල්ල ඇද ලග බිම වාඩි වෙලා අඩනවා.
🐺'' මගේ දිහා බලන්න ම්ම්ම් මොකක්ද උනේ
.. "
ලීසුක් කෙල්ලව තමන්ගේ පැත්තට හරවගන්න ගමන් කිව්වා
🐺'' ඒක ඇත්ත නෙමේ සොන්හී... ''
🍃'' මං ඔයාගෙන් එක දෙයයි ඉල්ලුවෙ ඔප්පා.. ආදරේ කරන්න බැරි නම් එක තප්පරේකට හරි මට හොදින් කතා කරන්න. ඇයි මම මෙච්චර ආදරේ කරලත් ඔයාට ඒක දැනෙන්නෙ නැත්තෙ.. ඇයි මාව රිද්දන්නෙ.. ''
🐺'' මට දැනෙනව මැණික... ඔයා මට ආදරේ කරනව කියල මං දන්නවා. මගෙ පස්සෙන් ආව , මං දිහා බලන කෙල්ලෙක්ටවත් නිදහසේ ඉන්න දුන්නෙ නැති ඒ කෙල්ලට මං ආදරේ කරනව කියල මාත් දන්නවා. ඒත් මං පිලිගන්න කැමති උනේ නෑ මැණික. මං ඔයාව පරිස්සම් කලේ ඔයාව ජීවිත් කලේ ආදරේ නිසා ම නෙමේ මගෙ ජීවිතේට වඩා ඔයාව වටිනව කියලා පිලිගත්ත නිසා. ආයෙ ඔයාට රිද්දන්නෙ නෑ මැණික..
මං ඔයාට ඇත්තටම ආදරෙයි.. ''
🍃'' බොරු කියන්.... ''
සොන්හි ඉතුරු ටික කලින් ලීසුක් කෙල්ලගෙ තොල් වලින් අල්ලගත්තේ හරියට තමන්ගේ ආදරේ කෙල්ලට දැනෙන්න දෙන්න වගේ. සොන්හිත් හාදුව අතරෙම ලීසුක්ගෙ උනුහුමට තුරුල් වුනා.
ලීසූක් කෙල්ලගේ ඉන වටේ එතිලා තිබුණු අතින් තවත් තමන්ගේ ඇගට තද කරගන්න ගමන් සිපගැනීම ගැඹුරු කලා. කෙල්ලගේ ඇස් වලින් තාමත් කදුලු බිංදු වැටෙනවා.. විනාඩි ගානක දීර්ඝ සිපගැනීමකින් පස්සේ ලීසුක් සොන්හිගෙ තොල් වලින් ඈත් වෙලා නලලට සොෆ්ට් කිස් එකක් දීලා ඈත් වෙන්න ගියත් කොල්ලාගේ ශර්ට් එකෙන් අල්ල ගත්ත කෙල්ල ලීසුක්ව තුරුල් කර ගත්තා.
🐺'' දැන් ඇඩුවා ඇති නේ බබා.. මේ විදිහට ඔයාට මෙහෙ ඉන්න බෑනේ ගෙදර යමු ඕකේ.... ''
🍃'' හ්ම්ම්... ''
🐺'' අඩන එක නතර කරන්න කෝ බබා.. faint වෙයි ඔහොම ඇඩුවොත්.. කෝ ඉතින් වවුල් පැටියා අයින් වෙන්න.. ගෙදර ගියාම ඕන තරමක් ඉමු.. ''
කෙල්ලව අල්ලන් ලීසුක් පාක් එකට ආවා. ලීසුක් බය වෙලා හිටියෙ කෙල්ල faint වෙයි කියල. ඒ නිසාම මූණත් වතුර ටිකකින් පිහලා කොල්ලා කාර් එකට නැග්ගා. ඒ එක්කම කෙල්ල ලීසුක්ගෙ අතක් බදාගෙන උරහිසින් ඔලුව තියා ගත්තා.
🐺'' අත ගන්න බබා drive කරන්න අමාරුයි නේ ඔයාට ඔහොම ඉන්න අමාරු නැද්ද.. "
🍃'' නෑ.. ''
🐺" හ්ම්ම්ම්.... "
ලිසුක් සොන්හි දිහා බලලා ආයෙත් ඉස්සරහ බලාගෙන drive කරන්න ගත්ත. ටික දුරක් යද්දි අත උඩම කෙල්ලට නින්ද ගියෙ අඩපු නිසා. ගෙදරින් car එක park කරලා පරිස්සමට කෙල්ලව පැත්තකට කරපු ලීසුක් අනික් පැත්තෙන් කෙල්ලව අත් අතරට ගත්තා.
තමන්ගෙ රූම් එකෙන් සොන්හිව තියලා කතා කලේ කෑම කන්න ඕන නිසා
🐺" මැණික කෝ නැගිටින්න.. කෑම කාලා අපි දොයියගමු හරිද.. "
🍃" ම්ම්ම්ම්ම්...... "
Jungkook POV
ආයෙත් කොරියාවට ආව නිසා හිතට දැනුනෙ දුකක්. ඒකට හේතුව සනා. මට දැනුනෙ එයා මගෙන් ඈතට යනව කියලා. දවස් තුනක විතර නිවාඩුවක් හම්බ උනත් පැය දෙකකට තුනකට විතර hybe එකට යන්න ඕන.
අද දවසත් සුකී මාත් එක්ක මොන්ටිසෝරි ගිහින් දාලා මම hybe එකට ගියත් හවස සනාට එන්න බෑ කියල කියපු නිසා 11.30 වෙද්දි සුකීව මම මෙහෙට ගෙන්න ගත්තෙ සනාට නිවාඩු නිසා ආයෙ එන යන එක කරදරයක් වෙයි කියල හිතන්.
💝'' ටේ අන්කල්... ''
🐯'' ටියා බබා... ''
ටේ එක්ක එකතු උනාම මාව සුකීට මතක නෑ. ඒ නිසා ඉක්මනට වැඩ ටික ඉවර කර ගන්න පුලුවන් උනා. මං යන්න ලෑස්ති වෙද්දි යුන්ගි හියෝන් ආවෙ කලබලෙන්. හොබි හියෝනුත් බය වෙලා.
🐱'' කුක්... ''
🐰'' යුන්ගි හියෝන්.. කියන්න මොකද කලබලෙන්... ''
🐱'' මම මීරාව දැක්කා.. soul Preschool එක ලග. ''
🐤'' මීරා.. හියෝන් එයා මැරුනා නේ ද.. අනික දැන් අවුරුදු තුනකට කලින්.... ''
🐰'' ජිමින් හියෝන්... එයා මැරිලා නැ........ ''
මං කිව්වා. මොකද සුකීගෙ පෝන් එකෙන් කතා කරපු ඒ කෙනා මීරා කියන එක මට අලුත් උනේ නෑ. ඒත් විශ්වාස කරන්න නම් අනිවාර්යයෙන්ම එයාව දකින්න ඕන.
🐹'' සුකී එයාව හම්බ වෙලා. තොරතුරක් දැන ගන්න බැරිද ... ''
🐰'' බෑ. ඉස්සර වගේ මාත් එක්ක සුකී එකතු නෑ හියෝන්.. මං වෙන විදියකට ඒක කරන්නං.. ''
මං වීදුරුවෙන් පේන පරිසරය දිහා බලාගෙන කල්පනා කලේ සුකීගෙ අනාගතේ ගැන. මට එයාට ඔම්ම කෙනෙක් දෙන්න බැරි වෙයි ද.. මීරා ඇවිත් නම්... එයා සුකීව ඉල්ලුවොත්.....
සනා හැම දෙයක්ම හොයලා බලලා කරනවා. සුකීත් හරි ආසාවෙන් ඉන්නෙ එයාගෙ ඇත්ත ඔම්මා කියලා. මම වෙන කෙනෙක් mary කලොත් මේ වගේ සලකයිද හැම දෙයක්ම හොයලා බලලා කරයිද?? මීරා ලගට ගියොත් සුකීට දුක් විදින්න වෙනවා මට විශ්වාසයි. මමවත් සුකී ගැන හරියට දන්නෙ නෑ. මට සනාව මැරි කරන්න ඕන උනත් සනා අකමැති වෙයි.
දවල් වෙද්දි මම සුකී එක්ක ආවා. සුකී වොශ් කරන් එද්දි වගේ සනා පහලට ආවා.
💝'' මමී... පපාගෙ album එකක් දාලා දෙන්න කෝ... ''
🌷'' දග නොකර බලන්න ''
සනා මගෙ album එකක් දාලා දීලා කිචන් එකට ගියා මම දැක්කා. සුකී කකුල් දෙකත් උඩට අරගෙන ඒක බලනවා. මමත් එයා ලගට ගිහිල්ල පැත්තකින් ඉඳගෙන ඒක බැලුවා. ඔක්කොම වැඩ කරලා එනකොටත් අපි ඒක බලනවා.
🌷'' කන්නෙ නැද්ද බබා.. මම කවන්නද ඇවිත් . ''
💝'' මේක බලන්න ඕනෙ... ඒ නිසා කවන්න. මමී .......මේකෙ පපා මාර handsome.. ලස්සනට සින්දු කියනවා ''
සනා සුකීට කවන්න ගත්තා. සනාටයි මටයි දෙන්නටම හිනා ගියා ඒ කතාවට.
🌷'' සුකී ඔයාගෙ පපා නේ. ''
💝'' ඇත්තටම තාත්ති handsome ''
🐰'' ඔයාගෙ තාත්තා කොහොමත් cute handsome කොල්ලෙක් හරිද බබී... ''
මං ඒ කතාව අහන් ඉදලා කිව්වා. සුකී මං ලගට ඇවිත් kiss එකක් දුන්නා.
💝'' ඔයාට වඩා හොබී අන්කල් ශෝයී.....හී....හී..... එයා ශෝයි... මම එයාට ආ........දරෙයි. ''
🌷'' Hello... යොන්සු කියන්න ''
🙋🏻♂️'' ලොකු ප්රශ්නයක් වෙලා ''
🌷'' මොකක්ද.. මැරුන කාට හරි පන ඇවිල්ල ද.. ''
🙋🏻♂️'' නෑ.. නෑ.. අපේ patients ලගේ හැම රිපෝට්ස් එකක් ම සම්පූර්ණ කරලා වාර්තාවක් හෙට ඉල්ලනවා. ''
🌷'' තව ගොඩක් වැඩ තියනව යොන්සු මට හොස්පිට්ල් එකට එන්න වෙයිද ''
🙋🏻♂️'' වාර්තාව හදන්න තමා තියෙන්නෙ. ඔයාට එන්න පුලුවන්ද ''
💝'' අනේ....මමී.... යන්න එපා. යන්න දෙන්නෙ නෑ මම තුරුල් කරන් ඉන්නවා. ගියොත් සුකි තරහයි මමා එක්ක ''
මං හිතන්නේ සනාට එන්න කියල වගේ. ඒකයි සුකී අඩන්නෙ. සනා මං දිහත් බලලා එහෙම කියද්දි මම සනාට හිමීට කතා කලා.
🐰'' ඔයා සූකී එක්ක යන්න... ''
🌷'' මේ Patience ලගෙ file ටිකකුත් මම ගාව නිසා යොන්සු මම එන්නං සුකීවත් අරගෙන කමක් නෑ නේද ''
🙋🏻♂️'' ප්රශ්නයක් නැත්නම් හා. ටියා තනියම මාත් එක්ක එකක් ලියනවා.. ''
🌷'' මම ඉක්මනට එන්නං.. සූකී බබා එන්න ලෑස්ති වෙන්න.. ''
💝'' හා.. යොන්තු අන්කල්ගෙ ගෙදල නේ ''
'' ඔව් පැටියෝ ''
සනා සුකීව ලෑස්ති කරන් ආව ගමන් මම එයාව එක්ක ගෙන ගියා. හොස්පිට්ල් එකට මෙහාට වෙන්න තියෙන cottage එකක තමා යොන්සු හිටියෙ. ගෙදර ඉදලා 3Km වගේ තිබුනෙ.
🌷'' පරක්කු ද... ''
🙋🏻♂️'' නෑ නෑ.. ජන්කුක්.. එන්න ඇතුලට.. සුකී බබා එන්න... ටියා වැඩ පටන් අරගෙන. ''
🌷'' අපි පටන් ගමු.. ජන්කුක් සුකීට නින්ද ගියොත් රූම් එකකින් තියන්න. ''
මං ඔලුව වනලා සුකීව තියාගෙන හිටියෙ සුකී නිසා සනාට වැඩ කරන්න බැරි වෙන නිසා.
ටික වෙලාවක් යද්දි මට තේරුනා සුකීට හොදටම නින්ද ගිහිල්ල කියල. මොකද බෙල්ලත් පහලට වැටිලා. සෝෆා එක උඩම සුකීව තියලා මං Weverse එකට ගිහිල්ල armyලට මැසේජ් එකකුත් දාලා මම එයාලට රිප්ලයි කර කර හිටියා.
රෑ වෙනකන් මම amryලා එක්ක ඉන්න ඇති. සුකී මං ලගට වෙලා නිදාගෙන ඉන්න 4to එකකුත් එයාලට දාලා මම good night කියලා ගියා. මං බලද්දි සුකිත් හොදටම නිදි. මං අර දෙන්නා වැඩ ඉවරද බලද්දි සනා මොනාද ලියනවා. යොන්සු රිපෝට් හොයනවා. ටියාත් මොනාද ලියනවා. විනාඩි පහක් ගියෙ නෑ......
🙋🏻♂️'' ඉවරයි. හොදටම ඇති. ''
යොන්සු කෑ ගැහුවා.
🌷🍂'' ඔව්.. ඇති... ''
ඒකටම හරියන දෙන්නා.
🌷'' දැන් හෙට මේක දෙන්න විතරයි තියෙන්නෙ. ''
🙋🏻♂️'' මොනා හරි බොමු නේද... ''
🍂'' ඉන්න මම කොෆී හදන්නං. ජන්කුක්ටත් පුටුව උඩ ම නින්ද යයි නැත්නම්. ''
🙋🏻♂️'' ටියා නම් නිදි. ජන්කුක් යන්න කලින් මූණ හෝදන් යන්න.... ''
යොන්සු කියන්නෙ ඇත්ත මට නිදිමතයි. පරිස්සමට යන්න ඕන.
🍂'' කට්ටිය මේක බීලා ඉමු නේද.. ඔයාලා දැන්ම යනවද සනා.. ''
🌷'' ඔව් යනවා අනේ. මට හෙටත් නිවාඩුයි නේ. හදිසියක් උනොත් කතා කරන්න. ''
ගෙදර යද්දි පාන්දර වෙලා. සනා සුකීව අරගෙන ඇතුලට ආවා. මාත් කාර් එක පාක් කරලා ඇතුලට එද්දි සනා කතා කරා.
🌷'' මං නිසා ඔයාට කරදරයි නේ ජන්කුක්... ''
🐰'' නෑ .. සනා ඇයි එහෙම අහන්නෙ.. ''
🌷'' ඔයාට අද වැඩ මිස් වෙන්න ඇති.. ''
🐰'' ඒක ප්රශ්නයක් නෑ මට. ඔයා වෙනුවෙන් මට ඒක ලොකු දෙයක් නෙමේ. ආ මේ සනා හෙට හවස පාටි එකක් තියෙනව... සුකීවත් අරගෙන එන්න.. මම වාහනේ එවන්නං... ''
ජන්කුක් එහෙම කියල රූම් එකට ගියා.
.
.
.
.
.
.
_______________________🌻💛
මීරා ඇත්තටම ඇවිත් ද...
මීරා ගැන මොනවද හිතන්නෙ.. සුකීව ඉල්ලුවොත්..
නැත්නම් ආයෙ ජන්කුක්ට සෙට් කරමු නේ... සනාට ඔය කවුරු හරි කෙනෙක් සෙට් කරලා දීලා..
ලීසුක්ගෙ ආදරේ ඔන්න සොන්හිට දුන්නා.❤
බාල්දි සමය ආරම්භ වන බැවින් ඔබේ වටිනා මනාප ලබා දෙන්න
පරිස්සමට ඉන්න බබූලා... ආදරෙයි.....
You are reading the story above: TeenFic.Net