🌘🔥 11.🍁 ආදරයේ නිම්නය🍁 🔥🌒

Background color
Font
Font size
Line height

පසු නොබලාම දුවන් ආපු zhao මරණයේ නිම්නය පාමුල නැවතුණා.ඇස් වලින් කඳුලු ගලද්දී හිස් බැල්මෙන් ඈතින් පේන අනන්තය දිහා ඔහේ බලන් හිටියා.

මොහොතකින් පපුවත් අල්ලන් අවධානමවත් නොතකාම කඳු ගැටේ අයිනකින් බිමට කඩන් වැටුණු zhao අතට අහුවෙන පුංචි ගල් පතුරු දෑතින්ම මිරිකමින් අඬන්න උණා.සිනිදු දෑත් තුවාල වෙලා ලේ කැට මතු වෙද්දී හිතේ තියෙන වේදනාව අත් වලින් දැනෙන වේදනාව අහලකින්වත් නොයද්දී තව තවත් රිද්දගන්න වගේ තව තවත් බිම අතගාන ගමන් අඬා වැටුණා.අඬලා අඬලා සෑහෙන වෙලාවකට පස්සෙ උන්නු තැනින් නැගිටිණ ගමන් ඈතින් පේන නිම්නය දිහා බලන් වියරුවෙන් වගේ හීනා උණා.ඒත් හදිසියේම.....
.
.
.
.
.
.
.
.
කලබලෙන් ආපු අතක් zhaoව තමන් වෙතට ඇදලා ගද්දී ඈතින් ඉඳන් බලන් හිටපු කෙනෙක් සැනසුම් සුසුමක් හෙළුවා.එකපාරම උණ දේත් එක්ක කලබල උණු zhao සිදු උණ දේ හිතාගන්න බැරිව මොහොතක් ගතවෙද්දී තුරුළු වෙලා හිටපු පපුවෙන් ඈත් වෙලා යාන්තමින් හිස ඔසවලා බැලුවා....

බලපු බැල්මෙන්ම කලබලෙන් ඈත් වෙන්න හැදුවත් ඒ දෑත් zhaoව තව තවත් තදින් හිර කරගත්තා.

"මොකද...පනින්නද ලෑස්ති...."

අනික් කටහඬ කෝපයෙන් වෙව්ලද්දි zhao ඒ දෑත් වලින් මිදෙන්න උත්සාහ කරා.

"මං...මං තමුන්ට යන්න කිව්වේ...ඇයි ආපහු ආවෙ...අත අරිනවා මාව...මට යන්න දෙනවා....මෝඩ නාකියා.... අත ඇරපන් මාව.."

Zhao මිදෙන්න උත්සාහ කරපු තරමට ඒ දෑත් තව තවත් තද වෙද්දී මොහොතක් zhao දිහාම බලන් හිටපු yang තනි අතක් zhaoගෙ ඇග වටා යවන ගමන් අනිත් අතින් zhaoගේ දෑත් අල්ල ගත්තා.කේන්තියෙන් පිරුණු දෑස් කඳුලු වලින් පිරෙද්දී yang තුවාල වෙලා ලේ ගලන දෑත් දිහා බලන් හිටියෙ වේදනාවෙන්....

"මේ තරම් රිදෙනවද.... ඔය පපුව ඔය හදවත මේ තරම් රිදෙනවද....පතුරු යද්දිත් ලේ ගලද්දිත් ඒ වේදනාව නොදැනෙන්න තරම්...."

"මාව අත අරින්න ගගා....මට රිදෙන්නේ නෑ...ප්ලීස් මාව අත ඇරලා යන්න ආපු ගමන යන්න...මං හොඳින්....කිව්වම අහලා යන්න...."

"ඕ...තමුසෙ හොඳින්ද....ඒ නිසාද මං ගැන වගක් නැත්තෙ....තමුසෙ හොඳින් උනාම ඇති.තමුසෙට ඕනා දේ උනාම ඇතිද. ඇත්තටම තමුසෙ නම් පිස්සෙක් zhao.........තමුන් ගැන හිතන්න කලින් අනිත් මිනිස්සු ගැන හිතන පිස්සෙක්....තමුන්ට මැරෙන්න තරම් රිදිලා තියෙද්දීත් අනිත් උන්ට වෙන හීරිම ගැන හිතන අමුම අමු පිස්සෙක්.මහ ලොකු පරාර්ථකාමියා....අනිත් මිනිස්සුන්ව හොඳට තේරෙනවනෙ...ඇයි ඇයි මාව විතරක් නොතේරුණේ.... ඇහෙනවාද....මේ පපුව තමුසෙ වෙනුවෙන් ගැහෙනවා ඇහෙනවාද..."

ඇස් වලින් කඳුලු ගලද්දී මැණික් කටුව ළඟින් තද කරගත්තු zhaoගේ දෑත් තමන්ගෙ පපුවෙන් තද කරගන්න ගමන් yang කෑ ගැහුවා.

"ග..ගා..."

"ඔව් ගගා....තමුසේගේ ගගා....ඒකත් අමතක වෙන තරමට තමුසෙට අනිත් මිනිස්සු ගැන තියෙන පිස්සුව ඔළුවට ගැහුවනේ...තමුසෙ නම කියලා කතා කරද්දී දන්නවාද මේ පපුව රිදිච්ච තරමක්....ඇයි ඇයි බලෙන් හරි තියාගන්න උත්සාහ නොකර මාව යවන්න හදන්නේ...ඇයි එකපාරක් ඉල්ලන්න බැරි තමුසෙ ළඟින් ඉන්න කියලා.වෙන මිනිස්සු ළඟ තියාගන්න විදිහක් ගැන හීන මවද්දී ඇයි තමුන් ඈත් කරලා යවන්න විදිහක් ගැන විතරක් හිතන්නේ.... මං යන්න ඕනා කියනවා තමා....කාලයක් තිස්සේ ගෙවපු ජීවිතෙන් මිදෙන්න බෑ කියලා....හිත කෑ ගහනවා තමා....ඒත් තමුන්ට තිබුණා ඊට වඩා කෑගහන්න.මට යන්න දෙන්න බෑ කියන්න...අරයා වෙනුවෙන් ඉන්න කියනවා මෙයා වෙනුවෙන් ඉන්න කියනවා ඇයි එකපාරක් කියන්න බැරි ....තමුන් වෙනුවෙන් ඉන්න කියලා... ඒ හැමොටම වඩා තමුන්ට මාව ඕනා කියලා.ඇයි කියන්න බැරි zhao...."

"ගගා මං...මං..."

"කතා...කතා කරන්න එපා තමුන්...අන්තිම මොහොතේත් ඕනා උණේ අනිත් හැම එකාම මතක තියන් උඹව අමතක කරන්න...මෝඩයා...මතක තියා ගනින් මෙතනින් එහාට මේ ගගාට ඔය කාටත් වඩා වටින්නේ උඹව...."

Zhao ඇහෙන දේවල් තවමත් අදහා ගන්න බැරිව yang දිහා බලන් ඉද්දී zhaoව තව ටිකක් ළඟට ඇදලා ගත්තු yang, zhaoගෙ මූණම සිපගත්තේ සීරුවෙන්....

"අනිත් අය ගැන හිතන්න කලින් තප්පරයක් හරි තමන් ගැන හිතපන් මැණික...

අනිත් අයට ඕනා දේ හිතන්න කලින් තමන්ට ඕනා මොනාද කියලා මොහොතක් හිතපන්...

තමන්ට වත් ආදරේ නැති එකෙක් කොහොමද අනිත් මිනිස්සුන්ට ආදරේ කරන්නේ....

පරාර්ථකාමී වෙන්න කලින් ආත්මාර්ථ කාමි වෙන්න ඉගෙන ගනින්.....

උඹ එහෙම හිතුවා නම් අද මෙහෙම තනියම හැමදේම නැති කරන් දුක් විඳින්නේ නෑ...

උඹ එදත් අනිත් උන්ට ඕනා විදිහට හැමදේම වෙන්න ඇරලා පැත්තකට උණා....

ඒක කමක් නෑ කියමුකො...තණ්හාකාරයොන්ගෙන් ඈත් වෙලා උඹ සැනසිල්ලේ හරි හිටියා...

ඒත් හැමදාම එහෙම හරියයි කියලා හිතනවාද ආ....අනිත් මිනිස්සු වෙනුවෙන් විතරක් කැප උණාම....හැමදාම සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා හිතනවාද...."

Yang කියන වැකියක් ගානේ zhaoගේ මූණ පුර සිප ගත්තා...zhao අසිහියෙන් වගේ හැම එකටම ඔළුව හොලවන ගමන් ඒ පහසට අවනත වෙද්දී yang ඒ මූණේ අස්සක් මුල්ලක් නෑරම තොල් අරන් ගියා.දෙන්නටම ඉන්න තැනත් අමතක වෙද්දී එක මොහොතකින් මරණයේ නිම්නය ආදරයේ නිම්නයක් වෙලා තිබුණා.

"කැ හ් කැහ්..."

දෙන්නම පියවි සිහියට ආවෙ හදිසියේ ඇහුණු සද්දෙකින් වෙද්දී මේ තරම් වෙලා ඈතට වෙලා හැමදෙයක්ම බලන් වචනයක් ගානේ අහං හිටපු බින් එතන්ට එද්දී yangත් zhaoත් මූණින් මූණ බලාගත්තා.නිහඬවම ඔවුන්ට කිට්ටු උණ බින් අතේ තිබුණු zhao ගේ බෑග් එක අරන් ගිහිං zhaoගේ දෙපා පාමුලින් තිබ්බා.

"එතුමා විතරක් නෙමෙයි... ඔබත් යන්න...!"

බින් කිව්වේ ඔවුන්ගේ දැස් මඟ අරිමින් ඈත නිම්නය දිහා බලන්.

"ඇත්ත...කවුරුත් වෙනුවෙන් කාගෙවත් ජීවිතයක් විනාස වෙන්න ඕනා නෑ.මේ ජීවිතේ අපට හුරුයි.බලාපොරොත්තුවක් තිබුණ එක ඇත්ත...ඒ බලාපොරොත්තු බිඳෙන කොට දරාගන්න බැරි එකත් ඇත්ත.ඒ මිනිස්සුන්ට තව අනාවැකියක් තිබුණා නම් ඇති වෙයි තව කාලයක් මේ අපායෙ පුරුදු විදිහටම ජීවත් වෙන්න...මේ හිටියා වගේම උන් ඉස්සරහටත් ඒ බලාපොරොත්තු එක්ක ජීවත් වෙයි.ඔබ තුමන්ලා යන්න...."

Zhao වගේම yang කතාකරන්නත් අමතක වෙලා බලන් ඉද්දී බින් ඔවුන්ට කිට්ටු වෙලා දෙන්නගේම අත් වලින් අල්ල ගත්තා. රතු නූලක් අරන් ඒ අත් වලට නූලෙ කොන් දෙක දුන්නා.

"එයා ගියා....ඔබ තුමාට ජීවිතේ දීලා එයා ගියා..."

බින් කියෙව්වෙ zhaoගේ ඇස් දිහා බලන්.

"අන්තිම මොහොතේත් එයා හිතුවෙ ඔබ තුමන්ලා ගැන.මේ ආත්මේ විතරක් නෙමේ හැම ආත්මෙකම ඔබ එකට ඉන්නවා බලන්නයි ඇයට ඕනා උණේ...මේ නූල...ගින්නටවත් පුච්චන්න බැරි උණා දන්නවද.ඒ වගේම මරණෙන්වත් ඔබලාව වෙන් කරන්න බැරි උණේ මේ නූල නිසා..ඇය මේක පණ වගේ රැක්කා. ඇයට ඕනා උණා මේක නැවතත් ඇය අතින්ම නුඹලට දෙන්න....ඔය හිත්වල ආදරේ ඇය හැමදාම විස්වාස කරා.අන්තිමේ අද ඒක වෙලා. ඉතිං ඇය සතුටු වෙයි.ඔබේ විවාහය බලන්න ඇයට බැරි උණත් ඔබ එක් උණු නිසා ඇය සතුටු වෙයි...මමත් ඔබට සතුට ප්‍රාර්ථනා කරනවා...."

Zhao වගේම yangට පුදුමෙන්ම බලන් ඉන්න ඉඩ ඇරපු බින් නිහඬවම ගම්මානේ දෙසට යන පාර දිහාට ගමන් කරා.

"බින් නවතින්න..."

Zhao කෑ ගැහුවේ බිම තියෙන තමන්ගෙ බෑග් එක දිහා බලන්.සෑහෙන දුරක් ගිය බින් නැවතුණා.නමුත් හැරිලා බැලුවේවත් බිමට නැමිලා තිබුණු හිස එසවුණේවත් නෑ.

"මොකද උණේ...."

නූල yangගේ අතට දෙනගමන්
බින් ළඟට දුවන් ගිහිං zhao ඇහුවේ ඒ අතින් අදින ගමන් වෙද්දී මොහොතකට පැතිරුණු නිහඬ බව ඔවුන් ගිලගන්න තරම් උණා.

"ෆාජි...ඇය ගියා....නුඹට ජීවිතේ දිලා ඇය ගියා..."

තමන්ට ඈතින් ඉඳන් කතාවෙ ඉන්න zhao සහ බින් දෙසත් දෙපා මුල තියෙන zhaoගෙ බෑග් එකත් ඈතින් වැටිලා තිබුණු තමන්ගෙ බෑග් එක දිහාත් අතේ තිබුණ නූල දිහාත් මාරුවෙන් මාරුවට බලපු yang හිටියෙ ලොකු කල්පනාවක.

"මො... මොකක්ද ඔබ මේ කියන්නේ...ඇය ගියා....මං නිසා...?"

"ඔබේ තුවාලේ....ඔබ හොඳ වෙන්නේ නෑ....ඇය විස ඉරුවේ නැත්තං...."

බින් කියද්දී zhaoගේ ඇස් නළලට යද්දී කටත් විවර උණා.ඇස් වලින් කඳුලු වැල් පොකුරු පිටින් කඩන් වැටුණා.ෆාජිගේ හදිසි අසනීප තත්වය zhao ට මතක් උණා...

"ඔබ දුක් වෙන්න අවශ්‍ය නෑ.ඇය ඇගේ යුතුකම ඉටු කරා පමණයි.ඇය දැනගෙන හිටියා ඔය තුවාලෙ ඇති උණ විදිහ. ඔබ ඔබේ ජීවිතය පරදුවට තියලා ඔහු වෙනුවෙන් විස ගත්ත පළවැනි වතාව නෙමෙයි මේ.ඇයට ඕනා උණේ කලගුණ දක්වන්න විතරයි..."

බින් ගෙ වචන තේරුම් ගන්න වගේ මොහොතක් ගත කරපු zhao අනිත් මොහොතේ මහ හඩින් හඬමින් බිමට කඩා වැටුණේ බෑග් දෙකත් අතට අරන් ඒවෙනකොටත් එතනට පැමිණි yang ගැස්සිලා යනකොට වෙද්දී අතේ තිබුණු බෑග් දෙකත් එතනම අත ඇරපු yang බිම වැටිලා අඬන zhao ත් අඬාගෙනම ඔහු ළඟ දණින් වැටුනු බින් ළඟටත් කිට්ටු උණේ කලබලෙන්.

"ඇයි මේ...මොකද උණේ...කතා කරනවා...එකෙක් හරි..."

හිතට දැනුන බයත් කුතුහලයත් එක්ක yang කෑ ගැහුවා.මොහොතක් දෙකක් ගත උණත් zhaoගෙන් වත් බින්ගෙන්වත් ප්‍රතිචාරයක් නැති තැන yang සුසුමක් හෙළුවා.

"බින් නැගිටින්න....බෑග් දෙක ගන්න.."

Yang කිව්වේ බින්ව උරහිසින් අල්ලලා නැගිට්ටවන ගමන් වෙද්දී එහෙමම පහත් වෙලා අඬා වැටෙන zhaoව උස්සලා අරන් ඇඟට වාරු කරගත්තා.

"උතු..මාණනි..."

"උතුමාණන් තමා ඇයි මොකද..."

Zhaoව තව ටිකක් වාරු කරගත්ත yang අඩිපාර දිගේ ඉස්සර උණා.

මතුසම්බන්ධයි.....
👩‍💻 dil

2023/01/18

Editing date - 2023/11/26

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

😔😔😔
Yang තනියම යයි කියලා හිතපු අය වෙනුවෙන් විනාඩි දසමෙක නිශ්ශබ්ධ තාවක් 😔😔

ෆාජි ගැන දුකයි 🥺🥺 ලියලාත් කල්පනා කරා ඒ දේ හරිද කියලා 🤧🤧🤧

මන් දුක් දෙනවා වැඩිද වස්තුලා 😭😭😭සොරි වෙන්න ඉතිම්...ඒත් මන් පොරොන්දු වෙනවා අන්තිමේ හැමෝම සතුටු වෙයි කියලා.
ඔතරීව විස්වාස කරන්නකෝ ටිකක් 🥺🥺🥺🥺

12න් එන්නම් 😔😔😔

📌📌 ෆාජිව යවලා මං එදා තනියම ඇඬුවා...ඒත් ඊටත් පස්සෙ ගත්ත තිරණේ ගැන අදට මං ගොඩක් සතුටින් 🥺❤️❤️

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

එක දවසක අපි

නුපුරුදු සුවඳක
හිත හෙමිහිට බැදුනා...

අප හමුවුණු හිනැහුණු
මතකය
සසර පුරුදු හැඟුනා...

ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා...
මේ භවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා...

තුන් හිතක සීතලේ ගුලි වුනු
පෙමි කවක් තියෙනවා කියන්න...
දිව්රන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව...

ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුණා...

ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා...

මේ ලොවම සැහැසි වුවද සඳ
මා හදෙන් වෙන්වී නොයන්න...
ආදරේ සනාථ පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න...

ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුනා...
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා....
මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා...


You are reading the story above: TeenFic.Net