"දැන් ඔය තරගෙට යන්නම ඕනිද? එදාට ජන්කුක්ගේ අවෝඩ් ෂෝ එක. ඔයා අනිවාරෙන්ම එතන ඉන්න ඕනි."
"දැන් අප්පා කියන්නේ ජන්කුක් වෙනුවෙන් මගේ රේස් එක නතර කරන්න කියලද?"
"තමුන්ගේ රේස් එක බලන්න ජන්කුක්ගේ ෂෝස් දෙකක්ම කැන්සල් කරා."
මිස්ටර් පාර්ක් ටිකක් හඩ උස් කරලා කතා කරද්දි ජීමින්ට දෙන්න උත්තරයක් නැති වුණා. මෙලෝ රහකට නැති අවෝඩ් ෂෝ එකක් බලන්න යනවා කියන එක ජීමින්ට මේ ලෝකෙ තියන කම්මැලිම වැඩේ වුණේ.
"අප්පා.. මං රේස් එක ඉවර කරලා එතන්ට එන්නම්. හරිනේ? "
ගැලවෙන්න බැරිම තැන දෙපැත්තම බේරෙන විදිහේ උත්තරයක් දීලා ජීමින් පාර්ක්ගේ කැබින් එකෙන් එලියට ආවා. තමන්ගේ අප්පාගේ කම්පැණිය පුරාවටම ජන්කුක්ගේ පින්තූර දැක දැක ඒවට හූල්ලන එක ඇර ජීමින්ට කරන්න දේකුත් තිබ්බෙ නෑ. ෆුල් කිට් එක ඇදලා පින්තූර වල හිටපු කඩවසම් ජන්කුක්ගේ අඩු පාඩුවක් හොයන්න කියලා ජීමින්ගේ හිත කෑ ගහන්න ගත්තු නිසාම ලොකු බැනර් එකක් ලගින් නතර වුණ ජීමින් ඉණටත් අත තියාගෙන පින්තූරේ පුරාවටම ඇහැ ගෙනිච්චා.
"ගිටාර් එකක් අතේ තියාගෙන බොරුවට රගපානවා. ජන්කුක්ට ගිටාර් ගහන්න බෑනේ ඉතින්. පේන්නෑ ඉන්න හැටි. කෙල්ලො වශී කරගන්න වෙන්න ඇති හිතන් ඇත්තේ. තොල ලග තියන ලපෙත් වහලා. කියුට් ගතිය නැති කරන්න වෙන්න ඇති. අප්පටත් පිස්සුද වෙන සෙලිබ්රිටි කෙනෙක් ඇත්තෙම නෑ වගේ මේ යකාවම තියන් ඉන්නේ."
තනියම කියවන ජීමින් දැක්කෙ නෑ ඒ වෙලාවෙ තමන් දිහා බලන් හිටපු කෙනාව. උස මදි නිසා ඔලුව උස්සන් පෝස්ටර් එකේ වැරදි හොයන ජීමින් එතන්ට ජන්කුක් එනකන් වත් දැක්කේ නෑ.
"අහ්ම්.. මං ලස්සනයි කියලා දන්නවා. බලන් ඉන්න ඕන්නම් ඕකක් ගෙදර ගෙනිහින් තියාගන්න."
කටහඩට ගැස්සිලා ගිය ජිමින් බය වුණ පාර වැටෙන්න ගියත් බොහොම අමාරුවෙන් සමබරතාවෙ රැකගෙන කෙලින් වුණා.
"පුහ්.. ලස්සන කොහෙද දන්නෑ. මට වැඩේමයි ඔහේ දිහා බලාගෙන ඉන්න. මං යනවා."
"හෝව් හෝව්.. මෙහෙට ආවෙ මොකටද?"
"ඇයි අහන්නේ? මේක කාගෙ කම්පැණියද කියලා අමතක වුණාද?"
දෙන්නට දෙන්නා කෑ ගහ ගන්න විදිහ කම්පැණි එකේ සේවකයින්ට නම් ඒ තරම් අරුමයක් වුණේ නෑ. මොකද දෙන්නා ඔෆිස් එක ඇතුලෙදි රගපාන්නෙ නැති නිසා.
"ටවල් එකක් කරේ එල්ලන් නාන්න යනවද?"
ජන්කුක්ගේ බෙල්ල වටේ එතිලා තිබුණ ටවල් එක දිහා බලන් ජීමින් කිණ්ඩියට වගේ ඇහුවම ඒ විදිහටම හිනා වුණ ජන්කුක් ඇස් දෙකෙන් ඉස්සරහ පෙන්නුවේ.
"ජිම් එක ඉස්සරහ ඉදන් ඉස්සි ඉස්සි මගේ ෆොටෝ එකක් දිහා ඒ තරම් ආසාවෙන් බලන ෆෑන් කවුද කියලා බලන්න ආවේ."
"ජිම් එක? අහ්.. මං තමුසෙගෙ පින්තූරයක් දිහා බැලුවෙ නෑ. මං ජිම් එකට එන්නයි හැදුවෙ."
ලැජ්ජාව වහගන්න ඕනිවට ජන්කුක්ගේ ඇගේ හැප්පිලා ජිම් එක ඇතුලට ගිය ජීමින්ගේ දිහාම බලාගෙන ජන්කුක් ඇතුලට ආවෙ සතුටෙන්.
"ඒයි කුක්කෝ.. තමුසෙට අවෝඩ් එකක් තියෙයිද?"
"ඇහ්?"
"නෑ මං ඇහුවේ මාත් එන එකේ එකම එක අවෝඩ් එකක් වත් නැති වුණොත් මං එන එකෙත් තේරුමක් නෑනෙ."
තෝරලා තෝරලා ටිකක් බරින් වැඩි උපකරණයක් ගත්තු ජීමින් ජන්කුක්ගෙන් අහපු දේට කොල්ලාගේ මූණෙ හිනාවක් ඇදුණේ ජීමින් අවෝඩ් ෂෝ එකට එන නිසා.
"අනිවාරෙන්ම.. මං නොමිනේට් වෙලා තියෙනවා මේ පාර අවෝඩ් 7 කටම."
"මගේ කප් එක එදාට මං ගත්තෙ නැත්තන් මට ඔහෙගෙ අවෝඩ් වලින් වැඩක් නෑ."
"ඇයි එදා ගත්තේ ඔයාට ගන්න තියන් ලොකුම කප් එක නේද? ආයෙ මොකටද?"
"අනේ මේ කුක්කා.. තමුන් ගිය අවුරුද්දේ හොදම නලුවා වුණ පලියට මේ අවුරුද්දෙ නොගිහින් ඉන්නෙ නෑනේ නේද?"
ජීමින් එක්ක කතා කරලා තේරුමක් නැති බව දන්න ජන්කුක් ට්රෙඩ්මිල් එකක දුවන්න ගත්තේ ජීමින් දිහා බලාගෙනමයි. ජන්කුක්ව ගණන් නොගෙන බර උස්සන ජීමින් ෂර්ට් එකත් ගලවලා දැම්මම ජන්කුක්ට කැස්සකුත් ආවේ කොල්ලාගේ වයිට් චොකලට් එකක් වගේ පේන ඇබ්ස් ටිකට. අකුණක් ගැහුව වේගෙන් අනිත් පැත්ත බලපු ජන්කුක් පපුවට අතක් තියාගත්තේ කිසි දෙයක් නොදැන ජීමින් මේ කරන වැඩේට හිතින්ම බැන බැන.
"කුක්සන්.. ඒයි මේ කුක්කෝ?"
"මොනා කරනවා කියලද තමුන් හිතන්නේ. මෙතන ෂර්ට් එකත් ගලවගෙන. මෙහෙම හිටියට මං ඉන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නවද බූරුවෝ."
ජන්කුක් ඒක නම් හිතුවා විතරයි.
"ඒ ගමන මොකක්ද වදේ?"
"වදේ? කව්ද දන්නෑ වදේ? මෙහෙ ඇවිත් මාව අල්ලගන්නවා ටිකක් මං එක්සර්සයිස් කරනකන්."
තමන්ගේ උසට වඩා උසින් තිබුණු යකඩෙ එල්ලෙන්න හදන ජීමින් ජන්කුක්ට කතා කරේ උදව්වට වුණත් ජන්කුක්ට නම් ජීමින් ලගට යන්න තියා ජීමින් දිහා බලන්නවත් වුවමනාවක් තිබ්බේ නෑ.
"පිස්සුද? මලාට මං නම් ඔයාව අල්ලන්න එන්නේ නෑ. ආහ්.. ඔය ඇග වෙන එකෙක්ට දකින්නද එලියෙ දාගෙන ඉන්නේ. මෝඩයා.. ෂර්ට් එක ඇදගන්නවා."
"ඕයි.. මොනාද කල්පනා කරන්නේ? ආශ්.. ඕනි නෑ. මට ප්රැක්ටිස් තියනවා. මං යනවා."
"ඕහ් ජීමින් ෂී.."
"වේ ?"
"අනී මං මේ.. මට අවෝඩ් ෂෝ එක නැත්තන් මාත් එනවා රේස් එක බලන්න. ගුඩ් ලක්.. දින්නේ නැතත් පරිස්සමෙන්."
"ඇහ් ?"
ජන්කුක් කියපු ජීමින්ගේ දේ ඔලුවට වැටෙන්න ටික වෙලාවක් ගියත් කොල්ලා දිවත් එලියට දාලා ඇද කරගෙන එතනින් ගියා.
"ජීමින් ශී.. ඔයා මට මොකක්ද කරේ? "
තමන්ගේ ඔලුවටම එකක් ගහගෙන තනියම හිනා වෙන කොල්ලාව කවුරු හරි දැක්කා නම් හිතන්නේ පිස්සු කියලා.
.
.
.
සිරාවටම මෙහෙම කතාවක් අප්ඩේට් දෙන්න තියනවා කියලා අමතක වුණා. සොරි හොදේ.
ජීමින්ට ජන්කුක්ගේ හිත කියවන්න පුලුවන් වුණ දවසට වලක් කපන් වැලලෙනවා.
මං ගිහින් එන්නම්.
blacklove .
You are reading the story above: TeenFic.Net