𝓜𝓘𝓓𝓝𝓘𝓖𝓗𝓣 𝓡𝓐𝓘𝓝 04

Background color
Font
Font size
Line height

මියුක සුරාජ් ප්‍රනාන්දු
POV:-

මට අනුව නම් ජීවිතේ කියන්නේ හැරවීමක් නැති දිගටම ඉදිරියට ඇදෙන බස් රථයක්..

ආරම්භක ස්ථානයට ඉපදීම කිව්වොත් ගමනාන්තය තමයි මරණය.. එතකොට කොන්දොස්තර මහත්තයා,එයා තමයි අපේ හිත. මගීන් තමයි අපේ ජීවිතේට සැරෙන් සැරේට හමුවෙන මිනිස්සු.. එතකොට හම්බෙන බස් නැවතුම්පොළවල් ඒවා තමයි අපේ ජීවිතේ ගෙවෙන කාලය.. එතකොට මගීන් දෙන සල්ලි කියන්නේ අපේ ජීවිතේට එන මිනිස්සු අපිට දෙන මතකයන්.

අපි වුනත් බස් එකකට නැගලා දෙන සල්ලි දෙයාකාරයි. නෝට්ටු සහ කාසි.
නෝට්ටු ආයෙම දෙයාකාරයි. හොඳට පාවිච්චි කරන්න පුළුවන් නෝට්ටු හා ඉරිලා පරණ වුණු නෝට්ටු.. ඒ වගේමයි මතක.. හොඳ මතකයි නරක මතකයි..

එතකොට කාසි පරණ වුනත් අලුත් වුනත් නෝට්ටු වලට වඩා හරි කල් පැවැත්මය්.. ඒත් නෝට්ටු වගේමයි කාසිත් අනිත්‍යයි. ඒත් කලින් කිව්වා වගේ කල් පැවැත්ම වැඩිය්.

මේ අතරේ සමහරු ඉන්නවා සල්ලි නොදී හොරාට බස් එකේ යන අය.. එයාලා තමයි අපිට මානසිකවත් ශාරීරිකවත් ළං නැති අය.. එතකොට තව සමහරු ඉන්නවා බස් එකට හානි කරන... එයාලා තමයි අපේ ජීවිතේ කැළැල් හදන අය..  එතකොට තවත් සමහරු ඉන්නවා මගින් බහින්නේ නැතුව ගමනාන්තය වෙනකම් එන. ඒත් ගමනාන්තයෙන් පස්සේ එයාලා අපිව හොයන් ආයේ එන්නේ නෑ.

තව කට්ටියක් ඉන්නවා බස් එකේ කට්ටිය කට කැපෙන්න හිටියත් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න කට්ට කාගෙන හරි බස් එකේ නැගලා එන අය.. එයාලා තමයි අපේ ජීවිතේට අනවශ්‍ය ආකාරයේ මානසික පීඩනයක් ඇති කරන මිනිස්සු..

ඒත් ඔය මොනදේ තිබුනත් ගමනාන්තයට පරිස්සමින් ලගාවෙන්න නම් බස් එකේ රියදුරා වෙන අපි හරි විදිහට නීතී රීති අනුගමනය කරමින් ඉදිරියට යන්න ඕනේ.

ඉතින් මගේ ඉස්සරහ ඉන්න,තාමත් මන් හිතින් ආදරේ කරන ගෑනු ළමයගේ ජීවිතේ මන් කව්ද කියන එක මට තාමත් ලොකු ප්‍රශ්නයක්. එයාට මාව තාමත් අදුරගන්න බැරි වුනා. ඒ කියන්නේ එයාට අනුව මන් නෝට්ටුවක්‌ දුන්න මනුස්සයෙක් ද එහෙමත් නැත්තම් සල්ලි නොගෙවා මගින් බැහැපු මනුස්සයෙක් ද?

ඇත්තටම මන් ඔයාගේ කව්ද?

"ඔයා මේ පුටුවෙන් ඉදගන්න දුන්න එකටනම් හුගක් තෑන්ක්ස්.. දැන් රෑ වෙන්නත් ළගයි. ඒ නිසා මන් යන්නම්." මේක බොහෝවිට අපේ අන්තිම හමුවීම වෙයි. ඒත් මට දුකක් නෑ. හරිම සතුටුයි.. එච්චරයි මට දැනෙන්නේ.. අන්තිම පාරට හරි තව එකපාරක් මට එයාව දකින්න හම්බුනා නේ.

මන් හිස් කෝප්පෙත් මේසේ උඩින් තියලා මගේ බෑග් එකත් පපුව හරහට දාගෙන නැගිටින්න යද්දිම එයත් කලබලෙන් වගේ නැගිට්ටේ එයාගේ බෑග් එකත් කරේ එල්ලගන්න ගමන්මයි.

"මමත් එන්නද ඔයත් එක්ක?"

"හ්ම්ම්."




✓𝘀𝘂𝗤𝘂𝗲𝗲𝗻_𝘅𝗶𝗻𝘂𝗴𝘂𝗿𝗹
✓කාසි දීපු අයද වැඩි නෝට්ටු දීපු අයද වැඩි? නෝට්ටු නම් මොනවගේ නෝට්ටු ද?? මතක තියාගන්න ඔය මොක දුන්නත් දෙන දේ අගය එකිනෙකට වෙනස්.. 🙆🏼‍♀️💗


You are reading the story above: TeenFic.Net