හොස්පිට්ල් ඉඳලා ගෙදර එනකල්ම මගෙ උරහිසේ ඔලුව ගහන් හිටි සිහින කිසි කතාවක් නැතුව ආපු ගමන් එයගෙ කාමරේට දිව්වා, මාත් අම්මා එන්න කලින් ගිහින් වොශ් එකක් දාගන ආයේ පහලට ආවේ අම්ම කන්න කතා කරපු වෙලාවේ, මං යද්දී සිහින අම්මා එක්ක කෑම කනවා, අඩල නිසාද කොහෙද එයාට ලාවට හෙම්බිරිස්සාවක් හැදිලා , එයාගෙ මැලවිලා තියන මූන දැකලා අම්මා සැරින් සැරේ බෙහෙත් ගන්න ඕනද ඇහුවත් එයා ඕන නෑ කීව නිසා අම්මා කාලා ඉවර වෙලා එයාගෙ ඔලුවට තෙල් දාලා අතගෑවෙත් එපා කියද්දිමයි,
ලොකූත් අම්මට කෝල් කරලා අද ගෙදර එන්න වෙන්නෙ නැති එකට හේතු දාහක් විතර කියලා තිබ්බ නිසා අම්මා ඒ ගැන මොකුත් කතා කරේ නෑ, දන්නවා නම් පුතන්ඩියාගෙ හපන්කම් අපිටත් එක්ක බැනුම් අහ ගන්න වෙනවා.
අපි කාලා බීලා ඉවර වුනාම අම්මා සිහිනවත් උඩට එව්වේ කලින් නිදා ගන්න කියලා, මගෙ පස්සෙන්ම උඩට ආපු සිහින එයාගෙ කාමරේට පහු කරන් මගෙ කාමරේ ලගට ඇවිත් නැවතුන නිසා මාත් දොර ළඟ නැවතුනා
" ඇතුලට එනවද? "
" මල්ලී පාඩම් කරන්න ඕනි නේද ? මං යන්නම් එක්කො "
එහෙම කියල ආපහු යන්න හැරුණ එයාව මං අතින ඇඳන් කාමරේට එක්ක ඇවිත් දොර වහලා දැන්මා , සිහිනත් මං කරපු දේට පුදුම වෙලා වගේ බලං හිටියා, ඇයි ඉතින් ඇතුලට එන්න ඕනි නිසානෙ එයාගේ කාමරේ පහු කරන් මගේ පස්සෙ ආවෙ.
" ඉදගන්න " එයාගෙ අත අතෑරලා මං ඇදෙන් ඉදගත්තේ එයාටත් එහා පැත්තට එන්න කියලා තට්ටුවක් දාන ගමන්, එයත් බුම්මාගෙනම අත් දෙකත් බැදගෙන ඇවිත් බොක් ගාලා ඇදෙන් ඉද ගත්ත පාර දෙන්නත් එක්කම බම්ප් වෙලා ගියා, හිනත් යනවා කරන වැඩ වලට.
" මොකද හිනා වෙන්නෙ? " සිහින ඇහුවේ මගෙ කනක් මිරිකලා, නහය බර නිසා එයාගෙ කටහඬ වෙනස් වෙලා හැබැයි එහෙම කතා කරද්දී කියුට් මට ඉතින් හිනා ගියා ඒකටත් කම්මුල් දෙක අදින්න හිතෙනවා දෙපැත්තට.
" ඔහොම කතා කරද්දී කියුට් "
" අනේ මේහ් පිස්සු ! "
එහෙම කීවට මොකද මං දැකලා කන් දෙකත් රතු වෙන්වා, ලැජ්ජා හිතිලනෙ ඉතින්
සිහින මටත් රවලා මගේ ඇද උඩට කකුල් දෙක අරන් මගෙ කොට්ටෙකුත් එයාගෙ උකුලෙන් තියාගෙන බිත්තියට හේත්තු වුනා. ඒ ඉන්න හැටියට නම් දැන්ම යන්න අදහසක් නෑ වගේ, මාත් ගිහින් සිහිනට එහා පැත්තෙන් බිත්තියට හේත්තු වුනා, එයා මං දිහා බලලා හිනා වුනා , ඒ වගේ යන්තම් හිනා වෙද්දී එයගේ කම්මුල් වල ගැහෙන්නෙ නෑ , මං කැමති එයා කම්මුල් වල ගැහෙන්න හිනා වෙනවට, එයා එහෙම හිනා වෙන්නේ ගොඩක් සතුටින් ඉන්න වෙලාවට,
" මල්ලි අද පාඩම් කරන් නැද්ද ? "
" අද මහන්සී "
" එහෙම කියලා බෑනෙ, හොදට පාඩම් කරන්න ඕනිනෙ තව මාස ගණනේ තියෙන්නෙ එක්සෑම් එකටත්, ඔයා ඉතින් මෙහේ කැම්පස් යන්නෙ නැති උනාට හොද රිසාල්ට් එකක් ගන්න එපැයි, එක අතකට මෙහෙ යන්නෙ නැති එකත් හොදයි කවුද දන්නේ අයියා වගේ චන්ඩියෙක් වෙන්න ඕනි උනොත් මෙයාටත් , මං අද දැක්කානෙ උල්පන්දන් දෙන හැටි අයියාගෙ වැඩ වලට හොද අයියයි මල්ලී තමයි වෙලාවක මං නැන්දට කියන්වා දෙන්නගෙ කෙරුවාව මටත් බොරු කරන්න වෙනවා මෙයාලගෙ වැඩ නිසා"
සිහින නහයෙනුත් පිඹ පිඹ තමා ඔය ටික කීවේ අන්තිමට අහක ඉදපු මටත් බැනුම් අහන්න උනා අර බූරු වහන්සේ නිසා,
" ඉවරද? "
" මොනවද? "
" බැනලා "
" අනේ යන්න මල්ලි ඔයාල හැමොටම විහිලු , මං යනවා "
සිහින කොට්ටෙ විසික්කලා යන්න ලෑස්ති වෙද්දී මං එයාගෙ අතින අල්ලලා නැවැත්තුවා, එහෙම යන්න දෙන්න පුළුවන්ද?
" අද මොකද්ද වුනේ? "
යන්න ගියපු සිහිනව අයෙ හිටපු තැනම ඉන්දලා මං අහුවෙ ඇත්තටම ලොකූට මේ සැරේ කාගෙ හරි හොම්බ කට පොඩි කරන්න ඕනි වෙච්චි සදාරන හේතුව මොකද්ද කියලා දැනගන්න. ඒක අහුවම සිහිනගෙ මූන කලු වෙන හැටි මං බලන් හිටියා
" මල්ලි දැක්කා නේද අයියාගෙන් ගුටි කාලා හිටපු කෙනා එයා දැක්කම කාවවත් මතක් වුනේ නැද්ද ? "
මං කල්පනා කරා මං ඒ තරම් උවමනාවෙන් ගුටිකාපු එකා දිහා බැලුවෙ නෑ අනික මං හිතන්නෑ ඌව දන්න කෙනෙක්ට වුනත් අදුරගන්න පුළුවන් වෙයි කියලා ඒ හිටි විදියට අපේකා සෑහෙන ලොකි ඇරියක් එකක් කව කරලා තිබ්බනේ උගේ මූනෙන්. ඒත් සිහින එහෙම අහුව නම් මට එක පාරක් හරි හම්බ වෙච්චි කෙනෙක් වෙන්න ඇතිනේ එතකොටයි මට මතක් වුනේ,
" එදා ogf එකේදී හම්බුන එකෙක්ද? "
" හ්ම්ම්, මං මල්ලීට කීවේ ඒ අපේ සීනිය බැජ් එකේ කොල්ලෙක් ඒ අයියා මං කැම්පස් එකට ගියදා ඉදන්ම මාත් එක්ක පැටලෙන්නමයි එන්නේ , හම්බ වෙන හැම වෙලාවකම එක්කෝ මාව තනියම රැග් කරන්න අල්ල ගන්න හදනවා එක්කෝ මොකක් හරි කර කැඩිච්ච කතාවක් කියන්වා මං ඉතින් ඕවා වැඩිය ගනම් ගත්තේ නෑ මොකද ඉතින් අපිත් බැන බැන හිටියට රැග් එක ඉවර වෙනකොට අපේ අයයි සින්නොයි අතර සෑහෙන හොද බොන්ඩ් එකක් හැදිලා තිබ්බා මං හිතුවෙ අරුත් මාව වැඩියෙන් රැග් කරේ මාව ටිකක් කට්ටියම අතරට ගන්න වෙන්නැති කියලා ඔයා දන්නවනේ ඉතින් මං එහෙම් වැෆිය ෆෝවඩ් නෑනෙ මං හිතුවෙ ඒ නිසා කියලා අද ඉතින් අපේ සෝශල් එකනේ ඔක්කොම වගේ සින්නො හිටියා අපි හවස ඔක්කොම් event ඉවර කරලා dance කරා ඒ වෙලේ අර අයියා ඇවිත් මා එක්ක dance කරන්න ගත්තා සින්නෝ ජුන්නෝ කියලා නෑ ඔක්කොම එක පොදියට dance කරන ගමන් හිටියේ එවෙලෙ ඒ නිසා ඉතින් මං වැඩිය කෙයා කරේ නෑ ඒත් ටික ටික ඒ අයියා මව inappropriate විදියට touch කරන්න ගත්ත නිසා මං එයාව එහාට තල්ලු කරා , ඒ තරහට ඌ මට ඕන්නැති කතාවක් කීවා මටත් තරහා ගිය නිසා මං ඌට ගැහුවා "
" මොකද්ද ඌ කීවේ "
" ඌ කීවා මං සීන් එකේ ඉන්න එකෙක් කියලා දැක්ක ගමන් පේනවලු දකින දකින එකාට නැමෙන එකේ ඌ පොඩ්ඩක් ඇල්ලිවම බොරුවට දගලන්නේ ඇයි අහුවා , මං හිතපු නැති වෙලාවක් ගහපු නිසාද මංදා ඒ පරට ඌ විසික් වෙලා ගිහින් වැටුණා ඌ ආපහු නැගිටලා ඇවිත් මගෙ බෙල්ලෙන් අල්ලලා කෑ ගැහුවා මං හැම එකාටම දීගෙන යන සමනලයෙක් උන පලියට ඌව ඒවට ගාව ගන්න් එපා කීවා ඌ මං වගේ පො**යෙක් නෙවේ කියලා ඌ එතන හිටි ඔක්කොටම ඇහෙන්න කෑ ගහුවා. කොහොම හරි එතන සේජාන් අයියා ඉදල තියනවා එයා ගිහින් නිර්වාන්ට වෙච්චි දේ කියලා නිර්වාන් කුලප්පු වෙලා ඇවිත් අර යාකාට හොදටම ගැහුවා"
" ගහල මදී මරන්න තිබ්බේ "
සිහින කීවා වචනයක් ගානේ මට මගේ ලේ රත් වෙන හැටි දැනුනා මේ දැන් හොයන් ගිහින් අරූව ඉවර කරලා එන්න තරම් කේන්තී ලොකූ ඇයි ඌව ඉතුරු කරේ මං ආපු තරහට අත මිට මොලවලා බිත්තියට ගහගෙන ගියා.
" ශෙනාල්! නවත්තන්න ඇයි මේ? ඔයාට රිද්ද ගන්න එපා "
මුලින් මගෙ නම කියලා කෑ ගැහුවත් සිහින අනික් ටික කීවේ හරි හිමින් බිත්තියට ගහපු මගෙ අතත් එයාගෙ අත් අතරට අරගෙන, ශෙනාල්? ශෙනාල්! එයා මට නම කියලා කතා කරේ පලවෙනි වතාවට මං කොච්චර කල් බලන් හිටියද එයාගෙ කටින් මගේ නම අහන්න, මං සිහින දිහා බැලුවා කෙලින්ම බැලුවා නෑ මට බැලුනා මං ගොඩක් වෙලාවට එයා එක්ක කතා කරද්දී ඒ ඇස් මග ඇරියේ හිතලමයි මං බය වුනා මගේ ඇස් මාව පාවලා දෙයි කියලා, ඒත් එයා මගෙ නමින් කතා කරද්දී මට නොබලා ඉන්න බැරි වුනා.එයගේ ඇස් තෙත් වෙලා තුබුනා එහෙමම ඇස් පහලට ගෙනියනකොටයි මං දැක්කේ එයාගෙ බෙල්ලේ තිබ්බ ලා රෝස පාට මාක් , ඕනවට වඩා සුදු නිසා ෆේඩ් වෙලා තිබ්බ වුනත් ඒවා කාගෙ හරි ඇගිලි පාරවල් නිසා උනා කියලා කියන්න අමාරු නෑ ඇයි මං මේවා කලින් දැක්කේ නැත්තේ,
" අරූද ? "
මටත් නොදනිම මගෙ ඇගිලි ඉස්සර වෙලා සිහිනගේ බෙල්ලේ තිබුන marks උඩ නතර වුනා, එයාට රිදෙන්න ඇති , මං හිමීට මගෙ ඇගිලි ඒ රතු වෙලා තියන තැන් උඩින් පහලට ඇදන් ගිය, මගේ ඒ පොඩි ස්පර්ශයට එයා ගැස්සෙන විදිය මට නොදැනුනා නෙවෙයි ඒත් මගෙ ඇගිලි අකීකරුයි. මං ආයෙ බැලුවේ ඒ ඇස් දිහා එයාගෙ ඇඟ විතරක් නෙවෙයි ඒ ඇසුත් ගැස්සෙනවා මං ඒ ඇස් දිහාම බලන් හිටියා තප්පරයක් වුනත් කොච්චර දිගද කියල මට හිතුණේ ඒ වෙලාවේ මොකද මට වැඩි දුරක් යන්න වුනේ නෑ මගෙ මැණික් කටුව ලගින් අල්ල ගත්ත සිහින මාව නතර කලා ඒ පුංචි වෙලාව ඇතුලේ මං හුගක් කල් ජීවත් වුනා,
" මල්ලී. "
මං මගෙ අත එයගෙන් ගලවගෙන අහකට ගත්තා , ඒ තනි වචනෙට පුළුවන් වුනා මට මගෙ සීමාව මතක් කරල දෙන්න.
" සිහින දැන් ගිහින් නිදා ගන්න, මේ ටිකේ පරිස්සමට ඉන්න කැම්පස් එක ඇතුලේ ලොකූත් නැති එකේ වෙච්චි දේවල් නිසා කට්ටිය එක එක දේවල් කියයි. ගනන් ගන්න එපා ඒවට react කරන්න යන්න එපා ඔයා කවුද කියලා කාටවත් ඔප්පු කරන්න යන්න ඕනි නෑ දන්න අය දැන ගත්තම ඇති කාගෙවත් judgments වලට ඔයාව වට්ටන්න දෙන්න එපා ඔලුව කෙලින් තියන් ඉන්න ඔයා වරදක් කරලා නෑනෙ තේරුණාද? "
" තේරුණා ලොකු තාත්තේ තේරුණා අයියාගෙම අනික් එකනෙ බලන් ගියාම, තාම ඉස්කෝලේ යනවා ඒ වුනාට ලොක්කා වගේ මටත් උපදෙස් දෙන හැටි "
සිහින එහෙම කීවෙ මගෙ කොන්ඩෙත් අවුස්සලා,
" මං ඌ වගේ නෑ, අනික් එක ඔයා වයසෙන් වැඩි උන පලියට ඒකෙන් කියවෙන්නෙ නෑ ඔයා මට වඩා matured කියලා "
" එතකොට ශෙනාල් මට වඩා matured එහෙමද? "
" නෑ මං එහෙම් කීවේ නෑනෙ මං කියන්නේ ඒක වයස මත තීරණය වෙන දෙයක් නෙවෙයි කියලා, මං දන්නවා ඔයා කරන්න ඕනි මොනාද නැත්තේ මොනාද කියලා නොතේරෙන් කෙනෙක් නෙවෙයි කියන්න ඔයාගෙ විදියට ඒ ප්රශ්න විසද ගනී කියලත් මං දන්නවා ඒ වගේම මං දන්නවා පොඩි දේටත් ඔයාගෙ හිත රිදෙනවා කියන්නත් ඔය ඇස් වලට කදුලු ගන්න ලොකු හේතු ඕනි නෑ කියන්නත් ඒ නිසයි මං කීවෙ නැතුව ඔයාට උපදෙස් දෙන්න මං කවුද "
" හරි දරුවො මට තේරෙන්වා ඒත් ඔයාට තරහ ගිහින් ඉන්නෙ ඇයි කියන්න? ඔයා වෙනදට මෙහෙම නෑ"
" මට පාඩම් කරන්න තියනවා " එයාට යන්න කියලා නොකියා කියපු මම නැගිටලා ගිහින් මේසෙන් වාඩි උනෙ අතට අහු වුන පොතක් දිහ ඇර ගන්න ගමන්. මං දිහා ටික වෙලාවක් බලං හිටි සිහින යන්න ගියා,
මං නපුරු වුනා වැඩිද? ඒත් මටත් රිදෙනවා මාව පොඩි එකෙක් ගානට දාලා කතා කරද්දී , එයාට මාව එයාගෙම මල්ලි වගේ විතරයි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ හිතෙද්දි රිදෙනවා.
පිස්සෙක් වෙන්න එපා ශෙනාල් තමුන්ගෙ හිතේ තියන දේවල් දන්නෙ වත් නැතුව කොහොමද එයා රිද්දුවා වගේ තමුසෙ හැසිරෙන්නේ? මහලොකුවට maturity ගැන කියෙව්වට තමුසෙ හෙන බොලදයි.
ඉතින් මට මොකද්ද කරන්න කියන්නේ
එක්කෝ කියපන් උඹට හැමදාම හංගන් ඉන්න බෑනෙ.
බෑ මට පුළුවන් එයාට දුර ඉදන් ආදරේ කරන්න ඒත් එයාව නැති කරගන්න බෑ
උබ මෝඩයෙක් තමන් ආදරේ කරන කෙනාට ඒක කෙලින්ම කියාගන්න බැරි බයගුල්ලෙක්.
මං හිටියේ මගෙ හිතත් එක්කම ලොකු වාදෙක මං සිහිනට අදරේ කරන්න ගත්තේ කොහොමද කොතනද කොයි වෙලාවෙද කියන්න මං දන්නේ නෑ ඒත් මං දන්නේ මේ මොහොත වෙද්දී මං එයාට ආදරේයි කියන්න විතරයි. මගේ පලවෙනි ආදරේ, මට ඕනි උනා ඒක මගෙ අවසන් ආදරේත් වෙනවා දකින්න ඉතින් හිතත් එක්කම කරපු ලොකූ ගෝරනාඩුවකට පස්සේ මං තීරණේ කලා සිහින ඒ ගැන කියන්න.
ඒත් මං දැනම් හිටියේ නෑ ඒ වෙද්දී මං ගොඩක් පරක්කු වැඩී කියන්න.
...................................................................
You are reading the story above: TeenFic.Net