Chapter 07

Background color
Font
Font size
Line height

ජන්කුක් හවස හතර වෙද්දි ලෑස්ති වෙලා බලන් හිටියේ තමන්ව එක්කන් යන්න වාහනේ එනකන්. ජීමින්ට රේස් එක නිසා පරක්කු වෙන බව දන්න නිසා, ගියත් ජන්කුක් ඉන්ටර්වීව් වලට කතා කරලා ඉවර වෙනකන් ජීමින්ට ඉන්න වෙන නිසයි ජීමින් පරක්කු වෙන එකට ජන්කුක්ගේ අකමැත්තක් තිබ්බේ නෑ.

"ජන්කුක් ෂී.. වාහනේ ආවා. "

අවෝඩ් සෙරමනි එක තිබුණ තැනට ආවත් පැය දෙකක්ම මීඩියා වලට උත්තර දෙන ජන්කුක් මේ වෙද්දි මෙතන ඉන්න ඕනි ජීමින් තාමත් ආපු නැති එක ගැන හිත හිත හිටියේ. මේ වගේ තැනකදී ෆෝන් එකක් ජන්කුක්ගේ අතේ තියෙන්නේ නැති තරම්.

"ජන්කුක් ෂී තව විනාඩි පහකින් සෙරමනි එක පටන් ගන්නවා."

"ජීමින් කොහෙද? හරි නම් මේ වෙද්දි ඉන්න ඕනි නේද?"

තමන්ගේ මැනේජර්ගෙන් ජීමින් ගැන ඇහුවේ මිස්ටර් පාර්ක් වත් පේන්න හිටියෙ නැති නිසාමයි.

"ජන්කුක් ෂී.. පාර්ක් සජන්නිම් වගේම ජීමින් ෂී ව වත් අපිට කන්ටැක්ට් කරගන්න බැරි වුණා."

"දැන්ද මනුස්සයෝ කියන්නේ? මගේ ෆෝන් එක දෙනවා."

මැනේජර් ලග තිබුණ තමන්ගේ දුරකථනය බලෙන්ම අරගෙම ජීමින්ගේ අංකයට දෙතුන් පාරක් ඇමතුවත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ජන්කුක්ගේ හිතට බයක් දැනෙන්න ගත්තේ හේතුවක් නැතුවම.

"ආයිශ්.. ජීමින් ෂී ආන්ස්වර් කරනවා මේක. "

තනියම බැන බැන දෙපැත්තට ඇවිදින ජන්කුක්ව නතර කරන්න මැනේජර්ට වත් බැරි වුණා. ඒත් එක්කම ෆෝන් එකට ගලාගෙන ආපු නොටිෆිකේෂන් වලින් එකක් ඕපන් කලේ හිතේ කලබලේටමයි.

"අද දිනයේ පැවැත්වුණු ධාවන තරගයේදී හදිසි අනතුරකට ලක් වුණ ධාවන ශූර පාර්ක් ජීමින් රෝහල් ගත කර තිබේ. ඔහුගේ තත්වය අසාධ්‍ය බව රෝහල් කාර්‍යමණ්ඩලය දැනුම් දී තිබේ."

එක පාරටම ආපු නිව්ස් එක නිසා හුස්ම ගන්නත් අමතක වුණ ජන්කුක් දුරකථනය අතේ රදවාගෙන හිටියෙත් බොහොම අමාරුවෙන්. ඊට කලින් ආපු නොටිෆිකේෂන් එක ඕපන් වුණේ ජන්කුක්ගේ අතේ තිබුණ කලබලකාරී බවටමයි. රේස් එකේ සේරම රූප රාමු ඒකෙ තිබුණා. වේගේ පාලනේ කරගන්න බැරුව මංතීරුවෙන් ඉවතට විසි වෙන ජීමින්ගේ සුදු පාට මෝටර් රථය පෙරලිලා ගිනි ගන්න විදිහ තවත් ජන්කුක්ට බලාගෙන ඉන්න බැරි වුණා.

"වාහනේ ලෑස්ති කරන්න. හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න. ඉක්මණට යමු."

කලබලෙන් මැනේජර්ට කෑ ගහලා දුවන්න හදන ජන්කුක්ව නවත්තගත්තු මැනේජර් වගේම ලග හිටපු බොඩිගාඩ්ලාත් නිසා ජන්කුක්ට වැඩි දුරක් යන්න වුණේ නෑ.

"ජන්කුක් ෂී, අවෝඩ් ෂෝ එක මගින් දාලා යන්න බෑ. තව පැය තුනක් ඉවසන්න. දැන්ම මෙතනින් එලියට ගියොත් ෆෑන්ස්ලාගෙන් බේරුමක් නැති වෙයි."

"දැන් ඒකද මනුස්සයෝ වැදගත්. අහකට යනවා. මං මේ මගුලට ඉන්නේ නෑ. තමුන්ට එන්න බැරි නම් ඕනි එකක් කරගන්නවා."

තමන්ව නතර කරන්න හදන මැනේජර්ටත් කෑ ගහගෙන කැමරා මැද්දෙන්ම වාහනේට දුවපු ජන්කුක් නිසා එතන ලොකු කලබලයක්. කිසි කෙනෙක් හරියට හේතුව නොදැන ඒ ගැන පුදුම වුණත් අවෝඩ් ෂෝ එක නිසාම හැමෝටම ඒක අමතක වුණා.

ජන්කුක් කෙලින්ම ආවේ හොස්පිටල් එකට. එතන පිරිලා හිටපු මීඩියා වගේම ජීමින්ගේ ෆෑන්ස්ලා නිසා කොල්ලට ඇතුලට යන එක නම් ටිකක් අමාරු වුණා. ඒ නිසාම කැප් එකයි මාස්ක් එකයි දාගෙන යන්න ජන්කුක්ට සිද්ධ වුණා. ICU එක ලගට යද්දිත් මිස්ටර් පාර්ක් පුටුවකට වැටිලා බලන් හිටපු විදිහ නිසා ජීමින් ඇතුලෙ කියලා ජන්කුක්ට තේරුණා.

"ජීමින්ට කොහොමද?"

කලබලෙන් හිටියා වුණත් ඒක නොපෙනෙන්න මිස්ටර් පාර්ක්ගෙන් ඇහුවේ දැන් නැතත් කොයි වෙලාවක හරි ජන්කුක්ට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙන බව දැන දැනමයි.

"ජන්කුක්, ඔයා මොකද මෙතන කරන්නේ?"

"හයියෝ මිස්ටර් පාර්ක්, මං ඕවට පස්සේ උත්තර දෙන්නම්. දැන් ජීමින්ට කොහොමද?"

"දන්නේ නෑ. තාම කිසි කෙනෙක් මුකුත්ම කිව්වේ නෑ. අඩුම තරමේ එයාව බලන්නවත් දුන්නේ නෑ. "

කදුලු නැතත් ජීමින් ගේ අප්පා විදිහට මිස්ටර් පාර්ක් තාමත් දරාගෙන ඉන්න බව තෙරුණ ජන්කුක් එතනින්ම ඉදගත්තේ වෝඩ් එක දිහා තවත් සැරයක් බලන ගමන්.

"ජීමින් ෂී ට කිසි දෙයක් වෙන්නේ නෑ. ඩොක්ටර් ආවම අපි අහමු."

පාර්ක් ගේ හිත හැදෙන්න වචනයක් කිව්වත් තමන්ගෙ හිත තමන්ටවත් එකඟ නැති බව ජන්කුක්ට තේරුණා.

"මං කොච්චරවත් කියනවද කරන දෙයක් පරිස්සමෙන් කරන්න කියලා. ජීමින් ආසා කරපු කිසිම දේකට මං විරුද්ධ වෙලා නෑ. එයාගේ හීනේ රේස් පදින බව දැන දැනත් ඒකට මං විරුද්ද වුණේ නෑ. ඒ නිසා නේද එයා දැන් ඇදක් උඩ හුස්ම වෙනුවෙන් ජීවිතෙත් එක්කම සටන් කරන්නේ. දන්නවද ජීමින්ට මං පොරොන්දු වුණා මාස හයක් ජන්කුක්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙලා හිටියොත් කෝටි ගාණක කාර් එකක් අරන් දෙනවා කියලා. ඒ නිසාමයි මේ දේට එයාව කැමති කරගත්තේ. ඒත් ඒ කිසිම දෙයක් වටින්නෙ නෑ මගේ ජීමින් තරම්."

මිස්ටර් පාර්ක් කියන දේවල් අහන් හිටපු ජන්කුක්ට තේරුණා ජීමින් තමන් එක්ක ඉන්න හේතුව. මෙච්චර වෙලා ඇස් දෙකේ පරිස්සම් කරගෙන හිටපු කදුලු එකින් එක කම්මුල් දිගේ ගැලුවත් මිස්ටර් පාර්ක්ගෙන් ඒවා හන්ග ගත්තු ජන්කුක් ඉන් එහාට කිසිම දෙයක් කිව්වේ නෑ.

පැය ගානක් ඉන්න ඇති. කලබලෙන් එහාට යන නර්ස් කෙනෙක් ඇරුණම තාමත් කිසිම තොරතුරක් නෑ.

"පාර්ක් ජීමින්.. අද ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනාවේ.

ආහ්... එහෙම කොහොමද මට යන්න දෙන්න බෑ කියන්නේ?

පුහ්.. වී අයි පී කියලා මං මොනා කරන්නද? මාත් වෙරි වෙරි ඉම්පෝර්ටන් පර්සන් කෙනෙක් තමයි ජීමින්ට. යන්න දෙනවා මට."

ටිකක් එහයින් ගෑණු ලමයෙක් බෙරිහන් දෙන සද්දෙට ජන්කුක් ගැස්සිලා ගියේ ජීමින්ගේ නම ඇහුණ නිසා. ඒ දිහා බලද්දි දැක්කේ හුරු බුහුටි ගෑණු ලමයෙක් එතන හිටපු නර්ස් එක්ක රණ්ඩු වෙනවා.

"ජන්කුක් ෂී, ඔය ජීමින්ගේ යාලුවෙක්. පුලුවන් නම් ගිහින් එක්කන් එනවද? "

"අහ්? හරි."

ජන්කුක් අකමැත්තෙන් වුණත් රිසිප්ෂන් එක ලඟට ගියේ මිස්ටර් පාර්ක් ගේ ඉල්ලීමට.

"මොකක්ද මෙතන වෙන්නේ?"

"ඕහ් ජන්කුක් ෂී.. මේ කෙල්ල ඇතුලට යන්න ඕනි කියනවා."

"ඔමෝ ජන්කුක්.. වාහ්... මං හීනයක්ද දකින්නේ? ඔයා මාර ලස්සනයිනේ. ජීමින්ට නම් ගැලපෙන්නේ නෑ."

ජන්කුක්ව දැක්ක ගමන් කෑ ගහන්න ගත්තු කෙල්ල දිහා ජන්කුක් බලන් හිටියේ මේ කෙල්ල නම් යාලුවාගේ මල ගෙදර ඇවිල්ලත් හිනා වෙන ජාතියේ ලුක් එකකින්. එතන හිටපු නර්ස්ලට අවුලක් නෑ කියලා පිස්සු කෙල්ලව ජන්කුක් ඇතුලට එක්කන් ආවේ මේ කෙල්ල ජීමින්ගේ යාලුවෙක් වුණේ කොහොමද කියලා හිතන ගමන්.

.

.
.

ජීමින්ට පණ නොදී මේ කෙල්ලව ජන්කුක්ට සෙට් කරන්න හිතින් ප්ලෑන් ගහන මං.

බායි බායි.


You are reading the story above: TeenFic.Net