🌘🔥 10.🍁 මරණයේ නිම්නය දෙසින්..ඉතිං ඔබ සමු ගන්න.. 🍁 🔥🌒

Background color
Font
Font size
Line height

උදැසනම අවදි උණු zhao ඇඳෙන් බහින්න හදනකොටම දැක්ක දේ නිසා ගැස්සිලා ගියා.පුංචි කාමරේ කෙළවරක බිම සීතලේ නිදන් ඉන්න yang දැක්කම zhaoගේ මුළු හිතම පිච්චිලා ගියා.දිය ඇල්ල ළඟ සිදුවීමෙන් පස්සෙ ගෙවුන කාලෙම yang, zhaoව මඟ ඇරියා.


Yangට වෙන් උණු කුටියක් තිබුණත් ගෙවුණ හැම රැයක්ම zhaoගේ කුටියේ ගත උණා වගේම තවමත් yangගේ බඩු බාහිරාදිය පවා තිබුණෙ zhaoගේ කුටියේ නිසා ඔහු අඳුමක් පැළදුමක් වෙනුවෙන් හෝ පැමිණෙයි කියලා zhao දවසම බලන් හිටියා. රෑ ඇඳට ඇවිල්ලත් yang එනකං බලන් හිටියා.හුගාක් රෑ බෝ වෙනකං බලා හිටියත් yang අනෙක් කුටියටවත් නොපැමිණෙද්දී රිදුණු හිතත් එක්ක zhao නින්දට වැටුණේ බින් yang ගැන බලන්නම් කියලා දහ අතේ පොරොන්දු උනාට පස්සෙයි.

'ඊයේ රෑත් මං හීනෙන් කෑ ගහන්න ඇති...'

දවස තිස්සේ මඟ ඇරපු කෙනා පහුවදා එළි වෙද්දී තමන්ගෙ කුටියේ ඉන්නවා දැක්කම zhaoගේ හිතට තවත් බරක් එකතු උණා.සද්දයක් නැතිවම එළියට ආපු zhao බලන් හිටියෙ yangගේත් තමන්ගෙත් කුටි වලට මදක් ඈතින් කිරා වැටෙන ගම්වැසි පිරිමින් කීප දෙනා දිහා.yang ගෙත් zhaoගේත් ආරක්ෂාවට සහ උදව්වට යැයි පවසමින් බින් හැම මොහොතකම කීප දෙනෙක්ව එසේ රඳවලා තිබුණා.බින් නොමැතිව එළියට යන සෑම වෙලාවකමත් කිහිප දෙනෙක් ඔවුන් පසු පස පැමිණියා.ඔවුන් පලා යනවාට බියෙන් එසේ කරනවාදැයි විමසූ විට බින් එසේ නැති බවට දස අතේ දිව්රද්දී ඒ ගැන විමසන එක zhao නවතලා දැම්මා.

'එයාලා අපි පැනලා යයි කියලා බය වෙන එක සාධාරණයි...'

Zhao එළියට පැමිණ මොහොතක් ගතවෙද්දි උදෑසන ආහාරයත් රැගෙන බින් පැමිණියේ උන් තැන් වලම නිදිකිරා වැටෙමින් සිටි ගම්වැසියන් එකිනෙකා අවදි කරවන ගමන්.

"ඔබ තුමාගේ උදේ ආහාර.."

බින් පැවසුවේ එක් ආහාර පිඟානක් zhao අතින් තබන ගමන් වෙද්දී බින්ගේ ඇස් yangගේ කුටිය වෙත යොමු වෙද්දී zhao කතා කරා.

"ඕකත් දෙන්න...මං දෙන්නම්.."

"උතුමාණන්..."

"හ්ම්...අදත් මෙහෙ.."

Zhao පැවසුවේ  හිසින් තමන්ගෙ කුටිය පෙන්වන ගමන්...

"ඔබ තුමා ඔහුත් සමග කතා කරාද....එතුමාට පැවසුවාද..."

"ම් හ්...නෑ බැරි උණා..."

Zhaoගේ දුකින් පිරුනු මූණ දිහා බින් බලන් හිටියෙ කනස්සල්ලෙන්.

"කමක් නෑ...ඔබ තුමා කල් අරන් හෙමිහිට පවසන්න...තව කල් තියෙනවානේ..."

"මට බය ඒ ගැන තමා බින්...අපිට නැත්තෙත් කාලෙ.."

අරමුණක් නැතිව ඔහේ බලන් හිටපු zhao මහා බරට සුසුමක් හෙළන ගමන් කෑම දෙකත් අතට අරන් කුටිය ඇතුලට ගියා.කෑම පිඟන් අයිනක තිබුණු මේසෙන් තියපු zhao ඒ දිහා බලන් හිටියෙ ඇස් වල කදුළු පිරෙද්දී.තම්බන ලද අල වර්ගෙකුත් පිළිස්සු මසුත් පිඟන් වල තිබුණා.

'මේවා උයද්දී ඔවුන්ටත් කන්න හිතෙනවා ඇති...ටිකක් හරි කාලා බලන්න හිතෙනවා ඇති...එහෙම දවසක් එනකං බලන් ඉන්නවා ඇති.ඉස්සර නැතත් අපි වෙනුවෙන් කෑම උයද්දී ඒ සුවඳ පැතිරෙද්දී.....සමහර විට නැතුව ඇති.උයාපු කෑමක රස නොහඳුනන කොට මොකක් වෙනුවෙන් බලන් ඉන්නද...'

හිස් බැල්මෙන්ම කෑම පිඟාන දිහා බලන් හිටපු zhao ඒ බැල්මෙන්ම තාමත් නිදන් ඉන්න yang දිහාත් බලන් ඉඳලා බඩගින්නේම කුටියෙන් පිට උණා.

.
.
.
.

.
.
.
උදෑසන කාලය ගෙවී යද්දී yang තවමත් හිටියෙ zhaoගේ කුටියට වෙලා.zhaoගේ ඇඳට වෙලා ඉලුක් සෙවිලි කල වහලේ දිහා බලන් ඔහේ කල්පනා කරේ zhaoගෙ පෙරවනයත් පපුවට තුරුළු කරගන්න ගමන් වෙද්දී zhao කිහිප වතාවක්ම පැමිණ මොහොතක් බලන් ඉඳලා මහා බරට සුසුම් හෙලමින් ආපහු ගිය බවක්වත් ඔහු දැනන් හිටියෙ නෑ.දෙන්නාගේම උදේ ආහාරය මේසෙ උඩ ඔහේ සීතල වෙවී තිබුණා.

'මං මොකද කරන්නේ zhao...මං කොහොමද හැම දේම තේරුම් කරන්නේ.එක අතකට තේරුම් කරන්න දෙයක් නෑ...තේරුම් නොකරම ඔයා හැමදේම තේරුම් ගන්නවා.ඒ නිසයි මට මේ තරම් දුක.හැම දේම තේරුම් අරන් කරගන්න දෙයක්  නැතිව ඔයා ලත වෙන එක ගැන යි මට දුක.ඔයා හිතන්නෙ මට ඔයාව වත් අනිත් මිනිස්සුන්ව වත් තේරෙන්නේ නෑ කියලද.මට හැමදේම තේරෙනවා.ඒ නිසයි ඔයා වගේම මමත් තීරණයක් ගන්න බැරිව තවමත් මෙතන ඉන්නෙ.ඔයා තවම පුංචි කොල්ලෙක්.ජීවිතේ ගැන වගකිම් ගැන ඔයා මොනවාද දන්නෙ.හැමදේම පැත්තක දාලා හිත කියන විදිහට මෙහෙට වෙලා හැංගිලා ඉන්න මට බැරි කමක් නෑ.ඒත් තමන්ගෙ ම ජීවිතෙන් පැනලා ගිහිං කාටද සදාකල් එහෙම ඉන්න පුළුවන්.අද නැතත් ඒ පසු තැවිල්ල කවදා හරි දවසක හිතට වද දේවි.

ලී කියන්නේ නිකංම කෙල්ලෙක් නම් මං මේ ගැන දෙපාරක් හිතන්නෙ නෑ.ඒත් එයා මට මගේම සහෝදරියක් වගේ.පුංචි කාලෙ ඉඳන් අපි කෑවේ බිව්වේ එකට.සෙල්ලම් කරේ ඉගෙන ගත්තෙ උස්මහත් උණේ එකට.අම්මා තාත්තා නැති මට අම්මා තාත්තා උණේ එයාගෙ දෙමව්පියෝ.පොඩි කාලෙ ඉඳන්ම අපි දැනන් හිටියෙ ලොකු උනාම අපි අයිති අපිට කියලා විතරයි.මේ දේවල් මීට හුග කාලෙකට කලින් වෙන්න තිබුණත් මගේ ආසාව වෙනුවෙන් ලෝකේ වටේ ඇවිදලා එනකං එයා මේ තරම් කල් බලන් හිටියා.මගේ පවුලේ අන්තිම කෙනා මං.මගෙන් පස්සෙ හැමදේකටම උරුමක්කාරයෙක් ඉන්න ඕනා.අඩු ගානේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න හරි.

ඔයා කියන විදිහට කසාදයක් කොහොමද බොරුවට කරන්නේ.ඒක සිද්ද වෙන්නේ අපේ ක්‍රමයට නොවුණු පමණින් පොතක ලියලා අත්සන් නොකරපු පලියට ඒ කසාදේ ඇත්තක් නෙමෙ කියන්න පුළුවන්ද.මේ හිතට දැනෙන හැඟීම් එක්ක ඒක බොරුවක් කියලා හිතන්නවත් මට පුළුවන් වෙයිද. ඔයා කියන විදිහට කරලා මේ මිනිස්සු හොදින් හිටියත් ඔයා ලී මම අපි හැමෝටම ජීවිත කාලයක් ගෙවන්න වෙන්නේ එකම මුලාවක. දැන දැන මේ දේවල් වලට ඉඩ දුන්නොත් ඔයාට වගේම ලී ටත් මං කරන්නේ වැරද්දක් අසාධාරණයක් නෙමෙයිද. ඒ වගේම මේ මිනිස්සුන්ට උණත්.

මට තේරෙන්නේ නෑ දෙයියනේ.හිතට එකඟව ගන්න පුළුවන් එක තීරණයක් වත් නැතිකොට.කොහෙන් කොහොම මේ දේවල් වලට උත්තර හොයන්නද කියලා....'

"yang...නැගිටින්න ඉක්මන් කරන්න..."

Yangගේ කල්පනා ලෝකේ බිදුණේ හදිස්සියෙන් කුටියට කඩාපාත් උණ zhao නිසා.කවදාවත් තමන්ට නමින් කතා නොකරපු zhao මේ මොහොතේ නමින් කතා කරද්දි හිත ඇතුලෙන්ම ආපු වේදනාව ඇස් දෙකත් කඳුලින් පුරවද්දී yang, zhao දිහා බලන් හිටියෙ මොකුත් හිතාගන්න බැරිව.

"ඉක්මන් කරන්න....ලොකු වෙලාවක් නෑ....හැමෝම ගිහිං...."

Zhao කලබලෙන් එහෙටත් මෙහෙටත් පණින ගමන් එළියේ තිබුණ yangගේ ඇඳුම් බඩු මුට්ටු සියල්ලම බෑග් එකට පුරවන ගමන් කෑ ගැහුවා.

"එන්නෙ නැද්ද...මෙහෙන් යන්න ඕනා නම් ඉක්මන් කරනවා...."

Zhao කෑ ගැහුවේ බෑග් එක කරේ දාන් yangගේ අතෙන් අදින ගමන් වෙද්දී මොකුත් හිතාගන්න බැරිවම yang, zhao පස්සෙන් ගියේ සිහිනෙන් වගේ.zhao පැවසුවා වගේම පාළුවට ගිය පරිසරේ දිහා yang බැලුවෙ පුදුමෙන්.අතර මඟ හමු උණ පැල්පත් පවා පාළුවට ගිහිං තිබුණා.දාහක් ප්‍රස්න හිතට ආවත් zhao පස්සෙම ඇදෙනවා මිසක් කතා කරගන්නවත් yangට කල්පනාවක් තිබුණෙ නෑ.

සෑහෙන දුරක් yang මීට කලින් ගමන් නොකරපු මාර්ගයක zhao, yangව එක්ක ගියේ පුරුදු කාරයෙක් වගේ.සෑහෙන දුරක් ගමන් කරද්දි පරිසරේත් අමුතු වෙනසක් දැනෙද්දී yang, zhaoව නැවත්තුවා.

"කොහෙද යන්නේ...."

Yanh ඇහුවේ zhao තවමත් අල්ලන් ඉන්න තමන්ගෙ අත බලෙන්ම මුදව ගන්න ගමන්.

"කොහෙද යන්නේ අහන්නේ.... තමුසෙට මෙහෙන් යන්න නේද ඕනා උණේ...."

"ඒත් මේ පාර..."

"මෙහෙන් ළගයි... බින් එක්ක ඇවිදින්න ආපු වෙලාවක එයා මේ ගැන කිව්වේ.මේ පාර යන්නේ මරණයෙ නිම්නේ මැදින්.එයාලා මෙහෙට එන්නෙ නෑ.ඒ වගේම ප්‍රධාන පාරට මෙහෙන් ගොඩක් ළගයි...."

Zhao උත්තර දුන්නේ නොනැවතීම ඉදිරියට යන ගමන්.

"මරණයේ නිම්නය....?ඒ මොකක්ද.."

"මස් පුච්චලා නොකාපු මිනිස්සු කවුරුහරි මැරුණාම පුච්චයි කියලා හිතෙනවාද ගගා...."

Zhao ඇහුවේ හිටිවනම කදුගැටයක් මත නතරවෙන ගමන් පහලින් පේන දෙයක් දිහා බලන් වෙද්දී zhaoගේ බැල්ම යොමු උණ දිහාට එබුනු yang ගැස්සිලා ගියා.තැනින් තැන විසිරුණු සුදු පාට මිනිස් ඇට කටු හිස් කබල් නහය අකුළුවන විදිහෙ ගඳ දැක්මෙන්ම පවා yangගේ ඇගේ හිරිගඩු පිපුණා.

"මේ තියෙන්නේ මරණයේ නිම්නය.ඔවුන් මිනී පුච්චන්නෙ නෑ අර සිද්දියෙන් පස්සෙ. මෙතනට ගෙනත් දානවා.ඔවුන් මෙහෙට එන්නෙවත් නෑ මරණයක් උනොත් ඇරෙන්න. මේ පාර ප්‍රධාන පාරට ළඟ උණත් ලේසි උණත් මෙහෙන් නොයා අර දුර්ගේ මැදින් අමාරුවෙන් එන්නෙත් මේ හරියෙන් එන්න අකමැති නිසා...එන්න ඉක්මන් කරන්න..."

පාළු මූසල පල්ලම දිහා මොහොතක් බලන් හිටපු yang ආයීමත් zhaoගේ පස්සෙන් ගියා.තව මද දුරක් ගමන් කරපු zhao හිටිවනම නැවතුණේ කරේ තිබුණු බෑග් එක ගලවලා yang අතට දෙන ගමන්.

"තාම 2.30යි.මං දින ගණන් කරලා බැලුවා.අද බස් එක කන්ද බහින්න ඕනා.ඔයාට අල්ල ගන්න පුළුවන් වෙයි.බෑග් එකට මං ළඟ තිබුණු බිස්කට් එහෙම දාලා තියෙන්නේ.බින් කිව්වා මේ කිට්ටුව තව ගමක් තියෙනවා කියලා.බස් එක අල්ල ගන්න බැරි උනොත් එහෙට යන්න."

Zhao මැෂින් එක වගේ කියවන් යන දිහා yang කටත් ඇරන් බලන් හිටියෙ zhao දික් කරන් හිටපු බෑග් එක අතට ගන්නත් අමතක වෙද්දී.

"මොන ලෝකේද ඉන්නෙ yang...මේක ගන්න.අරන් ඉක්මන් කරන්න.."

"ඕ..ඔයා...එත.. කොට ඔයා..."

"මං එන්නෙ නෑ .ඔයා යන්න.ඒ වගේම මතක තියාගන්න කසාදේ තියෙන්නේ තව මාස 4කින්.ඔයා ගිහින් ලෑස්ති කරගත්ත විදිහට මාස 2කින් ලීව මැරි කරන්න.නිකං හරි මේ මිනිස්සු ගැන අනුකම්පාවක් තියෙනවා නම් මාස 4කින් ආපහු එන්න...ඉස්සර වෙන කෙනා සැබෑ අයිතිකාරයා වෙයි.ඔයා කැමැති විදිහටම..."

"Zhao මං ...."

"මොකුත් කියන්න එපා...මට අහන්න ඕනා නෑ..."

"ඒත් ඔයත් එන්න ඕනා...නැත්තම් ඔයාගෙ ජීවිතේ අනතුරේ..."

"එහෙම වෙන්නේ නෑ .මං මං ගැන බලාගන්නම්.කොහොමත් ඒ දවස වෙනකං මං මෙහෙන් අඩියක් එළියට තියන්නේ නෑ. ආයි එනවාද නැද්ද කියන එක ඔයාගෙ තීරණයක්."

"Zhao කියන දේ...."

Yang කියන්න ගිය දේ මඟ නතර වෙද්දී zhao, yangගේ තොල් වලින් අල්ල ගත්තා.yang ගල්වෙලා බලන් ඉද්දී  මොහොතක් තමන්ගෙ හිතුමතේට yangගේ තොල් සිපගත්තු zhao, yangගේ කම්මුලින් දෑත් තියන් කඳුලු පිරුණු ඇස් වලින් yangගේ ඇස් වලට එබුණා.

"ඔක්තෝම්බර් 5 ඒ දවස...හොඳට මතක තියාගන්න."

"ඔක්තෝම්බර් 5 ?"

yang ඇහුවේ ඇස් දෙක නළලට යද්දී.

"ඔව් ඔක්තෝම්බර් 5.ඊලඟ පූර්ණ සූර්යග්‍රහණය සිද්ද වෙන දවස.
මාව අමතක උණත්....ඒ දිනේ වගේම අර අහිංසකයන්ගෙ මූණු අමතක කරන්න එපා.පරිස්සමින් යන්න....මං ගොඩක් ආදරෙයි ගගා....මහ ගොඩක්.."

Yang ගෙ නළලත් සිප ගත්තු zhao පසු නොබලාම ආව පාර දිගේ දුවන් ගියා.

"Zhao නවතින්න....zhao....!!"

සිහි එළව ගත්ත ගමන් yang, zhao පිටුපසින් දුවන් ගියා වෙද්දී zhao හිටි තැනම නතර උණා.

"නවතිනවා...!! ඔතනම නවතිනවා...!! තව අඩියක්...එකම එක අඩියක් තියන්නේ නෑ ඔතනින් මෙහාට...."

Zhaoගේ කේන්තියෙන් පිරුණු කට හඩ ඇහෙද්දී yang එතනම නතර උණා.

"එක අඩියක් හරි තිවුවොත් අතනින් පහළට.... පණිනවා මං මේ දැම්ම. ඒ නිසා යනවා ආපහු හැරිලා යනවා...."

මරණයේ නිම්නය දෙසට ඇගිල්ල දිගු කරමින් yang ට අණ දෙන්න වගේ කෑ ගහපු zhao ඇස් වලින් ගලන කඳුලු පිස දමමින් ආයිමත් හැරිලා දුවන් ගියේ yang හිටි තැනම නතරවෙලා බලා ඉද්දියි....

මතුසම්බන්ධයි.....
👩‍💻 dil

2023/01/17

Editing date - 2023/11/25

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🤧🤧නාකියව යැව්වා ළමයි ඔන්න 😔😔

Zhao කොලුවා ඇත්තටම පනී ද දන්නෙ නෑ අතනින් පහළට.

හැම මඟුලටම පසෙන් ඉන්න බිනා කොහෙ අතුරුදහන් වෙලාද.

11න් එන්නම් 🤗🤗🤗


You are reading the story above: TeenFic.Net