05. 🤍

Background color
Font
Font size
Line height

කොහෙත අනේ ගියේ මම හෙව්වා පන යනකන් "

පන්තියට ආපු හැටියේ ඒශ් මෙතුලගේ වටේ වටයක් කැරකෙන ගමන් මෙතුලව ස්කෑන් කරන්න පටන් ගත්තේ සොෆියා ඔලුව තියාගෙන හිටිය ඩෙස් එකෙන් ඔලුව උස්සලා මෙතුල දිහාවට බැල්මක් දාලා ආයෙම ඔලුව තියාගනිද්දි

"ම්-මම ව්-වොශෲම් ගියා නේ "

"අයියෝ කියලා යන්න එපැයි "

"ස්-සොරි "

"ඒකට කමක් නෑ අනේ "

මෙතුල ඒශාන් එක්කම ගිහින් ඉදගත්තේ තව ටිකකින් ලෙක්චරර් කෙනෙක් ක්ලාස් එකට එනවා කියලා ටයිම් ටේබල් එකෙ දාලා තිබ්බ නිසා

"Excuse me !"

එකපාරටම මනුශි ක්ලාස් එකට එස්කියුස් කරලා ආවේ සෑහෙන්න බයෙන් බිරාන්තට්ටු වෙලා

"මල්ලි ... ඔයා හොදින්ද .... දැන් ලමයෝ මටත් වෙච්චි දේ ගැන ආරංචි උනේ "

මනුශි මෙතුල ගාවට දුවගෙන ඇවිත් මෙතුලගේ අත අල්ලන්න හැදුවත් මෙතුල අත අහකට ගත්තේ එයා එයාව අල්ලන්න කාටවත් දෙන්නැති නිසා

"අනේ පොඩ්ඩෝ අයියා කොලේජ් එකේ නෑ මට සිතිජ කිව්වේ එයා කිව්වා බෙහෙත් ගෑවා කියලා රිදෙනවාද ?"

"න්-නෑ අක්කේ "

"අරු.... ඌ මානසික පිස්සෙක් රිදෙනවානම් මට කියන්න දැන් යසි මේක දැනගත්ත ගමන් ඩෙගා නටයිද දන්නෑ "

මනුශි ඔලුවත් කස කස තනියම කියවන්න පටන් ගත්තේ ඒශාන් මනුශි දිහාවටත් මෙතුල දිහාවටත් මාරුවෙන් මාරුවට බැල්මක් දෙද්දි

"මොකද උනේ ?"

"ම්-මුකුත්...න්....නෑ "

"මම අහන්නේ අතට මොකද උනේ ඒ වගේම කවුද ඒක කරේ කියල ! "

මෙතුල ඇස් දෙකත් ලොකු කරන් ඒශ් දිහා බැලුවේ මේ හම්බුන දවස් ගානටම පිට නොවිච්ච ගැඹුරු කටහඩක් ඒශාන්ගෙන් පිට වෙච්චි නිසා

"ම්-මම "

"මෙතුල ... මම අවසාන වතාවට ඔයාගෙන් අහන්නේ කවුද ඌ ?"

සපත්තු පාරක් පැහැදිලිව හිටලා තියෙන මෙතුලගේ අත පරිස්සමට අතට ගන්න ගමන් ඒශ් මෙතුලගේ අත අතගෑවේ සොෆීත් පුටුවෙන් නැගිටලා මෙතුල ගාවට ලං වෙද්දි

"එ-ඒක අමතක කරන්න "

"එස්කියුස් මී සීනියර් ... එයාට මෙහෙම දෙයක් උනේ කවුරු නිසාද ?"

"ඩේව් නිසා "

මනුශිගේන් හැරෙන තැපෑලට ලැබුනු උත්තරයත් එක්ක විනාඩියක්වත් ඉවසපු නැති ඒශාන් ඩෙස් එකට උඩින් පැනලා දොරෙන් එලියට ගියේ සෑහෙන්න ආවේගෙකින් ඒත් එක්කම මෙතුලත් නැගිටින්න ගියාට සොෆි පාර හරස් වෙන්න හිටගත්තේ ඇස් වලින් මෙතුලට ආයෙම පුටුව පෙන්නන ගමන්

"එයාට යන්න දෙන්න සන්දුල් .. එයා හුරතල් උන පලියට අහිංසක මනුස්සයෙක් නෙමේ .. දැන් ඔය ආවේගේ නිවුනේ නැති උනොත් ඩේවිඩ්ව මරලත් එයා නවතින එකක් නෑ "

"එ-ඒත් ස්-සොෆී ඔයාලා ම්-මන් නිසා ප්-ප්‍රශ්න වල පැටලෙන්න එ-එපා "

සොෆි ඔලුව වනලා ගිහින් ආයෙම පුටුවෙන් ඉදගත්තේ මෙතුල මනුශි දිහාවටත් බැලම්ක් දාලා හූඩි කවර් එකෙන් ඔලුව වහගනිද්දි

_________________

"අයියේ "

ඒශාන් ඩේව්ලට වෙන් වෙච්ච පොට් එකට ඇවිත් කෑ ගැහුවේ ඩෙස් එකකට නියපොත්තෙන් තට්ටු දාන ගමන් ...

ඒශාන්ගේ කටහඩට ඩේවිඩ් වගේම සිතිජත් හැරිලා බැලුවේ ඒශාන් අඩියට දෙකට ඩේවිඩ්ගේ ශර්ට් කොලර් එකෙන් ඇදලා ඉස්සරහට ඇදලා ගනිද්දි

හැබැයි ඒශාන් දැක්කේ නෑ ඩේවිඩ් එක්ක සෑහෙන්න පිරිසක් එතන ඉන්නවා කියලා

චටාස් ....

කන කීං ගාන සද්දෙටම ඩේවිඩ්ගේ කන රත් වෙන්නම කනේ පාරක් ගහපු ඒශාන් ඩේවිඩ්ව අතෑරියේ හයියෙන් හයියෙන් හුස්ම අල්ලන් ගමන්

"මම උබට උදෙත් කිව්වා ඌව අතෑරපන් කියලා ... ඌ අහිංසකයි යකෝ .... තොපිට සෙල්ලම් කරන්න පවුඩර් උලපු බෝනික්කෙක් නෙමේ ඌ "

ඒශාන් ඩෙස් එකටත් ගහන ගමන් ඩේව්ගේ පපුවට ඇඟිල්ලෙන් ඇන්නේ සිතිජ ඔලුව වනලා කාමරෙන් එලියට යද්දි

"මචං කවුද මේ සොකඩයා "

ඩේව්ගේ මිත්‍ර ගැන්සියේ කොල්ලෙක් කෑගහලා අහනවත් එක්කම ඌ දිහාවටත් අලු වෙලා යං බැල්මක් දීපු ඒශ් ඩේවිඩ්ට පයින් පාරක් දුන්නේ ඩේවිඩ් ඒ පාරත් කාගෙන කට වහගෙන ඉද්දි

"මූට දෙකක් නෙලන්නද ඩෙව්"

ඉස්සරහට එන්න ගිය කොල්ලො දෙන්නට අතින් එන්න එපා කියලා සංඥා කරපු ඩේවිඩ් ඇස් වලින් ඒශාන්ට දොර පෙන්නුවේ ඒශාන් කට කොනින් හිනා වෙලා ඇහි බැම අත ගාද්දි

"පලයන් "

"සීමාවේ ඉදපන් අයියේ ආයෙත් මගේ එකාට කරදරයක් වෙන්න බෑ !"

ඒශාන් මූනට වැටෙන කොන්ඩෙත් උඩට උස්සන ගමන් එලියට ආවේ නිවීගෙන යන ආවේගෙට වතුර ඉහින ගමන්

"නාග කන්‍යාවක් වගේ "

"ම්ම් ඇයි "

ඒශාන් එලියට එනකන් කෙටි තාප්පයක් උඩ ඉදගෙන හිටිය සිතිජ බිමට පැන්නේ එහෙම කියන ගමන්

"නෑ ඉතින් උදේ හුරතල් උන කොල්ලම හවස කන රත් වෙන්න ගැහුවනේ "

"ඇයි ඉතින් ඔය අයියත් පොතට කලින් පිට කවරේ මැන්නේ ?"

කට කොනට හිනාවක් අරන් සිතිජගේ මූන දිහා බලපු ඒශාන් සිතිජගෙන් ඇහුවේ සිතිජ ලාවට හිනාවක් දීලා අහස දිහා බලද්දි

"සුදු මල්ලිට අවුලක් නැද්ද ?"

"සුදු මල්ලි ??"

ඒශාන් සිතිජ දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවේ සිතිජ බය වෙලා වගේ ඇස් පිල්ලම් ගහලා අහක බලා ගනිද්දි

පුහ් සුදු මල්ලිලු එව් එව්

"එයා ඉතින් සුදුයිනේ මට නම මතක නෑ ඒකයි එහෙම කිව්වේ "

"හම් හම් හාකෝ ඒක නෙවේ තෑන්ක්ස් බෙහෙත් ගෑවට එයාගේ අතේ "

"ම්ම් "

"මම යනවා සී යූ ලේටර් ඒයි ම්වාහ් "

සීරියස් මූඩ් එකෙන් ගොන් ජෝක් මූඩ් එකට මාරු උන ඒශාන් සිතිජට ෆ්ලයින් කිස් එකකුත් දීලා උඩ පැන පැන යන්න ගියේ සිතිජ හොල්මනක් දැක්කා වගේ ඒශාන් දිහා බලාගෙනම කෙල ගිලිද්දි

"ඇත්තමයි මේ පොඩි එවුන්නම් ! "

තමන්ටම මුමුනගත්ත සිතිජ ඔලුවටත් එකක් ගහගන්න ගමන් ආට් රූම් එක පැත්තට ඇවිදගෙන ගියේ මේ වෙලාවේ එයාටත් කරන්න ලොකුවට වැඩක් නැති නිසා

_______________________

"මොනාද අයියෝ අර කියලා දෙන්නේ ඉහි ඉහි "

මෙතුලගේ අතට හේත්තුවක් දාගන්න ගමන් මෙතුලගේ වම් අත අතගාපු ඒශාන් ලෙක්චර්‍රර්ට කුටු කුටු ගාලා බයින්න පටන් ගත්තේ මෙතුල හිනා වෙලා ඒශාන්ට ඕන එකක් කරගන්න දීලා එයාගේ වැඩේ කරගෙන යද්දි

මෙතුල ටිකක් හරි ක්ලෝස් උනානම් ඒ මුලු කොලේජ් එකෙන්ම ඒශාන් එක්ක විතරයි ... ඒශානුත් මෙතුලගෙම පස්සෙන්ම ඉන්න නිසාද කොහෙද කවදාවත් නැතුව හම්බුන මේ යාලුවට මෙතුල හදවතේ විශේෂ තැනක් දීලා තියෙන්නේ

"අත රිදෙනවද ඒයි "

"ම්හු නෑ "

"බොරු මරිසි එපා හර්ත දෙනෝ දෙකක් හම් "

"හ්ම් හ්ම් "

ලෙක්චරර් ලෙක්චර් එක ඉවර කරලා ක්ලාස් එකෙන් එලියට ගියත් හරි ළමයි ඔක්කොම බෑග් අරන් එකා එකා එලියට ගියේ කොලේජ් ටයිම් එක ඉවර නිසා

"අයියා එක්ක නේ යන්නේ "

"ම්ම්"

"කෝ නෑනේ "

"අ-අම්මා "

ඒශාන් බලාගෙන හිටියේ යසිරු එනකල් උනාට මෙතුල ඈත ඉඳන් එයාට අත වනන හුරුබුහුටි කාන්තාව දැකලා උඩ පනින්න පටන් ගත්තේ සතුටින්

ඉන්දීවරි පාර පැනලා ඇවිත් පුංචියට ඉන්න මෙතුලව අත් දෙකටම බදාගත්තේ කම්මුලටයි නලලටයි ඔලුවටයි මාරුවෙන් මාරුවට හාදු තියන ගමන්

"මගේ පුංචිත්තෝ ඔන්න අම්මා ආවා අද එක්ක යන්න "

"අයියා කෝ "

"ආන් වැඩක් කියලා කොහෙද ගියා මට ඔයාව ගන්න කීවා "

මෙතුලගේ ඔලුව අත ගාන ගමන්ම උත්තර දීපූ ඉන්දීවරි මෙතුලත් එක්කම හිටිය සොෆීටයි ඒශාන්ට හිනාවක් දුන්නේ ඒශාන් ඇවිල්ලා ඉන්දීවරීගේ බ්ලවුස් එකේ කොනකින් අදින්න පටන් ගනිද්දි

"මේ ... ඔයාද ඒයි මගේ බියුටියාගේ ලස්සන අම්මා "

"අපේ අප්පේ මම තමයි හලෝ ඔයා කවුද ඔයාද මේ බියුටිගේ බීස්ට්... ඒ උනාට ඔයා ලස්සනයිනේ "

"ඉව්ව් මොන හිතකින්ද ඒයි මට බීස්ට් කිව්වේ හරි නරකයි "

ඉන්දීවරීට හිනා ගියේ ඒශාන්ගේ විකාර වලට සොෆි ඇවිල්ලා ඒශාන්ගේ ඔලුවා එකක් ගහපු පාර තමා ඒශාන් විකාර නැවැත්තුවේ

"හෙලෝ ආන්ටි නයිස් ටූ මීට් යූ අයිම් ලොරේන් ලැනරෝල් ඇන්ඩ් හී ඊස් රයන් ලැනරෝල් "

"ඔහ් හායි ලමයිනේ "

සොෆී එක්ක හිනා වෙන ගමන් හිටිය ඉන්දීවරීගේ කන ගාවට ආපු මෙතුල ඉන්දීවරීට රහසක් කිව්වේ ඉන්දීවරීගේ කට කනට යද්දි

"හානේ ඔයාගේ යාලුවෝද .. හරි ශෝක්නේ අයිගෝ ආදරේ හිතෙනවා අප්පාහ් "

ඉන්දීවරී සෝෆීගේ අතට තට්ටුවක් දානගමන් ඒශාන්ගේ මූන අත ගෑවේ ආදරෙන්

එයාට සතුටුයි ... ජීවිතේ පලවෙනි පාරට තමන්ගේ දරුවට යාලුවෝ හම්බෙලාලු .. ඒකත් හරි නිහතමානි වැදගත් පෙනුමක් තියෙන යාලුවෝ දෙන්නෙක්

"මේ ඒක නෙමේ ළමයි ඔයාලා දෙන්නා ඇක්ට් කරනවද එක්කෝ.... දුව ඔයාවත් මම ඔයාලාව ටීවී එකේ දකලා තියේ තියේ වගේනේ මීටර් නෑ "

"අහ් ඒ නම් මෙයා තමා ඒයි මෙයා චූටි තාත්ති එක්ක කම්පැනි මීටින්ග්ස් වලට ජොයින් වෙනවානේ ඒවා මීඩියා වලට යනවනේ එව්වනේ ඔයා දකින්නැත්තේ  "

"ආහ්හ් පොඩ්ඩක් ඉන්න ලැනරෝල් ..... වාහ් ලමයිනේ ඔයාලා රිචඩ් ලැනරෝල්ගේ කවුරු හරිද ?"

"ඔව්නේ ඒ අපේ ග්‍රෑන්ඩ් පා අපි රෙහානා ලැනරෝල්ගේ ළමයි "

"වාහ් නයිස් ටූ මීට් යූ ඩාර්ලින් "

මෙතුලගේ අතක් තමන්ගේ අතක් එක්ක පටල ගත්ත ඉන්දීවරි ඒශාන්වයි සොෆීවයි ගන්න එන වාහනේ එනකන් කියව කියව ඉදලා ඒ දෙන්නත් ගියාට පස්සේ මෙතුලත් එක්ක වාහනේට නැග්ගේ සින්දුවකුත් මුමුනන ගමන්

"ආ කන්න "

"ඒවා හරි ලස්සනයි අම්මේ "

මෙතුල ඉන්දීවරීගේ අතක් අරන් අතට කිස් එකක් දීලා ලස්සනට ඩෙකෝ කරලා තිබ්බ ක්‍රේප් එක කන්න ගත්තේ සතුටින්

විශේෂයක් තියෙනවා නේද ?

කෝ කොල්ලගේ ගොතේ ?

ඉන්නකෝ කියන්න මෙතුල කියන්නේ ගොත ළමයෙක් නෙමේ හැබැයි මෙතුල සමාජෙට බයයි ඒක නිසාම මෙතුල කතා කරනකොට වචන පැටලුනත් එයාගේ කම්ෆර්ට් සෝන් එක වෙච්ච අම්මා කියන කැටගරි එකේ එයා ෆුල් ෆ්‍රී එකේ ඉන්න අහිංසකයෙක්

ඒකයි යසිරු උනත් හැමවෙලේම කියන්නේ "උබ ගොත නෑනේ ගොත ගහන්න එපා කියලා " මොකද යසිරු දන්නවා මෙතුල අම්මා ඉස්සරහා කවමදාවත් ගොත නොගහන බව .....

"අම්මටත් කෑල්ලක් දෙන්නද ?"

"කෝ බලන්න පොඩි කෑල්ලක් කමු එහෙනම්"

ඩ්‍රයිව් කරන ඉන්දීවරීට ක්‍රේප් එකෙන් කෑල්ලක් කවපු මෙතුල ඉස්සරහ බලන් රේඩියෝ එකේ යන සින්දුව අහන්න පටන් ගත්තේ අහේතුකව තමන්ගේ අත පාගපු දුශ්ඨ මිනිහගේ රූපේ මනසේ ඇදෙද්දි

"පුතා ... දරුවෝ නිදිද ?"

"නෑ අම්මා ..."

"ම්ම් යන්කෝ අම්මා අන්න දවල්ට කෑම හැදුවා කාලා අම්මා එක්ක දොයිය පුතා වෙමු හරිද ?"

මෙතුල බෑග් එකත් උස්සගෙන ගේ ඇතුලට ගියේ බිම කොල වගයක් වපුරන්  ලොකු වැඩක් කරන පසනුයි යසිරුයි දැකලා දෙන්මටම ලා හිනාවක් දෙන්නත් අමතක නොකර

"මල්ලියා කොහොමද අද දවස !"

"හ්-හොදයි අ-අයියේ "

පසන්ට කෙටියෙන් උත්තර දුන්න මෙතුක යසිරු දිහා බැලුවේ යසිරු ඇස් උස්සලා හරි තමන් දිහා බලයි කියන බලාපොරොත්තුවෙන් උනත් යසිරු එහෙම කලේ නෑ

ඉතින් ඒක නිසාම උඩට ඇවිත් බෑග් එක පැත්තකින් තිබ්බ මෙතුල වොශ් එකක් දාලා ඒශාන්ට මැසේජ් එකකුත් දාලා පල්ලෙහාට බැස්සේ කොට කලිසමකට ලොකු ටී ශර්ට් එකකුත් ඇදගෙන

"අම්මේ "

"ඕ එනවා .... පසන් පුතා ආන්ටි කවන්නද නැත්තං පුතා කනවද ?"

"මම කන්නම් ආන්ටි තෑන්ක්ස් ආහ් "

පසන් කුස්සියට ගිහින් බෙදලා තිබ්බ බත් එක අතට අරන් ඉන්දීවරිට තෑන්ක් කරලා ආයෙම සාලෙට ආවේ යසිරු එක්ක වැඩ කරන ගමන් කන්න උනත් එකපාරට දැක්ක දේ නිසා ශොක් වෙලා තව ඩිංගෙන් බත් එකත් බිම අතෑරගන්නවා

"මොකෝ උබ නික්..."

යසිරුත් බත් එක අතෑරගන්න ගිය පසන්ව දැකලා මොකද උනේ අහන්න ගියත් පසන් බලන් ඉන්න දිශාව බලලා ඇස් හීනි කරගත්තේ දත් මිටි කන ගමන්

ඇයී ඉතින් ගවුමක් වගේ ටීශර්ට් එකක් විතරක් ඇඳන් එනවා වගේ පේන එකෙක් දැක්කම ගෑනු පිරිමි අදාල නෑ දෙපාරක් බැලන එක සාධාරණයිනේ පසන්ටත් උනේ ඒක කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා බත් එක නොවැටි බේරුනා මදැයි ඉතින් ....

අනික් පැත්තෙන් යසිරු දත් මිටි කකා බලන් හිටියේ මෙතුලගේ මෝඩ මොලේ පෑදෙන්න ඔලුවට පයින් ගැහුවොත් හරිද කියලා කල්පනා කරන ගමන්

"කෝ උබේ කලිසම මග හැලුනද ?"

අම්මා ගැන විපරම් කර කර ආපු මෙතුල උඩ ගියේ සාලෙන් යසිරු කෑ ගහනවා ඇහුන නිසා ... කලිසම තියෙනවානේ .. පේන්නෑද මෙයාලට ... විසාල කරදරයක් උනානේ මේක ඇයි අනේ කයිසම පේන්නැද්ද ... කොල්ලා ඇන්දනේ ... කොල්ලා ටීශර්ට් එක පොඩ්ඩක් උස්සලා පහල බැලුවේ ඇත්තටම කලිසම අමතක උනාද කියලත් හීනියට සැකයක් ඩවුන්ලෝඩ් වෙද්දි

"ම්-මේ ත්-තියෙන්නේ "

"තව කොට එකක් එහෙම තියෙන්නැතුව ඇති මම හිතන්නේ .... ගවුම් කොටයක් ඇඳන් එනවා වගේ මම දැක්කේ "

යසිරු මාරාන්තික බැල්මක් දුන්නට මොකෝ ඉන්දීවරි ආවත් හරි ඉන්දීවරීගේ පිටි පස්සට මාරු උන මෙතුල ඉන්දීවරි එක්කම යසිරු ඉන්න තැනට ලං වුනේ ගහුවොත් ගුටිකන්න බලාගෙන

හැබැයි යසිරු මුකුත්ම නොකර සෝෆා එක උඩ තිබ්බ වූල් ශීට් එකක් අරන් කාටවත් මීටර් නොවෙන්න ශේප් එකේ මෙතුල ඉදගන්නකන් ඉදලා කකුල් දෙක උඩට දාලා ඉන්දීවරීගේ කකුල් දෙක ගාව බිමින් ඉදගත්තේ ලොකු හුස්මක් පහත දාන ගමන්

"අම්මා "

"ඔව් ලොකු "

"හෙට මම කොලේජ් යන්නෑ මනුශි එක්ක තව ගර්ල් කෙනෙකුයි බෝයි කෙනෙකුයි එනවා ඔයාට පුලුවන්ද මෙයාව උදේට ගිහින් දාන්න ... මම හවසට එක්කන් එන්නම්."

"ආ මම දාන්නම් ඔයගේ වැඩ ටික කරගන්න ලොකු "

ඉදුල් නැති අතින් යසිරුගේ ඔලුව අත ගාන ගමන් කියපු ඉන්දීවරි බත් කටක් මෙතුලට කැව්වේ මෙතුල ඇති කිය කිය ඔලුව වනද්දි

"කාපන් නටන් නැතුව "

මෙතුලගේ සෙල්ලම් ඔක්කොම සල්ලං යසිරු උගුර යටින් වචණයක් දෙකක් එලියට දාපු ගමන් .... අන්දරේට කිරි කන්න ඉඩ තිබ්බා වගේ තමා යසිරු සැර කරනකොට මෙතුලගේ බඩෙත් ඉඩ හැදෙන්නේ

හනේ ඉතින් මෙවන් අසිරිමත් සහෝදරවරු ජයෙන් උදාරයි

"ලොකු පුතා අම්මට මහන්සීයි පුතා මායි මල්ලියි නිදාගන්න යනවා පසන් පුතා අපි යනෝ මොනා හටි ඕනනම් මට කතා කරන්න පුතාලා "

"අහ් හරි ආන්ටි මාත් තව පැයකින් විතර යනවා "

"හරි පුතා පරිස්සමින් "

මෙතුලවත් ඇඳන් තමන්ගේ කාමරේට ආපු ඉන්දීවරි මෙතුලව බිත්තිය කොනට දාලා තමන් අනික් පැත්තෙන් හාන්සි වුනේ මෙතුල පෙරලිලා ඇවිල්ලා ඉන්දීවරීගේ පපුව අස්සට ගුලි වෙද්දි

"සුදු පුතා .... අම්මා දිහා බලන්නකෝ "

"ම්ම්ම්"

"කෝ බලන්න ලස්සන මූන ආව් ආව් "

මෙතුල කොච්චර ලොකු උනත් ඉන්දීවරීගේ බෙල්ල අස්සේ ඔලුව ඔබාගත්තේ හුරතලේට .... කොහොමත් මෙතුල කියන්නේ සෑහෙන්න හුරතල් ජීවියෙක් හුරතල් කරන්න ගියොත් ඒ හුරතලේගේ හුරතලෙන් බේරුමක් නම් ලැබෙනවා බොරු ආයේ ඉතින්

"දොයියන්න දොයියන්න "

ඉන්දීවරි මෙතුලට නිදගන්න කිව්වට මොකද එයාට තමා හොදටම නිදි මතේ තියෙන්නේ .... මෙතුල අතක් අරගෙන ඉන්දීවරීගේ ඔලුව අත ගෑවෙ ටිකකින් මහන්සියටම මෙතුලට කෙසේ වෙතත් ඉන්දීවරීට නින්ද යද්දි

කොච්චර නිදාගන්න ඕන උනත් නිදාගන්න බෑ කියන්න වගේ මෙතුලගේ මනසටන ආවේ නපුරු කොල්ලෙක්ගේ රූපයක් .....

ඒකත් කට කොනින් හිනා වෙලා අත පාගපු මනුස්සයව ..

"හම් .... හැමෝම මට කැමතිත් නෑ නේ ඔයා අකමැති වෙන එක පුදුමයක් නෙමේ ඉතින් .....  "

තමන්ගේ හිතටම කියාගත්ත මෙතුල ඉන්දීවරීගේ තුරුලෙන් මිදිලා පැය දෙකකට විතර පස්සේ පල්ලෙහාට ආවේ යසිරු ගෙදර නැද්ද දන්නෑ කියලත් හිත හිත ...

මොකද ගෙදර ඒ තරමට සාමකාමියි

හැබැයි මෙතුල වැරදි යසිරු සෙකන්ඩ් ඉයර් ලාස්ට් සෙමස්ටර් එකට පන යනකන් පාඩං කරනවා කොල ගොඩකුත් බදාගෙන

ඉතින් යසිරුට කරදරයක් නොවෙන්න කුස්සියට රිංගපු මෙතුල යසිරුට කෝපි කෝප්පයක් හදලා අරගෙන ගිහින් මේසේ උඩින් තිබ්බේ යසිරු තත්පරයකට මෙතුල දිහා බලලා ආයෙම නෝට්ස් වලට අවධානය දෙද්දි

"කොටට අදින්න එපා !"

"ඇහ්"

"මගේ යාලුවෝ ඉස්සරහා ඔහොම ඇඳන් ඉන්න එපා"

"ස්-සොරි "

"උඩට යන්න "

මෙතුල ඔලුවත් වනලා කවදාවත් නැතුව තේකට යසිරු මුකුත් නොකියපු නිසා සතුටින් උඩට දුවලා ගිහින් ආයෙම ඉන්දීවරි ඉන්න ඇදට පැනලා ඉන්දීවරීට තුරුල් වෙල ඇස් පියාගත්තේ සියලුම දේවල් අමතක කරන ගමන්

___________________________________________________________

හායි හලොව්

මේ ළමයා ලිලී මලත් ඇන්න ආවා ඕන්

මේ ටික ඉතින් හීන් සැරේ යං ... එකපාරට කතාවට එන්ටර් වෙන්න බෑහ් නේ

පොතට කලින් පිට කවරේ මයින්න එපා හරිත ළමයි මොකද ලමයගේ අම්මා ලේසි පහසු එකියක් නෙමේනේ 😂

මමනම් කියන්නේ ඩේවිඩ්ට ගැලපෙන්නේ ඒශාන් වගේ එකෙක්

ඇයි කියන්න බලන්න ඒශාන් මොන දේ කරත් ඩේවිඩ් ඉවසන්නේ 👉👈

ඔලුවට පයින් ගැහුවොත් මොළේ පෑදෙයිද මීට පොත් ගොඩ බදන් පාඩං කරන යසිරු

යසිරුගේ යකා කලු නැද්දත් මන්දා

පසන්ට තමා මරු වැඩේ උනේ

මොනාහරි කියන්ඩ තියෙද?

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

යන්නාම්

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎


You are reading the story above: TeenFic.Net