"මරණයට තැත් කිරීමේ හේතුව මත, ජේ. එම්. හේරත් යන විත්තිකරුට වසර දහයක සිර දඩුවමක්."
.
.
.
.
.
.
.
.
මුළු ගෙදරම පාලුවට ගිහින්. අයිතිකාරයා හිරේ ගියාට පස්සේ ගෙදර වැඩ කරන මිනිස්සුත් රස්සාව අතැරලා දාලා ගිහින්. අහිංසා අන්තිම පාරට ගෙදර දිහා බලලා එලියට ආවේ මාස ගානකට පස්සේ එයාගෙම ගෙදරට යන්න. ගිහින් එයාගේ පව්ලේ අය එක්ක සතුටින් ඉන්න.
ඉතින් අහිංසා අන්තිමට එයාගේ ගෙදරට ආවත් මිහිසරාගේ ඉස්සරහට නෙරිලා තිබ්බ ලොකු බඩ ගාව ඉදගෙන කතා පොතක් කියවන මන්දීරා දැකලා අහිංසා උඩ ගියා.
'තාත්තා කිව්වනේ ගෙදර එන්න කියලා! මෙයා මොනාද මෙහෙ කරන්නේ??'
අහිංසා පුදුම වෙලා ගෙදර දොර ගාව ඉදන් හිටන් බලන් හිටියේ එයාව කවුරුහරි දකීවි කියන එකත් අමතක කරලා.
"ඔහ්හ් අහිංසා, ඇයි එළියේ ඉන්නේ ඇතුලට එන්න." කෑම පිගානකුත් අරන් මිහිසරා දිහාවට යන කෙවින් දොර ළග හිටිය අහිංසා දිහා බලලා කිව්වා.
"චුට්ටක් ඉන්න.. මොකක් ද මෙතන වෙන්නේ!! " අහිංසා කෑ ගහගෙන ඇතුලට යනවත් එක්කම තැන් තැන්වල හිටපු හැමෝම සාලෙට එකතු උනා.
"මොකද ළමයෝ කෑ ගහන්නේ?" බලවික්‍රම අහද්දී අහිංසා කට කොනින් හිනා වුනා.
"මෙයා ඇයි මෙහෙ ඉන්නේ..?"
"දැන් ඉතින් ඔක්කොම විසදුනා නේ. ඒ ළමයට ඒ ගෙදර තනියම ඉන්න බැරි නිසා අපි තමයි කිව්වේ මාස කිහිපයක් මෙහෙ ඉදලා, නවතින්න හොඳ තැනක් හම්බුනාම යන්න කියලා.."
"චුට්ටක් ඉන්න. එතකොට මේ ගෙදර ඉන්න හැමෝම දන්නවා මේ මන් වගේ ඉන්න වෙන කෙල්ලෙක් කියලා. ඒ දැනගෙන තමයි ඔයාලා මෙයාව හුරතල් කරන්නේ?? එහෙම නේද?"
"අහිංසා..." කෙවින් අහිංසා ගාවට එන ගමන් කියද්දී අහිංසා කෙවින්ව පැත්තකට තල්ලු කරා.
"හරි ඒක අතාරිමු. අච්චර හොඳ ගෙයක් තියෙද්දී මේ අනාත කෙල්ලව මොකටද අපි මෙහෙ නවත්තගන්න ඕනේ??"
"අම්මයි තාත්තාය් නැති උනාට මන්දීරාට අපි ඉන්නවා. එහෙම කියන්න එපා!!"
"ඔයා කටවහගන්න මිහිසරා අක්කේ.
සත්සවී අපේ ඩීල් එක මේක නෙවෙයි."
"අය්යෝ මොකද ඔච්චර සීරියස්?? බී කාම් බේබි.." කෙවින් ආයෙම අහිංසා ගාවට ගිහින් එයාව බදාගන්න ට්‍රයි කරන ගමන් කිව්වත් අහිංසා මේ පාරත් කෙවින්ව තල්ලු කරලා දාලා එයාගේ කාමරේට දුවන් ගියා.
"අපෝ ඔය කෙල්ල දැන් ඔහොම කෑ ගැහුවට ටිකකින් බලන්නකෝ එයා කූල් වෙලා එයි. ඔයා ඕවා ගණන් ගන්න එපා." බලවික්‍රම මන්දීරාගේ උරහිසට අතක් තියලා කිව්වම මන්දීරා ලාවට හිනා උනා.
"මන් හිතුවේ ආශු ඉපදුනාම එයාව ඔයාට දෙන්න." හැමෝම ආයෙම තමන්ගේ වැඩක් බලාගනිද්දී මිහිසරාත් ආයෙම ගිහින් මන්දීරා එක්ක සෝෆා එකේ ඉඳගත්තා. ඉතින් කෙවිනුත් මන්දීරාට කවන්න කියලා ගෙනාපු බත් පිගානත් අරන් එයාලා ගාවින් වාඩි වුනා.
"මොකක් කිව්වා???" මන්දීරා පුදුමෙන් අහද්දී මිහිසරා හිනාඋනා.
"ඇය්?? මන් ඕකම කෙවින්ටත් කිව්වා. ඔයා වගේ අහිංසක නැන්දෙක් එක්ක ඉද්දී එයා හොඳ ළමයෙක් වෙයි කියලා."
"අනේ විහිලු කරන්න එපා අක්කේ. යාන්තමින් දහ නවයක් ලැබුවා විතරයි. මන් කොහොමද බබෙක් හදන්නේ..?"
"දැන් කියයි. ඒත් බලන්නකෝ ආශු ආවොත් ඔයා එයා ලගින් හෙල්ලෙනේවත් නැති වෙයි. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි."
"අනේ මේ.. මන් නෙවෙයි අහිංසා තමයි එහෙම ඉන්නේ."
"අහිංසා!? බබ්බු නලවන්න.. විහිලු කරන්න එපා මන්දීරා..." කෙවින් බත් පිගානත් අතේ තියාගෙන බක බක ගාගෙන හිනා වුනාම අනිත් දෙන්නටත් ඒ හිනාවට හිනා ගියා.
"මන් එහෙම නෑ." තුන්දෙනාම හැරිලා බැලුවේ අත් දෙකත් බැදගෙන අහක බලාගෙන හිටිය අහිංසාව.
"මේ ආවේ මගේ නංගි බබා.. මාව තල්ලු කරා නේ එන්න එපා කතා කරන්න." කෙවින් එහෙම කියලා බත් කටක් අනලා මිහිසරාට කැව්වා.
"අය්යෝ.. දැන් ඔය දෙන්නත් මෙතන රණ්ඩු වෙන්න එපා. අහිංසා, එන්නකෝ ඔයාගේ නෑනාගේ බබා බලන්න." මිහිසරා කතා කරද්දී අහිංසා මූණට ආපු හිනාව හංගන්න ගමන් ඇවිත් මිහිසරා ගාව බිමින් වාඩි වෙලා එයාගේ ලොකු බඩ උඩ ඔලුව තියාගත්තා.
"මෙයාට දාපු නම මොකක්ද?" අහිංසා ඇහුවේ මිහිසරාගෙන් වුනත් උත්තර දුන්නේ කෙවින්.
"ආශාන්‍යා.."
"ලස්සන නමක්. ඒත් ඔය දෙන්නා පොරොන්දු වුනා නේ මන් කියන නම තමයි බබාට දාන්නේ කියලා."
"දැන් නමක් දාපු නිසා අපි ඕනෙනම් දෙවෙනි බබාට ඔයා දාන නම දාමු." මිහිසරා කිව්වේ අහිංසාගේ ඔලුව අතගාන ගමන්.
"ඒක නෙවෙයි බබා හම්බෙන්න කලින් ඔය දෙන්නා බදින්නේ නැද්ද? "
"අපි දැනට රෙජිස්ටර් වෙලා බබාට අවුරුද්දක් පිරුණම ගන්නවා ලොකු වෙඩින් එකක්. අපිට තාම එහෙ ස්ටඩිස් ඉවර නැති නිසා කොහොමත් ආශු ඉපදුනාම අපි එයාව මෙහෙ තමයි තියලා යන්නේ.."
"ඇහ්හ්? අවුරුද්දක් නිවාඩු දෙන කැම්පස් එක මොකක් ද අනේ.." මන්දීරා ඔලුවත් කස කස ඇහුවා.
"මෝඩයෙක් වෙන්න එපා ඕයි.. එයාලා අවුරුද්දක් රිපීට් කරන්න ඕනේ ගිහින්." අහිංසා පුරුදු මැර විලාසෙන් මන්දීරාට උත්තර බඳිද්දී මන්දීරා මලත් ආයේ මුකුත් අහන්නේ නෑ කියලා හිතාගත්තා.
"හරි හරි. දැන් මටයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටයි පොඩ්ඩක් රොමැන්ටික් වෙන්න දීලා ඔය දෙන්නා යනවද??"
"හරි යන්නම්. ඒත් අම්මයි අක්කයි කෝ? "
"මේකනේ අහිංසා. ඔයාගේ අක්කා කොලු කේස් එකක් දාගෙන ඉතින් මමී ගියා ඒකට උත්තර බඳින්න."
"අක්කා නම් මලත් හැදෙන්නේ නෑ."
.
.
.
.
.
.
.
.
.
.
"බෙඩ්ශීට් එක දෙනවකො.."
"අනේ.. ඔයාට ඔය තියෙන්නේ ගොඩක්.. "
"අනේ මේ. මේක මගේ කාමරේ. තමුසේ ඇවිත් ඔක්කොටම අයිතිවාසිකම් කියන්න ගත්තද??"
"අයිතිවාසිකම් කිව්වේ නෑ නේ. මන් බෙඩ්ශීට් එකෙන් පොඩ්ඩක් නේ ඉල්ලුවේ.." මහා රෑ දොළහත් පහුවෙලා. අහිංසායි මන්දීරායි දෙන්නම බෙඩ්ශීට් එහෙකට රණ්ඩු වෙන්නේ ගෙදර වෙන බෙඩ්ශීට් එකක් නෑ වගේ.
"මට ඕනේ නෑ. තමුසෙම පොරවගන්නවා මේ මහලොකු බෙඩ්ශීට් එක.." එහෙම කියලා අහිංසා එයා පොරවන් හිටපු කෑල්ල මන්දීරාගේ පැත්තට විසික් කරලා දාලා එහා පැත්තට හැරුනම අහිංසාත්,
"මටත් ඕනේ නෑ තමුසෙගෙ බෙඩ්ශීට් එකක්!!" එහෙම කියලා බෙඩ්ශීට් එක පැත්තකට විසික්කරලා දැම්මා.
අන්තිමට දෙන්නම දෙන්නා ගැන තියෙන තරහට බෙඩ්ශීට් එකක් නැතුව සීතලේම නිදාගත්තා.
ඉතින් එහා දවසේ උදේ කියන්නේ බලවික්‍රමගේ මුළු ගෙදරම ගොඩාක් බිසී වෙලාවක්.
ඉනියා උදෙන්ම අහිංසාගේ අක්කත් එක්ක කැම්පස් එකේ තව නඩුවක් විසදන්න ගිය නිසා අද උයන එකයි ගේ දොර අස් කරන එකයි වගේ ගොඩක් වැඩ මිහිසරා ඇරෙන්න ඉතුරු හතර දෙනාට තමයි භාරවෙලා තිබ්බේ.
"මේ අද හවස හතරට මට අපොයින්මන්ට් එකක් තියේ. ඒක අමතක කරන්න එපා." මිහිසරා හරි ෂෝයි එකට කකුලත් පද්ද පද්ද ටීවී බලන ගමන් කියද්දී කෙවින් ඇවිත් හෙමීට මිහිසරාගේ ඔලුවට ටොක්කක් ඇනලා පස්සේ එතැනට ලොකු කිස් එකක් දීලා බලවික්‍රම දකින්න කලින් ආයෙම කොස්ස අතට අරන් ගේ අතුගාන්න ගත්තා.
"මන්දීරා~~ අනේ ඇවිත් මේ කියුටෙක්ස් එක ගාන්නකෝ.." මිහිසරා කියද්දී තප්පරයක් ගියේ නෑ මිහිසරා කියුටෙක්ස් බෝතල් දෙක තුනකුත් අරන් මිහිසරා ඉස්සරහින් මතුවුනා.
"ඔයා හරි ෆාස්ට් නේ."
"ඕල්වෙය්ස්!" මන්දීරා නැති කොලර් එකක් මවාගෙන ඒක උස්සලා ගැම්මෙන් කිව්වම මිහිසරා හරි අහිංසක විදිහට හිනා වුනා.
"පණ්ඩිත නොවී ඔයා මේ කියුටෙක්ස් එක ගාන්නකෝ.."
"යෙස් මැඩම්.." මන්දීරා හරි බරි ගැහිලා බිම වාඩි වෙලා එයාගේ දණහිස උඩින් මිහිසරාගේ කකුල තියාගත්තා. ඉතින් ඒ වෙලාවේ මිහිසරා ලස්සන කියුටෙක්ස් කලර් එකක් තෝරලා ඒක මන්දීරාට දුන්නා.
"මේක ගාන්න."
"හරී.." ඉතින් මංදීරාත් දිව හපාගෙන එහෙට මෙහෙට හැරි හැරී කකුලේ නියපොතු පාට කරන්න ගත්තා.
"ඔයා දන්නවද? අද මගේ හිතට හරි නෑ. මේ අහන්නකො.." කියුටෙක්ස් ගාන ගමන් හිටිය මන්දීරාගේ අත අල්ලගත්ත මිහිසරා මන්දීරාගේ ඇස් දිහා බලපු බැල්මට මන්දීරාගේ මුළු හදවතම දුකින් පිරුනා.
"මට මොනාහරි උනොත් මගේ ආශාන්‍යාව ඔයා බලාගන්නවා කියලා පොරොන්දු වෙනවද?? මේ ගෙදර වෙන කවුරුත් මගේ ආශුව ඔයා තරම් බලාගන්නේ නෑ. ඒ නිසා ප්ලීස්.."
"ඒයි, මොනාද අනේ කියවන්නේ!! මේ බලන්න මගේ ඇගේ හිරිගඩු පිපුනා.."
"නෑ, හිතුනා කිව්වා.." මිහිසරා එහෙම කියලා ආයෙම පුටුවට හේත්තු වෙලා විසිල් ගහන්න ගත්තා.
'අම්මෝ ඇගත් එක්ක මොකක්ද උනා ඒ බැල්මට!!' මන්දීරා තනියම හිතුවා.
"කාර් එකට නගින්න පැටව්.." කෙවින් මිහිසරාව කාර් එකට නග්ගලා එයත් නැග්ගට පස්සේ කිව්වම කාර් එකට නගින්න ගිය මන්දීරාවත් පැත්තකට තල්ලු කරලා මුලින්ම නැග්ගේ අහිංසා. ඊටපස්සේ එයා කට පුරා හිනාවක් දාලා මන්දීරාට විරිත්තුවා.
"තව දුරයි ද අනේ?" අහිංසා කාර් එක ස්ටාට් කරපු වෙලේ ඉදන් අහන්නේ එකම ප්‍රශ්නේ..
"ඉදහන් බන් තව විනාඩි දහ-"
"කෙවීන්!!!" සාමාන්‍ය වේගය ස්ලෝ මෝෂන් වෙන වෙලාවල් තියෙනවා නේද මේකත් ඒ වගේ වෙලාවක්..
අහිංසාට උත්තර දෙන්න කියලා කෙවින් ඩ්‍රයිවින් ශීට් එකෙන් ඉදලා පිටිපස්ස හැරුන ඒ තප්පර ගානට එයාලා දිහාට වේගෙන් ආපු ඒ ලොරිය දැක්ක මිහිසරා මුළු ඇගේම ශක්තිය දාලා කෑ ගැහුවත් ඒ ලොරිය ඒ වෙද්දිත් හිටියේ එයාලගේ කාර් එකට වඩා මීටරේකටත් වඩා අඩු දුරකින්..
💥බූම්💥
දැන් පැය දෙකකටත් වඩා ගෙවිලා ගියා අයි සී යූ එකේ ඉන්න කෙවින් ගැනවත් මිහිසරා ගැනවත් ඩොක්ටර්ස්ලා කිසිම දෙයක් කිව්වේ නෑ.
බලවික්‍රම, ඉනියා, සුළු තුවාල වෙලා තිබ්බ අහිංසා, මන්දීරා වගේම බලවික්‍රමගේ ලොකු දුවත් අයි සී යූ එක ඉස්සරහ ඉදන් දෙවියන්ට ප්‍රාර්ථනා කරන ගමනුයි හිටියේ..
තවත් විනාඩි දහයකට පස්සේ අයි සී යූ එකෙන් ඩොක්ටර් වගේම තව නර්ස්ලා කිහිප දෙනෙකුත් ආවා.
"ඩොක්ටර් මගේ දරුවෝ දෙන්නට කොහොමද??" ඉනියා අහද්දී ඩොක්ටර් එයා දාන් හිටිය කන්නාඩි කුට්ටම ගැලෙව්වේ නරක ආරංචියක් කියන්න වගේ.
"පිරිමි කෙනාගේ මොළේට වැදිච්ච පාර නිසා එයාගේ මොළේ මැරිලා. ඒත් හදවත වැඩ. ඒත් ඒකෙන් කිසිම වැඩක් නෑ. මේ හොස්පිටල් එකේ තව පිරිමි ළමයෙක් ඉන්නවා. එයාට ඔයාගේ පුතාගේ හාට් එක ඩොනේට් කරන්න දෙනවනම් ඒක ලොකු උදව්වක්. මන් ඔයාලට බල කරන්නේ නෑ. ඔයාලා හිතලා උත්තරයක් දෙන්න.
ඒ වගේම ගෑනු ළමයා නම් ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලේමයි නැති වෙලා තියෙන්නේ. ඒත් එයාගේ දරුවා සේෆ්.. ඒත් ඩිලිවරි එකට කලින් බබාව සිසේරියන් කරලා ගන්න වෙච්ච නිසා බබාට කරන්න තව ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඉතින් දරුවාගේ ජීවිතෙත් ෂුවර් නෑ... " එහෙම කියලා ඩොක්ටර් ගියාට පස්සේ හැමෝම තමන් හිටපු තැන ඉදන් අඬන්න ගත්තා..
මෙතන හැමෝටම එක හා සමානව දුක ඇති. ඒත් මන් කැමතියි දෙන්නෙක්ගේ වේදනාව විස්තර කරන්න.
අයියෙක් නැති ගොඩක් නංගිලා කැමතියි අයියෙක් ලැබෙනවනම්. ඉතින් අහිංසාත් ඒ ගොඩෙන් එක්කෙනෙක්. ඒත් වාසනාවකට වගේ එයාට අයියෙක් හම්බෙනවා. එදා ඉදන් එයාගේ අම්මා, තාත්තා, අක්කා ඒ හැමදේම වුනේ එයාගේ අයියා. නිදාගද්දී කතන්දර කියන්නේ එයාගේ අයියා, එයාව නාවන්නේ එයාගේ අයියා, අසනීපයක් උනාම ළග ඉදලා එයාගේ සැප දුක හොයලා බලන්නේ අයියා, ඒ වගේ අහිංසාගේ ලෝකෙම වුනේ අයියා. එයාගේ ලෝකෙට එයා නමක් දීලා තිබුනා. ඒ තමයි අයියා.
ඒත් කල් ගත වෙනවත් එක්කම ශාරීරිකව දෙන්නා වැඩෙද්දී ඒ ළග බැදීම ටික ටික දුරස් වුනා. අහිංසා හිතුවේ එයාගේ අයියගේ ලෝකේ එයා කියලා වුනත් අහිංසාට තේරුම් ගියා ඒ ලෝකේ තව ගොඩක් අය ඉන්නවා කියලා. ඒත් කොච්චර ලොකු වුනත් අහිංසාගේ ලෝකේ තාමත් එයාගේ අයියා.. එයාගේ මුළු ජීවිතේම ගලන් ගියේ එයාගේ අයියා වටේ.. ඒත් අයියා රට යනවත් එක්කම තමනුත් ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා කරගත්ත විනාසෙන් බේරෙන්න ළග නොහිටියත් එයාව ඒකෙන් ගලවගත්තේ එයාගේ අයියා.
එදා තමන් වෙනුවට මන්දීරා එයාගේ අයියගේ පපුවට තුරුල් වෙලා ඉන්නවා දකිද්දී අහිංසාට හිතුනෙම එයාගේ ලෝකේ දැන් එයාගෙන් ගොඩක් දුර ගිහින් කියලා.. නෑ.. එයාට නොදැනීම එයාගේ ලෝකේ එයා වටේමයි ඉදලා තියෙන්නේ.
"මට කියනවා තමුසෙව ෆලෝ කරන කොල්ලා කව්ද කියලා??" එදා දවසක හේරත් අහිංසාගෙන් අහද්දී ඇත්තටම අහිංසාත් පුදුම වුනා. මන්දීරා අයියට තුරුල් වෙලා ඉන්නවා දැක්ක නිසා ඇතිවෙච්ච කේන්තිය අස්සේ හේරත් අහන බහුබූත කතාවට අහිංසා හිටියේ පුළුවන් නම් හේරත්ව මරාගෙන කන තරහකින්.
"මොන කොල්ලෙක් ද?"
"මේ ඉන්නේ.." එහෙම කියලා හේරත් ගේට් එක ඉස්සරහය් අහිංසාගේ කාමරේ පේන ගෙදරින් පිට එලියෙ තැනක හිටන් හිටිය මාස්ක් එකකින් මූණ වහන් හිටිය අත්භූත කොල්ලව පෙන්නනවත් එක්කම අහිංසාගේ මුළු පපුවම පිච්චිලා ගියා.
එයාගේ ලෝකේ මොන විදිහට හැංගෙන්න හැදුවත් වෙනස් වුනත් අහිංසාට එයාව අදුරගන්න පුළුවන් උනා. හේරත් අහන, අහිංසා දිහා හොරෙන් බලන් ඉන්න පිරිමි ළමයා වෙන කවුරුත් නෙවෙයි.. ඒ කෙවින්..
"තමුසේ පෝසත් කෙල්ලෙක්. තමුසෙව මරලා හංගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ නිසා පරිස්සමින්.."
"ඔව් නෝනා.. මන් දැක්කා මේ මිනිහා දැන් මීට මාස ගානක ඉදන් මිස්ව ෆලෝ කරනවා. ගොඩක් වෙලාවට මිස් යන එන තැන්වලත් මන් මේ මිනිහව දකිනවා."
ඉතින් එදා එයාට තේරුණා, එයාගේ අයියා කවදාවත් එයාව තනි නොකරපු වග..
ඉතින් තමන්ගේ මුළු ලෝකෙම අද තමන්ගෙන් හුගක් ඈතට ගිහින් කියලා දැනෙද්දී අහිංසා ඒක විශ්වාස කරගන්න බැරුව හිටියා. එයාගේ හිතේ කොනක හරි බලාපොරොත්තුවක් තිබ්බා එයාගේ අයියා නැගිටලා ඒවි කියලා. එයාට තාම නොලැබිච්ච, ඒත් අහිංසා බලාපොරොත්තු වෙච්ච ඒ වැළඳ ගැනීම ලැබෙයි කියලා අහිංසා බලාපොරොත්තු උනා. ඒ බලාපොරොත්තුව නිසාමද මන්ද එයාගේ ඇස් කඳුලින් තෙත් වෙලා තිබ්බත් ඒ කඳුළු පහලට රූටලා ගියේ නෑ...
මන්දීරා.. මන්දීරාගේ මුළු ජීවිතේම ගෙවුනේ මන්දිරේක. හරියට රපුන්සල් වගේ. එයාටත් ඕන වුනා ගෙදරිනුයි ඉස්කෝලෙනුයි පිට ලෝකේ කොහොමද කියලා බලන්න. ඒත් එයාගේ අම්මයි තාත්තායි හුගක් කාර්‍යබහුල නිසා මන්දීරාට ලෝකේ බලන්න යන්න බැරි වුනා. හරි ලෝකේ බලන්න යන්න බැරි උනාට කමක් නෑ මට ආදරේ කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ කියලා මන්දීරා හිතුවත් එයාට එයාගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ඒක ලැබුනෙත් නෑ.
ඉතින් සල්ලිකාරයෙක් නිසා ඉස්කෝලේ වුනත් යාළුවො හිටියේ මන්දීරාව පාවිච්චි කරලා විසික්කරන්න.
ඉතින් මන්දීරාට ඕන වුනා එයාටම කියලා පව්ලක් හොයාගෙන ඒ පව්ල එක්ක පිට ලෝකේ ගැන බලන්න.
එහෙම හිතපු මන්දීරාට ලැබුන පව්ල තමයි කෙවින්, මිහිසරා, අහිංසා වගේම එයා තාමත් දැකලා නැති ආශාන්‍යා..
මොන දේ වුනත් හැමවෙලේම ඔලුව අතගාලා හිනාවෙන මිහිසරාගේ ඒ ස්පර්ශයෙන්, පොඩි දේ ඉදන් හොයලා බලලා කරලා දෙන කෙවින්ගෙන් හැමවෙලේම ලැබෙන උණුසුම් වැළඳගැනීමෙන්, බඩ ළගට වෙලා චූටි ආශාන්‍යාට කතාවක් කියද්දී ඒකට උත්තර දෙන්න බන්ඩියට ගහන ආශාන්‍යාගෙන්, කොයිවෙලෙත් සැර වචනෙන් කතා කරන අහිංසාගෙනුත් එයා ආදරේ ලැබුවා විතරක් නෙවෙයි එයා පිට ලෝකය ගැන ඉගෙනගත්තා.
ඉතින් අද මේ දැන් ඒ හැමදේම කැඩිලා ගිහින්. කැඩුණු වීදුරු හදලා හිඩැස් වලට රත්තරන් වක් කරත් වැඩක් නෑ. කලින් තිබ්බ කන්නාඩිය දැන් එතන නෑ.. මන්දීරාගේ ඇහෙන් වැටෙන හැම කඳුලක් ගානෙම එයාගේ හිත ඇතුලේ තියෙන කන්නාඩිය බිදෙන්න ගත්තා.
.
.
.
.
.
.
"ඩොක්ටර් අපි කැමතියි මගේ පුතාගේ හාට් එක ඩොනේට් කරන්න."
.......
"ඉතින් ඊටපස්සේ මොකද උනේ?" රිද්ම ඇහුවේ කුතුහලේ දරාගන්නම බැරි තැන..
"ඊටපස්සේ ටික දවසක් ගියාම ඇක්සිඩන්ට් එකට හේතුව මන්දීරාගේ මහප්පා කියලා අපි දැනගත්තා. ගෙදර ලොකු රණ්ඩුවක් ගියා ඒ නිසා. තාත්තා ඇරෙන්න ගෙදර හැමෝම මන්දීරාට බැන්නා, කෑ ගැහුවා.. ඒත් අපි නොදැන හිටියා නෙවෙයි මන්දීරා මේවට පලි නෑ කියලා.. ඒත් එවලේ හිතේ තිබ්බ වේදනාවට අපිට ඒක පිළිගන්න තරම් මානසික මට්ටමක් තිබ්බේ නෑ."
"ඉතින් ඊටපස්සේ??"
"මාස ගානක ට්‍රීට්මන්ට්ස් වලින් පස්සේ ආශාන්‍යාව අපි ගෙදර ගෙනාවා. ඒත් ආශු හිටියේ ඇවිදින මළමිනියක් වගේ. අපි ගොඩක් බය වුනා. අපේ ගෙදර මිනිස්සු නොගිය දේවාලයක් නෑ ආශුව හොඳ කරන්න. මොකද ඩොක්ටර්ස්ලට වුනත් ඇය් ආශු කිසිම රිඇක්ට් එකක් නොදෙන්නේ කියලා හිතාගන්න බැරුවයි හිටියේ. ඒත් ඇක්සිඩන්ට් එක වෙලා සතියකට පස්සේ ගෙදරින් ගිය මන්දීරා හදිසියේම අපේ ගෙදර ආවා.."
"ඒ මොකටද?"
"සමාව ඉල්ලන්න. මන්දීරා එයාගේ දේපල වලින් තුනෙන් දෙකක්ම ආශාන්‍යාගේ නමට ලියලා. ඇත්තටම අපිට එවෙලේ තරහ ගියා. මිනිස් ජීවිත දෙකකට එයා ගානක් දෙනවනේ කියලා මතක් වෙද්දී. ඒත් ගෙදර ආපු වෙලේ ඉදන් ඔහේ බලන් හිටිය ආශාන්‍යා පලවෙනි පාරට මන්දීරාව දැකලා මරලතෝනි දෙන්න ගත්තා... ඉස්සර මගේ කට හොඳ නෑ නේ. මට මතකයි මන් කිව්වා, 'දෙමව්පියෝ මරපු මිනීමරුවා ළග හිටියත් ළමයි බයවෙනවා' කියලා..
ඒත් ඉතින් අපේ තාත්තා මොනවද කරේ ආශාන්‍යාව ගෙනත් මන්දීරාගේ අතට දුන්නා. මේන් අඬ අඬ හිටපු එකා හිනාවෙනවා. එදා තමයි අපි දැනගත්තේ මන්දීරායි ආශාන්‍යායි අතරේ තියෙන්නේ වෙනමම බැදීමක් කියලා. මොකද ආශු බඩේ ඉද්දී මිහිසරා අක්කටත් වඩා වැඩියෙන්ම ආශු එක්ක කතා බහා කරලා ඉදලා තියෙන්නේ මන්දීරානේ. "
"ඉතින් ඊටපස්සේ?"
"ඊටපස්සේ ඉතින් මන්දීරා තමයි ආශුගේ අම්මා වුනේ. ඒත් භාරකාරත්වය තිබ්බේ අපේ අම්මගෙයි තාත්තාගෙයි නමට. අපේ පිස්සු අක්කා දේපල වලට තියෙන තණ්හාවට පස්සේ පස්සේ ආශුගේ භාරකාරත්වය එයාට දෙන්න කියලා පොරේ ඇල්ලුවා. අපේ තාත්තාට එයාගේ දුව රත්තරන් නිසා එයා මන්දීරාට හොරෙන් අක්කට ආශුගේ භාරකාරත්වය දෙන්න ප්ලෑන් ගැහුවා.
මන්දීරාගේ මුළු ලෝකෙම වුනේ ආශාන්‍යා.. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ අවුරුද්දක් වගේ යද්දී මන් ඒ පවුලෙන් ඈත් වුනා. මන්දීරා මන් වෙනුවට ඒ ගෙදර ජීවත් වුනා හැබැයි ඒ වෙනමම කෙනෙක් විදිහට. එයා එයාගේ නමත් වෙනස් කරා. සංජනා මානවි බලවික්‍රම.
තව ටික කාලයක් ගියාම අක්කා එයාට ගැලපෙන ජාතියේ පිස්සු මිනිහෙක්ව බැන්දා. ඌත් ආශුගේ නමට තියෙන දේපල ගොඩ දැකලා පිස්සු වැටිච්ච පාරට අපේ තාත්තාව අන්දගෙන ආශුගේ භාරකාරත්වය ගන්න පොරේ. මන් ඕවා එච්චර දැනන් හිටියේ නෑ එක දවසක් ආශුම මට කෝල් කරනකන්.."
'ලොකු අම්මී.. ඔයාට කියන්න...' කියලා පටන් ගත්ත කෝල් එක ඉවර වෙන්න පැය පහක් ගියා. සිරාවටම මන්දීරා වගේමයි.. කියවන්න ගියොත් ඉවරයක් නෑ. ඉතින් මන් ඔසී වල ඉදන් මෙහෙ එන ටිකට මගේ පිස්සු අක්කා මන්දීරාට තර්ජනය කරලා ආශුවත් බලෙන් පැහැර අරන්, අපේ තාත්තාවත් ගොනාට අන්දගෙන..
කොහෙද අර මෝඩ මන්දීරා ඔක්කොම දමලා දාලා කොහෙද මන්ද හද්ද පිටිසර ගම්මානෙක ගිහින් පැල් රකිනවා නේ. මන් මගේ අක්කා ගැන බලාගන්නම්. ඔයා ගිහින් සංජනාව එක්කන් එන්න. ආශුට ඕනේ එයාව. ඒ දෙන්නා තමයි දැන් මගේ ලෝකේ.
ඉතිං ප්ලීස් මට මේ උදව්ව විතරක් කරන්න රිද්ම! "
suQueen_xinugurl°~
අනේ ඔයාලට තාම තේරෙන්නේ නැත්තම් කියන්න 😂🥲
You are reading the story above: TeenFic.Net