Chapter 29 (Happy , but ?)

Background color
Font
Font size
Line height

_𝗦𝗵𝗲 𝗶𝘀 𝗼𝘂𝗿 𝗯𝗮𝗯𝘆_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon

☃️Jiho
💕Seli
💃Hanra

👹Jinhan
🦨 jinhan's wife

☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.

සනා දැන් ගොඩක් දුරට හිත හදාගෙන හිටියෙ. ඒකට ජන්කුක් ගොඩක් මහන්සි උනා. ඒත් දෙන්නට දෙන්නා කොච්චර ආදරෙන් හිටියත් ගොඩක් වෙලාවට සුකීව මතක් වෙද්දි දෙන්නටම හොරෙන් කදුලු වැටුනා. සනා දකිනවා ජන්කුක් අඩනවා. ජන්කුක් දකිනව සනා අඩනව ඒත් කවදාවත් එක්කෙනාට එක්කෙනා පේන්න දුක් උනේ නෑ.

සනා උදේ හොස්පිට්ල් යන්න ලෑස්ති වෙවී හිටියෙ. එකපාරට කාමරේට ආව ජන්කුක් සනාව දැකලා ඇවිත් බැක් හග් කරෙ කෙල්ල හොරෙන් හිනා වෙද්දි.

🌷" ඇයි බනී.. "
සනා ජන්කුක්ගෙන් ඈත් වෙලා එහෙම අහද්දි ජන්කුක් විනාඩියක් වත් පරක්කු නොකර කෙල්ලගෙ කම්මුල් වලින් අල්ලගෙන සැහැල්ලුවෙන් දෙතොල් සිප ගත්තා. ඒ ස්පර්ශයෙන් එකපාරටම ගැස්සුනත් සනා ඒ මොහොතේ දිම ජන්කුක්ගෙ ඒ අහිංසක හැගීම් පිරුණු ආදරණීය හාදුවට උත්තර දෙන්න ගත්තා.

🌷'' බනී.. එපා.. අපිට පරක්කු වෙනව නේ... ''

🐰'' මං ගෙදර ඉන්නෙ අද නිවාඩු ''

🌷'' ඉතින් ''

🐰" ඔයාට hospital යන්නම ඕන ද බබා.. හැමදාම ඉන්න නෑනේ අද විතරක් ඉන්න බැරිද ? "
කෙල්ලගෙ ඉන වටේ එතිලා තිබුණු අත් තද කරන ගමන් ජන්කුක් ඇහුවෙ සනා පුදුම වෙලා බලද්දි. සනා එහෙම ම ඔලුව දෙපැත්තට වැනුවෙ බෑ කියන්න.

🐰'' ඇයි ''

🌷'' අද ඔපරේෂන් එකක් තියෙනව බනී ඒකට මම අනිවාර්යයෙන්ම යන්න ඕන ''

🐰'' යන්න.. යන්න.. ''

🌷'' අයියෝ.. බනීයෝ.. අද මම රෑ වෙනකන් ඉන්නෑ ඉක්මනට එනවා ''

🐰'' හරි ඉක්මනට එන්න. මම එන්න ද ඩ්‍රොප් කරන්න ''

🌷'' එපා බනී...  ජීහු ඔප්ප එනව කිව්වා. මම එයා එක්ක යන්නං. ඔයා පරිස්සමට ඉන්න. ''

සනා ඉක්මනට ලෑස්ති වෙලා ගියා. ජන්කුක් පහලට යද්දි අන්ජුම්ම මේඩ්ලා එක්ක ගේ අස් කරනව. ජන්කුක් ඒ නිසා ස්ටුඩියෝ එකට ගියෙ song එකක් බලන්න.

.
.
.
.
__________________♡

සනා හිටියෙ Surgery එක කරන අතරෙ.

🍂'' සනා දැන් එයා නෝමල්. ''

🙋🏻‍♂️'' මම බ්ලඩ් පැක් එකක් දුන්නා. ''

🐺'' අපිට පුලුවන් මැහුම් දාන්න. සනා පටන් ගන්න ''

🌷'' ඔප්පා.. ඔයාට පුලුවන්ද මේක කරන්න ''

🐺'' ඇයි සනා.. ''

🌷'' ඔයා කරන්න කෝ මම ටිකක් එහාට යන්නං ''
ලීසුක් අනික් ඩොක්ටස්ලා එක්ක පේශන්ගෙ ඔපරේෂන් එක ඉවර කරලා වෝඩ් එකට දානකන්ම සනා පැත්තකට වෙලා බලාගෙන හිටියා.
ඔපරේශන් එක අවසානෙ ඇඟට දැනුන අමාරුව නිසා සනා ග්ලවුස් , කෝට් ඔක්කොම බින් එකට දාලා පිරිසිදු වෙලා එයාලගේ කැබින් එකට ආවා. ඒ එනකොටම වගේ  ඉස්සරහට හම්බවුනේ ලීසුක්ව. දෙන්නා කැබින් එකට යද්දි අනික් දෙන්නත් ඇවිත් හිටියා.

🐺'' සනා මොකක් ද උනේ ''

🌷'' අනේ මංදා මට මහන්සි ''

🍂'' ඒ මොකද හිටගෙන  ඉදල වෙන්න  ඇති අද අපි පැය හයක් ම හිටගෙන හිටියෙ ''

🌷'' වෙන්න පුලුවන් ''

🍂'' ඒකනේ ආ මේක බොන්න ''

ටියා එහෙම කියන ගමන් කොෆි එකක් සනාට දුන්නා.

🐺'' වෙලහකට තාම උදේට කාලත් නැතුව ඇති ''
ලීසුක් කිව්වේ සනාගෙ කොන්ඩෙත් අතකින් අවුස්සලා.

🌷'' කෑවෙ නෑ තමා දැන් ගෙදර ගිහිල්ල කනවා. ''
සනා මූනත් ඇඹුල් කරන් කිව්වා.

🐺'' ජන්කුක්ට කියන්න වෙයි වගේ එන්න කියල ''

🙋🏻‍♂️'' ලීසුක් මේ.. සනාට සනීප නෑ වගේ මූනත් සුදුමැලි වෙලානේ. ''
ඒක අහපු ලීසුක් කෙල්ලගේ නලලටත් අතක් තියලා බැලුවා.

🐺'' උණ නෑනේ...  සනා මොකද වෙන්නෙ කියන්න කෝ. ''

🌷'' අනේ මන්ද ඔප්පා ''
එකපාරටම සනාට වටේම බොඳ වෙලා පේන්න අරන් වැටෙන්න යනකොට ලීසුක් කෙල්ලව වැටෙන්න නොදි අල්ලගත්තා. පුලුවන් ඉක්මනට සනාව රූම් එකකට එක්ක ගිය කට්ටිය ලීසුක්ට එයාව චෙක් කරන්න දීලා බලාගෙන හිටියා.

🍂'' ලොකු ප්‍රශ්නයක්ද ඔප්පා ''

🐺'' නැහැ....  ටියා.... සනාට සිහිය එන්න ටිකක් වෙලා යයි.. ඔයා ටිකක් බලන්න මං මගෙ අයිඩල් මස්සිනා පොඩ්ඩට කෝල් එකක් අරගෙන කියලා එන්නං සනාව එක්කන්  යන්න එන්න කියල ''

🍂'' මොකක් ද වෙලා තියෙන්නෙ කියන්නකො ඔප්පා ''

🐺'' රිපෝට් එන්න වෙලා යයි ආවාම බලමු ''

🍂'' හා.. හා.. ''

ලීසුක් එලියට ගියාට පස්සෙ ටියා බලාගෙන හිටියෙ සනාට සිහිය එනකන්.

ජන්කුක් හොස්පිටල් එකට එන කොට සනාට සිහිය ඇවිත් තිබුනෙ. කලබලෙන් වගේ ජන්කුක් ඇතුලට දදුවගෙන ආවා.

🐰'' බබා... මොකද උනේ ඔයාට අමාරුද ? ''

🌷'' අනේ නෑ බනී... ''

🐰'' හියෝන්... ශුවර් නේද මෙයාට ලොකු අසනීපයක් නෑ කියල ''

🐺'' ම්ම්ම්ම්.... කුක්... මේකයි රිපෝට් එකේ තියෙන්නේ නම් ලොකු අසනීපයක් කියලා. දැනට සතියකට කලින් තමා මේක වෙලා තියෙන්නෙ ''

🐰'' මොකක් ''

🐺'' ඔව් කුක්.. ටික කාලයක් යද්දි අඩු වෙයි. බය වෙන්න එපා. ''

🐰'' හියෝන්... මේ මගෙ වයිෆ්... මම එයා ගැන බය නොවී කොහොමද? අනේ ඒ ලෙඩේ මොකද  හියෝන් ''

🐺'' ඔයාම බලන්න කුක්... ''
ජන්කුක් ෆයිල් එක අරගෙන මුල ඉදලා කියෙව්වා. එන්න එන්නම ජන්කුක්ගෙ මූණ වෙනස් උනේ ඒකෙ තිබුන දේවල් දැකලා. හැමෝම ජන්කුක් දිහා බලාගෙන ඉද්දි කොල්ලා ඉක්මනට සනාව බදා ගත්තා.

🐰'' හියෝන්.... බ්-බබා ''

🌷'' ඇයි බනී මොකද අඩන්නෙ ''
සනා ජන්කුක්ගෙ ඔලුව අත ගාන ගමන් අහද්දි ජන්කුක් නෑ කියල ඔලුව වැනුවා.

🐰'' හියෝන් ඇත්තටම මම අප්පා කෙනෙක් වෙන්න ද යන්නෙ ''
ලීසුක් ඔව් කියන්න ඔලුව වනද්දි සනාට හිනාවක් ගියා. ජන්කුක් සනාට පෙක් එකක් දීලා ලස්සනට හිනා උනේ Thanks කරන්න වගේ.

🍂🙋🏻‍♂️'' ඕඕඕඕඕ ''

🍂'' සනා ඔම්මා කෙනෙක් දැන්.... එහෙනම් පාටි එකක් ඕන අපිට ''

🐺'' සනා.. දැන් ඔයා ගෙදර යන්න.. ම්ම්.. මම ඔයාගෙ බේත් ටික අරගෙන හවසට එන්නං ඔයාව බලන්න.. ''

🌷'' හරි ඔප්පා ''

🐰'' අපි යමුද ''

🌷'' ම්ම්.. යමු ''
.
.
.
.
.
.

.
.
.
.
.

දවස් හිමීට ගෙවිලා ගියා. එක දිගට මාස තුනක් විතර කම්පැනි එකේ වැඩයි Hybe එකේ වැඩයි එක්ක ජන්කුක් ටිකක් බිසි උනා. ජන්කුක් මේ වෙද්දි solo ටිකක් කරන්න පටන් ගත්ත නිසා hybe එකට යන දවස් වැඩි උනා. ඒ වගේම හැමදාම කම්පැනි එකේ වැඩ එක්කත් හිර වෙලා ජන්කුක් ගෙදර එන්නෙ පාන්දර වෙලා. ඒ ගෙවුන මාස කීපයෙත් සනා පුදුම වෙන වචනේ තමා ජන්කුක් කලින්ම ගෙදර එනව කියන එක. කලින් දවසෙ හවස් වරුවෙ ජන්කුක්ට ගෙදර එන්න පුලුවන් උනේ ලොකු වැඩක් එදා දවසෙ නොතිබුන නිසයි.

උදේම ජන්කුක් සනා එක්ක කෑම හදන්න ලෑස්ති උනා. ඒ එක්කම නොනවත්වාම ගෙදර ඩෝ බෙල් එක වදින සද්දෙට කිචන් එකේ හිටපු සනා ජන්කුක් දෙන්නා මූනට මූණ බැලුවා.

🌷'' කවුද දන්නෑ ''

🐰'' මම බලන්නං ''
නවතින්නෙ නැතුව ගෙදර බෙල් එක වදින නිසා කොල්ලා අත් දෙක පිහාගෙන ඉස්සරහට ගියෙ කවුද ආවේ කියලා බලන්න. ජන්කුක් දොර ඇරියා විතරයි ජන්කුක්ගෙ ඇස් එකපාරටම උඩ ගියෙ දොර ලග හිටපු අය දැක්කට පස්සෙයි

🐰'' ඔම්මා..  අප්පා... ඔයාලා මේ වෙලාවේ ''

🐧'' දැන් අප්පෙක් වෙන්න ඉන්න කොල්ලෙක් නේද මේ ''

🐦'' දැන් කල්පනා කර කර ඉන්නද හදන්නෙ කුකී... ඔම්මවයි අප්පවයි ගේ ඇතුලට ගන්න සිහි කල්පනාවක් නැද්ද ''

🐰'' ආ..... එන්න ඔම්මා ඇතුලට. ''

🐧'' කියන්න ඔනි නම් නැ ඇතුලට එන්න එපා කිව්වත් ඉතින් අපි නම් ඇතුලට එනවා මොකද අපි අවේ අපේ සනාවයි බබාවයි බලන්න ''

🐰'' එතකොට දැන් ඔම්මට මාව බලන්න ඔනි නැද්ද? ''

🐦'' දැන් මොනවා බලන්නද අප්පෙක් නේද ?කෝ අපේ දුව ''

🐰'' ආ....... ඔම්ම එයා කිචන් එකේ ''

🐦'' මම ගිහිල්ල බලන්න කො  ''

🐰'' හරි ඔම්මා ''
මිසිස් ජියෝන් කිචන් එකට යද්දි සනා කෑම ලෑස්ති කරනවා.

🐦'' දුව කෝ දෙන්න මම ඕක කරන්න.. ''

🌷'' මම කරන්නං ඔම්මා.. ''

🐦'' නෑ.. නෑ.. ඔයා ටිකක් රෙස්ට් කරන්නකො.. දුව මේ දවස්වල හොදට රෙස්ට් කරන්න ඕන. ''
ජන්කුක්ගෙ ඔම්මා සනාගෙ ඔලුව අත ගාන ගමන් කිව්වෙ සනා බිම බලාගෙන ඔලුව හොල්ලද්දි. සනා හොදටම දන්නවා ජන්කුක්ගෙ ඔම්ම සනාගෙම ඔම්මා වගේ සලකනවා කියන්න. පුංචි කාලෙ ඔම්මගෙන් නොලැබුන ආදරය සෙනෙහස අඩුවක් නැතුව කෙල්ලට මිසිස් ජියෝන්ගෙන් දැන් ලැබෙනවා. සනා පැත්තකට වෙලා මිසිස් ජියෝන් කෑම හදන දිහා බලාගෙන හිටියා.

🐦'' සනා ඔයා කැමති කෑමක් තියෙනව නම් කියන්න මම හදලා දෙන්නං ''

🌷'' එහෙම විශේෂ දෙයක් නෑ ඔම්මා... ''

කට්ටිය කෑම කාලා ඉවර වෙනවත් එක්කම අනික් members ලා ටිකත් එහෙට ආවෙ සනාව බලන්න. ආව ගමන් එයාලා සනාට මල් පොකුරුයි තව එක එක පුංචි පුංචි තෑගි ගොඩක් දීලා සුබ පැතුවා.

🐤'' මාස තුනක් ගියාට පස්සෙ තමා අපිට එන්න පුලුවන් උනේ. ''

🐨'' හිතුවෙ නැති තරමට මේ පාර වැඩ තිබුනෙ සනා. අපි එන්න හදන වෙලාවට ඔයා නෑ. නැත්නම් අපිට වැඩ. ඔන්න ඉතින් අද ආවා ඔයාව බලලා යන්න ''

🐹'' මේ සනා අපේ ඔම්මා මේවා ටික ඔයාට දෙන්න කිව්වා. ''

🐰'' හියෝන් ඔයාට ඒවා හම්බ උනාද ''

🌷'' මොනාද... වාව්... බ්ලූ බෙරි.. තෑන්ක්ස් ඔප්පා මම ඊයෙත් සෝල් වල හෙව්වා හම්බ උනේ නැ.. ''
සනා බෑග් එක ඇතුලෙ තිබුන බ්ලූණඝ බෙරි ටික දැකලා කෑ ගහද්දි ජන්කුක් නම් සැනසුම් සුසුම් හෙළුවා. මොකද මේ ටිකේ ජන්කුක් සනාට දෙන්න බ්ලූ බෙරි හොයලා අන්තිමට ජින්ට කියලා ගෙන්න ගත්ත නිසා. කට්ටිය කතා කර කර ඉන්න අතරේ නම්ජුන්ට වැදගත් දෙයක් මතක් උනා.

🐨'' ආ.. කුක්.. මේ ඔයාලගෙ බබා ගැන අද කියන්න. PD කිව්වා කල් දාන්න එපා කියල. ''

🐱'' සනාට වෙනම ගෙයක් හදල දෙන්න වෙයි කුක් ෆෑන්ස්ලගෙ ගිෆ්ට් තියාගන්න. ''

🐨'' සනා තව දෙයක්... ජන්කුක් අහන්න කෝ... අපේ සුකී ඉල්සාන් වල ඉන්නවලු. මොකද ආරංචියක් ආවා මීරා දරුව වෙනුවෙන් නඩුවක් දානවා කියලා. ''
නම්ජූන් කියද්දි සනා පුදුමෙන් වගේ බලාගෙන හිටියා මිසක් වචනයක් කිව්වෙ නෑ.

🐦'' මොකක් පැංචිට කරදරයක් නෑනේ.. ''

🐨'' දන්නෑ ආන්ටි. එයා ඉන්න දිහා අපි දන්නෑ.. තාම හොයනවා ඉක්මනට හම්බවෙයි. නඩුවක් දැම්මොත් උසාවියට යන්න ඕන නේ ''

🌷'' හොදින් ඉන්නව නම් ඒ ඇති ''

🐧'' මීරගෙ පවුලෙ අයව හම්බ වෙන්න ඕන ඩාලින්.. මීරා ජීවත් වෙනව නම් ජන්කුක්ගෙන් ඩිවෝස් එක ගන්න ඕනනේ. මැරුන කෙනෙක්ට සාමාන්‍යයෙන් ඩිවෝස් එක හම්බ වෙන්නෙ නෑ. ජීවිත් වෙනව නම් තමා ඒ.. ''

🐹'' ඒක තමා අන්කල්..කෙල්ල මේ වෙද්දි ඒවත් කරන්න අරගෙන ඇති නේද මට බයයි ඩිවෝස් එක නොදුන්නොත් අපේ සනාට ඒකෙන් කරදරයක් වෙයි කියල. තාම එයාලගෙ පැටියත් ආවා විතරයි.. ''

🐰'' සනාව නම් මගෙන් ඈත් කරන්න කාටවත් බෑ.. ඒවා හීන හියෝන්.. මේ එතකොට එදා මීරා මැරුනෙ නැත්නම් අපි සොහොනට ගෙනිච්චෙ කාවද ? එදා මම සූකීගෙ චෙකප් ඉවර වෙලා අරගෙන එද්දි මීරාගෙ බොඩි එක වහලා තිබුනෙ ''

🐱'' මටත් ඕක හිතුනා කුක්. අපි හොස්පිට්ල් එකේ එදා දවසෙ CCTV ටික බලමුද මොකක් හරි දෙයක් හොයාගන්න පුලුවන් වෙයි. අද වැඩක් නෑනේ කුක්.. ජින් හියෝන් අනික් අය එක්ක ඉන්නව නේ. නම්ජුන් , කුක් අපි තුන් දෙනා හොස්පිටල් එකට යමු ''

🦄'' එදා සජරි කලේ සනාගෙ ඔප්පා කිව්වා නේද ''

🐰'' ඔව්... එයාගෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි.. ''
ජන්කුක් එහෙම කියල ලෑස්ති වෙන්න උඩට ගියා. යුන්ගි නම්ජුන් දෙන්නා එලියට ගියෙ ජන්කුක් ලෑස්ති වෙලා ආව ගමන් යන්න ඕන නිසා.

🐨'' කුක් එනවා.. අපි යන්න ලෑස්ති වෙමු ''

තුන් දෙනා පැයක් විතර ගත වෙද්දි හොස්පිටල් එකට ගියා. ලීසුක්ගෙ උදව්වෙන් හොස්පිට්ල් එකේ CCTV ටික බලන්න හිතුවත් එයාලට නොහිතපු දෙයක් දැක්කා....




______________♡

To be continued

ඊලග episode එක ටිකක් දිගට ලියන්නං බබාලා..


You are reading the story above: TeenFic.Net