_She is our baby_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
🌷'' ටිකක් නලවන්න කෝ.. මට එන්න බෑ මෙතන පේෂන්ලා ඉන්නවා.. ''
🐰'' කවුරු හිටියත් වැඩක් නෑ.. තමුන් එන්න ඕන.. ''
🌷'' මේ මිස්ට.. මමත් සූකීව අප්පා නැතුව බලා ගත්තෙ ඔයාටත් පුලුවන් වෙන්න ඕන.. මම හැමදාම එන්න ද.. ටිකක් බලාගෙන.. මම මේ ටික ඉවර කරන් එන්නං.. ''
🐰'' ආශ්... ''
.
.
.
.
.
අනික් කට්ටිය හවස ආයෙත් dorm එකට ගියෙ හෙට එයාලට නිවාඩු නැති නිසා. යුන්ගි අතේ හිටිය සුකීට අඩපු මහන්සිය නිසා ම නින්ද යාගෙන ආව නිසා ජන්කුක්ට දීලා තමා ගියෙ. සුකීව එයාගෙ කාමරෙන් තියලා පහලට ආව කොල්ලා සෝෆා එකෙන් ඉදගත්තෙ සනා එනකන්. ජන්කුක් පහලට ආව නිසා අන්ජුම්ම එතෙන්ට ආවෙ ජන්කුක් මොනව හරි අරගෙන එන්න ඕන ද අහන්න. ඒත් තමන් ආවද කියලවත් ජන්කුක් දැක්කෙ නැති නිසා අන්ජුම්ම කතා කලා.
❄'' පොඩි බේබී.. ''
🐰'' අන්ජුම්ම.. අප්ප කියපු දේ ඇහුව නම් අද මෙච්චර දෙයක් වෙන්නෑ නේ.. ඒත් අප්පගෙ බිස්නස් එක උනත් දියුනු උනේ මීරා නිසා කියලා එයාට අමතක වෙලා ද... ''
❄'' පොබී බේබී.. ලොකු මහත්තයට තියෙන්නෙ හිතේ දුක.. බේබීගෙ අනාගතෙ ගැන.. මොන අප්පද කැමැති තමන්ගෙ දරුවා අනුන්ගෙ ලමයෙක් බලා ගන්නවට.. ඒකෙන් වෙන්නෙ බේබීට ආයෙ කසාදයක් කර ගන්න බැරි වෙන එක ''
ලාවට හිනා උන කොල්ලා.....
🐰'' සුකී ඇහැරුනාම කන්න දෙන්න.. ඩොක්ට සනා උදේ කිව්වා දවස් තුනක් විතර එහෙ ඉන්නව කියලා.. ආවොත් බලමු සුකීට තාම එයාව ඕන ''
එහෙම කියන ගමන් ම එලියට ගියෙ Garden එකට යන්න හිතා ගෙන.
❄'' හැමදේම හොදින් සිද්ධ වෙයි.. මේ ගෙදර සතුට ආයෙ ආවා වගේ පොඩි බේබීගෙත් සතුට ඉක්මනට ලැබෙයි.... ''
ජන්කුක් යන දිහා බලාගෙන හිටිය අන්ජුම්ම එහෙම හිත හිත කිචන් එකට ගියෙ රෑට කෑම හදලා ඉවර කරන්න...
.
.
ඒ අතරෙ සනා ජන්කුක්ගෙ ගෙදර ගේට්ටුව ලගට ආවා.
🌷'' මහ ලොකුවට කිව්වා එක්ක ගෙන යන්නං කියල.. ඒ වගේම ගෙනත් දාන්නවත් බෑනේ.. මොකෙක්ද මංදා.. සයිබීරියානු හාවා... මහ පාරෙ ඉදලා පයින් ම ආවා.. මගෙ කකුල් දෙක.. පැය පහක ඕෆ් එක ගත්තෙ.. ආයෙත් යන්න ඕන.. මට බෑ.. ''
ගේට්ටුව ලග ඉදලා ජන්කුක්ට බැන බැන සොම්බියෙක් වගේ ඇතුලට ආවා. ජන්කුක් දැක්ක හොල්මනක් වගේ සුදට සුදේ ඇදගෙන තමන් ඉන්න පැත්තට එන කෙල්ලව.
🐰'' ඩොක්ට මොකද ඔය.. ''
🌷'' තමුසෙට මාත් එක්ක නයි වෛරයක් නේද තියෙන්නෙ.. සුකීව බලාගන්න බෑ කියපු නිසා පැය පහක ඕෆ් එකක් දාලා ආවෙ.. ඒ නිසා මාව ආයෙ ගෙනිහින් දාන්න... ''
🐰'' හරි.. ඔයා ගිහිල්ල වොෂ් එකක් දාගෙන එන්න.. මම සුකීව නැගිට්ට වන්නං.. ඊට පස්සෙ අපි කමු... ''
කෙල්ල මහන්සි නිසා ඉක්මනට ගිහින් වොශ් එකක් දාගෙන පහලට ගිහිල්ල සුකීට කෑම එකත් කැව්වා. සුකීගෙ බඩුත් අස් කරල සුකී ලගට ආවා නිදි කරවන්න. ඒ වෙද්දි සුකී කාටුන් බලනවා. ජන්කුක් සුකී දිහා බලාගෙන ඉන්නවා. සුකීගෙ පොඩි වෙනසක් සනා දැක්කා. ජන්කුක් සුකී දිහා බලන බලන සැරේට කෙල්ල ඒක මග අරිනවා.
💝'' මමී.. මට දොයිමතයි අපි යමු.. ''
🌷'' හරි.. ''
🐰'' අද පපා එක්ක නෙමේ ද නිදා ගන්නෙ ''
💝'' නූ.. පපා මමීව යැව්ව නේ.. ඒ නිසා මම පපා එක්ක තලායි ''
🌷'' සුකී.. මැණික පපා නෙමෙ මාව යැව්වෙ.. මම හොස්පිට්ල් එකට ගියෙ අර කලින් වගේ..
දැන් මැණික මම කියන දේ හොදට අහගන්න කෝ.. මම ගෙදර නැති උනොත් ඔයාගෙ පපා එක්ක ඉන්න හරිද.. ''
💝'' හා.. පපා අපි දොයියමු .. ''
.
.
සනා රෑ කෑම අරගෙන ජන්කුක් එනකන් එලියට ගිහිල්ල හිටියෙ. සනාට හොස්පිට්ල් එකට යන්න ඕන කිව්ව නිසා කොල්ලා ලෑස්ති වෙලා තමා ආවෙ. කාර් එක ඇතුලෙ නිශ්ශබ්දතාව බිදලා ජන්කුක් කතා කලා.
🐰'' ඩොක්ට සනා.. අර කෑම කද්දි මොකක්ද කියන්න හැදුවෙ... ''
🌷''ආ.. හෙටයි අනිද්දටයි රෑට මම සුකීව බලන්න එන්නං.. ඒත් මාව ආයෙ ගෙනිහින් දාන්න වෙනව ඔයාට.. ''
🐰'' හරි ''
🌷'' ජන්කුක්.. මොකද ඔය කණ්ණාඩිය දිහා බලාගෙන drive කරන්නෙ.. ඇයි.. ''
🐰'' අහ්.. මේ.. න්. නෑ.. පිටිපස්සෙන් එන කාර් එක වගේ එකක් මටත් තියෙනවා.. ඒකයි බැලුවෙ 😶.. ''
🌷'' පිස්සුද කොහෙද 🙄 ''
ඇත්තටම උනේ ඒකද... සනා බැහැල යන දිහා බලාගෙන හිටිය ජන්කුක් ආයෙ drive කරන්න ගත්තෙ කණ්ණාඩිය දිහා බලාගෙනමයි..
.
.
.
.
Jungkook POV
සනා ගියාට පස්සෙ මම කල්පනා කලේ අපි ගෙදරින් එලියට ආව වෙලාවෙ ඉදලා කවුරු හරි ෆ්ලෝව් කරනව මට දැනුන නිසා. ගෙදරට නොයා සෝල් ටවුමෙ ම කැර කෙන්න වෙන්නෙ මෙහෙම උනොත්.
🐰'' traffic lights වලින් මාරු වෙන්න ඕන..
ඇති යන්තම්.. ''
හියෝන්ලටත් කියන්න හිතෙනවා මේ ගැන.. එයාලා බය වෙයි ද.. හෙට සුකීව මොන්ටිසෝරිය බලන්න ගෙනියලා එතනින් ම Goyang වලට යනවා NCT ලව හම්බ වෙන්න. ඒක තමා හොදම දේ.. මම ගෙදර ඇවිත් ඉක්මනට චේන්ජ් කරගෙන ඇදට ආවෙ නිදාගන්න හිතාගෙන.
ජින් හියෝන් කෝල් කරනව නේ..
🐰'' හියෝන් කියන්න.. මම මේ සනාව හොස්පිට්ල් දාලා ආවෙ.. ''
🐹'' ආ.. හරි හරි.. ඒක බලන්න ගත්තෙ..
Good night ''
🐰'' හරි.. ''
හියෝන් මොකක් හරි කියන්න ද හැදුවෙ.. අනේ මංදා.. හෙට උදේට බලමු..
.
.
.
.
ඒ අතර එලියට වෙන්න ඔන්න මෙන්න හොස්පිට්ල් එකේ කැබින් එකක් ඇතුලෙ කට්ටියක් කතා කර කර හිටියෙ රැයේ බාගයක් ම ඉවර කරලා. ඒත් එතනම කතාව විතරක් නෙමේ නැති උන ෆයිල් වගේකුත් හොයනවා.
🍂'' සනා.. ඇත්තටම ඔයාගෙ ඔප්පට මතක අමතක වෙලාද.. ''
🌷'' කලින් තිබුනෙත් නෑ... දැනුත් නෑ මගෙ හිතේ.. ඇයි මොකෝ ''
🍂'' මේ ඒක මේසෙ උඩ අපි මේ කැබින් එකම අවුස්සනවා.. ''
🐺'' අනේ.. මේ තියෙන්නෙ.. මගෙ වස්තුව.. ''
මේ ගොන් වැඩ දිහා සනා බලාගෙන හිටියෙ මේ නම් තමන්ගෙ ඔප්පා නෙමේ කියල හිතාගෙන. ටියා නර්ස් එක්ක එලියට යද්දි සනා ඉදගත්තා. ඒත් එක්කම දෙයක් සනාට මතක් උනා
🌷'' මේ... චෝ සොන්හි රෑ ඉදලා තනියම නේ.. ගෙදර යනවා කලින්.. ''
🐺'' මම half-day දැම්ම සනා දැන් යන්න ඕන.. මට තාම හිතාගන්න බැ , සොන්හි මට ආදරෙයි ද කියල.. මම ආදරෙයිද කියල මට තේරෙන්නෙත් නෑ... ''
🌷'' පිස්සු කෙලින්න නම් එපා ඔප්ප.. මං යනවා වෝඩ් එකට.. ගෙදර ගිහිල්ල කෝල් කරන්න කෝ.. ''
🙋🏻♂️'' නංගි කියන දේ ටිකක් අහපං.. සොන්හි ගැන දන්න එකම කෙනා ඒ ''
සනා යෝන්සු එක්ක වෝඩ් එක පැත්තට ඇවිදගෙන ගියා. ඒ යන අතර මඟදි කවුරු හරි සද්දෙන් කතා කරනව ඇහිල කෙල්ල ඒ පැත්ත බැලුව. උවමනාවෙන් බලද්දි තමා කෙල්ල දැක්කෙ එතන ඉන්න දෙන්නව.
🙋🏻♂️'' මොකක්ද එතන වෙන්නෙ.. ඒ අර ඔයාලගෙ... ''
🌷'' ස.. සමොච්චන්.. එයා එතන මොකද කරන්නෙ.. ''
යොන්සු එතෙන්ට යද්දි සනා තමන්ගෙ කැබින් එකට ගියෙ ඉක්මනට ගෙදර යන්න. මොකද ලගට ගියොත් මොනව වෙයිද කියල දන්නෙ නැති නිසා. අනික් එක උදේ ම කරදර පටලව ගන්න කෙල්ලට ඕන උනේ නැ.
🙋🏻♂️'' මේ.. මිස්ටර්.. මේක හොස්පිට්ල් එකක්.. හයියෙන් කතා කරන්න එපා.. පේෂන්ල බය වෙනවා.. මොකක්ද වෙන්න ඕන.. ''
👹'' මේ.. ඔයා නේද අර කවුද.. ඩොක්ට යොන්සු.
ඩොක්ට සනා.. මට එයාව හම්බ වෙන්න ඕන. ඒකයි ආවෙ ''
🙋🏻♂️'' එයා මේ වෙලාවෙ නෑ මිස්ටර්.. පණිවිඩයක් තියෙනව නම් කියලා යන්න.. ''
යොන්සු එහෙම කියද්දි හැන් ලියුම් කවරයක් යොන්සුගෙ අතින් තිබ්බෙ ' මේක සනාට දෙන්න ' කියල කියන ගමන් මයි. යොන්සු ඒක ගෙදර යන්න ලෑස්ති වෙන සනාට දීලා ගියා.
❄'' සනා.. මං හිතුවෙ රෑ වෙලා එයි කියල ''
🌷'' අහ්.. මේ.. මගෙ වැඩ ඉවරයි අන්ජුම්ම.. ඒ නිසා ආවා.. ''
❄'' එහෙම නම් මොනව හරි බීලා ඉන්න.. ඕව තියලා එන්න කෝ.. මං හදාගෙන එන්නං.. ''
අන්ජුම්ම යන දිහා බලාගෙන හිටිය කෙල්ල සෝෆා එක උඩ ඉන්ද උනා.
🐰'' ඩොක්ට.. මොකක්ද උනේ.. ''
🌷'' න් නෑ.. ''
සනා නැගිටලා උඩට යන දිහා බලාගෙන හිටිය ජන්කුක් ඔලුව වනලා තමන්ගෙ කාමරේට ගියෙ සුකීව අද school එක බලන්න යන්න තියෙන නිසා. පැය බාගයකට පස්සෙ සනා වොශ් කරගෙන කාමරේට එද්දි සුකී කෙල්ලගෙ ඇද උඩට වෙලා මූණත් අමුතු කරගෙන ඉන්නව සනා දැක්කා.
🌷'' සුකී.. මොකද දරුවො.. ''
💝'' මමා.. ඇයි පපා එක්ක ඉන්නෙ නැත්තෙ.. ''
🌷'' ඇහ්... ''
🐰'' සුකී.. මේකනේ.. මං වොෂ් කර ගන්නකන් මමා මේකට ආවෙ.. ''
💝'' ආ.. ඒකද... මමා මම අද school යනවා.. ශෝයි නේ.. මමා මම යනෝ.. ඔයා පපා එක්ක එන්න.... ''
සුකී එලියට යනකන් හිටපු ජන්කුක් කතා කරන්න ගත්තා.
🐰'' මේකයි සනා.. සුකීට දැන් අවුරුදු තුනකටත් ලගයි නේ.. ඒ නිසා මම එයාව මොන්ටිසෝරියකට දාන්න බැලුවෙ... අද මෙයාට ඒක පෙන්නලා බාර දීලා එනවා.. හෙට යවනවා..
සනාත් එන්න අපි එක්ක යමු.. මොනා උනත් සුකී ඔයා නැතුව යන්නෙ නෑ... ''
🌷'' ඒක හොදයි.. සුකීට යාලුවොත් හම්බ වෙයි.. ඉක්මනට මං ලෑස්ති වෙලා එන්නං ''
💝'' පපා... ඉක්මනට එන්න.. මමීටත් කියන්න... ''
සුකීගෙ සද්දෙට සනාටත් හිනා ගියෙ ඒ අප්පගෙම දුව කියන්න වගේ. ඒත් පලවෙනි වතාවට ජන්කුක්ගෙ හදවත නතර උනා ඒ හිනාවට.
🐰'' අහ්.. මම යන්නං.. ''
බෙල්ලත් අත ග ගා ජන්කුක් පහලට ගියෙ තමන්ට වෙච්ච දේ ගැන හිත හිත.
.
.
.
.
.
.
.
.
සුකීට School එකත් පෙන්නලා කට්ටිය ම ආවෙ Park එකට. ජන්කුක් සුකී එක්ක යද්දි සනා පිටිපස්සෙන් ආවෙ එයා එක්ක යන්න බැරි නිසා. ඒත් සුකී එයාලගෙ වටපිට පේන්න ඉන්න පවුල් දිහා බලාගෙන හිටියෙ දුකින්.
🐰'' සුකී.. ඇයි මැණික.. ඔයා සෙල්ලම් කරන්නෙ නැද්ද.. ''
💝'' අර.. ''
පුංචි සුකී ඒ ආදරණීය පවුල් පෙන්නද්දි ජන්කුක්ටත් දුක නොහිතුනා නෙමේ.. සුකීව එතනින් තියලා ජන්කුක් සනා ලගට ආව ගමන් කෙල්ලව තුරුල් කර ගත්තා..
🌷'' ජන්කුක් මොකද මේ.... ''
🐰'' සුකී දිහා බලන්න කෝ😉.. ''
🌷'' ම්වෝ😳.. ''
එසැනින් තමන්ගෙ මාක්ස් එක ටිකක් පහත් කරලා සනාගෙ කම්මුලට කිස් එකක් දෙන ගමන් ආයෙත් ඒක දාගත්තා.
💝'' පපා.. මමී මගෙ.. කිෂ් දෙන්නෙ මම විතරයි😯.. ''
🌷'' පැටියෝ.. කෑ ගහන්න එපා.. ගිහිල්ල සෙල්ලම් කරන්න කෝ.. මම පපා එක්ක ඉන්නං.. ''
🐰'' සනා.. මං මේ කියන දේට ඔයා උත්තරයක් දෙනවද..
සුකීට දැන් ටිකක් තේරෙනවා.. අපි දැන් වෙන වෙනම ඉන්නෙ.. අනික් අය වගේ නෑ කියල. ''
🌷'' ඔයා කියන්නෙ සුකීට පේන්න අපි දෙන්න එකට ඉමු කියලද.. ''
🐰'' ඔව්.. ඒ නිසා සුකීව බලා ගන්න ''
🌷'' හරි😄.. ''
You are reading the story above: TeenFic.Net