48.කදිම සැලසුම

Background color
Font
Font size
Line height

48.

( හඳ මාමා = ලූනා මොරානා )

=================================
මොරානා තිගැස්සී අවදි වූවේය. තමා දීර්ඝ නින්දකට වැටී සිටි බව අවබෝධ කරගන්නට ඔහුට මද වේලාවක් ගත විය. ස්ලයිඩ් තිර වසා තිබූ නිසා කාමරය අඳුරුය.

" කෙනත් ? "

ඔහු මේ තරම් දවල් වනතුරු නිදාගන්නට ඉඩක් නැත. එහෙත් නිහඬ බවට ඔහු කැමති නොවීය.

" මෙච්චර වෙලා ගිහින්ද ?" ඔවුන් දෙදෙනා නින්දට වැටුනේ පෙර දින සවසය. මේ වන විට පැය දා හතරක් පමණ ගතව ඇති බව මොරානා වටහා ගත්තේය. "...මනුස්සයෙක්ට පුලුවන් ද මෙච්චර නිදාගන්න... මම ඉක්මනටම නාකි වෙනවද කොහෙද ? කෙනත් කොහේ ගියාද මන්දා..."

ඔහු කාර්යාලයට එබී බැලුවේය. කිසිවෙකුත් නැත. තමා අමු නිරුවතින් බව වටහාගත් මොරානා වහාම නාන කාමරයට වැදුනේය.

නැවුම් ඇඳුමකින් සැරසුණු ඔහු මුළුතැන්ගෙය අමතා සැහැල්ලු යමක් ගෙන එන ලෙස පැවසුවේය. ඉන්පසු ඔහු ඇපල් ගෙඩියක් කමින් සිය මේසය වෙත ඇවිද ගියේය. කෙනත් ගේ පරිගණකය පළමු වතාවට විසන්ධි කර ඇති බව ඔහු දුටුවේය. ඔහුගේ මේසය යට විස්කි සහ රම් බෝතල් දෙකක්ද සිගරට් අළු සහ කොට ඇතුළත් බඳුනක්ද විය.

" ආ ශිට්... මැස්සෙක් වගේ හිටියට අලියෙක් වගේනෙ මූ බොන්නෙ !! " බෝතල් දෙකේම නිමා වී ඇති ප්‍රමාණය ගැන සිතමින් ඔහු තමාටම පවසා ගත්තේය. "... කෙනත් තමයි මාත් එක්ක හිටපු බේබදුම කොල්ලා...ආ...හදල ගන්න වෙයි..."

Warlosnse රාජ්‍යයේ මත් පැන් සාමාන්‍ය ජීවිතයේ කොටසකි. පිරිමි ළමුන් මත් පැන් පානය අරඹන්නේ අවුරුදු දොළහේ හෝ දහතුනේ දී පමණය. ඒ හැරත් එමරල්ඩ් නගරයේ සිටින තරුණයන් අතර නිකොටින් ඇබ්බැහිය සාමාන්‍ය දෙයකි.

තමා කොතරම් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියාදැයි මොරානාට සිහිපත් විය. ඔහුට එයින් සම්පූර්ණයෙන්ම මිඳී යළිත් යථා තත්වයට පත් වන්නට කොතරම් කාලයක් ගත වීද ? එය ඔහුගේ සෞඛ්‍යට කොතරම් බලපෑමක් කළාද ? කෙනත් මෙයින් ගලවා ගත යුතුය.

මොරානා ට එසේ කරන්නට හේතු තිබුනේය. සියල්ල අවසානයේ මුදල් සහ ව්‍යාපාර සබඳතා වෙනුවෙන් සිය සිරුර විකිණීම එතරම් පහසු දෙයක් නොවේ. ඒ ගන්නා කිසිවකින් හෝ තමා මිය යාවි යැයි ඔහු සිතාගෙන සිටියේය. එහෙත් ඔහු මිය ගියේ නැත. තවත් පව් ගෙවන්නට තිබූ අතර මොනවා සිරුර තුළට ගත්තද ඔහු තවමත් යහතින් සිටියේය.

එහෙත් කෙනෙත්ට ඒ කරදර නැත. ඔහුට අපහසු නම් මේ රැකියාව කරන්නට ඕනෑත් නැත. ඔහු කිසිවක් නොකර ලෝකය වටා කරක් ගසමින් ඔහේ සිටියත් ඔහු ව බලා කියාගන්නට තමාට හැකිය.

එසේ කළ අමු කාළකන්නි තරුණයන් වෙනුවෙන් මුදල් කඳු ගණන් පිළිස්සූ ඔහුට එහි ගැටළුවක් නොමැත.

ඉතින් කෙනත් සිත් පීඩාව නිසා බේබද්දෙකු වන්නට ඕනෑ නැත. ඔහුට සැපෙන් සනීපෙන් ජීවත් වන්නට හැකිය !

දොර සීනුව නාද වන හඬ ඇසුණු මොරානා වහාම බෝතලය බිමින් තැබුවේය. ඒ ආරක්ෂක නිලධාරියා එල් මාකස් වූ අතර ඔහු පෙට්ටි පිරවූ අත් කරත්තයක් රැගෙන විත් තිබුනේය.

" ඔහ් එල්... ඔයා සෑහෙන්න මහන්සි වෙන්න ඇති මේ ටික ගෙනත් දෙන්න..."

ඔහු හිස නවා යටහත් පහත්ව සිනා සුනේය.

මොරානා ඔහුව දන්නේ තරුණ කාලයේ සිටමය. ඔවුහු, ගෝලියාත් සහ කෙනත් මෙන් එකිනෙකා හා කෝපය මුසු ලැදි කමකින් යුතු වූවෝය. මොරානා පසුපස සෙවණැල්ලක් මෙන් පැමිණි ආරක්ෂකයා එල් මාකස් විය. ඔහු දැන් වියපත්ව සිටියත් විශ්‍රාම යන්නට අදහසක් තිබුනේ නැත. තවදුරටත් ආරක්ෂකයෙකු ලෙස වැඩ කරන්නට නොහැකි වුවත් ඔහුට දිගින් දිගටම වතු යායේ රැඳී සිටින්නට මොරානා ඉඩ දුන්නේ ඔහුගේ සිත තුළ තිබූ හිතෛශීභාවය නිසාය.

එල්, මොරානා ගේ අතීතයේ ගැඹුර ගැන දැන සිටි පුද්ගලයන් කිහිප දෙනාගෙන් එක් අයෙකු විය. ඔහු කොතරම් වාර ගණනක් තමාව ඒ දෑත් වලින් ඔසවාගෙන එන්නට ඇතිද, තමා වෙනුවෙන් ඔහු කොතරම් අපායවල් අතරින් යන්නට ඇති දැයි මොරානා කල්පනා කළේය.

" එල්, ශීත කාළෙදිවත් දරු පවුල ළඟට ගියොත් නරකද ? වටපිටාව උණුසුම් වෙනකොට එන්න බැරියැ ආයත්..."

මොරානා පවසද්දී එල් සිනාසුනේය.

" මම ආවෙ ලොකු මහත්තයාට කියල යන්න තමයි..." ඔහු පවසද්දී මොරානා ඔහුට අසුන් ගන්නට ඇරයුම් කළේය.
" ...මම විශ්‍රාම ගන්න හිතුවා ගුඩ් සර්... "

" ඔහ්... වාව්... ඒක කොච්චර හොඳ දෙයක්ද එල්... මගේ ආශිර්වාදය ඔයාට සම්පූර්ණයෙන්ම ලැබෙනවා... ඒ විතරක් නෙමෙයි, ඔයාගෙ විශ්‍රාම වැටුපත් සියලු දීමනා එක්ක දෙනවා. ඔයාගෙ ඉන්ශුවරන්ස් එකත් තියනවා... මම ඔයාව බලාගන්නම් එල්... මට බොහොම සතුටුයි එහෙම හිතපු එක ගැනත්..."

එහෙත් එසේ පවසද්දී මොරානාගේ සිත ගැස්සුනේය. ඔහු වයස්ගත ආරක්ෂකයාගේ දෑත් වලින් අල්ලා ගත්තේය. එල් මාකස් සිනා සුනේය.

" මන් මැරෙනකම්ම මට මගේ පොඩි මාස්ටර්ව මතක තියෙයි..."

" හහ් හහ්... මමත් එහෙම බලාපොරොත්තු වෙනවා. මේ වගේ ලස්සන මූණක් අමතක කරන්නෙ කොහොමද ඉතින් ! එල්ට මාව රෑට රෑට හීනෙනුත් පෙනෙයි... "

තරුණ කාළයේ නම් මෙවැනි දෙයක් පැවසූ විට එල් බෙහෙවින් කෝපයට පත් වෙයි. තමා කොතරම් නම්බුකාර මහා පුරුෂයෙක්ද යන්න ගැන ඔහු පුරසාරම් දොඩමින් මොරානාට බැන වදී. " ...මට ගෑණු හතර දෙනෙකුයි පුතාලා දහ දෙනෙකුයි ඉන්නවා...මම අවුරුදු දහයක් හමුදාවෙ හිටියා...මම හතුරො සීයක් මැරුවා... "

එහෙත් ඒ මොහොතේ එල්ගේ දෑස් වල කඳුළු පිරුණේය.
මොරානා ඔහු සැනසුවේය. ඔවුහු පැයක් පමණ කතා බහ කරමින් සිටියෝය. මිනිසුන් විශ්‍රාම යා යුතුය. ඔහුත් විශ්‍රාම යා යුතුය. එල් මොරිස් ට සමු දුන් පසු මොරානාට දිගු සුසුමක් පිටවිය. එල් මාකස් ඔහුට සුපුරුදු මිනිසෙකි. ඔහුගේ පිටව යාම මොරානාට එක්තරා හිස්තැනක් ලෙස දැනුනේය.

ඔහු පෙට්ටි එකිනෙක කාමරයට ගෙන ගොස් ඒවා විවර කර බැලුවේය. ඒ ඔහු කෙනත් වෙනුවෙන් මැසූ සහ ඇණවුම් කළ ඇඳුම්,කබා සහ සපත්තුය. ඔහු ආපසු අර තුනී කමිස හෝ පරණ කලිසම් ඇඳගෙන කාර්යාලයට යා යුතු නැත !

" ආ... කියුට්..." රතු පැහැති පෙට්ටියක තිබූ මෝටර් සයිකල් බූට් පාවහන් යුවළ අතට ගනිමින් ඔහු තමාටම මුමුණා ගත්තේය. එහි ඒ සපත්තු දෙක කෙනත්ට හොඳින්ම ගැලපේ. එය හුරුබුහුටිය. එහෙත් දෘඩ ය ! එය ඔහුට සිනහවක් ගෙන ආවේය.

ඔහු ඇඳුම් සියල්ල අවුල් නොවන ලෙස කූඩයක ඇසිරුවේය. හෙට කෙනත් වතුයායෙන් පිටව යා යුතුය. ඔහු කෙසේ හැසිරේවි දැයි මොරානා කල්පනා කළේය. ඊයේ සවස ඔහු කෙනත්ගේ දෑත් බැඳ දැමූ බව ඔහුට සිහිපත් වූවේ ඇඳ යටට රෝල් වී තිබූ මෘදු මාංචු යුවළ දකිද්දීය.
"...ආ...ඩෑම්..." ඔහු එය අතට ගෙන ලාච්චුවට දැමුවේය.

" කෙනත් මාත් එක්ක හොඳටම තරහ ගන්න ඇති... හැබැයි අත් දෙක ලොක් නොකලා නම් මම ඊයෙ ගුටි කාලා මැරෙනව..." ඔහු තමාටම කියාගෙන සිනා සුනේය.

හෙට ඔහු පිටව ගිය පසු තමාට කොතරම් පාළුවක් දැනේවිදැයි මොරානා සිතුවේය.

ගාබ්‍රියෙල් විලාසිතා දැක්මට සහභාගී වන ප්‍රධාන ආරාධිත අමුත්තන්ට පෞද්ගලිකව ආරාධනා කිරීමට රටින් පිටව ගියේය. කෙනත්ට කාර්යාලයට යා යුතුය. ඔහුට වතුයායෙන් පිටවන්නට නොහැක !
කෙනත් සමඟ දින ගත කරන්නට පටන් ගෙන ගතව තිබුනේ සති කිහිපයක් පමණි. මොරානා ඔහු හා තදින් බැඳී සිටින සෙයකි. ඔහු යළිත් හුරුබුහුටි බූට් දෙක අතට ගෙන බැලුවේය.
" හනේ මගේ නාටු කොල්ලා..."

එක්වරම දොර විවර වූ අතර කඩාගෙන බිඳගෙන එන ව්‍යවසනයක හඬ ඇසෙද්දී ඔහු සපත්තු දෙක ඇඳ මතින් තැබුවේය.

" මාස්ටර්..." කුණාටුවක් මෙන් කෙනත් කාමරයට කඩා වැදුණේය. "...ඔයා ඇහැරිලා..." කෙනත් ඔහුගේ ඇඟට පනිමින් කෑ ගැසුවේය. ඔවුන් දෙදෙනාම ඇඳට වැටුණෝය.

" මගේ කොන්ද කැඩුනා කෙනත්... දැන් මගේ වගකීම ගන්න... " මොරානා කෙඳිරි ගෑවේය. කෙනත් ගේ ඇඳුම් තෙත්ව ඇලී තිබූ අතර ඔහු වේගයෙන් හුස්ම ගත්තේය. ඔහුගේ වේගවත් හද ගැස්ම මොරානාට දැනුනේය. කෙනත් ඔහුගේ පපුව මත හිස තබාගෙන සිටියදී ඔහු සෙමින් කෙනත්ගේ තෙතැති හිසකෙස් අතරින් ඇඟිළි යැව්වේය.

" ඔයා කොහෙද ගියේ ? "

"බොක්සින් ප්‍රැක්ටිස් වලට ගියා..." කෙනත් මිමිණුවේය. "...මට මහන්සියි... "

" කෙනත්...මගේ දිහා බලන්න..."

කෙනත් සිය හිස ඔසවා මොරානාගේ මුහුණට එබුනේය. ඔහුගේ දෙනෙත් භයානක ලෙස රතු වී තිබූ අතර දෙනෙත් වටා කළු වී තිබුනේය.

" වට් ද ෆක් ?" මොරානා විගස ඇඳෙන් හිඳගෙන ඔහුගේ උරහිස් වලින් අල්ලා ගත්තේය.
"...මොකක් උනාද ඔයාට ? "

" මම හොඳින්... මම හොඳින්..." කෙනත් පැවසුවේ මොරානාගේ කම්මුල් දෙකම අත් වලින් අල්ලමිනි.

ඉන්පසු ඔහු යළිත් ඇඳ මතට කඩා වැටුනේය.
" හෝ$ ශිට්... කොහෙද හොඳින් ඉන්නෙ ? තමුන් මොනවද කරගත්තෙ ? "

" මම !!! " කෙනත් එක්වරම කෑ ගැසුවේය.
"...මම ඔයාගෙ සිස්ටම් එක හැදුවා..."

" හෑ ?"

" බබා වගේ දැන් වැඩ... හෙහ් හෙහ් හෙහ් හෙහ්..."
කෙනත් උමතුවෙන් මෙන් සිනා සුනේය.

ඔහු ඊයේ රාත්‍රිය පුරාම නිදි වරන්නට ඇති බව මොරානා වටහා ගත්තේය. ඔහු බීමත්ව සිටින්නේත් වෙහෙසට පත්ව සිටින්නේත් එබැවිනි.

ඔහු නොනවත්වාම සිනාසුනේය.

"...ඔයා හිතුව නේද මට ඒක හදන්න බැරි වෙයි කියලා... හෙහෙ... මට කාගෙවත් උදව් ඕන නෑ... හහ් හහ් හහ්... මම ලෝකෙ දින්නා මාස්ටර්..."

"... හෙණ ගහපන් ඒකට..."
මොරානා බැන වැදුනේය.

කෙනත් මේ ආකාරයෙන් පුහුණු වීම් වලට ගියේ කෙසේද ඔහු සිනාසෙන කෙනත්ව ඇඳ මතට අතහැර පිටතට ගියේ ගෝලියාත් ව හමු වන අදහසිනි. සිතූ ලෙසම ඔහු කාර්යාලය තුළ සිටගෙන සිටියේය.

" ඕයි... මම කියල තියනව නේද කෙනත් ව බලාගන්න කියල... අර බේබද්දව කොහොමද තමුසෙ ජිම් එකට අරන් ගියේ ??? ඩොක්ටර් කෙනෙක්ව ගෙන්වන්නෙ නැතුව ? මොළේ හොඳ නැද්ද ?

හෝ$ ශිට් !! "

ගෝලියාත් ගේ මුහුණ දුටු මොරානාට කෑ ගැසුනි.

ගෝලියාත්ගේ නාසයෙන් ලේ ගලමින් තිබූ අතර ඔහු ලේන්සුවක් තබාගෙන ලේ නතර කරගන්නට උත්සාහ කරමින් සිටියේය. ඔහුගේ කමිසය පුරා තැවරුණු ලේ ය.

" ඔහොම ඉඳගන්න..." මොරානා ඉක්මනින් අයිස් කැට කිහිපයක් රැගෙන ආවේය. ගෝලියාත් එය ලේන්සුවෙන් ඔතා නාසය මත තබා ගත්තේය.

" මොකද උනේ ?" මොරානා ඇසුවේය. එහෙත් කෙනත් කෑ ගැසූ අතර ඔහුට මද කෝපයක් සහ ඉසිලිය නොහැකි බවක් දැනුනේය.

කෙනත් ඇඳ මත හිඳගෙන සිටියේය.

" ඔයා ඇයි කෑ ගහන්නෙ ? " මොරානා තදින් ඇසුවේය.

" මම ඔයාගෙ සිස්ටම් එක හැදුවා..." ඔහු යළිත් පැවසුවේය. ඔහුගේ දෙනෙත් විශාල වී තිබුනේය.

" ඉතින් ? "

" ඉතින් ?!!!! " කෙනත් එය ඇසුවේ විශ්මයෙන් මුසපත් වූ හඬිනි.

" පොඩ්ඩක් කෑ ගහන්නෙ නැතුව ඉන්න... මම තුවාල කාරයෙක්ව බලනවා..."

" මම ඔයාගෙ සිස්ටම් එක හැදුවා..."
කෙනත් එය අවධාරණය කරමින් පැවසුවේය.
මොරානා උණුසුම් තුවා කිහිපයක් සහ ප්‍රතමාධාර පෙට්ටිය ගෙන ආපසු කාර්යාලයට ගියේය. කෙනත් තමා පසුපස එන වග දුටු මොරානා වහා දොර වසා පිටතින් අගුළු දැමුවේය. එය ශබ්ධ නිරෝධක කාමරයක් නිසා කිසිවක් පිටතට ඇසෙන්නේ නැත.

මොරානා උණුසුම් තුවාය ගෝලියාත් ට දුන්නේය.

" මිස්ටර් සිගෝර් මගේ නහයට ගැහුවා..." ගෝලියාත් කෙටියෙන් පැවසුවේය.
"... ඒක පුහුණුව අතරතුරේදි වුණු දෙයක් සර්..."
මොරානාගේ කෝපාන්විත මුහුණ දුටු ගෝලියාත් වහාම සිදුවීමේ බර සැහැල්ලු කළේය. ඔහු ඈෂ්වින්ගර් ගේ සිදුවීමේදී කෙනත්ට කොතරම් රළු වූවාද යන්න ගැන ගෝලියාත් දැන සිටියේය.

"...බොක්සින් පෑඩ්ස් එක්ක ඒක සැරට වැදුනා... එච්චරයි... ඊට පස්සෙ එකපාරම මොකක් හරි මතක් උනා වගේ , කෑ ගගහා මෙතන්ට එනකම්ම එයා දුවගෙන ආවා..."

" ‍තමුන් මොකටද එයාව පුහුණු කළේ වෙරි මතේ ඉඳිද්දි ? "

" දෙයියම්පල්ලා මාස්ටර්, මිස්ටර් සිගෝර් මාත් එක්ක යනකොට වෙරිමතේ නෙමෙයි හිටියෙ... එයා හොඳ සිහියෙන් හිටියා... හරිම සතුටින්, උනන්දුවෙන් හිටියෙ... ඊයෙ පුහුණුව මග හැරුණු නිසා වැඩිපුර ටිකක් පුහුණු වෙන්න ඕන කියලත් කිව්වා...
සතුටින් ඉන්න හේතුව මාත් එක්ක කියන්න හැදුවත් මට ඒක තේරුනේ නෑ වැඩිය..."

" තමුසෙ එයාව බේරන්න යනවද ? " මොරානා කෝපයෙන් ඇසුවේය. "...මන් දන්නව තමුසෙ ලේසියෙන්ම කෙන්ත්ගෙ මායම් වලට අහු වෙනව කියල..."

ගෝලියාත් හිස සෙලෙව්වේය.
" මම ඇත්ත කියන්නෙ සර්... " ඉන්පසු ඔහු වසා දැමූ කාමරයේ දොර දෙස බැලුවේය. "...මිස්ටර් සිගෝර්... එයා හොඳින් ද සර් ? "

මොරානා ඇස පිය හෙළන සැනින් ගොස් දොර විවර කළේය. ගෝලියාත් ඒ පසුපස පැමිණියේය.

කෙනත් එතැන සිටියේය !!

කෙනත් දොර අසල නිසලව බිම වැටී සිටි අතර ඔහු නිදාගෙන සිටින බව පෙනෙන්නට තිබුනි.

" ගිහින් ඩොක්ටර්ව එක්කගෙන එන්න... ඉක්මනට ! "

මොරානා පැවසුවේ කෙනත්ව ඔසවා ගෙන ඇඳෙන් තබමිනි. ඔහු හුස්ම ඇල්ලුවේ දුර්වල ලෙසිනි. ඔහුගේ සිරුර ශීතලකින් යුතු වූ අතර ඔහු නිකන්ම නිදන්නේ නැති බව මොරානා අනුමාන කළේය.

" මොන මගුලක්ද කරගත්තෙ !! "
ඔහු ඇසුවේ කෙනත්ව අවදි කරවන්නට උත්සාහ කරමිනි. " ...ඕයි...කොල්ලෝ... ළමයෝ... බබෝ... නැගිටපන්..." ඔහු කෙනත්ව සෙලෙව්වේය.

"... ආ...ශිට්..."
කෙනත් සුදු මැළි වන ආකාරය දුටු මොරානාට කර කියාගන්නට දෙයක් නොමැති විය. ඔහු පිස්සෙකු මෙන් කෙනත්ව අවදි කරවන්නටත් ඉන්පසු කාමරය තුළ ඒ මේ අත ඇවිදින්නටත් වූවේය.
වෛද්‍යවරයෙකු තවම නැත්තේ ඇයි !!!!

ඔහු ගැහෙන්නට විය.

" ඉක්මන් කරපල්ලා...කවුරුත් නැද්දෝ..." ඔහු දොර අසලට ගොස් කෑ ගැසුවේය. ඉන්පසු යළිත් කෙනත් වෙත පැමිණියේය.

" ...කෙනත්... නැගිටින්න... "

තමා මෙතරම් මෝඩ වූවේ කෙසේද ? අධික ලෙස වෙහෙස වී වැඩ කිරීමෙන් අනතුරුව කෙනත් ට සිදු වන දෙය ඔහු අත් දැක තිබුනේය. එසේ තිබියදීත් තමා ඔහුව නොසලකා හැරියේය. ඔහු සිය හිසකෙස් ඇදගත්තේය.

දොර ඇරෙන හඬ ඇසෙද්දී මොරානා කාර්යාලය වෙත දිව ගියේය.
" ඉක්මන් කරන්න...මෙහේ ඉන්නෙ..." ඔහු කෑ ගැසුවේය.

එහෙත් ඒ වෛද්‍යවරයා නොවීය.

" ලූනා ?! "

" පපා ?!! " මොරානාගේ දෙනෙත් වලින් කඳුළු පැන්නේය.

" මොකද වෙලා තියෙන්නෙ..."

" කෙනත්... එයා හුස්ම ගන්නෙ නෑ..." මොරානා වැඩිමහල්ලා ඉදිරියේ දණින් වැටී වැළපුනේය.
"...එයාට මොකක් හරි වෙලා... පපා... එයා හුස්ම ගන්නෙ නෑනෙ..."

වැඩිමහල්ලා සිය ලේකම්වරයාට යමක් පැවසූ අතර ඔහු වහාම කාර්යාලයෙන් පිටව ගියේය.

" යමු බලන්න..." වැඩිමහල්ලා ,මොරානාගේ උරහිසකට තට්ටු කරමින් පැවසුවේය.

ඔහු කෙනත් දෙස බලා සිටියේය. "... නාඩි වැටෙනවද බලන්න... මට ඕව දැනෙන්නෙ නෑ දැන්..."

" ඔව්... " මොරානා පැවසුවේය. ඉන්පසු ඔහු කෙනත්ව වැළඳගත්තේය.
" ...පපා... එයා මැරෙයිද ? "

" කලබල වෙන්න එපා ලූනා... එයාට ඇඳුමක් අන්දන්න. අපි ඉක්මනට ෆැසිලිටි එකකට අරන් යමු...මම මගේ හීලෝ එක ලෑස්ති කරගන්න කිව්වා හදිස්සියක් උනොත්..."
වැඩිමහල්ලා අසුනක හිඳ ගනිමින් පැවසූ අතර ඒ අතරතුරේදී වෛද්‍යවරයා පැමිණියේය.

ඔහු කෙනත්ව පරික්ෂා කරද්දී මොරානා ඒ අසලම කැරකෙමින් සිටියේය. භීතියට හා කලබලයට පත්ව සිටි ඔහු වෛද්‍යවරයා ට අවශ්‍ය නිදහස ලබා දෙන්නට සූදානම්ව නොසිටියේය. ඔහු සෑම තත්පර තිහකට වරක්ම කෙනත් හොඳින් දැයි වෛද්‍යවරයාගෙන් ඇසුවේය !

" ලූනා... අපි එළියට ගියොත් නරකද ? " වැඩිමහල්ලා පැමිණ පැවසුවේය. එහෙත් මොරානා ඊට කැමති වූවේ නැත.

"...මන් ළඟට ඇවිත් ඉඳගන්න... "

"...එනව ඉතින්..." මොරානා පැමිණියේ වැඩිමහල්ලා තදින් එය පැවසූ විටය.
" ...පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නෙ ඇයි ?! "

ඉන්පසු මොරානා බිමින් හිඳගෙන නිහඬවම වෛද්‍යවරයා සහ කෙනත් දෙස බලා සිටියේය. ඔහු නොයිවසිල්ලෙන් සිටින බව වැඩිමහල්ලා ට පෙනුනි. කාමරයේ දොර අසලට පැමිණි ලේකම්වරයා අවශ්‍ය ඕනෑම වේලාවක පිට වීම සඳහා හීලෝව සූදානම් බව පැවසුවේය.

" තමුන් ඒ කොල්ලට සිහි නැති වෙනකම් සෙක්ස් කළාද ? "

මොරානා නැතැයි කීවේය. එවැන්නක් ඔහුගේ සිතකවත් තිබුනේ නැත. ඔහුට සෑම තත්පරයක්ම පැයක් මෙන් දැනුනේය. ඔහුගේ හිස මත විශාල බරක් ඇති බව ඔහුට දැනුනේය.

" අධික මහන්සිය සහ නිදි වැරීම නිසා ඇති වුණු තත්වයක්..." වෛද්‍යවරයා පැවසුවේය.

" ඒක ම තමයි ඩොක්ටර් මැතිව් කියන්නෙත් !! " මොරානා සිතුවේය.

"...මම සේලයින් එකක් එක්ක බෙහෙත් වර්ග කීපයක් දුන්නා. මට ලෙඩාව ළඟින් නිරීක්ෂණය කරන්න තියනව නම් හොඳයි... එයාට වෙන ප්‍රශ්නයක් නෑ. එයා හොඳින්...ප්‍රමාණවත් තරම් විවේකයකින් පස්සෙ එයා සුපුරුදු විදිහට අවදි වෙයි..."

" අපි එයාව එමරල්ඩ් වලට ගෙනියන්න ඕන කියල ඔයා හිතනවද ? " වැඩිමහල්ලා ඇසුවේය.

" රෝගියාගෙ දීර්ඝ කාලීන යහපත වෙනුවෙන් විශේශඥ වෛද්‍ය ප්‍රතිකාර මම නිර්දේශ කරනවා උතුමාණෙනි ! " වෛද්‍යවරයා හිස නවා ආචාර කරමින් පැවසුවේය.

" ඕකේ... එයාව එමරල්ඩ් වලට ගෙනියමු ! " මොරානා සිටගනිමින් පැවසුවේය.

ඔහු අල්මාරිය විවර කොට කෙනත් ගෙන ආ බෑගය පිටතට ගත්තේය. ඉන්පසු ඒ තුළට ඇඳුම් අසුරන්නට වූවේය.

" මාස්ටර් මොරානා , එයා ඇහැ..."

" ඩොක්ටර් , ඔයා මෙතන වැඩ ටික බලන්න. මම එයාව සංසුන් කරන්නම්..."
වැඩිමහල්ලා සිය සැරයටියට බරව නැගිටිමින් පැවසුවේය.

" ලූනා... කෙනත් ටිකක් නිදා ගත්තදෙන්, එයා ඇහැරුනාම හීලෝ එකෙන්ම එමරල්ඩ් වලට අරන් යන්න.
දැන් එන්න මාත් එක්ක පොඩ්ඩක් ඇවිදිමු... මම කැමති නෑ මේ කොන්ක්‍රීට් ගොඩ ඇතුළෙ ඉන්න..."

මොරානාට කෝපයක් ඇති විය. ඔහුට කෙනත් අවදි වන තුරු ඔහු අසල ඉන්නට ඕනෑය. මේ මහල්ලා කොහෙන්දෝ පැමිණ ඔහුගේ අවධානය ඉල්ලන්නේ ඇයි ?
එහෙත් ඔහුට මේ මොහොතේදී වැඩිමහල්ලාව තරහ කරගැනීමට ඕනෑ නැත.

ඔහු යහන වෙත ගොස් කෙනත්ගේ නළල සිප ගත්තේය. ඔහුගේ මුහුණ මදක් ජීවයක පැහැය පෙන්වමින් තිබූ අතර හුස්ම කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත් වෙමින් තිබුනේය.

" කරුණාකරලා කොහේටවත් යන්න එපා..." මොරානා වෛද්‍යවරයා ට පැවසුවේය. වෛද්‍ය මැතිව් තරමට ඔහුට කිසිවෙකුත් විශ්වාස නැත !

"...එයාට හොඳ වෙයි නේද ?" මොරානා යළිත් වෛද්‍යවරයාගෙන් ඇසුවේය.

" දෙයියන්ගෙ නාමෙට ළමයෝ !! " වැඩිමහල්ලා උස් හඬින් කතා කළේය. "...ලෙඩාට පාඩුවේ ඉන්න දීලා මෙන්න මෙහෙ එනවා යන්න මගේ යකා අවුස්සන්නෙ නැතුව..."

මොරානා කෝපයෙන් හැරී බැලුවේය. ඔහුට වැඩිමහල්ලා මතට කඩා පැන බැන වදින්නට ඕනෑය ! එහෙත් ඔහු එය ගිල ගත්තේය.
කෙනත් දෙස එක් වරක් බැලූ ඔහු කබාය අතට ගෙන වැඩිමහල්ලා සමඟ පිටත් වූවේය.

වැඩිමහල්ලා ඔහුව රැගෙන ගියේ වතුයායේ වූ ඔහුගේ පෞද්ගලික නිවස්නයටය. මේ මහල්ලා කුමක් කරන්නට යන්නේදැයි මොරානාට අදහසක් නොවීය. ඔහු නොනවත්වාම කෙනත් ගැන සිතමින් සිටියේය.

" ... ඒ කෙනත් එයාගෙ වැය වුණු ශක්තිය ආපහු ජෙනරේට් කරගන්න ක්‍රමේ... හරියට ලේනෙක් ශිශිර තරණය කරනව වගේ. එයාගෙ ඇඟට, මොළේට මහන්සි උනාම එයා තෝරගන්නෙ ගැඹුරු විදිහට නිදා ගන්න එක. ඒක..." ඩොක්ටර් මැතිව් පැවසූ දෙය මොරානාට සිහිපත් විය.

"...ඇයි එහෙම කරන්නෙ ?"

"...පුරුද්ද... එයාගෙ මොළේ එහෙම තමයි හිතන්නෙ...'අද පැය හතක් වැඩ කරනවා, නිදා ගන්නවා, ආය හෙට පැය හතක් වැඩ කරනවා...' වගේ දෙයක් එයාට තේරෙන්නෙ නෑ. වැඩ කරනවා... ඊට පස්සෙ නිදියනවා... අන්න එහෙමයි එයා පුරුදු වෙලා තියෙන්නෙ..."

" ...ඒක මහ අමුතු දෙයක්... "

" ...ඇත්තෙන්ම ඒක භයානක වෙන්න පුලුවන්. ඒ වගේම ඒක හරිම නරක දෙයක්... ඔයා ඒ ළමයට ඕක තේරුම් කරල දෙන්න... මේ ගැන යමක් කියන්න කළින් මට තව ටිකක් එයාව නිරීක්ෂණය කරන්න වෙනවා ! "

මොරානා සුසුමක් හෙළුවේය.

" ඒ කොල්ලා ඔයාට කරදරයක්ද ලූනා ? ඔයතරම් හූල්ලන්නෙ ? " වැඩිමහල්ලා ඇසුවේ මොරානා ගේ අතකින් අල්ලා ගනිමිනි.
මොරානා ඔහු දෙස බැලුවේය. "...හැමතිස්සෙම ඔයා ලිමිට් එකක් තියා ගන්න... කවුරු හරි කෙනෙක් එක්ක emotionally involve වෙන එක ඔයාගෙ වෘතියට සුදුසු දෙයක් නෙමෙයි..."

" මට ඒක හැන්ඩ්ල් කරන්න පුලුවන් පපා... "

" ගුඩ්... කොහෙවත් යන නිකමෙක්ට ඔයාව ඩිස්ට්‍රෑක්ට් කරන්න දෙන්න එපා. මට ඕන ඔයා සතුටින් ඉන්නවා දකින්න..."

මොරානා නිහඬවම සිටියේය.
" කෙනත් කියන්නෙ නිකමෙක්ට නෙමෙයි..." මොරානා සෙමින් කීවේය.

" හ්ම්..." වැඩිමහල්ලා පැවසුවේය.

මෝටර් රථය නතර වූ පසු මොරානා ඔහුට බසින්නට උදව් කළේය. නිවස සුපුරුදු පරිදි අඳුරු කර තිබුනි. ප්‍රධාන වටකුරු ගර්භය තුළ ගැහැණියක් සහ මිනිසුන් කිහිප දෙනෙක් සිනා සෙන ආකාරය මොරානාට ඇසුනි.
ගැහැණිය ටට්‍යානා බව මොරානා හඳුනා ගත්තේය.

ඔවුන් සමඟ හිඳගෙන වයින් බොන මානසිකත්වයක් මොරානාට තිබුනේ නැත.

වැඩිමහල්ලා සමඟ ඔහු වටකුරු කාමරයට ඇතුළු වන විට කාමරය මොහොතකට නිහඬ විය. සියළුදෙනාම අසුන් වලින් නැගිට වැඩිමහල්ලා ට ආචාර කළෝය.

ටට්‍යානා ඇගේ සැමියා සමඟ පැමිණ සිටින ආකාරය මොරානාට පෙනුනි. එතැන තවත් මිනිසෙකු සිටියේය. මොරානා ඔහු දෙස බලා සිටියේ ඔහු තරමක් හුරු පුරුදු බවකින් යුතු වූ බැවිනි. ටට්‍යානා , වැඩිමහල්ලා අසලින් හිඳගෙන ඔහුගේ උරහිසක හිස තබා ගත්තාය.

" ඔට්ටුයි ඔයාට අඳුරගන්න බෑ..." ඇය පැවසුවේ අනෙක් මිනිසා වෙත අතක් දිගු කරමිනි.

මොරානා දත්මිටි කෑවේය. ඔහුගේ සහකරු ලෙඩ ඇඳේය. කොහෙන්දෝ කඩා පාත් වූ මිනිසෙකුගේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට සහභාගී වීමට ඔහුට සිදුව තිබේ.

" බෑ තමයි... මොකද තමුසෙ ආව දිහාවටම මකබෑ වෙන්නෙ නැත්තෙ ? " මොරානා ඒ මිනිසාට කුරිරු ලෙස පැවසුවේය. ඔහු මෙතැනින් කීකරු වන්නේත් ගරු කරන්නේත් වැඩිමහල්ලාට පමණි. අනෙකුන් කුණු ගොඩවල් ය.

" ඔහ් කමෝන් ලූනා... ඔයා එහෙම කතා කරාම එයාගෙ හිත රෙදෙයි..." වැඩිමහල්ලා පැවසුවේය. "...හොඳට බලන්න..."

" පපා... මගේ ඇස් රිදෙනවා..." මොරානා පැවසුවේ වයින් වීදුරුවක් ගෙන අසුනකින් හිඳ ගනිමිනි. "...මට බලන්න අමාරුයි... "

වැඩිමහල්ලා යමක් කියන්නට උත්සාහ කළේය.

" ඒකට කමක් නෑ පපා... මට මාස්ටර් මොරානව අවුල් කරන්න ඕන නෑ..."

" එයා කොහොමත් අවුල් වෙලා තමයි ඉන්නෙ !!" ටට්‍යානා මැදින් පනිමින් පැවසුවාය.
"...ඔන්න ඔහේ අඳුන්නලා දෙන්න..."

මොරානා හොරෙන් ඒ පුද්ගලයා දෙස බැලුවේය. ඔහු මැදි වයසේ පසුවන තරුණයෙකු වූ අතර කෙනත්ට වඩා මදක් උසින් සහ මහතින් වැඩි බව මොරානා නිරීක්ෂණය කළේය. ඔහුගේ සම රන්වන් පැහැති වූ අතර කළු කෙස් සහ නිල් ඇස් තිබුනි. ඔහු කළාතුරකින් දකින්නට ලැබෙන ආකාරයේ ලස්සන තරුණයෙකි. මොරානාට ඔහුව හොඳින් දැක පුරුදුය.

" මෙහෙරබ් ! තමුන්ට මෙහෙරබ් ව මතක නැද්ද ?" ටට්‍යානා නොයිවසිල්ලෙන් කෑ ගැසුවාය. "...බලන්න පපා... මොරානා කොච්චර මිනිස්සු එක්ක නිදාගෙන තියනවද කිව්වොත් , එයාට එයාගෙ ෆස්ට් ලවර් ගෙ නමවත් මතක නෑ..."

මොරානා ප්‍රශ්නයකට මැදිව ඒ මිනිසා දෙස බැලුවේය. ඔහු සිනාසුනේය. ඔහුගේ ඇස් අසාමාන්‍ය ලෙස දීප්තිමත් ය. සිනාසෙන විට කම්මුළ් වළ ගැසුනේය. ගාණට සකසා තිබෙන කිරිවන් දත් දිළිසුණේය.

මොරානාට අපුළක් දැනුනි. ඔහු මිනිසෙකු මෙන් නොවීය. ඔහු ඕනෑවට වඩා

" ආ...කටවහපන් පිස්සි..." මොරානාගේ කෑ ගැසුවේය. "'... ෆස්ට් ලවර් ? මොන මගුලෙ යකෙක්ද ඒ ?" ඔහු ඇසුවේය.

මෙහෙරබ් නැමති තරුණයාගේ මුහුණ අඳුරු වළාවකින් වැසුනේය.

" සොරි පුතා... මගේ රත්තරන් දරුවගෙ මානසිකත්වෙ අද හොඳ මට්ටමේ නැහැ. කොහෙවත් යන පොඩි වේ$ ගෙ පුතෙක් අදම අසනීප වෙන්න තෝරගත්ත නිසා..."

මොරානා වැඩිමහල්ලා දෙස සැබෑම කෝපයෙන් යුතුව බැලුවේය. තමා ටට්‍යානා ට සහ මෙහෙරබ් නැමැත්තාට අපහාස කළ නිසා ඔහු එසේ කතා කරන බව මොරානා වටහා ගත්තේය.

"...අපි එයාව එමරල්ඩ් යැව්ව නම් හොඳයි... එතකොට ලූනට පුලුවන් මෙහෙරබ් ව මතක්

You are reading the story above: TeenFic.Net