04.🤍

Background color
Font
Font size
Line height

"එහාට පලයන් වුත්තෝ ..... අර ඊයේ ග්‍රවුන්ඩ් එක මැද කෙලගත්ත අයියා එනවා "

"ඒ එයා මොකද හලෝ මෙහේ "

"චන්ඩියෙක් වගේනේ "

"මොන බැච් එකේද දන්නෑ නේද හැලෝ "

"අපිට මොකද රූ එයා මොන බැච් එකේ උනත් !"

"ඒ වුනාට ලස්සනයි හලෝ නපුරු වුනාට "

ෆස්ට් ඉයර් එකේ සුපර් ජුන්නෝ ටික පන්ති වල නේම් ටැග් බල බල යන සෙකන්ඩ් ඉයර් සීනියර් කොල්ලෝ දෙන්නා දිහා කට ඇරගෙන බලන් හිටියේ පුරුද්දක් නැති නිසා වෙන්න ඕන

ඒ ඇරත් ජීවිතේට සදලුතලෙන් බිමට නොබහින ඒ බැස්සත් යසිරු එක්ක කෙලගන්න විතරක් බිමට බහින ඩේව් දිහා රිපීට් වෙච්ච උන් බලාගෙන හිටියේ ඇහැකුත් උඩ දාගෙන

"මේකද කොහෙද ?"

"ඒ වගේ "

සිතිජ දොර ඇරියම ඒ පිහිටින් ඩේව් ගැම්මට ගවනර් වගේ ඇතුලට ගියේ පන්තියේ හිටිය සෙට් එක මීයට පිම්බා වගේ නිශ්ෂබ්ද වෙලා ඉදගනිද්දි

"රයන් .... රයන් ඒශාන් දි ලැනරෝල් මේ ක්ලාස් එකේද ?"

ඩේව් එයාගේ ඩොමීනියන් කටහඬ පාවිච්චි කරේ බය වෙලා වගේ බලාගෙන ඉන්න ජූනියර් සෙට් එකට කින්ඩියට කට කොනින් හිනා වෙන ගමන්

"මම ප්‍රශ්නයක් ඇහුවා !"

පන්තියේ ඉදගෙන හිටිය කොල්ලෝ කෙල්ලෝ මූනට මූන බලාගත්තේ මේ අහන කෙනාව එයාලා දන්නැති නිසා ... ඇරත් පන්තියට ආපු දවසෙම මුලු පන්තියේම නම් කටපාඩම් කර ගන්න උන්ට පිස්සුයෑ

"අපි ... දන්නෑ මිස්ටර් ... එහෙම කෙනෙක් ගැන "

හුරුබුහුටි කෙල්ලෙක් නැගිටලා කිව්වම ඩේව් සිතිජ දිහා බැලුවේ ආවේ හරිම පන්තියටද කියලා සැක හැර දැනගන්න

"ඉදගන්නවා ..... මේකේ රෙජිස්ටර් එකක් තියෙනව නම් අරගෙන එනවා "

"ඒකත් තාම ෆිල් කරලා නෑ මිස්ටර් "

"ශිට් .... "

ඩේව් මෙච්චර වෙලා හේත්තු වෙලා හිටිය ගුරු මේසේට පයින් පාරක් ගහගෙන දොර ඇරියේ එලියට යන්න වුනත් දොර ඇද්ද පාර එළියෙන් දොර තල්ලු කරපු කෙනා ඇවිල්ලා ඩේව්ගේ පපුවේ වැදිලා විසි වෙලා ගියේ ඩේව් හනිකට ඉන වටේ අත දාලා අල්ල ගනිද්දි

"ස්-සොරි "

"මොන හුත්තක්ද මන්දා ..... ඇස් කටේ දාන්ද ඕයි යන්නේ ."

මෙතුලව අතෑරපු ඩේව් කුනුහරුපයකුත් කියාගෙන අඩියක් පස්සට ගත්තා

"ස්-සොරි"

"පොඩ්ඩක් ඉන්නවා මේ කබර පැටියානේ ... තමුසේ මේ ක්ලාස් එකේද ? "

මෙතුලගේ අතින් ඇදලා තමන්ට ලං කර ගත්ත ඩේව් කොල්ලට රිදෙනවා කියලා නොදැන අත තද කරේ කොල්ලගේ ඇස් ගැස්සෙනවා කියලා වත් නොදැන

"එයාව අතාරින්න "

"තමුසේ කවුද ?"

"අදාල නෑ නේ අයිසේ ... අතෑරපන් කොල්ලව "

"අතාරින්නෑ පුලුවන් දෙයක් කරපන් !"

"මම ආයේ කියන්නෑ ඩේවීඩ් ශැනෝන්ද රෝයි ... තමුසේ මෙතුලව අතාරිනවද නැත්තං නහය කඩා ගන්නවද ?"

"නංගි !"

ඒශ් සොෆීව පිටි පස්සට ඇද්දත් මොකද සොෆී ඒශාන්ගේ අත ගසලා දාලා අඩි දෙකක් ඉස්සරහට තියලා ඩේව්ට ලං වුනේ ඩේව් මෙතුලගේ අත තවත් තද කරද්දි

"අ-අයියේ ර්-රිදෙනවා "

"අතෑරපන් "

එක තත්පරයක් ඇතුලේ ආට් එකේ I ක්ලාස් එක තුශ්නිම්භූත වෙලා ගියේ ඩේව්ගේ නහයට වැදුන පන්ච් එකත් ඒක ගහපු ජූනියර්ත් නිසා

"ප*යට මං "

"ශැනෝන් අයියේ එපා ... නංගි පැත්තකට වෙනවා !"

"ඒශ් ?"

"ඔව් ඔව් ඒශ් තමා .... තමුසෙගෙනුත් හරි වදේ ඒයි ... මොකටද මෙහෙට ආවේ ... මගේ යාලුවාගේ අතත් රතු වෙලා මෙහේ එනවා යන්න ....... "

ඒශ් ඩේව්වත් ඇදගෙන සොෆීගේ ඔලුවටම එකක් ගහගෙන එලියට ගියේ සිතිජ විතරක් ඇතුලේ නවතිද්දි

"සොරි පොඩ්ඩෝ ... ඌට පිස්සු ... රතු වෙලා නේද අත "

"එ-ඒකට ක්-කමක් නෑ අ-අයියේ "

මෙතුලට වගේම සොෆීටත් ලා හිනාවක් දීලා එලියට දිව්ව සිතිජ ඩේව්ව හොයාගන්න බැලුවත් හොයාගන්න බැරි තැන ආයෙම එයාලාගේ ඒරියා එකට ඇවිදගෙන ගියේ කම්මැලිකමට ගල් කැට වලටත් පයින් ඇන ඇන

"කාගෙත් සුන්දරා යන්නැති වටයාගේ සැප දුක් බලන්න වරෙන්කෝ අද ... මමාට අල්ලලා දෙන්නම් මම !"

සොෆීව කේන්තියට ගැහෙනවා ... කෙල්ල පුටුවේ ඉදගෙන කකුල් දෙක ගස ගස ඉන්නේ අයියා පණ පන්තියට වඩිනකන් .....

සොෆීට ඩේව් ගැන හොද හැගීමක් තිබ්බේ නෑ ... හරි කාටද කියන්නකෝ හිරේ ගිහින් ඇප පිට ඉන්න කොල්ලෙක් ගැන හොද හැගීමක් ඇති වෙන්නේ .... සොෆීටත් එහෙමයි .... හැබැයි ඒශ්ට එහෙම නෑ ....මිනිහා අද හම්බුන එකාටත් පණ දෙයි පුලුවන්නම් ... එහෙමට එකා .... සොෆී බයත් ඒකයි ඒශ් ගැන

"ස්-සොෆියා .. ඒශ් ට බනිනවද ද්-දන්නෑ අර උස අ-අයියා "

"ඌ අපේකාට බයින්නෑ අපේ එකා ඇයි ඒයි හුයි ඒයි ගගා උගේ ඔලුව කෑවොත් මිස !"

සොෆී කේන්තියෙන් කියවන ඒවට හිනා වුන මෙතුල ආයෙම බිම බලාගත්තේ ක්ලාස් එකේ කට්ටිය එයා දිහා අමුතුවට බලනවා දැක්ක නිසා

____________

"ආ මේක වත් නහයට තියාගන්න අයියෝ ... නහය කැඩිලද දන්නෑ නේ ලේත් එනෝ"

"නැතුවැති !"

"ඇයි අයියෝ ඔයාට කියන දෙයක් අහන්න බැරි .... මම දැනගත්තා ... මම සැක කරා ... අපේ එක්කෙනා හැරෙන්නම ගහන්න තමයි කියලා ඒයි "

ඒශ් තමන්ට වඩා දෙකක් විතර උස ඩේව්ට ටිශූ එකක් දිග් කරලා පිස්සු හැදුන හාවෙක් වගේ උඩ පයින්න ගත්තේ ඩේව් උබට පිස්සුද වගේ බැල්මකින් ඒශ් දිහා බලද්දි

"හලෝ .... "

"....."

"අයියෝ ඇයි චූටි තාත්තේ මේ ඌරු මීයව ක්ලාස් එකට එව්වේ ? මෙයැයි එක්ක බෑ ඒයි ... සොෆී ගැහුවනේ මෙයාගේ නහය කැඩෙන්න ...!"

"........"

"බෑනේ බෑනේ .... ඕන්නෑ .... මෙයැයි හරි නරකයි හලෝ මගේ ලස්සන යාලුවට ඉන්න දෙන්නෙම නෑ තුවාල කරන්නමයි බලන් ඉන්නේ "

"ඇති ඇති ඔය කේලම් කිව්වා "

කොට පාත්තයා වගේ එහෙට මෙහෙට යන ගමන් කතාව රස කර කර කියන ඒශ්ගේ අතින් ෆෝන් එක උදුරගත්ත ඩේව් කෝල් එක කට් කරලා ආයෙම ඒශ්ගේ අතට ෆෝන් එක දුන්නේ ඒශ් ඇස් හීනී කරලා රවද්දි

"ඔහේ චන්ඩියා උනාට කමක් නෑ මගේ යාලුවට පාඩුවේ ඉන්න දෙනවා ........."

"කෑ ගහන්න එපා බන් කනත් මොකක්ද උනා "

ඩේව් පොඩි ඇටයව සෝෆා එකෙන් ඉන්දලා ස්ප්‍රයිට් කෑන් එකක් දුන්නේ ඒත් එක්කම දොර ඇරගෙන සිතිජ ඇතුලට එද්දි

"ආ මෙන්න වැඩක් මෙහෙද හිටියේ දෙන්නා "

ඒශ්ට දැන් ඩේව්ව වැඩකුත් නෑ කලින් දැක්කත් කතා කරන්න බැරි වුන හැන්සම් පොර මල් හිනාවක් දාන් කොල්ලා ඉස්සරහනේ

"හායි ඒයි මගේ නම ඒශාන් ... අර ගහගන්න ගියේ මගේ නංගි ලොරේන් .. සොෆී කියන්නකෝ .... එතකොට අර අහිංසකයා මගේ ලස්සන බියුටියා ... "

"ඇහ් "

සිතිජ ඇස් ලොකු කරලා කතුර වගේ කියවන ඒශාන් දිහා බැලුවේ ඩේව් දිහත් ඇස් කොනින් බලලා

"ඔක්කොම හරි මූ ගුටි කෑවේ කෙල්ලෙක්ගෙන්ද ?"

"හෙහ් හේ දන්නැද්ද ඒයි ... එයා අපේ මමා වගේ "

"කවුද බන් මමා "

"ඔෆිසර් රෙහානා දි ලැනරොල් "

"හෙහ් හේ දන්න තරමින් මම මූව දන්නෑ මල්ලි හිරේ දානවනම් මූවම දාපන් දෙයියන්පා මූට ඇප දෙන්න වත් මම එන්නෑ .... "

සිතිජ ඒශාන්ගේ මමාගේ තරම දැනගෙන එලියට දුවන්න හැදුවත් ඩේව් ගිහින් කර වටේ අතක් දාන් ආයෙම ඇදගෙන ආවේ හිනා වෙවී

"දැන් පන්තියට යන්න .... නෙක්ස්ට් වීක්‍ එකේ ඉඳන් උදේට ස්පෝට්ස් ට්‍රේනින් එකක් යනවා ෆ්‍රස්ට් ඉයර්ලාට ... ඔයාලාගේ කට්ටියව දැනුවත් කරන්න "

"මේ ඒයි ඔයා මගේ යාලුවව රිද්දන්නෑ හරිද ?"

ඒශාන් ඇගිල්ලකුත් දිග් කරලා ඩේව්ට කියාගෙන බීම කෑන් එකත් අරන් දොර ගාවට ගස්ස ගස්ස ගියේ සිතිජ අතින් කට වහන් හිනාව නවත්ත ගනිද්දි

"මේ ඔහොම ඉන්නවා ... මේ දෙක අරන් ගිහින් ඔයාගේ යක්ශනීටයි බියුටිටයි දෙනවා "

"යැයි යැයි යැයි යැයි මෙහේ දෙනෝ ඉතින් "

ඒශාන් ආයෙම ඇවිත් බීම කෑන් දෙකත් අත් දෙකට අරගෙන නිකන් ඉන්න බැරි කමට ඩේව්ගේ කකුලත් පාගගෙන ලස්සන සිතිජ අයියට හිනාවකුත් දීගෙන යන්න ගියේ මෙච්චර වෙලා හිර කරන් හිටිය හිනාව එලියට පනිද්දි

"බුදු අම්මෝ බන් උබට ගැලපෙන්නේ අන්න ඒ වගේ එකෙක් "

"කැපුවත් ඌව නම් එපා "

"අනේ නිකන් පලයන් බන් "

"සිරාවටම ඌව බදින එකාට වෙන්නේ වහ කන්න සිතිජයා .... ඌ එක්ක ගත්තම ලොරේන් කාරි හොඳයි තව "

"මට බෑ බන් උගේ ඇටිකිති මූන තමයි ... ඔක්කොම හොඳයි බියුටි කෙනෙකුත් ඉන්නවලු ඌ හිතන් ඉන්නේ ඌ බිග් බොස් කියලද කොහෙද  "

"ඌට පිස්සු කියලා වත් හිතමු ... හැබැයි හිතුවට කමක් නෑ ඕවා කියවන්න යන්න එපා "

ඩේව් කැප් එකක් අතට ගන්න ගමන් දොර ගාවට ගිහින් කියලා ග්‍රවුන්ඩ් එකට යන්න ගියේ වැඩ වගේකට

_________________

"හයියෝ පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න ඒයි ... මට මේ පනිවිඩේ කියන්න දීලා ඇයි වදේ හම් "

කොල්ලෝ කෙල්ලෝ ටික වට කරගෙන ඒශ් කෑ ගැහුවේ පණිවිඩයක් කියන්න ඕනි කියලා .

"කියන්න ඉතින් අපිට වැඩ තියෙනවා තව"

"යැයි යැයි ....සෙකන්ඩ් ඉයර් එකේ අයියලා කිව්වා ඔයාලාට ලබන සතියේ ඉඳන් ස්පෝට්ස් ට්‍රේනින් පීරියඩ් එකක් තියේ ඒක නිසා ලෑස්ති වෙලා ඉන්න කියලා "

මෙච්චර වෙලා නැගල හිටිය ගල උඩින් බිමට පැන්න ඒශ් මෙතුලගේ අතේ ගිහින් පැටලුනේ මෙතුල ලස්සනට හිනා වෙද්දි

"අදත් උගන්නන්නෑ ඒයි අපි යං කැන්ටිමට "

සෝෆී එනවද නැද්ද කියලා වත් නොබලපු ඒශාන් මෙතුලගේ අතත් පටලන් වන වන යන්න ගියේ කැෆටේරියා එකට

අයියා නගෝ තරහා වෙලානේ ඉන්නේ ඔය ... දෙන්නට දෙන්නා මූන බලාගන්නෙත් නෑ

"ඔයා අතනින් ඉදගන්න හලෝ මම කන්න අරන් එන්නම් "

මෙතුල හිමින් ඔලුව වනලා කොනක තිබ්බ හිස් ඩෙස් එකක ඉදගන්න යන්න ගියේ කැෆටේරියා එකේ මිනිස්සුන්ගේ නොමඳ අවධානය එයාට ලැබෙද්දි

"ආව්හ් "

"ඔප්ස් සෝරි දැක්කේ නෑ "

හැබැයි කරුමෙට කැෆටේරියා එකේ හිටිය ඩේව්ගේ ගැන්සියේ කොල්ලෙක් මෙතුලට කකුල් මාට්ටුවක් දැම්මේ ඔය අතරේ ... කොල්ලව විසි වෙලා ගිහින් බිමට වැටුණේ කොල්ලට වැටිච්ච පාර රිදෙද්දි

මෙතුලට ඕනි කමක් තිබ්බේ නෑ නැගිටලා ඒ කොල්ලගේ මූන දිහා වත් බලන්න මේවා එයාට හුරුයි නේ ඒත් කොල්ලා නැගිටින්න හදනකොටම කවුරුහරි අත පාගනවා දැනිලා කෑ ගැස්සෙන්න ගියත් කොල්ලා අනික් අතින් කට තද කරලා වහ ගත්තේ ඇස් වලින් කදුලු කඩාගෙන වැටෙද්දි

"ඩේව් කොහෙද බන් හිටියේ "

"ග්‍රවුන්ඩ් එකේ ... උබලා මගේ කැච් එක අල්ලන් විනෝද වුනාම කෝ මට ලල් එකක් "

මෙතුලගේ අත තව ටිකක් බර කරලා පාගපු ඩේව් කකුල උස්සලා ගත්තේ මෙතුලගේ හිම පාට කොන්ඩෙන් ඇදලා මෙතුලව උස්ස ගන්න ගමන්

"කෝ ආරක්ශකයා උබේ ..."

"ර්-රිදෙනවා අ-අතාරින්න "

"ශිහ් .... ගෑනු පරාදයි ... "

"ර්-රිදෙනවා "

"ඩේව් අතැරපන් මචං "

"ඇයි උබට දුකද සිතිජයා ම්ම්ම් ... "

සිතිජ මෙතුලව අතෑරවගන්න ගියත් ඩේව්ගේ ගැන්සියේ කොල්ලෙක් කෑ ගහනවත් එක්කම සිතිජ පැත්තකටෞනේ ඩේව්ගේ මරුමුස් බැල්මක් සිතිජටත් ලැබෙද්දි

"උබ අද ඉඳන් මේ කොලේජ් එකේ ඉන්න ඕන මම කියන විදිහට .... නැත්තං ... මම උබේ අයියව ඉවරයක් කරලා දානවා ... තේරුනාද ?"

"....."

"තේරුනාද යකෝ "

"ත්-තේරුනා "

මෙතුලගේ කොන්ඩේ අතෑරපු ඩේව් මෙතුලව විසි වෙලා යන්න තල්ලු කරලා සෙට් එක ගාවට ගිහින් ඉදගත්තේ සෙට් එකම මෙතුලට හිනා වෙන්න පටන් ගනිද්දි

තවත් තත්පරයක් වත් එතන ඉන්නැතුව මෙතුල එලියට ගියේ සිතිජත් සෙට් එක ගාවින් කන්න ඉඳ ගන්නේ නැතුව එලියට යද්දි

"උබ කොහෙද යන්නේ සිතිජයා "

"මගේ බඩ ගින්න නැති උනා .... උබලාට නම් සෑහෙන්න බඩගිනි ඇතිනේ .... කාපල්ලා මම යනවා " 

__________

මෙතුල කැෆටේරියා එකේ පිටිපස්සේ දොරෙන් එලියට ආවේ වම් අතින් එන අසාමාන්‍ය දැවිල්ලට කරගන්න දෙයක් හිතා ගන්න බැරුව

කොල්ලා තමන්ගෙම ලේ පුරලා රතු වෙලා තියෙන අත අනිත් අතින් තද කර ගත්තේ අත ඇත්තටම රිදෙන නිසා

"අ-අම්මේ රිදෙනවනේ මට "

යන්නේ කොහෙද කියලාවත් නොදන්න කොල්ලා වැඩිය කාටවත් නෝට් නොවෙන්න කොලේජ් එකේ නිදහස් ඒරියා එකට ආවේ ඔලුව හූඩි එකකින් වහගෙන

කාටවත් ඕන උනේ නැහෑ බෙන්ච් එකේ තනියම ඉදගෙන ඉන්න කොල්ලට අවධානය දෙන්න

මෙතුල සාක්කුවට අත දැම්මේ හැම වෙලේම එයාගේ සාක්කුව ඇතුළෙ තියෙන මිනි ස්කෙච් බුක් එකයි පැන්සලයි එලියට ගන්න ඕන නිසා

"Excuse me මම මෙතනින් ඉදගන්නද ?"

"ඔයා අඩනවද .... සොරි මම අතනින් ඉදගන්නම් "

"ක්-කමක් නෑ මෙතනින් ඉ-ඉදගන්න "

"තැන්ක් යූ සෝ මච් "

මෙතුල ආගන්තුක පුද්ගලයට එකම එක බැල්මක් විතරක් දීලා ආයෙම එයාගේ ආට් එක කම්ප්ලීට් කරන්න පටන් ගත්තේ එයා ආපු කෙනාව දන්න නිසා

"යසිරුගේ මල්ලි එහෙමනේ ?"

මෙතුල කරේ ඇස් වල කඳුළු පිහිදගෙන එහා පැත්තෙන් ඉදගත්ත සිතිජ දිහා බලපු එක .... කොල්ලට ශුවර් නෑ සිතිජත් එයාව රිද්දයිද නැද්ද කියලා ...

"සමාවෙන්න "

"ම්-මොකටද ?"

"ඩේව්ගේ වැඩ වලට "

"ප්-ප්‍රශ්නයක් න්-නෑ ... සමාව ඉ-ඉල්ලන්න එපා "

"ම්ම්ම් .... මොනාද ඔයා අදින්නේ "

සිතිජ ලස්සනට හිනාවෙන ගමන් මෙතුලගේ අත් දෙක උඩ තිබ්බ ස්කෙච් බුක් එකට බැල්මක් දැම්මේ මෙතුල රතු වෙච්ච අත හංගන් අනික් අතින් ස්කෙච් බුක් එක සිතිජගේ පැත්තට නිරාවරණය කරද්දි

"වාහ්හ්ව් ඔයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්නේ .... කාවද ඉතින් මේ ඇන්දේ ?"

"ත්-තැන්ක් යූ.... ඔය ඇදලා ත්-තියෙන්නේ මම ම්-මවාගෙන ඉන්න ම්-මගේ ත්-තාත්තාව .... සමහරවිට .... අ-අයියව "

"මවාගෙන ඉන්න .??..."

"......."

"සොරි සොරි ඒක අමතක කරන්නකෝ ඔයා කැමැති නැද්ද ආට් ක්ලබ් එකට බැදෙන්න මමත් ඉන්නවා ඒකේ ..."

"ක්-කැමතියි "

" එහෙනම් මම ප්‍රසිඩන්ට්ට කියන්නම් හරිද ...... ආ ඒක නෙමේ මම ආවේ ඔයාට පොඩි බඩුවක් දෙන්න "

සිතිජ සාක්කු දෙකට අත් දෙකම දාලා අත් දෙකම මිටි මොලවන් එලියට ගත්තේ හැම වෙලේම සිතිජගේ මූන හැඩ කරන හිනාව මෙතුලටත් නොඅඩුව සංග්‍රහ කරන ගමන්

"හරි මුලින් ඔයාගේ දකුණු අත ඉස්සරහට දිග් කරන්නකෝ ...අයියෝ ඔහොම බලන්න එපා අනේ ... ඔයාට රිද්දන්න නෙමේ මම හදන්නේ "

"......."

මෙතුල මුකුත්ම නොකිය දකුණු අත ඉස්සරහට දිග් කරේ සිතිජ මෙච්චර වෙලා අතේ ගුලි කරන් හිටිය කිට් කැට් චොක්ලට් එක මෙතුලගේ දකුණු අත උඩින් තියද්දි

"කන්න .... නිල් පාට ඇස් අඩනකොට කැතයි ළමයා ...."

"......"

"හරි දැන් වම් අත දිග් කරන්න "

චොක්ලට් එකේ සිහියෙන් හිටිය මෙතුලට අමතක උනා ඩේව් පාගලා රතු ගැහුන අත වම් අත කියලා ... කොල්ලා ඒ අත චොකලට් එකේ සිහියෙන්ම සිතිජට දිග් කරේ තව චොකලට් එකක් දෙයි කියලා හිතලා

"රතු වෙලා .... "

සිතිජ අනික් අතේ ගුලි කරන් හිටිය කූලින් ජෙල් ටියුබ් එක කඩලා ජෙල් ටිකක් අතට අරන් මෙතුලගේ අතේ ගෑවේ මෙතුලගේ ඇසුත් ලොකු වෙද්දි

"ඔහොම බලන්න එපා මම දැක්කා අරූ බර දාලා පාගනවා ..... රිදෙනවද ...?

ඩේව් එක්ක පැටලෙන්න යන්න එපා ළමයා .... සීමාව පැන්න තැන එයා සතෙක්ටත් අන්තයි.... අයියලා ඕනි දෙයක් කෙරුවාවේ .... ඔයා පැට ලැවෙන්නැතුව උන්න ඕවට "

මෙතුල ඇස් ලොකු කරලා සිතිජ දිහා බැලුවේ සිතිජ කියාගෙන ගියපුවා නොතේරුන නිසා

"ඔන්න එහෙනම් මම බලාගෙන ඉන්නවා .... හෙට උදේට ක්ලබ් එකට එන්න .... ඔයා දන්නවද තියෙන තැන "

කූලින් ජෙල් ටියුබ් එක මෙතුලගේ අතට දුන්න සිතිජ ආයෙම බෙන්ච් එකෙන් ඉදගත්තේ මෙතුල ක්ලබ් එක තියෙන තැන දන්නෑ කියලා ඔලුව වනපු නිසා

"ගේට් එකෙන් ඇතුලට එනකොටම ඇනිමේ එකක් ඇදලා තියෙන බිල්ඩින් එකක් තියෙන්නේ "

"ඕ"

"ආන් ඒ බිල්ඩින් එකේ හතර වෙනි තට්ටුව... නෑ එක්කෝ ඔයා පඩිපෙළ නගින්න එපා මට ඔයා ඇවිල්ලා කෝල් එකක් දන්නකෝ පොඩ්ඩො මම පල්ලෙහාට එන්නම් "

"ක්-කමක් නැද්ද "

"ප්‍රශ්නයක් නෑ ... කෝ මෙහේ බලන්න ලස්සන ළමයි අඩන්නෑලු බන් ඔන්න ඇඩුවොත් කැත වෙයි "

සිතිජගේ විකාර ඇක්ශන් නිසා මෙතුලට ලාවට හිනාවක් ගියේ සිතිජගේ හිනාවත් පුලුල් වෙද්දි

"ම්-මම ලස්සන න්-නෑනේ "

"කදුද එහෙම කිව්ව අන්ධයා කියපන්කෝ "

"අ-අර ලස්සන අ-අයියා "

"ආ ඌට මොංගල් ... පොඩ්ඩක් මොළේ හැදිලා මදි ....මැටි තියෙන්නේ ඒ කලගෙඩිය වගේ ඔලු ගෙඩිය ඇතුලේ ආ ඒකේ තව සයිඩ් ඉෆෙක්ට්ස් විදිහට ඌට ලස්සන අය කැතට පේන ඇස් රෝගෙකුත් තියෙනවා  "

සිතිජගේ කතාවට මෙතුලට හයියෙන් හිනා ගියේ වට පිටාවේ හිටි අයගෙත් අවධානය ඒ දෙන්නට වැටෙද්දි

හැබැයි මේ වෙලේ ඒ මිනිස්සුන්ගේ අවධානය නිසා හිනාවෙන කොල්ලගේ හිනාව නවත්තන්න කැමැති නොවුන සිතිජ දිගටම මෙතුල එක්කම හිනා වුනේ මෙතුලගේ අවදානයත් ඒ දෙන්නා වටේ හැදුන අමුතුම ඕරා එකට පමණක් සීමා වෙද්දි

" එ-එහෙම කියන්න එ-එපා ප්-පව්නේ "

"අනේ නිකන් ඉදින් බන් .... අත පාගපු එකාටත් අනුකම්පාව නොදා ...."

මෙතුල ස්කෙච් බුක් එක අකුලලා සක්කුවට දාගත්තේ කිට් කැට් එක කඩන ගමන්

"ඔහොම ලස්සනට හිනා වෙලා ඉන්න ළමයා ..."

"ඔ-ඔයාටත් ක්-කෑල්ලක් ද්-දෙන්නද ?"

"එපා ඔයා කන්න මම පැනිරහ කන්නෑ "

සිතිජට දිග් කරපු චොකලට් කෑල්ල ආයෙම සිතිජ මෙතුලගේ පැත්තට දිග් කරේ මෙතුල හිනාවෙලා ඒ කෑල්ලත් අර ගනිද්දි

"ක්ලාස් එකට යන්නැද්ද යාලුවෝ හොයනවා ඇති "

"ඔ-ඔව්නේ ...... අ-අමතක උනා "

දෙන්නා කතා කර කරම බෙන්ච් එකෙන් නැගිට්ටලා එකටම යන්න ගියත් දෙන්නගේ සිරික්කිය දිහා බලාගෙන ඉදපු ඇස් දෙකක් නම් දෙන්නටම හරි අපූරුවට මගෑරිලා තිබ්බා

____________________________________________________________

ඩේව් දවසක මට්ටු වෙන්නේ සොෆීගෙන් කෑමක් සෙට් උනාම තමා

ඇත්තමෛ ඩේව්ටහරි යන්නේ ඒශාන් වගේ එකෙක් තමා ඇට්ට ඇට්ට සිතිජ කියන්නේ 😂🤌

ඩේව්ට පිස්සු බන් ඔය සිතිජයත් කියන්නේ

අද කතාව ගැන මොනවා හරි කියන්න පුලුවන්ද ?

සිතිජ ගැන මොනවා හරි කියන් යනවද ?

කවුද අර අන්තිමට බලාගෙන හිටිය ඇස් දෙකේ අයිතිකාරයා

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

යන්නාම්

මෙතුල ඇන්ද ආට් එක

Chamodya1234 Thank you so much dear 🤍

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎


You are reading the story above: TeenFic.Net