chapter 5 ( What should I do😔 )

Background color
Font
Font size
Line height

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim 

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
🌷'' ඔයා ගියෙ නැද්ද.. දැන් පාන්දර පහටත් වෙලා.. නේ.. ''

🐰'' ආ.. නෑ.. මම ඔයාවත් අරගෙන ම යන්න හිටියෙ.. මැනේජර් නෑනේ.. ඒකයි.. ඔයාගෙ වැඩේ ඉවරද.. ''

🌷'' ඔව්.. උදේට ආයෙ එන්න ඕන.. දැන් අපි යමු ද.. ''

🐰'' ඕකේ.. ඔයාට බඩගිනි ඇති නේ.. මෙතන ඉස්සරහ රෙස්ට්ටුරන්ට් එකක් තියෙනව.. අපි එතනින් කෑම ගන්නෙ.. මං ඔයාට කන්න අරගෙන එන්නං.. ''

මං එහෙම කියල පාර ලගට ආවෙ කෑම එකක් ගන්න.. කෑම එකකුත් අරගෙන ආපු කොල්ලා සනාට දුන්නෙ කන්න කියලා... ගෙදරට යද්දි කෙල්ල කෑම එකත් කාලා ඉවරයි. ජන්කුක්ට ස්තූති කරලා කෙල්ල ඇතුලට ගියා.
.
.
.
.
.
.
.
.
.
.

After three weeks

අද තමා ජන්කුක් යන දවස. සනා සොන්හි අන්ජුම්ම ඇරුනම අනික් හැමෝම කලබලෙන් හැමදේම ලෑස්ති කරනවා. ජන්කුක් පහලට ආවෙ යන්න ලෑස්ති වෙලා. සනාගෙ අතේ හිටපු සූකීව වඩා ගත්ත ජන්කුක් කෙල්ලගෙ කම්මුල් කිස් කරේ කෙල්ලගෙ හිනාව මැද්දේ.

🐰'' මං යනවා.. රූල්ස් මතකයි නේ.. හවසට මම කෝල් කරනවා.. ''
ජන්කුක් එලියෙ නොපෙනී යනකන්ම හිටපු සොයුනා කකුල් දෙකත් උඩට අරගෙන පුටුවට පැන්නෙ තමන්ගෙ ගෙදර වගේ කියල හිතාගෙන. අන්ජුම්මත් හිනා වෙලා කිචන් එකට ගියා.

🌷'' අනේ මංදා.. ඔයාව තේරුම් ගන්න බෑ චෝ.. මෙහෙ සීසීටීවීතියෙන හරිද.. ''

🍃'' යකෝ.. දැන්ද කියන්නෙ ''

🌷'' සුකීව බලා ගන්න එහෙනම් මම hospital යනවා. ''

🍃'' මේ.. කන්න මොනව හරි අරගෙන එන්න ඈ.. ''
.
.
.
.
.
.
In the flight

Jungkook POV

මං එක එක දේවල් හිතන ගමන් වටපිට බැලුවා. ජුන් හියෝන් පොතක් කියවනවා. ජින් හියෝන් ජිමින් එක්ක කනවා. ටේ හියෝන් සෙල්ෆි ගන්නව හොබී හියෝන් එක්ක. යුන්ගි හියෝන් ඉතින් නිදි..
ඩිරෙක්ටර් කියපු විදියට මේ පාර මාස හතක් කිව්වට ඊට වැඩි වෙයි ද කොහෙද.. මැණිකව දකින්න වත් යන්න වෙලාවක් තිබුනොත් ඒ ඇති..

🐹'' කුකී.. ඔයාගෙ හියෝන් කෝ.. මං මිනිහව කාලෙකින් දැක්කෙ නෑ.. ''

🐰'' ආ.. දැන් මම බාප්පා කෙනෙක් හුම්.. ''

🐯'' හෑ.. ජන්ග් හ්‍යුංට බබා හම්බ වෙලාද... මට කිව්වෙවත් නෑ.. තමුසෙ ඇත්තමයි.. හිටපන්... මම ''
එහෙම කියන ගමන් ටේහ්‍යුං ඇවිත් මගෙ පිටට ගැහුවෙ මට තරු පේද්දි.. ඒ පාර ජිමිනත් ආවා..

🐰'' ටේ.. හියෝන්.. කොටෝ.... එපා මට රිදෙනවා.. යනව යන්න... ''

මං ටේහ්‍යුංවයි ජිමින්වයි තල්ලු කරලා දැම්මා.

🦄'' කවද්ද කුකී බබාව හම්බ වෙලා තියෙන්නෙ.. දුවෙක් ද පුතෙක් ද.. ''

🐰'' පුතෙක්ලු... සුකීට කලින්ලු.. උදේ තමා මටත් කිව්වෙ.. අප්පා කියන්න එපා කියල ඒ නිසා තමා අද කියල තියෙන්නෙ.. කියපු වෙලාවෙ මට බුසාන් යන්න බෑනේ.. අනික මං එනවට අප්ප කැමැතිත් නෑනේ... ''

🐨'' ඒක නෙමේ කූකී .. ඩොක්ට සනාව දිගටම තියා ගන්නව ද.. අපි ආයෙ යද්දි සුකීට අවුරුදු එක හමාරක් විතර වෙයි.. ඒ වෙද්දි කතා කරන්න පුලුවන් වයස ඔම්මව හොයන්න ගන්නවා.. එතකොට මොකද කරන්නෙ.. ආයෙ මැරි කරන්න.. ඉතින්.. එත කොට ඔයාටත් ලේසි.. සුකීට ඔම්ම කෙනෙකුත් ලැබෙනවා... ''

🐰'' ඔම්ම කෙනෙක් ලැබෙයි නමට.. සුකීට කරදර කලොත්.. ඊට වැඩිය හොදයි පුලුවන් විදිහට මං ම දරුවව බලා ගන්නවා.... ''
හවස Los Angeles Airport එකේ දි මීඩියා වලින් බේරිලා අපි කට්ටිය වාහනේට ආවා.


ඇමරිකාවෙන් අපිට ගෙයක් දීලා තිබුනා. කට්ටිය ම කතා වෙලා එහෙට ගියා. එහෙ ගොඩක් නිදහස්. ගිය ගමන් වොෂ් එකක් දාගෙන මං කෝල් එකක් ගත්තා ඩොක්ට සනාට. ඒ ඒත් පෝන් එක ගත්තෙ නෑ. බිසී ද දන්නෙ නෑ.. බලමු අන්ජුම්මට අරගෙන..

🐰'' අන්ජුම්ම.. ඩොක්ට සනා ආවෙ නැද්ද ගෙදර... ''

❄'' ඩොක්ට ආවෙ මේ දැන්.. සුකී බේබී නම් එයාගෙ යාලුවා ලග.. ඉන්න කෝ එයාට දෙන්නං.. ''
මං ටිකක් වෙලා හිටියා. ඒත් මගෙ කන..

🍃'' මේ හාවෝ.. ටිකක් තේරුම් ගන්නව කෝ.. සනා ආව ගමන් සුකීව අතට ගන්නෙ නෑ.. හොස්පිට්ල් එකක ඉදලා එන්නෙ.. විෂ බීජ තියෙනවා.. ''

🐰'' ආ.. හරි ඉතින් මම ඇහුවෙ නෑනේ.. සුකී මොකද කරන්නෙ.. ''

🍃'' ආ එයාද.. මේ එයා ගේ අස් කරනවා 😒⚡..
ඒ ලමයා නිදි බං.. ''

🐰'' හරි.. ''
මං පෝන් එක තියලා බැල්කනි එකට ගියා. හිතට එන දේවල් කොච්චර තියෙනවාද... මං බයෙන් ඉන්න දේ මෙහෙදි උනොත් මට සුකීව නැති වෙයිද.. යෝන්ව මෙහිදි හම්බ උනොත්.. නෑ එහෙම වෙන්නෙ නැති වෙයි..

🦄'' කුකී.. ඔයා කන්නෙ නැද්ද.. වීමින් ඩබල ගේම් ගහනවා.. මං හිතුවෙ ඔයා එතන කියල.. මොකද කුකී උනේ.. ඔයා ආව වෙලාවෙ ඉදලා අවුලෙන් ඉන්නෙ.. ''
ඒ එක්කම හොබී හියෝන් මගෙ රූම් ආවෙ එහෙම කියන ගමන්.

🐰'' නෑ හියෝන්.. ගේම් ගහන්න තරම් මනස නිදහස් නෑ.. එක එක ප්‍රශ්න... යෝන් සුකීව මගෙන් උදුර ගත්තොත්.. මං දන්නව යෝන් කියන්නෙ සුකීගෙ අප්ප කියලා.. ඒත් එයා මීරව අත ඇරියා.. ඒත් මම අවසානෙ වෙනකන් මීරව බලාගත්තා.. මාස තුනක් දරුවත් බලාගත්තා.. මට දැන් සුකීව දෙන්න බෑ.. ''

🦄'' මං දන්නව පොඩ්ඩො.. අපි ඒ දවසට මොනව හරි කරමූ.. යෝන් සනාව දන්නෙ නෑනේ.. එයා සුකීව දැකලත් නෑනේ.. ඒ නිසා බය වෙන්න එපා.. ඔයාට බයයි වගේ නම් ඩොක්ට ට කියන්න සුකී එක්ක එයාගෙ ගෙදරට යන්න කියලා.. මේ යමු ද කන්න.. අද සුගා කෑම හැදුවෙ.. කාලෙකින් නේ එයාගෙ කෑම කන්න හම්බ වෙන්නෙ.. ''

🐰'' හ්ම්.. යමු.. ''

කෑම කාලා ඉවර උන ගමන්ම මම රූම් එකට ආවෙ නිදා ගන්න. නිවාඩු හම්බ උනත් මම කොරියාවට යන්නෙ නෑ කියල හිතාගත්තා... tour එක ඉවර වෙලා යනවා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Author POV

මාස තුනක් ගෙවිලා ගියා.. ජන්කුක්ගෙන් එක කෝල් එකක්වත් සනාට ආවෙ නෑ. එයාගේ රූල්ස් එයාට ම අමතක වෙලා වගේ.. හැමෝම හිතුවෙ ජන්කුක් බිසී නිසා කියල. ඒත් සනා සුකීව හොදට බලාගත්තා. වෙනද වගේ ම උදේ අන්ජුම්ම මාකට් එකට ගියා.
සනාත් හොස්පිට්ල් එකට ගිය නිසා ගෙදර ඉතුරු උනේ චෝ සොන්හියි සුකී විතරයි. ඉදලා හිටලා දෙන්නා ගේ ඇතුලෙම ඉන්නවට වැඩිය සුකීව ඇවිදින්න එක්ක ගෙන යනවා. අදත් සනාට කියලා සොන්හි සුකීව එලියට එක්ක ගෙන ආවා.

🍃'' සූකී බබා.. අපි දෙන්න අද ඇවිදින්න යමු හරිද.. ''

Ihwa Mural Village එකට ගිහිල්ල අන්තිමට Namsan Mountain Park එකට ආවා. පාක් එකට ගිහිල්ල හෙවන තිබුන තැනකින් සොන්හි ඉදගත්තෙ සුකීවත් තියාගෙන මයි. පාක් එකේ හිටපු පොඩි ලමයි සුකීව දැකලා ඇවිත් හුරතල් කරන්න ගත්තා. කෙල්ලටත් ආයෙ මොනවද.. හොදට හිනා වෙවී හිටියා.

දවල් වෙද්දි සොන්හි පාක් එකෙන් එලියට ආවෙ ගෙදර යන්න හිතා ගෙන. ටැක්සි එකක් හොයා ගන්න පාර එහා පැත්තට පනින්න ඕන නිසා ලයිට් එක වැටෙනකන් පාර මාරු වෙන්න බලාගෙන හිටිය සොන්හිගෙ ඇගේ කවුරු හරි හැප්පුනේ වීසි වෙලා ගිහින් පාර මැද්දෙම වැටෙද්දි.. වැටුන පාර එකපාරටම කෙල්ලට නැගිට ගන්න බැරි උනේ කකුල උස්සගන්න වත් බැරි බව දැනුන නිසා.. සුකීව ඒ ටිකට කෙල්ලට මග ඇරුන.

ඒත් කෙල්ලගෙ උදව්වට කවුරුත් ආවෙ නෑ නැගිට්ට වන්නවත්.. කෙල්ලගෙ ඇගේ හැප්පුන කෙනා දිහා බලන කොට බලන් හිටියේ කෙල්ල මැරෙනකන් වගේ..

පාර දෙපැත්තෙම ඉන්න අය එක පැත්තක් පෙන්නලා කෑ ගහනකොට කෙල්ල අමාරුවෙන් ඒ පැත්ත හැරිලා බැලුවා කාර් එකක් ඒ පැත්තට වේගෙන් එනවා විතරයි කෙල්ල දැක්කෙ.. ඒකෙ ඩ්‍රයිවර් එන වේගෙට වාහනේ නවත්තගන්න අමාරුයි කියන එක හැමෝම දැක්කා.

කෙල්ල නැගිටින්න කොච්චර ට්‍රයි කලත් බැරිම තැන වෙන දෙයක් වෙද්දෙන් කියලා ඇස් දෙක් පියාගත්‍තා.. වාහනේ එන වේගෙ , මිනිස්සු කෑ ගහන ඒවා එක්කම බ්‍රේක් සද්දයක් එක්ක ඔලුව පුරා ඉවසන්න බැරි තරම් වේදනාවක් දැනෙනකොට කෙල්ලව විසී වෙලා යනවා කෙල්ලට දැනුනා.. ඒ අස්සෙ සුකීගෙ හඩත් කෙල්ලට යාන්තමට ඇහුනා...

.
.
.
.
.
.
.
.

.

🙋🏻‍♂️'' සනා.. ''

🌷'' මොකෝ.. ''

🍂'' කතා කරපු විදිහ ඇල්ලුවෙ නෑ.. මොකක් හරි හොරයක් තියෙනවා.. ''

🙋🏻‍♂️'' ඇත්තට මයි මේ අහන්නෙ.. අර චෝ සොන්හිට අරූ කැමති නැත්තෙ ඇයි.. ඌ ට්‍රයි නො කලොත් මම හරි එයාට කරනවා.. ''

🌷'' යා.. බූරුවා... ඔප්පට ඇහුනොත් එහෙම.... ''

🐺'' මොනාද ඔය කුටු කුටු ගන්නෙ... ''
ඒ එක්කම එතෙන්ට ආවෙ ලීසුක් එහෙම කිව්වා. කෙල්ලට මුකුත්ම කියන්න හම්බ උනේ නෑ නර්ස් කෙනෙක් ආවා..

'' ඩොක්ට ලීසුක් ඩොක්ට සනා.. ඇම්බියුලන්ස් එකක් එනවා.. ඉක්මනට එන්න අනික් හොස්පිට්ල් වලින් ගන්නෙ නැහැ ලූ..... ''

🐺'' මං තමුසෙව පස්සෙ අල්ල ගන්නං සනා.. යොන්සු එනවා යන්න.... ''
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

To be continued.......❤

꧁❉❉❉❉❉❥❥❥♡🌹🌹♡❥❥❥❉❉❉❉❉꧂

අමතර.....

Ihwa Mural Village
ඉහ්වා බිතුසිතුවම් ගම්මානය

ඉහ්වා බිතුසිතුවම් ගම්මානය යනු 2006 දී සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ මහජන කලාව වන "ඉහ්වා-ඩොං නක්සන් ව්‍යාපෘතිය " විසින් චිත්‍ර ශිල්පීන් 70 දෙනෙකුගේ පමණ සිතුවම් සහ ස්ථාපන කලාවෙන් පුනර්ජීවනය කරන ලද නක්සන් උද්‍යානය අසල සෝල් හි ඉහ්වා-ඩොං ප්‍රදේශයකි.

_උපුටාගැනීමකි_

ඔයාලා දන්නෙ නැත්නම් search කරලා බලන්න ගොඩක් ලස්සන තැනක් මේක.. චිත්‍ර කරන අයට නම් වැදගත්...

Namsan Mountain Park

නම්සන් ගැන කියන්න දෙයක් නෑනේ🤭



You are reading the story above: TeenFic.Net