Chap;17 (her) [ₚₐᵣₜ 3.ᵃᵐᵃᶻⁱⁿᵍ ᵗʳⁱᵖ]

Background color
Font
Font size
Line height

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.
.
.

Jungkook POV

🐺'' සනාව ඈත් කරන්න උන හේතුව එයාට දැනගන්න තියන්න එපා. ඒක ගොඩක් දරුණු වෙයි. ''

හියෝන්ලා ආපහු ගියා. ජින් හියෝන් සුප් එකක් හදලා දීලා ගියෙ සනාට පොවන්න කියලා. මං සනා ලගට වෙලා හිටියෙ සිහිය එයි කියන බලාපොරොත්තුව එක්ක. මම ඇද ළඟින්ම ඉදගත්තා.. කෙල්ලගෙ ඇස් තාමත් පියවිලා තියෙන මූණ දිහා බලාගෙන මම හිටියෙ... මූණත් මලානික වෙලා.. මට ඔයාව කොච්චර මිස් වෙන්න ඇතිද මැණික..

🐰" මගෙ මැණික.. ඉක්මණට ඇහැරලා මගෙ දිහා බලන්න.. ඔයාගෙ බනී ඔයා ලග ඉන්නව.. "
මම මිමිණුවෙ සනැගෙ දිහාවටම මගෙ ඇස් තියාගෙන.. මම තවත් කෙල්ලට ළං වෙලා සනාගෙ නළල සිපගත්තා.. මං එහෙම ම ඉදගෙන ඇස් වහ ගත්තා.
.

.
.
.
.
.
.

🌷'' බ..බනී.. ඔ..ඔයා කෝ.. "

ගැස්සිලා වගේ ඇස් දෙක ඇරලා බලනකොට මම දැක්කෙ කෙල්ලට නින්දෙන් කියවනවා.. කෙල්ලගෙ ඇස් තාමත් පියවිලා.. ඒත් පියවිලා තිබ්බ ඇස්වලින් ඉවරයක් නැතිවම කඳුලු ගලනවා මම දැක්කෙ අහම්බෙන් වගේ. ඒ වෙලාවෙම තමයි සනා කෙල්ලගෙ අතකින් ම මගෙ එක අතක් තද කරලා වගේ අල්ල ගත්තෙ.. ඒත් කෙල්ලගෙ අත හොඳටම වෙව්ලනවා..

🐰" මගෙ මැණික.. ම..මං ඔයාගෙ ළඟම ඉන්නවා මගෙ රත්තරන්.. ඇස් ඇරලා බලන්න.... ''
කඳුලු වලින් මගෙ ඇස් පිරිලා යද්දි මම කිව්වා.. එක මොහොතකටවත් මම සනා ළඟින් ඈත් වුනේ නෑ.. අන්තිමට අමාරුවෙන් වගේ කෙල්ල ඇස් දෙක සම්පූර්ණයෙන්ම ඇරගත්තා..

" බනී.. "

🐰" ඔව් මැණික.. ඔයාගෙ බනී.... "
කෙල්ලගෙ නළල සිපගන්න ගමන් මම මුමුණද්දි මට ඇහුනෙ ඉකි ගහලා අඬන සද්දෙ.. ඇයි මේ කෙල්ල මෙහෙම අඬන්නෙ..

🌷" ම්මාව දාලා.. මාව දාලා ආය කොහෙවත්ම යන්න එපා බනී.. ම..මට ඔයා නැතිව ඉන්න බෑ.. දන්නව ද මට එයාලා එදා රිද්දුවා. "

🐰" කොහෙවත් යන්නෙ නෑ මැණික.. මම කොහෙවත් ම යන්නෙ නෑ.. ඔයාගෙ ළඟම ඉන්නවා මැණික.. ඔය ඇති දැන්.. අහන්න මම කියන එක තමුසෙ හොඳටම වීක් වෙලා කියලා ලීසුක් කීවා.. එහෙම තියෙද්දි මෙහෙම අඬලා අසනීපයක් හදා ගන්නද හදන්නෙ.. "

පොඩ්ඩක් සැර කරේ නැත්තන් සනාව හදා ගන්නම බෑ.. ඒකමයි මම කෙල්ලට සැර කරන ගමන්ම කම්මුල් පුරාම තිබ්බ කඳුලුත් මගෙ අත්වලින්ම පිහලා දැම්මෙ..

🌷'' ඔයා කොහෙද මෙච්චර කල් හිටියෙ.. ''
කෙල්ලට හරි විස්තරයක් කියන්න තරම් සිහියක් නෑ තව. මම සුකීගෙ පපා කියන දේ දැන් සනාට මතක නෑ කියල මං හිතන්නෙ. හැම දෙයක්ම හෙට උදේ කියන්න ඕන. සනාව ශේප් කරගෙන සුප් එකත් පොවලා නිදාගන්න හදලා දුන්නා.
.
.
.
.
.
.

සනා උදේ ඇහැරෙන කොට ජන්කුක් සෝපා එකට වෙලා බලාගෙන හිටියෙ. ජන්කුක් බලපු විදිහට කෙල්ල බය උනා. ඒ ඇස් වල තිබුනෙ ආදරේට. කෙල්ල බය උනේ ආදරේට. වචනයක්වත් කතා නොකර ජන්කුක් ඇවිත් සනාව හග් කර ගත්තෙ ආයෙත් නැති කර ගන්නෙ නෑ කියල හිතෙන් කියන ගමන්මයි.

🌷'' ම්..මොකක්ද ඊ.. ඊයෙ.. ''
සනා එහෙම අහද්දි ජන්කුක් සනා දිහා බැලුවා.

🐰'' පොඩි faint එකක් සනා... මට ඔයාට කියන්න දෙයක් තියෙනව.. දැන් ඔයා රෙස්ට් කරන්න. ජින් හියෝන් උදේ කෑම හදලා ගියෙ. ඒකත් කන්න ''

🌷'' සුකී එක්ක ද.. යන්නෙ අද. ''

🐰'' නෑ.... ''
ජන්කුක් එහෙම කියල එලියට ගියා. කෙල්ලත් වොෂ් කරගෙන සාලෙට ආවෙ රූම් එකේ ම ඉන්න බෑ කියල හිතිලා.

🌷'' මට මොනා හරි දෙයක් අමතක උනාද... ''

ජන්කුක් shooting එක තියෙන තැනට ගියා. ඒත් කොල්ලාගෙ හිත සනා ලග. තමන්ගෙ වාරය එනකන් ජන්කුක් කල්පනා කලේ සනාට තමන් කවුද කියන එක තේරුම් කරන විදිහ ගැන. පැත්තකට වෙලා හිටපු ජින් ජිමින්වත් එක්ක ගෙන ජන්කුක් ලගට ආවෙ එයා තනියම ඉන්න නිසා.

🐹'' කුකී... ''

🐤'' කුක්කෝ.. මොකෝ.. දැන් දුක් වෙන්න දෙයක් නෑනේ.. ඔයාගෙ සනාව හම්බ උනානේ.මොකක්ද අනේ හිනා වෙන්න කෝ ''
ඒත් ජන්කුක් මුකුත්ම කිව්වෙ නෑ.

🐹'' කුකී කියනව මොකෝ.. සනාට කිව්වද.. මොකක් හරි එයා කිව්ව ද.. ''

🐰''නෑ.. තාම කිව්වෙ නෑ. ඒත් මම කියන්නෙ කොහොමද සනාට මම ඔයාගේ බනී කියල.. මං දැනටම මැරීඩ් කියල එයා දන්නවා. මීරා මැරුනා කියලත් දන්නව. එහෙම එකේ සූකී වෙනුවෙන් වත් මං ලගට එන එකක් නෑ හියෝන්... ''

🐤'' සනා මුකුත් කියන්නෙ නැති වෙයි කුකී. සනාට ඔයාව ඕන. සනාගෙ හිතේ ඉන්න බනීව අපි එයාට දෙමු. කාලයත් එක්ක සනාට ඔයාව මතක් වෙයි. ''

🐹'' ඒක ඇත්ත.. කුකී ඒත් දෙන්නා මීඩියා වලින් ඈත් වෙන්න. දන්නව නේ කෙස් ගහක් ඇති කතාවකට.. හෙට මුලින්ම ඔයා ඒක කියලා කැමැත්ත එක්ක තීරණය කරන්න. ඔයා මොකක්ද කරන්නෙ කියල අපිටත් හිතාගන්න බෑ. ''

🐰'' හරි හියෝන්.. ''

'' ජන්කුක් ඔයාගෙ ශූට් එකට එන්න තව විනාඩි පහයි.  ''

🐤'' හොදට කරන්න ''
පැය දෙකකට පස්සෙ තමා හැමෝටම විවේකය හම්බ උනේ. කට්ටිය ඉදගෙන කතා කර කර ඉන්න කොට සේජින් ආවා.

'' කට්ටිය.. අපි පොඩි පාටි එකක් තියෙනව ශූට් එකයි mv එකයි ඉවර කරපූ නිසා. හෙටින් පස්සෙ ඔයාලට වැඩ කරන්න තියෙන්නෙ පැයක් විතර. Members ලා ටිකට පැය දෙකක් තියෙනවා. ඊට පස්සෙ හැමෝටම කැමති තැනක යන්න පුලුවන්. ''

🐨'' කාලෙකට පස්සෙ නිවාඩුවක් හම්බ උනේ. World tour එකට පස්සෙ ද මංදා ''

🐯'' ඔව් නේ හියෝන්.  අපේ සුකී බබා ඉපදිලත් මාස කීපයක් වගේනේ.  ''

🐤'' දැන් සුකීටත් අවුරුදු තුනයි.. කාලය ඉක්මනට ගිහිල්ල... ''

ජන්කුක් වැඩ ඉවර කරලා නතර වුන තැනට ගියෙ සුකී එක්ක ටවුන් එකට යන්න හිතාගෙන. සනාටත් එන්න කියල කතා කලත් ඒ දෙන්නට නිදහසේ ඉන්න දෙන්න ඕන කියලා හිතුන නිසාත් තාම මහන්සි නිසාත් කෙල්ල නැවතුනා. දවල් ගිය රවුම ජන්කුක් එද්දි හවස් වෙලා.
දෙන්නා එක්ක shopping කරලා හවස එනකොට බෑග් තොගයක් උස්සන් ආවෙ සනා පුදුම වෙද්දි.

රෑ ඩිනර් එක අරගෙන ජන්කුක් living room එකට ගියා. සනා හැම දේම අස් කරලා වොෂ් කරගෙන ආයෙත් පහලට ආවෙ සුකීගෙ බඩු ටික අස් කරන්න.
ඒත් සනා දැක්කා ජන්කුක් ඉන්නෙ ප්‍රශ්නෙක කියල. සෝෆා එකේ ඉඳගෙන නළල අතගාන ගමන් හිටියේ ලොකු කරදරයකින් වගේ. සනා එයාගෙ එහා පැත්තේ තියෙන පුටුවෙන් ඉඳගත්තා.

🌷'' ජන්කුක්... ''

🐰'' ම්ම්ම්... කියන්න ''

🌷" ජන්කුක්.. ඔයා හොඳින් නෙවෙයි නේද "
සනාව දැකපු ජන්කුක් මූණට හිනාවක් ගන්න උත්සහ කලා.

🌷" ඔහොම බොරු හිනාවෙන් හැමදේම හන්ගන්න හදන්න එපා ජන්කුක්. ඔයා ප්‍රශ්නයක ඉන්නේ කියලා මට තේරෙනවා.. "

🐰" එහෙම දෙයක් නෑ ... "

🌷'' ඇයි ඔයා ප්‍රශ්න මඟාරින්නේ.. ''
සනා නැගිටල යන්න හැදුවත් ජන්කුක් අතින් ඇදලා කෙල්ලව ආයේත් ඉන්දෙව්වා. ටික වෙලාවක් යනකොට තිබුන නිහඩ බව නැති උනා.

🐰" මන් දෙයක් කියන්නනම් ඔයා අහනව ද " ජන්කුක් සනා දිහා බලන් ඉඳලා ලොකු හුස්මක් අරන් කතාවක් පටන් ගත්තා.

🐰" මගේ කතාව ගැන ඔයා දැනටමත් ඒකෙන් භාගෙකට වඩා දන්නවා ඇති. අතීතේ කොච්චර අඳුරු වුනත් මන් ඒ අතීතෙට වෛර කරන්නේවත් අකමැත්තක්වත් නෑ. ඒ අතීතෙට ආයෙ යන්න ලැබුනත් මන් ඒ කිසිම දෙයක් වෙනස් කරන්නෑ. ඒ මතක එක්ක ජීවත් වෙන්න මට පුලුවන්.
මීරා මගෙ වයිෆ් උනාට සුකී මගෙ දරුවා නෙමේ සනා. ''

🌷'' ජන්කුක්.. මොනාද ඔය කියවන්නෙ.. ''

🐰'' මීරා මං ලගට එන්න කලින් ඒ කියන්නෙ මම college යන කාලෙ ඉඳලම මට ආදරයක් ඇති උනා. ඒ මාත් එක්ක හිටපු කෙල්ලට.. මගෙ හැසිරීම ආදරණීය උනෙ එයා ලගදි විතරයි. ඒත් idol කෙනෙක් වෙන්න ඕන නිසාත් මං සෝල් ආවෙ. ඒත් එක්කම අප්පාගෙ බිස්නස් සෝල් වලට ගෙනාව නිසා මට එහෙම නතර වෙන්න උනා.. මං ආදරේ කරපු කෙල්ලව එකපාරටම මට නැති උනේ හිතා ගන්න බැරි වෙද්දි... අවුරුදු කීයකට පස්සෙ මීරාව මට proposal කරත් මීරායි මායි මැරි කලේ කොලේකට වගේ. මං එයාට ආදරේ කලේ නෑ. ඒත් හොද වයිෆ් කෙනෙක් විදිහට එයා හැමදේම කලා. මං එයාට නිදහස දුන්නා මොකද මං ඒ වෙද්දි ගෙදර ඉන්න වෙලාව අඩු නිසා. ඒකෙන් යොන් මීරා එක්ක සම්බන්ධයක් තියා ගත්තා ඒකෙන් උනේ සුකී එයාලගෙ ජීවිතේට ආව එක. අවසාන මොහොතෙ හැමදේම දැනගන්න කොට යොන් හොයා ගන්න නෑ. ඒ නිසා දරුවව බාරගන්න මම කැමති උනා. ඒත් මීරා මැරුනෙ මගෙ අතේ රෝස පාට රෙද්දක ඔතලා හිටිය සුකීවත් දීලා. ඒත් මගෙ හිතේ ආදරයක් ඉතුරු උනා.. මීරා මාව දාලා යද්දී එයා මට මගේ ජිවිතේ වටිනම දේ දීලා ගියත් ඒකත් එක්ක එන ප්‍රශ්නවලට මූණ දෙන්න මට හරියටම තේරුන් නැ. බෑන්ඩ් එකේ හිටිය පොඩි ම කෙනා උන මට membersලා හිටියේ නැත්නම් මොනවා වෙයිද කියලාවත් මට හිතාගන්න බෑ. එයාලටත් මන් කරපු දේ කවදම හරි ලොකුවට බලපානවා කියලා දැන දැනත් එයාලා නිතරම කලේ මගේ හිත හදන්න try කරපු එක.  ''

🌷'' ජන්කුක්... ''
කදුළු පිරුනු ඇස් වලින් මේ හැමදේම අහන් හිටපු සනාව එකපාරටම ඇදලා අරගෙන ජන්කුක් බදාගත්තා. ඊට පස්සෙ උරහිසෙන් ඔලුව තියාගත්ත කොල්ලා ලාවට ඉකිබිඳින සද්දෙ කෙල්ලට ඇහුනා. දෙන්නටම මතක නෑ ඒ විදිහට කොච්චර වෙලාවක් හිටියද කියලා. ඒත් ජන්කුක් කැමති වෙලාව දැන් නතර වෙනවානම්. නතර වෙලා මේ මොහොතෙම දිගටම ඉන්න. නැති උන උණුහුමට ආයෙත් ලං වෙන්න ලැබෙනවනම්. මොකද ඒ ගෙවෙන හැම තප්පරේකටම කොල්ලා ලෝභ වුනා.

🐰'' Why can't you recognize your bunny, Red Rose? ''

ජන්කුක් සනාව තුරුල් කරගෙන කදුලු අතරෙම එහෙම අහද්දි කෙල්ලට කරන්ට් එක වැදුනා වගේ උනා.

🌷'' බනී.. ''

🐰'' ඔව් මැණික.. ඔයාගෙ බනී.. ''

🌷'' ඒ ඔයාද මගෙ බනී... ''

🐰'' ඔව් මැණික... ''
අන්තිමට ජන්කුක් කෙල්ලගෙ උරහිසෙන් ඈත් වෙලා කෙලින් වුණා. ඊට පස්සේ ජන්කුක් එයාගෙ අත් දෙක සනාගෙ කම්මුල් දෙපැත්තෙන් තියලා ලන් කරගෙන නලලට කිස් එකක් දුන්නා. ඇත්තටම සනාට මතක බනී එක්ක ගත කරපු ආදරණීය මතක විතරයි. ජන්කුක් ගොඩක් පරිස්සම් උනා සනාගෙන් ඇත්ත හංගන්න.

🐰'' සමාවෙන්න ඔයාව ඈත් කලාට. ''

🌷'' බනී.. ''
පැය ගානක් කෙල්ල ජන්කුක්ව බදාගෙන ඉන්න ඇති. පහුගිය දේවල් කියන්න ඇති.  රෑ වෙන නිසා ජන්කුක්ගෙ බල කිරීමට කෙල්ල රූම් එකට යැව්ව ජන්කුක් ලොකු කල්පනාවක ට වැටුනා.

🐰මං කොහොමද සනා ඔයාව ලං කර ගන්නෙ. මං දැන් අප්පා කෙනෙක්. ඔයා කොච්චර බනීට ආදරේ කරත් දරුවෙක් එක්ක ජීවිත් වෙන මාව ලගට ගන්න අකමැති වෙයි නේද.. ඔයා සතුටින් ඉන්නව නම් මාත් එහෙම ඉන්නං.










































'' ජන්කුක් ඔයාට කෝල් එකක්.... ''



හායි බබූලා.....
සනාට බනීව හොයලා දුන්නා. ඒත් බාල්දියක් නැති නිසා කතාව වැඩක් නෑ කියල සුකි මට කිව්වා.

ඒ නිසා බාල්දි සමගින් ඉදිරියට යන්න දෙන්න මට අවසර.......


You are reading the story above: TeenFic.Net