" චූටි පුතා මේ දොර අරින්නකෝ "
ඊයෙ වෙච්චි දේවල් නිසා නින්ද අහලකටවත් නොඑද්දී තවත් ඇදට වෙලා ඔහේ සිවිලිම දිහා බලම් හිටි මට අම්මගෙ කට හඬ අහුනා.
" ඉන්න අම්මා "
ෆෝන් එක හොයාගෙන වෙලාව බලපු මම ඉක්මනට නැගිටලා ගිහින් දොර ඇරියා. වෙලාව පහ හමාරයි. අම්මා සාමාන්‍යයෙන් මෙච්චර උදෙන් මට කතා කරන්න එන්නේ නෑ මොකද මං හය වෙනකොට කොහොමත් නැගිටිනවා.
"Good Morning පුතා මොකද මේ ඇස් දෙකත් ඉදිමිලා. නිදා ගත්තේ නැද්ද ? රෑ වෙනකල් එක එක ඒව බලන්න ඇහැරන් ඉන්න එපා කියලා මං කියලා තියන්වනේ "
අම්මා එහෙම කීවේ මගේ කොන්ඩෙ අතරින් ඇගිලි ගෙනියන ගමන් , ඒ දැනුන සනීපෙට මගේ ඇසුත් පිය වුනා.
" අම්මා ඇයි උදේම ? "
"අනේ චූටි පුතා බලන්නකෝ සිහින පුතාට හොදටම උණ . මං එයාට තේ හදන් බලන් හිටියා වෙනදට මේ දරුවා මටත් කලින් නැගිටලා උයන්න එනවනේ ඊයේ ඔලුව රිදෙනවා කියලා කීප වතාවක්ම කීව නිසා මං ගිහින් බැලුවෙ. බැලින්නම් සහලවලම උණ මං කතා කරට නැගිට්ටෙත් නෑ එන්නකො බලන්න."
ඇත්තම කීවෙත් මං හිටියෙ සිහින එක්ක තරහින්. මං මෙච්චර වෙලා කල්පනා කරෙත් එයා කොහොමද ඒ තරම් මෝඩ උනේ කියලා. මෙතනදී ලොකූ වැරදී ඒත් සිහින කියන්නෙ පොඩි ළමයෙක් නෙවෙයි, ඒ තරහ නිසාමයි මං ඊයෙ එයාව හොයං යන්නෙ නැතුව පාඩුවේ හිටියේ. අනික මගෙම අයියා අතින් මේ වගේ දෙයක් වුනාම මං කොහොමද එයාට මුහුන දෙන්නේ?
ඒත් අම්ම කීව දේත් එක්ක මං කලබල වුනා. මට තුබුනා එයා ගැන බලන්න. උණ ගන්න තරම් මුලු රෑම අඩ අඩ හිටියද සිහින ?
අම්මා එක්කම එයාගේ කාමරේට ගිහින් බලනකොට සිහින සීට් එකත් බෙල්ල ලගටම පොරවන් ඇදේ ගුලි වෙලා හිටියා.
ළං වෙලා බලනකොටයි මං දැක්කේ එයාගේ මුලු මූනෙම සුදු මැලි වෙලා මදිවට ඇඟ හොදටම ගැහෙනවා. මං ඔලුවට අත තියලා බැලුවා. අත පිච්චෙන තරම රස්නයක් දැනුන නිසා මං ඉක්මනට අත අහකට ගත්තා.
"සිහින... නැගිටින්න අපි බෙහෙත් ගන්න යමු ඔයාට හොදටම උණ, "
" සී...තලයී.."
මං එයාව නැගිට්ටවන්න හැදුවත් උණ විකාරෙනම වගේ සීතලයි කියලා මුමුනපු සිහින තව තවත් ඇදේ ගුලි වුනා.
" බලන් ඉඳලා බෑ චූටි පුතා අයියව බෙහෙත් ගන්න එක්ක යන්න ඕනි, කොහෙද මේ ලොකුත් උදේම ගියානේ ඕන කිසිම වෙලාවක ගෙදර නෑ. අද monthly test පුතා නැත්තම් මං නවතිනවා මේ දරුවා මෙහෙම දාලා යන්නේ කොහොමද ?"
" අම්මා යන්නකෝ මං සිහිනව බලන්නම් ඔයාව ඩ්‍රොප් කරන්න යන ගමන් සිහිනට බෙහෙත් අරන් එන්නම් "
" නෑ පුතා මේ දරුවට මේ තත්වෙන එච්චර දුරක් යන්න එන්න අමාරු වෙයි මං අදට බස් එකේ යන්නම් ඔයා අයියට බෙහෙත් අරන් දෙන්න එක්ක යන්නකෝ."
සිහිනගේ ඔලුව අතගාන ගමන් එහෙම කියපු අම්මා , සිහිනව හිමින් සැරේ නැගිට්ටවලා එයාව හෙඩ්බෝඩ් එකට හේත්තු කරා.
" මැණික ඔයට හොදටම උණ අපි බෙහෙත් ගන්න යමු , හොද පුතා වගේ ඇඳුමක් දාගන්න."
අමාරුවෙන් ඇස් ඇරලා මං දිහායි අම්මා දිහායි මාරුවෙන් මාරුවට බලපු සිහින හා කියන්න ඔලුව වැනුවා. වෙනදට තරු කැට වගේ දිලිසෙන ඇස් මැලවිලා රතු ගැහිලා තිබුනා වගේම ඇස් කොන් වලින් කදුලු බේරුනා. සිහිනව මෙහෙම දකින කොට මගේ පපුව රිදෙන්න ගන්නවා. මට හිතුනෙම එයාව තද කරලා බදා ගන්න.
" අඬන්න එපා මැණික බෙහෙත් ගත්තම ඇඩුවෙයි "
සිහිනගෙ ඇස් වල කදුලු බේරෙනවා දැකපු අම්මා අත් දෙකෙන්ම එයාගෙ කදුලු පිහිදාල එයාව තුරුල් කර ගත්තා. මං දැක්කා අම්මගේ ඇස් වලත් කදුලු පටලයක් බැඳුණ හැටි. අම්මා සිහිනට කොච්චර ආදරේයිද මේ වෙලා තියන දේවල් එයා දැන් ගත්තොත් මොනවා වෙයිද ? අනික සමනලි නැන්දා සිහිනව මෙහෙ නතර කරන්න ඇත්තෙ කොච්චර විස්වාසෙකින්ද? ඇයි ලොකූ මෙච්චර ආත්මාර්ථකාමී වුනේ.
අපි හය හමාර වගේ වෙනකොට ළඟ තුබුන මෙඩිකල් සෙන්ටර් එකකට ආවා.ඩොක්ට නම් කීවේ බය වෙන්න දෙයක් නෑ ටික දවසක් රෙස්ට් කරාම හරි යයි උණ අඩු උනේ නැත්තම් විතරක් blood එකක් බලමු කියලා. අම්මාටත් කෝල් එකක් දීලා ඩොක්ට කියපු දේවල් කීවේ එයා අද ගියෙත් හිත හොදින් නෙවෙයි නිසා. ඩොක්ට කියපු නිසා ඒ වෙලාවෙම සිහිනට එක බෙහෙත් ඩෝස් එකක් අමාරුවෙන් පොවා ගත්ත නිසා ගෙදර එන ගමන් එයාට කාර් එකේම නින්ද ගිහින් තිබුනා.
" සිහින "
" ම්ම්හ්..."
" අපි ගෙදර ආවා "
" ම්ම්ම් "
මං එයාට කතා කරත් එයාට නම් නැගිටින්න ගානක් වත් තුබුනේ නෑ. ඇගට අමාරු නිසයි බීබු බෙහෙත් නිසයි වෙන්න ඇති එයා එහාට මෙහාට ඇඹරිලා තව ටිකක් කර් සීට් එකේම ගුලි ගැහුනා. වෙන කරන්න දෙයක් නෑ , එයාව ඇහැරවන්න හිතෙන්නෙත් නෑ. මං පරිස්සමට එයාව මගෙ අත් දෙකට අරන් කකුලෙන් දොර වහල දැන්මා.
සිහින යන්තම් ඇස් ඇරලා මගෙ බෙල්ල වටේ අත් දලා මගේ පපුවෙන් මූන ඔබාගෙන ආයෙම නින්දට වැටුණා.
' ඔයා මගේ පපුවට තුරුල් කර ගන්න මං ඕන තරම් හීන දැකලා ඇති සිහින ඒත් මේ විදියට නෙවෙයි. ඉක්මනට හොද වෙන්න.'
එයාට දැනෙන නොදැනෙන තරමට එයාගේ හිස කෙස් අතර හාදුවක් තවරපු මම , පරිස්සමට එයාව කාමරේට අරන් ඇවිත් ඇදෙන් තිබ්බා.
" ම්ම්ම් සීතලයි "
මගෙ උණුහුමට ගුලි වෙලා ඉඳලා මං ඈත් වෙනකොට එයා කෙදිරුවේ පොඩි එකෙක් වගේ මගේ උණුසුම හොයන ගමන්. කොට්ටයක් අරන් එයාගේ අත් අතර තියනකොට එයා කොට්ටෙත් බදාගෙනම අනික් පැත්ත හැරුනා. ටික වෙලාවක් එයාගේ ඔලුව අත ගාපු මම එයාට අයේත් හොදටම නින්ද ගියා කියලා තේරුනම පහලට ආවේ සිහිනට බොන්න සුප් එකක් හදන්න හිතාගෙන.
අම්මා උදේ ඒකත් කරලා යන්න හැදුවත් අම්මා සිහිනට ඇදගන්න උදව් කරන්න ගිහින් පරක්කු වුන නිසා ඒක කරන්න බැරි වුනා ඉතින් අම්මා ගියේ මට සුප් එකක් හදන විදිය කියලා දීලා, ඒ කීවට මගෙ නම් ඔලුවට මොකුත් ගියේ නෑ.
මං ෆ්‍රිජ් එක ඇරලා තිබ්බ එළවළු ඔක්කොම එලියට ගත්තා.
කැරට් තියනවා ලීක්ස් තියනවා වම්බටු තියන්වා අල තියනවා වට්ටක්කා තියන්වා මේ මොනවද? ආ පතොල, මේ ඔක්කොම කපලා තැම්බෙන්න තිබ්බම හරිද?
එලියට ගත්ත එළවළු ටික දිහා බල බල ඉදන් මගේ සක්කුවෙ තිබුන ෆෝන් එක වයිබ්රේට් වුනා. ආපු විඩියෝ කෝල් එක ආන්ස කරලා ෆෝන් බිත්තියට හේත්තු කරපු මම මගේ වැඩේ කරන්න පටන් ගත්තේ කෝල් එක ආන්ස කරාට එහා පැත්තේ සද්දයක් නැති නිසා.
" අඩෙහ් ආන්ස කරද? ඇයි ආන්ස කරේ?"
විහගි එහා පැත්තෙන් කොහෙද ඉදන් ඇවිත් ෆෝන් එකට එබුනා, මේකි දන්නේ ඉතින් මේ වගේ ගොන් ආතල් ගන්න තමා.
" බායි "
" හෝව් හෝව් පොඩි මහත්තයා මොකද හදිස්සී ආන්ස කරපු එකේ කතා කරමු "
මං කෝල් එක කට් කරන්න ගියත් විහගි අනික් පැත්තට කෑ ගහපු නිසා මං volume එක විතරක් අඩු කරලා නිකම් හිටියා.
" මේ මොකද ඔය එළවළු ගොඩක් බදාගෙන කරන්නේ ? "
" සුප් එකක් හදන්න "
" හෑ ඉතින් ඔය වම්බටු ගෙඩියක් සුද්ද කරන්නේ? "
" මට කන්න ඇයි අවුල්ද? "
" ඇත්ත කියනවා තමුසෙ සුප් එකට දාන්න නේද වම්බටු සුද්ද කරේ? ඊය හලෝ හිතද්දීත් බඩට මොකද්ද වුනා "
බොරුවට වෝමිට් වෙන්න වගේ ඇක්ටින් පාරකුත් දාල විහගි නෝන්ඩියට හිනා වෙලා අහනකොට ඒ ටෝන් එකෙන්ම සුප් හදන්න ගිහින් මං ඇදගෙන නාන්න යන්නේ වගේ එකක් තේරුන නිසා මං ඒකිටත් රවලා පොතු අයින් කර කර හිටි වම්බටු ගෙඩිය පැත්තට දැන්මා.
" ඇයි සුප් ආන්ටී කන්න දෙන්න බෑ කීවද? "
" සිහිනට "
" ඇයි අයියාට සනිප නැද්ද ? "
මීට කලින් කීප වතාවක් අපේ ගෙදර ඇවිත් තිබුන නිසා විහගිට සිහිනව මුන ගැහිලා තිබුන. සිහිනව මුලින්ම දැකපු දවසේ ' අනේ අයියේ ඔයා හරිම cute kpop idol කෙනෙක් වගේ" කියලා සිහිනගේ කම්මුල් මිරිකන්න ගිහින් සිහිනවත් බය කරල හොද නාඩගමක් නැටුවා. හැබැයි ඉතින් ටික වෙලාවයි ගියේ ඒ දෙන්නා සෙට් වෙලා වරුවක් විතර මොන මොනවදෝ කියෙව්වා, විහගිව සහිරු තමා බල්නෙම ගෙදර ඇඳන් ගියේ එදා.
" උණ. තමුසෙට වැඩක් නැත්තම් මට මේක හදන හැටි කියනවා "
" මෙහ් මං අපේ අම්මී එක්ක එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර ආපු ගමන් ඔයාලගේ ගෙවල් ළඟමයි මං එන්නද ඔහේ? තමුසෙට ඕක හදන හැටි කියන්වට වඩා ලේසි මං ඇවිත් හදලා දෙන එක."
" පුළුවන්ද ? "
" විනාඩි පහලවයි"
විනාඩි පහලවකින් එන්නම් කියලා විහගි කෝල් එක කට් කරා.ඇත්තටම උයන පිහන වැඩ ගැන මෙලෝ දැන්මක් නැති මම සුප් හදලා සිහිනගේ ලෙඩ වැඩි කරනවට වඩා දන්න කෙනෙක් කරන් එක හොදයිනේ. අනික විහගිට ඇත්තටම රසට කෑම හදන්න පුළුවන් නිස බය වෙන්න දෙයක් නෑ.
කීවත් වගේම විහගි විනාඩි පහලවක් වගේ වෙනකොට ඇවිත් හෝන් කරපු නිසා මං එයාගෙ වාහනේ දාන්න ගේට් එක ඇරලා දුන්නා.
" කෝ මේ ටික ගන්න "
එක එක කෑම ජාති ගොඩක් තුබුන බෑග් වගයක් මගේ ඇගේ ගහලා විහගි මාවත් පාස් කරන් ගේ ඇතුලට ගියා.
" මොනවද මේ?"
" අල්ලන් නෑ. මං ඔවා සිහින අයියට අරන් ආවේ කෝ අයියා? "
" එයා නිදි "
" අහ් එහෙනම් සුප් එක හදලම ඇහැරවමු නේහ්"
මගෙන් අහල තේරුමක් නෑ කියලා හිතුන නිසාද කොහෙද මට පැත්තකට වෙන්න කියලා කිචන් එක පුරා එහෙට මෙහෙට ගිහින් එයාට ඕනි එවා හොයාගෙන විහගි සුප් එක හදන්න පටන් ගත්තා. ඒ අතර මං සිහිනව බලන්න ආවේ එයාගෙ ඔලුවට තියපු තෙත රෙදි කෑලලත් සැරින් සැරේ මාරු කරන්න ඕනි නිසා. දැන් නම් උණ ගතිය ගොඩක්ම අඩුවෙලා. ඒත් සිහින නම් තාම හොදටම නිදි.
" දැන් අඩුයිද අයියට? "
ට්‍රේ එකක සුප් භාජන දෙකක් තියාගෙන සිහිනහෙ කාමරේට ආපු විහගි , ඒක ටේබල් එකෙන් තියලා සිහිනගේ ඇදේ පැත්තකින් වාඩි වුනා.
" ඇගේ රස්නේ නම් අඩුයි "
" ම්ම් සුප් එක රස්නෙම්ම බොන්න දුන්න නම් හොදයි නිමුනම බොන්න අප්පිරිය හිතෙයි මං වට්ටක්කා සුප් එකක් හැදුවේ"
" බොන්න පුළුවන් ඇතිනේ? "
" තමුසෙ ඕක අහනව කියලා දන්න නිසා දෙකක්ම ගෙනාවේ. බීලා බලනවකෝ රස නැද්ද කියලා "
විහගි අරන් අවිත් තිබුන සුප් දෙකෙන් එකක් මං අරන් හැන්දක් බීලා බැලුවා. සුදු ලූණු කරපිංචා එහෙමත් දාලා තෙල් දාල තුබුන නිසාද මංදා ඒක ඇත්තටම රසයි. උදේ ඉදන් කාලා නැති නිසා ඒකට මගෙ කට ඇවිස්සුනා. ඒක බීලා ඉන්න හිතුනත් සිහින බඩගින්නේ ඉද්දී මට ඕක බොන්න හිතුනෙ නැති නිසා සුප් එක පැත්තක තියල මං හැදුවෙ සිහිනව නැගිට්ටවන්න.
" ඕක බීලා ඉන්න උදේ ඉදන් කාලා නෑනේ , මං දැක්කා කෑම මේසේ බෙදපු කෑම එහෙම්ම තියනවා "
" සිහිනට බොන්න දීල ඉන්නම් "
" හ්ම්ම් අයියව ඇහැරවලා දෙන්න එහෙන්ම් මං දැන් යන්න ඕනි "
එහෙම කියලා විහගි යන්න නැගිට්ට නිසා මාත් ඒ එක්ක නැගිට්ටා, ඇත්තටම විහගි ආව එක ලොකු උදව්වක්
" ගෙදරද යන්නේ දැන් ?"
" නෑ, මං උදේ ඔයාට ගත්තේ මාත් එක්ක ශොපින් යමුද අහන්නත් එක්ක දැන් ඉතින් ඔයා කොහොමත් එන්නේ නෑනෙ එහෙම කියලා ඇපි සැලෙන්නෑ මල්ලී තනියම හරි යනවා. "
" ම්ම් තැන්ක් යූ ආවට , වෙන දවසක සහිරුත් එක්කම් යං "
" ඔයා වෙලාවකට මහ මෝඩයෙක් ශෙනාල් "
විහගි අදහස් කරන දේ මට නොතේරුනා නෙවෙයි , ඒත් මේ හිත පොඩි ඉඩක් වත් ඉතුරු නැතුව සින්නකර ලීයා ගත්ත කෙනෙක් ඉන්නවා, ඉතින් එයාටම අයිතිය දීලා හිතට අගුලු වැටිලා ඉවරයි, කම්මුල් වල ගැහෙන හිනාවක් තියන, ලස්සන කලු ඇස් දෙකකුයි ඇහැ අයිනේ චූටි බර්ත් මාක් එකකුයි තියන කෙනෙක්ට විතරයි ඒ අගුලු අරින්න පුළුවන්.
එහෙම හිතන ගමන් මට නිකම්ම බැලුණේ සිහින දිහා , එයාගෙ වටේ වෙන කිසිම දෙයක් ගැන වගක් නැතුව එයා හොදටම නිදි , එයා නිදාගෙන ඉද්දී බාගෙට ඇස් ඇරෙනවා එකට යා නොවිච්ච දිග ඇහි පිහාටු වල ලස්සන වැඩියෙනුත් පේනවා ඒ විදියට.
නිදා ඉන්න නිසා එයා මෙහෙම හිටියත් ආයෙ ඇහැරුන ගමන් දුක් වෙන්න පටන් ගනී කියලා මතක් වුනාම මට එයාව ඇහැරවන්නත් ලෝබ හිතුනා.ඇත්තටම ඔයාට මේ වගේ දුකක් විදින්න වෙයි කියලා දන්නවා නම් මං ඉස්සර වෙනවා සිහින.
" එක්කෝ මමද මංදා මෙතන මෝඩයා "
සිහිනගේ සිහියෙන් හිටි මම විහගි මොකක් හරි කියනවා ඇහිලා පියවි සිහියට ආවා.
" මොකද්ද ? "
" මොකුත් නෑ මට පරක්කු වෙනවා කියලා කීවේ. මං යන්නම් කෑම කන්න. පුතාලා දෙන්නෙක්ම ලෙඩ උනොත් ආන්ටිට කරදරයිනෙ."
" ම්ම්ම් "
" ඔච්චර තම දන්නෙ ඉතින් බස්සා,
ඔයා එන්න ඕනි නෑ අයියට සුප් එක දෙන්න මං ගේට එක වහන් යන්නම් "
මං අයේ මොකුත් කියන්න කලින් මටත් අත වනාගෙන විහගි යන්න ගියා. පව් කියලත් හිතෙනවා.
විහගි ගියාට පස්සේ මං ගිහින් ආයෙ සිහිනගෙ ඇදෙ වාඩි වුනේ එයාව නැග්ට්ටවන්න , නිදන් ඉන්න විදිය දැක්කම ලෝබ හිතෙනවා නැගිට්ටවන්න ඒත් එයා ඊයෙ රෑ ඉදන්ම මොකුත් කාල නැති නිසා මං එයාට කතා කරා.
" සිහින... නැගිටින්න "
" ම්ම්හ් "
" නැගිටින්න "
" අමාරුයිනේ "
" මේක බීලා ආයෙ නිදාගමු "
පොරවන් හිටි බෙඩ් ශිට් එක අගෙන් අයින් කරලා සිහින අමාරුවෙන් නැගිටලා හෙඩ්බෝඩ් එකට හේත්තු වුනා, උණ බැහැලා යනකොට දාඩිය දාලා එයාගේ ඇගම දාඩියෙන් තෙත් වෙලා තිබුනා. දාඩිය නිසාම නලලට ඇලිලා තුබුන කොන්ඩ කැරලි ටිකක් මං හිමීට පස්සට කලේ එයාගෙ මූනේ තිබුන දාඩියත් අතින්ම පිහිදාලා.
" ඇඳුමක් මාරු කරන් ඉමුද දාඩිය දාලනේ , ඇඟ නම් තෙමන්න හොද නෑ දැන්ම "
බෑ කියලා කියන්න එයා ඔලුව වනපු නිසා ආයෙ ඒ ගැන කරදර නොවී මං සිහිනට සුප් එක පොවන්න ගත්තා. බඩගින්න නිසාද සුප් එක රස නිසාද මංදා සිහින මං පොවන පොවන හැන්දට කට ඇරියේ පොඩි එකෙක් වගේ, ඒ නිසම කරදරයක් නැතුවම එයාට සුප් එක පොවා ගන්න පුළුවන් වුනා. ඒ ගමන්ම එයාට දවල් බොන්න තුබුන බෙහෙත් ටිකත් දුන්නම සිහින ආයෙත් නිදාගත්තා.
සිහින නිසාම halfday එකක් දාලා අම්මා කලිනම ගෙදර ආවා. ආපු වෙලේ ඉදන්ම අම්මා සිහින ලගම ඉදන් එයා ගැන බලපු නිසා මට ආයේ පැත්තකට වුනේ මට වඩා හොදින් කොහොමත් අම්මා එයාව බලනවා කියලා දන්න නිසා.
.
.
.
.
.
.
.
.
.
.
Third person pov:
" slow down babe you are exceeding your limits "
කීවෙනි වතාවටද කියන්න මතක නැතත් ඉවර වේගෙන ඇවිත් තුබුන බෝතලේ අන්තිම මත්පැන් ටිකත් වීදුරුවකට වත් කර ගත්ත නිර්වාන් ඒක බොන්න ඉස්සර එයාව ශානි එයාව නතර කලා.
තද රතු පාටින් පාට වුන උල් නියපොතු තුබුන අතින් තමන්ව වලක්වපු අත ගලව ගත්ත නිර්වාන් එක හුස්මට වීදුරුව කටට හලා ගත්තා.
" what's with you Nirvan මට කියන්න එපා ඔයා මෙහෙම හැසිරෙන්නේ අර boy නිසා කියලා නම් "
" පිස්සුද ශානි? මං කවුරුත් ගැනවත් හිතන් නෑ "
" We talked about this Nirvan so you better not "
ශානිට උත්තරයක් දෙන්න මහන්සි නොවුන නිර්වාන් සාක්කුවෙන් සිගරට් එකක් ඇදලා ගන්න දිහා ශානි බලන් හිටියා
" ඔයා smoke කරනවා කියලා මං දන්නේ නෑනෙ "
" ඔයාට uncomfortable ද? "
සිගරට් එක දල්වා ගන්න කලින් නිර්වාන් එහෙම අහුවේ දවසක් එයා smoke කරන්වා දැකපු සිහින මූණ අකුල ගත්ත හැටි මතක් වුන නිසා.
එදා සිහින නිර්වාන්ට සිගරට් බොන්න එපා කියලා කෙලින්ම නොකීවත් එයගෙ ගමේ සිගරට් බීපු නිසා මැරුනයි කියල සිහින හිතපු කීප දෙනෙක්ගෙම දුක හිතෙන ජීවිත කතා ගැන නිර්වාන්ට අහන් ඉන්න වුනා ඒ වගේම සිගරට් බීලා මැරුන සිරිපාල තමත් ගමේ බෝක්කුව ළඟ සිගරට් බොන්න එන අයට පේන්න ඇවිත් සිගරට් ඉල්ලන විදිය ගැන පවා අහන් ඉන්න වුන නිර්වාන් අන්තිමට බිබී හිටි සිගරට් එක විසි කරාම සිහින හිනා වුණ විදිය නිර්වාන්ට මතක් වුනා.
" Are you kidding me? "
නිර්වාන් අහපු දේට ඒ විදියට උත්තර දීපු ශානි නිර්වාන් අතින් උදුර ගත්ත stick එක එයගේ තොල් අතර තියාගෙනම පත්තු කරලා පුරුදු කාරියෙක් වගේ හුස්මක් ඉහලට ඇද්දා.
' ඇත්ත මේ එයාගෙ සිතූ නෙවෙයි මේ ශානි මට එයා ළඟ pretend වෙන්න ඕනි නෑ ' ශානි දිහා බලාගෙන එහෙම හිතුවත් ඒ වෙලෙ සිතට දැනුන නුහුරු හැගීම් නිර්වාන් හිතා මතාම මග ඇරියා.
" තත්තී කියනවා එයාට ඉක්මනට retire වෙන්න ඕනි කියලා අපිට සේරම දේවල බාරදීලා, so එයාල හිතන් ඉන්නේ next week ඔයාලගෙ ගෙදර එන්න ඊට කලින් Aunty ට අපි ගැන කියන්න. "
මෙච්චර වෙලාවක් එයගේ තොල් අතර තිබුන ස්ටික් එක නිර්වානගෙ තොල් අතර රදවන ගමන් ශානි කීව දේට නිර්වාන් ඔලුව විතරක් වනලා උත්තර දුන්නේ ලොකු දුම් පිරුන හුස්මක් පිට කරන් ගමන්.
" Arn't you happy with me Nirvan?"
උත්තර දෙනවා වෙනුවට සිගරට් එක පැත්තට විසි කරපු නිර්වාන් ශානිව තවත් ලගට ඇදලා අරන් ඕනවටත් වඩා රතු පාට තැවරුන තොල එයාගෙ තොල් අතර හිර කර ගත්තේ ගැඹුරු හදුවකින් එයාගේ හිතට දැනිණ අනික් හැම හැගීමකම යටපත් කරගන්න ගමන්..
...........................................................
හායි😴
මේ ඔයාලා විහගි ගැන මොකද හිතන්නේ.
ශේනාල්ව එයාට හොද නැද්ද ?
You are reading the story above: TeenFic.Net