දැන් නම් සමහරවිට එකහමාරත් පහු වෙලා වෙන්නැති.. දවසම එහාට මෙහාට දුවලා කකුල් දෙකත් හොදටෝම රිදෙනවා.. කොහෙද වතුර ටිකක් දෙන්නවත් මේ එක සතෙක්වත් නෑනේ.. අම්මපා මුන් මොකට යාළුවො කරගත්තද මන්දා..
මේ පාර ස්පෝට්ස් මීට් එකනම් සුපිරියටම තියෙයි කියලා හිතෙනවා..මොකද අවුරුදු ගානකට පස්සෙ ස්පෝට්ස් මීට් එකක් තියෙන නිසා කොල්ලෝ විතරක් නෙමෙයි සර්ලා මැඩම්ලා පවා බැහැලා වැඩ.. එක අතකට ලෝභත් හිතෙනවා මේ ඉස්කෝලේ කාලේ දාලා යන්න.. මේ සුදු පාට යුනිෆෝර්ම් එක අස්සෙ කියාගන්න බැරි තරම් මතක ගොන්නක් පිරිලා තියෙනවා.. ඒත් තව පොඩි කාලයයි මේ ඉස්කෝලේ රැදෙන්න තියෙන්නේ.. මෙතනින් එහාට සමාජෙට බැස්සට පස්සෙ කොලුකම අතෑරලා වගකීම් උරහිසට ගත්ත මිනිහෙක් වෙන්න වෙනවා..
එක අතකට මොකක්ද මේ ජීවිතේ..
ඉපදෙන මැරෙන මේ පුංචි කාලපරිච්ඡේදයට ඇයි මිනිස්සු මෙච්චර දුක් විදින්නේ...
වෙලාවකට මටත් පිස්සුද මන්දා.. ඔහේ තනියම කියෝනවා...
"අඩෝ නිතුමා.."
" ආව්හ්.. හුත්තෝ..
තෝ මගුලක්ද කරන්නේ..."
කොහෙදෝ ඉදන් දුවන් ආපු සස්මිතයා හයේ හතරේ පාරක් කොන්දට දුන්නා දායි ගාලා.. මූ අලි මස්වත් කනවද මන්දා ඉන්න බෑ දැවිල්ලයි මූ ගහපු තැන..
" හපෝ බන්.. මහ ලොකු ස්පෝට්ස් කැප්ටන්.. බලපියකො උබෙ මූනේ හැටි..."
" තෝ මගෙන් මැරුන් නොකා මොකටද ආවේ කියපන් සස්මිතයා..."..
" ටවුන් එකට යමන් නිතුමා බඩු වගයක් ගන්න තියෙනවා.. අරුන් ටිකත් ගේට් එක ලග ඉන්නවා උබ එනකල්.."
"රුචිරුත් ඉන්නවද බන්.."
" ඌ නෑ උත්තෝ... ඇයි උබට පාලුද උබේ ගෑනි නැතුව...
හැබැයි මන් දැක්කා උබේ ගෑනි සහිරුවා එක්ක නම් එලියට යනවා..."
හ්ම්..
ඒ කියන්නේ එයා ගිහින්...
ඇයි රුචිරුට මට ලං වෙන්න බැරි.. මොකක්ද ඔච්චරටම සහිරුගේ තියෙන විශේෂත්වේ.. එයා මට එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කිව්වත් මගේ හිත විතරමයි දන්නේ එයාව මට දවසින් දවස කොච්චර ඕන වෙනවද කියලා.. උබ දන්නවනම් රුචිරු මේ පපුව අස්සෙ කොයි තරම් උබ ගැන ආදරයක් පිරිලා තියෙනවද කියලා
" නිතුමෝ..ඕයි බල්ලො.. මොනවද උබ මනෝ ගහන්නේ..
මන් කියපුවා එච්චර හිතන්න එපා බන්.."
"අඩෝ එහෙම නෑ බන් යමං යසිරුල ඉන්න තැනට.."
මන් හිතන්නේ එදා සිද්ධියෙන් පස්සෙ සස්මිතට රුචිරුව පේන්න බෑ.. කොයි වෙලෙත් උට බැනපු ගමන්මයි.. බැරි වෙලාවක්වත් මන් ඌව මතක් වෙලා මූඩ් ගහගත්තොත් මූ මාව මරන්නෙ නැති ටික විතරයි.. කොච්චර තද විදිහට ඉන්න හැදුවත් මන් දන්නවා සස්මිතයා මට පණ ඇරලා ඉන්නේ කියලා.. මට ඒකමයි මගෙ උන් ටිකව නැති කරගන්න මෙච්චර ලෝභ...
සස්මිතයත් එක්ක කයියක් දාගෙන ගේට් එක ලගට යනකොටත් මගේ අති උත්තම මිතුරන් කැල මොනාදෝ දාගෙන ගිලිනවා.. පෙනුමේ හැටියට අලුවා ද මන්දා.. eww ෂෙහාන් නරියගේ ඇගෙන් එකයි පිටි.. ඊට හපන් යසිරුවා කටෙන් පුරෝලා එකයි අලුවා කෑලී.. ඕකා දැන් මැරුණොත් මැරෙන්න අලුවා හිර වෙලා..
" තොපි මොනාද යකොව් මට නොදී කන්නේ.. දීපියව් මටත්..."
බොරු කියන්න ඕන නෑනේ කෑමක් කිව්වොත් මම නම් මගේ එකෙක් උනත් පාවලා දෙනවා.. තිබ්බ මල පෙරේත කමට උන් ටික මැද්දට පැන්නත් අලුවා කෑල්ලක් තියා රටකජු පොත්තක්වත් හම්බුනේ නෑ.. මම බලාගෙන ඉද්දිම අර බෝල් බෝල සබන් පාට ගෙවල සමීරයා හිතක් පපුවක් නැති එකෙක් ගානට අන්තිම අලුවා කෑල්ලත් උගේ කටේ ඔබා ගත්තා.. දැන් නම් මට සීයට දාහතරදාස් පන්සීයක්ම විශ්වාසයි මුන් නම් මගේ යාලුවෝ නෙමෙයි...'
'උව්හ්... ගහන්න එපා නිතුමෝ..
උබට මේවා හොද නෑ සීනී..."
"අනේ පල යන්න සමීරයා...
ඕං මන් කිව්වා කියලා මතක තියාගනින්
මට නොදී අලුවා කාපු තොපිට දවස් හතක් පාට හතෙන් බඩම පල ඒස්වා
පුහ්ඃ..."
"තුහ්... තුහ්....
බ්වෑක්කා..
පලි ගන්නවා කියලා ඔහොමත් පලි ගන්න එපා බෙසෝ..
ආන් අර නිශ්මිකයා ගාව ඇති අරන් කාපිය.."
අඩේ මන් අපරාදෙනේ මෙච්චර වෙලා මුන්ට දෙහි කැපුවෙ.. පව් අප්පා මා එවුන්.. මාවත් අමතක කරලා නෑනේ....
එක්කෝ මුන් මගේ යාලුවොම තමයි..
සස්මිතයා කියපු විදිහට මම හිතුවේ අපි සෙට් එක විතරක් යයි කියලා ඒත් මේ මොකද මැත්ස් එකේ නිශ්මිකයාත් ඇවිත්.. කෝමත් මැත්ස් එකේ උන්ට අපිව පේන්න බෑනේ.. අපිටත් ඉතින් ඕකුන්ව පේන්න බැරි එක ඇත්ත..
අපේ AL සෙක්ශන් එක ගත්තොත් කොටස් තුනකට බෙදිලා ඉන්නවා.. පලවෙනි සෙට් එක ආර්ට් කොමස් එවුන්, දෙවෙනි සෙට් එක බයෝ මැත්ස් එවුන්.. ආය අන්තිමට එලොවටත් නැති මෙලොවටත් නැති ටෙක් එකේ එවුන්.. බයෝ මැත්ස් එකේ ඉන්න ඇල්බට් අයිස්ටයින්ලා, අයිසෙක් නිව්ටන්ලා, මාරි කියුරිලා වගේ ඔය එකී මෙකී නොකී වෙන්ඩ විද්‍යාඥ්ඥයන්ට ආර්ට් කොමස් එකේ ගොඩේ පීපල්ලා පේන්න බැරිලු.. උන් කියන විදිහට අපිට A3 ක් සතියෙන් දැම්මැකිලූ.. ඔය වෙලාවට තමා හිතෙන්නේ ඔය කතාව කියපු එකාව උස්සගෙන ඇවිත් හිටගෙන අහවල් මගුලක් කරන්න.. ඇයි අප්පා අර දාර සයිස් පතරංග ජාතකේ කොහොමැයි සතියෙන් අපි ඉවර කරන්නේ.. ඕකුන්ගෙ ඔන්න ඔය බලු කතාව නිසාම අපිටත් ඕකුන්ව පේන්න බෑ.. ඒ මොනව උනත් ටෙක් එකේ උන්නම් පට්ට සපෝට් අපිට.. අර රතිඤ්ඤා සීන් එකත් ප්ලෑන් කලේ අපි උන් එක්කනේ...
ඒ උනාට මට දැන් දැන ගන්න ඕන මේ නිශ්මිකයා මොන හුයන්නකටද අපිත් එක්ක එන්නෙ කියලා.. ඕකා එක්ක පුද්ගලික තරහක් නැති උනත් ඌ මැත්ස් උන්ගෙ ජාන ගෑවිච්ච එකෙක් නිසා මට ඌව පේන්න බෑ...
" ඒ නිශ්මිකයා උබ මොකෝ මෙහේ.."
"ආහ්.. මාත් මේ උබලත් එක්ක ටවුන් එකට යන්න ආවා..සස්මිතත් අපේ හවුස් එකේ නිසා වුවමනා දේවල් ගන්න පුළුවන් නේ..."
" ඕහ් යමන් යමන් අපිට ටිකක් අදුරගන්නත් පුළුවන් නේ.. නේ බං "
මන් කිව්වේ නිශ්මිකයගේ උරහිසට පොඩි තට්ටුවක් දාලා.. මන් හිතන්නේ ඒකට නම් ඌ පොඩ්ඩක් ගැස්සුනා..
පොඩ්ඩක් හෝව් පොඩ්ඩක් හෝව්..
නිශ්මික & සස්මිත මෙතනනම් මොනාහරි මන් නොදන්න කුමන්ත්‍රණයක් සිදු වෙනවා වගෙයි.. එදා ග්‍රව්න්ඩ් එකේ සස්මිතයට ගැහුවෙ නිශ්මිකයගේ මල්ලි.. මූ කප්පම් කතාවකුත් කිව්වා.. දැන් මේ නිශ්මිකයා මෙතන සස්මිතයගේ තනිරකින්නත් ඇවිත්.. මෙතන කුමක් හෝ සැකකටයතු දෙයක් සිදු වෙනවා..
ම්...ම්... අහු වෙන්නෙ නැතෑ අපිටත් ඕවා..
අපි සෙට් එකම කෝමින් කෝමහරි ටවුන් එකටම පයින් ආවා.. මේ වෙලාවෙ ඉස්කෝලේ ඉවර වෙලා තියෙන නිසාද මන්දා මුලු ටවුන් එකෙම සුදු ඇදුම් ඇදගත්තු කොල්ලොයි කෙල්ලොයි පිරිලා.. දැන් ඉතින් එපාම වෙන වැඩේ කඩවල් ගානේ ගිහින් ගෝනි ඉල්ලන එකයි හාල් කවර ඉල්ලන එකයි.. ඔය සමහර කුම්මැහියෝ නිකන් විසික් කරන ගෝනිත් දෙන්නෙ අපෙන් පගාව අරන්.. මුලු ටවුන් එක වටේම ඇවිදලා කකුලුත් රිදෙනවා අප්පා..
" ආව්හ්.. අම්මෝහ් කකුල බන්
දැන්නම් හොද ගනන්..."
ෂෙහානයා හිගන පැටියා වගේ බස් ස්ටෑන්ඩ් එකේ බිම ඉදගද්දි අපිත් ඌ වගේම බිම ඉදගත්තා.. කොහෙද බස් ස්ටෑන්ඩ් එකේ ඉදගන්නවත් ඉඩක් නෑනේ සුදාම්මිලා ටිකයි සුදාප්පච්චිලා ටිකයි ස්ටෑන්ඩ් එකම බදු අරන් නිසා...
මේ ඉතින් ඊරිසියාවට එහෙම කියන ඒවා නෙමෙයි ඒත් ඉතින් ඕකුන් දැනගන්න එපැයි සීමාවේ ඉන්න.. අම්මපා හිතුනොත් මම අපේ ෂෙහානයා එක්ක මදුරු දුම් එකක් ගෙනත් ගහනවා ඕකුන් ටික වාශ්ප වෙලාම යන්න..
" එහ්.. අර කෑල්ල බලහන්කෝ.."
පැනි හිනාවක් දාගෙන යසිරුවා අත දික් කරපු දිහා බලනකොට අපි දැක්කේ අපිට සෙන්ටිමීටර් පනස් පහක් විතර එහායින් හිටපු ලස්සන කෙල්ලෙක්.. පෙනුමෙන් නම් ඒකි රත්නාවලියෙ වගේ.. කොන්ඩෙත් සාමාන්‍යයෙන් ඉන ගාවට දිග සුදුත් නැති කලුත් නැති කෙල්ලෙක්.. හරියටම කිව්වොත් මගේ ටයිප් එකේ.. ඒ උනාට මට රුචිරු ඉන්නවනේ ඒ නිසා ඒකිගේ ලස්සන කැත මට වැඩක් නෑ..
" පට්ට කෑල්ලක් නේ.."
" eww පට්ට කෑල්ලක්ම තමා ඕකි මගේ ex බන්..."
"අඩොව්.."
"හුත්තො.."
"සමීරයො මට හිනාව නවත්තගන්න බෑ බල්ලෝ.."
සමීරයගෙ කටින් ඇහුන ඒ කට කැඩිච්චි කතාව ඇහුන සනික අපි ඉන්නෙ කොහෙදවත් කියලා ගානක් නැතුව බඩ අල්ලගෙන හිනා වෙන්න ගත්තා.. දැනට සතියකට කලින් GIT මැඩම්ගෙන් අත පුරෝලා කනේ පාරක් කාපු මූ අද කියනවා අපිට එහා පැත්තේ ඉන්නෙ මුගේ පරණ කෑල්ලලු.. මේ කෙල්ලගෙනුත් කාලාද දන්නේ නෑ මූ කුඩ පාරක්වත්...
" අඩෝ හිනාවෙන්න එපා බේසිකයෝ තොපි.. බලපිය වටේ පිටේ ඉන්න එවුනුත් අපි දිහා බලනවා ලැජ්ජාවේ බෑ.."
සමීරය කියපු සනික වටපිට බලනකොටයි දැක්කේ වටේ හිටපු ඔක්කොම එවුන් අපි දිහා ඉන්නවා කන්න වගේ බලාගෙන.. ඊටත් එහා අපිට එහා පැත්තේ හිටපු කෙල්ලො අපි දිහා බලන් ඉන්නවා හදුනානොගත් පිටසකවල ජීවියෙක් ගානට දාලා..
" ඒ සමීරයා , යසිරුවා වරෙන් යන්න උබගේ සූකිරි කෑල්ල බලන්න.."
සස්මිතයයි නිශ්මිකයයි පබළු වගයක් ගේන්න රන්ජන් එකට ගිහින් තියෙද්දි අපි හතර දෙනා විතරයි අන්තිමට ඉතුරු උනේ.. ෂෙහානයා සමීරයත් අරගෙන අර කෙල්ල ගාවට යද්දි මම සද්දයක් නැතුව පැත්තකට උනා... මන් කොහොමත් ආස නෑ කෙල්ලන්ව මඩෝන වැඩ වලට.. ඒ උනාට එතන වෙන්නේ මොනාද කියලා බලන්න මගේ සංවේදි ඇහැයි කනයි දෙකම රෙඩි පිට දාලා හිටියේ...
" ආ.... නංගේ බැහැරක් වගේ..
මොකද ආනන්දේ පොශ් කොල්ලා සැපෙන් සනීපෙන් ඉන්නවද.."
" ඒක මන් බලා ගන්නම්..
තමුන්ට වැඩක් නෑනේ..."
"බලපන්කෝ මේකිගේ කට යසිරුවෝ.."
ඒ කතා කලේ ෂෙහානයා.
" ඇයි මොකද.."
" ඔන්න ඔන්න නංගියේ.. ඔය කට පොඩ්ඩක් අඩු කරගන්න..."
"ඇයි අඩු කලේ නැතනම් මොනවා කරන්නද"
හම්මෝ බලන් යනකොට මේකි කෙල්ලෙක් නෙමෙයි යස්සනියක්නේ.. අපේ සත්තු ටික මොනවා කිව්වත් ඒකිත් ලේසියෙන් පහුබහින්නේ නෑ වගේ..
" මේ නංගි අපිට පොඩ්ඩක් කියපන් උබ මුට බූට තියන්න මොකක්ද ඔච්චරටම හේතුව.."ඒ පාර යසිරුවා.. මුටත් මේකිට හිත ගිහින්ද මන්දා
" මං හේතුව කිව්වොත් මේ අයියගේ විතරක් නෙමෙයි ඔය අයියලගෙත් රෙදි ගැලවෙනවා..."
" හෑ... ඒ මොකක්ද නංගී ඒ.."
" ඒ ඒ බන් ෂෙහානයා ඔය පරණ ඒවා ඕනි නෑ බන් අපි යමුකෝ.."
පේන විදිහට ලොකූ දෙයක් වෙලා වගේ සමීරයත් අම්මටසිරි වෙන්න බය වෙලා..මාත් ඉතින් කැත නැතුව උන්ගේ වට සාකච්ඡාව මැද්දට පැන්නා..
" නංගි අගේ නොකර කියහන්කෝ අපිටත් දැනගන්න.."
"ඔන්න මං කියනවා ඈ.."
" මෙන්න මේ සමීර අයියා එයාගේ බොල් පොයින්ට් පෑනක් තරම්වත් නැති සූ කුරුල්ලා මගේ යාලුවන්ට යවලා.. එකෙක් දෙන්නෙක්ට නම් කමක් නෑ දහයකට විතර යවලා..මටත් ලැජ්ජාවේ බෑ අයියේ"
ඒ විතරක් බැරි...........
" අනේ බුදු නංගියේ දැන්වත් කට වහන් පලකෝ.."
ඒකිගේ විලිලැජ්ජා නැති කතාවට සමීරයේ විතරක් නෙමෙයි අපේ මූනු පවා අපායට ගහපු කැලැන්ඩරේ වගේ වෙද්දි මන් බොහොම අමාරුවෙන් ඒකිට දණ ගහලා වැදලා ඒකිව පන්න ගත්තා ..
යකඩෝ මුට මෙච්චර අසහනේද අප්පා..
එකියක් එක්ක යාලු වෙලා ඉද්දිත් උගේ සංඩිංග වටේ ඉන්න කෙල්ලොන්ටත් යවන්නේ.. එකෙක් නම් කමක් නෑ දහයක්.. චිකේයියා වට පප්පා
ඒ වෙච්ච සිදුවීමෙන් පස්සෙ අම්බානක චාටර් වෙච්ච සමීරයා.. අපි ඉස්කෝලේ ඇතුලට යද්දි ෂෙහානයා එක්ක උගේ ගෙදර යන්න ගියා.. පව් පොඩි එකාට ලැජ්ජාව දරාගන්න බෑ වගේ...
මුලු හවස් වරුවම නිවාස හදන්නම ගතවෙද්දි කොහොමින් කොහොමහරි රෑ වෙලත් තිබුනා.. දැන් නම් සමහරවිට අට හමාර පහුවෙලත් ඇති.. මේ පාර වෙනදා වගේ ග්‍රව්න්ඩ් එක මැද්දේ ගිනිමැල ගහන්න දෙන්නෙ නැතිකොට ඉතුරු වෙලා හිටපු කොල්ලො ටිකත් එක්ක ගිහින් අපි පොඩි පිට්ටනිය මැද ගිනිමැලයක් ගැහුවා.. ඇත්තටම අද හිතට හරි සැහැල්ලුයි වගේ..එකාට එකා කෑගගෙන හිනාවෙලා මෙහෙම සහයෝගෙන් ඉන්නවා දකිද්දිත් හිතට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටටක් දැනෙනවා..
"ආ... මේක අරන් සිංදුවක් කියපන් නිතුමා.."
සමීරයා ඇවිත් කොහේදෝ තිබ්බ ගිටාර් එකක් මට දික් කලා.. ඒත් මේ වෙලාවෙ ඉස්කෝලේ ඇතුලේ බඩු ගන්න දෙන්නේ නෑනේ... ශුවර් එකටම උන් ෂෙහානයගේ ගෙදර ගියපු වෙලේ ගේන්න ඇති..
කොල්ලො ඔක්කොම ටික ගිනි මැලේ වටේට එකතු වෙලා ඉද්දි ගිටාර් එක අරගෙන මන් සිංදුවක් කියන්න පටන් ගත්තා...
දිව්‍යාංගනාවී සුරූපී දේහ විලාසී
මුවඟේ සිනා වගෙයි දේවතා එළී
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරී
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පාස ආ ඕ තුම්
හබීබී හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පාස ආ ඕ තුම්
හබීබි
බඹර විලාසේ රඟන මලක ස්වරූපේ
දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ
ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ
ලග පාතින් ඔබ ගාවින්
ඉන්නම් මගෙ කෙල්ලේ
ඒ හබීබි මගෙ අරාබි කෙල්ලේ
ඔයට හැඩම සාරිම ඇන්දේ
සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ
ඇස් දෙක දැක්කම සීලෙ බිඳේ
ලඟ නවලා අඩිචි කලා
රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා
දෙතොල හපා උකුල බදා අනග කතාවේ
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
දිව්‍යාංගනාවී සුරූපී දේහ විලාසී
මුවගේ සිනා වගෙයි දේවතා එළී
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පාස ආ ඕ තුම්
හබීබි සලාම් අලෙයිකුම්
කොල්ලෝ ටිකත් මාත් එක්ක තාලෙට සිංදුව කියද්දි ඇස් දෙක පියාගෙන මාත් ආසාවෙන් සිංදුව ඉවර කලා.. ඒත් මන් මේ වෙනකම්ම රුචිරු ඉන්නවා දැක්කේ නෑ.. මන් හිතුවේ එයා මට කියන්නෙවත් නැතුව ගෙදර යන්න ඇති කියලා.. ඒත් මන් ඇස් ඇරලා බලද්දිම එයා ඉන්නවා මන් ඉස්සරම ඉදගෙන ඇස් දෙකත් බෝල කරගෙන.. ඕක ඉතින් ඇස් බෝල කරන් පුදුම වෙන්න දෙයක් ඈ රුචිරු මන් සිංදු කියනවා දැකලා තියේනේ....
" ඒ වන් මෝ... වන් මෝ නිතුමෝ
තව එකක් කියපාන්..."
" ඒ ඇති බන් උබලා කියපන්.."
මට ඕන උනේ මෙතනින් ඉක්මනට යන්න.. මොකද රුචිරු සහිරුවගේ අතේ එල්ලිලා ඉන්නවා දකිද්දි මට එක මොහොතක්වත් මෙතන ඉන්න හිතුනේ නෑ.. මම හිතන්නේ මට දැනෙන්නේ මේ ඊරියාවද නෑ ඒක වෙන්න බෑ.. රුචිරු ගැන ඊරිසියාවක්නම් මගේ හිතේ තියෙන්නේ මගේ පපුව මෙච්චර පිච්චෙන්නේ නෑ....
" අනෙ තව එකක් කියන්නකෝ සත්සර.."
ඔව්.., වෙනදා වගේම එයාගේ කටහඩට මට අවනත වෙන්න වුනා.. එතනින් යන්න හදපු මාව රුචිරුගේ කටහඩින් ආයමත් එතනම් ඉන්දවුනා.. ඒ දිලිසෙන ඇස් මගේ ඇස් දිහාමයි බලන් හිටියේ.. හැමදාමත් වගේ මට කියාගන්න බැරි වෙදනාවක් ඒ ඇස් වල හැංගිලා තිබ්බා..
හීනයක් නොවනා තැනක
නුබ ආදරේ සගවා..
හේතුවක් නොවනා දිනක්
මා හාද ඉකිබිඳලා
ගෙවුනු අතීතෙක නුබේ කතා...
ඇසෙනවා මෙදා
නොහෙලූ වදන් ඔහේ ...
පාවෙලා ගියා......
නම නැති භාවයක ආයාචනා
නුඹේනුවන් දිහා
මා වරනා රැයක හීනෙන් පවා
නුඹෙන් නෑ ආරාධනා
නම රැදෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා
මතක පද අතුරා හිතක
නුඹ ආදරෙන් මවනා
නුඹ ලියූ කවි ගී පොතක
නොලියූනු කවියයි මා
ගෙවුනු අතීතෙක නුඹේ සිනා
ඇසෙනවා කියා
නොහෙලූ වදන් මගේ ...
මාරුතේ තියා...
නම නැති භාවයක ආයාචනා
ඔබේ නුවන් දිහා
මා වරනා රැයක හීනෙන් පවා
නුඹෙන් නෑ ආරාධනා
නම රැදෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා
මා යනවා නුඹට අරැතක් මවා
නොඑන්න මතක සොයා
වෙනවෙලාවට සිංදුවක් කියද්දි ඇස් පියාගෙනම කියන මම අද කිසිම දවසක වගේ නැතුව රුචිරුගෙ දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා..
මන් හිතන්නේ මම සිංදුවේ අන්තිම පදය ඉවර කරනකොට ඒ ඇස් ගැස්සුනා..ඒ කියන්නේ රුචිරු අඩනවද..
main hall eka piti passata awith hambenna..
මන් එහෙම්මම මගේ ෆෝන් එක අරන් රුචිරුට මැසේජ් එකක් දාලා ගිටාර් එක සමීරගේ අතේ නතර වෙද්දි එතනින් එන්න ආවා.. මන් එතනින් main hall එක ලගට ඇවිත් විනාඩි පහක් යද්දි රුචිරුත් මම හිටපු තැනට ආවා..
"සත්සර... ඇයි මට එන්න කිව්වෙ.."
"මට අද උත්තරයක් දීපන් බන්.."
"මොකටද.."
"උබ අරූ එක්ක සතුටින් නෙමෙයි නේද ඉන්නෙ.."
"එහෙම නෑ සත්සර.."
" උබ කොහොමද නෑ කියන්නේ බන්..
බලපන් තවත් උබේ ඇස් වල කදුලු.."
රුචිරුගේ ඇස් අග තිබුන කදුලක් පෙන්නන ගමන් මම රුචිරු අත තදින් අල්ල ගත්තා...
" ඇයි කතා නැත්තේ රුචිරු.."
" මට උත්තරයක් නෑ සත්සර.."
රුචිරුයි මමයි ටික වෙලාවක් කිසිම සද්දයක් නැතුව බිත්තියට හේත්තු වෙලා ඔහේ අහස දිහා බලන් හිටියා..
" එහෙනම් මන් ඉල්ලන දෙයක් මට දෙනවද.."
මම ඇහුවේ එයාගේ කම්මුලකින් මගේ අතක් තියන ගමන්
"මොකක්ද.."
"මට ඔයාව හම්බුන පලවෙනි දවසෙත් ඒක මන් ඉල්ලුවා.. උබට ඒක මට පළවෙනි වගේම අන්තිම වතාවට දෙන්න පුළුවන්ද..
"ඔයා ඉල්ලන ඕන දෙයක් මම දෙන්නම් සත්සර.."
" මට ඕන... මට ඕන...
ඔයාගෙන් කිස් එකක්... ඒත් ආදරයෙන් පිරුණ..
රුචිරුගේ උත්තරේ මාව ප්‍රතික්ෂේප කරන එක බව දැන දැනම මෙච්චර කාලයක් මගේ හිතේ කැකෑරුන ආසාව එයාගෙන් ඉල්ලුවා...
" හ්ම්.. ගන්න.."
"රු... රුචිරු.."
මේ මම කොහොමටවත් බලාපොරොත්තු උන උත්තරයක් නෙමෙයි.. ඒ කියන්නේ රුචිරු මාව ටික ටික පිළිගන්නවද..
"ඔ.. ඔය ඇත්තමද රුචිරු.."..
මට කිසිම උත්තරයක් නොදී මගේ ඇස් දෙක දිහාම එයා බලන් හිටියා.. එයාගෙ ඇස් වලින් මට ඕන උත්තරේ එයා දුන්නා..
මම ඒ තප්පරෙන් රුචිරුව මගෙ ලගට අරගෙන මන් ආස කරන එයාගේ කෝපි පාට ඇස් දෙකේම මගෙ තොල් තිබ්බා.. මට දැනුනා එයා මගේ ෂර්ට් එක තව තවත් තදින් අතට හිර කරගන්නවා.. එයාගෙ ඇස් වලින් පටන් අරගෙන රෝස කම්මුල්, එයාගේ නහය , නිකට ඒ හැමතැනකම මම හාදු තිබ්බා..
මන් ඇස් ඇරලා එයා දිහා බලනකොට ඒ ඇස් අහිංසක විදිහට පියවිලා තිබුනා.. ලස්සන පොඩි ටෙඩී කෙනෙක්ගේ වගේ..
එයාගේ රෝස පාට තොල් වල ටික වෙලාවක් මගේ ඇගිල්ල අරන් යද්දි එයා ඇස් දෙක තවත් පොඩි කරනවා.. රුචිරු ඇත්තටම දෙවියො ලස්සනට මවපු රූපයක්.. මම හිමින් හිමින් එයාගේ රෝස තොල් මගේ යටතට ගත්තා.. මන් ටිකෙන් ටික හාදුව ගැඹුරු කරද්දි එයා කිසිම ප්‍රතිචාරයක් නොදී මගේ බෙල්ල පුරා එයාගෙ අත් යවන්න ගත්තා.. මන් හිතන්නේ මගේ රුචිරු තාම හාදුවක් තියන්නවත් දන්නේ නෑ... එයා ඒ තරම් නොඉදුල් මලක්..
හාදුව තව ටිකක් ඉස්සරහට අරන් යන්න ආස උනත් රුචිරු දත් තද කරගෙනම ඉන්න නිසා මන් එයාගෙන් ඈත් වුනා.. තවමත් ඇස් පියාගෙන ඉන්න රුචිරු දිහා බලාගෙන ඉද්දි මගේ උනුහුම එයාගෙන් ඈත් උන නිසාදෝ එයගේ හීනි ඇස් ඇරලා මන් දිහා බැලුවා..
" ස..සත්සර ඔයා අඩනවා.."..
ඔව්.. මට නොදැනීම මගේ ඇස් වලින් කදුලු වැටෙනවා.. මොකද මේ පපුවෙන් වෙනුවෙන් පණ ගැහෙන ආදරේ මට දරාගන්නවත් බැරි තරම් සීමාව ඉක්මවලා ගිහින් තිබුනා.. හරියට මහ වැස්සට පිරුනු වැවේ වතුර වාන් දානවා වගේ මගේ ඇස් වලින් රුචිරු ගැන තියෙන ආදරේ වාන් දාන්න ගත්තා....
මන් එහෙම්මම රුචිරුව ලෝභ කමින් මගේ පපුවට තුරුලු කරගත්තා..
" මට උබව ඕන රුචිරු
වෙන එකෙක් ලගට යන්න එපා දෙයියනේ..
....................................
සැබෑ චරිත සමග කිසිදු සම්භන්ධයක් නැත..
Ruth
You are reading the story above: TeenFic.Net