𝓜𝓘𝓓𝓝𝓘𝓖𝓗𝓣 𝓡𝓐𝓘𝓝 03

Background color
Font
Font size
Line height

"මන් මේ ඇත්තටමයි අහන්නේ අපි එකම රටේ නිසා බැරිවෙලාවත් ද ඔයා මාව දන්නවා ද?? ඉස්කෝලේ යාළුවොවත් ද අපි?" මේ ප්‍රශ්නේ මන් දැන් මේ මනුස්සයගෙන් අහන තුන්වෙනි වතාව.. මේ පාර මගෑරියොත් ආයේ නම් අහන්නේ නෑ මගුල..

"හවස් වෙන්නත් ලගයි නේද?" වීදුරු ජනේලෙට පේන තැඹිලි පාටින් පාට වෙලා තියන අහස දිහා බලන් එයා අහද්දී මන් ආයෙමත් දොර දිහා බැලුවා. එයාට ඒ පොරොන්දුව අමතක වෙලාවත් ද? එයා ආවොත් මට එයාව අඳුරගන්න පුළුවන් වෙයි නේද? නැත්තම් මේ මන් ඉස්සරහ ඉන්නේ එයාවත් ද?

ටේ'ලර් ස්විෆ්ට්ගේ මිඩ්නයිට් රේන් සින්දුව අහලා තියනවා ද??

ඉතින් ඒ සින්දුවට අනුව මන් ඔයාගෙන් ඇහුවොත් ඔයා ඔයාගේ ආදර කතාවේ මධ්‍යම රාත්‍රියේ වහින වර්ෂාවද නැත්තම් හිරු එළියද කියලා ඔයා දෙන්නේ මොනවගේ උත්තරයක් ද??

ඒ ප්‍රශ්නේ ඔයා මගෙන් ඇහුවොත් මන් ඔයාට දෙන උත්තරේ තමයි "මධ්‍යම රාත්‍රියේ වර්ෂාව ".

ඉස්කෝලේ කාලේ ආදරයක් තිබිලා තියේද? හැගීම් වචනවලින් නොකිව්වට ඒ කෙනාගේ ඇස් තමන්ගේ ඇස් එක්ක පැටලෙන හැමවෙලේකම ලොකු කතාවක් නොකියා කියවෙන, අහම්බෙන් දැක්කොත් එකපාරටම හුස්ම හිරවෙලා මොළේ අනිත් පැත්තට වැඩ කරන්න පටන් ගන්න, සින්දුවක් ඇහුවත් ඒ කෙනාවම ඔලුවට එන, ලස්සන හුරුබුහුටි හීන ලෝකෙක ජීවත් වෙන්න ආරාධනා කරපු කවුරුමහරි කෙනෙක් ඉදලා තියේද??

ඒත් ඒ අවස්ථාවේම ඔයා වගකීම් ගොඩකින් හිරවෙලා නම්.. ඒ වගේ දෙයකට හදවත ලෑස්ති වුනත් මොළෙන් විරුද්ධ වෙනවා නම්.

මන් අද මෙතනට එන්න හේතුවම එහෙම මන් ප්‍රතික්ෂේප කරපු මගේ පලවෙනි ආදරේ තව එකපාරක් හම්බෙලා එයත් එක්ක වචන කීපයක් කතා කරන්න.. එයාට මාව මතකයි ද නම් මන් දන්නේ නෑ. සමහරවිට මතක නැතුව ඇති.

බොරු කියන්න ඕනේ නෑ. මට එයාගේ මූණවත්, කටහඬවත් මතක නෑ. ඒක තමයි ලෝක ස්වභාවය.. අපිට කාව කොච්චර කොහොම වැදගත් වුනත් ඒ කෙනා එක්ක තියන මතකයන් වුනත් ටිකින් ටික අපිට අමතක වෙලා යනවා.

"මොනාද ඔච්චරටම කල්පනා කරන්නේ?" ආගන්තුක පිරිමි කෙනා මගෙන් ආයෙම ඇහුවා.

"ඔච්චරටම දොර දිහා බලන් ඉන්නේ?? කව්ද අද එනවා කිව්වේ? " එයා මගෙන් ප්‍රශ්න කරද්දී මන් එයා දිහා ඇස් හීනි කරලා බැලුවා.

"ඔහ්හ් සොරි.. ඔයා මැරීඩ් කීවානේ. ඒත් අනේ ඔයා දොර දිහා කන්න වගේ බලන් ඉද්දී මට එහෙම හිතෙනවා." හුස්ම ගන්නෙවත් නැතුව එයා ඒ වචන පේලිය එකදිගට කියන් ගිහින් අන්තිම වචනේ කියලා ලොකු හුස්මක් පහත දැම්මා. මන් ආයෙම මගේ කැත හිනාව දාලා හිනාවුනේ එයත් මාත් එක්ක හිනවෙද්දී..

"ළමයිගේ නම් මොනවද?"

"දුව නිශාද්‍යා සුරනි ද සේරම්.. පුතා මියුක ශේෂාධ්‍ය ද සේරම්.."

"මියුක.." එයා ඒ නම ලාවට මිමිනුවා. අනේ ඇය් මට ඒ කව්ද කියලා මතක්‌ වෙන්නේ නැත්තේ..

"ඔයාගේ නම.."

"බීම එකනම් රසයි.. ඊළඟ පාර ආවම මතක් කරලා මේක බොන්න ඕනේ.." ආයෙමත් මගේ ප්‍රශ්නේ මගහැරියා..




✓𝘀𝘂𝗤𝘂𝗲𝗲𝗻_𝘅𝗶𝗻𝘂𝗴𝘂𝗿𝗹
✓ ඕතරි නම් මධ්‍යම රාත්‍රියේ වර්ෂාවක්‌.. 😪❤‍🩹


You are reading the story above: TeenFic.Net