13. 🤍

Background color
Font
Font size
Line height

"අම්මව ගිහින් ගෙදරින් දාන්නද ?"

"එපා ලොකු මම මෙතන ඉන්නම් දැන් ටිකකට කලිනුත් මල්ලි ගැස්සිලා නැගිට්ටුනානේ පුතේ .... "

"ම්ම්ම් ... "

රෑ දහයටත් ළඟ ඇති යසිරු ගෙදර ගිහින් වොශප් වෙලා ඉන්දීවරීට ඇදුමකුත් අරන් හොස්පිට්ල් එකට ආවේ අද ඉන්දීවරි ගෙදර යන්නෑ කියලා දැන දැනමයි ....

"අම්මා ඔයා කාලත් නෑ .."

"පුතා ගෙදර යන්න මම මල්ලි ගාව ඉන්නම් හෙට වැඩට යන්නත් ඕනිනේ ... "

"හ්ම් මුලින් කාලා ඉමු .... "

යසිරු එන ගමන ආච්චි හදලා දුන්න බත් එකකුත් බැදගෙන ආවේ කඩෙන් කන්නවත් කීයටවත් ඉන්දීවරි එලියට යන්නැති නිසා

කොහොමහරි කෑම එක ලෙහලා අත උඩින් කෑම එක තිබ්බත් ඉන්දීවරිගේ උගුරෙන් පල්ලෙහාට නෙමේ බත් කටක් ගියේ බැරිම තැන තමයි යසිරු බත් කටක් අනලා ඉන්දීවරීට කැව්වේ ... මොකද ඉන්දීවරි බෙහෙත් බොන්න ඕන එයාට ප්‍රෙශර් තියෙනවා ...

"ලොකු .... "

"ම්ම්ම් ... "

"මම කවදහරි කියලා තියෙනවද ඔයා තාත්තා වගේ කියලා "

"..... "

"ඔයා රූපෙන් ගතිගුනෙන් හැමදෙයින්ම තාත්තා වගේ ඒත් එක දෙයක්...... මට පොරොන්දු වෙන්න පුතු "

"මොනාද ? "

"තාත්තා අන්තිමට කරා වගේ මාව දාලා යන්න එපා ... තාත්තා කරා වගේ අන්තිමට ඔයාගේ එයාව රිද්දන්න එපා ....පොරොන්දු වෙනවා නේද ? "

"ඔව් අනිවාරෙන්ම "

එතන තර්ක විතර්ක සුසුම් ලෑම් කල් ගැනිලි මොකුත් නෑ යසිරුගේ වචන ස්තීරසාරයි වගේම හරි කෙලින් .... ඉන්දීවරි ආඩම්බරෙන් හිනාවුනේ යසිරුගේ ඔලුව අත ගාන ගමන්

" තාත්තා නැති අඩුව හැම වෙලේම ඔයා ලොකුවෙන්න ලොකුවෙන්න පිරෙව්වා ... මගේ පුතා අද ලොකුම ලොකුයි .... විශ්වාස කරන්න මට තාත්තව මතක් වෙන්නේවත් නෑ .... ඇයි කියලා දන්නවද ? "

යසිරු කවන කවන බත් කට කන ගමන් එකම කඳුළු බින්දුවක් වත් වට්ටන් නැතුව යසිරුගේ මූන දිහා බලාගෙනම ආඩම්බරෙන් කියපු ඉන්දීවරි යසිරුගේ වම් අත අත් දෙකෙන්ම අල්ලලා තුරුල් කර ගත්තේ ලස්සනට හිනා වෙන ගමන්

"නෑ ... "

"තාත්තාට වඩා ශක්තිමත් කෙනෙක් මගේ පිටිපස්සෙන් හැම වෙලේම හිටන් ඉන්න නිසා ... "

කොල්ලගේ වම් අතට පොඩි හාදුවක් තියපු මිහිරාවී මූනට වැටිලා ඇසුත් වැහිලා ගිහින් තියෙන කොල්ලගේ කොන්ඩේ පොඩ්ඩක් අවුස්සලා කොල්ලව අතාරියේ මෑන්ට පොඩියට ලා හිනාවක් යද්දි ...... අම්මෝ ඉතින් රත්තරන් වටින හිනාව ඕක සාමාන්‍යෙන් එලියට බහින්නෙම නෑනේ ...

"ඔයා හිනා වුනා ලොකු "

"නෑ "

"හිනා වුනා අනේ "

"නෑ හිනා උන්නෑ අම්මේ !."

"හිනා උනා ..."

"නෑ කිව්වනේ .... "

"හිනාවුනා ... "

"ඔව් ඔව් හිනා වුනා මෙන්න මේ වතුර බීලා මෙන්න මේ බෙහෙතුත් බොන්න මෙයාට මොනවාහරි ඕනිද මම යන්න කලින් අරන් දෙන්නම් ආයේ උදේට මොනවා හරි ඕනිනනම් කියන්න මම ඉන්ටර්න් නිසා මට නිවාඩු ගන්න විදිහක් නෑ ... "

"අද දවසට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද ?"

"මම ඒක බලාගන්නම්"

"ඔයා යන්න පුතු පරිස්සමින් ....සල්ලි තියෙනවා නේ අතේ "

"ම්ම් ඔයත් පරිස්සමින් අම්මේ  "

යසිරු එහෙම කියාගෙනම හොස්පිට්ල් රූම් එකෙන් එලියට යද්දි ඉන්දීවරි පුටුවක් තියන් මෙතුලගේ බෙඩ් එකට එහා පැත්තේ ඉදගත්තේ කොල්ලගේ අත අතගාන ගමන්

කොල්ලට හවස නින්ද යන්න බෙහෙත් දීලා තිබ්බා ඇස් දෙක වෙහෙසන්න හොද නැති නිසා ... ලයිට් එකක් වත් දාන්න එපා කියලා ඩොක්ටර් යන්න ගියෙත් ...

_______________________

"ඔයා කවුද ?"

දිග නින්දකින් නැගිටපු මෙතුල මුලින් ඇස් ඇරලා බැලුවේ කොහෙද ඉන්නේ කියලා ....මෙතුලට හරි පුදුමයි නොදන්න කෙනෙක් එයාගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා ඒත් එයාට වචන පැටලෙන්නැතුව කතා කරගන්න පුලුවන් එයා එක්ක ....

"මමද ?"

"ඕ "

මෙතුල ඉදගෙන හිටියේ සුදු පාට ලෝකයක් ඇතුලේ හරි මැදට වෙන්න වගේ ... මේ ඉන්න කෙනා ඇදගෙන ඉන්නෙත් ලස්සන සුදු ලෝගුවක් ඒක දිලිසෙනවත් එක්ක .... ඊටත් වඩා ඒ කටහඬ ... අහන් ඉන්න ආසයි ... හරිම නිවුන විදිහයි

"මට නමක් නෑ ඒත් මම ඔයාව දන්නවා .... "

"මම ඔයාව දන්නෑනේ ඔයා කොහොමද මාව දන්නේ ... "

"ම්ම් "

අර උස සුදු ලස්සන මනුස්සයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා කොල්ලට හිතාගන්නවත් බෑ ඒ කෙනාගේ මූන පැහැදිලිව පේන්නෙත් නෑ ඒත් ලස්සනයි එයත් මෙතුල වගේමයි.... සුදු ඉන පහලටත් වඩා දිග කොන්ඩයක් ඒ ලස්සන මනුස්සයටත් තිබ්බා

"අපි ඇයි මෙතන ඉන්නේ ... "

"ඔයා මාත් එක්ක යන්න එනවද ?"

මෙතුලගේ ප්‍රශ්නේ සාර්ථක ලෙස මගෑරපු ඒ කෙනා මෙතුලගේ හීනි අතක් අල්ල ගත්තේ මෙතුල ඇස් ලොකු කරගෙන බය වෙලා වගේ අත ගසලා අහකට ගනිද්දි ..... මොකද එයා කැමති නෑ එයාව කවුරුත් අල්ලනවට ... !!

"කොහෙද ?"

"මේ පාට නැති තැනකට "

"සුදු පාටද ?"

"හ්ම් "

"අම්මත් එනෝද ? "

"නෑ එයා දැන්ම එන එකක් නෑ ... "

"අනේ මාත් එයා එනකොටම එන්නම් හරිද තරහ වෙන්න එපා අංකල් ඔයා මාත් එක්ක හා නේද ?"

මෙතුල ඒ කෙනාගේ මූනට එබෙන ගමන් කිව්වේ ලාවට හිනාවෙවි නිල් පාට මැණික් කැට දෙකක් වගේ තියෙන ඇස් නටව නටව උනාට ඒ කෙනානම් ඒ උත්තරෙන් තෘප්තිමත් නොවුන හැඩයි ...

ඒක නිසාමද කොහෙද ඒ කෙනා මෙතුලව ඇගට කරලා තද කරලා අල්ල ගත්තේ

"අනේ ... ඇයි ... අතාරින්න ප්ලීස් .... "

"ඇයි එන්න බැරි "

ඒ කොටින්ම අර කලින් තිබ්බ නිවුන කටහඩ නෙමේ ඒකබ්තනිකර ගැඹුරු අහන් ඉන්න බැරි තරන් අප්‍රසන්න කටහඩක් ....

"අනේ අතාරින්න ... "

"මාත් එක්ක යන්න එන්න "

"මට රිදෙනවා "

"මම ඔයාව රිදෙන එකෙන් බේරගන්නම් "

"මට රිදෙනවා අතාරින්න අම්මා නැතුව බෑ  "

මෙතුලගේ ඇස් වලින් සට පට ගාලා කඳුළු වැක්කෙරෙද්දි මෙතුල වේදනාවෙන් අල්ලන් ඉන්න කෙනාගේ අතින් ගැල වෙන්න හැදුවත් ඒක එයාට කර ගන්න බැරි උනා අත පය ගසලා දැම්මා හැපුවා ඇඩුවා මෙ කොහොම කරත් එයාට ඒ කෙනාගෙන් ගැලවෙන්න නම් බැරි උනා ...

ඒත් ටික වෙලාවයි ඊළඟට මෙතුලට හුස්ම ගන්න බැරි වෙනවා වගේ දැනෙනකොට මෙතුලගේ ඇස් පවා ලොකු උනා එයාට පැනික් ඇටෑක් එකක් එන්න හදන්නෙ කියලා එයා දන්නවා ඒත් එයා ගාව ඉන් හෙයිලර් එකක් නෑ ඒ වගේම එයාට දැන් හුස්ම ගන්නත් බෑ එක පැත්තකින් එයාට හුස්ම ගන්න බැරි වෙනකොට අනික් පැත්තෙන් ගන්න හුස්මත් හිර කරගෙන අර මනුස්සයා එයාව තද කර ගෙන හිටියා

මෙච්චර වෙලා සාමකාමීව තිබ්බ වටපිටාව සුදු පාට දුමාරෙකින් වැහිලා ගියා ඒ දුම හරි සැරයි සිගරට් දුමටත් වඩා සැරයි චුට්ටක් හරි ලාවට හුස්ම අල්ලගත්තත් මෙතුලට තේරුනා ඒ දුම නිසා එයාට හුස්ම ගන්න බැරි වෙන බව ... එයා ඇඩුවා නෑ වේදනාවට ඉබේම කොල්ලට ඇඩුනා

වේදනාවෙන් මිරිකෙමින් හිටිය කොල්ලා ඊලගට බය උනේ තමන්ව අල්ලන් ඉන්න සුදු ඇදගෙන හිටිය රාක්ශ‍යගේ මෙච්චර වෙලා නොපෙනුන මූන දැකලා ඒක කොච්චර භයානක දසුනක්ද කිව්වොත් මෙතුලගේ පපුව හිර වෙලා එක පාර ඇඟ පණ නැති වෙලා යනවා කොල්ලටම දැනුනා

"අනේ ... මාව .... බේරගන්න ... "

_______________

"පුතා ... පැටියෝ ... නැගිටින්න ... දෙවියනේ ඇයි දරුවෝ මේ හුස්ම ගන්න මැනික හුස්ම ගන්න "

ඉන්දීවරි නැගිට්ටුනේ නින්දෙන්ම අත පය ගසන මෙතුලගේ දැගලිල්ල නිසා එවලේ ඉඳන් විනාඩි පහක් හයක්ම ඉන්දීවරි කරේ මෙතුලව නැගිට්ටවන්න උත්සහ කරපු එක ඒකත් සාර්ථක නොවුන තැන ඉන්දීවරී කැනියුලා එක ගහලා තිබ්බ අතේ කැනියුලා එක ඇදලා ගැලෙව්වේ මෙතුල ඒ බාහිර වෙදනාව නිසා ගැස්සිලා නැගිට්ටෙද්දි

"හුස්ම ගන්න ... ශ්හ් ... හැමදේම හොදින්... හැමදේම ... "

"ම්-මට රිදෙනවා ... "

"ශ්හ් ...දැන් හරි හැමදේම හරි අම්මා ළඟ ඉන්නවා මගේ පුතා ළඟ අම්මා ඉන්නවා අම්මාව පේනවා නේද ම්ම් ? "

කොල්ලගේ හොස්පිට්ල් රොබ් එක යටින් අත දාපු ඉන්දීවරි කොල්ලගේ පපුව යට ඉඳන් උඩට අත ගෑවේ කොල්ලාව සන්සුන් කරවන්න ඒ විදිහට පුලුවන් නිසා ...

"ම්-මම බයයි ..... මම ... වෛර කරනව ...."

"මොනාටද ...ශ්හ් ... හුස්ම ගන්න මගේ පුතාට අම්මව පේනවනේ හුස්ම ගන්න ... අම්මා ලගම ඉන්නවා"

"සුදු පාටට ... "

මෙතුලගේ හඩ ඉකියක් නිසා බිදිලා යද්දි ඉන්දීවරි ලොක් වෙලා වගේ මෙතුල දිහා බැලුවේ ඒ කියපු දේ එයාට තේරුන්නැති නිසා ... පාටකට වෛර කරන මනුස්සයෙක් ... ඒ මොන ජාතියේ කතාවක්ද ? නෑ ඒක ලෙඩක් එයා දන්නවා ඒක ගැන ඒත් මෙතුල කවදාවත් ඒ වගේ කතාවක් එයාට කියලා නෑ මොකක්ද වෙන්නේ මේ .... ඉන්දීවටීට දැනුනේ හරි හිස් හැගීමක් .....

"ඇයි අඩන්නේ මේ අඩන්න එපා ඇස් අඩවන්න එපා රත්තරනේ ... "

මෙතුලට ආයෙම පුරුදු විදිහටම පෙනීම ලැබිලා තිබ්බා ඒත් දැන් ආයෙම කඳුළු පෙනීමට ඉස්සරහින් වැට බැදලා කොල්ලා ඉකි ගගහා අම්මගේ පපුවට තුරුල් වෙලා ඉන වටේ එත් දෙක පටලන් අඩනවා
තාමත් උදේ හතාමාරයි හතට ඇවිල්ලා ඩොක්ටර් බලලා ගිය නිසා කවුරුත් ඇතුලට එන්නෙත් නෑ ඒක නිසාම මෙතුලගේ ඇදුම එහෙ මෙහෙ වෙලා තියෙන ඒවා හදන්නත් ඉන්දීවරීට ඕනි කමක් තිබ්බේ නෑ එකක් එයාගේ දාඩිය නිවනවා ඒ Ac එකේ හුලං රැල්ලට

"එයා මාව මරන්න හැදුවා "

"කවුද ...කවුද මරන්න හැදුවේ මගේ රත්තරමව "

මෙතුලගේ කොන්ඩේ අස්සෙන් අත දාලා මෙතුලව සන්සුන් කරවන ගමන් ඉන්දීවරි ඇහුවේ නොනවත්වාම මෙතුලගේ පපුවට තට්ටු දානගමන්

"සුදු පාට යකා ... "

"එයාට ඔයාව මරන්න බැ .... මගේ පුතාව එහෙම මරන්න පුලුවන් කාටද ..... අයියා ඒ යකාව මරයි අයියාව ට්‍රස්ට් කරන්න මගේ පුතාට හීරිමක්වත් වෙන්න දෙන්නෑ එයා "

"එයා මට කැමැති නෑ අම්මේ ....මට ඇයි ඉපදෙන්න දුන්නේ  ඇයි අම්මේ .... අයියා ... අයියා මට වෛර කරනවා මම නිසා එයාට තාත්තා නැති උනා ... අනේ ඇයි අම්මේ මේ වගේ ගිනි ගොඩකට මාව අතෑරියේ .... මම කෝමද ඔයාව අමතක කරලා යන්නවත් හිත හදාගන්නේ ... බෑ මට ඒක කරන්න බෑ "

මෙතුල ඔහේ කියවනවා ඉන්දීවරීගේ ඇස් වලින් සට පට ගාලා කඳුළු වැටෙනවා ඉන්දීවරීගේ හිත කොච්චර තදට කඩාගෙන වැටුනද කිව්වොත් ඉන්දීවරීට හිටන් ඉන්නවත් පණක් තිබ්බේ නෑ ....මොනවද මේවට දෙන උත්තර ... ඉන්දීවරි කල්පනා කරා ඒත් එයාට උත්තර නෑ කොහෙත්ම ...

"මගේ පුතා අම්මව තනි කරන්න එපා රත්තරන්... අම්මා මැරිලා යයි  "

ඉන්දීවරි මෙතුලව පපුවට තුරුල් කර ගන්න ගමන්ම මිමිනුවේ දොර ගාවට වෙලා මේ දිහා මුල ඉඳන් බලන් හිටිය කෙනෙක් අහේතුකව බිම බලා ගනිද්දි ... බලන් ඉන්න අමාරුයි අතීත මතක එක එක ඒ කෙනාටත් මතක් වෙනවා ඇරත් මේ ඉස්සරහා ඉන්න පුංචි ජීවියා අඩනකොට අද කවදටත් වඩා ඒ කෙනාට රිදෙනවාද කොහෙද

මේ වගේ දවසක් ඒ කෙනාටත් තිබ්බා

අවුරුදු දාසයේ පොඩි කොල්ලෙක් මේ හොස්පිට්ල් එකේම හිටිය එයාගේ අම්මගේ කකුල් දෙක ළඟ වැටිලා අඩ අඩ ඉල්ලුවා එයාව දාලා යන්න එපා කියලා අවුරුදු ගානකට පස්සේ මේ හොපිට්ල් එකේම අම්මා කෙනෙක් දරුවෙක් ලග අඩ අඩ ඉල්ලනවා එයාව තනි කරන්න හිතන්නවත් එපා කියලා

දෛවය හරි පුදුමාකාරයි ... ඩේව්ගේ ඇස් එකට තුරුල් වෙලා ඉන්න ඉන්දීවරී ගාවටයි මුලින් ගියේ වෙනසක් නෑ පොඩි කොල්ලා අම්මා විදිහමයි ... ඉන්දීවරීගෙත් තාම තියෙනවා නොමැරුන හුරතලයක් හරියට එයාගේ අම්මා වගේමයි ....

ඊටත් වඩා දෙයක් ඩේව්ගේ හිත පිස්සු වට්ටලා තිබ්බා ඒ අර කටහඬ .... කාලෙකට කලින් රැයක බීලාම මැරෙන්න හිටිය මොහොතක තමන්ට ආපු කෝල් එක.... ඒ කටහඬ .... ඩේව් හෙව්වා .... පිස්සෙක් වගේ හෙව්වා තමන්ගේ අම්මගේ කටහඩටම ගැලපෙන ඒ හීනී කටහඩ ඒත් ඩේව්ට හොයාගන්න බැරි උනා.....

ඒ නම්බර් එකට ආයෙම කෝල් ගත්තත් ඒ නම්බර් එක කිසිම විදිහකින් එයාගේ කෝල් වලට රියැක්ට් කරේ නෑ ඒකෙන් එයාට ඒ කටහඬ මගෑරිලා ගියා .... ඒත් .... දැන් මෙතන සුදු පාටට වෛර කරනවා කියපු කෙනා .... ඔව් ඒ කටහඩ ඒ එදා කතා කරපු කට හඩමයි සරලවම ගත්තොත් කිශාර්යාගේ එහමත් නැත්තන් ඩේව්ගේ අම්මගේ කටහඩට සීයට සීයක් සමානයි .... ඒත් කොහොමද එහෙම උනේ

ඇයි මේක කලින් නෝට් නොවුනේ .... හෝව්ව් හෝව් කවදද මෙතුල ඩේව් එක්ක වචන දහයක් කතා කරේ ඩේව් සද්ද නැතුව හිටියේ මෙතුල ආයෙම වචනයක් කතා කරනකන් .... ඒත් මෙතුල කරන්නේ දිගටම අම්මට තුරුල් වෙලා අඩන එක .... ඩේව් කල්පනා කරා අසනිප උනාම මෙහෙම තුරුල් කර ගන්න කෙනෙක් ඇයි එයාට නැත්තේ කියලා නටාලියා හැමදාම කරේ කොලව රිද්දපු එක ගහපු එක පුච්චපු එක හැමදාම එක එක වැරදි කියලා තාත්තගෙන් බෙල්ට් පාර ඉල්ලලා දීපු එක කවදාවත් නටාලියාට හොද අම්මා කෙනෙක් වෙන්න බැරි උනා ඩේව්ට

"ඔහ් ඔයා කවුද පුතේ .... "

විනාඩි ගානක්ම මෙතුලව තුරුල් කරන් හිටිය ඉන්දීවරි ගැස්සිල ගියේ කාමරේ දොරටත් වඩා උස හයයි හතරේ කොල්ලක් අත් දෙක බැඳගෙන බිම බලාගෙන කල්පනා කරන හැටි එකපාර දැක්ක නිසා

ඔන්න එතකොටයි මෙතුල මෙච්චර වෙලා අඩව අඩව හිටිය මැණික් කැට දෙකක් වගේ කඳුළු නිසා දිලිසෙන නිල් පාට ඇස් උස්සලා ඩේව් දිහා බැලුවේ ....

බොරු ඕනි නෑ ඩේව්ටත් ඒ වෙලේම මෙතුල දිහා බැලුනා.... සමහර විට ඒ අමුතුම තාලේ ලමයගේ අමුතුම ලස්සන ඩේව් දැකපු පළවෙනි පාර වෙන්න ඇති ඉදලා හිටලා ඇවිල්ලා තමන්ගේ ඉස්සරහාම අතුරුදහන් වෙලා යන පොඩි කොල්ලා දිහාවට ඩේව් අහම්බෙන් හරි ඕන කමින් බලපු පළවෙනි වතාව වෙන්න ඇති ..... ඒ නිසාම වෙන්න ඇති ඩේව්ට බයට හැංගෙන පොඩි එකාගෙන් ඇස් අහකට ගන්න නොහිතුනේ ....

ඉන්දීවරි මාරුවෙන් මාරුවට දෙන්නා දිහාම බැලුවා මොකද ඉන්දීවරි දන්නෑ ඩේව් කියන්නේ කවුද කියලා වත් ඒත් මෙතුලගේ අත් තද වෙන විදිහට ඉන්දීවරීට කියන්න පුලුවන් මේ මෙතුල දන්න කෙනෙක් කියලා නම් හොදට

"ශැනෝන් ... ශැනෝන් දි රෝයි ... කැම්පස් යුනියන් එකේ නොමිනේටඩ් ප්‍රසිඩන්ට් .... මම මෙයාව බලලා යන්න ආවේ "

ඉන්දීවරිට එකම බැල්මක් වත් නොදීපු ඩේව් තමන්ගේ ඇස් මට්ටමෙන් හැංගෙන පුංචි ජීවියාගේ ඇස් දිහා බලාගෙනම කිව්වේ ඉන්දීවරි කටත් ඇරන් ඩේව් දිහා බලාගෙන  ඉන්දෙද්දි .... ඇයි කොල්ලගේ වචන තනිකර ගල් වකේ රලුයි සීතලයි කිසිම සුහදත්වයක් ඒ වචන වල ගැබ් වෙලා වත් නෑ

"අහ් ඉද ගන්න පුතා .... "

"කමක් නෑ ආන්ටි "

ඉන්දීවරි ඇත්තටම දන්නෑ යසිරු වගේම ඩේව්ගේ වලි යසිරු ඒවා කවදාවත් ගෙදරට ගෙනාවෙත් නෑ ඒ නිසා ඉන්දීවරි ඩේව් කවුද කියලා දන්නෑ සමහර විට දන්නවාත් ඇති ඒ ඩේවිඩ් කියන නමින් මීට අවුරුද්දකට විතර උඩදි යසිරුගේ ග්‍රේඩ් එකේම ළමයෙක් රේප් කේස් එකකට රිමාන්ඩ් උනා කියන එක විතරක් .... මොකද ඒ සීන් එක නිවුස් වලත් ගියා

"මෙයාට කොහොමද ආන්ටි "

මෙතුල තමන්ට බයයි වගේම තමන්ගෙන් හැංගෙන හැටි බලාගෙන හිටිය ඩේව් ඊලග පාර හඩ බාල කරලා ඉන්දීවරීගෙන් ඇහුවේ පොඩි හිනාවක් ඉන්දීවරීට සංග්‍රහ කරන්න අමතක නොකර

"දැන් හොඳයි පුතා ... දන්නැද්ද නයිට් මෙයාර් එකක් දැකලා ඒකට අඩ අඩ හිටියේ ... "

"ම්ම් ... මම ඉක්මනට යන්න ඕන මම ආවේ සමාවෙන්න කියලා යන්න .... මගේ කෙනෙක් අතින් මේ දේ වෙලා තියෙන්නේ මම දැනන් හිටියේ නෑ මෙහෙම දෙයක් වෙනවා කියලා .... සොරි මල්ලි ... ඇන්ඩ් ආන්ටි මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද ? "

"හරි පුතා ... "

මෙතුලගේ බෙඩ් එක ගාවටම ගියපු ඩේව් ඉන්දීවරීට තුරුල් වෙලා ඉන්න කොල්ලගේ උරහිසින් පල්ලෙහාට වැටිලා තියෙන හොස්පිට්ල් රොබ් එක හරියට හදලා එලියට ගියේ මෙතුල තවත් තදට ඉන්දීවරීව අල්ලගනිද්දි

"ඒ මොකක්ද උනේ ... "

මෙතුල සයිලන්ට් කොල්ලවචුට්ටිත්තක් විතර රෝස පාට වෙලාදත් මන්ද .... හමේ පාටට කොල්ලව පොඩ්ඩ ඇත්තන් රතු වෙනවානේ

ඉන්දීවරි දැන් ඩබල් ශොක් ... එකක් මේ කියන යූනියන් ප්‍රසිඩන්ට් මොකාද කියලා එයා දන්නෙත් නෑ අනික ඒශානුයි සොෆියි ඇරෙන්න මෙතුල කා ගැනවත් කතා කරලත් නෑ තුන් වෙනි සහ අවසාන දේ මෙතුල දශමයක් වත් ඒ ආපු මනුස්සයට බයත් නෑ ....

නැත්තං යසිරු පොඩ්ඩක් ඔලුව අතගාන්න ගියත් ගැස්සෙන ලමයා උරහිසෙන් පල්ලෙහාට වැටිලා තිබ්බ ඇදුම හදලා යනකන් ඒ මනුස්සයගේ මූන දිහා බලාගෙන  ඉදීයෑ

"පොඩ්ඩක් ඉන්න පුතා මම අර අයියා එක්ක කතා කරලා එන්නම් ... "

මෙතුල ඔලුව විතරක් වනලා ඉන්දීවරීව අතාරිද්දි ඉන්දීවරි දොර ඇරගෙන එලියට ගියේ එලියේ පුටුවක ඉදගෙන හිටිය ඩේව් නැගිටලා ඉන්දීවරි ගාවට එද්දි

"මොනාද කියන්න තියෙන්නේ පුතා ... "

"මට දැනගන්න ඕනි උනේ හොස්පිට්ල් බිල් එක පේ කරන්න පුලුවන්ද කියන දේ විතරයි ... "

"කරදර වෙන්න එපා මට ඩිස්කවුන්ට් තියෙනවා පුතා මම ඩොක්ටර් කෙනෙක්නේ .... "

"ම්ම් ... මම යන්නම් ආන්ටි ....අම් මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ආන්ටිට "

"කියන්න දරුවෝ ... "

"යසිරුට කියන්න එපා මම ඇවිල්ලා ගියා කියලා .... "

"ඇයි ඒ "

ඒකට ඩේව්ගෙන් උත්තරයක් ඉන්දීවරීට ලැබුන්නෑ ඒ වෙනුවට පොඩි හිනාවක් විතරයි ලැබුණේ ... ඉතින් කතාව ඉවරයි ඩේව් එලියට යන්න අඩිය තියන්නයි ලෑස්තිය ඒත්... ඩේව්ට ආයෙම ඉස්සරහටගත්ත අඩිය පස්සට අදින්න උනා

"පුතා "

ඉන්දීවරි ආයෙම කොල්ලව නවත්තගත්තා ... ඩේව් හැරුනේ ඇයි කියලා අහන්න උනත් ඉන්දිවරි ඇස් වල කඳුළු පුරවන් ඩේව් දිහා ආයාචනාත්මක බැල්මක් දැම්මේ දෙයක් ඉල්ලන්න ලෑස්ති වෙලා

"මගේ දරුවා ... එයා කැම්පස් එකේ තනියම ඉන්නේ ... පුතාට පුලුවන්ද එයාව බලාගන්න ... යසිරු ... මෙතුලගේ අයියා ... එයා හිටියනම් මගේ දරුවට හීරිමක් වත් වෙන්නෑ ඒත් .... එයා නෑ .... ඔයාට පුලුවන්ද ... පුතේ ඔයාට පුලුවන්ද එයාව බලාගන්න .... මගේ පුතේ ඔයාට පුලුවන්ද ? "

මගේ පුතේ .... !!

මගේ පුතේ ....!!

ඩේව්ගේ ඔලුව වටේම කැරකුනේ ඒ වචනේ විතරයි අවුරුදු කොච්චරද මන්දා ගානකට පස්සේ කෙනෙක් එයාට මගේ පුතේ කිව්වා ඒකත් නන්නාදුනන අහම්බෙන් හම්බුන කෙනෙක් ....

ඩේව්ගේ ඔලුව පවා කැරකෙන්න ගත්තා ඒ ආමන්ත්‍රනයෙන් .... කෙනෙක් එයාට මගේ පුතේ කිව්වා ... මොන තරම් අහම්බයක් උනත් අර අවුරුදු දාසයේ පොඩි කොල්ලා හදවත ඇතුලේ උඩ පනින්න ගත්තා එයාට මගේ පුතේ කියලා කෙනෙක් ....

ඩේව් ඉන්දීවරීට පොඩි හිනාවක් දීලා ඔලුව උඩ පහල කරේ ඉන්දීවරී සතුටින් හිනා වෙද්දි

"මම බලාගන්නම් එයාව ... පොරොන්දු වෙන්නම් අනිවාරෙන්ම "

____________________________________________________________

පුතේ හරියට මාසයකට පස්සේ අකේසියා ඒන්ජල්ව ඇන්න ආවා රත්තරනේ

හදීසියේ හිතුවා හදීසියේ ලිව්වා එඩිට් කරා දැම්මා

බොරු ඕන්නෑ මගේ පපුවත් රිදෙන්න අරන් තිබ්බේ මේක අප්ඩේට් නොකර

හරි නැවතත් කතාවට

ඔයාලාට ඩිස්ක්‍රිප්ශන් එකේ කියපුවා ගැන අයිඩියා එකක් අද කොටසෙන් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා

මේක සුදු පාටට ආදරය කරන නෙමේයි සුදු පාටට වෛර කරන කතාවක් ... !!

සෝ හෙහ් හේ තේරුම් ගන්නකෝහ්

ඔම්කේ දේව්ගේ වෙස් පෙරලියට හේතුව දැනගන්න ඇතිනේ දේව්ට සැකයක් තියෙනවා ඒ කතා කරේ මෙතුල කියලා බලමුකෝ ඉස්සරහට

ඔන්න ඉන්දීවරි ඩෙව්යි දෙන්නා ඩීල් එකකුත් ගැහුවලු 🌚

ඇයි මෙතුල ඩේව්ට බය නැත්තේ මිනිහාට පොඩි ලැජ්ජාවක් විතරයි තියෙන්නේ .... හරි පුදුමයි නේත ?

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

ගිහින් එන්නම් ආයේනම් එන්නේ පලිගුව ඉවර කරලාමයි ඔව් ඇත්තමයි .... 🥲 (මේක කියපු සියවෙනි වතාවද කොහෙද මේ එව්ව් නේත ඈ)


Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎



You are reading the story above: TeenFic.Net