52. ණය

Background color
Font
Font size
Line height

(Kenneth code...)


52.

Warning - Disturbing

වැඩිමහල්ලාට සිය නිදන කාමරයේ දොරට තට්ටු කරන හඬක් ඇසුනේය. ඔහු ඇඳ අසල වූ බොත්තමක් ඔබා දොරේ අගුළු විවර කළේය.

මෙහෙරබ් දොර වසා දමා ඔහු වෙත පැමිණියේය.
වැඩිමහල්ලාගේ ඇඳෙහි ඉහපත්තාව ඉහළට එසවුණේය.

" You early..."

මෙහෙරබ් හිස සොලවා හැඳ සිටි සිනිදු රාත්‍රී කබාය ගලවා දැමුවේය.

" පපා නිදි නැද්ද ? " ඔහු ඇසුවේ ඇඳට නැග වැඩිමහල්ලාට තුරුළු වෙමිනි. ඔහු වැඩිමහල්ලාගේ කම්මුළක් සිප ගත්තේය.

" මොකද උනේ ?! මේ තරම් කලින් ආවෙ ඇයි ? "

" මොකුත් නෑ... " ඔහු වැඩිමහල්ලා දෙස බලමින් පැවසුවේය.

" How about Luna ? "

" මහ තක්කඩියෙක්..."

" මොකද උනේ ? "

" අපි ඩිනර් එකකට ගියා... ඒක මාර කම්මැළියි... එයා මන් දිහා හරියට බැලුවෙවත් නෑ. එයාගෙ මෝඩ බෝයිෆ්‍රෙන්ඩ් ගැන කියවන්න පටන් ගත්තා. ඒ අතර දිගටම මොකක්ද ලේන්සුවක් ගොත ගොතා ගියේ... බැලින්නම් ඒක ලේන්සුවක් නෙමෙයි...

ඒක යට කලිසමක් !! එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ටලු ගෙතුවෙ !!!

බාගෙට කාලා ඉවර උනාට පස්සෙ, වොශ් රූම් එකට ගිහින් එන්නම් කියල ගියා.ටික වෙලාවකට පස්සෙ මට ටට්‍යානා කෝල් කරල කියනව, මොරානා කිව්වලු , එයාටට හදිසි බිස්නස් අයිඩියා එකක් ආවාය, ඒ නිසා ටැක්සියක් දාගෙන වතු යායට ආවාය කියල මට දන්වන්න කිව්වලු !!! 
මම හොටෙල් එකේ ඉද්දිම !!!
...එයා ඇවිල්ලා ටැක්සියක් දාගෙන !!! මොන තරම් හැදියාවක් නැති කෙනෙක් වෙලාද ලූනා..."

" ආ... ඇත්ත ඇත්ත... හරිම නරක ළමයෙක්..."

මෙහෙරබ් වැඩිමහල්ලාගේ රාත්‍රී කමිසය ඉවත් කර ඔහුගේ සිරුර මතින් හිඳ ගත්තේය.

" මම හිතන්නෙ නෑ ලූනට මාව මතකයි කියලා ! "

ඔහු පැවසුවේ වැඩිමහල්ලාගේ පපු පෙදෙස ස්පර්ශ කරමිනි.

" යස්... එයාට ඔයාව අමතක කරන්න ගොඩ කාලයක් ගියා... සනී..."

වැඩිමහල්ලා ඔහුගේ මුහුණ අතගෑවේය. කිරිගරුඩ මෙන් සුමුදු සම ස්පර්ශ කළේය. එකිනෙකා මත වැටුණු ඔවුහු සිප ගත්තෝය.

" ...එයාට ඔයාව මතක් වෙන්නත් කාලයක් යයි..." 
මෙහෙරබ් දෙතොල් මුදවා ගත් විට වැඩිමහල්ලා පැවසුවේය. මෙහෙරබ් ඔහුගේ සංවේදී අවයවය වෙත සිය අත ගෙන ගියේය.

" එයා මට ගොඩක් ආදරේ කළා නේද ?"

" එයා ඔයා වෙනුවෙන් යුද්ධයක් පටන් ගත්තා සනී...! හැබැයි එයා පැරදුනා...!"
වැඩිමහල්ලා තරුණයාව යහන මතට පෙරළා ගනිමින් පැවසුවේය.

" you are soo old....but I love you..." මෙහෙරබ් වැඩිමහල්ලාගේ මුහුණ දෝතින්ම අල්ලමින් කීවේය. ඔහු මහල්ලාට සිය සිරුර රිසි සේ පරිහරණය කරන්නට ඉඩ දුන්නේය. ඔහු ඉතා මහළු අයෙකු විය යුතුය. එහෙත් ඔහුගේ මුහුණ සහ සිරුර එතරම් වයස්ගත බවක් නොපෙන්වයි. මිනිසුන් ඔහුට "වැඩි මහල්ලා" යනුවෙන් කතා නොකළා නම් ඔහු අවුරුදු පනහක හෝ හැටක මිනිසෙකු ලෙස ඔහුව හඳුනා ගන්නට ඉඩ තිබුනි.
මෙහෙරබ් ට වැඩිමහල්ලා ගේ ශක්තිමත්භාවය දැනෙයි. ඔහු මේ මිනිසාගේ නම සිහිපත් කරන්නට උත්සාහ කළේය.

ඔහු " පපා " ලෙස ඇමතුවත් මේ මිනිසා ඔහුගේ පියා හෝ වෙනත් ඥාතියෙකු නොවේ ! ඉතින්
නම හෝ නොදන්නා රහසිගත අයෙකු සමඟ යහන් ගත වීම ගැන මෙහෙරබ් කල්පනා කළේය. එහෙත් එයින් දැන් ඵලක් නැත. ඔහු මෙය කොතරම් කාලයක් තිස්සේ කළාද ? ඔහු නිසා තමාගේ වටිනාකම වැඩි වී ඇති බව ඔහු දනියි.

වැඩිමහල්ලා විශාල ධනවතෙකු වූවේය. ඔහු රාජ සභා සභිකයෙකු වූවේය. විශාල ව්‍යාපාර ජාලයක ප්‍රධානියා වූවේය. එහෙත් පිටත ලෝකය ඔහු ගැන දැන නොසිටි තරම් ය. ඔහු අබිරහස් මිනිසෙකි. ඔහු ජීවත් වූවේ නැත ! ඔහු පැවතුනේය.

වැඩිමහල්ලා නිසා තමාගේ වටිනාකම වැඩි වූ බව මෙහෙරබ් දනියි. වැඩිමහල්ලාගේ ලැයිස්තුවේ ඔහුගේ වටිනාකම දෙවැනි වූවේ මොරානාට සහ ගාබ්‍රියෙල් ට පමණි.

මෙහෙරබ් වැඩිමහල්ලා ට තමා තුළට ඇතුළු වන්නට ඉඩ දුන්නේය. ඔහුගේ මුවින් කෙඳිරියක් පිට වූවේය. වැඩිමහල්ලා ට සියළුම කාර්යයන් තනිව කිරීමට ඔහු ඉඩ තබන්නේ නැත. ඔහු වැඩිමහල්ලා මතට පැමිණියේය. සෙමින් චලනය වූවේය.

මෙහෙරබ් සුන්දර තරුණයෙකි. ඔහුට හුරුබුහුටි පෙනුමක් තිබුනේය. ලලිතවත් සිරුරක් තිබුණේය.  කළු හිසකෙස් සමඟ පියකරු නිල් ඇස් තිබුනේය. Warlosnse රාජ්‍යයේ ස්වභාවික  නිල් ඇස් ඇති තරුණයන් සොයා ගැනීම අපහසුය. ඔහු සුවිශේශී විය. මොරානා සහ ගාබ්‍රියෙල් මෙන්ම සුවිශේශී විය. ඒ නිසාම මහල්ලා ඔහුට බෙහෙවින් ප්‍රිය කළේය.

මෙහෙරබ් සෙමින් චලනය වූවේය. ඔහුගේ නිල්වන්  දෙනෙත් වැඩිමහල්ලා වෙත එල්ල වී තිබුනි. මුවේ මද සිනහවක් විය !

මෙහෙරබ් ට මොරානා ව සිහිපත් විය.

" ...ඉතින් මගේ පපා ඔයාව පවුලට එකතු කරගත්තෙ කවද ද ?..."

ඔහු ඇසුවා නොවේද ?

" ...අවුරුදු අටකට විතර කලින්..."

තමා මොරානා හා ආදරයෙන් බැඳී සිටියාද ? මෙහෙරබ් ප්‍රශ්න කරගත්තේය.
ලූනා මොරානාගේ විශිශ්ට දර්ශනය හමුවේ තම සිතේ ඔහු ගැන කැමැත්තක් ඇති වීමත් අතීතයේ ඔවුන් ආදරයෙන් බැඳී සිටි බව අසන්නට ලැබීමත් සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකකි !

වැඩිමහල්ලා උච්ඡත්වයට පැමිණීමට ආසන්න බව මෙහෙරබ් ට දැනෙයි. මෙහෙරබ් ඔහුට අවස්ථාව ලබා දිය යුතුය. ඔහු යහන මතට වැටුනේය. මහල්ලාව දෑතින්ම බදා ගත්තේය.

" ඔයා හිතන්නෙ මොනවා ගැනද ?" වැඩිමහල්ලා විමසයි ! මෙහෙරබ් සිනාසී ඔහුව සිප ගත්තේය.

"...මෙහෙරබ්, අපි අතර දෙයක් තිබුනා වෙන්න පුලුවන්..." මොරානා පැවසූ ආකාරය ඔහුට ඇසෙයි. "...ඔයා හරිම ලස්සන කෙනෙක්...මම කැමති විදිහෙ කෙනෙක්...  ඉතින් ඒක එහෙම වෙන්න පුලුවන්... මම ඔයාට හොඳින් සලකන්න ඇති කියල මන් හිතනවා...

නමුත් අපි දෙන්නම එක තැනකදි ඒක නතර කරලා තියනවා. එහෙම වෙන්න ඇත්තෙ අපි අතර තිබුනු අවබෝධෙ නැතුව ගිය නිසා වෙන්න ඕන...
ඔයා මොනවද දැන් කරන්නෙ ?..."

" ...මම EYRX සමාගමේ අන්තර් මහද්වීපික ව්‍යාපාර ජාලෙ සම්බන්ධීකාරක කෙනෙක්...ඒක ඇත්තටම විස්තර කරන්න පුලුවන් රස්සාවක් නෙමෙයි...හ හා..."

"...ඔයාට කැරියර් එකක් තියනවා... ජීවිතයක් තියනවා... මටත් එහෙමයි... මම බලාපොරොත්තු වෙනවා අපි තව දුරටත් වෙන වෙනම  , අපි තෝරගත්ත පාරවල් වල අපි වෙනම ඇවිදගෙන යයි කියලා... " මොරානා පැවසූ දෙය සිහිපත් වෙද්දී මෙහෙරබ් ගේ දෙනෙත් තෙත් වූවේය.

"...පපා ඔයාට මොනා කියල තියනවද මම දන්නෙ නෑ... නමුත් අපි අපේ සීමාව ඇතුළෙ කටයුතු කරමු... "

මෙහෙරබ් වැඩිමහල්ලාව බදා ගත්තේය.  නොබෝ කළෙකින් වැඩිමහල්ලා මොරානාට සිය ධනය සහ ව්‍යාපාර ජාලය පවරනු ඇත ! ඔවුන් අතර වාද පැවතියත් වැඩිමහල්ලා ගෙන් මොරානාව වෙන් කිරීම අපහසුය. මොරානා , වැඩිමහල්ලා මෙන් නොවේ... ඔහුට තමාව කිසි දිනක ඇවැසි නොවනු ඇත.

එවිට තමාට කුමක් වනු ඇති ද ? වැඩිමහල්ලාගෙන් තොරව තමා ජීවිතය බේරා ගන්නේ කෙසේද ? ඔහු යමක් කළ යුතුය.

ඔහු මොරානාව සිය අණසක යටට ගත යුතුය. ඔහුව හසුරුවන්නට දම්වැල අතට ගත යුතුය. එසේත් නොමැති නම් වැඩිමහල්ලාව හැසිර විය යුතුය. ඒ දම්වැල අතට ගත යුතුය.

මෙහෙරබ් සුරන්තය විඳිමින් ඇඹරුණේය.

"... කුණාටුවක් එනවා මට දැනෙනවා..." ටට්‍යානා පැවසූ දෙයක් ඔහුට සිහිපත් විය. "...මම කුණාටුවට වඩා ඉක්මනින් ඉස්සරහට දුවනවා... තමුසෙ කැමතිනම් කුණාටුව දිහාටම දුවන්න..."
ඇය පැවසුවාය. "... කුණාටුව පටන් ගනිද්දිම මැදට දුවාගන්න තිබ්බොත් හොඳයි... හැබැයි මධ්‍ය ලක්ෂයට දුවන්න බැරි උනොත් ඔයා කුණාටුවට අහු වෙලා මැරිලා යන එක කාටවත් නවත්වන්න බෑ..."
******************

මෙහෙරබ් ඇස් ඇර බැලුවේය. ඔහු සිය කාමරයේ සිටින බව ඔහු වටහා ගත්තේය. ඔහුගේ කොට්ටය මත තබා තිබූ රවුම් රසකැවිල්ල ඔහු අතට ගත්තේය.

වැඩිමහල්ලා සිය ලිංගික සහකරුවන් සිය යහනේ තබා ගන්නේ නැත ! ඔහු ඔවුන්ව ඉවතට ගෙන ගොස්දමයි... සිත සනසන්නට රස කැවිළි තබා යයි...

මෙහෙරබ් සුසුමක් හෙළුවේය. ඉන්පසු නින්දට වැටුනේය.

====================================================================================================================================

මම කාර්යාලයට පැමිණෙන විට මගේ මේසය මත අපූරු මල් කලඹක් තබා තිබුනේය. වසන්ත මල් පොකුරක් මෙන් විසිතුරු එහි කාඩ් පතක් අමුණා තිබුනේය. ඒ අසලම දිගු පෙට්ටියක දැමූ රසවත් කේක් කැබළි රැසක් විය.එය මාස්ටර් මොරානා ගෙන් බව මම දුර තබා දැන ගත්තෙමි. මම මල් පොකුර ඉඹ බැලුවෙමි. නැවුම් මල් වල සුවඳ කාර්යාලය පුරා පැතිර තිබුනේය. මට මාස්ටර් මොරානා ව දකින්නට ඕනෑය... මට ඔහුගේ සුවඳ මල් වලින් දැනෙයි...

මම මල්පොකුර මුළුතැන්ගෙය වෙත ගෙන ගොස්  වීදුරු පැන්ට්‍රියක් තුළින් තැබුවෙමි. කේක් කැබලි තේ පෝච්චිය අසලින් තැබුවේ අනෙක් අය එය රස විඳීවි යැයි සිතමිනි.

ඉන්පසු මම කේක් කැබැල්ලක් සහ කෑම පෙට්ටියක් රැගෙන ඉවාන් ව සොයාගෙන ගියෙමි.

        ඒ උදෑසන මම අවදි වන විට ඉවාන් සිටියේ නැත. ඔහු පිටව ගොස් තිබුනේ මගේ දොරට අගුල පවා නොදමමිනි. ඔහුට හදිසියේම කුමක් වූවාදැයි මම කල්පනා කළෙමි. ඔහු උදේ ආහාරය වෙනුවෙන් ග්‍රොසරි බඩු ගෙනවිත් තිබුනේය. එය පිළියෙල නොකර පිටව යාමෙන් මට අමුත්තක් දැනුනි.

ඔහු කාර්යාලයේ සිටින බව පිටත වීදුරුවෙන් බැලූ විට මට පෙනුනි. මම දොරට තට්ටු කර ඒ වෙත ඇතුළු වූවෙමි. මා දැකීමෙන් ඔහු තිගැස්සුනේය.

" මට ඔෆිස් එකෙන් හදිසි කෝල් එකක් ආවා..." ඔහු පැවසුවේ අසුනෙන් නැගී සිටිමිනි. ඔහුගේ ඇඳුම් පැළඳුම් අවුල් බව මට පෙනුනි. කමිසය මැද තිබුනේ නැත. ටයි පටිය ,  බෙල්ට් එකේ සහ කලිසමේ පැහැය එකිනෙකට ගැලපෙන්නේ නැත. මම ඔහුගේ සෝෆාවෙන් හිඳගෙන ඔහුගේ ඇඳුම් පැළඳුම් විනිශ්චය කරමින් බලා සිටියෙමි.

" මොකද යකෝව් කන්න වගේ බලන්නෙ ? සිප් එකවත් ඇරිලද ? " ඉවාන් එක්වරම ඇසුවේ ඔහුගේ කලිසමේ ශිපරය පරික්ෂා කරගනිමිනි.

" නිකන් නිකන්..." මම පැවසුවෙමි. ඉවාන් නිතරම ඇන්දේ මේ ආකාරයෙන්ද ? නැතිනම් ඔහු සැබැවින්ම අවුල් වී සිටිනවාද ?

මම මගේ අදහස ඔහුට පැවසූ විට ඔහු මට බැන වැදුනේය.
" ...ඇයි ඔයා ෆැශනිස්ටාර් කෙනෙක්වත් වෙලාද මගේ ඇඳුම් වල ඇද කුද කියන්නෙ ? කවද ඉඳන්ද ඔයා බෙල්ට් එකේ පාටයි සපත්තු වල පාටයි ගලපන්න  පටන් ගත්තෙ ? "

මම මාස්ටර් මොරානා ගෙන් මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් ගැන විනිශ්චය කරන්නටත් ඒ ගැන මගේ අදහස පවසන්නටත් ඉගනගෙන ඇතැයි මම සිතුවෙමි ! එය විනෝද ජනක දෙයක් විය. මන්දයත් ඉවාන් පැවසූ ලෙසම මම කිසිඳු ලකයක් නොමැති ලෙස ඇඳුම් අඳින්නට පුරුදු ව සිටි අයෙකු වූවෙමි.

" මම ඔයාට උදේ කෑම හැදුවා..."

" ගෙනාව එක හොඳයි... මම බඩගින්නෙ හිටියෙ..."

ඔහු පැවසුවේ කෑම පෙට්ටියේ වැසුම් හරිමිනි.
" ම්ම්ම්ම්...රස පාටයි..." ඔහු එළවළු කැබැල්ලක් සපමින් පැවසුවේය.

මම ඔහු දෙස මද වේලාවක් බලාගෙන සිටියෙමි. ඔහු ගැන මට ශෝකය මිශ්‍රිත දයාබර හැඟීමක් දැනෙයි. මම ඔහුගේ හිස අතගෑවෙමි. ඔහු හිස ඔසවා මා දෙස බැලුවේය.
මට ඔහුට දයාබර දෙයක් පවසන්නට ඕනෑ විය. එහෙත් මට වචන නැත !

" කෙනත්, ඔයා වැඩ කරද්දි මොකක් හරි ගැටළුවක් ආවොත් මට කියන්න... ඔයා නොකීවොත් මට උදව් කරන්න විදිහක් නෑ...මොකද ඔයා දැන් සුපර්වයිසර් කෙනෙක් නිසා මන් යටතෙ නෙමෙයිනෙ ඉන්නෙ..." ඔහු සිනාසුනේය. "... මට තේරෙනවා...ඔයා දැන් ලොකුයිනෙ...මට සතුටුයි...දුකයි...බයයි... ඒත් ඔයත් ජීවිතේ ගොඩ දාගන්න එපැයි..."

මම නිහඬව ඔහු දෙස බලා සිටියෙමි.
මට ඔහුට "ස්තූතියි..." කියන්නට ඕනෑය. එහෙත් එය දුරස්ථ වචනයක් ලෙස මට දැනෙයි...

" එන්නම්..." යි කියූ මම දොර වෙත ඇවිදගෙන ගියෙමි.

" ඔයාගෙ නංගි ගැන ආරංචියක් තියනවද ? ෆියෝනා ගැන ? "
ඉවාන් අසද්දී මම තිගැස්සුනෙමි. මම ඔහු වෙත හැරුණෙමි.

" ඔයා කොහොමද ෆියෝනා ගැන දන්නෙ ? "

" ඔයාගෙ අම්මා මට කිව්වා..." ඉවාන් පැවසුවේ නොකඩවා ආහාර සපමිනි.

" මගේ අම්මා ඔයාට කෝල් කරනවද ? "

ඉවාන් මා දෙස බැලුවේය. " ඒකෙ වරදක් තියනවද?"

මම කෙල ගිල්ලෙමි. " නෑ වරදක් නෑ... කොච්චර කාලෙක ඉඳන් ද මගේ අම්මා ඔයා ගැන උනන්දු වෙන්නෙ ? " මම ඇසුවේ කිසියම් බරැති හැඟීමකින් මගේ සිත මැඩවෙද්දීය.

ඉවාන් සුසුමක් හෙළුවේය.

" මම මේක ඔයා එක්ක කියන්න නෙමෙයි හිටියෙ... "

" මොකක්ද ?"

ඉවාන් වතුර උගුරක් පානය කොට අසුනේ ඇන්දට හේත්තු වූවේය.

" මම ඔයාගෙ අම්මට සල්ලි වලින් උදව් කරනවා...මම දන්නව ඔයාට අමාරුයි කියලා..."

මම ගල් ගැසුනෙමි. මට හුස්ම ගන්නට පවා නොහැකි විය. ඔහු මේ පවසන්නේ මොනවාද ?
" සල්ලි වලින්?" "උදව් කරනවා ? "

නමුත් ඇයි ?

මම අම්මාට මගේ මුළු වැටුපේම පාලනය අතට දී තිබියදී ඇය ඉවාන්ගෙන් මුදල් ඉල්ලන්නේ ඇයි ?

මගේ දණිස් වෙව්ලන්නට වූවේය.

" කොච්චර කල් ඉඳන් ද ?" මම ඇසුවෙමි. ඉවාන් මා දෙස අනුකම්පා සහගතව බලා සිටියේය. මට ඒ බැල්ම ඕනෑ නැත.

" අවුරුදු දෙකක් විතර වෙනවා... ඒක අවුලක් නෑ

නෑ... මම ඒක කලේ ඔයා වෙ..."

" කොච්චරක් විතර දුන්නද ?" මම ඔහුට බාධා කරමින් ඇසුවෙමි. මගේ හඬ උස් වී වෙව්ලමින් තිබෙන බව මට දැනෙයි. ඉවාන් ආසනයේ පසුපසට ඇලවී සිටියේය.

" ඒකෙන් දැන් වැඩක් නෑ කෙනත්... මට ඒක අවුලක් නැහැ... "

" නෑ... කීයක් ගෙව්වද ? "

" මට ඔයාගෙ සල්ලි ආපිට ඕන නෑ... ඒ ණය නෙමෙයි... මන් දන්නව ඔයාට student lone එහෙමත් ගෙවන්න තියනව කියල ! ඔයා අවුරුදු හයක ඩෝම් රූම් කුලිය , ලැබ් කුලිය තාම ගෙවනව කියල !! ඔයාට උදව් ඕන... මම මට පුලුවන් දේ කළා... "

මම ඔහු දෙස නොසැලී බලා සිටියෙමි.

"...ඔයාගෙ තාත්තා දැන් ඉස්පිරිතාලෙක නතර කරලා... ඒ බෙහෙත් වලට ලොකු වියදමක් යනවා... මම..."

මට තව දුරටත් ඔහු පවසන දෙය ඇසුනේ නැත. මට මහා ලැජ්ජාවක් දැනුනේය. මම මගේ කම්මුල් තද කර මිරිකා ගත්තෙමි.

මගේ වැටුප ගම්බද නිවසක ජීවත් වන මගේ පවුලට හොඳටෝම සෑහෙයි ! ඔවුන් ඉවාන්ගෙන් මුදල් කඩා වඩා ගත්තේ සිතාමතාම ය. මට කෝපයක් දැනුනේය. මම වහාම ඔහුගේ කාමරයෙන් පිටව ගියෙමි !
මට තවදුරටත් මගේ පවුලේ වංචාවන් ගැන අසන්නට ඕනා නැත. ඔවුන් කිසිසේත්ම සුළු මුදලකින් සැනසෙන්නේ නැත. ඔවුන් ඉවාන්ව සූරා කන්නට ඇත !

අනෙක් අතට මා හා මාස්ටර් මොරානා අතර සම්බන්ධය නිවැසියන්ට පැවසූවේ කවුදැයි මට වටහා ගත හැකිය. මට ඉවාන් සමඟත් කෝපයක් දැනෙයි !! 

මම නාන කාමරයක් තුළට ගොස් එය හිස් වන තුරු සිට, යටිගිරියෙන් කෑ ගැසුවෙමි.
මගේ හිස දැවෙන්නාක් මෙනි !

මම ආපසු මගේ ස්ථානය වෙත ගියේද කෝපයෙන් පුපුරමිනි. අසුනේ හිඳගත් මම උඩ වීසි වූවේ එක්වරම පසුපසට දැනුණු ශීතල නිසාය. කැඩුණු කුෂන් පුටුව දියෙන් පෙඟී තිබුණු අතර වතුර පුටුවෙන් පහළට බේරුණේය. මම
මම කාර්යාලයේ සිටි සියළුදෙනාගේ මුහුණු දෙස බැලුවෙමි. ඔවුන් හිස් නවාගෙන සිය කාර්යයන්ගේ නියැලෙමින් සිටින බව මට පෙනෙයි ! ඔවුන් අතරින් කවරෙකු හෝ මගේ පුටුවට වතුර හැළූ බව මම දනිමි. ඊයේ ඔවුන් මගේ පුටුව සඟවා දැමූ අතර දැන් මම සොයාගෙන ආ කැඩුණු පුටුවට වතුර දමා ඇත.

මම එය ඉවතට වීසි වන ලෙස පයින් පහරක් ගැසුවෙමි.
එය කැබළි දෙකකට කැඩී බිම විසිරුණේය.

කිසිවෙකු අවධානය යොමු කරන බවක් නොපෙනුනි. ඒ නිසා මම පුටු කැබළි දෙක ඇදගෙන ගොස් මුළුතැන්ගෙයි ඇති විශාල කුණුකූඩය අසල සිටවා තැබුවෙමි.

ආපසු හැරෙන විට මට අමුත්තක් දැනුනි. මම වඩාත් අවධානයෙන් කුණුකූඩය දෙස බැලුවෙමි.

" අනේ...." මට හැඬෙන්නට ගියේය. මගේ විසිතුරු මල් පොකුර කුණු කූඩයට ඔබා තිබුනි. මම එය පිටතට ඇද්දෙමි. මල් පොකුරේ චොක්ලට් අයිසින් කේක් තැවරී තිබුනි !

මම මල් පොකුර සින්ක් එක වෙත රැගෙන ගොස් සෝදන්නට උත්සාහ කළෙමි.  කුඩා සහ විවිධාකාරයේ මල් රාශියකින් යුතු වූ මල් පොකුර සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට නොහැකි වුවත්  මම ලොකු මල් සියල්ලම ගලවා ගත්තෙමි. ඒවා සේදුවෙමි. එයින් මට මල් කිහිපයක් හෝ බේරාගැනීමට හැකි වනු ඇත.

මගේ දෙනෙත් මට කීකරු නොවී කඳුළු සැළුවේය.

මම විශාල මල් කිහිපය පමණක් ගෙන යළිත් ගබඩා කාමරය තුළට රිංගා තවත් අබලන් පුටුවක් ගෙන ආවෙමි.

මට එහි හිඳගෙන වැඩ කරන්නට අපහසු විය. එහෙත් මම වැඩිපුර ඒ ගැන සිතන්නට නොගියෙමි. සවස් බාගයේ මට විධායක රැස්වීමකට සහභාගී වන්නට තිබෙයි. මම ඊට සූදානම් විය යුතුය.

මම ඉවාන් ව මඟ හැරියෙමි. දිවා ආහාරය පිණිස කැෆටීරියාවට ගිය මට අසාමාන්‍ය අවධානයක් ලැබුණේය. මම පෝළිමට එකතු වෙද්දී මට ඉදිරියෙන් සිටි පුද්ගලයෝ මගෙන් ඉවත් වූවෝය. පෝළිමට ඉතිරි වූවේ මා පමණකි. එයත් එක අතකට හොඳය.

ආහාර බෙදන කෝකියන්ගේ දෙනෙත් දෙස නොබලා ඉන්නට මම උත්සාහ කළෙමි. මම කාටවත් නොපෙනෙන මුල්ලකින් හිඳ ගත්තෙමි. මට කෑම සපන්නට අපහසුවක් දැනුනි. මගේ උගුර වියළී තිබුනේය. මගේ පපුව ඇදුම් දුන්නේය.

හමුවට යාමට පෙර මාස්ටර් මොරානා මට ඇමතුමක් ගත්තේය.

" බනී..." ඔහුගේ දයාබර හඬ දුරකතනය තුළින් ඇදී එද්දී මට හැඬුම් ආවේය. මම එය ගිලගෙන සාමාන්‍ය පරිදි කතා කළෙමි.
මම ඔහුගේ මල් පොකුරට සහ කේක් පෙට්ටියට ස්තූති කළෙමි.

" ඔයා ඔෆිස් එකේ අනිත් අයට බෙදලා දුන්නද ? "

" මීට පස්සෙ රස කෑම ජාති මගේ ගෙදරට එවන්න... මට තනියම කන්න ඕන..." මම පැවසුවෙමි.

" ඔයා පෙරේත ළමයෙක්...! " ඔහුගේ සිනා හඬ නිසා මගේ හදවත ක්ෂණිකව උණුසුම් වූවේය.

" මාස්ටර්... මට ඔයා නැතුව පාළුයි..." මම මිමිණුවෙමි. ඔහු සුසුමක් හෙළණ හඬ මට ඇසුනේය.

" මටත්... " ඔහු පැවසුවේය. අපි අතර නිහඬතාවයක් ඇති විය.
"... ඔයා හොඳින් නේද වස්තුවේ..." ඔහු ඇසුවේය. "...ඔයාගෙ බඩ කොහොමද ? පිච්චුන එක..."

මට හඬන්නට ඕනෑය. මිනිසුන් මට නපුරු වන බව පවසන්නට ඕනෑය.

" මාස්ටර් අහනකම් මතක් උනේ නෑනෙ... මම බෙහෙත් ගා ගත්තා... ඒක පොඩි දෙයක්..."
මම විධායක හමුව ගැන ඔහු සමඟ පැවසුවෙමි.

" බනී... මම මේ පාර අලුත් බ්‍රෑන්ඩ් එකක් ඕපන් කරනවා... ඔයා එක්ක ඒ ගැන කතා කරනකම් ඉවසිල්ලක් නෑ..." මොරානා පවසද්දී මට මං මුලා සහගත බවක් දැනුනි. ඔහු සිටින දිහාවකට ගොස් ඔහුගේ අත් අතර ගුළි වන ආකාරය ගැන මම සිහින දැක්කෙමි.

" මාස්ටර්...මට ඔයාව බලන්න ඕන..." මම පැවසුවෙමි. .

" අපි ඉක්මනට හම්බ වෙමු කෙනත්... ඔයාට මේ සතිය අමාරු වෙයි... හැබැයි ඔයා ඒකට පුරුදු වෙයි. මොකද මට ඕන නෑ ඔයා රස්සාව අතාරිනවා දකින්න..."

මම නිහඬවම සිටියෙමි.

"... බනී...? "

" ඒ උනාට මට මාස්ටර් ව බදාගන්න ඕන... මට මාස්ටර් ව හපන්න ඕන... මිරිකන්න ඕන...මට පාළුයි...අඬන්න හිතෙනවා..."

" අනේ අනේ... මගේ ඇඟේ මාළු ටික කන්නනෙ මෙච්චර මේ නටන්නෙ මෙයා... දෙකක් දෙනවා මම...මගේ හොඳ පුතා දැන් මීටින් එකට යන්න. මම රෑ වෙලා කෝල් එකක් ගන්නම්..."

මම අකමැත්තෙන් ඇමතුම අවසන් කළෙමි.

විධායක හමුව මම සිතුවාට වඩා වේලාවක් තිබුනේය. මට එහිදී හිඳ ගන්නට පුටුවක් ලැබුනි. මට විධායක හමුවක හිඳගන්නට ලැබුනු පළමු අවස්ථාව මෙය විය. මින් පෙර මම ඉවාන් හෝ ගිලියන් ගේ පසුපසින් සිටගෙන සිටියෙමි.
මාස්ටර් ගිලියන් විසින් මා නිලධාරීන්ට හඳුන්වා දෙන ලද්දේය. මම ඔවුන් දෙස නොබලා සිටින්නට  උත්සාහ කළෙමි.
හමුව හොඳින් ගලාගෙන ගියේය. මට මගේ නව රැකියා ඉලක්ක ගැන දැනගන්නට ලැබුනේය.

බොහෝ දෙනාගේ අවධානය ලූනා වතුයායට යොමුව තිබූ අතර මම එහි පද්ධතිය යළි පණ ගැන්වූ නිසා ඒ පද්ධතිය මව් පද්ධතිය හා සම්බන්ධ කළ යුතු ආකාරය එතැනදී සාකච්ඡාවට ලක් විය. මට බොහෝ ප්‍රශ්න එල්ල වූ අතර මම ඒවාට මට හැකි උපරිමයෙන් පිළිතුරු ලබා දුන්නෙමි. අපි කුමක් කිරීමටත් පෙර ලූනා ව්‍යාපාර ජාලයේ ප්‍රධානියා වූ මාස්ටර් මොරානා සිය අනුමැතිය ලබා දිය යුතු බව මම අවධාරණය කළෙමි.

එතැන කතා කරන විට මට තවදුරටත් මුහුණු දෙස බලන්නට අපහසුවක් දැනුනේ නැත. මම ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ආශා කළෙමි. ඔවුන් මගේ පිළිතුරු වලින් ඉගනගන්නා බව දැකීම මට සතුටක් විය.

හමුව අවසන් වන විට පැය තුනක් පමණ ගත්ව තිබුනේය. මාස්ටර් ගිලියන් මගේ පිටට තට්ටු කළේය.

" වෙල් ඩන් බෝයි..." ඔහු පැවසුවේය. "... ඔයා සෑහෙන්න හොඳයිනෙ දැන්... ඔයා කැමතිද අද අපි එක්ක කෑමකට යන්න..."

" අපි කිව්වෙ ? "

" ඔයා , ඉවාරා... මම..."

මම තිගැස්සුනෙමි. මට ඉවාරා දෙස බලන්නට හෝ නොහැක. එහෙත් ගිලියන්ට පිටු පෑම ඉදිරියට සුබ නොවනු ඇත. මම ඊට එකඟ වූවෙමි.

එය ඉහළ පැළැන්තියේ තැනක තිබූ කම්මැළි රෑ කෑමකි. මම කෑම ඉදිරියේ තබාගෙන ඈණුම් ඇරියෙමි. ඉවාරා ඈ සෑම විටම බලාපොරොත්තු වූ ජීවිතය ගත කරන බව මට පෙනෙන්නට තිබුනි. ඇය අනර්ඝ ඇඳුම් හා වටිනා අභරණ ඇඳ සිටියාය. ඇය මගේ මිත්‍රත්වය ප්‍රතික්ෂේප කිරීම නිසා මගේ සිත පෑරුණේය.

මාස්ටර් ගිලියන් සමඟ මෙවැනි අවස්ථා වල කතා කළ යුතු දේවල් ගැන මට අවබෝධයක් තිබුනේ නැත. ඔහු වල්පල් කතා කළේය. මගෙන් මාස්ටර් මොරානා ගේ විලාසිතා දැක්ම ගැන විමසුවේය. මම ඔහුට හූ මිටි තබමින් ආහාර ගත්තෙමි.

එය අවසන් විය !

මම නිවසට ගොස් ගැඹුරු නින්දකට වැටුණෙමි.

මගේ සතිය ඒකාකාරීව ගෙවී ගියේය. මට කාර්යාලය තුළ වැඩ කරන්නට පහසු වූවේ නැත. මට හිඳ ගැනීමට අබලි පුටු තවදුරටත් ගබඩාවේ තිබුනේ නැත. පුටුවට ජලය වත් කිරීම දිගින් දිගටම සිදු වූ නිසා මම ප්ලාස්ටික් පුටුවක් ගෙන ආවෙමි. එවිට මට එය පිස දමා හිඳගත හැකිය.

ඉවාන් මට කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කරත් පසුව එය අතහැර දැමුවේය. ඔහු ආපසු මුදල් ලබා නොදෙන බව මට පොරොන්දු වූවේය.

මට ගෙවා නිම කරන්නට විශාල ණය තොගයක් ඇත. මම ඇඳුම්, සපත්තු සහ කෑම වෙනුවෙන් පවා ගිණි පොළියට ණයට ගත් අයෙකු වූවෙමි. මම එය දනිමි !
එහෙත් ඉවාන් සිදුකළ දෙය මට උදව්වක් නොවීය. මට පහසුවෙන්ම මාස්ටර් මොරානා ලබා දුන් ප්ලැටිනම් කාඩ් පතෙන් ණය පියවන්නට හැකිය. එහෙත් මට එසේ කිරීම පහත් දෙයක් ලෙස දැනෙයි. මම වැඩ කරන මිනිසෙකි. මම වැටුපක් ලබමි. මට එයින් ණය පියවන්නට හැකිය.

එහෙත් එවිට මම තවත් පුද්ගලයෙකු ට ණයගැතියි වනවා නොවේද ? ඒ හැරත් වෙනත් අයෙකුගේ මුදල් රිසි සේ පරිහරණය කරන්නට මට හැකියාවක් නැත.

සුපරීක්ෂක තනතුර නිසා මගේ වැටුප වැඩි වනු ඇත. එවිට ණය ගෙවිය යුතු ආකාරය ගැන මම සැලසුම් කර ගත්තෙමි.

තවද මම මගේ පියාව බලන්නට යා යුතු විය. මම මාස්ටර් මොරානා හා කතා කරමින් ඒ ගමන සැලසුම් කර ගත්තෙමි. ඔහුව දුරකථන තිරය ඔස්සේ දැකීම මට වාවාගන්නට නොහැකිය. මම සෑම දිනක්ම ඔහු හා ගත කල බව මට සිහිපත් වන්නේ සිහිනයක විලසිනි.
මගේ දයාබර මොරානා...

ඔහු මා සැනසුවේය. මිහිරි ලෙස ගැයුවේය. මට කතාන්දර කියා දුන්නේය.

නව ජීවිතයට හැඩ ගැසීම මට තරමක් අපහසු විය. එහෙත් එය පෙරට වඩා පහසු විය.

සිකුරාදා දිනය අවසන් වීම මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් කරවූවේය. මම කාර්යාලයෙන් පිටතට පැමිණියේ උද්‍යෝගයෙන් උඩ පනිමිනි. හෙට මම මාස්ටර් මොරානා ව දකින්නට යාම වළක්වන්නට කිසිවෙකුට හෝ නොහැක !

මම ගීයක් මුමුණමින් බස් නැවතුම කරා ඇවිද ගියෙමි.
ඈත තියාම මට නැවතුම අසල සිටගෙන සිටිනා කළු ඇඳුමින් සැරසුණු ආරක්ෂකයන් දකින්නට ලැබුනි.

" මාස්ටර් මොරානා !? " මම මගෙන්ම ප්‍රශ්න කරගත්තෙමි. ඔහු හොරෙන්ම පැමිණියාද ?

මම ඒ වෙත දිව්වෙමි. අතරමඟ පරිසරය අළු පැහැයට හැරෙන බවක් මට දැනුනේය. මගේ දෙපා මඩේ එරෙන බවක් මට දැනුනේය.

මීදුම අතරින් මට කළු පැහැති දිගු මෝටර් රථයක් පෙනුනි. එහි දොරවල් හැරී තිබුනේය !

මම නතර වන්නට උත්සාහ කළෙමි.

එහෙත් ශක්තිමත් හස්තයන් මා රිය තුළට තල්ලු කළේය. මට කෑ ගසන්නට හෝ ඉඩක් තිබුනේ නැත ! දොර වැසී ගියේය...

එතැන මාස්ටර් මොරානා නොමැති බව මම වටහා ගත්තෙමි...

=======================================

You are reading the story above: TeenFic.Net