Third person pov
" මදැයි යකෝ දැන් ඔය පිප්පුවා, ආපු වෙලේ ඉදන් නයා වගේ පුප්පනවා ඉවරයක් නෑ "
දවස් දෙකක් තේජාන්ලගෙ ගෙදර ඉඳලා තුවාල ටික යන්තම් හොද කරගන්න පුළුවන් වුන නිසා නිර්වාන් ආපහු ගෙදර ආවා. හැබැයි දැන් ආවට වඩා හොදයි එහෙටම වෙලා හිටියා නම් කියලා පොරට හිතිලා තියෙන්නෙ. නිර්වාන් ගෙදර ආපු වෙලේ ඉදන් සිහිනගේ වැඩේ එයා වටේ කැරකි කැරකි පුප්පන එක ඒ අතර ඒයගේ තුවාල වලටත් අලුතින් බෙහෙත් දාන්න අමතක කරෙත් නෑ. මේ දැනුත් සිහින ඉන්නේ නිර්වාන්ගෙ අතේ ප්ලස්ට එකක් අලවන ගමන්.
" හරි ඉතින් එදා කෑ ගැහුව එකට සොරි දැන් ඒකටනෙ මේ පුප්පන්නේ "
සිහිනගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන නිර්වාන් ඇයෙම කතා කලා,
" එදා හොස්පිට්ල් එකේදී හෑමොම ඉස්සරහ කෑගහපු එක වැරදි තමයි ඒ වුණාට උඹනේ කට අවුස්ස ගත්තේ ඕන්නැති කතා කියලා "
" මං මොකද්ද කීව ඕන්නැති කතාව? "
මෙච්චර වෙලා නිර්වාන්ට රව රව ඉඳලා සිහින කතා කරේ මොකද්ද එයා කීව ඕන්නැති කතාව කියලා දැන ගන්න. සිහිනට එදා නිර්වාන් කෑ ගහපු විදියට දුක හිතුන තමයි හැබැයි එයා මේ තරහ අරන් ඉන්නෙ නම් ඒ නිසා නෙවෙයි, නිර්වාන් කියන්නෙ කැම්පස් එක ඇතුළෙ හොද නමක් දිනම් ඉන්න කෙනෙක් කොච්චර අරගල කලා උනත් එයා එයගේ ඇකැඩමික් වැඩත් ඒ විදියටම කරන නිසා ලෙක්චරල්ස්ලා අතර පවා එයාට හොද නමක් තිබුනා. ඉතින් එහෙම එකේ අනවශ්‍ය ප්‍රශ්නෙක පැටලිලා සතියක් පංති තහනම් කර ගත්ත එක? ඒක හොද වැඩක්ද
" ඇයි කීවේ මට මං ගැන බලා ගන්න පුළුවන් අනවශ්‍ය ඒවට අත දන්න එපා යැයි යැයි යැයි " නිර්වාන් කට ඇද කර කර කියද්දි සිහින නිර්වාන්ගේ අතට ගැහුවේ තුවාලේ උඩටම ඒම් කරලා
" ආආයි හු&#& රිදුනා"
" රිදෙන්න තමා ගැහුවේ, සෙල්ලමක්ද කියන්නකො අයියේ ඔයාට නැන්දා එහෙම දැන් ගත්තොත් ? ඔයා මොකටද එතනට ඇවිත් පැටලුනේ ඔයා ඒ ගහපු විදියට නරක තැනකට එහෙම වැදුණා නම් ඒ ළමයට මොනා හරි වුනා නම් අතේ පයේ හයිය පෙන්නලා හැම ප්‍රශ්නෙම විසදන්න බෑ. දෙයක් උනා ඒක ඉවරයි රන්ඩුවල පැටලෙන්න අකමැති නිසා මං කටවහන් හිටියට මට පුළුවන් මං ගැන බාලා ගන්න "
" අනේ මේ සිහින මගේ යකා ඇවුස්ස ගන්නෙ නැතුව ඉදපන් උඹට අච්චර බලු කතාවක් කියනකල් කටපියන් ඉඳලා දැන් එනවා කියවන්න, දැන් ඕක අල්ලන් උඹට හැමෝම කතා හදන්න ගත්තම තේරෙයි උබේ ලගින් මෙච්චර දවස් හිටපු උනුන් උඹ එක්ක හිටියම කතා අහන්න වෙන නිසා ඈත් වෙන්නෙ නැද්ද බලපන් හැමෝම උඹ වගේ හිතන්නෙ නෑ බං "
සිහින කියන දේවල් වල ඇත්තක් නැතුව නෙවෙයි ඒත් නිර්වානට තරහා ගියා, සිහින නොදන්නවා වුණාට සිහින ගැන ඔය නිර්වාන්ගෙන් ගුටි කාපු වුන් කතා වෙන දේවල් නිර්වාන්ගෙ කන් දෙකටම ඇහිලා තියනවා එහෙම දේවල් ඇහිලත් ඉවසන් හිටපු නිර්වාන්ට එදා සේජාන් ඇවිත් කීව දේත් එක්ක ඉවසීමේ සීමා අමතක වුනා, සිහින තල්ලු කරපු පාරක කොහෙ හරි වැදිලා අතක් ඩැමේජ් කරන් හිටපු කොල්ලාට දෙපාරක් හිතන් නැතුව නිර්වාන් අත ඉස්සුවේ ඒකයි.
අර කොල්ලාගේ අතක් ඩැමේජ් වෙන්න තරම් හයියකින් ඌව තල්ලු කරන්න පුළුවන් වුනා නම් ඌ එක්ක ගහ මරා ගන්න වුනත් සිහිනට පුළුවන් කම තිබුනා කියන්න නිර්වාන් දන්නවා වුනත් සිහින ගැන තියන මොකද්ද නමක් කියන්න බැරි හැඟීම නිර්වාන්ට කීවෙම කොල්ලට හීරිමක් වත් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරපන් කියලා.
" ඔයා කියනවනෙ ඔක නිසා මං ළඟ හිටපු යලුවොත් ඈත් වෙයි කියලා කතා අහ ගන්න වෙනවට, එතකොට කොහෙවත් යන ප්‍රශ්නෙකට අත දාපු ඔයාට කතා අහ ගන්න වෙන්නෙ නැති වෙයිද අයියේ ? මේ පලවෙනි සැරේ නෙවෙයිනේ ඔයා මාව බේර ගන්න මැදිහත් වෙච්ච, ඔයාට එහෙම කතා අහන්න උනාට කමක් නැද්ද ?"
සිහින අහපු දේත් එක්ක නිර්වාන් නිරුත්තර වුනා , ඇත්ත තමයි මීට කලින් කීප වතාවක්ම නිර්වාන් මැදිහත් වෙලා සිහිනව තනියෙන් රැග් වෙන්න ගිය වෙලා වල බේර ගෙන තියෙනවා දැන් මෙතන පණ්ඩිත කතා කීවට ඒ වෙලවට බලන්න ඕනි සිහිනගෙ මූන, මේ කොල්ලා මේ දේවල් වලට මුහුන දෙන්න අහිංසක වැඩී නිර්වාන්ට හිතුනෙම එහෙම. ඉතින් කොහොමද කට පියගෙන පැත්තකට වෙන්නේ. එහෙමයි කියලා එක එකාගෙන් කතා අහන්න කැමති කෙනෙකුත් නෙවෙයි නිර්වාන් කියන්නෙ එයා මෙච්චර දවසක් බිල්ඩ් කරපු ඉමේජ් එකක් තියනවා. නිර්වාන් කැමති නෑ ඒක නැති කර ගන්න.
නිර්වාන්ගෙ උත්තරයක් නැති වෙච්චි තැන සිහින නැගිටිටේ එලියට යන්න, ශෙනාල් දැන් ගෙදර ඇවිත් ඇති එයා මේ වෙලාවට සිහින තේක ගේනකල් බලන් ඉන්නවා කියන්න සිහින දන්නවා නිර්වාන් ආපු එකෙන් සිහිනට ඒකත් අමතක වෙනවා තව ටිකෙන්.
සිහින යන්න නැගිට්ටා වුනත් සීතල අතක් එයාගෙ මැණික් කටුවෙ පැටලුනේ සිහිනව එක තැනම ගල් කරන ගමන්. නහර ඉලිප්පුන ඒ සීතල අත් වල රලු ගතිය සිහිනට ඕනවටත් වඩා දැනුනා, ඒත් එයා නැවතිලා එහෙමම හිටියා මිසක් නිර්වාන් එයාව නැවැත්තුවේ ඇයි කියලා අහන්න ගියේ නෑ
" දැන් ඇයි මූණ එල්ල ගත්තේ? "
" මොකුත් නෑ මල්ලි බලන් ඇති මට යන්න දෙන්න "
" දුන්නේ නැත්තම් ? "
ඉඳලා හිටලා ඒ දෙන්නා අතර ඇතිවෙන ටෙන්ශන් එක සිහිනට ආයෙම දැනෙන්න ගත්තේ ඒ එක්කම වැඩි වෙන එයාගෙ හදවත ගැහෙන වේගෙත් එක්කමයි, නිර්වාන්ටත් එහෙම දැනෙනව ඇතිද?
" සිතූ "
නිර්වාන් විතරක්ම සිහිනට කතා කරන ඒ නම , ඒ නම ඇහෙන වාරයක් ගානේ සිහිනට දැනෙන දේවල් වචන කරන්න දන්නේ සිහිනම විතරයි. නිර්වාන් ළඟදි මේ දැනෙන හැඟීම් කොහොම ඒවද කියන්න සිහිනට අදහස් නොතුබුනා නෙවෙයි ඒත් ඒ ආගන්තුක හැගිම් වලට සිහිනත් බය වුනා නිර්වාන් කොහොම ඒවා පිලිගනීද?..
" ම්ම් "
" මූණ එල්ලං ඉන්න එපා බං උඹව දැක්කෙත් දවස් දෙකකට පස්සේනෙ "
එහෙම කියපු නිර්වාන් කොල්ලාව ඇදලා අරන් ඇදෙන් ඉන්දවා ගත්තේ ඉලග තප්පරේ එයාගේ ඔලුව සිහිනගෙ ඔඩොක්කුවේ තියා ගන්න ගමන්.
" ඔලුව රිදෙනවා " වෙච්චි දේ හිතා ගන්න බැරුව බලන් ඉන්න සිහිනට මොකුත් කියන්න ඉඩ නොදී නිර්වාන් එහෙම් කීවේ එයාගෙ එක අතක් අරන් ඔලුවෙන් තියාගෙන, නිර්වාන් නොකියා කියන දේ තෙරුම් ගත්ත සිහින එයාගේ හීනි ඇගිලි ඒ ඝන කෙස් ගස් අතරින හිමීට අරන් යද්දී නිර්වාන්ගෙ ඇස් පියාගෙන ඒ මොහොත වින්දා. සනීපයි.
විනාඩි දහයක් විතර ඔලුව අත ගානකොට නිර්වාන්ගෙ ඇස් නින්දන්ම පිය වෙනදිහා බලන් හිටපු සිහිනට ආවේ ලස්සන හිනාවක් , මෙච්චර වෙලා නිර්වාන්ගෙ හිස කෙස් අතර දුවපු ඇගිලි හිමින් සැරේ නිර්වාන්ගෙ කඩවසම් මුහුණ පුරා සිහින අරන් ගියේ හරි පරිස්සමට , නළල ඉදන් පටන් අරන් ටිකක් දිහ එත් වක් වුන නහය දිගේ පහලට ඇඳන් ආපු සිහින නිර්වාන්ගේ තොල් ළඟදි නතර වුනේ එයාටත් හොරෙන් එයාගේ කම්මුල් රත් වෙන හැටි දැනුන නිසා, ඒ තොල් වලින් ඉක්මනට ඇස් අහකට ගත්තු සිහින නිර්වාන්ව පරිස්සමට කොට්ටෙන් තියලා නැගිට්ටේ ඒ වෙලාවේ දැනුන සිතුවිල්ලක් නිසා නිර්වාන්ගේ නළලට කෙටි හාදුවක් තවරන ගමන්.
" මහලොකු චන්ඩියා නිදා ගත්තම පූස් පැටියෙක් වගේ "
නිර්වාන්ට ඇනුම් පදේකුත් කියාගෙන කාමරෙන් එන්න හැරුන සිහින අයේ නැවතුනේ එයා ඒ වෙලාවේ බලාපොරොත්තු නොවිච්ච ඇස් දෙකක් සිහිනගෙ ඇස් එක්ක පැටලිච්ච නිසා,
ශෙනාල් ඒ අවිත් හිටියේ ශෙනාල්, සිහින දැන් කරපු දේ ශෙනාල් දැක්කා කියලා තේරෙද්දී සිහිනගේ ඇස් කලබල වුනා , ඉතින් ඒ කලබල වුන ඇස් වලට බැරු වුනා ශෙනාලගෙ ඇස් වල ඒ වෙලාවේ තුබුන හැඟීම් කියවා ගන්න.
නිර්වාන් ගෙදර ආවා කියලා දැන ගත්තු ශෙනාල් එයාගෙ ලොකූගෙ සැප දුක බලන්න කියලා ආවේ වෙනදා වෙලාවට සිහිනගෙන් හම්බ වෙන තේ එකත් නැත්තේ සිහිනත් අයියා ළඟ ඇති කියලා දැනගෙනමයි. ඒත් එයා ඒ අපු වෙලාවෙ දැක්කේ නම් එයා බලපොරොත්තු වෙච්චි දෙයක් නෙවෙයි.
සිහිනගෙ උකුල උඩම නින්ද ගිය නිර්වාන්ට පහත් වෙලා හාදු තියපු සිහිනගෙ මූණෙ තුබුන හැඟීම් ශෙනාල් ඕනවටත් වඩා හොදට කියෙව්වා, සමහර විට එයත් ඒ වගේ හැඟීම් ගොඩක අයිති කාරයෙක් නිසා සිහිනව කියව ගන්න ශෙනාල්ට ලේසි වෙන්න ඇති.
සිහින බය වෙලා, තවත් මෙහෙම නිහඬව ඉඳලා සිහිනව කලබල කරන්න ශෙනාලට හිතුණේ නෑ ඉතින් ඇස් වලින් වෙනම කතාවක් කියනකොට ඒ කතාව හංගගෙන ශෙනාල් සිහින එක්ක හිනා වුනා.
" මල්ලි ම~"
සිහින දෙයක් කියන්න ගියා වුනත් ශෙනාල් එයාව නැවැත්තුවා.
" ෂ්!! එලියට යමු ලොකූ ඇහැරෙයි "
...................................................................
නිර්වාන් ගැන මොකද හිතෙන්නේ ඒයි.
You are reading the story above: TeenFic.Net