10.

Background color
Font
Font size
Line height


Third person pov;

ගෙදර ආපු ගමන් ශෙනාල් කතා කරපු එකත් නෑහුන ගානට එයාගේ කාමරේට ඇවිත් දොර වහ ගත්තු සිහින බැල්කනි එකට වෙලා පාර දිහා බලන් හිටියේ කොයි වෙලේ හරි නිර්වාන් ආපහු එනකල්.

පන්දර දෙක පහු වෙනකොට නිර්වාන්ගෙ බයික් එක ඈත එනවා පේනවා එක්කම කලුවරේම අත පත ගාලා කාමරේ දොර ඇරගෙන පහලට දිව්වා සිහින නිර්වාන් දොරත් ලොක් කරන් ගෙට එනකොටමව වගේ දෙපාරක් නොහිතා නිර්වාන්ව තද කරලා බදා ගත්ත.

" මේ මොකද මේ එහාට යමං ආපු හැටියේ ඇගේ එල්ලෙන්නේ "

සිද්ද වෙලා තියන දේවල් ගැන කිසිම අදහස් නොතිබුණු නිර්වාන් ආපු ගමන් දුවගෙන ඇවිත් ඇගේ එල්ලුන සිහිනව එහාට කරා.

" නිර්වාන් ඇයි මෙච්චර වෙලා ගියේ එන්න මං බලන් හිටියා "

" මං කියලා තියනවනේ මං එනකල් බලන් ඉන්න එපා කියලා "

රතු වෙලා ඉදිමිලා තියන සිහිනගේ ඇස් දැක්කම, මුලින් කිසි අනුකම්පාවක් නැති විදියට සිහිනට කතා කරපු නිර්වන්ගේ කටහඬ ටිකක් බාල වුනා.

" මං ඔයාට කෝල් කීයක් ගත්තද ඇයි ආන්සර් කරේ නැත්තේ? "

සිහින නොනවත්වා අහන ප්‍රශ්න වලට උත්තර බඳින්න තරම් මූඩ් එකක් නොතිබුණු නිර්වාන්ට සිහිනගෙ ප්‍රශ්න ඇහිල්ල වදයක් වුනා.

" මේහ් මෙතන ඉදන් මගුල් නටන්න බෑ අම්මා ඇහැරෙයි ගිහින් නිදගන්න මට මහන්සි "

" බෑ මට කතා කරන්න ඕනි "

සිහිනව මහ ඇරලා නිර්වාන් උඩට යන්න හැදුවත්, සිහින නිර්වාන්ගේ අතේ එල්ලිලා එයාව නැවැත්තුවා

" වරෙන් යන්න එහෙන්ම් උඩට මෙතන කතා කරන්න බෑනෙ "

සිහිනවත් ඇදගෙන කාමරේට යන ලොකූ දිහා ශෙනාල් සිහිනගේ කාමරේ ඉස්සරහ ඉදන් බලන් හිටියාත් අඩ අඳුරේ නිසා ඒ දෙන්නට නම් ශෙනාල් ඉන්න බවක් පෙනුණේ නෑ.

" කියන්න තියන එකක් කියලා ඉක්මනට යන්න දවසෙම ඇවිදලා මහංසී මට "

ඇදගෙන ආපු අත අතෑරල හෙල්මට් එකත් ඇදට විසි කරපු නිර්වාන් සිහින දිහාවට හැරුණේ එයාගේ කාමරේ දොරත් වහන ගමන්.

පැය ගානක් අඩලා හෙම්බත් වෙලා හිටපු සිහිනට අහන්න දේවල් දාහක් තිබුනා වුනත් , නිර්වාන් දැකපු ගමන් ඒ තරම් වෙලා දැනුන කේන්තියත් දුකත් වෙනුවට නිර්වාන්ව නැති කර ගන්න බෑ කියන හැගීම විතරක් දැනුන නිසා වචනයක් වත් නොකියා ආපහු නිර්වාන්ට තුරුල් වුනා.

" මොකද්ද බං වෙලා තියෙන්නෙ ? "

" මගෙන් මොනා හරි අඩුපාඩුවක් වුණාද අයියේ?"

නිර්වාන්ට වෙන කෙනෙක් ගැන තප්පරේකට හරි හිතෙන්න එයාගේ අතෙන් වැරැද්දක් වෙන්න ඇති කියලා සිහින හිතුවා. අවුරුද්දක් පුරාවට නිර්වාන්ගෙ ආදරේ දිනා ගන්න කරන්න පුළුවන් හැම දේම කරපු සිහිනට එයාගේ අතින් අඩුපාඩුවක් වෙලා නම් මොන විධියකින් හරි ඒ අඩුපාඩුවත් හදා ගන්න ඕනි වුනා.

" සිහින මේ උඹව හුරතල් කර කර ඉන්න බෑ , කියන්න දෙයක් නැත්තම් ගිහින් නිද ගනින් මොන වදයක්ද බං උඹ මට දෙන්නේ? "

සිහිනගේ උරහිස් වලින් අල්ලලා තමන්ගෙන් ඈත් කරපු නිර්වාන් කදුලු නිසා දිලිසෙන ඒ ඇස් මග ඇරලා අහක බලා ගත්තේ එක අතකින් නලල දෙපැත්ත මිරික ගන්න ගමන්.

" මාව දැන් ඔයාට වදයක්ද? ඔව් ඉතින් දැන් හුරතල් කරන්න වෙන අය ඉන්නවනේ. මට ඇත්ත කියන්න නිර්වාන් ඒ girl ඔයාගෙ කවුද? "

ශානි ගැන සිහින කොයි වෙලේ හරි තමන්ගෙන් අහන බව දැනන් හිටියාත් සිහින මේ හැසිරෙන විදිය නිර්වාන්ට ප්‍රශ්නයක් වුනා.

" උඹ දැන් මං ශානි එක්ක එලියට ගිය එකටද මෙච්චර නටන්නේ?"

" එයා එක්ක එලියට ගිය එක විතරමද අයියේ ඔයා කරේ? "

" සිතූ මේ කියන දෙයක් කෙලින් කියනවද වටේ යන්නෙ නැතුව "

" මං නෙවේ මෙතන වටේ ගිහින් තියෙන්නෙ ඔයා. මගෙන් මොන අඩුපාඩුවක් වුන නිසාද ඔයා ඒ ගෑනිගේ ඇගේ නගින්න ගියේ? නැත්තම් ඒ ගෑනිද ඔයාගේ කරේ එල්ලෙන්න ආවේ? දැක්ක ගමන් කියන්න පුළුවන් කොහෙද යන බ-"

දුකෙනුත් කේන්තියෙනුත් අවසිහියෙන් වගේ කෑ ගහලු සිහිනගෙ කටින්  කුනුහරපයක් පිට වෙන්න් ගියා වුනත් ඊට කලින් නිර්වාන්ගෙන ලැබුන කම්මුල් පාර සිහිනව නැවැත්තුවා.

නොහිතපු වෙලාවක වැදුන කම්මුල් පාර නිසා සිහින විසි වෙලා ගිහින් වහලා තුබුන දොරේ වැදුණා.

" ආයේ උඹේ ඔය කටින් ඒ කෙල්ලට වචනයක් හරි කියලා තිබ්බොත් මං බලා ගන්නම් පව් පව් කියලා හිටියම කරේ නගින්න එනවා "

පලවෙනි වතාවට නිර්වාන් එයාට අත උස්සපු එකටත් වඩා නිර්වාන්ගේ කටින් ඒ වෙලාවේ පිට වෙච්චි වචන සිහිනව රිද්දුවා.

" ඇයි එයාට මොනවා හරි කීවම ඔයා ඔච්චර කේන්තී ගන්නේ? "

" මොකද කොහෙවත් යන එව්න් මං ආදරේ කරන එකීට වචන කියනවට මං කැමති නැති නිසා "

තව දුරටත් මේ දේවල් හංගලා තේරුමක් නෑ කියලා දැනුන නිර්වාන් දෙපාරක් නොහිතම ඒ වචන පිට කරත් නිර්වාන්ගෙ බලාපොරොත්තු නොවුන උත්තයත් එක්ක තමන්ගේ ඔලුවේ හෙනයක් පුපුරනාවා වගේ දැනුන සිහින එතනම කඩාගෙන වැටුණා.

ආදරේ කියන වචනේ නිර්වාන්ගෙ කටින් අහ ගන්න අවුරුද්දක් පුරාවට දෙන්න පුළුවන් හැම විදියටම නිර්වාන්ට ආදරේ විතරක්ම දුන්නු සිහිනට නිර්වාන් කිසිම ගානක් නැතුව වෙන කෙනෙක් වෙනුවෙන් ඒ වචන පාවිච්චි කරන එක දරා ගන්න බැරි වුනා.

" ලොකූ මං ඇතුලට එනවා "

සිහින නිර්වාන්ගේ දොරේ වදින සද්දේ නිසා එතනට ආපු ශෙනාල් නිර්වාන් කියපු දේත් එක්ක තප්පර ගානකට එක තැන ගල් ගැහුනත් ඒ එක්කම් ඇහුන ඉකි ගහන සද්දේ නිසා ඉක්මනින් පියවි සිහියට ආවා,

නිර්වාන් උත්තර දෙන්න කලින්ම කාමරේ දොර ඇරන් ඇතුලට ගිය ශෙනාල් දොර ඇරපු පාරට ඉස්සරහට විසික් වෙලා නිර්වාන්ගෙ කකුල් දෙක ලගටම විසි වුන සිහිනව ඉක්මනටම එතනින ඇදල නැගිට්ටුවා.

ඒ වෙලාවෙ කොහොම වත් ශෙනාල්ව බලාපොරොත්තු නොවුන නිර්වාන් ආපු තරහට අත මිට මොලවලා බිත්තියටත් පාරක ගහලා අනික් පැත්ත හැරුනා.

ඒ දෙන්නගෙ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නෑ කියලා හිතන් හිටියා වුනත් සිහිනගෙ රතු වෙලා ඉදිමිලා තියන කම්මුල් දැක්කම තව දුරටත් සිහිනව නිර්වාන් ළඟ තනි නොකර එතනින එක්කන් යන්න ශෙනාල්ව ඕනි වුනා.

" සිහින එන්න අපි යමු "

ශෙනාල් සිහිනගෙ අතින් අල්ලන් එයාව එක්ක යන්න හැදුවත් ශෙනාල් අල්ල ගත්තු අත ඇදලා ගත්තු සිහින එයාලට පිටුපාල ඉන්න නිර්වාන්ව ඒ පැත්ත හරවා ගත්තා.

" ඔයා මොකද්ද කිව්වෙ?? "

" කිව්වේ උඹට ඇහිච්ච එක තමයි "

" නෑහ්~ ඔයා..... ඔයා බොරු කියන්නේ , කියන්නකො නිර්වාන් අනේ මං අතින් මොකක් හරි වැරැද්දක් වුණාද ?  ඒ නිසාද මෙහෙම කරන්නේ? මං මීට පස්සෙ ඔයාගෙන් මොකුත් ඉල්ලන් නැතුව ඉන්නම් මාව එලියට එක්ක යන්න කියල කරදර නොකර ඉන්නම් ම්ම්ම්? ප්ලිස් ඔයා කීවේ බොරු කියලා කියන්න.."

නිර්වාන්ගෙ උරහිස් වලින් අල්ලලා දිගටම එයාව හොල්ලන ගමන් සිහින කෑ ගැහුවාත් නිර්වාන් දිගටම සද්ද නොකර හිටියා. ශෙනාල් ඉස්සරහ මේ දේවල් කතා කරන්න නිර්වාන්ට ඕන වුනේ නෑ ඒත් දැනටම දේවල් හංගන්න පරක්කු වැඩී කියලා නිර්වාන්ට තේරුණේ ශෙනාල් තරහා පිරුන ඇස් වලින් එයා දිහා බලන් ඉන්න විදිය දැක්කම.

Shenal POV :

උඩ සිද්ද වෙන කිසිම දෙයක් පහල කාමරේ ඉන්න අම්මට වැරදිලා හරි ඇහෙයි කියන බයට ලොකූගෙ කාමරේ දොර අගුලු දාපු මම ලොකූ දිහාවටම හැරුනේ ලොකු හුස්මක් අරන්, මට දැනෙන කේන්තිය පාලනය කර ගන්න ගමන්. මට මේ දේවල් වලට මැදිහත් වෙන්න ඕනි කමක් තිබුනේ නෑ, ඒත් සිහිනගෙ ඇස් ... ඒවගෙ තියන අසරණ කම මාවත් අසරණ කරනවා.

" ලොකූ, ඔයාගෙයි ශානි අක්කිගෙයි තියන සම්බන්දෙ මොකද්ද ? "

" ශානි කියන්නේ මගෙ girlfriend අපේ affair එකට දැන් අවුරුදු පහක් විතර වෙනවා "

අයියාගෙ කටින් මමවත් සිහින වත් බලාපොරොත්තු නොවෙන දෙයක් කියවෙද්දී මෙච්චර වෙලා අයියගේ උරහිස් වල එල්ලිලා හිටපු සිහින අඩි දෙක තුනක් ඔහේ පස්සට ඇදෙනකොට එයාව වැටෙයි කියලා හිතුන නිසා මං ඉක්මනට ගිහින් සිහිනව මට වාරු කර ගත්තා.

" තමුසෙට girlfriend කෙනෙක් හිටියා නම් මොන මගුලකටද ඕයි සිහින එක්ක යාලු වුනේ? "

මට දැනුනෙ කියාගන්න බැරි තරහක්, අවුරුදු පහක affair එකක් කියන්නේ එයාලා ඒක පටන් අරන් තියෙන්නෙ ඒ ලෙවල් කාලේ විතර වෙන්න ඕනි, එහෙම දෙයක් තිබුනා නම් ඇයි ලොකූ සිහිනව  මේ දේවල් වලට මැදිහත් කර ගත්තේ?

" උඹ හිතන විදියෙ මගුලක් අපි අතර නෑ. අහපන් මුගෙන් අපි අතර තිබ්බේ මොන වගේ සම්බන්ධයක්ද කියලා? "

ලොකූ කියන දේ තේරුම් ගන්න බැරුව මං සිහින දිහා බැලුවත් එයාගේ කදුලු පිරිනු තාමත් ලොකූ දිහා බලං හිටියා,

" ඔයා ~ ඔයා මට කවදාවත් කියලා නෑ ඔයට girlfriend කෙනෙක් ඉන්නවා කියලා "

සිහිනගෙ කටහඩේ කේන්තිය දුක බලාපොරොත්තු කඩවීම ඒ හැමදේටම වඩා ලොකු අසරණ කමක් තිබුනා.

" ඔයා දැනං හිටියා මං ඔයාට ආදරේ කරනවා කියලා එහෙම වෙලත් ඔයා කොහොමද අයියේ මට මෙහෙම කරන්නේ? ඔයා දැනන් හිටියා මං හැමදේම කරේ ඔයාට ආදරේ නිසා කියලා "

" උඹට මං කලින්ම කීවනේ මගෙන් එහෙම මොකුත් බලාපොරොත්තු වෙන්න එපා කියලා "

" ඔව් ඇත්ත .... ඒත් මේ අවුරුද්ද පුරාවට මට දැනුන දේවල් බොරුවක් කියලද ඔයා කියන්නේ? ආහ්?? .... මං ගැන ඔයාට කිසිම හැගීමක් නෑ කියලද ඔයා කියන්නේ? ඔයාට girlfriend කෙනෙක් ඉන්නවා කියලා දන්නවා නම් මං කවදාවත් ඔයාලා අතරට එන්නේ නෑනේ අයියේ එහෙම උනා නම් මං මෙච්චර බලාපොරොත්තු තියා ගන්නේ නෑනේ ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? මං ගැන පොඩිම දුකක් වත් දැනුනේ නැද්ද ඔයාට? අනික ~ තමුසෙ ඒ කෙල්ලට ආදරේ නම් මොන හිතකින්ද මාත් ඒක්ක නිදියෑවේ ආහ් මිනිහෝ ?? "

" ශානි ඔයා ගැන දන්නවා "

ලොකූගෙ කොලර් එක ඇඳන් සිහින  දිගටම කෑ ගැහුවාත් ලොකූ ඒ ඇස් මහ ඇරලා අහක බලාගෙනම කියලු දේ නිසා සිහිනගෙ අත් අතෑරුනා.

" මොකද්ද ? "

" එයා රට හිටපු කාලෙ අපි අතර තිබ්බේ open relationship එකක්, ඒ නිසා එයා ඔයා ගැන දැන්න් හිටියා "

ලොකූ මොනද මේ කියන්නේ, අද දවසේ කීවෙනි පාරටද මන්දා මං ලොකූ ආයෙත් වතාවක් ගොලු වුනා, මගෙ අයියා මෙහෙම කෙනෙක් ද? එයා කොහොමද මෙච්චර සැහැල්ලුවෙන් මේ දේවල් කියන්නේ, සිහිනට මොනවා හිතෙන්වා ඇත්ද? ආයේ අපි කවුරුත් කතා කරන්න කලින් මගෙත් ඇගේ වැදීගෙන සිහින කාමරෙන් එලියට දිව්වා එයා පස්සෙන් යන්න් ඕනි උනත් මම නැවතුනා.

" තමුසෙ මොකද්ද ලොකූ මේ කරලා තියෙන්නෙ තමුසෙට ඇත්තටම ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? ඒ කොල්ලා තමුසෙට ආදරේයි කියලා දැන් දැන් ඌව තමුසෙගෙ ඕන එපා කම් වලට පාවිච්චි කරේ තමුසෙට හිතක් පපුවක් නැද්ද ? "

" මං ඌව පාවිච්චි කරපු මගුලක් නෑ බං ඌගෙ කැමත්තෙන් තමයි හැමදේම වුනේ "

" ඉතින් යකෝ ඌ තමුසෙට ආදරේ නිසානෙ ඒ දේවල් දෙන්න ඇත්තේ , තොට තුබුනෙ නැද්ද මුලින්ම ශානි ගැන සිහිනට කියන්න "

" ඌ මට ඇති ආදරයක් නෑ බං ඌට තිබ්බේ මං ගැන attraction එකක් මටත් එහෙමයි අනික ඒ වගේ එකෙක් බලෙන් දෙනකොට සිල් රකින්න මං රහත් වෙලා නෑනෙ, අනික මං කලින්ම කීවා මගෙන් ආදරේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියලා"

" තිරිසන් කතා කියන්න එපා මිනිහෝ, ඒ කොල්ලා උඹට ආදරේයි  "

" දැන් උඹ මට කියන්නේ මට ඌව බැඳගෙන පව්ල් කන්න කියලද? තෝ ගොඩ සුද්දා උනාට කමක් නෑ මේක ලංකාව කියලා අමතක කරන්න එපා. "

" තමුසෙ ~ මට ඇත්තටම තමුසෙ මගෙ අයියා කියන්නත් ලැජ්ජයි ඕයි කට ඇරියොත් සමාජෙ වෙනස් කරන්න කතාව තෝ වගේ එවුන් නිසා තමයි මේ රටටත් මෙහෙම වෙල තියෙන්නෙ. තොට අසහනේ නම් ඕන තරම් මඩම් තියෙන්නෙ ඒවට නොයා මොකටද අර අහිංසක කොල්ලව මෙවට ගාව ගත්තේ? "

" ඌ කොල්ලෙක් ඌට මොකුත් වෙන්නෑ , ඌත් කවුද හරි ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කර ගත්ත දවසට ගෑනියෙක් එක්ක පව්ල් වෙලා සතුටින් ඉදී , උඹ මෙතන බොරුවට නටන් නැතුව ඉදපන් "

" මට තමුසෙ ගැන ලැජ්ජයි ලොකු "

තව දුරටත් ලොකූ එක්ක වාද කරලා වැඩක් නෑ කියලා තේරුන නිසා මං එහෙම කියලා එලියට ආවා.

සිහිනගෙ කාමරේ වැහිලා තියන දොර දිහා බලාගෙන මං මගේ කාමරේට ඇවිත් දොර වහගත්තේ ලොකූ එක්ක වඩා දැන දැනම තමන්ගෙ ආත්මෙම බිල්ලට තියපු සිහින එක්ක ඒ වෙලාවේ මට ලොකු තරහක් දැනුන නිසා.

.
.
.

.

" ඔයා ඔච්චර මෝඩයෙක්ද සිහින? "

.....................................................

නිර්වාන්ගෙයි සිහිනගෙයි ආදරේ දැකලා මට නිකම් ඩික්ටේශන් වගේ.🤒


You are reading the story above: TeenFic.Net