_𝗦𝗵𝗲 𝗶𝘀 𝗼𝘂𝗿 𝗯𝗮𝗯𝘆_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
☃️Jiho
💕Seli
💃Hanra
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
'' Mr.min I'm really sorry... ''
🐱'' ඇයි ? මැඩම් සමාව ඉල්ලන්නෙ ''
'' අහ්.. මේකයි සුකීගෙ මාම් ඇවිත් සුකීව එක්ක ගෙන ගියා දැන් ටිකකට කලින් ''
🦄🐱'' මොකක් ''
🐱'' සුකීගෙ මාම්.. ''
'' ඔව්.. ම්ම්.. මට කිව්වෙ එයාලා අද රෑ ටිකක් නිදහසේ ඉන්න දුර පලාතකට යනවා කියලා. ''
🦄'' අපිට එයා අත්සන් කරපු ලේඛනෙ ටිකක් බලන්න පුලුවන්ද? ''
'' ආ.. ඉන්න ''
🦄'' මීරා... ''
ඒ කෙනා පෙන්නපු පොතේ තියෙන නම දැකපු දෙන්නා හිතින් ගැස්සුනා.
🐱'' ඕකේ මැඩම්.. මම ජන්කුක්ට කියන්නං ''
යුන්ගි හොබී දෙන්නා එලියට ඇවිත් කල්පනා කරේ මේ උන දේ ගැන. ඉස්සරහට මොකක් කරන්නද කියල දෙන්නම හිතුවා
🦄'' ඔයා මොකක්ද හිතන්නෙ යුන්ගි මීරා මැරිලා නැද්ද.. මට හිතාගන්න බෑ ජන්කුක් සනා දෙන්නා මේවා කොහොම දරා ගනීද කියල ''
🐱'' මේ යන විදියට සුකීව හොයාගන්න ගොඩක් අමාරු වෙයි වගේ.. අපි පොලීසියට ගිහිල්ල මේක කියලා හොරෙන් සුකීව හොයාගන්න බලමු. මැන්ශන් එකට ගිහිල්ල එද්දි තවත් වෙලා යනවා...
ඉක්මනට එන්න ''
🦄'' හරි ''
යුන්ගි හොබී දෙන්නා පොලීසියට ගිහිල්ල විස්තරේ කියලා ඇන්ට්‍රි එකක් දාලා මැන්ශන් එකට පිටත් වෙන්න ආවෙ ජින්ගෙන් කෝල් පිට කෝල් එද්දි. පැය හතරක වැඩිය කාලයක් ගෙවිලා තිබුනා යුන්ගිලා ආයෙ මැන්ශන් එකට එද්දි. ඒ නිසා කට්ටිය හොදටම කලබල වෙලා හිටියෙ මෙයාලා පරක්කු වෙලා නිසා.
💕'' හොබී... ''
හොබී කාර් එකෙන් බැහැපු ගමන් සෙලී දුවගෙන ඇවිත් හොබීට බදාගත්තා.
🦄'' සෙලී කෝ අයින් වෙන්න ''
💕'' ඇයි පරක්කු උනේ මොකක් හරී කරදරයක් උනාද ? යුන්ගී ඔප්පා ඔයාවත් කියන්න කො ''
🐯'' කෝ සුකී බබා ''
🐹'' යුන්ගියා මොකෝ බං ''
🐱'' අපි යද්දිත් සුකීව මීරා එක්ක ගෙන ගිහිල්ල ''
🐨'' මොකක් ''
🐤'' කුකීට අපි මොනාද කියන්නෙ ''
ජිමින් එහෙම අහද්දි ගේට් එක ඇරුනෙ තවත් කාර් එකක් ඇතුලට එද්දි. කට්ටිය කතාව නවත්තලා ඒ දිහා බැලුවා. එතකොට මුලින්ම එලියට බැස්සෙ ජන්කුක් ලීසුක් දෙන්නා. ඊට පස්සෙ සොන්හි සනා දෙන්නා පිටිපස්සෙ ඉදලා එලියට ආවා.
🍃'' ඔයාලා පාටියක් දැම්මද අපි නැති ටිකට.. අපි එන්න කලින් ඒවා අස් කරනව ද දැන් ''
🐺'' චෝ... කට වහගෙන ඉන්න බබා ''
🐰'' ඔයාලා මොකද ඔහොම පුදුම වෙලා වගේ ඉන්නෙ ''
🍃'' මොකද අනේ ''
🐰'' යුන්ගි හියෝන් මොකද මූණ ''
🐱'' ජන්කුකා...මියාන්හේ..ම..මං..ඇත්තටම හිතුවෙ නෑ මෙහෙම වෙයි කියල.... ''
🐰'' හියොන්.. ජුන් හියෝන් මොකද උනේ කියන්නකෝ ''
🐨'' සුකීව මීරා ගෙනිහින් ''
🌷'' මොකක්.. අනේ නෑ ඒක වෙන්න බෑ. ''
සනා එකපාරටම මැන්ශන් එක ඇතුලට දුවගෙන ගියෙ සුකීව හොයන්න. සොන්හිත් ඒ පස්සෙන්ම දිව්වෙ සනාව අල්ලගන්න.
🐰'' හියෝන් එහෙම උනේ කොහොමද ''
යුන්ගිගේ හඬ බිඳිලා කොල්ලට එහෙමම ඇඩුනේ කොල්ලගේ අතින් වුනා කියල දැනෙද්දි ජිමින් හොබී දෙන්නා යුන්ගි ලඟට ඇවිත් කොල්ලගේ පිට අතගෑවේ මුකුත්ම නොකියා.
🦄'' අපි උදේ
...................................................................................................................................................................................................................................................................................................................... ''
හොබී උදේ ඉදලා උන හැමදේම කිව්වෙ ලීසුක් වගේම ජන්කුක් දෙන්නා පුදුම වෙද්දි.
🐹'' ඇයි ජන්කුකා ''
🐰'' හියුන්.... සුකීව හෙව්වට වැඩක් තියෙයිද ? දන්නවනේ සුකී මගෙ දරුවත් නෙමේ. මීරා කියන්නෙ සුකිගෙ ඔම්මා.. බලමු හියොන් පොලීසියටත් කිව්ව නේ ''
🐹'' මට තේරෙනව ජන්කුකා.. ඒත් අවුරුදු තුනකට පස්සෙ දරුවටට පැහැරගෙන ගිය එකනේ මෙතන වැරැද්ද ඒක නිසා අපි මේ ගැන හොයමු ''
🍃'' කුකී ඔප්පා......... ''
🐺'' සොන්හියා.. ''
කට්ටියම ගේ ඇතුලට දිව්වෙ සොන්හි කෑ ගහද්දි. යද්දි සනා කලන්තෙ දාලා බිම වැටිලා ඉන්නව කට්ටිය දැක්කා.
🐰'' සනා..ඇස් අරින්න.. ''
ජන්කුක් කලබලෙන් කෙල්ලගේ මූන දෙපැත්තට අතින් තට්ටු කරේ බයෙන්. එහෙමම කෙල්ලව අත් දෙකට වඩාගත්ත ජන්කුක් කෙල්ලව රූම් එකට අරන් ගියා.
🐺'' මං හිතන්නෙ Stress එකට. ටිකකින් සිහිය එයි කුකී... ''
ජන්කුක් ඇස්වල කඳුලු පුරවගෙන බලන් ඉද්දි කෙල්ල ඇස් ඇරියේ අමාරුවෙන්.
🌷'' කුකී.. කෝ මගෙ සුකී ''
ජන්කුක් කෙල්ලව එයාගෙ උණුහුමටම තුරුලු කරගත්තෙ එකපාරටම අහපු දේ නිසා.
🐰'' ඕහ් ඔහොම ඉන්න බේබී!.. ''
කෙල්ල අමාරුවෙන් නැඟිටලා ඇඳෙන් වාඩිවෙන්න හදද්දි ජන්කුක් කොට්ටෙකුත් තියලා කෙල්ලව ඇඳට හේත්තු කරලා ඉන්ඳෙව්වේ පරිස්සමට.
🐺'' සනා... අහන්න කියන දේ... සුකී ජන්කුක්ගෙ බබා නෙමේ... එයා දැන් ඉන්නෙ එයාගෙ ඔම්මා ලග. අපිට තොරතුරක් එනකන් මුකුත්ම කරන්න බෑ. ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න ''
🌷'' ඔප්පා සුකී හොදින් ඇති නේද ''
🐺'' ම්ම්.. ඔව්.. අපි එහෙම හිතමු සනා ''
🐹'' දැන් ඔයාලා රෙස්ට් කරන්නකො.. කෑම කන්න මම කතා කරන්නං ''
🐰'' හරි හියුන් ''
🐰'' ඔම්මා... ''
ජන්කුක් ඔම්ම ලගට ගිහිල්ල ඉදගත්තා.
🐦'' Jung kook මොකක්ද මේ වුනෙ දැන් කොහොමද සනාට ''
මිසිස් ජියෝන් කොල්ලගෙ ඔලුව තමන්ගෙ උණුහුමේ රදවගෙන කොල්ලගෙ ඔලුව ආදරයෙන් පිරිමදින ගමන් ඇහුවා. ඒත් ජන්කුක් මිසිස් ජියෝන්ගෙ උණුහුමට තුරුලු වෙලා ඇඩුවෙ මෙච්චර වෙලා කදුලු හිර කරගෙන හිටපු නිසා.
🐧'' ජන්කුක් මන් කලිනුත් කිව්වනේ සුකීව ලග තියාගත්තොත් ඔහොම වෙයි කියල
බලනවා තමුසේගෙ වැඩ නිසා අර අහින්සක ලමයා දැන් කොච්චර වේදනාවක් විදිනවා ද කියලා ''
ජියොන් ජන්කුක්ට එහෙම කියද්දි කොල්ලගෙ හදවත තවත් පෑරුනා. ජියෝන් කියපු කතාවෙ ඇත්තක් නැතුව නෙමේ ඒක හැමෝටම තේරුනා. ඒත් ඉතින් ඉපදුන දවසෙම ඔම්ම අප්පා නැතුව පුංචි දරුවෙක් ඉන්නෙ කොහොමද? ජන්කුක් එදා බබාව දාලා ආව නම් ඉස්සරහට සුකීට කොච්චර කතා අහන්න වෙයිද ? ඒකයි එදා ජන්කුක් සුකීව හදාගත්තෙ.
🐧'' කුකී... දැන් ඔයා ඔහොම අඩලා බෑනේ.. සනාට ඔයා විතරයි ඉන්නෙ එයා වෙනුවෙන් ඔයා ශක්තිමත් වෙන්න ඕන ''
🐦'' ඔව් පුතා.. අපි තොරතුරක් හොයාගන්න බලමුකෝ.. එතකන් ඔයා සනා එක්ක ඉන්න ඕන ම්ම්... ''
🐰'' හරී.. ''
🐦'' දැන් කෝ සනා... ''
🐰'' රූම් එකේ එයාට නින්ද ගිහිල්ල ''
💕'' කුකී ඔප්පා.. ඔයා ඇවිත් කෑම කන්න. මම සනාට පස්සෙ කෑම කවන්නං යන්නකෝ කන්න.... ''
.
.
.
Two days ago
තවත් කලබලකාරි දවස් කීපයක් ගෙවිලා ගියෙ හිතාගන්න බැරි වේගෙකින්. BTS ලා එයාලගෙ වැඩත් එක්ක සුකීව හොයන එකත් කරගෙන ගියා. වෙලාවකට උදේ පොඩි තුන් දෙනා ප්‍රැක්ටිස් කරනවා හියෝන්ලා සුකීව හොයන්න යනවා. තවත් දවසකට පොඩි තුන් දෙනා දවසක්ම සුකීව හොයාගන්න යනවා. ජන්කුක්ගෙ අප්පා එයාගෙ ගෝලයො මාර්ගයෙන් මුලු රටේම සුකීව හොයන්න අරගෙන තිබුනෙ. ලීසුක් දන්න කියන හැම ඩොක්ට කෙනෙක්ගෙන්ම සුකී ගැන ඇහැව්වා. මොකද සුකීට තිබුන අසනීපෙ එක්ක සුකීව අනිවාර්යයෙන්ම ඩොක්ට කෙනෙක්ට චැනල් කරන්න ඕන නිසා. ඒත් තොරතුරක් ලැබුනෙ නෑ. මේ හැමදේම කරගෙන ගියෙ සනාටත් හොරෙන්. මොකද සනා ඉන්න තැනදි කවුරුත් සුකී ගැන කතා කලේ නෑ. හොස්පිට්ල් එකේ වැඩත් එක්ක බිසී ලයිෆ් එකක් හැඩ්ල් කරන්න උන සනාට දැන් පාලුව දුක ටික ටික පාලනය කරගන්න පුලුවන් උනා..
අදත් වෙනදා වගේම ජන්කුක් හියෝන්ලා එක්ක ප්‍රැක්ටිස් ඉවර කරලා ගෙදර ආවා. මේ ටිකේම හැමෝම නතර වෙලා හිටියෙ ජන්කුක්ගෙ ගෙදර. එයාලා එද්දි සනා TV එකට Phone එක connect කරගෙන සුකීගෙ photos බලනවා. මේක මේ ටිකේම හැමෝටම සුපුරුදු දර්ශනයක් උනා.. යුන්ගි නම්ජුන් එක්ක ට්‍රැක් එකක් හදන්න ස්ටූඩියෝ එකට යද්දි ජන්කුක් අනික් අය එක්ක සද්ද නැතුව උඩට ගිහිල්ල බඩු ටික තියලා පහලට ආවෙ කෑම කන්න.
🐰'' බේබී කෑම කන්න එන්න ''
🌷'' මට කන්න බෑ කුකී ''
🐰'' සනා...ඔහොම හිටියොත් අසනීප වෙයි ''
🌷'' මං කිව්වනේ කන්න බෑ මට ''
🐰'' සනා මම ගොඩක් ඉවසීමෙන් කතා කරන්නෙ එනව කෑම කන්න ''
💕'' කුකී ඔප්පා.. කෑ ගහන්න එපා.. ''
සනා සද්ද නැතුව ගිහින් මේසෙන් ඉදගෙන කන්න ගත්තා. වෙනදට කෑම මේසෙ කතා කරන සද්ද අද නෑ. සනා උනත් එහෙමයි. හැමදාම මෙහෙම ඉන්න බැරිම තැන ටේ ජිමින් දෙන්නා එයාලා අද කරපු දේවල් කියන්න ගත්තා. ඉතින් ඊට පස්සේ කට්ටිය එක එක දේවල් ගැන කියවන්න ගත්තා.
🦄'' ට්‍රැක් එක කොහොමද ජුනා ''
🐨'' හොදට තිබුනා. හැබැයි ටේගෙ වොයිස් එක වෙනස් කරන්න වෙයි... ''
💕'' සනා මොකද ''
🌷'' මට ඇති ''
අනික් අය කාලා ඉවර වෙන්නත් කලින් සනා නැගිටලා රූම් එකට ගියා.
🐰'' සනා... ''
ජන්කුක් කෑම කාලා රූම් එකට ඇවිත් කතා කරත් සනා නිශ්ශබ්දව හිටියා. කොල්ලා රූම් එකට යනකොට සනා ඇද ලග බිම වාඩිවෙලා කකුල් දෙකත් තුරුල් කරගෙන අඩනවා.
🌷" මෙතනින් යන්නකෝ... මට තනියෙන් ඉන්න ඕන "
ජන්කුක් දිහා නොබලා සනා කිව්වා.
🐰'' යාහ්... සනා... ටිකක් මම කියන දේ අහන්න කො.. "
ජන්කුක් බැරිම තැන ගිහින් සනා ලගින් වාඩි වුනෙ සනා පපුවට තුරුල් වෙද්දි. ජන්කුක් සනාගේ කොන්ඩේ අතරේ ඇගිලි යවලා කෙල්ලගේ ඔලුව අත ගෑවෙ සනාට ඇති තරම් අඩන්න දීලා. සනා ජන්කුක්ගෙ ඉන වටේ අත් දෙක ඔතලා තව ටිකක් කොල්ලාට තුරුල් වුනේ හරියට ජන්කුක් ත් එයාව දාලා යයි කියලා බය හිතිලා වගේ.
🐰" සනා.... මගේ දිහා බලන්න ම්ම්.. කෝ ඉතින් "
ජන්කුක් සනාව තමන්ගේ පැත්තට හරවගන්න ගමන් ඇහුවේ කෙල්ලගෙ ඇස් දෙක දිහා බලාගෙන. ජන්කුක් තත්පරක්වත් නාස්ති නොකර සනාගේ තොල් වලට බර වුනා.
🐰'' බබා.. මේක හොදට අහන්න.. සුකී එයාගෙ ඔම්මා ලග දැන් ඉන්නෙ.. අපිට ගිහිල්ල එයාව එක්කගෙන එන්න අයිතියක් නෑනේ. මං දන්නව ඔයා සුකී වෙනුවෙන් හැමදේම කැප කරා. සුකී ඉන්න තැනක් ගැන තොරතුරක් ආවොත් මම ඔයාව එක්කගෙන යන්නං. ඔයා දැන් ඒක ගැන හිතන එක නතර කරන්න ම්ම්.. අද ඔයා හැමදේම අමතක කරලා හෙට ඉදලා මගෙ පරණ රෙඩ්රෝස් වෙන්න ඕන හරිද ? .. ''
කිස් එක නතර කරලා ජන්කුක් කිව්වෙ සනා ඒකට හා කියද්දි.
🌷'' හ්ම්... ''
ජන්කුක් එකපාරටම නැඟිටලා වාඩිවෙලා හිටපු කෙල්ල දිහාට අත දික් කරේ ලස්සනට හිනා වෙලා.
🐰'' එන්න ''
🌷'' කොහෙ යන්නද ''
කෙල්ල ජන්කුක් දිහාට හෙලුවේ ප්‍රශ්නාර්ථ බැල්මක්.
🐰'' අපි ටිකක් එලියට යමු.. ''
රෑ කළුවර ගැන නොහිතා ජන්කුක් සනා එක්ක ගාඩ්න් එකට ආවා. පොඩි කහ පාට ලයිට්ස් වලින් වැටෙන එලියෙන් විතරක් එයාලා යන පාර දිගට ලස්සනට එලිය වෙලා තිබුනා. ජන්කුක්ගෙ පුංචි පුංචි ලස්සන ආදර කතා අහන ගමන් පැය ගානක් ඒ විදියට සනාගෙ හිත හැදෙනකන් ම එයාලා ඇවිද්දා.
To be continued _________________♡
You are reading the story above: TeenFic.Net