<42>

Background color
Font
Font size
Line height

ශේක් කාර් එක ගෙදරට ටිකක් දුරින් නවත්තලා මට කුඩයක් දුන්නා

🐥 මිස්ව ගෙදරටම ගිහින් දාන්න තිබ්බා නම් හොදයි ඒත් මිස් කැමති නෑනේ

🌸 ඕන්නෑ ශේක්... අනික මට මිස් මිස් ගාන්න එපා අපි එක ක්ලාස් එකේනේ

ශේක් ලස්සනට හිනා වෙලා මට බායි පාරකුත් දාගෙන ගියා මම ලොකූ හුස්මක් අරගෙන කුඩෙත් ඉහලන් ගේ ඉස්සරහට ගියේ දොර ඇරියම සිද්ද වෙන ඕන දේකට මූන දෙන්න බලාගෙන ලොකූ මොනා කිව්වත් මම පියානෝ ගහන එක නවත්තන්නෙ නෑ
දොර ඇරිය ගමන්ම රෙක්ස් එරික් දෙන්නා ඉස්සරහට එන්න නැගිට්ටත් ලොකූ කෑ ගැහුවා

🦁 දෙන්නම ඉදගන්නවා...... චූටී කොහෙද ගියේ

🌸 අයියේ මේ....

🦁 මන් අහන්නේ කොහෙද ගියේ....

🌸 ම්ම්ම්ම්

🐯 චූටියා මඩ නාලා ඉන්නෙ නැතුව ගිහින් වොශ් එකක් දාන් එනවකෝ ..... ලොකූ චූටියා වොශ් එකක් දාන් එනකල් ඉමුකෝ

මම දෙවනි දුන්න අවසරෙන් කාමරේට රින්ග ගත්තා එනපොට නම් හොද නෑ වගේ චූටි අයියලා දෙන්නා නැතුව අනික් අය ඇවිල්ලා ඉන්නේ ලේසි ඒකනේ ඒත් මම මගේ තීරනේ වෙනස් කරන්නෑ මම පියානෝ ප්ලේ කරනවා කරනවාමයි නාගෙන එහෙම්ම චූටි අයියලා දෙන්නට ගෙදරට එන්න කියලා මැසේජ් එකකුත් දාලා සැහැල්ලු ඇදුමකට මාරු වෙලා මම සාලෙට ගියේ ඕන දේකට මූන දෙන්න බලාගෙන

මම සාලෙට යද්දි ලොකූ ඔලුව පහලට කරන් ඉන්නවා දෙවනි පොතක් බලනවා රෙක්ස් එරික් දෙන්නා කොනට වෙලා ඉදන් ඉන්නවා තරහා ගියාම ලොකූ දෙවනිටත් එහා කියන එක අපි හැමෝම දන්නවා

🦁 චූටී.... ඉදගන්න

🌸 හ්ම්ම්ම්

🦁 රෑ කොහෙද ගියේ

🌸 යාලුවෙක්ගෙ ගෙදර....

🦁 හ්ම්ම්ම් අද මට කෝල් එකක් ආවා ඉස්කෝලෙන්.... ඔයාගේ බාරකාරයා විදිහට මම ඉස්කෝලෙට වෙනම ෆෝන් නම්බර් එකක් දීලා තියෙන්නේ...මට එහෙන් කිව්වා ඔයා ආට් යුනිවසිටි එකට ඇප්ලයි කරාලු පියානෝ ප්ලේයින් වලට ඒක ඇත්තද

🌸 ඔව්

🦁 හ්ම්ම් ඇයි පියානෝ ප්ලේයින්ග්

🌸 මම ඒකට ආසයි

🦁 හ්ම්ම් මොනාද ආච්චිගෙන් මන් ඉස්සර කරපුවා ගැන ඇහුවේ

මගේ විතරක් නෙමේ අනික් තුන් දෙනාගෙත් ඇස් ලොකු උනා ඇව් ඇව් දෙවනිගෙම අයියානේ ඔක්කෝම හොයාගෙන තමා ඇවිල්ලා තියෙන්නේ

🦁 කතා කරනවා චූටී....

🌸 ගෙදර පියානෝ එක ගැන ඇහුවේ

🦁 ඔයා ඕක කරන්න හදන්නේ මන් නිසා නම් දැන්ම අත අරින්න

🌸 අයියේ....

🦁 මන් නිසා කරන දෙයක් නම් ඕක අත අරිනවා තමුන් තමුන්ට ඕන දේ කරනවා

අයියා පුටුවෙන් නැගිටලා කෑ ගහලා කිව්වම දෙවනි පවා ගැස්සිලා ගියා ලොකූ ඕනවට වඩා අපි ගැන හිතනවා අම්මෙක් ලමයෙක් ගැන හිතනවා වගේ

🦁 මම හින්දා ඔයාලගේ අනාගතේ විනාශ කරගන්න එපා චූටී

ඒකට නම් මට කටවහන් ඉන්න බැරි උනා අපි අතින් මොන වරද උනත් ලොකූ හිතන්නේ ඒක උනේ එයා නිසා කියලා මම කොල්ලෙක් එක්ක පැනලා ගියත් ලොකූ කියන්නේ මම පැනල ගියේ එයා නිසා කියලා

🌸 ඔයා හින්දා අපේ අනාගතේ විනාශ වෙන්නෑ ලොකූ අද අනික් පස් දෙනාම දැන් ඉන්න තැන ඉන්නේ ඔයාගේ මහන්සිය නිසයි

🦁 මගේ මහන්සිය???

🌸 ඔව් අනික් හැමෝටම හීන වලට යන්න පාර කැපුවේ ඔයා ඔයා නිසයි අපි.....

🦁 චෙෆ් කෙනෙක් වෙන්න හිටිය කොල්ලා ලෝයර් කෙනෙක් උනේ ඒකද ආ....

🐻 ඒ....ඒ ලොකූ මිනිස්සුන්ගේ හීන වෙනස් වෙනවා

🦁 උබ ලෝයර් කෙනෙක් උනේ ඇයි කියලා මම නොදන්නවා කියලද උබ හිතන්නේ..... උබට ඕන උනේ අම්මලගේ මිනී මරුවා හොයා ගන්න මට උදවු වෙන්නනේ

🐻 මම ඒක කරපු එකට ඔයාගේ කිසි සම්බන්දයක් නෑ ලොකූ

🐺 අයියේ ඕයි ඕයී ඕක නවත්තපන් යකෝ

ලොකූ ඇස් වල කදුලු පුරෝගෙන තරහයි දුකයි පාලනේ කරගන්න බැරුව හිටියේ එයාගේ නහය රතූ වෙලා මේ වෙලාවට එයාට පාලනේ කරන්න නම් ලේසි නෑ ලේසි නෑ නෙමේ කරන්න බෑ

🐺 ඕයි ඕයි ලොකූ දගලන්න එපා

🦁 දගලන්න එපා??? එකෙක් මන් හින්දා හීනේ නැති කරගත්තා දැන් තව එකෙක් එහෙම කරන්න හදනවා

🐯 ඒක එයාගේ කැමැත්‍ත කිව්වනේ

🦁 එයා මොකටද ආච්චිගෙන් මගේ දේවල් ඇහුවේ.... එයාට.... එයාට

🌸 ලොකූ මන් කිව්වනේ ඒක මට ඕන දේ..... මට ඕන පියානෝ ගහන්න ඒක ඔයාගේ කැමැත්තද නැද්ද කියන එක මම දන්නෑ මම ආච්චිගෙන් ඇහුවේ ඔයා මගේ අයියා නිසා

🦁 එකට එක කියන්නේ කවදා ඉදන්ද...

චටාස් 💥

මගේ මුලු කම්මුලම රත් වෙලා ගියේ ලොකූගේ කම්මුල් පාරට ජීවිතේ පලවෙනි පාරට ලොකූ මට අත ඉස්සුවා එයා ගහපු පාරට මාව වැටෙද්දි ඒ වෙලාවෙම වගේ ආව යූවී මාව අල්ලගත්තා

🐯 චූටිව උඩ කාමරේට අරන් යමන්

විකී යූවී දෙන්නා මාව කාමරේට එක්කන් යද්දි මම හිටියේ සිහියත් අසිහියත් මැද  කම්මුල පුපුරු ගහනවා ඇස් වලින් එක දිගට කදුලු එද්දි මට කදුලු නවත්ත ගන්න උවමනාවක් තිබ්බෙ නෑ කොටින්ම මම අඩනවද කියලවත් මට තේරුමක් තිබ්බෙ නෑ
පහල තට්ටුවේ ලොකු අයියලගේ සද්දේ නෑහීගන යද්දි විකී කාමරේ ලයිට් එක දැම්මා

🦊 කෝ....මූන පෙන්නන්න..... ස්ස්ස්ස්ස්

🌸 ඇයි අයියේ ඒ වගේ පොඩි දේකට ලොකූ මට ගැහුවේ

මම ඇස් වල කදුලු පුරෝගෙන ඇහුවම අයියලා දෙන්නා මගේ දෙපැත්තෙන් වාඩි උනා යූවී මගේ ඔලුව එයාගේ උරහිසට හේත්තු කරගත්තම විකී ක්‍රීම් එකක් අරන් මගේ රතු උන කම්මුලේ පරිස්සමට ගෑවා යූවී එයාගේ ලේන්සුවෙන් එක දිගට ගලන මගේ කදුලු පිහ දාද්දි මම මල මිනියක් වගේ ඔහේ හිටියා

🦊 සුදූ.... ඔයාට ඒක ලොකු දෙයක් වගේ පෙනුනට ලොකු අයියට ඒක පොඩි දෙයක් නෙමෙයි....
හීනයක් මග ඇරුන එකේ වේදනාව දන්නේ හීන මග ඇරුන මිනිස්සූ ලොකූ දැන් CEO කෙනෙක් විදිහට සාර්තක උනාට එයාගේ හිත අස්සේ ඉන්න පියානෝ වාදකයා එලියට එන්න බැරුව දගලනවා
පිටතින් එක විදිහකටයි ඇතුලින් තව විදිහකටයි ඉන්න හරි අමාරුයි බබෝ

🌸 ඒත්....

🐹 අහන්නකෝ ලමයෝ අපි හැමෝටම පොඩි කාලේ ඉදන් හීනයක් තියනවනේ ඒ හීනේ මග ඇරුනම කොයි තරම් වේදනාවක්ද කියලා ලොකූ දන්නවා එයාට ඕන නෑ ඔයාට ඒ වේදනාව දෙන්න

🦊 ලොකූට හිතින්වත් බනින්න එපා චූටී... එයා ඔයාට ගැහුවේ ඔයා ඔයාගේ අදහස වෙනස් කර ගනී කියල හිතලා ඉස්සර ඔයාට සීරුනොත් අඩන්නේ ලොකූ ඔයාට ගහපු පාර වගේ කී ගුනයක් එයාට රිදෙන්න ඇතිද
හොදට හිතලා තීරනයක් ගන්න ඔයාගේ මුලු අනාගතේම තීරනේ කරන දෙයක් ඕක ලොකූ එයා හින්දා වගේම එරික් එයාගේ හීනේ නැති කරගත්ත එකටත් හරියට විදවනවා එයාට තව දුකක් දෙන්න එපා පැටියෝ

හැමෝටම ඉන්න ඕනේ මට වගේ අයියලා ටිකක් ලොකූ මට ගැහුවට මුලින් පොඩි තරහක් ආවා තමයි ඒත් දැන් මට මම ගැන තරහයි
මම එහෙම්ම යූවීගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා

🌸 ඔයාල හෙට වැඩද

🦊 නෑ....

🐹 හා හා බටර් ගාන්න එපා අපි අද ඉන්නම්කෝ

මම හිනා වෙලා ඇස් දෙක පියාගත්තේ හෙට උදේම ලොකූව බලන්න යන්න හිතාගෙන

( 😪👍 ලොක්කයියා බාර් එකේ යාලුවනේ එයා ජියා අක්කා එක්ක ආය පටලැවිල්ලක් කරගන්න යන්නේ ඒ විස්තරේ ඉතින් ඊලග කොටසේ)










අපේ ලෝයර් චෙෆ් අයියා


You are reading the story above: TeenFic.Net