ආදරය කියන වචනේ තේරුම ඔයාලා කාගෙන්හරි මම ඇහුවොත් ඔයාලා කියාවී ආදරේ කියන්නේ පරිස්සම් කරන එක කියලා.. තවත් කෙනෙක් කියාවී ආදරේ කියන්නේ එයාව තේරුම් ගන්න එක එයාට හොදට සවන් දෙන එක කියලා..
අපේ එකෙක්ගෙන් ඇහුවොත් කියාවී වටේ යන බස් වලට අත දාන් ඉල්ලන් කන එක කියලා... ඒත් මට දැනෙන විදිහට ඒ දේවල් කියන්නෙම ආදරය නෙමෙයි..
සාජහන් මුම්ටාස් වෙනුවෙන් ටජ්මහල හැදුවෙ, රාම සීතා වෙනුවෙන් රාවණා එක්ක යුද වැදුනේ.. කුස රජ්ජුරුවො පබාවතී වෙනුවෙන් දුක් වින්දෙ.. සාලිය කුමාරයා අශෝක මාලා වෙනුවෙන් රජකම පවා අතෑරියේ.. මේ හැම පරිත්‍යාගයක් කලේම ආදරේ නාමය ඔප්පු කරන්නයි.. මන් කියන්නේ ආදරය කියන්නෙ පරිත්‍යාගය.. ආය ආපිට ආදරයක් දශමෙකින්වත් බලාපොරොත්තු නොවී ඒ කෙනාට මුළු පපුවෙන්ම ආදරය කරන එක.. පපුව පලලා දිගෑරලා පෙන්නුවත් එක හුස්මක් වෙනුවෙන් ගැහෙන එක...
සමීරයා යසිරු එක්ක නවතින්න උගේ ගෙදර යද්දි ෂෙහාන් තව කොල්ලො ටිකක් එක්ක රෑ ඉස්කෝලෙම නැවතුනා.. අම්මා අප්පච්චිගෙන් අඩුම කෝල් එකක්වත් නැති වෙන තැන මට සිද්ද උනා අද රෑටත් රුචිරු එක්කම නවතින්න.. හිතේ එක පැත්තක කියාගන්න බැරි දුකක් කැකෑරුනත් හිතෙ අනිත් පැත්තෙන් කියාගන්න බැරි සතුටක් මෝදු වෙන්න ගත්තා.. හිතේ දුකට හේතුව මේ දැනෙන තනිකම නම් ඒ තනිකම නිවන හේතුව රුචිරු උනා..
රුචිරුයි මමයි බස් එකෙන් බැහැලා ගෙදරට එන පාර දිගේ ඔහේ ඇවිදගෙන ආවා.. දැන් සමහරවිට දහයට විතර කිට්ටු ඇති.. මුලු ලේන් එකේම ගෙවල් අන්ධකාරෙන් පිරිලා තිබ්බේ මමයි රුචිරුයි විතරක් ඒ අදුර මැද්දේ තනි වෙද්දි.. ඔක්කොටම වඩා මේ සීතල.. අත් විතරක් නෙමෙයි දත් පවා හිරිවැටෙනවා අප්පා....
"රුචිරු"
"ම්ම්"
" ඔයාට සීතලද.."
"ටිකක්.."
"මගේ ලගට එනවද.."
"අනේ මේ ආස ඇති.."
" ආසයි තමා බන්.. වරෙන්කෝ ටිකක්..
උබව ඉඹින්න නෙමෙයි බන් එන්න කිව්වේ මටත් හීතල නිසා කරට අත දාගෙන යන්න.."
මන් දිහා තප්පරයක් විතර එයාගේ කෝපි පාට ඇස් දෙකත් හීනි කරන් හිටපු රුචිරු එක පාරටම ඇවිත් මට තුරුලු උනා.. මන් එයාව අවුස්සන්න විහිළුවට කිව්වා උනත් එයා ඇත්තටම මට ඇවිත් තුරුලු උනාම මගේ පපුවත් එක්ක ගැහෙන්න ගත්තා..
එයා ගාව හරි සුවදයි.. එයාගේ හුස්ම පවා හරි උනුහුම්... කාත් කව්රුවත් නැති පාලු පාරේ ඉතුරු වෙලා හිටියේ මමයි රුචිරුයි විතරයි..
ගෙදර ආව ගමන්ම මහ රෑ උනත් මන් නාගත්තා.. රුචිරු මේ රෑ නාන්න එපා කියලා බාත් රූම් එකේ දොරට ගගහා කොච්චර කෑ ගැහුවත් මන් මට නෙමෙයි ගානට සද්ද නොකර නා ගත්තා.. අන්තිමට මිනිහටම එපා වෙලා යන්න ගියාම දැන් තමයි සැනසීමක් කියන දේ දැනුනේ.. හරියටම වැහැලා පෑව්වා වගේ.. ඇති වෙනකම් හොදට නාලා ටවල් එකෙන් ඔලුව පිහිදදා උඩට මෙන්න මේකා අදත් ඉන්නවා පොත් මේසේට වෙලා පොතක් බදාගෙන..
eww හිච්චි ප්‍රොෆෙසර්.. හැබැයි අද මට පාඩම් කරන්න කියාගෙන ආවොත් නම් මාව මරලා කෑලි වලට කපලා හැංගුවත් පොතක් නම් අල්ලන්නේ නෑ.. ඇයි අප්පා උදේ පාන්දර ඉදලා මැරිලා මැරිලා ආය නිදාගන්න ටිකට පොත් බදාගන්න මුට පිස්සුද...
" සත්සර.."
" අනේ මගුල කතා කරන්න එපා රුචිරු මට නම් බෑ.."
අදත් මූ හදන්නේ හදන්නේ මාව නම්‍යා එක්ක හිරකරන්න යන්න.. අනේ මට නම් බෑ මේ ඉකෝන් පාඩම් කරන්න..
" මන් දන්නවා ඔයා බෑ කියනවා කියලා..
මන් මේ කියන්න හැදුවේ මම වැඩ කරනකම් නිදාගන්න කියලා.."
හම්මො ඇති යාන්තම් හිච්චි ප්‍රොෆෙසර්ට අනුකම්පාව පහල වෙලා..
" සත්සර ගිහින් ඇදෙන් නිදාගන්න.."
" ඕන නෑ බන්.. මන් බිමින් ඉන්නම්.."
" ඇයි මගේ ඇදේ නිදාගත්තම ඇගෙන් මොනවහරි යනවද.. මහ රෑ මන් එපා කියද්දි නාලා තව බිම නිදාගන්නත් හදනවා.. පණ්ඩිතම් නැතුව ගිහින් නිදාගන්නවා සත්සර..."
" හරි හරි වදේ.. උබත් පරමාණු බෝම්බයක්නේ බන් බලනකොට..
ඔන්න මන් නිදි උබ කට වහන් වැඩ කරපන්..."
පෑනත් අතේ තියාගෙන සත්සර දිහා ටික වෙලාවක් බලන් ඉදපු රුචිරු ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා.. හැමවෙලාවෙම නිහඩ ගුප්ත චරිතයක් වුන රුචිරුට එක අසීමිත වගකීමක් නිසා එයාගේ හැම හැගීමක්ම උපන් ගෙයිම වලලලා දාන්න සිද්ධ වුනා..
.........................................
" මේකද ඔයාගේ අන්තිම තීරණය.."
"ඔව්"
පෙනුමෙන් ලස්සන ගම්මානක්.. කොළ පාටින් පිරුනු වෙල් යායවල්, උස් කදු පිරිච්ච තවත් පැත්තකින් ලාවට ඉර උදාවෙන ලස්සන තැනක්.. හරියට මේ තැන පෙනුමෙන් මීට අවුරුදු සිය ගානකට කලින් වගේ..තවත් විදිහකින් සිත්තරෙක් අතින් ඇදුනු ලස්සන චිත්‍රයක් වගේ.. මිනිස්සු අතින් විනාස නොවුන ගහකොල, වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ලස්සන පරිසරයක්...
සාමාන්‍ය ගැමි ඇදුමෙන් සැරසුන තරුණයන් දෙන්නෙක් ඒ ලගටම වෙලා කතා කතාරමින් ඉන්නවා.. ඔවුන්ගේ මුහුනවල් පැහැදිලි නොවුනත්.. ඔවුන්ගෙන් එක් කෙනෙක් සුදු පැහැති දුහුල් කමිසයකට නිල් පැහැයට හුරු සරමක් ඇදගෙන හිටියා.. අනිත් තරුණයා කලු පැහැයට හුරු සරමක් ඇදගෙන හිටියා නමුත් උඩු කය නිරුවතින්.. ඔහුගේ පපුව බෙල්ල පුරාම සතෙකුගෙන් සීරුණු කැලල් ඕනවටත් වඩා පිරිලා.. ඒ සීරුණු හැම තැනකම රුධිරය ගල් උනු සලකුණු..
"ඔයාට රිදෙනවද.."
"එපා මාව අල්ලන්න..
මට තමුන්ව අප්පිරියයි.."
"ඔයාට මාව ප්‍රතික්ෂේප කරන්න බෑ..
මට අයිතියක් තියෙනවා.."
" ඔයා ඒ අයිතිය නැති කරගෙන ගොඩක් කල්..
ඇත්ත කියනවා ඒ පාර මොන උගුලකටද මාව අහු කරන්නද ආවේ..."
" මම ආවේ මාව අයිති තැනට යනවා කියන්න.."
ඔවුන් දෙන්නා මොහොතක් නිශ්ශබ්දව එකිනෙකා දිහා බලාගෙන හිටියා.. ඒ ඇස් යුගල් දෙකෙන්ම පෙනෙන්නට තිබුනේ අසීමාන්තික වේදනාවක්..
"මේකද ඔයාගේ අන්තිම තීරණේ"
"ඔව්.."
................................
"ආයිශ්... මොකක්ද අප්පා මේ හීනේ.. ආයෙත් පටන් ගත්තා...."
මට මතක විදිහට මම පොඩි කාලේ ඉදන් දැකපු හීනයක් තිබුනා.. ඒ හීනේ ඇතුලේ ඉන්න කිසිම කෙනෙක්ගේ මූනවල් පැහැදිලි වුනේ නැති උනත් ඒ කටහඩවල් හොදට ඇහුනා.. මීට අවුරුදු තුනකට හතරකට විතර කලින් මේ අමුතු හීන පේන එක නතර උනාම මම හිතුවේ ඒ හීනේ සිද්ධවුන හැමදේම හිතේ මැවුණ දෙයක් විතරයි කියලා.. ඒත් ආයෙත් ඒ හීනේ ඒ විදිහටම පේන්න අරන්.. කවුද මේ මගේ හීන වල ඉන්න දෙන්නා, ඇයි ඒ හීන වල මතක හිතට මෙච්චර වේදනාවක් දෙන්නේ...
වෙනදට පහමාර වෙද්දි ඇහැරුනත් අද සෑහෙන්න වෙලා වෙනකම් නින්ද ගිහින් තිබුනා.. රුචිරු මටත් කලින් නැගිටලා වගේ.. අද මෙච්චර වෙලා නිදාගත්තත් තාම නිදිමතයි අප්පා.. මම නිදිමරගාතේම පහලට යනකොට රුචිරු කුස්සියේ මොනවදෝ හදනවා..
"හුටා මූ අදත් උයන්න හදනවද.."
නිදිමතත් පැත්තකට දාපු මම කඩාගෙන බිදගෙන කුස්සියට දිව්වා.. ඇයි අප්පා මූ පණ්ඩිතකමට ඉව්වට ඔය ජරාව මම එපැයි කන්න..
අම්මෝ ඇති යාන්තම්.. රුචිරු මේ තේ නේ හදන්නේ..
" ඔයා නැගිටලා..
ගුඩ් මෝනිම් සත්සර.."
"ගුඩ් මෝනින්"
"ඔයා අද කලින්ම නැගිටලා රුචිරු.."
" ඔව් නේ.. මට කලින් ඇහැරුනා.."
රුචිරු හදලා තිබ්බ කිරි එකත් අතට ගන්න ගමන් මම බිම තිබ්බ බංකුව උඩින් ඉද ගත්තා.. රුචිරුගේ ඇස් යට සෑහෙන්න කලු වෙලා ඒ කියන්නේ එයා මුළු රෑම පාඩම් කරලද.. අනේ මන්දා මේ රුචිරුවත් මොකට ඔච්චර නැහෙනවද මන්දා..
" සත්සර.."
"ඕ කියපන්.."
"උදේට මොනවද කන්නේ.. මම මොනවහරි හදන්නද..."
රුචිරුවා ඒක අහපු විදිහට බිබී හිටපු කිරි එකත් ඉස්මොල්ලේ ගියාද මන්දා.. පරිප්පුවක්වත් උයාගන්න බැරි මූ මටත් එක්ක උයන්න කියෝනවා..
" වදින්නම් උබ උයන අදහස පැත්තකට දාලා ගිහින් ලෑස්ති වෙයන් ඉස්කෝලේ යන්න.."
"ඒත් ඉතින් කන්න දෙයක් එපැයි.."
" දැන් මොකුත් උයන්න වෙලා නෑ රුචිරු.. මන් යසිරුවාට කියන්නම් අපිටත් එක්ක ලොකු බත් එකක් ගෙනෙන් කියලා.. අද ස්පෝට්ස් මීට් නිසා ඔය කොහෙන් කොහෙන් හරි කන්න බැරියෑ...."
"ම්ම්.."
*
*
*
.
අද ඉස්කෝලේ ඇතුලේ වෙනදටත් වඩා කළබලකාරී.. එහාට මෙහාට දුවන පොඩි කොල්ලෝ.. තවමත් නිවාසේ සරසගන්න බැරුව නිවාස අස්සට වෙලා දගලන එවුන්.. ඒ අස්සේ කැඩේට් ටීම් එකේ ප්‍රැක්ටිස්.. තවත් පැත්තක බෑන්ඩ් ප්‍රැක්ටිස්.. මුලු ඉස්කෝලෙම එක යුද්දයක් වගේ...
රුචිරුත් අපේ හවුස් එක පැත්තට යද්දි මම මහීෂත් එක්ක main හෝල් එකට ආවා.. හිතුවටත් වඩා සෑහෙන්න බරක් ඔලුවට දැනෙනවා.. මුලින් වැඩි ගානක් නැතුව මේක කරගන්න පුළුවන් කියලා හිතුවට දැන් හිතෙනවා කොයිතරම් ලොකු වගකීමක්ද බාර ගත්තේ කියලා.. මේ හරියේ ඉන්න ඔක්කොම ඉස්කෝල වලින් වගේ අපේ ස්පෝට්ස් මීට් එක බලන්න ඒවී.. මොකද මේ ටවුන් එකේ තියන ඉස්කෝලවලින් ලොකුවටම ස්පෝට්ස් මීට් එකක් තියෙන්නේ අපේ ඉස්කෝලේනෙ.. එක පොඩි මිස්ටේක් එකකින් මුලු ඉස්කෝලෙම නම්බුවට හානියක් වෙන්න පුළුවන්.. කරන කියන හැමදේම ඉවසීමෙන් පරිස්සමින් කරන්න වෙනවා උත්සවය ලස්සනට කරගන්න නම්.. මට ඔය වචන ටික ඔය විදිහටම මහීෂයි කවීනුයි මුල් දවස් ටිකේම පුන පුනා කියෙව්වත් මන් මහලොකුවට ගනන් ගත්තේ නෑ.. ඒත් දැන් තමයි තේරෙන්නේ ඒ කියපු හැම වචනෙකම කොච්චර ලොකු වගකීමක් පිරිලා තියෙනවද කියලා...
" ඒ නිතුමෝ අපේ ෂෙහානයා බාල්දියක් පෙරලගෙන බන්.."
" හෑ... ඒ පාර මොකක් කරගෙනද මූ.."
" පොඩ්ඩක් වරෙන්කෝ යන්න.."
මෙච්චර වෙලා හිටගෙන ඉදලා ඉදලා පොඩ්ඩක් ඉද ගත්තා විතරයි මේ කොහෙදවත් ඉන්න යසිරුවා ඇවිත් මාව ඇදගෙන ගියා.. ඔය ෂෙහානයා නම් අම්මපා මගේ මලගිය පරාණකාරයෙක්ද මන්දා ඕකා හින්දා මට නැති කරදරමයි වෙන්නේ.. යසිරුවා මාව PT රූම් එක ගාවට ඇදගෙන ඉද්දි මෙන්න මේ යකා ඉන්නවා PT රූම් එකට දාලා ලොක් කරලා... ආව්ස් කොල්ලගෙ ලස්සන ජනේල් වැටේ එල්ලිලා ඉන්නවා හරියට දකුණු අප්‍රිකානු ඔරං ඔටෙක් වගේ..
" අනේ නිතුමෝ මාව එලියට ගනින්කෝ බන්.. පැයක් තිස්සෙ අර පොළගා මාව හිර කරලා බන්.."
අපිව එනවා කියලා දැක්ක ගමන් ෂෙහානයා උගේ මූනත් දෙක කරගෙන ශෝකාලාපේ වයන්න ගත්තා.. මන් නම් කියන්නේ හොද වැඩේ ඕකට.. ඊයේ අපේ පොළගා සර් කට කැඩෙනකම් කලර්ඩ් ඇදන් එන්න එපා කියද්දි මේ බේසිකයා ඒකක්ම ඇදන් ඇවිත්.. මට නම් ඕකව දවසම ඕක ඇතුලේ ලොක් කරලා තිබ්බත් පාඩුනෑ.....
"අනේ බල්ලෝ..
තොපි දෙන්නා එලියට ගනියව්කෝ මාව.. මේක ඇතුලේ තනියම ඉන්න බෑ බන්...
" උබ එපා කියපු දේ කෙරුවනම් ඔතනට වෙලාම හිටු.. අපිට කරන්න දෙයක් නෑ.."
"අඩෝ අඩෝ උත්තෝ ඒම කරන්න එපා බල්ලෝ.. මන් උබලගේ බොක්ක නේද..
" හරි හරි බෙරිහන්නොදී ඔහොම හිටු මම පොළගා සර් එක්ක ශේප් එකක් දානකන්...'
" උබ මා එකා බොක්ක... මැරිලත් තප්පර තුනක් ආදරෙයි..."
අම්මපා මට හිතුනෙම ඕකව ඔතනම තියන්න.. ඒ උනාට අර බොක්කේ කොහෙද මන්දා පැත්තකින් සහෝදර ප්‍රේමය කියන එක ගලාගෙන ආව නිසා ඒ ඔක්කොම පැත්තකට දාලා, පොළගා සර්ටත් නොවදිනා වැදුම් වැදලා මූව එලියට අරගත්තා..
.
අපි ස්පෝට්ස් මීට් එක පටන් ගන්න ප්ලෑන් කරලා තිබ්බේ එක හමාරට.. ඒ උනාට මේ සිරි ලංකාවේ කවද්ද වෙලාවට වැඩක් පටන් ගත්තේ.. කොහොමින් කොහොමහරි ප්‍රධාන ආරාධිත අමුත්තොයි අනිත් අයයි ඇවිත් උත්සවේ පටන් ගද්දි දෙක හමාරත් පහු වෙලා...
අද ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න සෙවලයන්ටත් පිස්සු වගේ.. මොකද ලස්සන ලස්සන කෙල්ලෝ මුලු ග්‍රව්න්ඩ් එකේම පිරිලා.. බොරු කියන්න ඕන නෑනේ මාත් එහෙන් මෙහෙන් දැක්කා දැක්කත් හිත කීරිගැහෙන ලලනාවියො ඉන්නවා.. ඒත් ඉතින් මේ හිතේ උඩින්ම රුචිරු ඉද්දි මන් කොහොමද වෙන ගෑනු පරාණයක් දිහා බලන්නේ.. පැය ගානක් විතර ලස්සනට වැඩේ කෙරීගෙන ගියා.. අපේ ඉස්කෝලේ ටිකක් බර අතු ඉන්නත් නිසා ස්පෝට්ස් මීට් එක මාර ගැම්මටම තිබ්බා.. ඔය ඔක්කොගෙන්ම ආතල්ම ඉවෙන්ට් එක උනේ අපේ සර්ලා මැඩ්ම්ලගේ 100×4 රිලේ එක.. අම්මොහ් ඒක මතක් වෙද්දිත් හිනාකාගෙන මැරෙනවා.. සාරිත් ඇදන් දුවන්න ගිහින් අපේ සුරංගනා මිස් වැටුනත් එක්ක.. ඔක්කොටම හපන් අපේ කෝච් සර්.. මැඩම්ලටත් සිරික්කිය දාගෙන තනිකරම පැනියා.. ගුරුවරයෙක්ට හිනා වෙන එක කොච්චර අසම්ජ්ජාති වැඩක් උනත් අද ග්‍රව්න්ඩ් එකේ උන ඒවා දැක්කනම් සතියක් නිවාඩු දාලා හිනාවෙන්නේ.. ඊට පස්සේ තියන තරම් ඔක්කොම ඉවෙන්ට්ස් ටික ඉවර වෙලා අන්තිමටම ආචාර පෙළපාලිය තියන වෙලාවත් ආවා..
මේ රුචිරුවා මාත් එක්ක ආවා ආවමයි ඇහැට පේන්නවත් නෑ... මන් උදේ ඉදන් කොච්චර හෙව්වත් මේ යකාව හම්බුනේ නෑ.. කෝල් ගත්තත් ෆෝන් ඕෆ්.. අන්තිමේදි යසිරුවගෙන් ඇහුවම ඌ තමයි කිව්වේ එයා සහිරුත් එක්ක පංතියෙ ඉන්නවා කියලා දැක්කා කියලා.. එතනින්ම මන් එයාව හොයන එක නැවැත්තුවා.. මොකද මන් මෙච්චර නැහීගෙන මුට ආදරේ කරද්දි රුචිරුට ඕන උගේ සහිරු එක්ක ඉන්න නම් මම මොකටද ඌ ගැන ඔච්චර වද වෙන්නේ...
කෝමින් කෝමහරි අපේ හවුස් එක තුන් වෙනි තැන ගද්දි අර ලස්සන රාජාලියෙක් හදලා තිබ්බ නිවාසේ පලවෙනි තැන ගත්තා.. කොල්ලො ටික ඔක්කොම ග්‍රව්න්ඩ් එකට පැනලා සතුට සමරද්දි මම තාප්පේ අයිනට වෙලා ෆෝන් එකේ චැට් බොක්ස් එක දිහා ඔහේ බලාගෙන හිටියා.. මට ඕනි උනේ කෑ ගහලා අඩන්න හිතේ දුක නැති වෙලා මිරිකිලා යනකම්ම අඩන්න.. අම්මා අප්පච්චිටවත් මාව මතක නැති කොට මට හිටපු එකම සැනසීම රුචිරුත් මගෙන් ඈත් වෙනවා.. ඔන්ලයින් ඇවිල්ලත් මන් දාපු මැසේජ් වලට එකම එක රිප්ලයි එකක්වත් නොදාපු රුචිරුගේ චැට් එක දිහා මන් ඔහේ බලන් හිටියා.. එයාට මාව මතකවත් නෑ..
පපුව පිරෙන්න දිග හුස්මක් අරන් ෆෝන් එකත් සාක්කුවට දාගෙන මම ගෙදර යන්න හදද්දි එක පාරටම කෝල් එකක් ආවා.. එක තප්පරේකට මට හිතුනේ ඒ රුචිරු කියලා ඒත් ඒ කෝල් එක අප්පච්චිගෙන්.. පුදුමයි දවස් ගානකට පස්සෙ මාව මතක් වෙලා..
"හලෝ අප්පච්චි "
"පුතා ඔයා කොහෙද ඉන්නේ.."
"ඉස්කෝලේ ඇතුලේ.."
"ගේට් එක ගාව මම ඉන්නේ..පුතා එන්න ගෙදර යන්න.."
"මන් එන්නම් අප්පච්චි"
ටීක්.. ටීක්... ටීක්....
ඔයාලා හැමදාමත් මෙහෙමයි අප්පච්චි..
බෑග් එකත් කරට දාගන්න ගමන් මම ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවට දා ගත්තා..
....................................
සැබෑ චරිත සමග කිසිදු සම්භන්ධයක් නැත..
Ruth
You are reading the story above: TeenFic.Net