කාර් එකේ ගෙදර යන ගමනේ වුනත් මට අහිංසා කිව්ව කතාව ඔලුවෙන් අහක් කරගන්න බැරි වුනා. ඇත්තටම ඒ කව්ද කියලා හරියට නොදන්නවා වුනත් කෙවින්ටයි මිහිසරාටයි වුනේ මහා අපරාධයක් කියලා මට හිතෙනවා. ඊටත් වඩා ඒ සිද්ධිය නිසා තමන්ටම බැනගන්න මගේ සංජනා පව්.. දැන් ගිහින් හැමදේම හොඳින් වෙයි කියලා එයාව බදාගන්න තිබ්බනම්..!!
"පුතා, කොහෙද අනේ උදෙන්ම ගියේ.. අක්කලා ඉතින් ඔයා එනකම් ඉන්නේ නැතුව ගියා."
"එහෙම ද පුංචි මැණිකේ? මන් අක්කට කෝල් එකක් ගන්නම්කො.. හාද??" මන් අම්මට කිස් එකක් දීලා ආශාන්‍යා ළග පාඨක ඉන්නවද කියලා බැලුවා.
"කෝ ආශු.. පේන්න නෑ නේ.. "
" ආකාෂ් එක්ක සෙල්ලම් බත් හදන්න කියලා වත්ත පිටිපස්සට ගියා. හවස් වෙලා එන්නැතා දෙන්නම.. "
"අහ්හ්.. "
"ඒක නෙවෙයි සංජනා ළමයා ගැන මොකක් හරි තොරතුරක් හම්බුනා ද??"
"අම්මා, මට ඔයාට කියන්න දෙයක් තියේ.." කරන්න ඕනේ දේවල් ඔලුවට ආවත් හරියටම මොනවද කරන්න ඕනේ කියලා මට තේරෙන්නේ නෑ. ඒ නිසා මන් අම්මට මේ දේවල් කියලා මොකක් හරි උදව්වක් ගන්නවා කියලා හිතුවා..
ඉතින් අම්මා සෝෆා එකේ වාඩි වුනාම මන් එයාගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන කතාව සරලව පැහැදිලිව මුල ඉදන් කියන්න ගත්තා.. වචනයක් වචනයක් ගානේ අම්මා මන් කියන දේ හරි පරිස්සමින් අහන් ඉන්නවා දකිද්දී මට මතක් වෙන්නෙම කෙවින්ව.. ඇයි දන්නේ නෑ එයා ගැන දැනගත්ත වෙලේ ඉදන් මට එයාව මගේ ඔලුවෙන් අයින් කරන්න බැහැ..
"අනේ ඒ දරුවා පව්.. ඇත්තටම ඉතින් ඉවසලා ඉවසලා උපරිමේට ආවම ඒ දරුවා මේ අහිංසකීව දාලා ගිය එකෙත් පුදුමයක් නෑ.."
"මන් නම් හිතන්නේ නෑ සංජනා ආශාන්‍යාව දාලා ගියා කියලා.. එයා ආශුව එයාගේ ඇත්තම පව්ලට භාරදීලා අයින් වුනා."
"හරි එහෙම කියමුකෝ.. ඒත් ඔයා හිතනවද ආයේ ඒ ළමයා එයි කියලා.. ආවත් එයාට තවත් සංජනා විදිහට ජීවත් වෙන්න අප්පිරිය ඇති.. ඔයාම හිතන්න තමන්ගේ යාළුවො, ජීවන රටාව හැමදේම එයා වෙනස් කරගෙන අහිංසා වෙනුවට පෙනී ඉදලා කියන්නේ.. මන් වගේ නම් මීට කලින්ම යනවා."
"මට තේරෙනවා. ඒත් ආශු, අහිංසා ඒ දෙන්නටම සංජනා ඕනේ.. එයාලගේ ලෝකෙම එයා.."
"ඒ දෙන්නට විතරයි ද??" අම්මා මන් දිහා බලන් අහද්දී මට දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවුනා. යකෝ ඕවගේ දේවල් මූණටම අහනවද??
"අනේ පුංචි මැණිකේ.. ඔයානම් හොඳටම පැහිලා දැන්.."
"අනේ අම්මේ.. මේන් මෙයා බලන්නකෝ.. මේකනේ සුදූ, ඒ දෙන්නට එයාගේ ලෝකේ සංජනා වුනාට සංජනාට එයාගෙම කියලා ලෝකයක් ඇති.. අඩුම තරමේ එයාට ඕනේ මොනවද කියලා තේරුම් අරන් එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන එක තමයි හොඳ මමනම් කියන්නේ. අනික ඔය දරුවා ඒ පව්ලට තියෙන ආදරේ නිසානේ මෙච්චර කාලයක් ඔය ආශුව බලන් ඉදලා තියෙන්නේ.. දැන් එයාටත් එයාට ආදරේ කරන්න ඕනේ ඇති.."
"අම්මා කියන්නේ මට එයාව හොයාගෙන යන්න එපා කියලද??"
"පිස්සුද?? ඔයා යන්න. මොකද ඔයා ඒ පව්ලේ කෙනෙක් නෙවෙයිනේ. ඔයා එයාට ලව්.. එයත් ටිකක් විතර ඔයාට ලව් වගේනේ ඉන්නේ.. ඒක කන්ෆර්ම් කරලා ලේලිව උස්සන් එන්න.." අම්මා ඇහැක් ගහලා කියද්දී මන් අම්මගේ කකුලට විහිලුවට වගේ පාරක් ගහලා ඇස් දෙක වහගෙන හොඳ නින්දකට මුල පිරුවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"මමීව එක්කන් එන්නද යන්නේ?" මන් බෑග් එහෙකට මගේ ඇදුම් අඩුක්කරගන්න ගමන් ඉද්දී කාමරේට ආවා ආශාන්‍යා ඇහුවම මන් ලාවට හිනාවෙලා ඔව් කියන්න ඔලුව වැනුවා.
"මමීව හම්බුනොත් අහන්නකො අනේ එයාට මන් නැතුව ඉන්න පුළුවන් ද කියලා.. තව එයාට කියන්න එයා මාව බලන්න ආවේ නැත්තම් මන් ආයේ ජීවිතේට එයා ඉන්න පැත්තක්වත් බලන්නේ නෑ කියලා.." කටත් උල් කර කර ඇසුත් උඩ යව යව ආශාන්‍යා කියවන විදිහ නම් හරි හුරතල්..
"මන් කියන්නම්කො...!"
"තැන්ක්යූ.." ආශාන්‍යා ඇවිත් මාව බදාගෙන ඊටපස්සේ ඔලුව උස්සලා මන් දිහා බලලා හිනා වුනා.
"අහ්හ්.. අහිංසා නැන්දා අහන්න කිව්වා ඔයා එයා එක්ක ටික දවසකට ගිහින් ඉන්න කැමතිද කියලා.."
"වොහ්හ්.. මන් කැමතියි.. ඔයා දන්නවද කතාවක්.." ආශාන්‍යා ලොකු ඕප්පයක් කියන්න ලෑස්තිය.. එයා ඇද උඩට නැගලා කකුල් දෙකත් පහළට දාගෙන කකුල පද්ද පද්ද කතාවට මුල පුරනවා. ඉතින් මාත් එයා ලගින් දණගහගෙන එයාගේ චූටි අතක් මගේ අත් දෙකට අරන් එයා දිහා බැලුවා..
"දැට්ස් මා බෝයි~~ අපේ මමීයි ලොකු අම්මයි (අහිංසා) පට්ට තරහයි හරි ද?? ඉදලා හිටලා අවුරුද්දකට දෙසැරයක් තුන්සැරයක් විතර ලොකු අම්මා අපේ ගෙදර එනවා මාවයි මමීවයි බලන්න.. ඔයා බලන්න ඕනේ එතකොට ගෙදර වෙන රණ්ඩු.. ලොකු අම්මා නම් රණ්ඩු වෙන්නේ මමීව අවුස්සලා ජොලියක් ගන්න වුනාට මමී නම් සිරාවටම රණ්ඩු වෙනවා.. මෝඩයි නේ මගේ මමී..
එක දවසක් රණ්ඩුවේ උච්චතම අවස්ථාවට ඇවිත් අපේ මමී පිහියක් අරන් ලොකු අම්මට අනින්නත් ගියා. එදා නම් මරු ආතල්.. ලොකු අම්මා ප්‍රචණ්ඩ නිසා අපේ මමී බයයි මාව එයා එක්ක තියන්න. ඒ නිසා මටයි ලොකු අම්මයි විතරක් තනියම ඉදපු දවසක්‌වත් මට මතක නෑ.."
"ඔයාගේ මමී එච්චරටම දරුණුද??"
"ඔව් හැබැයි ලොකු අම්මා ළග විතරයි එයාගේ දරුණු ගති එලියට එන්නේ..!"
"ඕපදූප කියෙව්වා ඇති දැන් ගිහින් නිදාගන්නකෝ.. මන් හෙට යද්දී ඔයාවත් ලොකු අම්මගේ ගෙදරට ගිහින් දාගෙනම යන්නම්.."
"හරි හැබැයි මමීට කියන්න එපා හොඳද??"
"ඕකේ.." මන් කියද්දී ආශු හිනාවෙලා කාමරෙන් එලියට දුවන් ගියා. මන් මගේ බෑග් එකත් වහලා ඒක පැත්තකින් අරන් තියලා ඇඳ උඩට පැන්නත් එක්කම මට කෝල් එකක් ආවා.
"හෙලෝ.." කව්ද කියලා නොබලාම මන් ආන්සර් කරාට පස්සේ තමයි මට මගේ තීරණය ගැන පසුතැවෙන්න සිද්දවුනේ..
"අඩෝ අඩෝ.. හෙට කෑල්ල ටෝක් කරන්න යනවලු නේ.." මෙවන් මස්සිනාලා වාසනාවක්..
"මල්ලිට කෝචක් කරන්න එපා කිතුජ!! "
"අපේ පුංචි මැණිකෙත් බලද්දී බෑනාට ඔක්කොම විස්තර දෙනවා වගේ.."
"නැත්තම් මචන්.. අපිට කොන් වෙන්න බෑනේ වස්තුව~~"
"එව්ව්.. ඒක නෙවෙයි ඔයා කැපිලා මට මගේ අක්කට ෆෝන් එක දෙනවද??"
"බෑ...පුළුවන් දෙයක් කරපන්.. මේක මගේ ෆෝන්-" කට්!! එනවා මෙතන මට කින්ඩි දාන්න..
"බල්ලෙක් වෙන්න එපා බල්ලෝ.. බඩ යනවා කරන කැ* වැඩ වලට.. (සුදූ.. ඒ මගේ මල්ලි..) " මන් කෝල් එක කට් කරාට පස්සේ ෆයර් වෙච්ච මස්සිනාගේ වොයිස් මැසේජ් එක මන් දහ පාරකට වඩා ඇහුවා.. හෙන ආතල් අප්පා මූත්.. හොඳ වෙලාවට ආකාෂ්ට මේකගෙ ගතිගුණ නැත්තේ..
"සංජනා ගැන අප්ඩේට් දීගෙනම ඉන්න.."
"හ්ම්ම්.."
"බායි අන්කල්.. ලව් යූ.."
"ලව් යූ ටූ..!!" මන් ආශුව අහිංසාට භාරදීලා අහිංසා දීපු ලොකේෂන් එකට යන්න ගත්තා. අහිංසා කිව්ව විදිහට සංජනා දැන් එයාගේ ඇත්තම නමින් එයාගේ අම්මගේ ගමේ තමයි ඉන්නේ. ඒ කියන්නේ එයා අනිවාර්යෙන් ඉන්නවා ඇත්තේ එයාට ළගම නෑ කෙනෙක් එක්ක.. I wonder who is that!!
අහිංසා මට එහෙන් සති දෙක තුනකට ඉන්න රෙන්ට් කරපු ගෙයක් දුන්නා.. ඇත්තටම ඒ ගෙදර අහිංසාගේ.. සංජනා එහෙ ඉන්නවා කියලා දැනගත්ත දවසෙමයි එයා ඒ ගේ අරන් තියෙන්නේ.. ඒත් ඉතින් මේ අහිංසක මන් එපැයි ඒ ගෙදරට රෙන්ට් එක ගෙවන්න. ඇත්තටම අහිංසා හෙන නපුරුයි තමයි.. ඒත් එයා තමන් ආදරේ කරන අයට හොඳ විදිහේ නපුරු වැඩ කරලා සතුටු වෙන්න කැමතියි වගේ..
මේ ගම ගත්තොත් ඒක හරි පුංචි ගමක්.. ගොඩක් දුෂ්කරත් නෑ පොහොසත් පාටකුත් නෑ. හරි සාමාන්‍ය නිස්කලංක ගමක්.. ඒ ගමේ ගොඩක් කුඹුරු, කඳු තමයි පේන්න තියෙන්නේ.. කඳු නිසාමද මන්ද පොඩ්ඩක් සීතලෙත් බැහැ.
අහිංසා මට කිව්වා ගමට ගිහින් රෙස්ට් කරලා ඊටපස්සේ එක තැනක ගිහින් මට කරන්න ජොබ් එකක් ඉල්ලගන්න කියලා.. අපේ තාත්තා දන්නවනම් මන් කෙල්ලෙක් නිසා මගේ සීඊඕ පට්ටම ගලවලා දාලා කියලා මට බුදුසරණයි..!
අහිංසා දීපු ඇඩ්රස් එක හොයාගන්න එච්චර අමාරු වුනේ නෑ.. ඒක ළමයි බලාගන්න ඩේ කෙයාර් එකක් වගේ තැනක්.. ඩේ කෙයාර් එකට ඇතුළු වෙද්දීම කෙයාර් ටේකර් කෙනෙක් ඕන කියලා දොරේ ජොබ් වේකන්සි එකක් දාලා තිබුනා. අහිංසා මට එයාව අප්ඩේට් කරන්න කිව්වට එයා මට කලින් හැමදේම ගැන අප්ඩේටඩ් ද කොහෙද!!
ආශාන්‍යාගේ භාරකරත්වය ගැන ප්‍රශ්නේ විසදන්න හොඳම කෙනා තමයි අහිංසා. පුදුම පවර් එකක් නේ බලන් යද්දී එයාට තියෙන්නේ..
"මන් ආවේ ජොබ්-"
"රිද්ම නේද? අහිංසා මැඩම් කිව්වා. ඇත්තටම හරි සතුටුයි මැඩම්ගේ මස්සිනාව මෙහෙම දකින්න ලැබුන එකත්.. මැඩම්ගේ කටහඩ අහන්න ලැබුන එකත් අපේ පෙර පිනක්.." තරමක් වයස ගෑනු කෙනෙක් මන් දිහා බලාගෙන අහිංසාගේ ගුණ වයනවා.. පිස්සු ද??
"අය්යෝ.. මන් මහත්තයාව හිට්ටවලා කතා කරනවනේ.. එන්න අපි ඇතුලට යමු.." දොර ඇරගෙන ගිය ගමන්ම තියෙන්නේ වෙයිටින් ඒරියා එකක් වගේ ලොකු ස්පෙෂස් තැනක්.. මන් දැක්කා වැඩ ඇරිලා ආපු ගෑනු පිරිමි දෙගොල්ලොම එතන ඉදන් කවුරුහරි එනකම් බලන් ඉන්නවා.. එතන තිබ්බ කවුන්ටර් එකක තමයි මේ ගෑනු කෙනා හිටියේ.. බැලූ බැල්මට එයා මේකේ අයිතිකාරයද කොහෙද!
ඊටපස්සේ එයා මාව ඒ වෙයිටින් ඒරියා එකක තිබ්බ දොරකින් මාව වෙනමම කාමරේකට.. නෑ.. ඒක වෙනමම ගෙදරකට එක්කන් ගියා වගේ.. සාලයක්.. වොශ්‍රූම් තුන හතරක් තිබුනා. ඒ හැම වොශ්‍රූම් එකක්ම පට්ට පිරිසුදුයි.කාමර ඔක්කොම හයක් තිබුනා. ඒ හැම කාමරයක්ම අංක කරලයි තිබුනේ. ඒ වගේම එක කාමරයක උපරිම ඇඳවල් තුන හතරක් විතර තිබුනා. ඒ එක්කම වෙනම කුස්සියකුත් තිබ්බා. ඒත් ඒ කුස්සිය නම් ලොක් කරලයි තිබුනේ.. ඒ වගේම සාලේ කොනක උස මේසෙක කෑමත් තියලා තිබුනා.
"අහ්හ්.. ඔයා බලනවා ඇති නේද මේ වගේ ගමක මෙහෙම ළමයි බලාගන්න තැනක් කොහොමද කියලා?"
"හහ්.. ඇත්තටම මන් ඒ ගැන තමයි හිතන්නේ.." මන් හිනාවෙලා කියද්දී ඒ ආච්චි මගේ පිටට තට්ටුවක් දැම්මා.
"මන් ඔයාව මෙහෙට එක්කන් ආවේ ළමයි ටික පෙන්නන්න. ඒත් එයාලා තාම ග්‍රවුන්ඩ් එකේද කොහෙද.. අපි ආයෙම ඉස්සරහට යමු.. මන් මොනාහරි බොන්න හදන් එන්නම් මහත්තයා ගිහින් ඉදන් ඉන්නකෝ.. බොන ගමන් කතා කරමු.."
මන් ඒ ආච්චි කිව්වා වගේම වැඩිය කවුරුත් නැති තැනක ගිහින් ඉදන් හිටියා. විනාඩි පහක් විතර ගියාම ඒ ආච්චි ජූස් දෙකක් තිබ්බ ට්‍රේ එකකුත් අරන් මන් හිටිය මේසෙට ඇවිත් ඉදගත්තා..
"බොන්න මහත්තයා. මෙහෙ හැදෙන දොඩම්වලින් හදපුවා."
"තෑන්ක්ස්.." මන් ට්‍රේ එකෙන් ජූස් වීදුරුව අරන් එක ජූස් උගුරක් බිව්වා. ඇත්තටම ඒක නම් මාර රස බීම එකක්.
"ඉතින් ඉතින් මහත්තයට මොනවද මගෙන් දැනගන්න ඕනේ.."
"ඔයා කියන ඕනම දෙයක් ඉතින් මට අලුත් විස්තරයක් තමයි.." මන් හිනාවෙලා කිව්වම ඒ ආච්චි මගේ අතට පාරක් ගැහුවා. ඇය් අනේ මේ ආච්චි හැම එකටම ගහන්නේ..
"මේ ඩේ කෙයාර් එක නිසා තමයි අපේ ගමට ලොකු ලොකු මිනිස්සු ඇවිත් උදව් කරන්නේ.. නැත්තම් මේ වගේ ගම් කැලේට විනාසවෙලා යනවා.. මේ කාමරේ ඉන්න හැමෝම ලොකු ලොකු තැන්වල වැඩ කරන මිනිස්සු.. එයාලාගේ ළමයිව අපි හොඳට බලාගන්න සතුටට එයාලා අපිට උදව් කරනවා. මේ හැමදේටම හේතුව මන්දීරා නෝනයි එයාගේ අක්කා අහිංසා මැඩමුයි.."
"ඒ කොහොමද??"
"සර් දන්නවා ඇති නේ නෝනලා දෙන්නගේ අම්මා මේ ගමේ කියලා. ඉතින් ලොකු නෝනා ඇක්සිඩන්ට් එකෙන් නැති වුනාට පස්සේ මන්දීරා නෝනා නිතරම වගේ මෙහෙට ඇවිත් ඇවිත් යනවා.. ඇත්තටම ඒ නෝනත් අපිට හුගක් උදව් කරා.. ඒ නෝනා තමයි මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලොකු ඉඩමක් අරන් දුන්නේ. මේ ඉඩම අයිති වෙන්නේ වෙන ගමකට වුනත් මන්දීරා නෝනා මේ ඉඩමේ වටිනාකමට වඩා කෝටි ගානක් වැඩිපුර ගෙවලා මේ ඉඩම මේ ගමට කියලා නමත් අරන් දුන්නා. "
"හෑ!?"
"ඔන්න ඔය විදිහටමයි මාත් එදා හිටියේ.. සල්ලි බලේ තමයි.. ඒත් මන් අදටත් දන්නේ නෑ ඇයි නෝනා මන් වෙනුවෙන් එච්චර වියදම් කරේ කියලා.. නෝනා කියන්නේනම් මාව දැක්කම එයාට එයාගේ අම්මව මතක් වෙනවා කියලා.."
"ඔහ්හ්.. ඇත්තටම ඔයත් සංජනා වගේ ටිකක්.."
"කවුරු??"
"අහ්හ් නෑ නෑ.. ඔයා දිගටම කතාව කියන්න.."
"ඉතින් මෙච්චර ලොකු ඉඩමක් තියන් මන් මොනවා කරන්න ද කියලා සෑහෙන කාලයක් කල්පනා කරා. එකපාරටම මන්දීරා නෝනත් අතුරුදහන් වුනානේ. ඊටපස්සේ දැන් අවුරුදු හය හතකට කලින් අහිංසා නෝනා ඇවිත් මට මේ ඩේ කෙයාර් එකත් ලොකුවටම හදලා දීලා කට්ටියත් හොයලා දුන්නා. එතකොට තමයි මන් දැනගත්තේ මන්දීරා නෝනාට අක්කෙක් ඉන්නවා කියලා.." ආච්චි මහා හය්යෙන් හිනා වෙද්දී මන් ආච්චිට පේන්න පච හිනාවක් දැම්මා.
දැන් මන් ආච්චිට කිව්වොත් ඒ දෙන්නා සහෝදරයෝ නෙවෙයි බ්ලා බ්ලා කියලා ආච්චිට පිස්සු හැදෙයි..
"මන් මේ ඒකයි ඒ දරුවෝ දෙන්නට පණ ඇරලා ආදරේ.. අපේ මන්දීරා නෝනා දැන් වැඩ කරන්නෙත් මෙහේනේ.. එයා අර ළමයි එක්ක ග්‍රව්න්ඩ් එකේ ඇත්තේ.."
ආච්චි කියද්දී බිබී හිටපු දොඩම් බීම එකත් හිර වුනා. ආපු කැස්සට ආච්චි ළගට ඇවිත් පිටට දෙසා බෑවා මට තරු පේන්නම..
"ඔයිට වඩා පරිස්සමින්.." ආච්චි මගේ ඔලුවටත් එකක් ගහගෙනම ගිහින් එයා හිටිය තැනින් ආයෙම වාඩිවුණා.
"ඕන් මන් කිව්වා මන්දීරා නෝනා එක්ක ආලකම් පානවා එහෙම නෙවෙයි.. ඒ නෝනා හරි වසයි.. " ආච්චි මට සැර දාලා ආයෙම හිනාවුනා. මාත් ඉතින් මවාගත්ත හිනාවක් දාලා ආයේ පාරක් හිරවෙන්න කලින් බීම එක එක උගුරටම බීලා දැම්මා.
"දැන් ළමයි ඇතුලට එන වෙලාව.. අපි යමු.." ආච්චි මාවත් හනි හනිකට ඇදගෙන අර ගේ ඇතුලට ගියා.
ළමයි හෙන ගොඩක් හිටියා. චූටි චූටි සාරිගප්පි පැටව් වගේ.. සමහරු කන්න පෝලිම් ගැහිලා. සමහරු නිදි, සමහරු අඬනවා.
ඒ අස්සේ එක්කෙනෙක් හිටියා මගේ පපුවේ ගැස්ම වැඩිකරපු.. හැබැයි ඒ ළමයෙක් නම් නෙවෙයි.. ඒ මන් මෙහෙට එන්න හේතුව වුණු කෙනා... මගේ සංජනා.
"ඔයා ඇයි මෙහෙ??" සංජනා මන් ළගට ඇවිත් මගේ අතකිනුත් අල්ලන් අහද්දී මන් කොහොමද දෙය්යනේ උත්තර දෙන්නේ. තව විනාඩියක් විතර ඔයා මගේ අත ඔහොම්මම අල්ලන් හිටියොත් මන් කලන්තේ දාලා වැටේවි.. අනේ එයාගේ ලස්සන~~
"රිද්ම!! ආශුත් ආවද??" ප්‍රශ්න අහන්න එපා අනේ.. ඔයාගේ ඔය එහෙට මෙහෙට හෙලවෙන තොල් දැක්කම ඉඹින්න හිතෙන්- චික්!! කාම් ඩවුන්!!
"ආශු ආවේ නෑ. මමයි ආවේ.."
"ඇය් ආවේ??"
"මන් ඔයාට ආදරෙයි.." මගේ හිතේ තිබ්බ නොසන්සුන්කමටමද කොහෙද මගේ සද්දේ මහා හය්යෙන් ඇහුනා. මුළු ගෙදරම සයිලන්ට් වෙද්දී මන් ඇහැ කොනින් දැක්කා එක ළමයෙක් පුදුම වෙච්ච පාරට එයාගේ අතේ තිබ්බ කුකුල් කකුලත් ආයෙම බත් පිගානට වැටෙනවා.
"ඔහ්හ් ෂිට්!!" සංජනා මගේ කටත් අතකින් වහගෙන මාව ඇදගෙන එලියට ආවා. මන් හිතන්නේ මේක වෙන්න ඇති අර ග්‍රවුන්ඩ් එක..
"මොනාද අනේ ඒ කරේ.. මට ලැජ්ජාවේ බැහැ.."
"නෑ ඔයා මගේ අත ඇල්ලුවේ කාලෙකින් නේ. ඉතින් මන් ටිකක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගියා." මන් ඔලුවත් කස කස කියද්දී සංජනා මාත් එක්ක හිනා වුනා.
"ඔය විහිලුව මෙතනින් නැවතුනොත් හොඳයි හරි ද!"
"විහිලුවට නෙවෙයි කිව්වේ. ඇත්තටමයි. මන් මෙහෙට ආවෙත් ඔයාව ආයෙම එක්කන් යන්න. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට."
"මේ අහන්න රිද්ම.. මන් ඇවිත් මහා පටලැවිල්ලක්.. ඔයා හිතන මනුස්සයා නෙවෙයි මන්. මන් මෙච්චර කාලයක් වෙන කෙනෙක් විදිහටය් ජීවත් වුනේ.. ඒ ඇත්ත දැනගත්තොත් ඔයා කොහොමටත් මට කැමති වෙන්නේ නෑ.."
"මොන ඇත්තද??"
"මන්.."
"සංජනා නෙවෙයි සත්සවී මන්දීරා කියන ඇත්තද?" ඒ වචන මගෙ කටින් පිටවෙන එක කවදාවත් සංජනා බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති කියන එක එයාගේ පුදුම සහගත මූණෙන් ඔප්පු වුනා. ඇත්තටම තවත් ඉවසන්න බැරිම තැන මන් එයාගේ තොල් වලට පහත් වෙලා මගේ ප්‍රථම හාදුව එයාට දුන්නා. මන් දන්නේ නෑ ගෑනු ළමයෙක්ගෙන් නාහා එහෙම කරන එක හොඳයිද කියන්න ඒත්..
මගේ තොල් එයාගේ සිනිදු තොල් වල ගෑවෙනවත් එක්කම මගේ ඇස් ඉබේටම පියවුනා. ඒ තොල් හරියට මාශ්මෙලෝ වගේ.. අපි දෙන්නා අතර තිබ්බ පරතරේ නැතිකරන්න ආපු තදබල උවමනාවට මන් එයාගේ ඉණ වටේට මගේ අත යවලා එයාව මන් ගාවට තුරුළු කරගත්තා. මගේ ඇස් පියවෙලා තියෙන නිසා මන් දන්නේ නෑ එයාගේ මූණේ තියෙන්නේ මොනවගේ බැල්මක්ද කියන්න.. මන් රිජෙක්ට් වෙන්නනම් යන්නේ මන් ඒ මූණ දිහා නොබලා ඉන්න එකම හොඳයි.
ඒත් මන් හිතන්නේ නෑ ඒක එහෙමයි කියලා.. එයාගේ පපුවත් මගේ පපුව ගැහෙන තාලෙටම හරි වේගෙන් ගැහෙනවා.. තවත් තප්පර කිහිපයක් යද්දී එයාගේ එක අතක් මගේ උරහිසෙත් අනිත් අත හරි රළු විදිහට මගේ කොන්ඩේ අස්සෙනුත් තිබ්බා.
නොහිතපු විදිහට එයා මගේ යටිතොල හපලා මගේ කකුල පෑගුවා...
"ආව්ව්.."
"වනචරයා.."
"මොකක්.." මන් සංජනා දිහා බලන් අහද්දී එයා හිනාවෙන ගමනුයි හිටියේ..
"කෙල්ලන්ට උම්මා දීලා හරි පුරුදුයි වගේ නේද?? අනික ඔයා කොහොමද දන්නේ මගේ ඇත්ත නම?"
"අහිංසා ඔක්කොම කිව්වා. ඇත්තටම මට ඒවා වැඩක් නෑ. මන් ඔයාට ඒත් ආදරෙයි.."
"ඔහ්හ් එහෙමත් එකක් ද?? ඒත් මන් හරි ගණන් නේ අය්යේ!!" මොකක් කිව්වා???
suQueen_xinugurl°~
Wattpad ආපු අවුරුදු හතර පහට අනේ කිස් සීන් එකකුත් ලියන්න වුනා එහෙනම් මට 😊.. ඔයාලා මාව දන්නෙත් නෑ මන් ඔයාලව දන්නෙත් නෑ 😭🚶🏽♀️මෙව්වා ලියන්න ලැජ්ජයි යකෝ!!! 😂😭😂
You are reading the story above: TeenFic.Net