මේ අතරතුර එක්තරා ස්ථානයක ,
" ඒ අරූ ඉස්පිරිතාලෙද බන් "
" මං හිතන්නේ ඔව්.."
" ඕකාට ඔය හම්බුනේ ඌ එදා කරපු බලු වැඩේට පනිශ්මන්ට් එක.."
"එතකොට අනිත් උන් හතර දෙනා "
" උබ අපේ උන් ටිකව ලෑස්ති කරගනින්කෝ.. ඉස්කෝලේ නිවාඩු දෙන්න කලින් වැඩේ ඉවරයක් කරලා දාමූ..
...........................................
.
"පුතා මොකක්ද ඔය කාමරේට වෙලා නටන නාඩගම...ඊයේ ඉදන් ඕක ඇතුලට වෙලා ඉදගෙන කන්නෙ බොන්නෙ නැතුව මොනවද කරන්නේ.. එනවා පල්ලෙහාට..."
මං හිතන්නේ අම්මා මේ දොර ලගට ඇවිත් කෑගහලා ගිය සියවෙනි වතාව වෙන්නැති.. ඊයේ ඉස්කෝලේ ඉදන් ගෙදර ආවට පස්සෙ මන් කිසිම කෙනෙක් එක්ක කතාකරන්නවත් ගියෙ නැති තරම්. අඩුම අප්පච්චි එක්කවත්.. මට ඕනිම වෙලාවේ මගෙන් ඈත් වෙන මාව දාලා යන මිනිස්සු එක්ක ඉදලා මට මාවම එපා වෙලා ඉන්නේ.. එහෙන් රුචිරු , එයාටත් මන් ගැන දශමයක තරම්වත් හැගීමක් නෑ.. අඩුම ගෙදර ගියාද කියලවත් කෝල් එකක් දෙන්න බැරි තරමටම මම එයාට පිට කෙනෙක්... එක අතකට මම මේ යන්නේ මිරිගුවක් පස්සෙද..?
" පුතා මේ දොර අරින්න..."
"මට බඩගිනි නෑ අප්පච්චි.."
"මන් දන්නවා උබට බඩගිනි නෑ කියලා කොලුවෝ.. පොඩ්ඩක් උබ එක්ක කතා කරන්න..මේ දොර ඇරපන්..."
එක අතකට අප්පච්චි එක්කවත් කතා කලොත් මගේ මේ හිතේ බරවත් නිදහස් වේවිනේ.. බෙඩ් ෂීට් එකත් මුලු ඇගේම ඔතාගෙන ගිහින් මම කාමරේ දොර ඇරියා...
" හප්පුච්චියේ කොල්ලෝ මොකද මෙ..
උබට උනද පුතේ.."
"නෑ අප්පච්චි ඇගට හීතලක් ඇල්ලුවා.."
"පොඩ්ඩක් හිටහන් මන් අම්මගෙන් උණුවතුර එකකුයි පෙනඩෝල් දෙකකුයි අරන් එනකම්.."
" ඕනේ නෑ අප්පච්චි මේක අඩු වෙයි..
මාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද අප්පච්චි.."
මන් එහෙම්මම අප්පච්චිව එක්කගෙන් ඇවිත් මගේ ඇදෙන් වාඩි කරගත්තා.. ඒත් තාමත් අප්පච්චි ගැන මගේ හිතේ තියෙන්නේ කේන්තියක්.. අඩුම එයාටවත් තිබ්බා මට කෝල් එකක් ගන්න...
" මාත් එක්ක තරහද පුතේ...
අම්මටයි මටයි හදිසි වැඩක් වැටුන නිසා අපිට මහගෙදර යන්න උනේ.. ඔයාවත් එක්කගෙන යන්න තිබුනා ඒත් ස්පෝට්ස් මීට් අස්සේ ඕවගේ ගිහින් ඉන්න බෑනේ.. ඔයාටත් වැඩ තිබ්බනේ.."
"ඒත් අප්පච්චි අඩුම කෝල් එකක්වත්..."
" අපි වැඩ කන්දක හිර වෙලා හිටියේ කොලුවෝ.. කෝල් එකක් ගන්නවත් සිහියක් තිබ්බේ නෑ..."
මන් කිසිම උත්තරයක් නොදීම අප්පච්චිගේ උකුල උඩින් ඔලුව තියාගත්තා... මන් පොඩි කාලේ ඉදන්ම පුරුදු උනේ මට දැනෙන හැම වේදනාවක්ම තනියම දරාගන්න.. කොච්චර ගැහුවත් , බැන්නත් , ලේ ගැලුම් ගනන් ගලනකම් තුවාලයක් උනත් ඉවසගෙන ඉන්න.. මොන වේදනාවක් දැනුනත් කාගෙන හරි ඉවසගෙන ඉන්න.. ඒත් ආදරය කියන හැගීම ඇතුලේ මන් දුර්වලයෙක්.. හැගීම් හංග ගන්න දුක්විදින ,කදුලු හලන කිසිම ශක්තියක් නැති නිකමෙක්.. මන් හිතන්නේ මගේ ඇස් වල කදුලු හිදෙනකම්ම අප්පච්චිගෙ උකුල උඩට වෙලා අඩන්න ඇති..
" ඇයි අප්පච්චි මට හැමදේම දරාගන්න කියලා දීලා හැගීම් වලින් දුර්වල නිකමෙක් කලේ...මට වේදනයි ...
මට නොසෑහෙන්න වේදනයි අප්පච්ච..."
"පුතා මන් කියන දේ පොඩ්ඩක් අහගන්නකෝ.. ඊට පස්සේ ඔයාම හිතලා බලන්න ඔයා මොනවගේ මනුස්සයෙක්ද කියලා..,
මේ ලෝකේ කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නෑ.. හැම මනුස්සයෙක්ටම ආවේණික දුර්වලකමක් තියෙනවා.. සමහරවිට එකක් නෙමෙයි ගොඩක් තියෙන්න පුළුවන්... ඔයා දන්නවද පුතා අපි මේ ලෝකෙට එන්න හේතුවක් තියෙනවා.. රූපයක් විදිහට ඔයාවත් ඒ හේතුවත් නිර්මාණය කරන්නේ මේ සොබාදහමමයි.. අපිට සොබාදහම නියම කරන දෙයින් කවදාවත් පැනලා යන්න බෑ.. ඒත් එහෙමයි කියලා වෙන දෙයක් වෙච්චාවේ කියලා ඔහේ බලන් ඉන්නත් අයිතියක් නෑ.. මීට අවුරුදු 18 කට කලින් පොඩි දරුවෙක් විදිහට මගේ අතට ආපු උබ අද වෙනකොට කරදඩු උස්මහත් ඉලන්දාරියෙක් වෙලා ඉන්නවා... ඉතින් ඒකත් සොබාදහමේ නියමයක් නේද පුතා.. ඔයා පුළුවන් තරම් උත්සහ කරන්න ඔයාගෙ තියන එක දුර්වල කමක් නැති කරගන්නවට වඩා ඔයා ගාව තියන ශක්තීන් තවත් වැඩි කරගන්න.. එක දශමෙකින් හරි වැඩි කරගන්න.. ඔයාට තේරුනාද පුතා..
" ඔව් අප්පච්චි.."
"තව දෙයක් පුතා ඔයා කිව්වා හැගීම් නිසා ඔයා දුර්වලයෙක් කියලා.. සංවේදි මනුස්සයෙක් වෙනවා කියන්නෙ දුර්වලකමක් නෙමෙයි පුතා.. ඒක ඔයාගේ ශක්තියක්.. ඔයා කාටවත් වඩා ආදරණීය මනුස්සයෙක් කියන්න නිර්වචනයක්... මගේ වචනයෙන් කිව්වොත් ඕනම ගෑනූ ආත්මයක් ප්‍රාර්ථනා කරන ස්වාමියෙක්.. "
"ඔය තරහා අමතක කරලා කෑම කන්න පහලට වරෙන් කොලුවෝ.. අම්මත් උබ කෑවේ නෑ කියලා ඊයේ රෑ ඉදලා බත් කටක්වත් කාලා නෑ..."
අප්පච්චි කියපු හැම වචනයක්ම මගේ හිතේ තැන්පත් වෙද්දි ආය කිසිම දවසක දුර්වලයෙක් වෙන්නේ නෑ කියන්න මගේ හිතට මමම බැම්මක් දා ගත්තා... ඒත් ඔයා වැරදි අප්පච්චි ආදරණීය මනුස්සයෙක්ට කවදාවත් මේ ලෝකේ සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ..
.
අයියලා අක්කලට AL නිසා මාසයකට වඩා කාලයක් අපිට නිවාඩුව ලැබුනා..
මන් හිතන්නේ මාර්තු 5 ඉදලා අප්‍රේල් 17 වෙනකම්ම.. කෙටියෙන් කිව්වොත් දිගම දිග නිවාඩු කාලයක්.. ඒත් මේ උසස් පෙල කියන සාපේ නිසා නිවාඩු කාලේ දශමෙකවත් නිදහසක් නෑ.. අපේ අති උත්තම ටියුෂන් සර්ලා අමතර පංති දාද්දි ඒ අස්සෙන් ඉස්කෝලේ මැඩම්ලා සර්ලත් ඔන්ලයින් පංති දැම්මා.. eww මේක නම් තනිකරම සාපයක්...
නිවාඩු කාලෙත් අහු උන එකේ අපි සෙට් එක එකතු වෙලා පොඩි ට්‍රිප් එකක් දාගත්තා... ට්‍රිප් එකක් කිව්වට ට්‍රිප් එකක්ම නෙමෙයි පොඩි අභිරහස් චාරිකාවක්... එදා අපේ කෝච් සර් කාරයා කිව්ව විදිහට අර බංගලාවෙ තියෙන්නේ මොනවගේ රහසක්ද කියලා හොයාගන්න ඕන උනා.. ඒකේ පෙනුමෙන් තියෙන මූසල ගතියට වඩා ඒක ඇතුලේ වෙන්නේ මොනවද කියලා අපිට හොයාගන්න ඕන උනා.. මටත් වඩා සමීරයට.. අපි ඕකට යන්න ඕන නෑ කියලා පස්ස ගැහුවත් අන්තිමේදි සමීරයා තමයි මේ වැඩේ කරන්න ඕන කියලා අපිව උනන්දු කෙරෙව්වේ...
මට දැන ගන්න ඕන උනා එදා මට මොකක්ද සිද්ධ උනේ කියලා.. මට ඇහෙන අමුතු කටහඩවල්, හීන මේ හැමදේම සිද්ධ වෙන්න පටන් ගත්තේ ඒ වලව් සීමාවට ගියාට පස්සේ.. මොකක්දෝ රුචිරු පවා දන්න මම නොදන්න රහසක් ඒ තැන හැංගිලා තියෙනවා..
.
" දැන් උබ කියන්නේ අපි අනිද්දා යනවා කියලද..."
"ඔව් බල්ලෝ ඔව්.."
" උබ නම් මගේ යාලුවෙක්ද කියලත් සැකයි නිතුමෝ...
යකෝ දැන ගන්නනේ උබෙන් පස්නයක් අහන්නේ.. ඕකට ඔච්චර පුම්බ ගන්න ඕන යෑ..
අද බංඩා සර් උදේම අමතර පංතියක් දාලා තිබ්බ නිසා උදේ පාන්දර අට වෙද්දි පංතියට ගාටන්න උනා... ඉකෝන් කියන්නේ මට එපාම කරපු විෂය නිසාද මන්දා මට දැන් මේ පංති එන එකත් එපා වෙලා අප්පා.. උදේ 8 ඉදන් 2 වෙනකම් ඉකෝන්.. බ්වෑක්කා
කෝමින් කෝමහරි අපි අපේ ගමන් දාගත්තා අනිද්දට ඒ කියන්නේ සෙනසුරාදට.. කොහෙහරි ගමනක් යනවා කිව්වොත් අපේ එවුන්ට නම් අනේ මන්දා යනකම්ම තදියම..
ඔක්කොටම හපන් ෂෙහානයා.. ඕකගේ කටේ කොයි වෙලෙත් අපි යනවා නේද, ඒ බං ගමන රෙඩි නේද.. යැයි යැයි තමා..
.
" අම්මොහ් යකෝ...
පස්ස නෑ වගේ... මේ යකා උගන්නනවා කියලා මෙහෙමත් උගන්නනවද බන්..
යසිරුවා උගේ අත පය දිග ඇරලා කෑගැහුවෙ වටේ හිටපු උන් ටිකත් මේ මොකෙක්ද බලන සයිස් එකට උන්ගෙත් අවධානේ අරගෙන... මටත් දැන් නම් හොද ගනන්.. උදේ ඉදලා හවස් වෙනකම් අර හිච්චි ඩෙස් කෑල්ලේ ඉදන් ඉන්න ගියාම පච්චාත් බාගේ ගන්න දෙයක් නෑ..
" සත්සර.."
යසිරුලා එක්ක ටවුන් එකේ වටයක් දාලා ගෙදර යන්න හදනකොටම අපිට පිටිපස්සෙ ඉදන්ද කොහෙදෝ රුචිරු කතා කලා.. මන් දැන් සතියක් විතර තිස්සේ රුචිරුට කතාකරන්නවත් ගියේ නැති තරම් මොකද මට මූ නිසාම ආදරේ කියන වචනෙත් අප්පිරියා වෙලා...
"මොකද.."
"මට ටිකක් කතා කරන්න පුළුවන්ද"
සමීරයටයි අනිත් උන් තුන් දෙනාටයි මං එනකම් බස් ස්ටෑන්ඩ් එකට යන්න කියලා මම රුචිරු ලගට ගියා.. දැන් නම් මට මුගේ මූනට ගහන්න තරම්ම කේන්ති.. රුචිරු මේ සෙල්ලම් කරන්නේ මගේ හැගීම් එක්ක...
" කියන දෙයක් ඉක්මනට කියපන් මට වැඩ තියෙනවා.."
" මොකද වෙලා තියෙන්නේ.."
'මොනවා වෙන්නද.. ඔය යස අගේට ඉන්නේ.. උබට ඕක නම් අහන්න තිබ්බේ පලයන් ඉතින්...'
"තරහ ගන්න දෙයක් මම ඔයාට කිව්වෙ නෑ සත්සර.. අනික මාත් එක්ක කතා නොකරන්න මං මොකක්ද කරපු වැරද්ද.."
"රුචිරු මන් මේ බොහොම ඉවසීමෙන් කියන්නේ... උබ මෙතනින් මගේ දෑහට නොපෙනී පලයන්.."
තවත් මෙතන කතා කරන්න ගියොත් අනිවාරෙන්ම මට රුචිරුට රිද්දන්න වේවි.. මොකද මගේ කේන්තියේ සීමාව පැන්නට පස්සෙ ඒ ඉන්න කෙනා මම නෙමෙයි.. මං කොච්චර උත්සහ කලත් රුචිරු තව තවත් කලේ මගේ කේන්තිය අවුස්සන එක විතරමයි..
" මට මෙහෙම සලකන්න මම කරපු වැරද්ද කියන්න පුළුවන්ද නිතුම් සත්සර..මොකද මම ආස නෑ කාටවත් වැරද්දක් කරන්න.."
"චටාස්.....
මන් දන්නේ මගේ අත් වෙව්ලුවා විතරයි.. මෙච්චර කාලයක් මම අතක්වත් නොතිබ්බ එයාට අද මන් කම්මුලට ගැහුවා.. ඒත් මට ඒ කරපු දේ ගැන කිසිම පසුතැවීමක් නෑ.. මොකද මම ඒ දුන්නේ එයා කරපු වැරද්දට දඩුවම..
"ඔ.. ඔයා මට ගැහුවා සත්සර.."
රුචිරු රතු උන කම්මුලටත් අත තියාගෙන මාත් එක්ක කතා කරන්න වචන අහුලනවා.. එයාගෙ ඇස් වල තිබුන අහිංසක පෙනුමට වඩා තිබුනේ කේන්තිය.. වෙනදට මන් ඉස්සරහ අමුතු සතුටකින් දිලිසුන ඇස් අද දිලිසෙන්නේ අසීමිත කේන්තියකින්...
" ඔව් මන් උබට ගැහුවා තමයි..
උබට මාව සෙල්ලමක්ද රුචිරු.. ආහ් කියපන්..උබට මාව සෙල්ලමක්ද...
යකෝ උබට කොල්ලෙක් ඉද්දිත් මගේ ඇගේ එල්ලෙන්න එන්නේ මාව උබේ හොර මිනිහා කරගන්නද..
කියපන් මට...
චටාස්...
ඒ පාර වැදුනේ මගෙ කම්මුලට.. ඒකත් රුචිරුගෙන් දෙවෙනි වතාවට..
"තමුසේ හිතුවද සත්සර මං වටේ යන එකෙක් කියලා..
මට කොල්ලෙක් ඉන්නවා තමයි ඒක උබත් දන්නවා මමත් දන්නවා...
"මම යකෝ මම...
දැන් උබට සතුටුද පො#### වගේ උබේ පස්සෙන් ආවට උබට ආදරෙ කලාට..."
"හහ්.. තමුසෙ කොහොමත් එහෙම එකෙක් තමයි.."
"උබට මම........
" ඒහ් නිතුමා නවත්තපන් ඕක.. උබලා ඔය පාරේ මරාගන්න හදන්නේ..
අහකට පල..
සස්මිතයා උබ ඔය රුචිරුව ඇදලා ගනින්..."
"අතෑරපන් මාව ෂෙහානයා..
මට මුට ආදරේ කලා වැඩී බන්.. ඒකයි මෙච්චර මුගෙන් බලු කතා අහන්නේ.."
"කවුද කිව්වෙ මට ආදරේ කරන්න කියලා.."
"රුචිරු උබ පලයන් මෙතනින්.. අපි මූව අරගෙන යන්න.. සස්මිතයා කියන දේ අහලා මූව අරන් පලකෝ.."
"උබ යන්න කලින් මේක අහපන් රුචිරු
මේ ගිම්හාන් නිතුම් සත්සරට දෙයක් එපා උනොත් එපාම තමයී.. ආය මන් උබව දන්නෙත් නෑ ,අදුරන්නෙත් නෑ..
උබත් ඒ විදිහටම හිටපන්.."
"නිතුම් අනේ කට වහපන් බන්...
පංතියේ උනුත් බලනවා..."
මං ජීවිතේටවත් හිතුවෙ නැ රුචිරුගේ අහිංසක මූන පිටිපස්සෙ මෙච්චර දරුණු කෙනෙක් හැංගිලා ඉන්නවා කියලා.. මන් හිතුවෙවත් නැති වචන එයාගේ කටින් පිටවෙද්දි, පපුවට පිහිතුඩකින් අනිනවා තරම් වේදනයී.. සමහරවිට යසිරුලා මෙතනට නාවා නම් මීටත් වඩා නරක දෙයක් සිද්ධ වෙන්න තිබ්බා..
හරි රුචිරු උබ කියන විදිහට මම පො#### නේ.. මන් මේ පපුවෙන් ආදරේ කරපු එකෙක්ගෙන් පලිගන්න ආස නෑ නැත්නම් උබව මට මකවලා හදන්න තිබ්බා.. උබට මාව මෙච්චරටම එපා නම් ආය මගේ මැරෙන තුරාවට මට උබව එපා..
.....................................
සැබෑ චරිත සමග කිසිදු සම්භන්ධයක් නැත.....
Ruth
You are reading the story above: TeenFic.Net