විසි එක්වන රැල්ල 💛✨️🌊

Background color
Font
Font size
Line height

"සර් ...සර් කියන්නේ අපි එයාලත් එක්ක බිස්නස් ඩීල් එකක් ඇති කරගන්න ඕනි කියලද..? එයාලගෙ company එක දැනටමත් මේ field එකේ ඉස්සරහෙන් හිටියට..අපි ඒ ගොල්ලෝ ගැන කිසිම තොරතුරක් දන්නෙ නෑනෙ සර්... ඒ නි..."

"Oh god enough now.. ර.ෂි.නි. මං කියපු දේ විතරක් කරනවා අයිසේ....මෙතන තීරණ ගන්නෙ මමද? නැත්තම් ඔයාද ? මේක මගේ අවසාන තීරණේ....ඒක නිසා මං කියපු දේ විතරක් කරනවා...did.you.under.stad ?

"O...ok sir...sorry..."




සුපුරුදු පරිදි මං අදත් හිටියෙ මගෙ කම්පැණි එකේ ...නුවර ඉදම් කොළබ ඇවිත් මං දැන් මාසයකටත් වැඩි...කොච්චර හිතෙන් කඩාගෙන වැටුනත් මට සිද්ද උනා අම්මා අප්පච්චි වෙනුවෙන් අමාරුවෙන් හරි මගේ හුස්ම ගැටගහගන්න...උදේ පාන්දර ඔෆිස් එකට කඩාගෙන වැටුණ රෂිනි මගේ කේන්තිය අවුස්සනකොට...රෂිනිව එලවලා දාලා මං ගියේ මගේ ඔෆිස් එකේ තියෙන ලොකු වීදුරු ජනේලෙ ගාවල...නඉමක් කොනක් නොපෙනෙන නිල් පාට මුහුද හරි සාමකාමීව රැළි ගහනවා....හරියට එයාව ස්වභාදහමෙන්ම නිදොස් කොට නිදහස් කරලා වගේ......

ඒ අස්සෙ මං දැක්කා කලු පාට කැප් එකක් දාගෙන ආපු මගේ වයසෙ විතර කොල්ලෙක් මොකක්දෝ දේකට හොට ගල් අහුලනවා...අනිවාර්යයෙන් ම කුඩු විකුණන්න වෙන්න ඇති...ලංකාවෙ නීති කොච්චර දැම්මත් මේ වගේ උන්ට පුලුවන් උනා ඒ නීති තඹේකට වත් ගණන් නොගෙන තමන්ගෙ ජාවාරම් කරන්න....

වැරහිලි ඇදගෙන හිටපු කොල්ලා..පෙනුමෙන් සුදු උනත් ..කැප් එක නිසා ඒ මූණ මොන වගේද කියලා අදුරගන්න බැරි උනා...මං කිව්වා හරි ටික වෙලාවකින් බයික් එකකින් එතනට ආපු තවත් දෙන්නෙක් පුංචි කලු පාට මල්ලක් අර කොල්ලාගෙන් උදුර ගෙන සාක්කු වලට දාගත්තෙ වට පිට බල බල...

ඒත් නැහැ...උන් එතනින් නැවතුනේ නෑ...මේ සක්කිලියන්ට ඇහැට කනට පේන රූපයක් තිබුනොත් ඇති අත පත ගාන්න....උන් අර කොල්ලව එහෙන් මෙහෙන් අත පත ගාන්න තියා ගත්තෙ...කොල්ලා කරන්න දෙයක් නැතුව අසරණ වෙනකොට....පවු ඌ ඉත්තෙක් වගේ මුන් පාවිච්චි කරනවා....වැරහිලි වලින් හැඩවෙලා හිටපු කොල්ලගෙ ඇග පුරාවටම මඩ පැල්ලම් කියලා දුර තියාම මට පෙනුනා...දවස් ගානකින් හරි හමන් කෑමක් නොලැබුන අසරණයගෙ ඇග ඇදිලා ගිහිම්...උන් තමන්ගෙ වැඩ වලට ඉත්තො පාවිච්චි කරන්නෙ මෙහෙම ...එතකොට කවුරුත් හිතන්නෙ නෑ උන් කුඩු බිස්නස් කරන අය කියලා...සමාජෙ ඒ විදියට ඇද පැළදගෙන ඉන්න උන්ව දකින්නෙ හිගන්නෝ ගානට වෙනකොට උන්ට පුලුවන් උනා ඒකෙන් වාසි අරන් කලු සල්ලි හොයන්න....

අර සක්කිලියො ටික කොල්ලව එහට්ට ඇදගෙන ගියා...කස්ට නොපෙනුනත් ඒ සිද්දිය ගොඩනැගිල්ලක් උඩ ඉන්න මට පේනකොට...කුඩු අරන් යන්න ආපු එකෙක් කොල්ලව කිස් කරන්න යද්දි මගේ අත මිට මෙලවුනේ ඉබේටම...ඒත් නෑ උන්ට ඒ දේ කරන්න පුලුවන් උනේ නෑ...ඒත් එක්කම ආපු හැඩි දැඩි මනුස්සයෙක් අරූව ඇදලා අරගෙන කම්මුල් පාරක් ගැහුවෙ තොප්පිය දාගත්ත කොල්ලා පැත්තකට කරන ගමන්...ඌ මොනාද කියනවා අරුන්ට බැනලා...මං දැක්කා තොප්පි කොල්ලව තමන්ගෙ පැත්තට හරවගෙන මොන මොනාදෝ අහනවා...ඒත් කොල්ලා කලේ හැමදේකටම ඔලුව හොල්ලන එක විතරක්ම වෙනකොට...අර ආපු මනුස්සයා කොල්ලවත් එක්කගෙන එතනින් යන්න ගියා...

ඒ කොල්ලා වාසනාවන්තයි..මැරයො ගොඩක හැදිලා වැඩිලත් උට වාසනාව තියෙනවා ආදරේ ලබන්න...මෙච්චර වෙලාවක් අත් බැදගෙන සිද්දිය දිහා බලන් හිටපු මම සිහියට ආවෙ මගේ phone එක රින්ග් වෙද්දි....

"හෙලෝ නෙතූ කියන්න....''

"ආදියෝ...අද dinner එකට මෙහෙ එනවා නේද ...අම්මි එහෙම නම් දැන් ඉදන්ම මෙහෙ...ඔයයි,චතීෂ අයියයි විතරයි අඩු...අනිවා එන්න ඈ...නැත්තන් උබව හම ගහනවා...."

"ම්ම්..එන්නම්.."

එහෙම කියපු මම phone එක කට් කරලා දැම්මා...අද නෙතූගෙයි යොහාන් අයියාගෙයි දෙවෙනි ඇනිවසරි එක...තීනු නැති උනාට පස්සෙ...සතුටු හිතෙන තැන්වල කවුරුත් පාර්ටි දාලා සතුටු නොවුනත් ..හැමෝම පුරුදු උනා විශේෂ වෙලාවල් වල එකට එකතු වෙන්න....හරියට අද වගේ .....අපේ පවුල,යුවේන්,ශෙනාල්,අනූ,චතීෂ,නෙතූ,යොහාන් අපි හැමෝම අද එකට ඒක හරි ආදරණීය හැගීමක්...

*
*
*
*
*
"ටසිරි සෙනාල් සෙනාල්...මිනිහෝ මෙහෙ වරෙන්කෝ...මෙන්න උබේ හොර මිනිහා ඇවිත්..වරෙන් සෙනාල් වරෙන්...."

නෙතූලගෙ ගෙදර එක කාලගෝට්ටියයි...එළියට ඇහෙනවා කතා සද්දෙ...මං ගෙට ඇතුල් වෙනවත් එක්කම මාව දැක්ක යුවේන් මල්ලි ශෙනාල් මල්ලිට කතා කලේ හොර මිනිහා කියන විශේෂන පදෙත් කියන්න අමතක නොකර....

"ආච්චිට හික්කඩුවෙ යන්න මා බොසාහ් ආවද...එන්න අයියේ ඇතුලට මුට පිස්සු...අපි කොහෙද අනේ හොර මිනිස්සු උනේ නේද...මං ඔයත් එක්ක එකගෙයි කනවා ආදි අයියේ..බබා එහෙම හොදයි නේද?..."

"අනේ...උබට හෙනම ගහපන් ....එකක් නෙමෙයි හෙන හතක් ගහලා කෙලෝලාම පලයන් ගල් මූසලයා...''

එහෙම කියපු යුවේන් ශෙනාල්ට දොස් තිය තිය අඩි හප්පන ගමන් ගේ ඇතුලට ගියේ මගේ හිනාවටත් ආයෙ හුස්ම ගන්න ඉඩ හදලා දෙන ගමන්...

අනූ ටීවි එක ඉස්සරහා...චතූ අයියා සෝෆා එකේ ඉදගෙන මොනාද මංදා කනවා ...යොහාන් අයියගෙයි නෙතූ අයියගෙයි සද්දෙ කිචන් එක පැත්තෙන් ඇහෙනකොට මං එනවා දැකපු අනූ නංගි මුලු ගෙදරටම දුන්නේ එක අඩබෙරයයි හැමෝගෙම අවධානෙ මට යොමු වුනේ තත්පර කීපෙකින්...

"අම්මට සිරි ....තාත්තට ආසිරි කිව්වලු අඩෝ ආදි ආවද උබ...අනේ මේ උබට ඉදගන්න කියන්න වෙලා නෑ...ඒක නිසා මෙන්න මෙහෙන් ඇවිත් ඉදගනිම්...ගල් බමුනා වගේ හිටගෙන ඉන්නෙ නැතුව....අර පැත්තට නම් යන්න එපා වැඩිහිටි සංගමේ රැස් වෙලා ඉන්නෙ...."

"යෝහ් ...මොකක්ද බබා ඔයා ඔය කතා කරන විදිය...හරියට කතා කරනවකො..."

"ඇයි ඇයි යොහාන් අයියේ මොකත..ඇයි තෞසෙත් යාලුවොත් එක්ක එහෙමනෙ කතා කරන්නේ මං කතා කරා කියලා මොනා වෙනවද...අනූ උබ ඔය ටීවි එක ඉස්සරහ තපස් රකින්නේ කන්න ආවනම් මෙන්න මෙහෙ වරෙන් මට උදව් කරන්න...."





එහෙම කියපු නෙතූ අනූවත් ඇදගෙන ආයෙ කිචන් එකට ගියේ..යොහාන් අයියටත් අපිත් එක්කම ඉන්න කියලා කියන ගමන්...

*
*
*
*
*
කාලා බීලා හැමෝම සාලෙට එකතු වෙලා..වැඩිහිටි පාර්ශවේ නම් වේලාසනින්ම ගෙදර ගියේ ...අපිත් එක්ක ඉන්න බැරි කමටද මන්දා...

කෑවා කියලා නෑ...නෙතූගෙ අතේ චොක්ලට් බාර් එකක්,අනූගෙ අතේ ඇපල්ගෙඩියක් මදිපාඩුවට යුවේන් මල්ලිත් පොප්කෝන් කප් එකක් උස්සගෙන ඇවිත් ඉදගත්තේ බොටම් සංගමේට උපරිම සහයෝගය පල කරන ගමන්...

"ආදි මල්ලි ...."

"ම්ම්ම්...."

"අපි හැමෝම ඉස්සරහට යනවා ...හැම දේකින්ම ඒත් උබ තාම එකම තැන...මං විතරක් නෙමෙයි උබට මේක කියන්නෙ..තීනු මල්ලිගෙ අම්මයි අප්පච්චියි කිව්වා උබට මේක කියන්න කියලා. .මොකද ඒ මනුස්සයෝ දෙන්නට හයියක් නෑ හිත හදාගෙන උබට ඒ දේ කියන්න...."

"අතීතෙ ජීවත් උනා කියලා අනාගතේ වෙනස් කරන්න බෑ බන්...ඒක නිසා නරකද වෙන තැනකින් අපි මැරේජ් එකක් බැලුවොත්.."

"ම්ම්ම්...අපි බලමු..."

ඒ යොහාන් අයියා එයා කියනවා දැන් සෙට්ල් වෙන්න කාලෙ හරිලු..ඒක ඇත්ත දවසින් දවස මං වයසට යනවා...ඒත් තාමත් මගේ තීනුගෙන් පිට ලෝකයක් මට දකින්න බැරි වෙනකොට මං වචන තුනකින් උත්තර දුන්නා....ඒක හැමෝම තේරුම් ගත්ත නිසා මද කොහෙද ආයෙ කවුරුත් ප්‍රශ්න කරන්න ගියේ නෑ....

අපි හැමෝම හිටියේ ටීවි එක ඉස්සරහ...මම බිම ඉදගෙන මාව තනි කරන්න බැරි කමටමද කොහෙද යුවේනුයි,ශෙනාලුයි මගේ දෙපැත්තේ....අනු නම් දැනටමත් චතීෂ අයියගෙ උරහිස උඩ නින්දේ....නෙතූ චොක්ලට් එකක් කකා යොහාන් අයියගෙ උකුල උඩ මුනින් අතට පෙරලිලා...

යොහාන් අයියා අහපු ප්‍රශ්නෙත් මගේ උත්තරෙත් එක්ක ටික වෙලාවකට හැමෝම නිහඩ වෙද්දි ආයෙත් ඒ නිහඩතාවෙ බිදලා දැම්මෙ යුවේන් මල්ලි....

"යෝහ්..මොකද අප්පා මල කදන් වගේ ...නැකිටපියව්කෝ...ඔන්න මං ඔයාලට කතාවක් කියන්න යන්නෙ හොදේ..."

"මේ සෙනාල් ඉන්නවා නේද සහෝදර සහෝදරවරුනි මූ ඒ කාලෙ හෙන ඇම්ඩා...මේක ලස්සන ටීච කෙනෙක් හිටියොත් ඒ කාලෙ පුප දීගෙන හි..."

"බබා ගුටි නොකා ඕක නවත්තපිය...."

"අහ්..ඇයි ඇයි බය උනා හොදේ...අනේ සෙනාල් නිකම් හිටපන් ...ඇයි ඇත්ත කියනකොට රිදෙනවද..ආ...ආ සෙනාල්.."

"නෑ...නෑ උබට ඕන එකක් කියාගනිම්..."

මෙච්චර වෙලා එක එක වැඩ කර කර හිටපු අය හරි බරි ගැහිලා නැගිට්ටෙ ශෙනාල් මල්ලි කියන්න යන කතාව අහන්න වෙනකොට...මං දැක්කා චතූ අයියා නිදාගෙන හිටපු අනූවත් නැගිට්ටවනවා...

"ඔයාලා දන්නවනෙ ඉතිම් අපි මේ දැන් මේම හිටියට සූටි කස්ලෙ හොද යාලුවෝ කියලා..."

"ඔන්න එක දවසක් සිගිති පොලක් තිබුනා හරිද..මේකා පොල් ගෙඩි ගෙනත් තිබුනා...මුගේ ඔලුව අත ගාලා අප්පච්චි කියලා ගියේ පුතේ එක ගෙඩියක් 50 ට විකුණපන් කියලා...."

"ඔන්න ඒ කාලෙ හිටියා හරිද පට්ට ලස්සන කෑල්ල වගේ මිස් කෙනෙක් ..ඔන්න මිස් ඇවිල්ලා ඇහුවා...පුතේ පොල් ගෙඩියක් කීයද පැටියෝ කියලා..."

"මුටත් මොකද මේකටත් ඉතිම් එදා ඉදම් මෝල් අමාරුවනේ...මේකා චුට්ටක් ඇඹරිලා විත්තයි මිත් කිව්වා..."

"අනේ මූ මේ දැන් නහර පුප්පප් කෑ ගැහුවට මුට කලින් හරියට කතා කරගන්න වත් බෑ...".

"බබා ඕක නවත්තපිය..."

"තවුසෙ හිටපිය සෙනාල් මැදින් දෙන්නෙ නැතුව..."

"මොකක්ද මං කියව කියව හිටියේ...ආ හරි...ඔන්න ඊට පස්සෙ මැඩම් කිව්වා අනේ පැටියෝ 50 ට නම් ගන්න වෙන්නෙ එක ගෙඩියයිනේ...විස්සට දුන්නොත් මං ගෙඩි දෙකක්ම ගන්නවා කිව්වා..."

"මූ ...ගොනා ...මේකා තනිකර ගොනා..ඊට පස්සෙ මූ විස්ස ගානෙ පොල් ගෙඩි දුන්නා හරිද?...ඊට පස්සෙ මේකාගෙන් මං ඇහුවා...තවුසෙට පිස්සුට දැන් අප්පච්චි බනී එතෝට මොනාද කරන්නේ...තවුසෙ රුපියල් හතළිහකින් මොනා කරන්නද කියලා....."

"ඊට පස්සේ මේකා කිව්වා මං ඒක විකිනුවේ අතේ ගහන අඩි රූලක් ගන්න...මං යනවා දැන් අතේ ගහන අඩි රූලක් ගන්න කියලා..."

ශෙනාල් මල්ලිගෙ මූණ රතු වෙලා හැමෝම එකතු වෙලා හිනා වෙනකොට මාත් ඒ හිනාවට එකතු උනා...ඒත් මෙච්චර වෙලා කට පියාගෙන හිටපු නෙතූ කට ඇරියෙ එතකොට...

"අයියේ අඩිරූලෙන් අතේ ගහන්නේ කොහොමද? ඒ මොන ජාතියේ අඩි රූලක්ද....."

නෙතූ අහපු ප්‍රශ්නෙත් එක්ක හැමෝම නෙතූ දිහා බැලුවෙ ඇස් පොල් ගෙඩි ඩයිස් කරගෙන...අවසාන කෑල්ල කියන්න නොදී යොහාන් අයියා නෙතූගෙ කට අත් දෙකෙම් වහ ගත්තෙ ආපු ලැජ්ජාවටද මන්දා...

මෙච්චර වෙලා නෙතූ දිහා බලාගෙන හිටපු හැමොම එක පාරම හිනා වෙන්න මටන් ගත්තා...

"බ්..බ්ව..අ..ත්..බ්බ්..ව්බ්බ්..අතෑරපිය මනුස්සයෝ කට..."

"තවුසෙ මගේ කට වහගත්තෙ මොන මගුලකටද ..ඇයි කලිම් තවුසෙගෙ කාමරෙමුත් වෙරලු මල් සුවදක් ආවේ...."

නෙතූ එච්චරමයි කිව්වේ යොහාන් අයියගෙ කන් පවා රතු වෙලා ගියා....

"අඩෝ..අන්න යොහාන් අයියගෙ නම්බුව ඉස්සරහ දොරෙන් දුවනවා අල්ලගනිවු...අඩෝ මට බෑ..සෙනාල් මාව කොනිත්තපන් හීනයක්ද කියලා බලන්න ..."

හැමෝම බඩවල් අල්ලගෙන හිනාවෙනවා...කාලෙකට පස්සෙ මටත් පුලුවන් උනා ආයෙත් හිනා වෙන්න...ඒත්.. ඒත් එක්කම අනූ නංගි...

"චතූ අයියේ අඩිරූලෙන් ගහනකොට කැපෙන්නෙ නෑද චතූ..."

ආච්චිට හික්කඩුවෙ පලයම් කිව්වලු...මෙච්චර වෙලා හිනාව පාලනය කරගෙන හිටපු හැමෝම ආයෙත් බඩවල් අල්ලන් හිනා උනේ අනූ අහපු ප්‍රශ්නෙත් එක්ක වෙනකොට...චතූ අයියා අනූවත් ඇදගෙන අඩෝ අපි යනවා බන් කියලා ගෙදර යන්න ගියා...ලැජ්ජාව බාල්දියෙන් එකයි...

ශෙනාල් මල්ලියි ,යුවේන් මල්ලියි දෙන්නත් යන්න ගියා...අවසානෙට මාත් ලෑස්ති උනේ ආයෙත් යන්න...

"ආදි...මං කියපු දේ ගැන චුට්ටක් හිතලා බලපන් මචන්..උබේම හොදට කියන්නේ..."

"ම්ම්ම්"

"දැන් ආයෙත් ඔෆිස් එකටද යන්නේ...?"
.
"ම්ම්ම්..ගෙදර ගිහින් ආයෙ එන්න වෙලාවක් නෑ...ඒක නිසා කලම්බො යනවා..."

"ම්ම්..එහෙනම් පරිස්සමට පලයම් කොල්ලෝ...."

නෙතූටයි,යොහාන් අයියටයි සමු දීපු මම ආයෙත් කොළඹට එන්න පිටත් උනා....





_______________________________________________

ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️




You are reading the story above: TeenFic.Net