54.චිත්‍ර (බෝනස්)

Background color
Font
Font size
Line height

(Beware from the Bunny )

Warning :- Disturbing Graphical contents.
===========================================

54.

මම දැඟළුවෙමි. මා ඇතුළට තල්ලු කල ආරක්ෂකයෙකුගේ අතකින් අල්ලා ගත් මම හම යනතුරු එය කෙණිත්තුවෙමි. මම ඔහුගේ කොණ්ඩය අදින්නට උත්සාහ කළත් මගේ අතට එය හසු වූවේ නැත.

" ...වරෙන්...මන් කනව තොපි සේරම..." මම කෑ ගැසුවෙමි. තවත් අතක් හොඳ හැටි දත් වලින් අල්ලා ගත්තෙමි.

" ළමයෝ අපි ඔයාව කිඩ් නැප් කරන්න හැදුවෙ නෑ... දඟලන්න එපා ඒ නිසා..." මට කිසිවෙකු පවසන හඬක් ඇසෙද්දී මම මෝටර් රථයෙන් ඉවතට පැන්නෙමි. ඉන්පසුව මගේ බෑගය ඒ මේ අත වනමින් ආරක්ෂකයන්ට පහර දෙන්නට උත්සාහ කළෙමි.

" හහ්... උඹලා දන්නෙ නෑ මන් කවුද කියල..." මම කෑ ගැසුවෙමි. "...මට පාඩුවේ ඉන්ඩ දීපල්ලා..."

මම මාර්ගය දිගේ ආපසු සමාගම් ගොඩනැගිල්ල වෙත දිව යන්නට වූවෙමි.

" කෙනත්, ඔහොම ඉන්ඩ ළමයෝ..."

මම ලයිට් කණුවකට මුවා වී ඒ කවරෙක්දැයි බැලුවෙමි.

" වැඩිමහල්ලා ! " මම මුමුණාගත්තෙමි. ඔහු මෝටර් රථයෙන් බැස සිටියේය. ඔහු මට අත වනා කතා කළේය. මම නතර වී ඔහු දෙස බලා සිටියෙමි.

ඔහු සිය හැරමිටිය ගසමින් ඉදිරියට ඇවිද ආවේය. ඒ සමගම ඔහුගේ මෝටර් රථයද, ආරක්ෂකයන් ද  ඉදිරියට ඇදී ආවේය. එය අමුතු පෙළපාලියකි.
" සමාවෙන්න මගේ මේ මෝඩ රැළගෙ වැඩ වලට... ඔයා හොඳින්ද ? ඔයාව බය කරන්න හිතුවෙ නෑ..."

මම කරකියා ගන්නට දෙයක් නොමැතිව මගේ සැඟවුම් ස්ථානයෙන් පිටතට ආවෙමි. මම හිස කසා ගත්තේ පවසන්නට යමක් කල්පනා කරමිනි.

වැඩිමහල්ලා මා ඉදිරියේ සිටගෙන මගේ අතකින් අල්ලා ගත්තේය. ඔහුගේ අත පුළුන් ගොඩක් මෙන් මට දැනුනේය. මම ඔහු දෙස බලා සිටියෙමි.

" අහම්... අම්ම්... සුබ සන්ධ්‍යාවක් උතුමාණෙනි..." මම පැවසුවේ මදක් නැවී ඔහුට ආචාර කරමිනි.

" හහ් හහ්... ඔයා වැඩ ඉවර වෙලා ගෙදර යනවද ඔය ? මම මේ ළඟින් යන ගමන්..."

එය අලි පත බොරුවකි. මෙබඳු දැවැන්ත මිනිසෙකුට එසේ "ළඟින් යන ගමන්..." මා වැනි ක්ෂුද්‍රප්‍රාණියෙකු අහම්බෙන් මුණ ගැසෙන්නේ නැත. ඔහු මා වෙනුවෙන් එතැන රැඳී සිට ඇති බව මම වටහා ගත්තෙමි.
ඔහුට ඕනෑ මොනවාද ?

ඔහුගේ මීදුම් සහිත දෙනෙත් සහ අප්‍රසන්න ස්වභාවය මා වසා ගත්තේය.

" අපි මෙහෙම හම්බ වුණු එකේ ඔයා කැමතිද මාත් එක්ක පොඩි රවුමක් දාන්න..."

මම කැමති වුවත් අකමැති වුවත් එයින් තඹ සතයක වැඩක් නැති බව මම දනිමි. මම සිනා සී ඊට එකඟ වූවෙමි.
ඒ දිග ලිමොන්සි රථය සිතාගන්නට බැරි තරම් සුපෝඛබෝගී විය. වැඩිමහල්ලා මට ශැම්පේන් වීදුරුවක් වත් කොට දුන්නේය. මම එය අතට ගත්තේ ඔහු සමඟ රවුම් ගැසීමට තරම් මගේ පෙනුම යහපත් ද යන්නයි.

" ඔයා මගේ ලූනව ඩේට් කරන එකේ අපි දැන අඳුනගෙන ඉන්න එපායැ... මම එයාගෙ පපානෙ..."

ඔහු ' මගේ ලූනා' යැයි පවසද්දී මට කෝපයක් දැනුනි.  ලූනා මොරානා මගේය. ඔහු මගේ මිනිසාය.

වැඩිමහල්ලා මා දෙස නොසැලී බලා සිටියේය.

" අම්... මාස්ටර් මොරානා එනවද ?" මම ඇසුවෙමි.

" හෙට... හෙට..." ඔහු පැවසුවේය. "...ලූනා ඔයාට කතා කරන්න උගන්වන්න කළින් මට ඔයාව හම්බ වෙන්නයි මට ඕන උනේ..." වැඩිමහල්ලා උස් හඬින් සිනා සුනේය.

මම අපහසුවෙන් සිනාසුනෙමි. එතැන සිනාසෙන්නට තරම් දෙයක් නොවීය.

මෝටර් රථය යන්නේ කොහෙටදැයි මට වැටහීමක් නොවීය. මම මේ ගැන මාස්ටර් මොරානා ට පැවසිය යුතුද ?

" බය වෙලා වගේ ඉන්න එපා ළමයෝ... මම කරදරයක් කරන්නෙ නෑ... "
මම සිනා සෙන්නට උත්සාහ කළෙමි.

" මම හිතුවෙ කාර් එකේ ඉන්නෙ මාස්ටර් මොරානා කියල... " මම පැවසුවෙමි.

" ඔයාගෙ බලාපොරොත්තු කඩන්න වුණු එක ගැන කණගාටුයි ළමයෝ... මම අද ගියා එයාව බලන්න. එයා අලුත් බ්‍රෑන්ඩ් එකක් ලෝන්ච් කරන්න හදනවා... ඒ නිසා හොඳටම බිසී...
ඔයාට ලූනා නැතුව පාලුයි නේද ? "

මම හිස සෙලෙව්වෙමි. " යස් සායර්..."

" මටත් එහෙමයි... ලූනා දැක්කෙ නැති උනාම පාළුයි... දැන් මේ දවස් ටිකේ මට කාංසාව වගේ මගේ මැණික, ගාබ්‍රියෙල් ව දකින්න නැතුව... මේ ළමයා ගෙදරින් ගියාම ආය එන්නෙ නෑ කාලෙකට... හහ් හහ් හහ්..."

මමත් සිනාසුනෙමි. "...මට කියන්ඩකො ඔය ළමයගෙ විස්තර ටිකක්... ඔයා මොනාද කන්න කැමති ?"

මම කන්නට කැමති කෑමක් නැත. උගුරෙන් පහලට යන ඕනෑම දෙයක් මම ආහාරයට ගනිමි.

එහෙත් මම චොක්ලට් පොප්කෝන් කෑමට කැමැත්තෙමි. මම එය පැවසූපසු වැඩිමහල්ලා සිනා සුනේය.

" අපි දෙන්නා එක වගේ... " මද වේලාවක් මා හා සංවාදයේ යෙදී සිටි වැඩිමහල්ලා පැවසුවේය. "...අපි දෙන්නම සාමාන්‍ය මිනිස්සු... නැද්ද !? ලොකු පෙනුමක් නෑ... කැමතිම කෑමක් නෑ... සැප විදපු තරුණ කාලයක් නෑ... හහ් හහ්... නැද්ද ? අපි සාමාන්‍යයි... ඔහේ පැවතෙනවා... ජීවත් වෙනවා..."

මම ඊට එකඟ නොවුණෙමි. මගේ පෙනුම කැත බව මම දනිමි. එහෙත් මම ඔහු මෙන් අප්‍රසන්න නොවෙමි.
මම මිනිසුන්ට පහර දෙන බව මම දනිමි... එහෙත් මම ඔහු මෙන් දුෂ්ට නොවෙමි.

මම කල්පනා කළෙමි. වැඩිමහල්ලා මා දෙස බලා සිටින ආකාරය මට දැනෙයි.
" හහ් හහ්... මම ඔයාට කැමතියි... ඔය ළමයා සැරින් සැරේට මූණ හදාගන්න විදිහ හරි හුරතල්..." ඔහු සිය සාක්කුව අතගාමින් පැවසුවේය. එයින් මම මදක් විමතියට පත් වූවෙමි.

ඉන්පසුව ඔහු මට චොක්ලට් පොප්කෝන් බෑගයක් මිලට ගෙන දුන්නේය.
" ඔයා මට සායර් කියන්න එපා... මට අන්කල් කියන්න..." ඔහු පවසද්දී මගේ මුහුණ රතු වුණේය. මට ඔහුට එතරම් සමීප වන්නට ඕනෑ නැත. මට මෙතැනින් පැන දුවන්නට ඕනෑය.

මම ඔහුට ස්තූති කර එය බාර ගත්තෙමි.
මේ මහල්ලා මට මොනවා කරන්නට යනවාදැයි මම දන්නේ නැත. මම පොප් කෝන් පැකට්ටුව විවර කර එයින් අහුරක් වැඩිමහල්ලාට දුන්නෙමි.

ඔහු එයින් එකක් පමණක් අතට ගත්තේය.
" හහ් හහ් හහ්... හරි හොඳ ළමයෙක්නෙ ඔයා... හැබැයි පුතේ මගේ දත් වලට පැණිරහ වැඩිය හොඳ නෑ...ඔය ළමයා කන්න..."

" ලූනා කිව්වා ඔයා පියානෝ ප්ලේ කරන්න දක්ෂයි කියලා..." මද වේලාවකට පසුව ඔහු පැවසුවේය. මම එය එසේමැයි පැවසුවෙමි.

"...ඔයා කලාවට බර කෙනෙක්ද ?"

මම ඒ ගැන කල්පනා කළෙමි.එය එසේම'මැයි පැවසිය නොහැක ! මට පියානෝ වාදනය කරන්නට හැකිය. මට එය පහසුය. ඒ හැර මම එය රස විඳින්නේ හෝ විනෝදයක් ලබන්නේ නැත. එය අමුතු දෙයකි ! මිනිසුන් සෞන්දර්යාත්මක හැකියා වලට ආදරය කරති !

එහෙත් මට එය තවත් එක් ක්‍රියාකාරකමක් පමණි.
දක්ෂ වාදන ශිල්පියෙකු යනු සෑම විටම දක්ෂ සංගීත නිර්මාණ ශිල්පියෙකු නොවේ. මම පියානෝ වාදනයේ දක්ෂයෙකු බව මට පිළිගැනීමට අපහසු එබැවිනි. පියානෝ වාදනයට දක්ෂයෙක් වීමට ඇවැසි ප්‍රධාන සාධක දෙකකි. පළමුවැන්න ස්වර ඛණ්ඩ මතක තබා ගැනීමය. දෙවැන්න ඒවා අවශ්‍ය තරම් වේගයෙන් අතැඟිළි මතට ගෙන ඒමය.
මගේ රැකියාවත් එයට බෙහෙවින් සමාන විය.

ලිමොන්සි රථය අවසානයේ නතර වූ අතර දොරවල් විවර කරන ලදී.

" බෑග් එක තියලා එන්න... " වැඩිමහල්ලා පැවසුවේය. මම ඔහුගේ උපදෙස් අනුගමනය කළෙමි.

එය ලෝකප්‍රසිද්ධ Warlosnse රාජකීය කෞතුකාගාරය බව මම හඳුනා ගත්තෙමි. කාලයක සිට මට මෙහි පැමිණෙන්නට උවමනා වී තිබුනි. එහෙත් මට ඒ වෙනුවෙන් කාලය නොමැති විය. එය අති විශාල ප්‍රදේශයක පැතිර තිබූ අතර සම්පූර්ණයෙන්ම එහි ඇති කෞතුක වස්තූන් නැරඹීමට දින දෙකක් හෝ තුනක් ගත වන බව මම අසා තිබුනි.

වැඩිමහල්ලා මගේ අතින් අල්ලාගෙන පඩිපෙළවල් නැග්ගේය.

රාජකීය කෞතුකාගාරය දකිද්දී මට සිහිපත් වූවේ විශාල වටකුරු හැඩ වලින් යුතු වූ ලූනා වතුයායේ සමාජ ශාලාවයි. මම කට ඇරගෙන කෞතුකාගාරයේ ඉදිරිපස ශාලාවේ සුන්දරත්වය වින්දෙමි.
එහි වෙනත් මිනිසුන් සිටියේ නැත. වැඩිමහල්ලා, ආරක්ෂකයන් සහ මම පමණකි.

" කෙනත් දන්නවද මේ කෞතුකාගාරය මෙච්චර ලස්සනට, විශාලව හැදුවෙ කවුද කියලා ? "

" නෑ සායර්..."

" යුධ හිරකාරයෝ... "

මම නිහඬව සිතුවම් වලින් හැඩ වූ වටකුරු සිවිලිම දෙස බලා සිටියෙමි.

"...Warlosnse යුද්ධ කරද්දි,අහු වුණු සේරම යුධ හිරකාරයෝ, ගෙනල්ලා දැම්මා මේ කෞතුකාගාරය හදන්න... වතුයායෙ තියන සමාජ ශාලා පරිශ්‍රය හැදුවෙත් ඒ වහල්ලු... කොටින්ම කිව්වොත් ප්ලෑන් එක ඇන්දෙත් යුධ සරණාගතයෙක් විදිහට බාර වුණු ආකිටෙක්චර් කෙනෙක්... "

මම එවැනි කතාවක් ජීවිතේට අසා තිබුනේ නැත. 

"...මම ගාබ්‍රියෙල් ව යැව්වා මිනිහගෙන් ඉගනගන්න... හැබැයි ලස්සන වටකුරු හැඩ හදනව වෙනුවට එන්සෝ ඉගනගත්තෙ හතරැස් කොන්ක්‍රීට් බන්කර් හදන්න... හහ් හහ් හහ්..."

එය අනවශ්‍ය තොරතුරක් විය.
අපි ඇවිදගෙන ගියේ කලාගාර කොටසේ බව මම වටහා ගත්තෙමි. ලෝකප්‍රසිද්ධ සිතුවම් කිහිපයක් මෙහි ඇති බව මම අසා තිබුනි. වැඩිමහල්ලා සමඟ ඉදිරියට යද්දී මම ඒ බිත්ති වල තිබූ අලංකාර සිතුවම් සහ විවිධාකාර මූර්ති  දෙස උවමනාවෙන් බැලුවෙමි. ඒවා නිවී සැනසිල්ලේ බලන්නට ආපසු දිනයක පැමිණිය යුතුය.

මට මාස්ටර් මොරානා ට ඇමතුමක් දෙන්නට ඇවැසිය.

අප නිහඬව ඇවිද ගිය නිසා මට අමුත්තක් දැනුනෙන් මම පසුපස හැරී බැලුවෙමි. අප සමඟ පැමිණි ආරක්ෂකයන් අප සමඟ නොවීය.
මම වැඩිමහල්ලා දෙස බැලුවෙමි.
මුලදී මම ඔහුගේ අතින් අල්ලාගෙන සිටියත්, දැන් ඔහු මගේ අතින් අල්ලාගෙන ඉදිරියට ඇවිද යන බවක් මට දැනෙයි. ඔහුගේ ග්‍රහණය දැඩිය. ඔහු වේගවත් ය.
මම මගේ අත ගලවාගන්නට උත්සාහ කළෙමි. මගේ හිස බමන්නාක් මෙනි. මගේ දෙපා ගල් ගැසී තිබුනේය.

" සායර්... මට යන්න දෙන්න... මට කෞතුකාගාරය බලන්න ඕන නෑ..." මම පැවසුවෙමි.

වැඩිමහල්ලා මා දෙස බැලුවේය.
" ඔහ්... ඕකේ... ඔයාට ඕන වෙලාවක යන්න පුලුවන්...ගිහින් කාර් එකට වෙලා ඉන්න... "

ඔහු මගේ අත අත් හැරියේය. මම විශාල ධවලමය මූර්තියක් යට සිටගෙන ඔහු දෙස බලා සිටියෙමි.

ඔහු සෙමින් හැරමිටිය තබමින් ඉදිරියට ඇවිද ගියේය. ඔහු කාමරයක් තුළට ඇතුළුවන ආකාරය මම දුටුවෙමි.

මම සම්පූර්ණයෙන්ම තනි වූ සෙයක් විය. මම මෙතැනට පැමිණි මාර්ගය මගේ හිසේ නැත. මම ආපිට අඩි කිහිපයක් ඇවිද ගියෙමි. චිත්‍ර සහ මූර්ති අතර මම සම්පූර්ණයෙන්ම අතරමං ව සිටින ආකාරයක් මට දැනුනි. මට සිහිපත් වූවේ මම මැණිකිනයන් අතර සිටගෙන සිටි අකාරයයි.

මම ආපසු වැඩිමහල්ලා ගිය දෙසට ඇවිදගෙන ගියෙමි. ඔහු ඇතුළු වූ කාමරයේ දොරටුව තවමත් සම්පූර්ණයෙන්ම විවර වී තිබුනි. එය අමුතු කාමරයකි. මම එබඳු දෙයක් ගැන සිතා හෝ තිබුනේ නැත.
එහි බිත්ති වල අතිශයින් සුදු පැහැති විය. ඒ මත පෙනෙන නොපෙනෙන ගණනට කළු පැහැති ඉරි ඇඳ තිබුනි. ඒ ඉරි බිත්ති වලින් ඉහළට එසවී මෙන් මට පෙනෙන්නට වූවේය. බිත්ති වල චිත්‍ර එල්ලා තිබුනි. වැඩිමහල්ලා එක් සිතුවමක් දෙස බලාගෙන සිටියේය.

මගේ හිස බමන්නට වූවේ ඉහින් කණින් දහදිය වැගිරෙද්දීය.

මම එක් සිතුවමකට ළං වී බැලුවෙමි. එය කළු සුදු චිත්‍රයකි... සිහින් කළු පැහැති ඉරි වලින් එය නිම කර තිබුනේය. එය බිත්තියෙන් එළියට පැමිණ චලනය වෙන්නාක් මෙනි. එය අතිශය විකාරරූපී සිතුවමක් විය.

මම ඊට ළං වෙත්ම එහි තිබෙන භයානක විකාර ගතිය වැඩිවන්නාක් මෙනි !
ඒ ගැන සිතත්ම මගේ බමන ගතිය වැඩිවන්නාක් මෙනි !

කිසිවෙකුට මෙවැනි සිතුවම් නිර්මාණය කරන්නට සිතෙන්නේ හෝ ඇයි ?
ඒවාගේ තේරුම කුමක් ද ?

මම කාමරය වටා කැරකුණෙමි. බිත්ති වල තිබූ සිතුවම් මා සමඟ කැරකුණේය.
ඒවා මගේ හිස මතින් පාවී ගියේය.

මට මිනිසුන් මගේ පුටුවට වතුර හලන ආකාරය පෙනුනි.
මගේ මල් පොකුර කුණු කූඩයට දමන ආකාරය පෙනුනි.
මගේ ලිපිගොනු සඟවන ආකාරය පෙනුනි...

එය විකාරයක් විය !! මට උමතුවෙන් මෙන් කෑ ගසන්නටත් සිනා වෙන්නටත් සිතුනි. මගේ දෙපා ගල් මෙන් බරව තිබුනේය. මම ඒවා අපහසුවෙන් ඔසවමින් පිටතට යන දොර වෙත ගමන් කළෙමි. මන් ඊට ළං වෙත්ම එය ඈතට යයි !

මම දෑත් බිම තබා වෙර ගෙන දොර වෙත ඇවිද ගියෙමි. ඊට පැය ගණනාවක් ගත වූවාක් මෙන් මට දැනුනි. කාමරයෙන් පිටවූ වහාම මම විශාල ශීතල හුස්මක් ඇද ගත්තෙමි. ඉන්පසු බිත්තියට පිට දී හිඳගත්තෙමි. මගේ හිස කකියයි... පිපාසයක් දැනෙයි.

මම බිත්තියට බර දී නැගිට ගත්තෙමි. ඉන්පසු බිත්ති අල්ලමින් ආපසු ඇවිද ගියෙමි. මට දෙතුන් වරක් මගවැරදුනේය. එහෙත් අවසානයේ මට කෞතුකාගාරයෙන් පිට වන්නට හැකි විය. මම පඩියක හිඳගෙන  හිම වැටෙන ආකාරය දෙස බලාගෙන සිටියෙමි.

මම මාස්ටර් මොරානා ට ඇමතුමක් ගන්නට උත්සාහ කළෙමි. මගේ අත් වෙව්ලමින් තිබුනේය.  මම සුරුට්ටුවක් දල්වා ගත්තෙමි.

" පොඩි මාස්ටර් කාර් එකට නගින්න..." මා අසලට පැමිණි ආරක්ෂකයෙක් පැවසුවේය. මම ඔහු දෙස බැලුවෙමි. ඔහු මට වතුයායේදී හමු වූ මරුමුස් ආරක්ෂකයා ලෙස මම හඳුනා ගත්තෙමි.  ඔහු මට ගරු සරු ඇතිව කතා කළේය.
ඔහු මා වෙනුවෙන් දොර විවර කළේය. මම ලිමොන්සි රියට නැග එහි දිගු ආසනයේ දිගා වූවෙමි. මගේ සිරුරට හෝ මනසට සහනයක් දැනුනේ නැත. මට මේ ගමන එන්නට තිබුනේ නැත. වැඩිමහල්ලා අමුතු විකෘති මිනිසෙකි.

මාස්ටර් මොරානා මගේ ඇමතුම් වලට පිළිතුරු දුන්නේ නැත. වැඩිමහල්ලා සහ මේ ආරක්ෂකයන් මාස්ටර් මොරානා ව වතුයායේ සිට කොහේටදෝ රැගෙන ගිය රාත්‍රිය මට සිහිපත් විය.
මට මෙය දරාගන්නට නොහැකිය. මේ මිනිසා සමඟ සිය ජීවිත කාලයම ගෙවා දැමූ මාස්ටර් මොරානා මෙය දරා ගන්නේ කෙසේද ? ඔහුගේ තරුණ කාලය මේ මිනිසා සමඟ කෙසේ ගෙවෙන්නට ඇතිද ?
මට ඒ ගැන සිතන්නට ඕනෑ නැත.

මම දකින වැඩිහිටි මිනිසා සහ මීට අවුරුදු විසි ගණනකට පෙර සිටි තරුණයා අතර පැහැදිලි වෙනසක් තිබෙන්නට ඇත. මට ඔහු පලා යන්නට සැලසුම් කිරීම ගැන වටහා ගන්නට හැකිය.

මම මෝටර් රථයෙන් පිටතට බැස අසල තිබූ කාණුවකට වමනය කළෙමි.

ඉන්පසුව එතැන බිම හිඳගෙන සිටියෙමි.

ආරක්ෂකයා මා අසලින්ම සිටියේය. හදිසියේම කෞතුකාගාරයේ පඩිපෙළ කාර්යබහුල විය. මිනිස්සු කතා බහ කරමින් පඩිපෙළ දිගේ පහලට බැස්සෝය. මම මෝටර් රථයට නැග්ගෙමි. වැඩිමහල්ලා ඒ වනවිටත් ඒ තුළ සිටියේය.

" මට ඔයාට ඒ ගැන කියල දෙන්නයි තිබුනෙ ඇතුළට යන්න කළින්... " ඔහු මගේ සුවදුක් විමසූ පසු පැවසුවේය.

මම මග දිගට අඩ නින්දකට වැටී සිටියෙමි.

" අපේ පළවෙනි හමුව විනාස කරගන්න මම හිතුවෙ නෑ..." ඔහු මුමුණාගන්නා ආකාරය මට ඇසුනි.

මේ සතිය පුරාවටම විසිතුරු මිල අධික ආහාර පාන ගත් නිසා මට මේ සුපෝඛබෝගී අවන්හලෙන් ආහාර ගන්නට ඕනෑ නොවීය.

රතු වයින් වීදුරුවකට පසුව වැඩිමහල්ලා සරල සූපයක් ඇණවුම් කර තිබුනේය.

" ඔක්කොම බොන්න... ඔයාට හොඳක් දැනෙයි..."

එය සූපයකට වඩා සැර රසයෙන් යුතු කැඳක් මෙන් විය. මම එය පානය කළෙමි. මගේ නාසය බුරුල් විය. මගේ හිසරදය යම් තරමකට අඩු වූවේය.

" කෞතුකාගාරයේ වෙන්දේසියක් තිබුනා... " වැඩිමහල්ලා අසුනේ පසුපසට හේත්තු වෙමින් පැවසුවේය.
"... මම ඒකට ගියේ නෑ... මගේ ලේකම් ඒකට ගියා... "

මම හිස සෙලෙව්වෙමි.

" කෙනත් ඩේට් කරන්නෙ මගේ ලූනා නිසා නිසා ඔයාට වගකීමක් තියනව එයාව සතුටින් තියන්න... මම කැමති නෑ එයා අතෘප්තිමත් සම්බන්ධෙක ඉන්නව දකින්න... ඔයා එයාව සතුටින් තියනව නේද ?"

" ඔව් සායර්... මම උත්සහ කරනවා..." මම අවංකවම පැවසුවෙමි.

" ඔයා ඉක්මනට ලෙඩ වෙන දුර්වල කෙනෙක්... මම දැක්කා ලූනා කොච්චර ඔයා නිසා ස්ට්‍රෙස් උනාද කියලා කලින් වතාවෙදි... "
ඔහුගේ හඬ රළුවී ඇති බව මට දැනෙයි. මම බියෙන් ඔහු දෙස බැලුවෙමි.

"...මට...මට සමාවෙන්න සායර්..." මම මිමිණුවෙමි.

ඔහු නිවැරදිය. මම කායිකව මෙන්ම මානසිකවද දුර්වල මිනිසෙකි. මාස්ටර් මොරානා ව කායිකව තෘප්තිමත් කිරීමට හෝ ඔහුට මානසික සුවයක් ලබා දීමට මට ඇති හැකියාව අඩුය. මම සිදු කරන්නේ මගේ අපහසුකම් ද ඔහුගේ හිස මත පැටවීමයි ! මාස්ටර් මොරානා කාරුණික යහපත් මිනිසෙකු නිසා ඔහු එය නොසලකා හැරියත් මා නිසා ඔහු මට ඇතිවන පීඩනය ගැන මට වටහාගත හැකිය.

" ඔයාලගෙ සෙක්ශුවල් ලයිෆ් එක මොන වගේ එකක් ද ?" ඔහු අසද්දී මම තරමක් අධෛර්‍යමත් වූවෙමි. මම ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත් වූවෙමි. "... ඔයා තාම  වර්ජින් කෙනෙක් නේද? "
මම තිගැස්සී ඔහු දෙස බැලුවෙමි.

"... හහ් හහ්... මම දන්නවා ලූනගෙ විදිහ. එයා වර්ජින්ලා එක්ක හරී දුර්වලයි... එයා බයයි ඔයාට වේදනාවක් දැනෙයි කියලා... "

මම අපහසුවෙන් හුස්මක් හෙළා කැඳ බඳුන හැන්දෙන් කළවම් කළෙමි.

" මට හදිස්සි වෙන්න ඕන නෑ..." මම මිමිණුවෙමි. මට පරාජිත හැඟීමක් දැනෙයි.

"මා දිහා බලන්න..." වැඩිමහල්ලා කීවේය. ඔහු අවන්හල තුළට රැගෙන ආ බෑගය තුළින් රතු පැහැති පැතලි පෙට්ටියක් පිටතට ගත්තේය. ඔහු එය විවර කර පෙන්වූවේය.

ඒ තුළ රත්‍රං මාලයක් හෝ එවැනි ආභරණයක් දිදුලමින් තිබුනි. එහෙත් එය ගෙලට නම් විශාල වනු ඇත.

" Its a belly chain... This is a gift from me..." වැඩිමහල්ලා පවසද්දී මම විශ්මයට පත් වූවෙමි.

" අම්... සායර්... ඇත්තටම මට මේක බාරගන්න බෑ... මේක ගොඩක් වටිනව ඇති..."

" ඔව් මේක සෑහෙන්න වටිනවා. වෙන්දේසියකින් ගත්ත නිසා තවත් වටිනවා... මම ඔයාට රහසක් කියන්නම්..."
වැසිමහල්ලා මට ළඟට පැමිණෙන ලෙස ඉඟි කළේය.

"...ලූනා එයාගෙ පාට්නර් ආභරණ දානවා දකින්න කැමති කෙනෙක්... ඕක අඳින්න... ලූනා සෑහෙන්න කැමති වෙයි..."

මගේ කණ සහ කම්මුළ් රතු විය. වැඩිමහල්ලා මගේ කම්මුලක් මිරිකුවේය.
"...ඔයා හිතුව නේද මම ඔයාට බනිනවා කියල..."

මම සිනාසුනෙමි. මම ඔහුට ස්තූති කර ත්‍යාගය බාර ගත්තෙමි. වේටර්වරයෙකු පැමිණ මේසය අස් කළේය.

හිස්ව තිබූ අවන් හල් ශාලාවට දෙදෙනෙකු කතා කරමින් සහ සිනහවෙමින් ඇතුළු වන ආකාරය මට ඇසුනි.

" ඔහ් වෙලාවට..."  වැඩිමහල්ලා පවසද්දී මම හැරී බැලුවෙමි.

" මාස්ටර් මොරානා ? " පුදුමයට පත් වූ මම අසුනෙන් ඉහළට වීසි වූවෙමි. මා දැකීමෙන් ඔහුද පුදුමයට පත් වූ සෙයක් විය. ඔහු අද රාත්‍රියේ එමරල්ඩ් වෙත පැමිණෙන බව මම දැන නොසිටියෙමි. ඔහු සිටියේ තවත් තරුණයෙකු සමගය. ඒ තරුණයා ඔහුගේ අතක් බදාගෙන සිටි අතර මා ඔහු දෙස බලද්දී  ඔහු එය අතහැරියේය. ඔවුන් කතාබහ කරමින් සිනාසෙමින් පැමිණියේ ඉතා කුළුපග ලෙසිනි. ඔහු මේ ගස් ගෙම්බාට ඔහුගේ අතින් අල්ලන්නට දුන්නේ ඇයි ?

ඔවුන් එකිනෙකාව හඳුනනවාද ?! කෙසේද ?කවදා ද ? ඇයි ?

මම ඔවුන් දෙස නොසැලී බලා සිටියෙමි.

" කෙනත්... අහ්... මම හීනෙන්වත් හිතුවෙ නෑ ඔයා මෙතන ඇති කියල..."
මොරානා පැවසුවේ සිය දෑත් දෙපසට දිගු කරමිනි.
ඔහු බලාපොරොත්තු වන්නේ මගෙන් වැළඳගැනීමක් ද ? එහෙත් මට ඔහුගේ මුහුණේ වූ ක්ෂණික වෙනස් වීම වටහාගත හැකිය.

" ඔයා අද මාත් එක්ක ඩිනර් එකට එකතු  වෙන නිසා මම කල්පනා කළා කෙනත්වත් ගෙන්න ගන්න... ඔයා සප්‍රයිස් උනා නේද ?" වැඩිමහල්ලා පැවසුවේය.

පෙර කී තරුණයා වැඩිමහල්ලා වෙත පැමිණ ඔහුගේ කම්මුළකට හාද්දක් දුන්නේය.

" හලෝ මම මෙහෙරබ් ! " ඔහු මා වෙත අත දිගු කරමින් පැවසුවේය. මම ඔහුගේ අත දෙස හිස් ලෙස බලා සිටියෙමි. " ඉතින් ?" මම ඇසුවෙමි.

"කමෝන්... එහෙම වෙන්න එපා..." මාස්ටර් මොරානා මගේ උරහිසකට තට්ටු කරමින් පැවසුවේය. "... අඳුරගන්න එයාව..."

මගේ කුස ඇඹරෙන ආකාරය මට දැනුනේය. මට ඔහුව අඳුර ගන්නට ඕනෑ නැත.
මේසය් මත ඇති රිදී පිහි මට පෙනෙයි. එක් පිහි පහරකින් ඔහුගේ ඇඟිලි කීයක් කපා දමන්නට හැකි වේදැයි මම කල්පනා කළෙමි.

" ඒකට කමක් නෑ..." යි පැවසූ මෙහෙරබ් පුටුවක හිඳ ගත්තේය.
මම ඔහු දෙසම බලා සිටියෙමි. මට ඔහුගේ කණක් කඩාගෙන කන්නට සිතෙයි.

ඔහු මා වෙත මිහිරි ලෙස සිනාසුනේය. මට ඒ දෙස බලා සිටින්නට අපහසු බවක් දැනුනේය. මම මත තිබූ පිහි තලය අතට ගත්තෙමි. මම එය තරයේ අල්ලා ගතිමි. මට ඔහුගේ උගුරු දණ්ඩ පෙනෙයි.

" ඔහ් ගෝඩ්...! " වැඩිමහල්ලාගේ හඬ මට ඇසුනේය. "... ඔයාගෙ ඔය එනර්ජි එක කලින් කොහෙද තිබ්බෙ...?" 

මාස්ටර් මොරානා මගේ දණහිසක් මතින් සිය අත තැබුවේය.
" ඔයාට මොකද වෙලා තියෙන්නෙ ?" ඔහු අසන්නේ කිසිවක් නොදන්නා අයෙකු මෙනි.
"...වෙච්ච දේ මම පස්සෙ කියන්නම්... ඔයා ඇයි ඔහොම ? පිස්සුද ? ඔයා මොකුත් නොදැන කතන්දර හදාගන්න එපා..."

මම පිහිය මේසය මතින් ගැසුවෙමි.

මම ඔහුගේ අත මගේ දණහිස මතින් ඉවත් කළෙමි. ඔහු මගේ ඇමතුමකට හෝ පිළිතුරක් දුන්නේ නැත...අවසන් වරට ඇමතුමක් ලබා දුන් විටදී පවා එමරල්ඩ් වෙත පැමිණෙන බව පැවසුවේ නැත.
ඔහු හදිසියේම මගේ ඉදිරියට වෙනත් මිනිසෙකු සමඟ කඩා පහත්වන තුරු මම ඔහු ගැන කිසිවක් හෝ දන්නේ නැත.
මම කෝපයෙන් පුපුරමින් සිටියෙමි.

" අබ භාජනේ ඔය ළමයගෙන් ඈත් කරල තියන්න... නැත්තන් ඒක පුපුරන්න පුලුවන්..." වැඩිමහල්ලා සිනාසෙමින් පවසන විට අර ගස් ගෙම්බා සහ මාස්ටර් මොරානා සිනහවට එකතු වූවෝය.
"...දැන් නම් මූණෙම චොක්ලට් පොප් කෝන් හදන්න පුලුවන්..."

මට හඬන්නට සිතුනි. මම ඔවුන් අතරට නොගැලපෙන බවක් මට දැනුනි. මම වේගයෙන් හුස්ම ඇල්ලුවෙමි.

මම මේසයෙන් නැගිට ඉවතට ඇවිද ගියෙමි.
මට සිනා හඬ තුළ තව දුරටත් මාස්ටර් මොරානාගේ සිනහව ඇසුනේ නැත. මම යළිත් පසුපස නොබැලුවෙමි.

You are reading the story above: TeenFic.Net