සුපුරුදු විදියට...සුපුරුදු ජීවන රටාව...හැම දෙයක්ම තිත්ත වෙලා...සල්ලි,දේපල ඉඩ කඩම් මොනා තිබුනත් මට ඕනිම දේ නැති වෙනකොට ...වැඩ ඉවර වෙලා අවසානෙ මං තීරණය කලා චුට්ටක් එළියට යන්න...
වෙලාව රෑ අටත් පහු වෙලා වාහනේ යතුර ගත්ත මං ඔහේ ඩ්රයිව් කරනකොට...මගේ හිත කිව්වෙම වෙරළට යන්න කියලා..මාත් කිසිම විවාදයක් නැතුව මගේ හිතට එකග වෙනකොට මං ගියේ මගේ ආදරෙ මගෙන් උදුර ගත්ත ඒ මරුවගෙ හැඩ බලන්න....
වෙරළ කියන්නේ කාලෙකට කලිම් මං ආදරේ කරපු තැනක්...ඒත් අද ඒ තැන මාව විරහ වේදනාවෙ හිනි පෙත්තටම අරන් යන තැනක් වෙලා...කලින් වෙරළ ඉඹගෙන එන මුහුදු හුළං මගේ ඇගට සනීපයක් එකතු කලත් ...දැන් මට දැනෙන්නෙ ඒ හුලගෙ තැවරිලා එන මගේ තීනුගෙ සුවද මාව මගෑරලා දුර යනවා වගේ....වෙනදා කන් වලට සනීපයක් ගේන මුහුදු රැළි නැගෙන සද්දෙ අද වෙනකොට මගේ කන් පිරෙව්වේ විලාප සද්දෙකින් වෙනකොට...මොන හේතුවකටද මන්දා මාත් අවසානේ තීරණේ කලා වෙරළට යන්න.....
රේල් පාරට මෙහන් කාර් එක නතර කරපු මම කාර් කී එකයි phone එකයි අරගෙන රේල් පාරෙන්ම වෙරළ පැත්තට යන්න තීරණේ කලා....පළාතක්ම අදුරෙන් වැහිලා තියෙනකොට...විටින් විට ගොඩබිමට වැටෙන ප්රදීපාගාරෙ එළිය මට වෙරළට යන්න පාර පෙන්නුවා....
වෙලාව අට පහු වෙලා නිසා ලග ලග එන කෝච්චියේ සද්දෙත් මුලු පරිසරේම නිහඩතාවය බිදලා දැම්මා....කෝච්චිය යනකන් හිටියොත් ...මට වෙරළට යන්න වෙන්නෙ හෙට....වෙරළට යන්න තියෙන ලගම පාර මේක වෙනකොට...මං අඩිය ඉක්මන් කරලා රේල් පාරට දුවගෙන ගියා...
කෝච්චිය ලග ලගම එනවා....තව විනාඩි පහකින් දහයකින් මේ රේල් පාර කෝච්චිය අයිති කරගනී...මීට අවුරුදු හතකට කලින් දහස් ගානක් මිනිස්සුන්ගෙ මරන මංචකය වෙන්න කෝච්චියට පුලුවන් උනා....සුනාමිය නිසා දහස් ගාණක් මිනිස්සු තමන්ගෙ ජීවිතෙන් සමු ගන්නකොට ...තවත් දහස් ගාණක් මිනිස්සු අතුරු දහන් වෙලා ගියා...තවත් කාලෙක එහෙම අතුරු දහන් වෙලා හිටපු අය...වාසනාවකට තමන්ගෙ පවුල හොයාගත්තා...
එත් මගෙ තීනු?...උබත් මාව සදහටම දාලා ගියාද මැණිකේ ? නැත්තන් උබත් තාම ජීවත් වෙනවද?....හැම තැනම පීර පීර උබව හෙව්වත් මට බැරි උනා උබව හොයා ගන්න...? මට උබව මග හැරුනද? නැත්තන් උබ සදහටම මාව දාලා යන්නම ගියාද...?
මට උබව මග ඇරුනනම් දෙයියන්ගෙ නාමෙන් අහම්බෙකින් හරි මගේ මූණ ඉස්සරහට වරෙන් රත්තරන්.....මේ ආදි දැනටමත් හුස්ම විතරක් අල්ලන හැගීම් මැරිලා ගියපු මළ කදක් වෙලා...
දෙවියෝ දෛවය එක්ක සෙල්ලම් කරනවා වැඩි මැණික....එහෙම සෙල්ලන් කරන්නෙත් වචනෙකින් වත් වැරැද්දක් නොකරපු මනුස්සයොත් එක්ක....ඒක පරීක්ෂා කිරීමක්ද? නැත්තන් දඩුවමක්ද?...
සමහරුන්ට ආදරේ කියන්නේ අකුරු හතරෙ නිකන්ම නිකන් වචනයක්...උන්ට ආදරේ කියන්න ලේසී...ආයෙත් දාලා යන්න ලේසී...ඒත් ආදරේ තමන්ගෙ ජීවිතේ කර ගත්ත එකෙක් ආදරේ නැති උන තැන උන්මත්තකයෙක් වෙන්නෙ....දරාගන්න බැරි තරම් ආදරේ ඒ පපුව පුරෝගෙන තියෙන නිසා...
ආදරේ නිසා හැගීම් මැරුණ මිනිස්සු ආයෙත් මුල් ඇදලා නැගිටිනවා...ඒත් ඒ මුල් ඇදලා දලු දාන ගහට පුංචි ඇසිඩ් බින්දු ටිකක් වැටුනොත් ඇති ආයෙ ගොඩ ගන්න බැරි වෙන තැනටම මැරිලා වැටෙන්න....
හරි ආදරේ ලැබුන තැන මිනිස්සු අලුතින් හුස්ම ගන්න පටන් ගන්නවා වගේම ඒ ආදරේ නැති උන තැන උන් හුස්ම විතරක් ගන්න හැගීම් මැරුන මනුස්සයෝ වෙනවා...හරියට මේ මම වගේ
මෙච්චර වෙලා මං කල්පනාවක පැටලිලා හිටියෙ රේල් පාරෙන් මෙහා...ඒත් ඈතින් ඇහෙන කෝච්චි සද්දෙන් එක්කම මට ලග ලග මිනිස්සු කෑ ගහගෙන දුවන් සද්දයක් ඇහුනා . .....
ඔවු උන් කාගෙ හරි පස්සෙන් පන්නනවා...මට අමතක උනා මේ රෑ කියලා....මේ වෙලාවට කෝච්චි පාර ලග කුඩුකාරයෝ,ගංජාකාරයෝ,මැරයො ඉන්න එක අරුමයක් නෙමෙයි...දවල්ට මිනිස්සුන්ගෙන් පිරුණ රේල් පාර ...රෑ වෙනවත් එක්කම හුස්ම ගන්න අමනුස්සයන්ගෙන් පිරුන තැනක් උනා....
ඔය කල්ලි අස්සෙ කී දෙනෙක් නම් ජීවිතෙන් වංදි ගෙවලා ඇත්ද...ඒ මැරකම් නිසා කී දෙනෙක් මහ උලු ගෙදරට යන්න ඇත්ද...වැඩක් පලක් කරන්න අත පය ඉතුරු වෙලා තියෙද්දිත් උන් තෝර ගත්තෙ කලු සල්ලි වෙනකොට....එක අතකින් මේ වගේ රටක් ඇතුලෙ එහෙම දේවල් පස්සෙ මිනිස්සු පන්නන එක තවදුරටත් පුදුම වෙන්න කාරණයක් නොවුනා.....
අනිවාර්යයෙන් ඔය පන්නනවා ඇත්තේ ඕකුන්ගේ බූදලයක් හොරෙන් උස්සපු එකෙක් පස්සෙ වෙන්න ඇති ....නැත්තන් උන් කා පස්සෙ පන්නන්නද?...
ලග ලගම උන්ගෙ සද්දෙ ඇහෙනකොට මගේ ඇස් පවා මටත් නොදැනිම ඒ පැත්තට දිව්වා...උන් එනවා..මං කිව්වා හරි ..හයිය හත්තිය තියෙන මැරටො වගයක් ...ඇට ගැහිලා ඉන්න පුංචි කොල්ලෙක් පස්සෙන් එලවගෙන එනවා ..ඒත් ඒ රූපේ මං කොහෙදි හරි දැකලා පුරුදුයි...ඔවු..ඒ..ඒ එයා...එදා මං දැකපු කලු තොප්පි කාරයා...වෙනසක් නෑ අදත් ඒ තොප්පිය ..කොලු ගැටයගෙ මූණ හැංගුවා....කොලු ගැටයෙක් කිව්වට මූත් මගේම වයසෙ විතර ඇති...ඒත් තිබුනෙ වයසට වඩා ලාබාල පෙනුමක් ....
උන් කොල්ලගෙ පස්සෙන් පන්නනවා...උන්ට ගානක් නෑ මං මෙතන ඉන්නවා කියලා....කෝච්චිය ලග ලගම එන නිසා මං රේල්පාර පනින්න හැදුවා වගේම....මගේ ඇගේ වැදීගෙන අර ආපු කොල්ලත් රේල් පාර පැන්නා.....ඌ වැදුන පාර සැර වැඩි නිසා...මමයි කොල්ලයි බෑවුම දිගේ පහළට රෝල් වෙලා ගියා....උගේ වාසනාව කෝච්චිය ඒත් එක්කම ආපු නිසා කොල්ලා පස්සෙ පන්නපු උන්ට බැරි උනා කොල්ලව අල්ලගන්න.....
පහලට රෝල් වෙලා ආපු මම හිටියෙ මුහුදු වැලි නාගෙන...අර කොල්ලා මගේ ඇග උඩ...මොනා නැතත් උගේ බෙල්ලෙ එල්ලෙන මාලෙ මගේ කටේ වැදෙනවත් එක්කම ඒ මාලෙ තිබුනෙ තනිකරම මලකඩ රසක්....
අදුරෙ මුකුත් හොයා ගන්න බැරි නිසා...මං මගේ phone එක ගන්න හැදුවත් මොකද....තාමත් මගේ ඇග උඩ වැටිලා ඉන්න කොල්ලා නිසා මට හෙලවෙන්න වත් බැරි...උනා..ඌ බය වෙලාද කොහෙද?
ඒත් තත්පරයක් ගියේ නෑ...මගේ ඇග උඩින් නැගිටපු කොල්ලා....මාවත් නැගිට්ටවලා අතෙන් ඇදගෙන ගියේ වෙන කිසි දෙයක් මටත් හිතා ගන්න බැරි වෙද්දි....මේ කලුවරෙ මූ දුවන්නේ කොහොමද ...මේකා නිශාචරයෙක් වත්ද?....
කොල්ලා දුවනවා....මගේ අතත් තදට අල්ලගෙන ඌ මාවත් ඇදගෙන වෙරළ දිගේ දුවනකොට....තාමත් රේල් පීලි උඩ දුවන කෝච්චියේ සද්දෙ....මුලු පරිසරේටම එකතු කලේ ඝෝෂාවක්....
මීටර් ගානක් මාවත් ඇදගෙන දුවගෙන ආපු කොල්ලා වට පිට බලලා ගල් කුලක් අස්සෙ හැංගෙන්න මාවත් ඇදගෙන යනකොට...කර කියාගන්න දෙයක් නැතුව මාත් ඒ පස්සෙන් ඇදිලා ගියා....වෙනසක් නෑ ඒ තොප්පිය තාමත් ඒ මූන වහගෙන.....
"කලු තොප්පිකාරයෝ මොකටද මාව ඇදගෙන දුවගෙන ආවෙ...තමුසෙගෙ ඔලුව කොහෙ හරි වැදුණද...?"
"ෂ්ෂ්ෂ් කෑ ගහන්න එපා උන් මැරයෝ....උන්ට මහත්තයා දැක්ක ගමන් තේරෙනවා මහත්තයා සල්ලි කදක් කියලා....ඉතිම් උන් මහත්තයාට මොනා හරි කරන්න දෙපාරක් හිතන්නෙ නෑ....මට සමාවෙන්න...මට ඕනි උනේ නෑ මගේ පස්සෙන් පන්නගෙන ආපු උන් නිසා තවත් ජීවිතයක් නැති වෙනවා බලන්න...ඔයාට ටික වෙලාවක් ඉදලා මෙතනින් යන්න පුලුවන් ...."
එයා කියවනවා නිමක් කොනක් නැතුව එයා කියවනවා...ඒත් හරි කලබලෙන් වට පිට බල බල...ඒත්...ඒත් ඒ කටහඩ මට ගොඩක් හුරුයි...ඒ..ඒ මගෙ..තී.නු.ගෙ.....
නෑ මට හිතන්න ඉඩක් නොතියම කලු තොප්පිකාරයා අමාරුවෙන් නැගිටිනකොට....මාත් ඉදගෙන හිටපු තැනින් කලබලෙන් නැගිට්ටා...ඒත් එයා ඒ තත්පරේම තප්පරෙන්ම දාගෙන හිටපු තොප්පිය ගැලෙව්වේ මෙච්චර කල් මුහුද පැත්තට යොමු වෙලා තිබුන ප්රදීපාගාරෙ එලිය ගොඩ බිම පැත්තට වැටෙනකට....
ඒත් ඒ රූපෙ දැකපු ගමන් මගේ මුලු සර්වාංගෙම හීතල වෙලා ගියා වගේම මටත් ඉඩක් නොතියා එයා පණ නැතුව මගේ ඇගට වැටුනා....ඒ වෙලාවෙ මගේ කටෙන් පිට උනේ එක වචනයයි...ඒ...
"ති..ති...තීනු...?"
_______________________________________________
ආහ් සංකුට්ටනේ ...ඉතිම් කොහොමත ...🌝💗...
මං කිව්වනෙ ඉස්සරහට රස වැඩී කියලා.....ඔන්න කලු තොප්පිකාරයා ආයෙත් ආදිට හම්බ වුනා...🌝✨️....
මැරයො එයාගෙ පස්සෙන් පන්නන් ආවෙ ඇයි ? එතකොට තීනු මැරයො ලග ඉන්නෙ කොහොමද?...
ඇත්තටම ඒ තීනුද? 😳 එතකොට එයා ආදිව දාලා ගියේ නැද්ද?
එතකොට එදා තීනු විදියට හිටියෙ කවුද?...
හැම ප්රශ්නෙකටම උත්තර ඉස්සරහට 🌝💗✨️
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net