"පියඹා යනවා මා ආකාසයේ ටෞක් අනේ ම්හ්ක් ආව් අනේ .... "
"මොන මගුලක යනවද මන්දා ....... ?!!"
"අනේ අහකට යනවකෝ මල වදේ දොර හරස් කරන් හිටන් ඉන්නේ අනේ බියුටී මම ආවා හලෝ අහකට පෝහ් පෝහ් "
හවස පහට වැඩ ඇරිලා ආපු යසිරු මෙතුලගේ රූම් එකේ දොරට ඇතුල් පැත්තෙන් බිත්තියට හේත්තු වෙලා මෙතුලට ඉන්දීවරි කෑම කවන හැටි බල බල හිටියේ එහෙම හිටන් බලන් නොහිටියොත් ඔය කොල්ලා බත් කන්නැති බව හොදාකාරවම දන්න නිසා අම්මගේ කනෙන් රිංගන්න නම් අම්මෝ ඉතින් රුසියා .....
ඒක හරියට නිකන් පොඩිලමයින්ට බිල්ලව පෙන්නලා කෑම කවනවා වගේ .... අනේ ඉතින් මෙතුලගේ කට ඇරෙන්න නම් යසිරු මරුමුස් මූනක් මවන් ඉන්නම ඕන ළඟ පාතක
ඔය අස්සේ තමා සිංදුවක් කිය කිය නට නට ආපු ඒශ් ඇස් පියන් දොර ඇරන් ඇවිත් ටාර් ගාලා යසිරුගේ ඇගේ වැදිලා විසි වෙලා ගිහින් ආපස්සට සොෆීගේ ඇගේ වැදුණේ
ඔන්න ඉතින් බටු ඇට සයිස් කොල්ලා ෆයර් උනා කුටු කුටු ගගා බැන බැන යසිරුගේ කකුලටත් පයින් ඇනගෙනම ඇතුලට ගිය ඒශ් තඩි මල්ලක් හොස්පිට්ල් බෙඩ් එක උඩට අතෑරියේ කට කනට අරන් හිනාවෙන ගමන්
"සොරි ඒ එයාගේ හැටි ගණන් ගන්න එපා "
ඒශාන් කකුලෙන් ගහන් ගිය පාරවල් ගැන හොදට දන්න නිසා යසිරුට රිදෙන්නැති කියලා හිතුව සොෆී සාක්කු දෙකටම අත දාගෙන යසිරුගෙන් සමාව ඉල්ලලා ඉස්සරහට ගියේ යසිරු තව පොඩ්ඩක් කට ඇද කරලම අයියටයි නංගිටයි රවද්දි
"මේ ආන්ටි බියුටිට අපේ අම්මි බ්‍රවුනීස් වගයක් හදලා දුන්නා මෙයාට ශුගර් කෑවට අවුලක් නැද්ද හලෝ "
"නෑ නෑ අවුලක් නෑ හලෝ "
ඉන්දීවරි එශාන් කියපු විදිහටම උත්තර දීලා ඒශාන් එක්ක හිනා වුනේ කෑම පෙට්ටිය වහලා අත හෝදන්න යන ගමන්
"යෝහ් මම ඔයාගේ නෝට්ස් ඔක්කොම ලිව්වා ඔයා හෙට එන්න ඕන්නෑ බියුටි අනිද්දටම එන්න ... "
මෙතුල ඔලුව උඩ පහල කරලා එශාන්ට එකග උනේ ඒශාන් ලිව්වයි කියපු නෝට්ස් ඔක්කොම එකින් එක පෙරලන ගමන් ඒ අස්සේ පොඩියට කොටුවට කපලා ලොකු ලන්ච් බොක්ස් එකකට අතුරලා චොක්ලට් සිරප් දාලා තිබ්බ බ්‍රවුනීස් පෙට්ටිය ඇරලා මෙතුලගෙම හොස්පිට්ල් බෙඩ් එකට නැග්ග ඒශාන් එයාට පුලුවන් විදිහට මුලු පාඩමම මෙතුලට කියලා දෙන ගමන් බ්‍රවුනීසුත් කැව්වේ සොෆී ෆෝන් එක අතට අරන් කවුච් එකේ ඉදගෙන වැරදි හදද්දි
"මිසිස් ඉන්දීවරි "
"යස් ... "
"ඩොක්ටර් කිව්වා පේශන්ට් ටිකක් දුර්වල නිසා හෙට උදේට ටිකට් කපන්නම් කියලා එතකන් අපි මේ සේලයින් එක දෙමු "
"ඕකේ නර්ස් ... "
ඒශාන් පට ගාලා හොස්පිට්ල් බෙඩ් එකෙන් බැහැලා නර්ස්ට සේලයින් එකක් ගහන්න ඉඩ දීලා පැත්තකට උනේ නර්ස් සේලයින් එකයි මෙතුලගේ අයි ඩ්‍රොප් එකයි ඔක්කොම දාලා රූම් එකෙන් එලියට යද්දි
"ඔයා අඩනවද ඔය ? "
"දැවිල්ලයි ... "
ඒශාන් ආයෙම හොස්පිට්ල් බෙඩ් එකට නැගලා මෙතුල පල්ලෙහාට නවාගෙන හිටිය ඔලුව කෙලින් කරලා කදුලුත් පිහිදලා කර වටේට අත යැව්වේ යසිරු ඇවිත් පොඩි පොතක් ඒශාන්ගේ අතට දීලා ආයෙම යද්දි
ඒත් පොතෙන් මොකක්ද කරන්න ඕනි කියලා නොතේරුන කොල්ලා යසිරු දිහා බැලුවේ යසිරු ඕකෙන් ඇස් වලට හුලං ගහන්න කියලා තොල් මතුරද්දි
ආපු නර්ස් එක්ක ඉන්දීවරී එලියට ගියපු නිසා එශාන් හිමීට පවන් ගැහුවේ මෙතුල ඇස් අල්ලන්නැතුව බොහොම අමාරුවෙන් ඇස් වලට දාපු බෙහෙතේ වේදනාව විද ගනිද්දි
"එස්කියුස් මී .... මම ඉදගන්නද මෙතනින් ... "
ආයෙම මෙතුලගේ පාඩම ඒශාන් පටන් ගත්ත නිසා සොෆි ඇවිල්ලා සෝෆා එකේ ඉදගෙන හිටිය යසිරුගෙන් ඇහුවේ සෝෆා එකේ අනික් කෙලවර ඇස් වලින් පෙන්නන ගමන්
"ම්ම් "
යසිරු තාම ඔෆිස් එකට ඇඳන් ගිය සුදු ශර්ට් එකයි කලු ට්‍රවුසර් එකයි පිටින්මයි මේ ඉන්නේ බඩගින්නෙම දැන්... බඩගිනිත් එක්ක ඒත් අද අම්මව ගෙදර යවලා එයා රෑට ඉන්නවා කියලා කොල්ලම හිතලා ඉවර නිසා සෝෆා එකට හේත්තු වෙලා බෙල්ල පිටිපස්සට කඩාගෙන ඇස් පියාගත්තේ තව ටිකකින් ගිහින් කඩෙන් කාලා එනවා කියලා හිතාගෙන ...
"ලොකු ඔයා ගෙදර ගිහින් වොශ් දාලා එන්න අම්මා ඉන්නම් "
"නෑ යන්නකෝ ඔයා මට අවුලක් නෑ දැන් ගෙදර ගියොත් මට එන්න පරක්කු වෙනවා ඒකෙන් ඔයාගේ කෑම පරක්කු වෙනවා ඊට පස්සේ බෙහෙත් පරක්කු වෙනවා .... ඔයා යන්න ආච්චි ගෙදර ඇති ... "
"ලමයෝ කන්න හරි යන්න ... "
"අවුලක් නෑ හොස්පිට්ල් කැන්ටින් එක තියෙනවානේ මම හවස කෑවා බඩගිනි උනොත් කන්නම් .... "
"අනේ මන්දා පරිස්සමින් ඉන්න මල්ලිට සැර කරන්න එපා පව්නේ .... "
"ම්ම් "
"මෙතු අම්මා යනවා ... පැටියෝ ආන්ටි යනවා දුව යන්නම් ..... "
"අහ් හරි ආන්ටි අපිත් ටිකකින් යනවා මමා එනවා කිව්වා එක්ක යන්න ඒකයි මේ ඉන්නේ ... "
"අහ් හරි පුතේ බුදු සරනයි "
ඉන්දීවරි හෑන්ඩ් බෑග් එකත් අරන් යන්න යද්දි යසිරු ආයෙම ඉදගෙන උඩ බොත්තම් දෙකත් ඇරලා සෝෆා එකට හේත්තු උනේ එහා පැත්තේ ඉඳන් ඉන්න කෙල්ල දිහත් බලන ගමන්
යකෝ හොස්පිට්ල් එකක් අස්සේ ඉඳන් මිනී මරන ගේම් ගහන එකෙක් දැක්කමයි !
යසිරුට බලපු සැනෙන් හිතුණේ ඔන්න ඕක .... සොෆී එහා පැත්තට වෙලා ෆෝන් එකෙන් දාගෙන වීඩියෝ ගේම් එකක් ගහනවා ඒ පැත්ත බලන් ඉදලා වැඩක් නැති නිසා ආයෙම ඇස් පියාගත්ත කොල්ලා අත් දෙකත් බැදන් කල්පනා කරේ වැඩ්ඩා වගේ මෙහෙම නිදි මරන්නම් කියලා ඉදියට හෙට උදේට ඔලුව උස්සන් වැඩට යන්නේ කොහොමද කියලා
මිග්‍රේන් නම් සාපයක් දෙයියනේ !!
"දැන් හරි ... යාහ් ඔහොම නෙමේ ත්‍රිකෝන ප්‍රිස්මයක් වගේ අනේ .... "
"මේමද ? "
"ම්හ්ක් අනේ නංගි .... මෙන්න මෙයාට කියලා දීපන්කෝ ඕයි "
"ම්න් .... ඈශ් අපි වෙන වෙලාවක ප්ලේ කරමු දැන් තමුසේ පාඩං කරනවා ගිහින් නැත්තං චූටි තාත්තා මාව මරන් කයි ... "
මෙච්චර වෙලා කට වහන් හිටිය සොෆී ප්ලේ කර කර හිටිය ගේම් එක නවත්තලා එහා පැත්තෙන් ඔන්ලයින් වීඩියෝ ගේම් එකත් එක්ක සම්බන්ධ වෙලා හිටිය පොඩි මල්ලිටත් පොඩි සද්දයක් දාගෙනම නැගිටලා ගිහින් මෙතුලට ඒ කොටස් ටික කියලා දුන්නේ මෙතුලට පැහැදිලිව තේරෙන විදිහට
අනේ ඉතින් බලන් ඉන්න යසිරු කල්පනා කරේ මේ ජාතියේ යාලුවෝ දෙන්නෙක් කීයක් විතර වෙයිද කියලා එකෙක් ඉන්නවා දුකට සැපට කියලා එකෙක් ඌට හදීසියකට කෝල් එකක් ගන්නවට වඩා ලේසියි ජනාධිපතිට ගන්න එක මොකද පසන්ට කලින් ජනාධිපති ෆෝන් එක උස්සනවා ඒ තරන් බිසි පොරක්ලුනේ පසන් අනික් එකී මිනුශි ඒ අනික් හොල්මන හදීසියකට කතා කරාම අනේ හලෝව් ම්හ්ක් ගාගත්ත ගමන්මයි
ඒකට මේ ඉන්න මල්ලිගේ යාලුවෝ දෙන්නා පුලුවන්නම් හොස්පිට්ල් බෙඩ් එකෙන් මල්ලිව බිමට ඇදලා දාලා උන් දෙන්නා සේලයින් කට්ට අරන් උන් දෙන්නගේ ඇගේ ගහගෙන නිදාගනිං එහෙමටත් බඩු දෙක
විශේසෙන් කොට ගම්බිත්තරයක් වගේ ඉන්න කොල්ලා බුදු අම්මෝ දැනටත් ඉන්නේ මෙතුලව කරේ තියන් වගේ
ඊටත් යසිරුට තිබ්බා කල්පනා කරන්න එක විශේෂ දෙයක් එයා දන්නවා මල්ලි ගොත නැහෑ කියන්න ඒත් ඒ අම්මා එක්ක විතරයි අඩුම එක ගෙදර ජීවත් වෙන එයා එක්ක වත් මෙතුල තනි කෙලින් ගොත නැතුව වචනයක් කතා කරේ නෑ දැනුත් එහෙමයි මොකක් හරි හේතුවකට වකුටු වෙලා වගේ තමන් එක්ක කතා නොකර ඒශාන් එක්ක හොදටම කතා කර කර එයා ඉන්නවා සොෆි එක්ක උනත් කඩ කඩ හරි කොල්ලා හොදට කතා කරනවා
තමන් මල්ලිට වෛර කරන නිසාද තමන් එක්ක මල්ලි කතා කරන්න අකමැති .... සමහර විට වෙන්නත් ඇති ඔව් ....
"හායි "
"මමාහ් ඔයාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් "
ඒශාන් කොච්චර වේගෙන් ඇදෙන් පැන්නද කිව්වොත් යසිරු පියන් හිටිය ඇස් අරින්න කලින් කොල්ලා ඇදෙන් බිමට පැනලා අලුතෙන් කාමරේට ආපු කෙනාගේ තුරුලට පැනලාත් ඉවරයි
"කොන්ද කඩන්නද යන්නේ යකෝ .... "
"අහ්හ්හ්හ් අයි මිස් යූ ඒයි බලන්න බලන්න අනේ පුතාට ඔයාව මතක් උනා මමා ..... "
ඒශාන් රෙහානාගේ උරහිස වටේ අත් දෙක ඔතාගෙන කිටි කිටියේ රෙහානාව බදාගත්තේ උඩ පනින ගමන් .... ඒ වේගේ කොච්චරද කිව්වොත් රෙහානාත් එහෙට මෙහෙට විසික් වෙනවා
"බොරු එපා බන් බොරු එපා මාස එකහමාරක් ගියා උබ අර ගෙදර උන්දැව බදන් හිටියා මිසක් මට කතා කරායෑ "
"තරහ වෙලා හැබැයි හිටියේ ම්හ්ක් ඕන්නෑ "
මේකනේ සීන් එක කොල්ලගේ මමා කොල්ලව දාලා මාස එකහමාරක් යාපනේනේ ඉදලා තියෙන්නේ ඔය අදලුනේ ඇවිල්ලා තියෙන්නේ
ඔක්කොම හරි යසිරු උඩ ගිහිල්ලා නැගිට්ටුනේ පොලිස්පති තමන්ගේ ඉස්සරහා හොස්පිට්ල් රූම් එකේ හිටගෙන ඉන්න නිසා
දෙයියනේ ඇගත් එක්ක හිරි වැටිලා ගියා ... නෑ කොල්ලා දැනන් හිටියා මේ රූම් එකේ උඩ පැන්න පොඩි ඇටයෝ දෙන්නා රෙහානා ලැනරෝල්ගේ ළමයි කියලා ඒත් කවුද දෙයියනේ හිතුවේ එක පාරට රෙහානා ලැනරෝල් කඩාගෙන එයි කියලා රූම් එකට
"ඉදගන්න ළමයා .... මම මෙතනදි යුනිෆෝම් එකෙන් නෙමේ ඉන්නේ ඒ කියන්නේ මම පොලිස්පති නෙමේ මම ලමයගේ අසනීප වෙච්ච යාලුවව බලන්න ආපු අම්මා කෙනෙක් විතරයි ... "
"ඒත් මැඩම් "
"ඔය ආයෙත් මැඩම්ලු .... පිස්සුද කොල්ලෝ ඔය අනික් මිනිස්සුන්ට කතා කරන විදිහටම කතා කරන්න කෝ බලන්න දැන් මේ අසනීපයි කොයපු කොලු පැටියා "
රෙහානා යසිරුට කියන ගමන්ම ඒශාන්ව පැත්තකට කරලා අත් දෙකෙන් උස්සන් ආපු පේපර් බෑග්ස් දෙකෙන් එකක් ගිහින් බයෙන් ඉන්න මෙතුලගේ අත් දෙක උඩින් තිබ්බේ කොල්ලා බයෙන් ඉන්න හැමෝම දිහා බලද්දි
"ඔයාට තියෙන්නේ මගේ මල්ලිගේ ඇස්මයි දරුවෝ .... කාලා බීලා ඉක්මනට සනීප වෙන්න ළමයා නැත්තං කනක් ඇහිලා ඉන්න නෑ අපිට ... "
"අ-ඇයි එ-ඒ එ-එහෙම ක්-කියන්-නේ "
"මොකක්ද දරුවෝ ? "
රෙහානාට මෙතුල හිමින් අහපු දේ තේරුන්නෑ ඒකයි එයා මොකක්ද කියලා ඇහුවේ ඒත් එක්කම මෙතුල යසිරු දිහා බැලුවේ යසිරු හොද හුස්මක් පහත දාලා රෙහානා දිහා හැරෙද්දි
"නෑ ආන්ටි එයා අහන්නේ ඇයි එහෙම කිව්වේ කියලා "
"ආ .... මගේ කොල්ලට බියුටි කෙනෙක් හම්බුනාලු උදේ ඉඳන් රෑ වෙනකං බියුටිගෙන් තොර දෙයක් අපේ ගෙදර කතා වෙන්නෑ ඒකටම හරියන්න කවදාවත් නැතුව මෙයාටත් ඒ බියුටිව සෙට් වෙලානේ මම ඒත් කල්පනා කරේ මේකිට මැරෙනකලුත් යාලුවෙක් සෙට් වෙන එකක් නැද්ද කියලා "
රෙහානා තමන්ගේ කොපිය වගේ ඉන්න සොෆීගේ කර වටේ අතක් දාලා මෙතුල දිහා බලන් ලාවට හිනා වෙන ගමං කිව්වේ සොෆීගේ කොන්ඩේ අවුස්සන ගමන්
"අනේ මටයෑ ඔයාටනේ යාලුවෝ නැත්තේ "
"අපෝ අපෝ මේ ඉන්න ටිකත් වැඩිවෙලා ඉන්නේ මම හරිනම් මේ දෙන්නගේ බියුටි ඔයා වෙන්න ඕන පුතා !! "
මෙතුල ලාවට හිනාවෙලා හිමීට රෙහානා දුන්න පේපර් බෑග් එක ඇරලා බැලුවේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ....
ඇතුළෙ තියෙන්නේ එයා ආසම මිනි කේක් එකක් එක්ක කප් කේක්ස් වගයක් කියලා දැක්ක මෙතුලගේ ඇස් සතුටින් දිලිසුනත් එයා ඉක්මනටම බැලුවේ යසිරු දිහා මොකද කොල්ලාට ඇහුනා යසිරු බඩගින්නේ ඉන්නේ කියලා අම්මා කියලා යනවා ... ඉතින් දැන් කොල්ලගේ උගුරෙන් පහලට කෑම යයිද අයියා බඩ ගින්නේ නම් ?
ඉතින් කොල්ලා කරේ අත් දෙකෙන්ම පාර්සල් එක යසිරු දිහාවට දික් කරපු එක .... යසිරු බැලුවේ ඇයි මේ කියලා මොකද යසිරු දන්නෑ ඇතුලේ තියෙන්නේ මොනවදවත් කියලා ....
"නෑ සන්දුල් ඔයා ඕක කන්න අයියට කෑම ගෙනාවා "
"?? "
සොෆි මෙතුලට කියනකොට ඒශාන් මෙතුලගේ පොත් ටික ඔක්කොම පිලිවලට හොස්පිට්ල් බෙඩ් එක එහාපැත්තේ පොඩි ස්ටෑන්ඩ් එක උඩින් තියලා අස් කරේ යසිරු සොෆීගේ මූන දිහා බලද්දි
"සොෆියා මේ පාර්සල් එක ගේන්න කිව්වේ කාටද ? "
ඔන්න ඔය අතරෙයි රෙහානා මෙච්චර වෙලා අතේ තියාගෙන හිටිය අනික් MC එකේ පාර්සල් එක සොෆීගේ පැත්තට දිග් කරේ එන ගමන MC එකෙන් කෑම එකක් අරන් එන්න කියලා සොෆී මැසේජ් එකක් දාලා තිබ්බට ඒ කාටද කියලා කියපු නැති නිසා
මෙහෙමයි දැන්නම් දන්නෑ නෙවේ දන්නවා ඒත් පොඩ්ඩක් දූ පොඩිත්තව මඩවන්නත් එපැයි නැත්තං බෑනේ කරන්න .... රෙහානා තොල් දෙකත් තද කරන් හිනාව හිර කරන් සොෆියාගෙන් කෑම එක කාටද කියලා දැන දැන ඇහුවේ ඕන් ඔය හේතුව නිසාමයි
"මමා ඕක අර අයියට .... මම අහගෙන හිටියේ ආන්ටි කියනවා අදැන් අපි ගියාම ඔයා මෙයාව දාලා එලියට යන්නෑනේ කන්න ... "
සොෆී මුල් ටික රෙහානා දිහා බලන් කියලා අග ටික යසිරු දිහා බලන් කිව්වේ යසිරු සොෆී දිහා කන්න වගේ බලාගෙන ඉන්දෙද්දි
රෙහානා ඇස් කරකවලා හෙනම ඩ්‍රැමටික් විදිහට ඇවිත් පේපර් බෑග් එක යසිරුගේ අතට දීලා එලියට ගියේ සොෆීටයි ඒශාන්ටයිත් එන්න කියාගෙන
දැන් යසිරු කට ඇරන් බලන් ඉන්නේ අර T.V එකේ යකෙක් වගේ ඔරවන් ඉන්න මනුස්සයමද ඒ ඩ්‍රැමටික් විදිහට ඇවිදන් ආවේ කියලා .....
මොකෝ මේ ඇට බිත්තර කොල්ලෝ කෙල්ලෝ දන්නව යෑ ලැනරෝල් ඩ්‍රැමටික් පවුලේ කෙරුවාවල්
"ඉක්මනට හොද වෙලා කොලේජ් එන්න බියුටි ගුම් නයිට් උම්මා එකකුත් දෙන්නද ඇහ් ඇහ් හරි අනේ රතු වෙන්න ඕනි නෑ ම්ම්හා ...."
මෙතුලට කියුට් ෆ්ලයින් කිස් එකකුත් දීලා යසිරුටත් ගස්සන් ඒශාන් යන්නම් කියාගෙන එලියට ගිය නිසා සොෆීත් එයාගේ ෆෝන් එකයි හෙඩ් ෆෝන් එකයි අරන් එලියට යන්න ලෑස්ති උනේ මෙතුලටයි යසිරුටයි බායි කියාගෙන
"යන්නම් සන්දුල් ......යන්නම් අයියේ !"
"නංගි පොඩ්ඩක් ඉන්න ... තැන්ක් යූ සෝ මච් "
යසිරු නැගිටලා ඇවිත්ම සොෆීට තෑන්ක්ස් කරද්දි සොෆී පොඩි හිනාවක් දාලා යසිරුගේ උරහිසට තට්ටු කරේ මෙතුලට බායි කියන ගමන්
"ආ මට තෑන්ක්ස් කරන්න ඕන්නෑ මම නෙමේ මමානේ ගෙනාවේ "
එහෙම කියාගෙන සොෆී එලියට ගියාට පස්සේ යසිරු දොර ලොක් කරලා මෙතුලට කැමති විදිහකට ඉන්න ඇරලා සෝෆා එකට වැටුනේ එයා ඇත්‍තටම මහන්සියෙන් හිටිය නිසා
ඔය අතර එලියට ගිය රෙහානායි සොෆියි ඒශානුයි තුන් දෙනා වාහන වලට නැග්ගේ එක එක මනෝ ලෝකවල ඉඳන්
"මමා එස්ට්‍රීම්ලි රියලි සොරි .... මට එහෙම කියන්න ඕනි උනේ නෑ "
"ඉට්ස් ඕකේ ඒශාන් .... මම ඔයාලව හදාගත්ත අම්මා මිසක් වැදුව කෙනා නෙමේනේ මට දුක මගේ ගෑනි නිකන් බොරුවට අඩපු එක ගැන විතරයි පුතා"
කනට ගහන්න වගේ රෙහානාගේ රලු වචන නිසා ඒශාන් වාහනේට නගින්නැතුව නතර උනේ එයා කියපු වචන කොයිතාක් දුරට එයාගේ මමාව රිද්දලද කියලා එයාටම තේරෙද්දි
"මමා ප්ලීස් "
"මොකද දැන් ආයෙම .... බඩගිනිද ? "
රෙහානා වැඩිය ගනං ගන්නැතුව පැජරෝ එකට නැගලා ඒශාන්ට නගින්න පැසෙන්ජර් ශීට් එකට තට්ටු කරේ සොෆිත් ඇවිල්ලා පිටි පස්සෙන් නගිද්දි
ඒත් ඒශාන් නෙවේ වාහනේට නැග්ගේ එයා තාමත් මග නතර වුන තැනට වෙලා කල්පනා කරනවා
"මට මෙහෙම කරන්න එපා ..... මම හිතලා නෙමේ එවලේ එහෙම කිව්වේ ප්ලීස් මමා .... ඔයා එදාම ගෙදරින් ගියපු නිසා අම්මා ගොඩක් වෙලා ඇඩුවා පස්සේ චූටි තාත්තත් කෝල් කරලා මට බැන්නා එහෙම එපානේ ..... මම ඇත්තටම ඔයාට ආදරෙයි ..... බොරුවට නෙමේයි .... ප්ලීස් මමා අයිම් සෝ සොරි ....සොෆි ප්ලීස් කියන්නකෝ මට මෙයා නැතුව බෑ කියලා .... "
ඒශාන් පැජරෝ එකට හේත්තු වෙන ගමන් රෙහානාගේ දකුණු අත අල්ල ගනිද්දි රෙහානා මෙච්චර වෙලා කරපු විහිලුව දුර ගියා වැඩියි කියලා තේරුම් ගත්තේ කොල්ලා ඇස් වල කඳුළු පුරව ගත්ත නිසා
"මමා ප්ලීස් අයියට සමාව දෙමු .... එයා හරියට කෑමවත් කෑවේ නෑ ඔයා යාපනේ ගියේ එයා නිසා කියලා හිතලා ... "
සොෆී ඒක කිව්වත් හරි මෙච්චර වෙලා කූල් එකේ හිටිය රෙහානාගේ ඇස් හීනි වෙලා ගියේ ඒශාන් ඇදිලා වගේ ගිහින් තියෙන හේතුව දැනගන්න ලැබුන නිසා
"ආ ආ නගිනවා වාහනේට අඩන්නැතුව .... මම ඒක ගනං ගත්තේ නෑ බන් මම පොඩි වැඩකට යාපනේ ගියේ මෙහේ එනවා ඉකේ අර පොඩි උන් තුන් දෙනාවත් ඔහොම අඩන්නෑ ඒශ් !"
රෙහානා කොල්ලගේ ඇස් වල කදුලුත් පිහිදලා වටෙන් එන්න කියලා පැසෙන්ජර් ශීට් එකට තට්ටු කරේ ඒශාන් වටෙන් ඇවිත් පැසෙන්ජර් ශීට් එකට නගිද්දි
"හරි දැන් කියන්න මාසේ වැඩ .... සොෆී ඔයා පොඩ්ඩක් චූටි තාත්තට කෝල් කරන්න එයාට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනිලු .... ඊළඟට ඒශ් .... දැන් ඔයාට කම්පැනි එකට ජොයින් වෙන්නත් බැරිනම් මොකක්ද කරන්න ඕන "
"ටීචින් !"
"ම්ම් ම්ම් ඇරපු අතක් නෑ ප්‍රිය බිරියගේ අඩි පාරෙම යනවා දෙයියනේ කියලා .... ඒක නෙමේ සොෆී මට ඇහුණා වැරදිද නැත්තං ඔයා ඇත්තටම අර උස පොරට අයියා කිව්වද ? "
"ම්-මොකක් "
හොදට හරි බරි ගැහිලා පොඩි නැප් එකක් දාගන්න ලෑස්ති පිට ශටර් එකට හේත්තු උන සොෆි ගැස්සිලා ගිහින් කෙලින් උනේ ඒශාන්ගේ කටත් හායි ගාලා ඇරෙද්දි
"අහ් අහ් මටත් ඇහුණා මමා මේකිට මට අයියා කියන්න බෑ කොටින්ම ශැනෝන් අයියට කියන්නෙත් නෑ ඒ වුනාට අරයට නම් කියනවා "
"සොෆී ??? "
"යාහ් නෑ මමා මම මනුස්සයෙක් විදිහට එහෙම කතා කරේ මූට අයියා කියන්න පුලුවන්ද බෑ හැසිරීම තාම බාලාංශේ වගේ ඇරත් ශැඥෝඥ් යැයි යැයි ඌට අයියා කියනවට වඩා හොඳයි නිකන් ඉන්න එක "
"හ්ම් හ්ම් ඔයා කියනවා මම අහන් ඉන්නවා හැබැයි පුතේ අම්මා නම් මම වගේ අහන් ඉදලා නිකන් ඉන්නෑ හරිය දන්නවනේ සැටලයිට් එක වගේ රේඩාර් අල්ලන් ඉන්නේ "
"අම්මට මුකුත් කියන්න එපා "
ඒශාන් කවදත් මිනාගිගේ පැත්තේනේ මෙන්න රියල් මමාස් බෝයිලා වචනයක් කිව්වොත් ඇති ෆයර් වෙන්න
"මමා කුරුල්ලෙක් කිචි බිචි ගානවා ඇහෙනවද ඔයාට ? "
සොෆී අහපු දේත් එක්ක ඉස්සරහා තිබ්බ ටිශු බොක්ස් එකක් ගුවන් ගත කරපු ඒශ් අත් දෙකත් බැඳගෙන අහක බලාගත්තේ නියම මමාස් බෝයි කෙනෙක්ගේ චරිතෙට මාරු වෙන ගමන් ......
.
.
.
.
.
"නෑ කියහන් ජනාධිපතිතුමා මට නින්ද ගියා ඒක නෙමේ මොකද උබට මාව මතක් වෙලා "
යසිරු ගැස්සිලා නැගිට්ටේ ෆෝන් එක ෆයිබ්‍රේට් වුන නිසා ඒත් එක්කම පට ගාලා කෝල් අයි ඩී එක බලලා ආන්සර් කරපු කොල්ලා බැලුවේ ඇදේ ඉන්න පොඩි එකා නැගිට්ටුනාද කියලා හොද වෙලාවට කොල්ලට නැගිටවිලා නෑ .....
පව් පොඩි එකා බෙල්ල ගාවටම ශීට් එක පොරවන් හා පැටියෙක් වගේ ඔලුව එලියට දාන් නිදි
යසිරුට එක තත්පරයකට හිතුනා ඔක්කොම දේවල් පැත්තක දාලා පොඩ්ඩක් ඒ කම්මුලට තට්ටුවක් දාලා බලන්න ....
අර හැමෝම කියනවා වගේ රතු වෙනවද බලන්න !
ඒත් නින්දෙන් නැගිට්ටවෙයිද බයට යසිරු ආපස්සට අත ඇදලා ගත්තේ හැමදාම කරනවා වගේ ....
ඔව් යසිරුගේ අර සීයට එකේ ආදරේපිටාරගලන අහඹු අවස්ථාවක දෙකක යසිරු මෙතුලගේ කම්මුල අත ගාන්න ගිහින් ආයෙම ඒක නවත්තගෙන ඇති ඕන තරම්
" උබ දන්න්වද වැඩක් "
"මොකෝ උබට ලැම්බට් කොක්කක් සෙට් උනාද ? "
"නෑ පගෝ ඒක නෙමේ අපේ කැම්පස් යුනියන් එක තියෙන්නේ "
"ඉතින් ප්‍රසිඩන්ට්ගේ ගෑනිට බබා හම්බෙලා සබන් අරන් එන්නලු අඩෝ ඌ යාලු වෙලා හිටියේ අපේ බැච් එකේ නිලූශි එක්ක නේ නිලූශි ප්‍රෙග්නට්ද බන් "
"අනේ පගයෝ කට වහන් ඉදපන්කෝ කියන්න දීලා තොට මෝල් කලන්තෙද මරු කියවන්නේ "
"හරි හරි විහිළුවක් කරේ "
යසිරු AC එක අඩු කරේ මෙතුලට සීතල දැනෙයිද දන්නෑ කියලා හිතලා ඒ අතරේ පසන් බෙරිහන් දුන්නේ යසිරු එයාව විහිලුවට ගත්තා කියලා නොදැන
අනේ ඉතින් පෞ අහිංසකයා
"අපේ කැම්පස් යුනියන් එකේ නොමිනේටඩ් ප්‍රසිඩන්ට් ඩේව් බන් "
"...... "
"ඕයි කෝ උබ මලාද ? "
"නෑ නෑ මම දැනගෙන හිටියේ ඌට ඒක ලැබෙයි කියලා .... "
"අනේ මන්දා බන් ඒ පරයත් හරි වෙනස් වෙස් මාරු කරලා වගේ ඉන්නේ ඌ අරකිව සත පහකට ගනං ගන්නෑ බන් "
"කාව ?"
"අභිව බන් "
"ම්ම් පව් ! "
"අනේ ලබ්බ තමා හු*ති මට අප්පිරියයි ඒකිව නම් ....."
"දැන් උබ ඇයි ඩේව් වෙනස් කිව්වේ ? "
" බන් ඌ හෙනම වෙනස් උබ හිටියේ නෑනේ මෙහේ හරිද අහපන්කෝ ඌ ඇවිල්ලා දහයේ ඉදන්ම කෙල්ලෝ රූම් ඇද්ද නොසන්ඩාලයා උබ දන්නවනේ එහෙව් එකා අභීවත් අතෑරලා වගේ ඉන්නවා කිසිම කෙල්ලෙක්ව ගනං ගන්නෑ "
"ඌට ගෙදරින් කෑල්ලක් ප්‍රපෝස් කරලා ඒකි වෙනුවෙන් පේ වෙනවද දන්නෑ "
"අනේ උගේ පේ විල්ල අනේ පලයන් ඩෝ යන්න ...දැන් ඊටත් මරුම කතාව කියන්නේ මූ ජොශුවාගේ අත කඩලා ඕයි "
"මොන ? "
"මිනිහෝ පොඩි මෑන්ට කරදර කරපු එකාගේ අත "
"මොකාක් .... !"
"ඔව් ඕයි පොඩි මෑන්ට කරදර කරලා පැය තුනක් යන්න ඇති මැණික් කට්ට ගාවින් කඩලා අත.... ආරංචිය නම් උන්ගේ වලියක් කියලා ඒ උනාට යටින් කතාවක් යන්නේ උබ නිසා ඩේව් අරූගේ අත කැඩුවා කියලා "
නෑ යසිරුට පුදුමයි මේ මොන මල හුත්තලාමකටද ඩේව් එන්නේ ඇරත් ජොශුව කියන්නේ ඩේව්ගේ දකුණු අත වගේ පොරක් මේ මෙතුලට කරදර කරා කියලා ජොශූඅගේ අත කඩන්න තරන් ඇම්මක් කොයින්ද ඩේව්ට ....
මුන්ගේ වයර් මාරු වෙලා ඔව් ඔව් ඔව්
"මොකක්ද මොකක්ද ඒ සීන් එක "
"කොලු සීන් කොලු සීන් ..... ඩේව් කාරයා සබ්ජෙක්ට් එකේනේ මුන් කතා හදන්නේ ඩේව්කාරයා උබට ලයින් කියලා "
"වුකනවා දාලා මුන්ට අමු කැවිලද බන් .... හා හා හා පොඩ්ඩක් ඉදපන් හිනාව නවත්ත ගන්නකන් මේ මට අඩෝ අඩෝ ඩේව්ගේ ඇස් පොට්ටද ඌට බොටම් වෙන්න පුලුවන්නම් හා අවුලකුත් නෑ මරු කදහ් "
යසිරු රූම් එකෙන් එලියට ඇවිත් හොල්වේ එකේ ඇවිද ඇවිද හිනා වුනේ පාරේ යන එන මිනිස්සුත් මේ මොන විගඩමක්ද කියලා කල්පනා කර කර යද්දි .... ඇයි ඉතින් කදු නාය යන සයිස් එකටනෙ මූ හිනාවෙන්නේ
"විහිලු නෙමේ පගෝ මිනූගෙන් කෙල්ලෙක් අහලත් එක්ක උබලා කැම්පස් එකේ මරාගත්තට රියල් කපල්ද කියලා ..... "
"අනේ වුට්ටෝ මට බෑ බන් ඊයා පගෝ මටනම් එපා අනික මම කොල්ලොකාරයෙක් වගේ පේනවද උබට "
"හරි හරි උබ නැති උනාට අරු සබ්ජෙක්ට් එකේනේ "
"අනේ තියපන් මල විකාර කියවන්නැතුව දැන් මට හිනා වෙලාම චූ බරයි ඔය අම්මන්ඩිලාටත් කියපන් එහෙම ඉටි ලබ්බක් නෑ කියලා අඩෝ සිරාවට ඩේව්ට ඕවා ඇහෙන්නැද්ද බන් "
"සිරාම දුක කියන්නේ ඒ පරයාගේ මූනට ඕක අහලත් ඒ පරයා සද්ධ නැතුව මාරු වෙලා ගිය එකනේ "
"මොන .... මොකක් මොකක් විස්තරේ පැහැදිලි මදි හෙන ගහන්න කලින් පැහැදිලි කරපන් පසන් !! "
"මේකයි උනේ කැෆටේරියා එකේ අපි සෙට් එක හිටියා ඔය අස්සේ ඩේව්ගේ සෙට් එකත් හිටියා මන්චිගේ සෙට් එකේ ලලනාවියෝ උබලා දෙන්නා රියල්ද ගගා කියව කියව වැලලි වැලලි හිටියා පස්සේ ඩේව්ගේ එකෙක්ම මහ සද්දෙන් කකා හිටිය ඩේව්ගෙන් ඕක ඇහුවා මූ බන් බනිස් ගෙඩිය කටේ ඔබන් ෆෝන් එක කනේ ගහන් මාරු වෙලා ගියා කියපන්කෝ "
"අඩෝ ඩේව්ට සනීප නැතුව ඇති හුත්තෝ බය කරන්න එපා මමනම් කොල්ලොකාරයෙක් නෙමේ "
"උබ පොඩ්ඩක් ඇලට් එකේ ඉදපන්කෝ මම යනවා නිදාගන්න "
"පරයෝ තෝ මගේ නින්ද නැති කරලා ඔය යන්නේ .... "
"අදාල නෑ මමනම් මේ කතාව විශ්වාස කරන්නෑ ඒත් පරයාගේ කෙරුවාව සැක කටයුතුයි බන් ඊටත් ඌ හෙනම අමුතුයි මම වෙනවට කියනවා නෙමේ එක්කෝ ඌ උබට ලයින් නැත්තං උබේ බෝනික්කා වගේ ඉන්න මල්ලිට ලයින් "
"උබට මාන්දමද පසන් තියපන් ෆෝන් එක විකාර දොඩ වන්නැතුව මල්ලිව මේවාට ගාව නොගන්න තරමට ඩේව් යහතින් ඉදි දෙයියන්පා ඌව ගාව ගත්තොත් තමා ආයේ මරාගෙන මැරෙන්නේ .... "
"අනේ මන්දා ඉතින් උබ කියනවා මල්ලිට වෛර කරනවා කියලා ඒත් උබගේ කටින් කියවෙන වචනයක් ගානේ උබ මල්ලිට ලව් උබලගෙත් ප්‍රෝඩාවනේ හාරි හාරි මම තිබ්බා ඈ "
පසන් ෆෝන් කෝල් එක කට් කරේ යසිරුව කල්පනා ලෝකෙකට ඇදලා දාන ගමන් ඩේව් මේ නටන්න යන අලුත් සන්නිය මොකක්ද කියන ප්‍රශ්නෙත් අරන් කොල්ලා ආයෙම මෙතුලගේ රූම් එකට ගියේ පම්ප් එකක් දාන්න බලාගෙන
"මොන මගුල නැටුවත් කමක් නෑ උබව මරන්නේ මම මූට මොකක් හරි උන දාට තමා "
ඇදේ ගුලිවෙලා නිදාගෙන ඉන්න කොල්ලා දිහා බලාගෙනම යසිරු හිතුවේ අන්න එහෙම
____________________________________________________________
හම්මේ ටිකක් බෝරිං වගේද ?
කමක් නෑ චුට්ටක් මෙහෙම එක තැන පල් වෙමු
එකපාර ගහෙන් ගෙඩි එන්න වගේ කතාවට එන්ටර් වෙන්න බෑනේ අවට වටපිටාව හදාගන්නත් එපැයි
හෙහ් හේ
යසිරු ඒශ්ටද ? සොෆීටද ? නැත්තං ඩේව්ටද ?
අඩෝ අඩෝ බලහන්කෝ යසිරු නිකන් ප්‍රදර්ශන බාන්ඩේ වගේ දැන් ඉව් ඉව් 😂👉👈.
කෝමද
You are reading the story above: TeenFic.Net