49.පළමු රැකියාව

Background color
Font
Font size
Line height

( වසර 14කට පෙර )
( අතීතාවර්ජනය චැප්ටර් 34 හා සබැඳේ )
======================
කුඩා කෙනත් සීයා සමඟ සමූහ ගොවිපලට ගියේය. ඔහුට කුඩා මුල්ලු උදැල්ලක් ලැබුනි. ඔහු එයින් පස පෙරළන්නට ඉගනගත්තේය. කඳුකරයේ පස බොරළු සහිතය. ලිහිල් ය.
එහෙත් එය හිමෙන් වැසී තිබූ නිසා දෘඩ ය.

ඔහුගේ කුඩා අත් රිදුම් දුන්නේය. ශීතල සුළඟ නිසා ඔහුගේ සම පිළිස්සුනේය.  එහෙත් ඔහු අත හරින්නට සූදානම් වූවේ නැත.

" වසන්ත කාළෙදි අපි මේ බෑවුම වැහෙන්න බතල හිටවමු සීයේ..."

දහදිය පිසිමින් ඔහු සිය මුත්තණුවන්ට කීවේය. මහළු මිනිසා සිනා සුනේය.

" මේ හෙවණට එන්න පණ්ඩිත කොල්ලා..."
ඔහු දළු ලන්නට සූදානම් ගස් සෙවණක් යට ගිණි මැළයක් සකසා තිබුනේය.

කෙනත් සීයා වෙත දුවගෙන ගියේය.
ඉන්පසු ඔහු මහළු මිනිසාව බදා ගත්තේය.
" මට මොනාද කන්න තියෙන්නෙ? " ඔහු උනන්දුවෙන් ඇසුවේය. ශීත කාලයේ අවසන් බාගය ගෙවෙමින් තිබෙන නිසා වහාම නිසා ගම්මානය තුළ ආහාර හිඟව තිබුනේය. ඔවුන්ට යළිත් බඩ කට පිරෙන්නට කෑම ලැබෙන්නට තව කාලයක් ගත වනු ඇත.

කෙනත් දේවස්ථානයට යාම නවතා තිබුනි. ඔහුගේ පියා පැමිණ ගොස් කාලයක් ගත වී තිබුනි.
ඔහුට කුසගිණි වීම ගැන මහළු මිනිසාට පුදුමයක් නැත. කෙනත් වැඩෙන වයසේ කොලුවෙකි. ඔහුට සරිලන ප්‍රමාණයක් ආහාර තිබිය යුතුය !  මාස්ටර් අල්මෝස් මුදල් සෑහෙන තරම් මුදලක් උපයා ඒ සියල්ල සිය පවුල වෙනුවෙන් ලබා දුන්නත් සිය දියණිය වූ සිල්ලා , කෙනත්ට ප්‍රමාණවත් තරම් ආහාර ලබා නොදෙන බවත්, ඔහුව අටුවේ නින්දට දමන බවත් මහල්ලා දැන සිටියේය.

ශීත කාළය තුළ පොළවේ වැළලී තිබූ බතල සහ අර්තාපල් අල කිහිපයක් සීයා ගොඩ ගෙන තිබුනේය. ඔහු ගිණි අඟුරු අවුස්සා කෝටුවල ගැසූ අල ඒ මතින් තැබුවේය. කෙනත් ඒ මේ අත ඇවිදිමින් දර එකතු කළේය.

කෙනත් ආදරේ සිතෙන දරුවෙකි. ඔහු ඔහුගේ පියා මෙනැයි සීයා සිතුවේය.

" ඩඩා ආය එන්නෙ නැද්ද ? "
කෙනත් ඇසුවේය. ඔහු ඉක්මනින් පැමිණෙනු ඇතැයි සීයා පැවසුවේය.
"...එයා ආවම මම මෙහෙන් යනවා... සීයටත් එන්න පුලුවන්... අපි දෙන්නා අලුත් ගෙදරට ගිහින් බතල හිටවමු ! "

මහල්ලා සිනා සුනේය.

" කොච්චර දෙයක්ද ? කුමාරයෙක් වගේ මාළිගාවක උස් මහත් වෙන්න හිටපු දරුවෙක් ! " ඔහු තමා අසලින් හිඳගත් කෙනත්ගේ හිස අතගාමින් පැවසුවේය.

" මන් කුමාරයෙක් තමයි..." කෙනත් යළිත් සීයාට තුරුළු වෙමින් තෙපළුවේය.

" ඔයාට කුමාරයෙක් වෙන්න තිබුනා ඔයාගෙ ඩඩා බංකොලොත් නොවී හිටියානම්... "
ඔහුගේ පියා, අල්මෝස් ධනවත් පරම්පරාවකින් පැවතගෙන ආ බවත්, ව්‍යාපාර කඩා වැටී , ධනය විනාශ වී , පවුල බංකොලොත් වූ බවත් කටකතා වල කියැවුණේය.   වසන්ත කාලයක ඔහු මේ දුර බැහැර ප්‍රදේශයට සංක්‍රමණය වූ බව සීයාට මතකය.
ඔහුට කිසිවක් තිබුනේ නැත ! ඔහු කිසිවක් ගෙන ආවේ නැත. එහෙත් ඔහු තැනිතලාවේ කුඩා නිවසක් තැනුවේය.  ඉන්පසුව කාලයක් අතුරුදන්ව සිටියේය. ඔහු ආපසු පැමිණියේ අවුරුදු තුනක් පමණ වයසැති ලෙඩ පාට දරුවෙකුද රැගෙනය. ඒ කුඩා කෙනත් ය.
අල්මෝස්  ගම්මානයෙන් පිටව යන සෑම විටකම කෙනත්ව සීයාගේ නිවසේ නතර කර ගියේය. සෑම අවස්ථාවකම අල්මෝස් දරුවාගේ ආහාර වෙනුවෙනුත් , ඔවුන්ගේ සේවය වෙනුවෙනුත් ගෙව්වේය.

ළදරු කෙනත්ට බොහෝ අවධානය අවශ්‍ය වූවේය.  සෑම විටම ඔහු සිය පියාව ඉල්ලා බොහෝ සෙයින් හැඬුවේය. ඔහු ගම්මානයට පැමිණි විට පියාගෙන් වෙන් කිරීමත් , ඔහුට ආපසු පිටව යාමත් අපහසු විය. ඉතින් අල්මෝස් උතුමාණන් ට ගම්බද තරුණියක්ව විවාහ කරගන්නට සිදු විය. ඔහු සිල්ලා ව විවාහ කරගත්තේ ඇය ඊට පෙර කෙනත් ව බලා ගැනීමට උපකාර කළ බැවිනි.

  අල්මෝස් පැහැදිලිවම දිළින්දෙකු වූවත් ඔහුගේ ගේ වංශවත් හැසිරීමට සහ උසස් පෙනුමට සිල්ලා වහ වැටී සිටියාය. ඔහුගේ පවුල යළිත් බලය සහ ධනය ලබා ගත් පසු ඇයටත් ඔහු හා මන්දිරයක ජීවත් වන්නට හැකිවෙතැයි ඇය සිහින මැව්වාය. ඒ නිසා ඇය දරුවෙක් සිටින මිනිසෙකු සමඟ දීග යන්නට කැමති වූවාය.

එහෙත් ඉන් පසුව  ඇයට අවධානය ඉල්ලන ,ලෙඩින් සිටින කුඩා දරුවාව බලා හදා ගැනීම වෙනදට වඩා වෙහෙසකර ලෙස දැනෙන්නට ඇත.  ඇයට දරුවන් ලැබෙද්දී ,කුඩා කොලුවාව අමතර බරක් වන්නට ඇත..

ඇය මේ නොදරුවාව නොසලකා හරින්නේ එබැවිනි.

එහෙත් කෙනත් දැන් යහතින් වැඩී සිටියේය.

සීයා පිළිස්සෙන අල ඒ මේ අත පෙරළුවේය. කෙනත් කොහෙන්දෝ දර අත්තක් ඇදගෙන එතැනට ආවේය.

සීයා එක් බතල අලයක් ගෙන ඇඟිළි පුළුස්සා ගනිමින් එහි පොතු හැරියේය. එය කාලයක් තිස්සේ ගැඹුරු ශීතල පොළවේ වැළලී තිබූ නිසා එතරම් රසවත් නොවනු ඇත. ඔහු සිය පසුම්බියේ තිබූ කුඩා බෝතලයකින් ගත් ලුණු ස්වල්පයක් අලයට ඉස්සේය. ඉන්පසු එය ශීතල සුළගට අල්ලාගෙන සිටිමින් නිවන්නට උත්සාහ කළේය.

කෙනත් එය එතරම් රස වින්දේ නැත. ඔහු නිහඬවම එය බුදින්නේ ඔහුට කුසගිණි බව සීයා දනියි.

කෙනත් හිඳගෙන සිටියදී සීයා නැගිට ගොස් ශීතල පොළවේ ඉතිරිව තිබෙන අල සොයමින් පස් පෙරළන්නට පටන් ගත්තේය.

" ඔයා දැනට බලාගෙන ඉන්ඩ මම කරන දේ දිහා... "

" කොල්ලෝ... සිල්ලා කියනව එයාට ඕනලු ඔයා දැන්ම ම ගෙදර එනවා දකින්න... ඔහේගෙ තාත්තා ඇවිල්ලලු..."
බෑවුම මතට පැමිණි ගැමියෙකු හඬ නගා කෑ ගැසුවේය. එය ගම්මානයේ තොරතුරු බෙදා ගන්නා එක් ආකාරයකි ! ඉන්පසු ඔහු අත වනා පිටව ගියේය.

" සීයෙ මන් යනෝ...ඩඩා එක්ක එන්නම්..." කෙනත් වේගයෙන් ගෙදරට දිව්වේය.

**************************************

" ඩඩා එතන්ට එයි කියල ඔයාට විශ්වාසද ? " කෙනත් කණ්නාඩිය ඉදිරිපිට හැඩ වන මවගෙන් ඇසුවේය.
කෙනත්ගේ කුඩා සහෝදරියන් ඒ දෙස බලා සිටියේ විශ්මයෙන් මෙනි. ඔවුන්ව බලා ගැනීමට සීයා පැමිණ සිටියේය. ඔහු ද මේ හදිසි වෙනස ගැන පුදුමයෙන් සිටියේය.

" ඔව් ඔව්... " සිල්ලා , කෙනත්ගේ මුහුණ යළිත් පිස දමා ඇඳුම පිළිවෙලට සැකසුවාය.

" හොඳට හැසිරෙන්න ඕන..." ඇය පැවසුවේ කෙනත්ට තරවටු කරමිනි.

" එතකොට මම පියානෝ එක ගහන්න ඕනද ?"

" ඔව්..."

ඉන්පසු සිල්ලා කෙනත්ගේ අතින් අල්ලාගෙන තැනිතලාව මැදින් ගමන් කළාය. ඇය උස ගැහැණියකි. ඈ වේගයෙන් ඇවිද යද්දී කෙනත් වේගයෙන් ඒ පසුපස ඇදී ගියේය. ඈත සිට බලන්නෙකුට පෙනෙන්නේ මුඩු තණ බිම මතින් ඔවුන් පියාඹන්නාක් මෙනි !

ඔවුහු මාර්ගයට පැමිණි පසු එක් සැතපුම් කණුවක් අසල සිටගෙන සිටියෝය. කෙනත් ,සිල්ලා දෙස බලා සිටියාය.

ඇගේ රන්වන් පැහැති දිගු කෙස් කළඹ අලංකාර මෝස්තරයකට සකසා මලක් සහ රන්වන් ආභරණයකින් සරසා තිබුනේය. ඇගේ දෙතොල් රත් පැහැති වූ අතර කණේ එල්ලෙන අරුංගල් දිළිසුණේය. ඇය මලක් මෙන් සුවඳ බව කෙනත් සිතුවේය.
ඔහු එක්වරම සිල්ලාගේ කකුළක් බදා ගත්තේය.
ඇය ගැස්සී කෙනත් දෙස බැලුවාය.
" අම්මා ලස්සනයි..." ඔහු පැවසුවේ දීප්තිමත් ලෙස සිනා සෙමිනි.
සිල්ලා කෙනත්ගේ අත ගසා දමා සිය පාදය නිදහස් කරගත්තාය. "...මගේ ඇඳුම පොඩි වෙනවා..."

එහෙත් කෙනත් ඇගේ අතකින් අල්ලාගන්නට උත්සාහ කළාය. සිල්ලා එය ගසා දැමුවාය. එහෙත් කෙනත් ඈ දෙස බලමින් ඇගේ සුන්දරත්වය අගය කිරීම නතර කළේ නැත.
" අම්මා ලස්සනයි..." ඔහු යළිත් පැවසුවේ ඇගේ අත අල්ලාගෙන මදක් දණින් නැවී එය සිප ගනිමිනි.

" මේ මොන විකාරයක්ද ? "

" ඩඩා කියල දුන්නෙ... ආර්යාවකට ගරු කරන විදිහ ! "  කෙනත් පැවසුවේය. "...අම්මා ආර්යාවක් වගේ..."
සිල්ලාගේ කම්මුළ් රතු විය. ඇය කොලුවාට අත අල්ලාගෙන ඉන්නට ඉඩ හැරියාය.

ඔවුන් වෙනුවෙන් කළු පැහැති සුපෝඛබෝගී මෝටර් රථයක් පැමිණියේය. ඔවුන් සහභාගි වූවේ ඉහළ පැළැන්තියේ සාදයකට ය.

කෙනත් සිය පියාව සෙව්වේය. රසවත් කෑම බීම දුටු නිසා ඔහුට පියා නොමැති සාංකාව මදකට අමතක විය.
" අම්මා... මට චිකන් ඕන..." තෙල් බේරෙන සුවඳ හමන ආහාර පාන දෙස බලමින් කෙනත් පැවසුවේය.

වේටර් වරු බීම වර්ග සහ ෆින්ගර් ෆුඩ්ස් රැගෙන ඒ මේ අත ඇවිද ගියෝය. හැදි ගෑරප්පු සහ සතුටු සාමීචි ඇසුනේය.  කෑම බීම වල සුවඳ දසත පැතිරුණේය. එය කෙනත් ගේ කුසගින්න වැඩුවේය. සිල්ලාට හෝ කුඩා දරුවාට හිඳගන්නට ආසනයක් හෝ ලැබුනේ නැත. ඔවුහු වාදන වෘන්දය සිටින වේදිකාව අසල බිත්තියට වාරු වී සිටගෙන සිටියෝය.

" අම්මා...මට බඩගිණියි..." කෙනත් ඇගේ ගවුමෙන් අදිමින් පැවසුවාය.

" මේ අහන්න කොලුවෝ... ඔයා ගිහින් පියානෝ එක ගහන්න... ඊට පස්සෙ අපි ට කන්න ලැබෙනවා. ඔයාට විතරක් නෙමේ ඔයාගෙ නංගිලා දෙන්නටත්... "

" ඒත් මට දැන් බඩගිණියි නෙ...! "

සිල්ලා සිය කෝපාන්විත මුහුණ පැළඳගත්තාය.ඇගේ සුන්දරත්වය දිය වී යන ආකාරය දුටු කෙනත් භීතියෙන් පසුපසට වූවේය. ඔහුට මේ මිනිසුන් මැද ගුටි කන්නට ඕනා නැත.
"...මේ අහපන් කොල්ලෝ... උබ මේක අවුල් කළො..."

" හෙලෝ ලේඩි..." පසුපසින් පැමිණි හඬක් නිසා ඇය ආපසු මුහුණ වෙනස් කරගෙන පිටුපස හැරුණේය. " ...ඔයාලා දෙන්නා ඇයි මගේ මේසෙට එන්නෙ නැත්තෙ ? මම ටිකක් පාළුවෙන් ඉන්නෙ ? "

කඩවසම් පෙනුමක් තිබුනු මිනිසෙකු සිය අත සිල්ලා වෙත දිගු කරගෙන සිටියේය. ඔහුගේ ගෙලෙහි දීප්තිමත් නිල් වන් මැණිකක් දිදුලන ආකාරය කෙනත් ට පෙනුනි. එය  ඩඩාගේ   මැණිකට වඩා විශාල බව ඔහු වටහා ගත්තේය.

" අම්..." ඔහු සිල්ලාගේ අතෙන් අල්ලා නැගිට්ටවා ගත්තේය.

"...මෙහෙන් එන්න ලස්සන නෝනා... "

කෙනත් කාලයකට පසු බඩකට පිරෙන්නට කෑම කෑවේය. ඔහු සිය සාක්කුවේ මස් කැබලි කිහිපයක් සඟවා ගත්තේ සීයාට සහ කුඩා නැගණියන්ට ගෙන ගොස් දෙන අරමුණෙනි.

මිනිසා ඔවුන්ගේ විස්තර ඇසුවෝය. සිල්ලා විස්තර පවසන විට ප්‍රවේශම් වූවාය.

අවසානයේ කෙනත් ගේ නම නිවේදනය කරන ලදී. ඔහු නැගිට යන විට මිනිසා පැමිණ ඔහුගේ සාක්කුවේ වූ මස් කැබළි කිහිපය අස් කළේය.

" ඔයා ගෙදර යද්දි මම මේ ටික දෙන්නම්... දැන් චෑම්ප් ගිහින් වැඩේ කරන්න..."
කෙනත් ඒ මිනිසා දෙස බලා සිටියේය.

ඉන්පසු පියානෝව වෙත ඇවිද ගියේය. වංශවත්හු ඔහුට අත්පොලසන් දුන්නෝය. කොතරම් හුරුබුහුටි දැයි පැවසුවෝය.

කෙනත් තමා ඉගනගෙන සිටි ආකාරයටම පියානෝව වාදනය කළේය. එය එතරම් අපහසු නැත. ඔහුට ස්වර මතක තබා ගැනීම ඉතාම පහසුය. එය ඔහුට විනෝදයකි !
වාදනය අවසානයේදී වංශවත් හු යළිත් අත්පොලසන් දුන්නෝය.

" ඔයා හරී දක්ෂයි චෑම්ප්... " විශාල දියමන්තියක් පැළඳගෙන සිටි මිනිසා ඔහු වෙත නැවෙමින් පැවසුවේය.

" here..." ඔහු කුඩා කුකුළු මස් කැබලි කිහිපය ලේන්සුවක ඔතා දුන්නේය. "... ඔයාට ඕව කන්න ඕන වෙන්නෙ නැති වෙයි... " ඔහු පැවසුවේ කෙනත් ගේ හිස අතගාමිනි. කෙනත් ඊට කැමති වූවේ නැත.

" මාව අල්ලන්න එපා ! " ඔහු පැවසුවේය. "...ඩඩා කියල තියෙන්නෙ මාව කාටවත් අල්ලන්න දෙන්න එපා කියල..."

" ඔහ්... ඔයාට ඔයාගෙ ඩඩා ගොඩක් ආදරේ ඇති එහෙනම්..."

" පොඩ්ඩගෙ හැසිරීම ගැන සමාවෙන්න ! " සිල්ලා කෙනත්ව අල්ලා ගනිමින් පැවසුවාය. "...ස්තූතියි !"

" never mind ! " අමුත්තා පැවසුවේය. ඉන්පසුව ඔහු සාක්කුවෙන් රස කැවිල්ලක් පිටතට ගෙන කෙනත් අතට දෙන්නට උත්සාහ කළේය.

" මම සීනි වළලු කන්නෙ නෑ..." ඔහු ප්‍රතික්ෂේප කළේය.

" අඳුරන්නෙ නැති අය දෙන ඒව ගන්න එපා කියල ඩඩා මට කියල තියෙන්නෙ..."

" සමාවෙන්න ! මෙයා තක්කඩි කොල්ලෙක්..." සිල්ලා රස කැවිළ්ල අතට ගත්තාය.

"...සමාව ඉල්ලන්න..." ඇය කෙනත්ව ඉදිරියට තල්ලු කරමින් පැවසුවාය.

" නෑ නෑ ඕන නෑ.මට ඕන උනේ මේ බබාව අගය කරන්න විතරයි. ඔයාට දක්ෂ ළමයෙක් ඉන්නෙ. එයාගෙ වයසත් එක්ක එයා වාදනය කරපු පියානෝ ඛණ්ඩය කොහෙත්ම සුළු දෙයක් නෙමෙයි... "

" එහෙනම් මට සල්ලි දෙන්න..." කෙනත් වහාම පැවසුවේය.

සිල්ලා කෙනත්ගේ කණක් මිරිකුවාය.

" සමාවෙන්න ! " ඇය යළිත් හිස් නවමින් පැවසුවාය.

අමුත්තා උස් හඬින් සිනා සුණේය. "...හපොයි දෙයියනේ... !! හහ් හහ් හහ් හහ්... ඔයා හරි අමාරුකාරයෙක්නෙ ! " ඉන්පසු ඔහු කෙනත්ගේ අතට මුදල් නෝට්ටුවක් දුන්නේය.

කෙනත්ව කැඳවාගෙන ඒම වෙනුවෙන් තමාට ලැබුනු මුදලට වඩා එය වැඩි බව සිල්ලා දුටුවාය.

කෙනත් අමුත්තාට හිස නවා ස්තූති කළේය.
"...හහ් හහ් හහ්... හරි ශෝක් ළමයෙක්නෙ..."

" මගේ ඔළුව අත ගාන්න එපා..." කෙනත් යළිත් පැවසුවේය.

" සොරි සොරි... මට හරි ආදරේ හිතෙනව ඔයා ගැන...ඔයා අපේ ගෙදර යමුද ? මට පුතෙක් නෑ... මම ඔයාව කුමාරයෙක් වගේ හදා ගන්නම්..."

එවිට සිල්ලා කැළඹුණාය. එයට කෙනත් කැමති වී මේ මිනිසා පිටව ගියහොත් මාස්ටර් අල්මෝස් ඈ මරා දමණු ඇත. මේ ගැන කිසිවක් ඔහු දන්නේ නැත.

" මම ඩඩා එක්ක ඉන්න කැමතියි..."

මිනිසා වේදනාවෙන් මෙන් සිනා සුනේය.

" ඔයාගෙ ඩඩා වාසනාවන්තයි...මට ඊරිසියයි..."

කෙනත් සිල්ලාගේ සාය පසුපස සැඟවුණේය.

" මම ශීත කාලෙ සාද කිහිපයක් සැලසුම් කරලා තියනව... ඔයාට පුලුවන් බබාව අරන් එන්න..." අමුත්තා සිය කාඩ් පත සහ රස කැවිලිත් ඇය අතට දුන්නේය. "...මම ඔයාගෙ නියෝජිතයට කතා කරන්නම්..."

සිල්ලා ඔහුට ස්තූති කළාය.

************************
නිවසට යන තුරු සිල්ලා කෙනත් සමඟ රණ්ඩු කළාය. ඇයට අමුත්තා විසින් කෙනත් ට ලබා දුන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය විය.
එය පරිස්සමට අරගෙන තබනවා යි පැවසුවත් කෙනත් ඒ මුදල දුන්නේ නැත.

ඇය රණ්ඩු කළාය. එහෙත් කෙනත් ගල් ගෙඩියක් මෙන් නිසලව එය අතමිට මොලවාගෙන සිටියේය. ඔහු නිදා ගත්තේ හෝ නැත. සිල්ලාට එය උදුරා ගන්නට පහසු නොවීය! 

" ඒව එයා මට දුන්නෙ... ඔයා නෙමෙයිනෙ පියානෝ ප්ලේ කළේ...මමනෙ... මමනෙ වැඩ කළේ... වැඩ කරන මිනිස්සුන්ට තමා සල්ලි හම්බ වෙන්නෙ ! "

" මමයි උඹව එතනට අරන් ගියේ...! "

" ඒකට තමයි ඔයාට වෙනම සල්ලි දුන්නෙ ! "

" උඹ පොඩි කමට නෙමෙයි හැසිරෙන්නෙ..."

ඔවුන් නිවසට පැමිණෙන විට හිමිදිරියට ළංව තිබුනේය. කුඩා කොළුවා සිය මුදල් නෝට්ටු ගෙන අටු කාමරයට නැංගේය. ඉන්පසු එය රහස් තැනක සැඟවූවේය.
ඉන්පසු නින්දට වැටුනේය.

එහෙත් සුළු මොහොතකින් කෙනත් අවදි වූවේය.  ඔහුට තමාගේ හිසට පහලින් කිසිවෙකු හෝ කතාබහ කරන හඬ ඇසෙයි.

ඔහු අටු කාමරයේ ජනේලයෙන් පහල බැලූ විට සිදුවන සියල්ල පැහැදිලිව පෙනුනේය.
දුර්වල විදුලි ආලෝකය යට දිගු කළු ලෝගුවකින් සැරසුණු මිනිසෙකු නිවස ඉදිරිපිට සිටගෙන සිටියේය. අම්මා ඔහුට මුදල් දෙන ආකාරය කෙනත් දුටුවේය.

ඔහු පිටව ගිය පසු ඇය තමාගේ අටු කාමරයට පැමිණෙන ආකාරය කුඩා කෙනත්ට ඇසුණි. ඔහු නිදි මෙන් රඟපෑවේය.
අම්මා යන්තම් හැරෙන්නට ඉඩ තිබූ අටුවේ බිත්ති අතපත ගාමින් කෙනත් මුදල් නෝට්ටුව සැඟවූ තැන සොයන්නට උත්සාහ කළාය.

එය අසාර්ථක විය ! ඇයට එය පැහැර ගන්නට හැකි නොවීය !

හිරු පායන තුරුම ඇය පඩිපෙළ මත හිඳගෙන හඬන ආකාරය කෙනත් අසා සිටියේය.

=============================================================================
======================================

ඒ ශනිදාවේ මාස්ටර් මොරානා සහ මම එමරල්ඩ් වෙත පැමිණියෙමු. මම ජීවිතයේ පළමු වතාවට පෞද්ගලිකව ජෙට් යානයක ගමන් කළෙමි. එහෙත් මම කළ එකම දෙය නිදා ගැනීම පමණකි.

මාස්ටර් මොරානා කිසියම් හේතුවකට වෛද්‍යවරයා සමඟ රණ්ඩු කරගන්නා ආකාරය මට මතකය. ඔහු මට අනතුරක් කරන්න සූදානම්ව සිටි බව පවසමින් ඔහු බැණ වදිමින් සිටියදී මම අවදි වූවෙමි.
මාස්ටර් මොරානා කෝපයෙන් සහ කලබලයෙන් සිටින හේතුව මම දන්නේ නැත ! එහෙත් ඔහුට වහාම වතුයායෙන් ඉවත් ව යන්නට ඇවැසි විය.

මම විටින් විට අවදි වෙමින් නන් දෙඩවූවෙමි.

මම ගෝලියාත් ව දුටුවෙමි. ඔහුගේ මුහුණ විහිළු සහගත ලෙස ඉදමී තිබුනේය. මම උස් හඬින් සිනා සුනෙමි. ඉන්පසුව මාස්ටර් මොරානා මටත් බැණ වැදුනු ආකාරය මට මතකය.

" තමුසෙ නිසා තමයි මේ ඔක්කොම...මිනිහෙක් උනාම මිනිහෙක් වගේ ජීවත් වෙන්න ඕන... මම කිව්වද තමුසෙට රොබෝ කෙනෙක් වගේ වැඩ කරන්න කියල ? ආ වදේ ? "

" මේ මේ උබලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ... හරිතේ..." මම ඇසුවෙමි.

" මූට මම පාරක් දෙකක් ගහන්නෙ නැති එකේ වැඩේ... ආය ජරාව කටේ තියල තිබ්බොත් දිව කපනව මම..."

" කපයි කපයි... එතකොට කොහොමද මම $ටට ගන්නෙ ? "

" යකෝ... ගෝලියාත් මූව උස්සලා ගනින් මට පහලට විසි කරන්න..."

"...බේරගනිල්ලා...මෙන්න මිනී මරණවෝ..." මම කෑ ගැසුවෙමි. මාස්ටර් මොරානා මගේ මුවේ ලේන්සුවක් එබුවේය.

" මේ මේ බොරුවට කෑ ගහන්න එපා , කෑ ගැහුවොත් ප්‍රසිද්ධියේම කටට දෙනවා ! "

ඉන්පසු මට නින්ද ගියේය. මම ඒ අතර හිමෙන් වැසුණු බිමක අල හාරමින් සිටිනා ආකාරයේ අමුතු සිහින දුටුවෙමි.

ඔහු මා ජෙට් යානයකට පටවා ගත්තේ කෙසේදැයි මම දන්නේ නැත. එයට එමරල්ඩ් නගරයට ලඟා වන්නට පැයක් හෝ ගත වූවේ නැත. එය වචනයේ පරිසමාප්තියෙන්ම ජෙට් යානයක් විය.

මට හොඳක් දැනුනේ නැත. මගේ හිසේ එළි සහ විවිධාකාරයේ හඬවල් කැරකෙමින් තිබුනි. මම ඩොක්ටර් මැතිව් ව දුටුවෙමි.

ඔහු මට බෙහෙත් විදින්නට උත්සාහ කළේය. එහෙත් මම ඊට ඉඩ නොදුන්නෙමි. අවසානයේ බෙහෙත විදින තුරු මාස්ටර් මොරානා මට සෙලවෙන්නට නොහැකි ලෙස අල්ලාගෙන සිටියේය.

" මට බෑ..." මම හැඬුවෙමි. සැබවින්ම මට කරකියා ගන්නට දෙයක් නොමැතිව සිරව සිටියෙමි.
මට හුස්ම ගන්නට හෝ ඇස පිය හෙලන්නට නොහැකිය.
මට නිදාගන්නට හෝ අවදි වන්නට නොහැකි ය !
මට සිටගෙන හෝ වැතිරි සිටින්නට නොහැකි විය. මම පාවෙමින් සිටියෙමි !

අවසානයේ මාස්ටර් මොරානා ඇඳි පුටුවක හිඳගෙන මා ඇකයට ගත්තේය. මම ඇඹරෙමින් හැඬුවෙමි. මගේ සිරුර තුළ වේදනාවක් තිබෙන බව මම දනිමි. නමුත් එය මට දැනෙන්නෙ නැත.

මම මාස්ටර් මොරානා ගේ වෙහෙසට සහ භීතියට පත් මුහුණ දුටුවෙමි. ඔහු මා නිසා වද වෙමින් සිටියේය. මට එසේ ඔහුට වේදනාවට පත් කරන්නට ඇවැසි නොවීය.

මම ඔහුගේ මුහුණ දෙස බලාගෙන සිටියෙමි. ඔහු මගේ දෙනෙත් දෙස බලාගෙන සිටියේය.

" මාස්ටර් මොරානා, මට බතල කන්න ඕන..." මම  සෙමින් මිමිණුවෙමි.

"ඕකේ..." ඔහු පැවසුවේ මගේ අතැඟිළි තුළින් සිය අතැඟිළි යවා අල්ලා ගනිමින් පැවසුවේය. "...ඔයාට තව මොනාද ඕන...?"

" බේක් කරපු අල එක්ක චීස් ඕන... බීන්ස් ඕන..."

" ගුඩ්...මම හදල දෙන්නම්... තව මොනාද බනීට ඕන ?"

" අපි හාවෙක් හදා ගන්න ගමු..." ඔහුගේ ගෙල බදා ගනිමින් මම පැවසුවෙමි.

ඔහු මා දෙස බලා සිටියේය.
" දැනටම මට හා පැටියෙක් ඉන්නවනෙ..."

" මාස්ටර් මම මැරෙන්න යනවද කොහෙද !! "
මම එක් වරම පැවසුවෙමි. මට තව දුරටත් මේ ආකාරයෙන් අල්ලාගෙන සිටින්නට නොහැකිය. මම අල්ලාගෙන සිටින එකම දෙය නම් මාස්ටර් මොරානා ය !

" නෑ නෑ... ඔයාට දුන්න බෙහෙත් සැරයි...ඒක වැඩ කරනවා... කෙනත්... ඔයා හොඳින්..."

" මන් මැරුණම මාව අර මල් පිපෙන තැන වළේ දාන්න..."

" එතන තාම ඇති කියල මන් හිතන් නෑ..."

" මන් මැරුණම මාස්ටර් අඬනවද ?"

" අහන්නකො... අර හාවගෙ කතාවට එමුකො ! "

" ඔව් ! "

" මොන පාට හාවෙක් ද ඕන ? "

" දම් පාට හාවෙක්... ඇඟේ තරු තරු තියන..." මම ඇඹරුණෙමි. "...අං දෙක දිග හාවෙක්...පියාඹගෙන යන එකෙක්..."

මාස්ටර් මොරානා සිනා සුනේය.

" හාවෝ මළ වදයක්නෙ... උන් හැම එකක්ම කනවා... කුෂන් ඉරනවා... හැමතැනම ජරා කරනවා..."

" මේ හාවා ජරා කරන්නෙ නෑ... "

" අනේ ඉතින්... ඔයාට පුලුවන් ද බලාගන්න පියාඹන හාවෙක්..."

"මම ඌගෙ පිටේ නැගලා යනවා..."

" එතකොට මන් ? " ඔහු ඇසුවේය.

මම මේ පවසන්නේ මොනවාද ?
මට හුස්ම අල්ලන්නට නොහැකි විය. මම මිය යමින් සිටින බව මට වැටහුණි. මම අපහසුවෙන් මෙන් අතක් ඔසවා මාස්ටර් මොරානා ගේ මුහුණ ස්පර්ශ කළෙමි. මට ඔහුව පෙනෙන්නේ පවා බොඳ වූ ලෙසිනි.

ඔහු සහ මම හාවෙකුගේ පිටේ නැගී තරු මතින් පැන පැන යන ආකාරය මම සිහිනයෙන් දුටුවෙමි.

=======================================

මට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත් වන්නට දින තුනක් ගත විය. දින දෙකක් මම සිටියේ රෝහලය.

ඒ දින දෙක තුළ මම සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වී සිටියෙමි. මගේ බර පවා අඩු විය ! මාස්ටර් මොරානා මා ගැන බෙහෙවින් වද වූවේය.  ඔහු උදෑසන වතුයායට ගොස් සවස ආපසු නගරයට පැමිණියේය. ඔහු මා අසලින්, මගේ රෝහල් ඇඳ මත වැතිරී රාත්‍රිය ගත කළේය. මට සාත්තු කරන්නට උත්සාහ කළේය.

හතර වන දිනය අවසන් වන විට  මම මා ගැනම කළකිරී සිටියෙමි.

මට ඔහුගේ මුහුණ දෙස කෙළින් බලන්නට නොහැකි විය. මේ ආකාරයෙන් දිගින් දිගටම ඔහුට කරදර කරන්නට සිදු වීම මට දරාගන්නට නොහැකි විය. විශේශෙන්ම මාස්ටර් මොරානා වෙහෙසකර රාජකාරියක් මධ්‍යයේ සිටින විට !

මට ආපසු රැකියාවෙන් නිවාඩු ගන්නට සිදු විය.
ඇතැම් විට මා රැකියාවෙන් ඉවත් කරනු ඇත !

රෝහලෙන් පිටව යාමට පෙර මම නාන කාමරය තුළට ගොස් හඬ නගා හැඬුවෙමි. මගේ සිත තුළ ගොඩ නැඟී තිබෙන පීඩනය පිට කිරීමට මාර්ගයක් මට ඇවැසි විය.
අවසානයේ මට සැනසීමක් ලැබුනි. මින් මතුවට එබඳු භයානක දේවල් නොකරන බව මම මටම සපථ කර ගත්තෙමි.

ගෝලියාත් මා මාස්ටර් මොරානා ගේ නිවාසයට කැඳවාගෙන ගියේය. මාස්ටර් මොරානා වතුයායට ගොස් සිටියත් ඔහු මට සුවඳ හමන තැඹිලි පැහැති රෝස මල් පොකුරක් එවා තිබුනේය. ඒ සමඟම තවත් පාර්සලයක් තිබුනි. රන්වන් සහ රිදී පැහැති තරු වලින් පිරුණු දම් පැහැති හාවෙකුගේ පිරවූ සෙල්ලම් බඩුවක් ඒ තුළ විය.

මම මල් පොකුර සහ හාවා රැගෙන ගොස් ,මගේ කමරයේ ඇඳෙන් හිඳගෙන කල්පනා කළෙමි.

එය දැන් කාමරයකට වඩා මාස්ටර් මොරානා මා වෙනුවෙන් ගෙන ආ ඇඳුම් පැළඳුම් වලින් පිරුණු ගබඩාවක් බඳු විය.

මම ආපසු මගේ කුඩා මහල් නිවස වෙත යා යුතුය. මම ආපසු රැකියාවට යා යුතුය. මම ආපසු මගේ සුපුරුදු ජීවිතය ගත කරන්නට පටන් ගත යුතු විය !

එහෙත් මට වෙනස් බවක් දැනුනේය. මට තවදුරටත් වෙහෙසක් දැනුනේනැත.

මම දීර්ඝ නිවාඩුවක් ගත කළෙමි ! ඒ කෙටි කාලය තුළ බොහෝ දෑ සිදු විය. මම බොහෝ අත්දැකීම් ලැබුවෙමි ! මම මිනිසුන් බොහෝමයක් හඳුනා ගත්තෙමි ! නවමු ඉසව්වකට පා තැබුවෙමි...

මාස්ටර් මොරානා...
ඔහු මගේ ප්‍රියතම මිනිසා ය.

මම තවත් පිරිමියෙකු සමඟ මගේ ජීවිතය ගෙවන්නට තෝරා ගනීවි යැයි මම කිසිදිනක නොසිතුවෙමි.
අප අතර සිදු වූ සියල්ලක්ම පාහේ මට තවමත් සිහිනයක් විය. එහෙත් එය සිහිනයක් නොවන බව මම දනිමි.

අපි හුවමාරු කරගත්තේ හාදු පමණක් නොවේ... ඒ සමඟම අපි හදවත් හුවමාරු කර ගත්තෙමු...
එකිනෙක හා තැවරුනේ අපගේ සිරුරු පමණක් නොවේ... එතැන අපගේ ආත්මයන් ද විය.
ඔහු මට ගෙන දුන්නේ ත්‍යාග පමණක් නොවේ. ඔහු මට ඉලක්කයක් ලබා දුන්නේය...
අපි බෙදා ගත්තේ යහන පමණක් නොවේ...ඒ සමඟ අපි ජීවිතය බෙදා ගත්තෙමු...

සැප සහ දුකත්, ලස්සන සහ කැතත්, කඳුළ සහ සිනහවත් අප අතර තිබුනේය. මම එය පරිපූණ ලෙස දකිමි. මට ශක්තිමත් බවක් දැනෙයි... මට විශ්වාසයක් දැනෙයි.
මට ඔහු වෙනුවෙන් කැප වෙන්නට හැකි බවක් දැනෙයි ! මට එසේ කරන්නට ඕනෑය.

අප අතර ශක්තිමත් යමක් ඇති බව මට දැනෙයි.

ඒ ගැන සිතීමත් කටයුතු කිරීමත් ඉදිරියට බොහෝ අපහසු වනු ඇත ! එහෙත් එය වෙහෙස වීමටත්, දුක් විඳීමටත් වටිනා දෙයක් බව මම සිතමි !

==================================================
ඊළඟ කොටසට.
කියවන කමෙන්ට්ස් දාන ඔයාලට ගොඩක් ස්තූතියි !

* මම හිතාගෙන ඉන්නව කෙනත්ගෙයි ,මොරානගෙයි අතීත කතා දෙක වෙනම බුක් දෙකක් විදිහට පිළිවෙලට දාන්න.
මොරානගෙ එක පිළිවෙලට තිබ්බට කෙනත්ගෙ එක පිළිවෙලට මේන් කතාවෙ නෑ.
( මම

You are reading the story above: TeenFic.Net