_She is our baby_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
.
🌷බලමු... ජින්හැන් දීපු ඒ ලියුම මොකක්ද කියල. හැමදාම මේක බලද්දි මොකක්ද හරි වෙනව නේ... මේක ලස්සන කාඩ් එකක් වගේ.. ඒක දිග ඇරලා බලද්දි ඒකත් මගෙ අතින් වැටුනෙ මාව ඉන්ද වෙද්දි.. නෑ.. ඒක වෙන්නෙ කොහොමද.. මේ එයාමද.. විශ්වාස කරන්නෙ කොහොමද..
සනා...
මේක ලියන්නෙ මගෙ සනාට...
මේක කවද හරි ඔයාට හම්බ වෙනවා. ඒ වෙද්දි මම මේ ලෝකෙ නෑ.. ඒ වගේම මේක ඔයාට ලැබෙන්න ඕන දවසට සමොච්චන්ගෙ ගෙදරට එන්නේ. එයා දැනටමත් ඔයාගෙ ජීවිතේ ගැන තීරණය කරන් ඉන්නෙ. ඒත් අපේ පවුලට වටිනම දේ ඔයාට පේන දුරින් අපි තියලා යන්නෙ සනා. හරි කාලෙදි ඔයා ඒක හරියට ම කරනව කියල මම දන්නව.
මීට ඔයාගෙ
ඔම්ම
....................
කවුද මේක එව්වෙ.. හරියට රෙකෝඩ් එකක් ආයෙත් කොපි කරල ලියලා වගේ.. අහ් මගෙ ඔලුව.... හෙට මේක ගැන හොයා ගන්නවා.
.
.
.
.
.
.
.
.
.
🐰'' ඔයා කොහෙද ඒන්ජල්... ''
කොච්චර වෙලාවක් මං නිදා නොගෙන ඇස් පියාගෙන හිටියද කියලා මට මතක නෑ.. අන්තිමට නින්ද මගෙ ඇස්වලට එනවා කියලා දැනෙද්දි එකපාරටම මට ඇහුණා මොනව හරි වැටෙන සද්දයක්. ඒ සද්දෙට ඇස්වලට ආව නින්ද තප්පරෙන් නැති වෙලා ගියෙ මාව ගැස්සෙද්දි.. බාම් ද ඒ.. නෑ සූකී එක්ක නේ එයා. එතකොට ඒ...
🐰" සනා.. "
මං ඉක්මනට සනාගෙ කාමරේට ගියා. මං යද්දි කෙල්ල බිම ඇදගෙන වැටිල. මං කතා කරත් කෙල්ල කෙඳිරිගානවා විතරයි.. සනාව ඇදෙන් තියලා මං අන්ජුම්මට කතා කලේ මුකුත්ම හිතාගන්න බැරුව ඉද්දි.
❄'' පොඩි බේබී.. සනාට සීතල අල්ලලා වගේ.. ඒකයි මේ.. ''
🐰'' මොකක්ද කරන්න ඕන.. ''
❄'' මෙයාව උණුසුම්ව තියන්න.. ඒක තමා හොදම දේ.. මං වතුර ටිකක් අරගෙන එන්නං.. ''
අන්ජුම්ම ගියාට පස්සෙ හීට් එක වැඩි වෙලාවක් ගියත් නැගිටින පාටක් තිබ්බේ නැ තාමත් සීතලට ගැහෙනවා. කෙල්ලගේ හුස්ම වැටෙන්නෙත් අඩුවෙන්. හීටර් එක වැඩි කරලා තව bedsheet එකක් පොරවලා මං බලාගෙන හිටියා. ඒත් උණ අඩු නෑ. මොකක්ද මං කරන්නෙ..
අමාරුවෙන් වගේ ඇදේ එහා මෙහා වෙවී කෙඳිරිගෑව කෙල්ලගෙ මුවින් ඉකියක් පිට වෙද්දි මාව ඇදෙන් ඉන්දවුනේ ඉබේමයි..
🐰" සනා.. ආ යූ ඕකේ.. "
සනා ළඟටම නැවිලා කෙල්ලගෙ ඔළුවෙන් අතකුත් තියලා මං ඇහුවා..
🌷" රි.රිදෙනවා.. "
🐰'' ඔහොම ඉන්න සනා අන්ජුම්ම එයි.. ''
හිතාගන්න බැරි විදිහට සනා ළඟ හිත අසරණ වෙද්දි මං කෙල්ලගෙ නළලට කිස් එකක් දුන්නා.. මං එහෙම කරේ ඇයි කියලා මට තේරුණේ නෑ..
❄'' පොඩි බේබී.. ''
වතුර බෝල් එක ගෙනාව එකෙන්ම මට තේරුනා ඇග තවන්න යනව කියල. මොනා උනත් සනා තාම මැරි නොකරපු කෙනෙක්. අනික මට මෙතන ඉන්න බෑ. ඒක හරි නෑ..
🐰'' අහ්.. මම සුකී ලගට යන්නං.. අන්ජුම්ම ඕක කරන්න.. ''
මං එලියට ආවා. සුකී නම් නිදි කියල මම හිතනව. ඒ නිසාම මම මගෙ කාමරේට ගියෙ painkillers මොනව හරි තියෙනව ද බලන්න.
.
.
.
.
.
.
.
❄'' පොඩි බේබී.. ස.. නෑ මේ මැඩම් දැන් නම් නිදි.. ඒත් රෑට අමාරු වෙන්න ඉඩ. ඒ නිසා ටිකක් බලන්න. හදිස්සියක් උනොත්.... ''
🐰'' අන්ජුම්ම කරදර වෙන්න එපා. මං බලා ගන්නං.. මම ඩ්රයිවර් ට එන්න කියල කිව්ව.. අන්ජුම්මගෙ සැලරි එක එකවුන්ට් එකට දැම්ම.. අන්ජුම්මගෙ දුවට සනීප උනාම ආයේ එන්න.. ''
❄'' හරි.. ''
මං අන්ජුම්ම ගියාට පස්සෙ සනාගෙ කාමරේට ගියා. සති දෙකකට වැඩි කාලයක් යනකන් අන්ජුම්මට එන්න බැරි වෙයි. එයාගෙ දුවගෙ ඔපරේෂන් එකට දින ලග නිසා. මං දන්න විදිහට ලීසුක් තමා ඒක කරන්නෙ. සුකීව බලා ගන්නයි ඩොක්ටව බලා ගන්නයි දෙකක්.. සනාට හොඳටම නින්ද ගිහිල්ල නිසා මං ඇද ලගට වෙලා හිටියෙ සනාට අමාරු වෙයි කියල හිතට දැනෙන නිසා.
.
.
.
හොද නින්දක හිටියපු මට එක පාරටම ඇහැරුනෙ මොකක් හරි රස්නේ දෙයක් පපුවට දැනුන නිසා. මන් නැගිටලා බලන කොට සනාට හොඳටම උණ. එයා හිටියෙ මගෙ පපුවෙ නිසා ඇගේ රස්නේ මට හොදටම දැනුනා. මන් ඉක්මනට ගිහින් ටවල් එකක් තෙමන් ඇවිත් නළලින් තිබ්බෙ ටිකක් හරි අඩු වෙයි කියල හිතලා.
🌷" අ- අනේ සීතලයි.. "
🐰'' ටිකක් ඉවසන්න සනා.. කෝ එන්න. ''
මන් සනාව මට තුරුල් කර ගත්තා. පොඩි එකෙක් වගේ එයා මට තුරුල් වෙලා නිදා ගත්තත් එයා වෙව්ලනවා.. මන් වත් දන්නේ නැ මන් මෙහෙම කරන්නේ ඇයි කියලා. මන් සනාට කැමතියිවත්ද... අනේ මන්දා මට තේරෙන්නේ නැ මේක විකාරයක් වගේ.. සුකී ගැන හිතන්න ජන්කුක්... උබට වයිෆ් කෙනෙක් නෙමේ ඕනේ. දැන් ටිකක් එයාගෙ උන අඩු වෙලා තිබුණ නිසා මන් එහෙම ම ටිකක් නිදා ගත්තා.
.
.
.
______________🍃🔥
Next day
එකපාරට ආව කෝල් එකට ඇහැරුන මම පෝන් එක ගත්තෙ නිදිමතේමයි. කවුද මේ වෙලාවට කතා කරන්නෙ..
🐰'' කියන්න කවුද ''
🐱'' කුක්.. මේ මම යුන්ගි.. ඔයාට ඉක්මනට ලෑස්ති වෙන්න කියන්න කතා කලේ.. තව නිදිද... ''
ඒක ඇහුනා විතරයි මම ඇදෙන් ඉදගත්තෙ නිදිමත අතුරුදන් වෙද්දි.
🐰'' ඈහ්... ඔහ්.. ශිට්....හියෝන් සනාට අසනීප උනා නේ.. මට නිදාගත්තෙ පාන්දර වෙලා... මං පුලුවන් ඉක්මනට එන්නං.. සුකීව ලෑස්ති කරන්නත් ඕන... ඔයාලට එතකන් පටන්ගන්න පුලුවන් නේ. ''
මං එහෙම කියද්දි යුන්ගි හිනා උනා.
🐱'' හරි හරි.. පරිස්සමට එන්න.. ඔයාගෙ එක අවසානෙට කරන්න කියන්නං.. ''
පෝන් එක කට් කරලා මං ඇද දිහා බැලුව.. සනා පේන්න වත් නෑ.. කොහෙද ගිහිල්ල තියෙන්නෙ. මං හිටපු නිසා අමාරුපිට ම වෙන රූම් එකකට ගිහිල්ල වගේ... යද්දිම කතා කරන්න ඕන.
එක එක ඒවා හිතන ගමන් සුකීවත් ඇහැරවන් ලෑස්ති වෙන්න ගියා. උදේට කෑම එකක් අරගෙනවත් දෙනවා. උයන්න වෙලාව මදි වෙයි..
💝'' අනේ පපා.. ඕක වැරදී මමා ඔහොම නෙමේ කරන්නෙ... කොණ්ඩෙට මොකක්ද කරන්නෙ මෙහෙම යන්න බෑ.. මං ප්රින්සස් කෙනෙක් වගේ පේන්නෙ නෑ පපා.. විච් කෙනෙක් වගේ හුම්... ''
මට මේක කරන්න බෑ. සනා උනත් මේව කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ.
🐰'' ඔය ටික අරගෙන පහලට යන් කෝ ''
මං කොහොමත් සුකීව එහෙට එක්කගෙන යනවා.
💝'' පපා breakfast එක කෝ.. ලන්ච් බොක්ස් එකත් නැනේ.. බඩගිනී මට.. ''
🐰'' මැණික.. අපි ඒක මගින් ගමු ඕකේ.. ''
මං කෝට් එක දාගන්න ගමන් සුකීට කිව්වා. මං කිචන් එකට ගියෙ සුකීට මිල්ක්ශේක් එකක් අරගෙන එන්න ඒත්.....
'' සුකී.. මොකද ඔය...... ''
කවුද ඒ.. මං පිටිපස්සට හැරුනෙ කවුද බලන්න... සුකී කිචන් එක දිහා බලාගෙන ඉන්නවා. මාත් ඒ පැත්ත බැලුවා.
💝'' බලන්න කෝ.. පපා මාව ලෑස්ති කරපු විදිහ... ''
සනා.. දෙයියනේ මේ කෙල්ල නම් , සුකී තරම්වත් මොලේ නැද්ද කොහෙද.. හුඩී එකකුත් ඇදගෙන තුන් දෙනෙක්ට අදින්න පුළුවන් කලිසමකුත් ඇදගෙන.. ඒ මදිවට ජර්සියකුත් දාගෙන.. මූණ ස්ට්රෝබෙරි ගෙඩියක් වගේ..
💝'' මමී.. මමීට අද අසනීපයිද..
හවස සෙල්ලම් කරන්න බෑද... ''
🌷'' හ්ම්ම් බැරි වෙයි සුකී.. කෝ එන්න අතෙන්ට.. මං ඔයාව ලෑස්ති කරන්නං.. පපාට ඔයා කියලා දෙන්න ඊලග පාර හරිද.. ජන්කුක්.. මං කෑම ලෑස්ති කලා කාලා යන්න. සුකී ඉක්මනට ගිහින් කන්න.. ''
සනා සෝෆා එකෙන් ඉදගෙන සුකීව ලෑස්ති කරලා කන්න යැව්වා. සනා ආයෙ කිචන් එකට ගියා. මමත් ඒ පස්සෙන් ම ගියෙ මට කතා කරන්න ඕන උන නිසා.
ඒත්...
අතේ තිබුන වීදුරුව බිමට වැටිලා කුඩු වෙද්දි සනාගෙ ඇගම පණ නැතුව මගෙ ඇගට බර උනා.
💝'' මමී...
🐰'' සුකී ඔයා කන්න.. මුකුත් උනේ නෑ...
සනා බලාගෙන.. ප්රශ්නයක් නෑනේ ''
🌷'' න්.. නෑ.. ම්_මාව අ-අත අරින්න කෝ.. මට පුළුවන්.. ''
🐰'' බෑ. පුලුවන් හැටි පෙනුනා.. ඔහොම ඉන්න.. බලන්න ඔයාගෙ ඇගම රස්සෙනයි.. මොකද බැරිම වෙලාවෙත් මේ විදිහට මහන්සි වෙන්නෙ.. ඇගට පණකුත් නෑ.. ''
🌷'' ජ-ජන්කුක් තමුන් කියන්න මට , අමාරුවෙන් හරි එහෙම කරපු එක වැරදිද.. ඔයාට එයාව ලෑස්ති කරන්නවත් බැරි උනා. ඒක කමක් නැ ඔයා දන්නෙ නෑ කියමු. ඒත්.. අ-අමතක උනේ කොහොම ද සුකීට එලියෙන් කන්න හොද නෑ කියල.. එහෙම උනාම බඩගින්නෙ ම යවන්න කියල ද.. අහ්.. මට කියන්නෙ... ''
එක හුස්මට කියලා කෙල්ල මගෙ පපුවට වැටුනා. සුකී ගැන අමතක උනේ කොහොමද... මං වැරදි ඇති ඒත් මේ විදිහට සනා කරපු එක වැරදී..
🐰'' සනා.. මැණික..
මොකද මේ. සිහිය නැති උනාද... ''
කොහෙද පණ්ඩිත්කම නේ. අතත් කැපිලා. මගෙ ඇගෙත් ලේ.. මං සනාව අත් අතරට අරගෙන ආවෙ සුකී බය වෙලා වගේ බලද්දි.. පවු මගෙ කෙල්ල..
💝'' පපා... ''
🐰'' සුකී බබා ඔයා කෑම කාලා මගෙ කාමරේට එන්න කෝ.. ඔය පෝන් එකත් අරගෙන එන්න ''
මං සනාව ඇදෙන් තියලා හීට් එක දැම්මා. ඒ එක්කම කෑම එකත් අරගෙන සුකී කාමරේ සෝෆා එකට වෙලා කන්න ගත්තා.
💝'' මමීට මොකද.. පපා... ''
🐰'' ඉන්නකො පැටියෝ අපි ඩොක්ට අන්කල්ට කෝල් කරමු හොදද.. මං හොබීටත් කතා කරන්නං. ''
💝'' හා.. ''
.
.
.
.
.
.
🦄'' කුකී.. කුකී.... මම ආවෝ... ''
🐰'' ආවද හියෝන්.... ''
🦄'' මොකද ඔය.. ''
ඩොක්ට සනාවව චෙක් කරනවයි සුකී ඇද උඩට වෙලා ඉදගෙන ඉන්නවයි ජන්කුක් ඒ දිහා බලාගෙන ඉන්නවයි හොබී දැක්කා.
🐰'' සනාට අසනීප වෙලා හියෝන්. අන්ජුම්මත් නෑ.. ඔයාට පුළුවන්ද සුකීව school එකට ගෙනියන්න. පරක්කු වෙලා ඇත්තේ.. ''
🦄'' හරි කුකී.. සුකී බබා කෝ එන්න. අද සමුච්චන් එක්ක යමු. අපි හවසට පොඩි ගමනක් යමු ඕකේ ''
සුකීව වඩාගෙන පහලට ගිය හොබී බෑග් එකයි ලන්ච් බොක්ස් එකයි අරගෙන කාර් එක ලගට ගියෙ ජන්කුක් පස්සෙන් එනව එක්කම වගේ ඩොක්ටත් පහලට ආවෙ ජන්කුක් ආචාර කරලා නැගිටිද්දි.
🐰'' හියුන් කොහොමද එයාට ''
'' කුකී මෙයා හොඳටම මහන්සි වෙලා තියෙනවා. අනික දෙපාරක් ම තුවාල වෙලා නිසා කැපුම යටට ම ගිහිල්ල. මං උදේ බේත් දැම්ම. අනිවාර්යයෙන්ම හවස ආයෙත් බැන්ඩේජ් මාරු කරන්න. මේ බේත් ටික දීලා බලන්න රෑ වෙද්දි අඩු වෙයි. සීතලේ ඉන්න දෙන්න එපා.. ''
🐰'' හරි.. ''
ඩොක්ට ගියාට පස්සෙ ජන්කුක් බලාගෙන හිටියෙ චෝ සොන්හි ටියා එක්ක එනකන්.
ඒ දෙන්න ආව ගමන් ජන්කුක් hybe එකට ගියෙ පැය දෙකකින් එනව කියල.
🍃'' කුකුල් කේන්ති කාරයා සනාව හොදට බලාගෙන වගේ.. ''
🍂'' ඒක තමා.. සනාට දැන් ටිකක් උණ අඩුයි. ''
🍃'' අපි මොනව හරි කමු ද..? ''
🍂'' හරි.. සනාට සුප් එකක් මම හදන්නං ''
.
.
.
.
.
.
.
.
.
.
.
හොබී දවල් වෙනකොට hybe එකෙන් ආවෙ සුකීව ගන්න. මොකද සුකීට පොරොන්දු උනානේ ඇවිදින්න යනව කියල. අනික සනාට සුකී ව බලාගන්න අමාරු නිසා ජන්කුක් කිව්වා ඇවිදින්න යන්න කියල.
💝'' හොබී සමුච්චන්.. අපිට කොහෙද යන්නෙ... ''
🦄'' අපි මුලින්ම mall එකකට යමු ඔයාට ඕන ඕන දේවල් ගන්න... ඕකේ.. ''
💝'' ඒත් මමා කිව්ව නේ මට එලියෙන් කෑම කන්න හොද නෑ කියල අන්කල්... ''
🦄'' ඒකද ප්රශ්නෙ.. මං ඔයාට සෙලීගෙ රස කෑමක් ගෙනාවා. සෙලී ඔයාගෙ පපාට දීලා තියෙන්නෙ ඔයාට දෙන්න කියල.. අර බෑග් එකේ තියෙනව ගන්න කෝ''
💝'' වාව්... ''
🦄'' මෙතනින් අපි බහිමු.. ''
කාර් එක Mall එකකින් පාක් කරපු හොබී සුකී කාලා ඉවර උනාට පස්සේ අරගෙන ඇතුලට ගියා. ඒත් සුකිගේ මූණේ තිබුන කපටි හිනාව හොබී දැක්කෙ නෑ. සුකීට ඕන කියන හැම දේම හොබී අරන් දුන්නා. ඒ එක්කම සුකී දැක්කා ඈතින් එයාගෙ යාලුවෙක් එනවා..
💝'' ආන්තී... සුකී බබා මෙහෙ... ''
🦄'' අහ්.. සුකී පුතේ කෑ ගහන්න එපා.. ''
'' ස- සර් සර්ට මොනාද ඕන.. ''
එතන හිටපු girl ඇහුවෙ ඒ සද්දෙට බය වෙලා.
🦄'' නෑ.. නෑ.. ඔයා යන්න ''
'' හායි සුකී බබා.. සන්ෂයින් ඔයත් මෙතනද ''
ඒ කෙනා එහෙම අහලා සුකීගෙ යි හොබීගෙයි කම්මුල් මිරිකුවා.
🦄'' ආව්....
කවුද හිතුවෙ ඔයා එයි කියල.. මං බයත් උනා සුකී කෑ ගහද්දි.. ''
'' මට දවල් සුකී කෝල් කලේ. ''
_________________________________________
💕Selena ( මිසිස්. හොබිවති )
හොබීගෙ gf. සුකීව මෙයා දැනගත්තෙ hospital එකේදි. සෙලේනා හොබී එක්ක එයාගෙ සහෝදරියට බේත් ගන්න ආව වෙලාවෙ සනා සූකීව එක්ක ගෙන හොස්පිටල් ආවෙ හදිසි වැඩකට. සුකි සනාව හොයාගෙන යද්දි ඇගේ හැප්පිලා තමයි මේ දෙන්නා හම්බ උනේ.
_________________________________________
🦄'' සුකී බබා මොනාද ඕන.. ''
💝'' ම්ම්ම්... චොකලට් වැනිලා මික්ස් එකක්.. ''
🦄'' මික්ස් තුනක් දෙන්න. ''
💕'' බබා.. මොකෝ අද මේ අස්සයා එක්ක ආවෙ ''
🦄'' මාව ඔයාලට එහෙම ද පේන්නෙ ආ... ''
💕💝'' ඔව්.. ''
සුකී දවසම සෙලේනයි හොබී එක්කයි විනෝද උනා. සුකී ගැන මීඩියා දන්නෙ නැති නිසා හොබී ගොඩක් පරිස්සම් උනා. රෑ වෙන්න කලින් සුකීව ගෙනත් දාලා හොබී ගියෙ සෙලේනගෙ ගෙදර.
.
.
සුකී යද්දි ජිමින් සුගා නම්ජුන් වගේම Mis.Jeon ගෙදර ඇවිත් හිටියෙ සුකීට තවත් සතුටු හිතෙද්දි. Mis.Jeon හිටපු එක දවසක අන්ජුම්ම එක්ක සුකීව තියලා ජන්කුක් ගියෙ අන්ජුම්මට නීති පද්ධතියක් ම දාලා. ඒත් සුකීට ඒක අදාල උනේ නෑ. සුකී කියන්නෙ ඕනම කෙනෙකුට ආදරේ හිතෙන කෙනෙක්. ජන්කුක්ගෙ ලේ නොවුනට කියුට් හිනාව , උරහිස ලගට දිග කොණ්ඩෙ , හුරතල් වචන , ගතිගුණ වලින් අනික් ලමයින්ට වැඩිය වෙනස් උනා.
Mr.Jeon ට සුකීව ඒ විදියට නොපෙනුනාට ඉතින් Mis.Jeonව නම් ඒ හුරතේලට අහු උනා. Mis.Jeon ගෙ ආදරණීය වචන ඒ පුංචි හිතට වැටුනම සනාගෙන් පස්සෙ ආදරේ ආයෙත් ලැබුණ එකට සුකී සතුටු උනා. ඒත් පපා ඉන්න වෙලාවට සුකී පරිස්සම් උනා Mis.Jeon ගෙන් ඈත් වෙන්න. සුකී බයයි එයාගෙ පපා රණ්ඩු වෙනවට.
🐰'' සුකී.. කෝ යන්න. වොෂ් එකක් දාගෙන එන්න... ''
Mis.Jeon උඩට ගියෙ සුකීට ඇහැක් ගහලා. සුකි ඒ පස්සෙන් ගියෙ ජන්කුක්ට බෑග් එකත් දීලා.
🐦'' සුකී වොෂ් එකක් දාමු නේ.. ''
💝'' හා මමීගෙ රූම් එකට යමු. පපා ඒකට එන්නෙ නෑනේ.. දැක්කොත් අපි දෙන්නටම බනී වී... ''
.
.
.
.
ඒ අතරේ ජන්කුක් තමන්ගෙ කාමරේට ආවෙ සනාව බලන්න. ඒ වෙද්දි සනා ඇදෙන් නැගිටින්න හදනව දැක්ක නිසා ඉක්මනට ඉන්දෙව්වා.
🐰'' ටික දවසක් ඉන්නවකෝ මහන්සි නොවී. ''
🌷'' මට වොෂ් කරන්න ඕන.. අයින් වෙන්න ''
🐰'' යමු මං උදව් කරන්නං.. ඔයාගෙ අත දැක්කෙ නැද්ද.. ''
ජන්කුක් සනාව වඩාගෙන වොෂ්රූම් එකට ගියා.
🐰'' ඔයාගෙ වැඩ ඉවර කරගෙන කතා කරන්න ප්ලාස්ටර් මාරු කරන්න.. ආ.. ඇග තෙමන්න එපා.. ''
🌷'' හ්ම්.. ''
ජන්කුක් සනාට බේත් දාගන්න උදව් කරලා ආයෙ පහලට යද්දි දැක්කෙ Mis.Jeon සුකීට කෑම කවනවා. සුකී ඉන්න තැන මුකුත් කියන්න බැරි නිසා ජන්කුක් නොදැක්ක ගානට හිටියා.
🐦'' පුතා මට ඔයා එක්ක කතා කරන්න ඕන. සුකී බබා ඔයා කාමරේට යන්න. මමී එක්ක අද කරපු දේවල් කියන්න කෝ.... ''
සුකී ජන්කුක්ට කිස් එකක් දීලා උඩට ගියා. ඒ එක්කම Mr.Jeonනුත් ආවා.
🐦'' අප්පා ඔයාට මැරේජ් එකක් ලෑස්ති කරලා. ඔයා ඒ ලමය මැරි කරන්න ඕන. ''
🐤'' වට්... ''
🐰'' ඔම්මා... සුකී කියන්නෙ මගෙ ජීවිතේ. මට එයාගෙන් ඈත් වෙන්න බෑ.. අනිත් එක කලිනුත් මම මීරාව මැරි කලාට ඒක කොලේට විතරනේ.. අප්පා මට කොලේ දුන්නා සයින් කරන්න.. පහුවදා එයා අපේ ගෙදර.. මේකත් එහෙම ද. ''
🐧'' ජන්කුක්.. සුකී ඔයාගෙ දරුව නෙමේ.. ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ.. සුකීට දැන් අලුත් ඔම්ම කෙනෙක් ඉන්නවා පොඩි කාලෙ ඉඳලම බලාගත්තෙ එයානේ අපි සුකීව එයාට බාර දෙමු.. ''
ඒ කියපු දේට සුගාට කේන්ති ගියා.
🐱'' ජියෝන් පපා.. සනා තාම මැරි කරලා නෑ. අනික එහෙම දෙයක් උනොත් සනාව මැරි කරන්න කවුරුත් කැමති වෙන්නෑ.. ඊට වැඩිය සිය ගුණයකින් හොදා කුකී සනාව මැරි කරන එක..... ''
🐰'' අප්පා.. මම idol කෙනෙක්. සුකී... මගෙ දුව ඒක කාටත් රහසක් වෙයි. මට දැන්ම ඒ දේ ඕන නෑ. ''
ජන්කුක් එතනින් නැගිටලා ගියෙ සූගාගෙ කතාව දෝංකාර දෙද්දි. ජන්කුක් යද්දි සනා සූකීව නිදි කරවනවා. දොර ලගට වෙලා ඒ දිහා බලාගෙන හිටිය ජන්කුක් සුගා කියපු දේ කල්පනා කලා.
🐰'' සනා හොද ඔම්මා කෙනෙක්.. ඒත් වයිෆ් කෙනෙක් විදිහට එයා .... ''
🌷'' ජන්කුක්.. මම මගෙ රූම් එකට යන්න ද.. ''
🐰'' එපා. මතකනේ අප්පලා පහල. එදා මං කිව්වනේ මගෙ gf ඔයා කියල. ඔයා සුකී එක්ක ඔහොම ඉන්න. ම-මං සෝපා එකට යන්නං. ''
ජන්කුක් ගැන සනාට දුක හිතුනා. කවදාවත් බිම තියා සෝපා එකේවත් නිදාගෙන නැති ජන්කුක් අද කොහොම ඉදීද කියල.
🌷'' ජන්කුක්.. ඔයාට ඒ ජීවිතේ හුරු නෑ.. ඒ නිසා ඔයා ඇදට එන්න මම කාමරේට යන්නං. නැත්නම් බිමට යන්නං. ''
සුකීව වඩාගෙන සනා නැගිටල යන්න හැදුවා.
🐰'' ආශ්.. මේ කෙල්ල. නෑ ඔහොම ඉන්න. සුකීව මැද්දෙන් තියාගමු... ''
.
.
.
.
.
.
.
Sonhi POV
මුගෙ ලොකුකම. එදා මාව කිස් කරන්න හදලා දැන් මෙතන ඉන්නෙ බබා වගේ. මේකට කෙල්ලෙක්වත් ඉන්නව ද දන්නෑ. මං ඇරෙන්න ලීසුක්ට ආදරේ කරන්න කවුරුත් ඕන නෑ.. ඉන්නවකෝ කරන්න මම 😏.
POV end
🍃'' ඔප්පා.. මට TV එක බලන්න පුලුවන්ද.. ටිකක් එහාට යන්න කෝ. ''
🐺'' හ්ම්ම්... ''
ලොකුකම.. අනේ කතා කරනවකො මී හරකෝ...
සොන්හි TV එක දාලා හොද film එකක් දැම්මා. සොන්හි film එක බැලුවත් ලීසුක් හොරෙන් බලාගෙන හිටියෙ සොන්හි දිහා. ලීසුක්ට දැනුනෙ කියාගන්න බැරි හැගීමක්. බිව්වම පහුවදාට ඒක අමතක වෙන නිසා රෑ වෙන දේවල් කියන දේවල් මතක් උනේ නෑ. ඒත් කොල්ලා ඒක මතක් කරන්න උත්සාහ කලෙ ඒ හැගීම නිසා.
🍃'' ඔප්පා... ''
🍃'' ඔප්පා.. මේ කොහෙද බලන්නෙ මං ඒ තරම් ලස්සනයි නේ.. ''
🐺'' හෑ.. අපෝ කවුද කිව්වෙ අර අල්ලපු ගෙදර නාකි බව්වත් තමුසෙට වැඩිය ගුණේකින් ලස්සනයි ''
🍃'' ඔය බොරු.. ඔයාව රතු වෙලා. ''
🐺'' G.. good night ''
You are reading the story above: TeenFic.Net