_𝗦𝗵𝗲 𝗶𝘀 𝗼𝘂𝗿 𝗯𝗮𝗯𝘆_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
☃️Jiho
💕Seli
💃Hanra
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
මේ වෙද්දි සුකී ඇවිත් සතියක් ගත වෙලා තිබුනා. ඒත් ජන්කුක්ට ලැබුන හේට් කමෙන්ට්ස් වල අඩුවක් තාම තිබුනෙ නැ ඒකෙන් ජන්කුක්ට hybe එකට පවා යන්න බැරි උනා. දවස් දෙකක් යන්න ගිහිල්ලත් ජන්කුක්ට ආයෙ ගෙදර එන්න උනා. ජන්කුක් නැතුව ටේහ්‍යුන් , ජිමින් දෙන්නත් ගියෙ නැ. එයාලා තුන් දෙනා නැතුව නම්ජුන්ට අනික් අය එක්ක යන එකේ තේරුමක් තිබුනෙ නෑ. ඇත්තම කතාව උනේ ටික කාලෙකට ජන්කුක්ට එන්න එපා කිව්වා. ඒත් නම්ජුන්ට ඕන උනේ යන ගමන හත් දෙනාම එකට යන්න මිසක් තනියම යන්න නෙමේ. ජන්කුක්ට අයින් වෙන්න උනොත් නම්ජුන් වගේම අනික් අයත් තීරණය කරලා තිබුනෙ ඩිස්බෑන්ඩ් වෙලා Hybe එකෙන් හැමදාටම අයින් වෙන්න. නම්ජුන් හොදටම දන්නව hybe එක ගොඩ නැගුනෙ එයාලා නිසා කියලා. ඒත් ජන්කුක් නැතුව ඒ ගමනෙ සාර්ථකත්වයක් නැ කියලා එයා දන්නවා. නම්ජුන් ඒක wearers එකේ පෝස්ට් වල ලයිව් වල announce කරා. ගෙවුන සතිය ඇතුලත රටේ ප්‍රධාන මාතෘකාව උනෙත් ඒක. මේ ප්‍රශ්න ඉවර වෙනකන් ඒ නිසා එයාලා hybe එකට නොයා ඉන්න තිරණය කරා. ඒ තිරණේ තිබුන ස්ථීර බව නිසාම Hybe එකේ ආදායම ඒ සතියෙ අඩු වෙලා තිබුනේ හිතාගන්න බැරි වේගෙන්. Ceo කොච්චර එයාලට එන්න කිව්වත් නම්ජුන් ඒකට කැමති උනේ නෑ.
ඒ විදිහට ගෙවිලා ගියපු සතියෙ සනා ජන්කුක්ගෙ උදව්වත් එක්ක සුකීව බලාගත්තා. අදත් වෙනදා වගේම ඉක්මනට කෑම ලෑස්ති කරලා සනා වොෂ් එකක් දාගෙන සුකීවත් ලෑස්ති කරගෙන ආවෙ කෑම කන්න. ඒ වෙද්දි අනික් අයත් කෑම කන්න ඇවිත් තිබුනා.
🌷'' පැටියා තනියම කනවද ''
💝'' හා.. ''
🌷'' ගුඩ් ගර්ල් ''
සනා සුකී කෑම කනකන් බලාගෙන හිටියා. ඒ එක්කම කිචන් එකට යන්න ආව යුන්ගි දැක්කෙ සනා කොහෙ හරි යන්න ලෑස්ති වෙලා කියලා. ජන්කුක්ත් එතෙන්ට ආවෙ සුකීව බලන්න.
🐱'' සනා කොහෙ හරි යන්නද ''
🌷'' ඔව් හොස්පිටල් එකට යන්න ඕන.. කුකී ඔයාට එන්න පුලුවන්ද යුන්ගි ඔප්පා ඔයත් එන්න ''
🐰'' හරි බේබී මෙහෙමම යමු.. කෑම කාලා ඉවර උනාට පස්සෙ යන්න පුලුවන්නේ ''
🐱'' මමත් මෙහෙමම යනවා ඔයාලා දෙන්නා ලෑස්ති වෙලා එන්න ''
සුකී කාලා ඉවර උනාට පස්සෙ එයාවත් වඩාගෙන එලියට ගියෙ ඉක්මනට හොස්පිට්ල් යන්න. යුන්ගි කාර් එක ඩ්‍රයිව් කරද්දි සනා ජන්කුක් සුකී තුන් දෙනා පිටිපස්සෙ හිටියෙ. සුකී නම් ජන්කුක්ගෙ මූන ඇද ඇද සෙල්ලම් කරනවා යුන්ගි කන්නාඩියෙන් දැක්කා.
.
.
.
.
කට්ටියම මාක්ස් දාගෙන ඇතුලට ගියෙ මීඩියා ඉදී කියලා බයට. සුකීගෙ චෙකප් කරන ඩොක්ටට සුකීව බාර දීලා සනා කැබින් එකට ඇවිත් ඉදගත්තා. අනික් දෙන්නත් ඒ වෙද්දි ඇවිත් හිටියෙ
🐰'' සනා ඇයි ''
🌷'' සුකීගෙ වෙනසක් තේරුනා කුකී. මං Specialist කෙනෙක් උනත් මට හරියට තෝරගන්න බෑ. ඒකයි මෙහෙට ආවෙ. ''
🐰'' ඒකට කමක් නෑ සනා. දැන් මොකක්ද කරන්නෙ ''
🌷'' එයා විස්තරේ කිව්වෙ නැත්නම් මෝහනය කරනවා කිව්වා. ''
🐰'' ඒකෙන් සුකීට... ''
🌷'' නෑ කුකී. ඒක සාමාන්‍යයෙන් බය උන අයට කරනවා. චූටි බබාලට කොහොමත් කරනවා. ''
ජන්කුක් සනා කියපු දේට එකග උනේ සනාත් ඩොක්ට කෙනෙක් නිසා. ජන්කුක්ට ඒක ලොකු සහනයක් උනා.
🐰'' සනා ඔයාට මොනව හරි අරගෙන එන්නද ඔයාට මහන්සි පාටයි ''
🌷'' එපා කුකී.. මෙහෙම ඉද්දි ඒක හරි යයි ''
🐱'' කුක් ඔයා කලබල වෙන්න එපා. ප්‍රෙග්නට් උන මුල් කාලෙ කාටත් ඔහොම තමා. අනික සනා මේ ටිකේම මහන්සි උනානෙ ''
ටිකකින් සනා ආවා කියලා සුකීගෙ ඩොක්ටගෙන් දැනගත්ත ටියා යොන්සුවත් එක්ක ගෙන සනාගෙ කැබින් එකට ආවෙ සනාව බලන්න. එයාලා ආගිය දේවල් ගැන කතා කර කර ඉන්නකොට ටියා ජන්කුක්ට කතා කරා.
🍂'' ජන්කුක් ඔප්පා ''
🐰'' කියන්න ටියා.. ''
🍂'' මට දෙයක් දැනගන්න ඕන ඔයාගෙන් ''
🐱'' ටිකක් ඉන්න.. මට ඔයාව දැකලා පුරුදුයි වගේනේ ''
මෙච්චර වෙලා ටියා දිහා බලාගෙන හිටිය යුන්ගි කිව්වෙ ටියාගෙ හැඩරුව තියෙන කෙනෙක්ව එතා කොහෙන් හරි දැකලා තිබුන මතකෙ නිසා.
🍂'' මාව... ''
🐱'' ඔව්.. කුක් කවුද මේ ''
🐰'' අහ්.. හියෝන් මේ අපේ ටේගෙ ආදරවන්තිය ටියා.. ''
🐱'' මේ... අපේ ටේගේ ''
🐰'' ඔව්.. මෙච්චර කල් ජිමිනුයි ජුන් හියෝනුයි විතරයි දැනගෙන හිටියෙ. එයා කියන්න හිටියෙ කොහෙද මේ ප්‍රශ්න එක්ක ඒක කියන්න අමතක උනානෙ ''
🐱'' අපිම අහන්න ඕන ඒවා කියන්න ''
ජන්කුක් හිනා වෙලා ටියා දිහා බැලුවා.
🐰'' මොකක්ද අහන්න ඕන ටියා ''
🍂'' ටේ ගැන අනේ.. එයා මොකක් හරි ප්‍රශ්නෙකද ඔප්පා ''
🐰'' නෑ ටියා.. එයා මේ ටිකේම අපි එක්ක කතා කලෙත් නෑ. මං කියන්නමයි හිටියෙ හොද නැද්ද එයාව හම්බවෙන්න එයාගෙ මැන්ෂන් එකට යන එක ''
🍂'' යන්න පුලුවන් ඒත්.... ''
🐰'' ඇයි ''
🍂'' ටේ කේන්තියෙන් නම් මොකක්ද කරන්නෙ ''
🐱'' ටේට කේන්ති ගිහිල්ල නම් ඉන්නෙ ඔයා ආදරෙන් කතා කරන්න. මම ඕන නම් ටේව යවන්නං අද ඔයත් අද ගිහිල්ල කතා කරන්න ''
🍂'' හරි මම යන්නං... අන්න සුකී එනවා. ''
💝'' මමී.... ''
🌷'' පැටියෝ... ''
💝'' ඩොක්ට අන්කල් මට චොකෝ එකක් දුන්නා මේ.... ''
🌷'' ඕකත් අරගෙන පපා ලගට යන්නකෝ මමී එන්නං ''
සුකී ඔලුව වනලා එතනින් ගියාට පස්සෙ සනා ඩොක්ට එක්ක කතා කරන්න ගත්තා.
'' එයාට කරදර කරලා තියෙනවා සනා. ඒකයි ඒ බය වෙන්නෙ. ඒක කාලයත් එක්ක මග ඇරෙයි. මම රිපෝට් එකයි video එකයි ඔයාට මේල් කරන්නං කො ''
🌷'' හරි.. මං බය උනා පැටියට කරදරයක් කියලා ''
'' එහෙම වෙන්නෑ සනා... හෙට ඔයාලගෙ නඩුව නේද ? ''
🌷'' ඔව්... සුකීව තියාගන්න පුලුවන් ද බැරිද කියලා හෙට තීරණය කරයි. ''
'' ඔයත් ඒ ගැන හිතන්න යන්න එපා සනා. ඒක ඔයාගෙ බබාටත් හොද නෑ. වෙන දෙයක් වෙයි. ''
🌷'' එහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද ඩොක්ට ? එහෙනම් අපි යනවා.. ''
කට්ටිය ගෙදර එන ගමන් හිටියෙ. හෙට දවසෙ තීරනේ ගැන කාටවත් අදහසක් තිබුනෙ නෑ. ටික දුරක් යද්දි යුන්ගි කාර් එක බීච් එක පැත්තට කාර් එක හැරෙව්වා.
🐱'' කුක්.. මට පොඩි වැඩක් කරගන්න තියෙනවා. ඔයාලට ටිකක් බීච් එකට යන්න පුළුවන්ද? ''
🐰'' මොකක්ද හියෝන් වැඩේ ''
🐱'' යාලුවෙක්ව හම්බ වෙන්න තියෙනවා. ''
🐰'' හරි.. එහෙනම් හියෝන් වැඩේ කරගෙන මට කෝල් කරන්නකෝ ''
ජන්කුක් සනයි බබායි එක්ක කාර් එකෙන් බැහැලා බීච් එක පැත්තට යද්දි යුන්ගි කාර් එක අරගෙන ඉස්සරහට ගියා.
💝'' පපා මම යන්නද ''
🐰'' පරිස්සමට යන්නකො.. මම එනකන් රැල්ලට යන්න එපා ''
සුකී දුවගෙන වැල්ලට ගියා. සතියෙ දවසක් නිසා සෙනග ගොඩක් හිටියෙ නැ. සනා ගිහිල්ල බෙන්ච් එකක ඉදගද්දි ජන්කුක් ගිහිල්ල සනාට බොන්න කොෆි එකක් අරන් දීලා පැටියා ලගට ආවෙ රැල්ල පාගන්න යන්න.
සනා එයාගෙ බඩට අත තියාගෙන අර දෙන්නා දිහා බලාගෙන හිටියෙ ලොකු සතුටකින්.
💝'' පපා කකුල් රිදෙනවනේ ''
සුකීට වැලි පාගලා හුරු නැති නිසා ජන්කුක් සුකීට ඒක පුරුදු වෙන්න ටිකක් ඇවිදින්න හිතුවා. සුකී කිව්වෙ ජන්කුක් එයාගෙ සෙරෙප්පු දෙක ගලවලා පයින්ම යද්දි කකුල් වලට දැනෙන පුංචි රිදීම නිසා.
🐰'' ඒක හරි යනවා පැටියෝ''
💝'' අන්න ලොකූ රැල්ලක් එනවා ''
🐰'' එන්න යමු ''
🌷'' අනේ ඔප්පා.. මට මහන්සි.. ''
🐰'' මං ඉන්නව නේ බය වෙන්න එපා.. කෝ එන්න.. ඔයා ආසයි මෙහෙට එන්න. ඉතින් ආසම තැනට ඇවිත් ඉදගෙන බලාගෙන ඉන්න එක නම් හරි නැ ''
🌷'' ගොඩක් ආසයි. ''
🐰'' එහෙනම් මාව අල්ලගන්න ''
ජන්කුක් එහේම කියලා සනාව අල්ලගන්න කොට සනා හිනා වෙලා ජන්කුක්ව අල්ල ගත්තා. ජන්කුක් කෙල්ලවත් නැගිටිටවලා කෙල්ලව මුහුදු රැල්ල ලගට එක්ක ගෙන ආවා.
ඒත් මේ හැමදේම දිහා ඈත ඉදලා දෙන්නෙක් හිනාවක් මූනෙ තියාගෙන බලාගෙන හිටියෙ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙන කොට. සුකීගෙ කෑ ගැහිලි එයාලටත් හොදටම ඇහුනා. ඒ වෙන කවුරුත් නෙමේ යුන්ගියි ජිමිනුයි.
🐤'' එයාලා සතුටින් නේද හියෝන් ''
🐱'' ඔව් ජිමින්. හෙට දවස කොහොම වෙයිද දන්නෑ ඒත් ඒ මූණූ වලට සතුට එකතු කරන්න මේකෙන් පුලුවන් ''
🐤'' මං ඔයා ගැන දන්නවනේ හියෝන් ''
🐱'' ටේ ගැන තමා ඊලගට ''
🐤'' ඒක ටියා බලාගනි. හැබැයි උදේට ටිකක් එහාට ගිහිල්ලා බලන්න ඕන ''
🐱'' ඔව් යන්න යන්න ''
🐤'' ඒක නෙමේ හියෝන් ඔයා අපි ගැන හිත හිත ඉන්නව විතරනෙ.. ඔයාගෙ පැත්තෙන් ඔයා ගැන හිතන්නෙ නැද්ද ? ''
🐱'' මොකක්ද ''
🐤'' අපිට අලුත් නූනා කෙනෙක් එහෙම ගේන්නෙ නැද්ද කියලා ඇහුවෙ ''
🐱'' තමුසෙව තව ටිකක් කොට කරනවා මම ''
දෙන්නා එහෙම කියව කියව ටිකක් වෙලා හිටියෙ ජන්කුක්ලට නිදහසේ ඉන්න දීලා.
________________________To be continued
මම මේක ඉවර කරන්න ද බබාලා....
හැබැයි මගෙ අවසාන G×B ff එක මේක වෙයි බොහෝ දුරට..
ලියපුවා තියෙනවා ඒත් දැන් G×B වලට වැඩිය ship තමා නේද යන්නෙ..
මටත් තව Ship ff එකක් ලියන්න ආසයි. ඒක මොන වගේ වෙන්න ඕනද කියලා තාම මම හිතුවෙ නෑ..
බලමුකෝ ඔයාලගෙ request ආවොත් තමා නැත්නම් In my heart එකෙන් පස්සෙ ආයෙ ලියන්නෙ නෑ කියලා තමා හිතුවෙ......
මම යනවා බබාලා...
පරිස්සමට ඉන්න...
You are reading the story above: TeenFic.Net