<43>

Background color
Font
Font size
Line height

Author pov....

ලොකූව අමාරුවෙන් ගෙදරට ගෙනල්ලා එයාව කාමරේට දාලා අනික් තුන් දෙනා සාලේ නිදා ගත්තා ලොකූ කොහේ හරි යයි කියලා ඒත් ඉතින් මල්ලිලාට අයියාව පරිස්සම් කරන්න ලේසි උනේ නෑ ලොකූ ජනේලෙන් පැනලා කෙලින්ම ගියෙ බාර් එක පැත්තට

උන දේවල් දරාගන්න එයාට ටිකක් අමාරුයි හැමදේම දරාගන ඉන්න ශක්තිමත් කෙනෙක් කියලා එලියෙන් පෙන්නුවට ඩෙරික් කියන්නේ හරිම ලාමක හිතක් තියන කොල්ලෙක් ඉක්මන්ට හිත රිද්ද ගන්න කෙනෙක්

එක වීදුවක් බිව්වත් වෙරි වෙන සීන් එකේ ඉන්න ලොකූ බෝතලයක් බීලා බාර් එකෙන් එලියට ආවා රෑ නිසා එයාව කවුරුත් අදුන ගත්තෙ නැති උනත්....

🦋 හේයි මිස්ටර් CEO

ජියාත් වැඩ ඉවර වෙලා එන ගමන් එයාගේ මල්ලි බබාටත් හොරෙන් පොඩි ඩ්‍රින්ක් එකක් අරන් හිටියේ බීලා ටික වෙලාවක් ගියාම තමා ජියාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ

🦁 කව්දකව්ද....හීක්

🦋 වාව් ඔයා මේ වගේ තැන් වලින් බොනවද

🦁 හීක්... ඔයා හරිලස්සනයි

🦋 ඒ....ඒ වැටෙන්න එපා

🦁 වැටෙන්නමේඩෙරික්....හික්

කොච්චර කෙලින් හිටන් ඉන්න ගියත් ඩෙරික් අයියා ජියා අක්කාගේ ඇගට වැටෙන්න ඔන්න මෙන්න තියලා කොහෝම හරි හිටගන්නවා

🦋 කට නම් තියනවා දහයකට නෙලන්න ඒත් හිටගන්න පණ නෑ

🦁 පන නෑ....පන නෑ....හික් කාටද දන්නෑ පන නැත්තේ.....හික් ලෑලී සන්ස්තාවෙන් ඇවිල්ලා මට පන නෑ ගානවා හීක්

🦋 මොකක්ද තමුසේ කිව්වේ

🦁 හික් ලෑලි සන්ස්තාවෙන් ඇවිල්ලා කියලා ඇයි මොකද....හික් ගහන්නද

🦋 ලෑලි....මම තමුසෙට ලෑලි පෙන්නන්නම්

ජියා අතේ තිබ්බ කුඩේ අරන් දඩාං ගාලා පාරක් ඩෙරික්ට ගැහුවා ජියා හිතුවේ නෑ ඩයල් එක වැටෙයි කියල ඒ උනාට වැටෙන්නම බලාගෙන හිටිය ඩෙරික් දඩෝං ගාලා පොලෝ මාතාව බදාගත්තේ ජියා බයවෙද්දි

🦋 ආ යූ ඕකේ මිස්ටර් CEO









Morning......


උදේ ඉර එලිය මූනට වැටෙද්දි මම මට එහා පැත්තේ හිටිය කෙනාගේ ඇගට කකුලකුත් දාගෙන එයාගේ පපුවට තුරුල් උනා එයා මගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කැරැල්ලක් හිමීට කන පිටිපස්සේ රදවනවා මට තේරුනා ඒ එක්කම මගේ රිදෙන කම්මුල එයාගේ ඇගිලි තුඩු වලින් පරිස්සමට අත ගෑවා....ඒ සුවද අයියලාගෙනයි නෙමෙයි.... ජුලියන්

මම එකපාර ඇස් අරිද්දි දැක්කේ මූනේ චූටිම චූටි හිනාවක් දාගෙන මාව තුරුල් කරගෙන ඉන්න ජුලියන්ව ඉර එලියට එයා
දිලිසෙනවා
හයෝව් එයා උඩට මුකුත් ඇදලා නෑ...මම
හොදට තුරුල් වෙලා ඉන්නවා ලැජ්ජාවට මූනත් රතු කරගෙන මම හිමිට මාරුවෙන්න යද්දි එයා මාව එයා ගාවට ඇදලා ගත්තා

🖤 මොකෝ ම්ම්ම්....

🌸 කෝ....කෝ අයියල

🖤 ඒ දෙන්නා මම ඇවිත් ටිකකින් ගියා.... නිදි මත නැද්ද

🌸 ම්ම්ම්හූ චූට්ටයි

🖤 එහෙනම් තව ටිකක් නිදාගන්න

🌸 ඔයා දන්නවද මම දුකින් ඉන්නේ

🖤 එහෙනම් නිදාගමු.... එතකොට ඔයාගේ දුක නැති වෙලා යයි

🌸 මේහ්....කමිසයක්

🖤 කව්ද දන්නෑ මන් ඇදට ආපු වෙලාවේ ශර්ට් එකේ බොත්‍තම් ටික ගලවලා තුරුල් උනේ

හත්තිලව්වයි මොනාද එමියෝ ඔයා ඒ කරලා තියෙන්නේ ජුලියන් මේ තරම් කාලෙකට කිව්ව දිගම වාක්‍යද කොහෙද මේක මූන රතූ වෙනවා මට තේරෙද්දි මම ජුලියන්ගේ පපුව අස්සෙම මූන හන්ගගත්තා

🖤 මොකද ම්ම්ම්

ආයෙත් එයාගේ අර ඇගම සීතල වෙන ම්ම්ම් එක මට එකපාර මතක් උනේ ලොකූව මම ඉක්මන්ට ඇදෙන් ඉදගත්තා

🖤 මොකද

🌸 මට පොඩි ගමනක් යන්න තියනවා හැබැයි තනියම

🖤 ම්ම්ම් කොහෙද

🌸 පොඩි වැඩක්

🖤 හ්ම්ම් ෆෝන් එක ඔන් එකේ තියාගන්න

🌸 හරී

🖤 හවස් වෙන්න කලින් එනවා හෙට එක්සෑම් නේ

🌸 හරී

හිතට ආව මොකක්දෝ දේකට මම ජුලියන්ගේ තොල් වලට චූටි කිස් එකක් දීලා එයාව කාමරෙන් එලියට තල්ලු කරලා දොර වැහුවා මන් හිතන්නේ කොල්ලෝ හොල්මන් උනා නැත්තම් මට එයාව තල්ලු කරන්න පුලුවන් යැ

ෆෝන් එක අරන් බලද්දි ලොකූ හොටෙල් එකක ඇඩ්‍රස් එකක් එවලා තිබ්බා එන්න කියලා මේ මනුස්සයා හොටෙල් එකක මොකද කරන්නේ
දැන් ඔයාලා කල්පනා කරන්නේ ඊයේ උන දේවල් එක්ක මම අයියා එක්ක තරහා වෙන්න ඕන කියල නම් අපි මීට වඩා මරාගත්ත අවස්තා වලත් විනාඩියෙන් දෙකෙන් යාලු වෙනවා ඊයේ උන දේ මගෙත් වරදක් තියනවනේ
කම්මුලේ ඉදිමුමත් බැහැලා
හුටා
අයියා එන්න කියලා තියෙන්නේ එකට දැන් දොලහමාරයි ඇයි යකෝව් මම මේ තරම් නිදාගත්තේ.....




At Hotel




මම හොටෙල් එකට ගියා පුදුමෙකට වගේ ලොකූ හිටියේ හොටෙල් රූම් එකක මේකා මොකද හොටෙල් රූම් එකක කරන්නේ මට නෑනෙක්වත් හොයාගනද....

🦁 සුදූ....

මම රූම් එකට ගියාම අයියා මට කාමරේ තිබ්බ පුටුවක් පෙන්නුවා සැක් අද ඩයල් එක හරි අමුතුයි ඊයේ රෑ ඇදන් හිටිය අත් දිග සුදු පාට ශර්ට් එකමයි ඒත් ඒක හොදටම පොඩි වෙලා සාමාන්‍යෙන් ලොකූ පිලිවලට ඉන්නවා

🦁 ඔයාගේ තීරනේ වෙනසක් නැද්ද

🌸 නෑ අයියේ....මට ඕන පියානෝ ප්ලේ කරන්න විතරයි

🦁 හ්ම්ම්ම් ඔයාට ශුවර් නම් ඒක කරන්න

🌸 අයියේ???,

🦁 මම දන්නවා මම හැසිරුන විදිහ ගොඩක් වැරදියි ඉතින්....

🌸 ඒක අවුලක් නෑ..... ඔයා බය උනානේ

🦁 හ්ම්ම්ම් හෙට ඔයා විබාගේ ලියන හැටි අනුවයි ඔක්කොම විසදෙන්නේ ඒත් විබාගේ ලන් වෙලා ඔයා මුහුන දීපුවා එක්ක ඔයාගේ ඔලුව විකාර වෙලා ඇත්තේ

🌸 නෑ එහෙම නෑ

🦁 පියානෝ ප්ලේයින් ඉගන ගන්නේ කාගෙන්ද

🌸 ඉස්කෝලේ ටීච කෙනෙක්.... එයාගේ නම.......

🦋 බේබී....මම වොශ් එකක් දා ගත්තා ඔයා......
එමී

🌸 මිස් ජියා??????

🦁 ඉන්න ඔයාලා එකිනෙකා දන්නවද

🌸 මම පියානෝ ප්ලේයින් ඉගන ගන්න ඉන්නේ මෙයාගෙන්

🦋 ඔයාද මේ CEO ගේ නංගි

🌸 මොකක්......මිස් ඔයා කලින් අපේ අයියට කිව්වේ....

🦁 අම්ම්ම් ඒ කතාව මම ඔයාට පස්සේ කියන්නම් චූටි දැන් යන්නකෝ

🌸 ඒඒඒඒඒඒඒ

අයියා මාව එලියට දාලා දොර වැහුවා මේකා යකෝ මාර අයියෙක්නේ


Author note
මේ වෙලාවේ ජුලියන් හිටියේ හොටෙල් එක ගාව

🖤 එමී ඔයා කාව මීට් වෙන්නද මෙතනට ආවේ

තමන්ටම මුමුනගත්ත ජුලියන් එමී එලියට එන්න කලින් එතනින් ගියා







😪 දිග කතාවක් ඕන කිව්වට මේ තරම් දිග වෙයි කියලා මමවත් හිතුවෙ නෑ

හේ හේ

ඔන්න කපල් දෙකක් හරි දැන්









You are reading the story above: TeenFic.Net