"මන් ඒක පොඩි කාලේ අහලා තිබුන කතාවක්. මෙහෙට එන එක මගෙත් ආසාවක්.."
"මේ ඔයා මෙහෙට ආපු පලවෙනි පාරද??" මන් අහද්දී එයාගේ මූණේ හිනාව තප්පර කිහිපයකට අතුරුදහන් වුනා.
"නෑ.." ආයෙම මූණට හිනාවක් ආරුඪ කරගන්න ගමන් එයා කිව්වා.
"මන් අවුරුද්දකට එකපාරක් හරි මෙහෙට ඇවිත් යනවා." එයා ආයෙමත් මගේ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා.
"හේතුවක් තියනවා ද?" මන් ආයෙම ඇහුවා. හේතුවක් නෑ එයා ආගන්තුකයෙක් වුනත් මට හරි හුරු පුරුදු බවක් දැනෙනවා. ඒ වගේමයි මට කාගෙමහරි රූපයක් මැවි මැවි නොපෙනී යනවා.
"ලොකු හේතුවක් තියේ. මාත් ඔයා වගේ කෙනෙක් එනකම් බලන් ඉන්නවා." දෙවෙනි පාරටත් මන් එයා දිහා පුදුමයෙන් බැලුවා. හිත් කියවන හොරෙක්දත් මන්ද මේ මනුස්සයා.
"ඇත්ත කියන්න.. ඔයා මාව දන්නවා ද??" එයා මගේ ප්රශ්නේ නොසලකා හැරියා.. හරියට ඒක ඇහුනේ නෑ වගේ..
"මන් දෙතුන් පාරක්ම දැක්කා ඔයා දොර දිහා කාවහරි බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා." එයා කියද්දී මන් හිනාවුනා. මාත් මහා මෝඩයෙක්.. ඕන මිනිහෙක්ට හොඳට බැලුවොත් තේරෙනවා නේ මන් හැමවෙලේම දොර දිහා බලනවා කියලා. ඒ ඇරෙන්න මෙයා ඉදන් ඉන්නෙත් මට මුහුණලා. මට ඉබේම හිනා ගියා.
"බෝය්ෆ්රෙන්ඩ් ද?" එයා මගෙන් ඒ ප්රශ්නේ අහද්දී මන් ගල් වුනේ ආපු ලොකු හිනාව එහෙම්මම වල දාන්න උත්සහ කරන ගමන්. ඒත් සාර්ථක ලෙස උත්සහය අසාර්ථකයි. මන් බක බක ගාලා හිනාවෙද්දී වටේ හිටපු දෙතුන් දෙනෙකුත් මන් දිහා හෙන ජජි විදිහට බැලුවා.
"මන් මැරීඩ් අනේ. ට්වින්සලා ඉන්නේ." මන් ඇගිලි දෙකකුත් පෙන්නලා කියද්දී එයාගේ මූණේ හරි ලස්සන හිනාවක් ඇදුනා. ඒ හිනාවත් කොහේදීහරි දැකල පුරුදුයි වගේ.
"ඇත්තටම-" මන් අහන්න හදපු ප්රශ්නේ මගින් නැවතුනේ මගේ චූටි කොල්ලගෙන් ආපු කෝල් එකක් නිසා. මන් හනිකෙට ඒක ආන්සර් කරද්දී එහා පැත්තෙන් මගේ චූටි කෙල්ලගේ කටහඬත් ඇහුනා.
"අම්මා~~!!"
"මොකද මේ කෑ ගහන්නේ?" මන් හරි හෙමීට සැර නොකර අහද්දී කැමරා එක වහලෙට ෆෝකස් වෙලා ආයෙම මගේ මහත්තයාගේ මූණ පෙවුනා.
"හරි වැඩක් නේ ඒක. ළමයාගෙන් ෆෝන් එක උදුරලා ගන්නවා ද?"
"ඇය් මගේ වය්ෆ් නේ. ඒ නිසා ළමයා නෙවෙයි සක්කරයා ආවත් මන් ෆෝන් එක උදුරලා ගන්නවා තමයි." මගේ කම්මුල් වලට ලේ පිරෙද්දී මන් එයාට රවලා අහක බලාගත්තා.
"මන් පස්සේ ගන්නම්.. ළමයි අඬනවා.." එයා ඉක්මනට කෝල් එක කට් කරා. ළමයි දෙන්නව අඬවලා එනවා දැන් නලවන්නත්...
"මට සමාවෙන්න." මන් මගේ ඉස්සරහ හිටපු ආගන්තුකයාගෙන් සමාව ඉල්ලද්දී මෙච්චර වෙලා ෆෝන් එකට අවධානෙ දීගෙන හිටපු එයත් ෆෝන් එක පැත්තකින් තියලා මන් දිහා බැලුවා.
"එතකොට ඔයා? ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ද?"
"ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් නම් නෑ. ඒත් කැමති කෙනෙක් ඉන්නවා."
"වන් සය්ඩඩ්?"
"හ්ම්ම්.."
✓𝘀𝘂𝗤𝘂𝗲𝗲𝗻_𝘅𝗶𝗻𝘂𝗴𝘂𝗿𝗹
✓ඉතින් එච්චරයි!😪
You are reading the story above: TeenFic.Net