සත් වසරකට පසු
ආයේ එන්න පණ මාගේ ...
ආදරේ අරන්....
ජීවත් වෙන්න බෑ වාගේ...
පාලුවේ තවත්....
කදුලැල් මවා නෙතේ...
මොනවාද අත් උනේ...
පවසන්න ඇයි මෙසේ...
සෙනෙහස තාමත් නොලැබුනේ....
හද එළිය විතරක් මගේ කාමරේ පාලුව නැති කරලා...තාලෙට කම්පනය වෙන ගිටාර් එකේ තන්තු ආයෙ ආයෙ මගේ හිතේ වේදනාව පාරනකොට සුපුරුදු විදියටම අදත් මං සුපුරුදු බෙහෙත් අහුර මගේ අතට ගත්තා....ඒත් එක්කම මං පිට කළේ දිග හුස්මක්...
2011.03.15
තීනු උබ දන්නවද මැණික...උබත් හරියට හද වගේ...පුංචි එවුන් කොච්චර හද ඉල්ලලා කෑ ගැහුවත් ..උන්ට බෑ හදව ලබාගන්න...උබේ ආදිත් අන්න ඒ වගේ...මමත් මේ අවුරුදු හත පුරාවටම කරන්න ඇත්තෙ..උබව ඉල්ල ඉල්ල අඩපු එක...ඒත් උබ කවදාවත් ආයෙ මං ගාවට ආවෙ නෑ...උබේ ආදි එදා මතක එක්ක මැරී මැරී ජීවත් උනා...අදත් උබේ ආදි මතක එක්ක හුස්ම අල්ලනවා...ඒ වගේම හෙටටත් උබේ ඒ ලස්සන මතක මගේ හිතේ හරි ලස්සනට තියේවි...
උබ හොදින් ඉන්නවා නේද? උබට මගේ අප්පච්චිව හම්බ උනාද...? උබ දන්නවද මීට අවුරුදු හයකට කලිම් උබේ රිසාල්ට්ස් ආවා...උබ A3 අරන් මැණික ...නිකන් නෙමෙයි ...මුලු දිස්ත්‍රික්කෙම පළවෙනියා වෙන ගමන්......ඒ වගේ දවසක උබ හිටියනම්...මම ,අම්මා,අප්පච්චි උබව තුරුල් කරගෙන ඉබී නේද රත්තරන් ?...ඒත් එදා අපි හැමෝගෙම ඇස් වලින් වැටුනෙ කදුලු විතරයි මැණික....කාත් කවුරුවත් නොදැන හිටපු උබව මුලු රටම කතා කරන මාතෘකාවක් වුනා...ඒ මිනිස්සු පවා අහස පොළොව නුහුලන ඒ අපරාදෙට මහ මුහුදට සාප තිව්වා රත්තරං ....
උබ ජීවත් වෙලා හිටියනම්...අපි දෙන්නටම එකට සතුට සමරන්න තිබුනා...උබට,මට,නෙතූට එකට කැම්පස් යන්න තිබුනා...ඒත් ඒ හැම හීනයක්ම ආදිගෙ මේ ඇස් පනාපිටම දිය වෙලා ගියා රත්තරන් ....
උබේ ආදිට දැන් අවුරුදු විසි පහක්...උබේ ආදි එන්න එන්නම වයසය යනවා රත්තරන් ...ඒත් උබේ මතක එක්ක මැරි මැරී හුස්ම අල්ලනවා...
උබේ හීන දැක්කා නේද මැණික කවදාහරි දවසක උබයි මමයි..අප්පච්චිගෙ කම්පැනි එක බාර අරගෙන වැඩ කරනවා බලන්න...උබ දන්නවද මැණික..ඒ හීනෙ හැබෑවෙලා...හැබැයි භාගෙට...මොකද උබ ඒ හීනෙ ඇතුලෙ අද හුස්ම අල්ලන්නේ නෑ ....
ඒ වුනාට..ඒ උනාට උබේ හිනාවෙන් පිරුණ ලොකුම ලොකු photo එකක් මුලු කම්පැනි එකම අයිති කරගෙන මැනික...උබ හැමදාම මං කම්පැනි එකට එනකොට මා එක්ක හිනා වෙනවා මැණික....
උබ දන්නවද? මම කම්පැනි එකේ නම පවා වෙනස් කලා A&T (pvt) ltd... උබෙයි මගෙයි අකුරු වලින් ඒ නම හැඩ වෙලා...අද ඒ කම්පැනි එක මුලු ලංකාවක් දන්න කම්පැනි එකක් වෙලා....
මේ අවුරුදු හත පුරාවටම ගොඩක් දේවල් සිද්ද උනා රත්තරන් ...උබේ අම්මා හැමදාම උබ නිසා කදුලු බිම හැලුවා...මේ ආදි පිස්සෙක් වගේ හැමතැනම උබව හෙව්වා...ඒත්..ඒත් උබ අපි හැමෝවම දාලා ගිහිම් මැණික...උබේ අප්පච්චි නොහිටින්න...උබේ අම්මයි මේ ආදියි දෙන්නත් අද හුස්ම අත ඇරලා....
මැණික...මං දන්නවා උබ මගේ දිහා බලාගෙන ඇති කියලා...මගෙ තීනු දන්නවද...හැමෝගෙම ජීවිත ඉස්සරහට යද්දි...උබේ ආදි විතරක් එක තැනක නැවතිලා...නෙතූ උබේ යාලුවා අද උබ නිසා හිනා වෙලා ඉන්නවා...දන්නවද නෙතුයි යොහාන් අයියයි මැරි කලා .....ඒත් මගෙ තීනු දන්නවද? නෙතූ එදා හිනාවෙනවට වඩා කලේ අඩපු එක...උබව මතක් කර කර ඒ අහිංසකී ඇඩුවා රත්තරන් ...උබේ ආදිට වගේම උබේ යාලුවාටත් අමාරුයි උබ සදහටම ගියා කියලා හිත හදාගන්න...උබ දන්නවද මැණික..අවසානේ නෙතූ වෙඩින්ග් එක දවසෙම උබේ photo එකක් ලග තියාගෙන ඒ photo එක එක්ක photos ගත්තා...
තීනු දන්නවද?යුවේන් මල්ලියි,ශෙනාල් මල්ලියි දෙන්නා...මගෙ තීනුම නේද කිව්වේ ආදරේදි කොච්චර බාධා ආවත් අල්ලගෙන ඉන්න කියලා....ඔයා දන්නවද තීනු...උබව නැති උනා කියලා දැන ගත්තට පස්සෙ යුවේන්,අනූ,ශෙනාල් කොච්චර ඇඩුවද කියලා..ඒ පොඩි උන් තුන්දෙනා මට ගැහුවා මැණික ...මං උන්ට බොරු කරනවා කියලා...යුවේන් මල්ලියි ශෙනාල් මල්ලියි එන්ගේජ් උනා මැණික .....මෙහෙදි නෙමෙයි US වලදි...තීනු දන්නවද අපිට වගේ නෙමෙයි එයාලට එයාලගෙ ගෙවල් වලින් ගොඩක් ප්‍රශ්න ආවා...ඒත් උන් දෙන්නා අතෑරියෙ නැහැ...අවසානේ ඒ දෙන්නටත් පුලුවන් උනා මැණික ආදරේ ඇතුලෙ දිනපු චරිත දෙකක් වෙන්න.....
උබ දන්නවද? මගෙ තීනු ගොඩක් කැමතී නේද ...චොක්ලට් කේක් කන්න....අනූ හැමදාම උබේ birthday එකට චොක්ලට් කේක් හදනවා මැණික....එදාට එක එක කෑම හදලා අනූ උබේ photo එකක් වටේට තියෙනවා...අනූත් දැන් යුනි යනවා...මේ අවසාන අවුරුද්ද...ඒ වැඩ ඉවර උන ගමන් චතීෂ අයියත් අනුත් එක්ක ඉක්මන්ටම සෙට්ල් වෙයි....
උබ දන්නවද මැණික..මේ ආදිට නොසෑහෙන්න සතුටුයි...මගේ උන්ට හරියනකොට මට නොසෑහෙන්න සතුටුයි...ඒත් මගෙ තීනුට මතකද ආදි නෙතූට කිව්වා....කලුවර අහසට කොච්චර තරු තිබුනත් මදි...අහසෙ පාලුව මකන්න හද ඉන්නම ඕනි කියලා...මේ ආදිටත් ඒ වගේ මැණික...ආදිගෙ වටේ පාලු මකන්න තරු ගොඩක් ඉන්නවා...ඒත් හද නැහැ...එයා නොයෙන්නම යන්න ගිහිම්...
උබේ හුරතල් කතා...ඒ හිනාව නැතුව මුලු ගෙදරම පාලුවට ගිහිම්...උබ කිව්වා නේද මැණික විභාගෙ ඉවර උන ගමන් දළදාව වදින්න යන් කියලා...එහෙම කියපු උබ අද කොහෙද මැණික...උබ දන්නවද? එදා ඉදම් අද වෙනකම් මං දළදාව වදින්න ගියේ නෑ...මං ඉන්නවා මගේ තීනු එනකම් එකට දළදාව වදින්න යන්න....
මගේ තීනු එනවා නේද? ම්ම්ම්? මේ ආදි බලන් ඉන්නවා මැණික...
නුබගෙන් පැතුවානෙ මා...
දැනුනා වචනෙන් පවා....
තාමත් නුබෙ මතක මා...විදිනවා...
අයදින්නම් නුඹගෙන් මා සමා...
එනවා නම් තුරුලට මා සොයා...
තීනු දන්නවද?හැමෝගෙම ජීවිත වල තියෙනවා අමතක නොවෙන ඇස් දෙකක්...ආදිගෙත් එහෙමයි...ඒත් ආදිට ඒ ඇස් මග ඇරිලා ගොඩක් කල්...
මනුස්සයෙක්ට අමාරු තවත් මනුස්සයෙක් නැතුව ජීවත් වෙන්න නෙමෙයි මැණික...ඒ මනුස්සයාගෙ ආදරණීය මතක මතක් කර කර ජීවත් වෙන එක තමා තියෙන ලොකුම භායානකකම...
බෙහෙත් වලට ලෙඩ හොද කරන්න පුලුවන්...ඒත් හිත් වේදනාව සනීප කරන්න පුලුවන් ...ඒ වේදනාවට මුල් වුන දේටම විතරයි....
ආදරෙයි මගෙ තීනුට...!! හැමදාමත් වගේ..❤️
අවසානෙ එහෙම ලියපු මං මගේ ඩයරිය වහලා දැම්මා... වෙනසක් නැහැ...ඒ මං හැමදාම ලියපු වචන....මගේ කදුලු වල රස බලන්න හිටියේ පුංචි පෑන් තුඩක් විතරක්ම වෙනකොට ....මං මගේ හැම වේදනාවක්ම ඒ පෑන් තුඩ හරහා අකුරු කෙරුවා....එදා වගේ නෙමෙයි අද මගේ ඇදේ එක පැත්තක් හිස් උනත්...එදා මගේ තීනු මට දීලා ගියපු ටෙඩියා මං හරි පරිස්සමට රැක්කා...මොකද ඒකේ තාමත් මගේ මැණිකගෙ සුවද තැවරිලා තිබුනා....
තීනු මං දාලා ගියපු දවසින් පස්සෙ මං මානසික පිස්සෙක් විතරක්ම වෙනකොට...අහුරු පිටින් බඩට ගිය බෙහෙත් වලින් මං මගේ පණ ගැට ගහගත්තා...ඇස් දෙක විතරක් හැමදාම නින්ද ඉල්ලනකොට මගේ හිත මටත් නොතේරෙන මොකක්දෝ දෙයක් එක්ක හැමදාම සටන් කලා...
තීනු උබ තාමත් හුස්ම අල්ලනවද පණ ?....
ඇයි ආදිට බැරි උබ ආදිව දාලා ගියා කියලා විශ්වාස කරන්න.....
*
*
*
ඒ අම්මා...ඒ තීනුගෙ අම්මා වගේම දැන් එයා මගෙත් අම්මා වෙලා....තීනුගෙ අම්මා මට පුංචි කාලෙදිම අහිමි උන අම්මගෙ උණුහුම මොන තරම් සනීපද කියලා ඉගැන්නුවා...මගෙ අප්පච්චි මාව දාලා ගියත්...තීනුගෙ අප්පච්චිට පුලුවන් උනා මදි නොකියන්න මට ආදරේ දෙන්න....වෙනදා වගේම මං බලාන හිටියෙ මගෙ තීනුගෙ පින්තූරෙ දිහා වෙනකොට කතා කරලා බැරිම තැන අම්මත් මාව හොයාගෙන ඇවිත්....
"ආ....."
එච්චරමයි අම්මට කියාගන්න පුලුවන් උනේ එයාට තේරුනා මං ඉන්න තත්වේ...
"ආදි...පැටියෝ...."
"ම්ම්ම්..අම්මා..."
"උබේ ඇස් වල කදුලු පිරිලා මැණික....හැමදාම කදුලු වලට ඔය ඇස් අයිති කරගන්න දෙන්න එපා රත්තරනේ ...මේ අම්මට හයියක් නෑ ඒ දිහා බලාගෙන ඉන්න...."
අම්මා කියනවා මගේ ඇස් වල කදුලු පිරිලලු...අම්මා කියන දේ ඇත්ත...මටත් නොදැනිම මගේ ඇස් වල කදුලු පිරිලා...වෙලාවක් කලාවක් නැතුවම කදුලු මගේ ඇස් අයිති කරගන්නවා....අම්මා එහෙම කිව්වත් මොකද දරා ගන්න බැරිම තැන ආයෙත් මගේ හඩ බිදිලා ගියා...
"අ..අම්මා..."
"අ..නේ අම්මා ආදිට තව ඉවසන්න බෑනෙ....තී.නු.ට එන්න කියන්න...කෝ අම්මා...අම්මා ද්..දන්නවද මේ ආදිට කොච්චර වේදනයිද කියලා...ආදිට දැනෙන්නේ...මුවහත් කරපු පිහියක්...මගේ හදවත් කෑලි වලට කපලා...ඒ කැපිලා ගි..ය පුංචි කෑලිවලට ලුණු ඉහිනවා වගේ හැගීමක් අම්මා...ම්..මට ගොඩක් රි..දෙනවා...ඇයි...ඇයි තීනුට බැරි උනේ .....මාවත් එක පා.ර මරලා දාන්න...මේ ආදි දැනටමත් සිය දහස් පාරකට වඩා මැරිලා ගිහිම් ඉවරයි...."
මං ඇඩුවා....වෙලාවක් කලාවක් බලන්නේ නැතුව ඇඩුවා...කතාවක් තියෙනවා නේද කොල්ලො අඩන්නේ හරි අඩුවෙන් කියල...ඒත් උන්ට දැනුන ආදරේ ලග උන් නොදරුවෙක් තරමට අසරණ වෙනවා...මගේ තීනු නිසා මං බිමට හලපු කදුලු කැට මහ පොලොවට පවා උහුලන්න බැරි තරම් බර ඇති....
"මගේ..මැණික නාඩා ඉදින්කෝ රත්තරනේ...මගේ රත්තරන් පුතා අරන් ආපු ආයුෂ ඉවර ඇති මැණික...එයා අපිව දාලා යන්නම ගියා පුතේ...අතීතෙ එක්ක ජීවත් වෙන එක නවත්තපන් පුතේ...අනාගතේ ගැන හිතන්න මගෙ පැටියෝ..."
"කෝ..දැන් ඔය කදුලු පිහිදගන්න...හැමදාම අඩලා අඩලා ලෙඩ වෙලා මේ අම්මටයි අප්පච්චිටයි උබවත් නැති කරන්න එපා ආදි එන්න...යමු කෑම කන්න...."
එහෙම කියපු අම්මා පුංචි හාදුවකින් මගේ නළල තෙත් කරලා යන්න ගියා....
_______________________________________________
අද කොටස ගැන අදහසක් කියන්න හොදේ බෝරින්ග් වගේද?...🥲💛
ඉවසලා ඉන්න ඉස්සරහට තමයි හොදම...❤️❤️❤️
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net