46. සීනි යකාගේ හපන්කම් ( bonus )

Background color
Font
Font size
Line height

කතාවට කලින්.

(මම මුලින්ම මවාගත්ත කෙනත්ට ආසන්නම රූපයක්. Yup... ගොඩාක් ආකර්ෂණීය කෙනෙක්ව ගන්න මට ඕන උනේ නෑ. පොඩි ශරීරයක් තියන,  විශාල කළු කොණ්ඩෙකුයි, කළු ඇසුයි තියන ඩිප්‍රෙස් පෙනුමක් තියන කෙනෙක්. මට ආකර්ෂණීය කරන්න ඕන උනේ එයාගෙ ඇටිටියුඩ් එක... චරිත ස්වභාවය. You know, people can only fall for the personality !  මාස්ටර් මොරානව තමා ගොඩක්ම ලස්සන කරන්න ඕන උනේ. )

( මේ තියෙන්නෙ මම මාස්ටර් මොරානව ඉන්ස්පයර්ඩ් කරගත්ත ආට් එකක්. සී... පර්ෆෙක්ට්...පර්ෆෙක්ට්...

හැබැයි පස්සෙ මම කොණ්ඩෙ අයින් කරල ඒක අතීතෙ දෙයක් කළා.
යෙප්... මේ කතාවෙ මුලින්ම ලිව්වෙ මාස්ටර් මොරානා ගැන , ඔයාලා කියවපු අර පලා ආ ලූනා චැප්ටර් එක තමා ලිව්වෙ.
මිනිස්සු ඉතින් මොරානයි, කෙනත්වයි එකට පිළිගන්නෙ නැති එක පුදුමයක් නෙමේ 😅)

හරි සකල ලෝක වාසීන්ට අනුකම්පා පිනිස ලිව්වෙ... රස විඳින සේක්වා !!!!

==========================================

46. කොටස

" ඒක නිකන්ම නිකන් තෑගි පෙට්ටියක් නෙමෙයි..." මම මල් සහ අමුතු තෑගි ගැන කතා කරද්දී ඔහු පැවසුවේය.

ඔහු ඊයේ රාත්‍රියේ වැඩිමහල්ලා සමග හෝටලයට ගිය බවත් ඉන්පසුව අසනීපයෙන් සිටින ටට්‍යානාව බලන්නට ගිය බවත් පවසන්නට තරම් අවංක වූවේය. ඔහු මහ රාත්‍රියේ ආපසු එන අතරමඟදී , ට්‍රක් රථ ගාලක වූ හැබෑරුමකින් හොඳ හැටි බීමත් වූ ආකාරයද පැවසුවේය. ඒ පැමිණ බලන විට මා පෙනෙන්නට නොසිටි නිසා කලබල වූ බවත් වෙරි හිඳුණු බවත් කීවේය.  ඔහු ඇඳ යට සිටි මා සොයාගෙන ඇත.
ඔහු අවදි වූ වහාම ඇඳන් යට නිදා ගත නොයුතු මන්දැයි යන්න ගැන දේශනයක් පැවැත් වූවේය. ඔහු බේබද්දෙකු මෙන් ගඳ ගසන බව පැවසූ විටයි ඔහුට ස්නානය කරන්නට සිහිපත් වූවේ.

මම ඔහු සමඟ කාලය ගෙවන්නට ආශා කළ නිසා තනිවම නාන්නට ඉඩ නොදුන්නෙමි.
ඉන්පසු අපි තෑගි පෙට්ටිය ගැන කතා කළෙමු.

"... අනේ මට යන්ඩ දියන් කොල්ලෝ..."  ඔහු පැවසුවේය. මාස්ටර් මොරානා ශවරය යට සිටගෙන සිටියදී මම ඔහුගේ ඉඟ බදාගෙන සිටියෙමි.

" මට බෑ..." මම පැවසුවෙමි.

" මට පිට උලා ගන්න ඕන..."

" මම පිට උලන්නම්..." මම පැවසුවේ ඔහුගෙන් ඉවත් වන්නට අකමැත්තෙනි. මම කිහිපවරක් හයියෙන් කිවිස්සෙමි. මාස්ටර් මොරානා මගේ දෑත් ඉවත් කර මා වෙත එබුනේය.

" ඔයා හීතලට අහු උනාද ? හච්චිං අරින්නෙ ? "

මම නැතැයි කීවෙමි. මම හොර පූසෙකු මෙන් ඔහුගේ පීඩාකාරී අවස්ථාවක් අසා සිටි බව මට කියන්නට ඕනෑ නැත. ඉන්පසුව ඔහුගේ පසුපස ගිය බවත්, ආරක්ෂකයන්ගේ සිනහවට ලක්වී ලේඩි ටට්‍යානා මෙන් රඟපා සීතලේ ගැහෙමින් යළි පැමිණි බව කියන්නට ඕනා නැත.

" මෙතනත් ඇවිල්ලා වතුරෙ නටනව... එක්කො හරියට නාගෙන යන්න ඕන... "

ඔහු මා ඔසවා  ශවරයට අල්ලාගෙන සිටියේය.    මම දැඟළුවෙමි. ඉන්පසුව ඔහු මා නාන කාමරයෙන් පිටතට ගෙන තුවායකින් ඔතා තදින් හිස පිස දැම්මේය. එසේ කරද්දී මම ඔහුගේ කුස බදා ගත්තෙමි. ඉන්පසුව ඒ තෙතැති බඩ මදක් සැපුවෙමි.

" ඌඌඌයියි.... අනේ අනේ..." ඔහු පැවසුවේය. "...මාව අතෑරපන්කෝ... පුදුම වදයක්නෙ මට දෙන්නෙ..."

මම සිනාසුනෙමි. මම ඔහුට ඇලී සිටින්නට ආසා කරමි. තව දින දෙක තුනකින් මට ආපසු රැකියාවට වාර්තා කරන්නට සිදුවන අතර එවිට මට ඔහු හා සිතෙන සිතෙන ආකාරයට කාලය ගත කරන්නට නොහැකි වනු ඇත. මගේ හිසකෙස් වියළූ ඔහු මගේ නළල ඉම්බේය.

ඔහු මා වෙනුවෙන් කසාය තේ එකක් සැකසුවේය. මම පුදුමයට පත් වුවත් ඔහු බිඳක් හෝ ඉහිරුවේ හෝ අවුල් කළේ නැත. ඔහු මගේ තෑගි පෙට්ටියේ තිබූ කෝප්පයට වත් කළේය.

" මේක handcrafted mug එකක්... " ඔහු පැවසුවේය. මම කසාය උගුරක් පානය කළෙමි.

" මම මේක ඔෆිස් එකට අරන් යනවා..." මම සෙමින් පැවසුවෙමි.

" ඔව් හොඳයි... එතකොට ඒ බොක්ස් එකේ තිබුනු පර්ස් එක පාවිච්චි කරන්න පුලුවන් ඔයාගෙ වොශ් බෑග් එක විදිහට..." ඔහු එය රැගෙන එමින් පැවසුවේය.
"...මේවා හොඳම මෙටීරියල්... කෙනත්, ඒ තෑගි පෙට්ටිය ගොඩක් වටින එකක්... "

" හරි හරි... ඒක ගොඩාක් අපූරුයි... " මම පැවසුවෙමි.

" මම ෆැෂන් ශෝ එකට එන ගෙස්ට්ලට සුවෙනියර් එකක් විදිහට ඔය ගිෆ්ට් බොක්ස් එකක් දෙන්නයි හදන්නෙ..."

මම කසාය එක උගුරට පානය කළෙමි. මාස්ටර් මොරානා ඇඳගනිමින් සිටියේය. ඔහු සුවපහසු ස්වෙටරයකින් සහ ස්වෙට් පෑන්ට් එකකින් සැරසුනේය. ඔහු මා වෙතත් එවැනිම ස්වෙටරයක් දැමුවේය. " try it on...මම ගෙතුවෙ...."

( Master Moranna is knitting his own comfy  sweaters )

" ගෙස්ට්ලා කී දෙනෙක් විතර එනවද ? "

" මන් දන්නෙ නෑ.... දාහක්... එක්දාස් පන්සීයක්... දෙදහක්... ම්ම්ම්... ෆැෂන් වීක් එක සතියක් තියනවා... මන් දන්නෙ නෑ හරියටම..."

" ඔයා ඔයාගෙ අකවුන්ට් එක්ක කතා කරලා ඇහුවොත් හොඳයි ඒක කරන්න පුලුවන් ද කියල ! " මම පැවසුවෙමි. "...මම දන්නව ඔයා පෝසත් කියල... හැබැයි දැන් මෙතන දේවල් අවුල් වෙලයි තියෙන්නෙ..."

මම පවසද්දී මාස්ටර් මොරානා පුදුමයෙන් මෙන් මා දෙස බැලුවේය.

"...මම කාටවත් චෝදනා කරනව නෙමේ, ඔයාගෙ  ව්‍යාපාරෙ ආදායම, ලාභය ,ඔයාගෙ වත්කම් සේරම අතරමඟ රැඳෙනවා... ඔයාගෙ යටතෙ ඉන්න ඩිරෙක්ටර්ස්ලා, එක්සෙකටිව්ස්ල ඒකෙන් කොටසක් ගන්නවා... ඔයාට ඒක ට්‍රේස් කරන්න බෑ... මොකද මෙතන සිස්ටම් එකක් නැති නිසා..."

මම පැහැදිලි කළෙමි.

" මම ඒ ගැන බලන්න ඕන... " ඔහු පැවසුවේය.

" ඔයා ඇයි ඒ ගැන අඩුවෙන් උනන්දු වෙන්නෙ ?" මම ඇසුවෙමි. "... ඔයා හැසිරෙන්නෙ කවුරු හරි ඇවිල්ලා ඔයාගෙ කරේ තියන මාලෙ කඩාගෙන ගියත් කමක් නෑ වගේනෙ...මේක ඔයාගෙ බිස්නස් එකනෙ..."
මාස්ටර් මොරානා සුසුමක් හෙළා මා අසලින් හිඳ ගත්තේය. ඔහු මගේ කසාය කෝප්පය ගෙන ඉන් මදක් පානය කළේය.

" මට ඇත්තටම අවුලක් නෑ ඒ කට්ටිය ඒව ගත්තට..."

" හා ? " මම විශ්මයෙන් ඔහු දෙස බැලුවෙමි.

" සිස්ටම් එකෙන් මේ වතුයාය ERYX වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකෙන් වෙන්නෙ වතුයායෙ ලාබය ප්‍රධාන ව්‍යාපාරෙට එකතු වෙන එක. ඒක එහෙම වෙන්න ඕන කියල මම දන්නව...

මගෙයි, එන්සෝගෙයි මේ කොස්ටිමෙක්ස් ඇන්ඩ් ෆැශන් බිස්නස් එකට තියෙන්නෙ අධි ප්‍රාමාණික ලාභයක් කෙනත්, මම ඒක දන්නව. අපි කවදාවත් විශාල අලාභයක් ලබලා නෑ... අපි හැමතිස්සෙම මැනේජ් කරගත්තා.

නමුත් ERYX කියන්නෙ සාමාන්‍ය හෝල්ඩින් කම්පැනි එකක් නෙමෙයි. එතනත් තියනව එයාලගෙ සෘජු ව්‍යාපාර... එතකොට වෙන දේ ඔයා දන්නව කෙනත්..."

මව් ව්‍යාපාරය , ලූනා වතුයායට අරමුදල් සපයයි, සේවකයන්ගේ පඩි ගෙවයි, සියලු පරිපාලන කටයුතු ගැන වගබලා ගනී. ඒ වෙනුවට ව්‍යාපාරය සිය ආදායමෙන් මව් සමාගම පෝෂණය කළ යුතුය.
මම එය දනිමි. එවිට සිදුවන්නේ ඔවුන්ගේ ලාභය අනෙක් අලාභ ලබන සහෝදර ව්‍යාපාර වල අලාභය පියවීමට යෙදවීමයි !

"...සරලවම මට ඕන Luna Valley බිස්නස් එකේ ලාබය මේක ඇතුළෙම කරකවන්න...මට කමක් නෑ මේ ඉන්න සේවකයො, නිලධාරීන් ඒකෙන් ප්‍රයෝජන ගත්තට.
මට ඕන මේක ප්‍රධාන ව්‍යාපාරෙන් වෙන් කරන්න...ඒත් අන්තිමට මේකත් ERYX වලින් මුල් ඇද්ද එකක්...  "

මට ඔහුගේ අරමුණ වටහාගත හැකිය.
" ...ඒත් මම හිතන්නෙ නෑ ඔයා කට්ටියට හොරකම් කරන්න දෙන එක හොඳයි කියල. ඒකෙන් වෙන්නෙ කීපදෙනෙක් විතරක් ප්‍රතිලාභ ලබන එක. ඔයාගෙ ගාමන්ට්ස් වල, ලැබ් වල සේවකයට ලැබෙන දෙයක් නෑ..."

මම පවසද්දී මාස්ටර් මොරානා මා වෙත හෙලාගෙන සිටියේ පුදුම වූ ආකාරයේ බැල්මකි.

" damn you are so good... මට ඇත්තටම ඒක ගැන හිතුනෙ නෑ..." ඔහු මගේ හිසට තට්ටුවක් දැමුවේය. "...ඔයා ඇයි තාම ඉන්ටර්න් පොශිශන් එකක ඉන්නෙ ? "

" ඔයා වගේ තුන්වෙනි පන්තියේ සේවකයො ගැන හිතන්නෙ නැති බොස්ලා නිසා තමයි..." මම දෙවරක් නොසිතාම පැවසුවෙමි.

මාස්ටර් මොරානා මද වේලාවක් නිහඬවම මා දෙස බලා සිටියේය.

" අම්... මන් ඇත්තටම මගේ සේවකයන්ට  ආදරෙයි... මම හිතනව එයාලා ගැන... ඩෑම්... ඒත් මට ඔයා කියනකම් මේවා ඔලුවට ආවෙ නෑ... මන් මහ මෝඩයෙක්..."

ඔහු කියවමින් කාමරයේ ඒ මේ අත ඇවිදින ආකාරය මම බලා සිටියෙමි.

" අයෑම් සෝ සොරි බනී..." ඔහු මගේ හිස අතගෑවේය. "...මම මේ ගැන කතා කරන්නම් මගේ අකවුන්ටන්ට් එක්ක... "

මම හිස සෙලෙව්වෙමි.
" ඒක හොඳයි. මම දැන් ඔයාගෙ සිස්ටම් එකට අරක් ගත්ත අමුතු ප්‍රෝග්‍රෑම් එක ක්‍රැක් කරන්න ලඟයි... ඔයා කැමතිනම් මට පුලුවන් සිස්ටම් එක අප්ඩේට් කරල දෙන්න... මට ERYX එකේ පද්ධතියට මාස්ටර් ඇක්සස් එකක් තියනව...අම්...ඒක ටිකක් නීති විරෝධී දෙයක්... "

මාස්ටර් මොරානා මදක් අවුල් වූ ස්වභාවයක් පෙන්වූවේය.
Master Access එකක් යනු ප්‍රධාන පද්ධතියේ ඕනෑම දෙයක් වෙනස් කිරීමට බලය ඇති ඇතුළු වීමකි. මම එය මගේ වැඩ වල පහසුව තකා අමතරව සකසාගත්තක් වූ අතර මාස්ටර් ගිලියන් ඒ ගැන තවමත් සොයාගෙන තිබුනේ නැත. ඔහුට ඒ නිල අයිතිය තිබූ අතර පද්ධතියේ සෑම වෙනස්කමක්ම ඔහු මාර්ගයෙන් සිදුවිය යුතුය. එහෙත් මම නිතරම ඔහු වෙත යාමට අකමැතිය ! ඉතින් මම පද්ධතියට හානියක් නොකරන තාක් කල් එවැන්නක් තබා ගැනීමේ වරදක් නැති බව මම සිතාගෙන සිටියෙමි. ඒ හැරත් මම සිදුකරන්නේ ඉතාම කුඩා වෙනස්කම් පමනි. විශාල වෙනස්කම් සෑම විටම මාස්ටර් ගිලියන් හරහා සිදු වෙයි !

ඇතැම් විට මට ඒ ගැන ඉවාන් හා පවසන්නට සිතී තිබේ. එහෙත් කිසියම් හේතුවක් නිසා මම එය කල් දැමුවෙමි.

මම ඇඳුම් අඳින අතරතුර මේ ගැන ඔහුට විස්තර කර දුන්නෙමි. එහෙත් එය ඔහුට වැදගත් වන්නේ කෙසේදැයි වටහා ගන්නට මාස්ටර් මොරානා ට නොහැකි විය.

උදෑසන ආහාරය වෙනුවෙන් ඔහු සහ මම හිඳ ගත්තේ ඒ ගැන වාද කරමිනි.

" ආආආආ මගේ ඔළුව රිදෙනවා... ඔයාගෙ තාක්ෂණික වචන මගේ කලාත්මක අදහස් මරල දානවා..." ඔහු මැසිවිලි නැගුවේය.

" ඔහ් ගෝඩ් මෝඩ මාස්ටර්... ඔයාට තේරෙන්නෙ නෑ... මට පුලුවන් ඔයාට ඕන විදිහට ඔයාගෙ සිස්ටම් එක ඩිවලොප් කරලා, ඒකට අනුව ප්‍රධාන සිස්ටම් එක ගලපන්න... අහු උනොත් හැබැයි මම එල්ලුම් ගස්... එතකොට මාව බේරගන්න..."

මාස්ටර් මොරානා සිය සූපය හැඳි ගාමින් කල්පනා කළේය. ඉන්පසුව හිස ඔසවා මා වෙත හැන්ද දිගු කළේය.

" නෝප්..."

" ඇයි ? " මම ඇසුවෙමි.

" මෝඩ මම නෙමේ... ඔයා... ඔයා දැන්ම ඒකෙන් අයින් වෙන්න ඕන. ඔයා කරන දේ භයානක කම නොතේරෙන්න තරම් නම් මම මෝඩයෙක් නෙමේ බබෝ... "

ඔහුගේ හඬ දැඩිය. ඇස් වල තරමක කෝපයක් සහ කම්පනයක් ඇති බව මම දුටුවෙමි.

" ඒත්..." මම කරුණු දක්වන්නට උත්සාහ කළෙමි.

"...ඉන්න මම ඉවර කරනකම්. මට ඔය කතාව ඇහුනෙ මීට අවුරුදු දෙකකට විතර උඩදි... කාගෙන්ද දන්නවද ? මෙරාකිගෙන්... ඔව්...ඇත්ත... එයාටත් ඔය මෝඩ අදහසම තිබුනා... හිතන්න මොකක්ද උනේ කියල...
මම ත් ඒකට කැමති උනා. ඇත්ත... මම ඒකට එකඟ උනා. මෙරාකි ඔයා වගේ තමයි... දක්ෂයි , උනන්දුයි... එයාට මාව ඉම්ප්‍රෙස් කරන්න තමා ඕන උනේ ඔයාට වගේ... කිසිම අවුලක් තිබුනෙ නෑ ... "

මාස්ටර් මොරානා හුස්මක් ගත්තේය.

"...ඊට පස්සෙ හිටපු ගමන් ඒ සේරම කඩාගෙන වැටුනා... මම දැනගත්තෙ සේරම වෙලා ඉවර වෙද්දි... ඒ කඩාගෙන වැටෙද්දි, ඒ කොල්ලා මොකක් හරි වෙන ගුබ්බෑයමක රිංගුවා... වෙන කාව හරි විශ්වාස කරන්න ඇති...

මම දන්නෙ නෑ වෙච්ච දේවල්... මම දන්නෙ සිස්ටම් ඩවුන් වෙනවා විතරයි...

ඊට පස්සෙ අපි අතරෙ දේවල් හොඳටෝම නරක් උනා... ඔයා දන්නව අන්තිමට මෙරාකිට සිද්ධ වුණු දේ... "

මම විශ්මයෙන් එය අසා සිටියෙමි. එතරම් දෙයක් සිදුවූ බව මම නොදැන සිටියෙමි.

" ... කණගාටුවට කරුණ තමයි මට මෙරාකිව බේර ගන්න බැරි උන එක...ලස්සන තරුණ ජීවිතයක් නිකාන් ට්‍රාමාටයිස් උනා ඒකෙන්...   මොකද ඉතින් මම කියල සුපර් මෑන් නෙමෙයිනෙ ! ඒ නිසා කෙනත්, ඔයා මන් නිසා ඒ වගේ  අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා.

මොකද ඔයා ද්‍රෝහි වෙන්න යන්නෙ අවුරුදු පනහක් හැටක් පරණ සමාගමකට... coporate person කෙනෙක් ට... සාමාන්‍ය මිනිහෙක්ට වඩා ඒ වගේ නීතිමය පුද්ගලයෙක් බලවත්... තේරෙනවද ? ඔයාට බේරුමක් වෙන්නෙ නෑ... තේරෙනවද ?
මමත් ඔයා වගේම තනි මිනිහෙක්... මටත් ඔයාව කවර් කරන්න පුලුවන් සීමාවක් තියනව එහෙම දේකදි... තේරෙනවද ? "

" යස් සර්...මට තේරෙනවා..." මගේ හඬ වෙව්ලමින් තිබුනි. ඔහු පවසන සෑම දෙයක්ම මගේ සිතේ බරැති ලෙස තැම්පත් විය. මාස්ටර් මොරානා හුස්මක් ගෙන වතුර වීදුරුවක් පානය කළේය.

" මෙහෙ එන්න..." ඔහු මා වෙත අත දිගු කර මා ඔහු අසලට කැඳවා ගත්තේය. ඔහු මගේ දෑතින්ම අල්ලාගෙන මා දෙස බැලුවේය.

" ඔයා හොඳ ළමයෙක්... ඔයා අසාමාන්‍ය විදිහට දක්ෂයි...මම දැනටම ඔයාට ගොඩාක් කැමතියි... ඉතින් මට ඔයාගෙන් අමුතුවෙන් ඉම්ප්‍රෙස් වෙන්න ඕන නෑ... මට ඕන ඔයා පරිස්සමෙන් , නිරෝගීව, සතුටින් ඉන්නවා දකින්න විතරයි..."

මම ඔහු දෙස බලා සිටියෙමි.

" ...ඔයාගෙ උදව් මම ඉහටත් උඩින් අගය කරනවා. මට ඔයාට ස්තූති කරන්න ඕන...

...බිස්නස් නම් මොනාද...අපිට ආපහු හදාගන්න බැරියැ... ඒත් ඔයාට මොනා හරි උනොත් මට තවත් දරාගන්න බැරිවෙයි කෙනත්... මට තවත් කෙනෙක්ව නැති කරගන්න ඕන නෑ. "

මාස්ටර් මොරානා අතිශයින්ම සුන්දර මිනිසෙකු ලෙස මම දුටුවෙමි. ඒ ඔහුගේ මුහුණ හෝ සිරුර පමණක් නොවේ. ඔහු මා වෙත දක්වන ලැදි බව ඒ සුන්දරත්වයේ කොටසක් විය. ඔහු මගේ දෑතින්ම අල්ලාගෙන සිටි අතර ඔහුගේ උණුසුම මගේ සම තුළට කා වැදුනේය. ඔහුගේ ළා පැහැති ඇස් මත මගේ පිළිඹිබුව සටහන්ව ඇති ආකාරය මම දුටුවෙමි.

"... ඔයා මට පොරොන්දු වෙන්න ඕන, මගේ වැඩේදි අනවශ්‍ය අවධානමක් ගන්නෙ නෑ කියලා... "
මගේ හදවත වේගයෙන් ගැහුණේය.

" මම පොරොන්දු වෙනවා ! " මම පැවසුවෙමි.

" ගුඩ් බෝයි..."  ඔහු මා වැළඳ ගත්තේය. මම ඔහුව සිප ගත්තෙමි. ඔහු මගේ පසුපස මිරිකුවේය.
"... පොරොන්දුව කඩලා තිබ්බොත් මම ඔයාව අතාරිනවා. මට බෑ විඳවන්න..."

" අනේ..." මම කෑ ගැසුවෙමි. " ...මාව මැරිලා යයි එහෙම උනොත්..."

" හොදයි...එතකොට මම ඔයාවත් මල් පිපෙන තැනිතලාවෙ වළේ දානවා..."
ඔහු පැවසුවේය. මම ඔහුගේ ඔඩොක්කුවෙන් හිඳ ගත්තෙමි. "... ඊට පස්සෙ වළ වහන්න කලින් මමත් ඔලුවට වෙඩි තියාගෙන ඒක ඇතුළටම වැටිලා මැරෙනවා..."

" අම්මෝ... ෆිල්ම් එකක් වගේ මැවිල පේනවා..." මම පැවසුවෙමි.

" ෆිල්ම් නෙමේ... ඇත්ත..." ඔහු එක් අතකින් කෑම කෑවේය.

" මටත් කවන්න..." මම ඔහුගේ උරහිසෙන් හිස තබා ගනිමින් පැවසුවෙමි.

" ...මෙයා පුදුම වදයක් දෙන්නෙ මට..." ඔහු මැසිවිලි නැගුවේය. එහෙත් ඔහු මට කැව්වේය. මල් පිපෙන තැනිතලාව යනු මාස්ටර් මොරානාගේ පවුලේ සොහොන් බිම බව ඔහු පැවසුවේය. කුඩා කාලයේදීම ඔහුගේ සහෝදරයා සහ මව මියගිය කතාව ඔහු මා හා කීවේය.

"...අපේ ගම්වල මිනිස්සුන්ට සොහොන් හදන්න තරම් වත්කමක්වත්, ඉඩ කඩ වත් නෑ...ඉතින් ඇත්තටම අපිට සොහොන් නෑ. මිනී අළු නිදහස් කරන තැන තමා සොහොන වෙන්නෙ... "

මාස්ටර් මොරානා සුසුමක් හෙළුවේය.

"...දැන්නම් ඒ තැන් නැතුවත් ඇති. ඒවා ජනාකීර්ණ වෙලා ඇති... "

" ඒක , සමුදෙන්න හොඳ විදිහක්..." මම පැවසුවේ මගේ සීයාව සිහිපත් කරමිනි. ඔහුටත් සොහොනක් නැත. මම ඔහුගේ අළු මුහුදුබඩ කන්දක් මතදී නිදහස් කළෙමි.
"...සොහොනක් නැති උනාම දැනෙන්නෙ නෑ එයාලා මැරිලා කියලා. හැබැයි අපේ හිත් වල හැමදාම එයාලගෙ මතක තියනවා. සොහොන් දකිනකොට දුක හිතෙනවා... හැබැයි එයාලා ගැන මතක් වෙනකොට අපිට සතුටක් දැනෙනවා... " මම ඒ ගැන මගේ සිතැඟි  පැවසුවෙමි.

"...සොහොන් කොතක් කියන්නෙ පොළවට බරක්... හදපු අයගෙ හදවතට බරක්... මිනිස්සු මැරුණම නිදහස් වෙන්න ඕන... මැරුණු මනුස්සයා එක්ක බැඳිලා හිටපු අය නිදහස් වෙන්න ඕන..."

මාස්ටර් මොරානා යළිත් මා දෙස බලා සිටියේය.
" ඩෑම් කිඩ්... ඔයා කොහෙන්ද ඕවා ඉගන ගත්තෙ ? "

මම සිනාසුණෙමි." මම හිතලා කිව්වෙ..." මම පැවසුවෙමි.

" වූ.... පණ්ඩිත කොල්ලා...." ඔහු මා මුදු ලෙස ඉම්බේය. මගේ කුස කිති කැව්වේය. මගේ මූණ මිරිකුවේය. මම උස් හඬින් කැකිරි පළමින් සිනා සුනෙමි.

" ඔයාගෙ හුරතලේ බල බලා හිටියොත් මට අද වැඩට යන්න වෙන්නෙ නෑ..."

ඔහු මගෙන් මිදී නැගිටිමින් පැවසුවේය. මම සුපුරුදු පරිදි ඔහුගේ කකුළ බදාගත්තෙමි.

" මට යන්ඩ දීපන් වදේ... දැන් මගේ සෙකට්‍රි නෝනත් එයි..." ඔහු මා ඇදගෙන අපහසුවෙන් කාමරය හරහා ගමන් කරන්නට උත්සාහ කළේය.

" මාව ඔයාගෙ සෙකට්‍රි කරගන්ඩකෝ..." මම නහයෙන් ඇඬුවෙමි.

" බෑ... ඔයා වගේ නෙමේ ග්වේන් හරි හොඳ ළමයෙක්... මම කැමතියි එයාට... එයා කියුට්..."

මම ඔහුගේ කකුළ සැපුවෙමි.

" ඌයි..." මාස්ටර් මොරානා උඩ පැන්නේය.
"... මාව මරා ගනිම්කො... "

" මම කියුට් නැද්ද ? " මම ඇසුවෙමි.

" කියුට් මයි ෆූට්ට්ට්..."
ඔහු  බළල් පැටවෙකු මෙන් මා අල්ලා එසවූවේය. එයින් ප්‍රයෝජන ගත් මම ඔහුගේ ගෙලේ එල්ලුනෙමි. මම මෙතරම් ඔහුට වද දෙන්නේ මන්දැයි මටවත් සිතා ගන්නට නොහැක. මගේ සිත තුළ වැඩ කරමින් තිබුනේ තව දින තුනකින් පමණ මට ඔහුගෙන් වෙන් වන්නට සිදුවන බවයි... " මගේ මාස්ටර් මොරානා..." මම ඔහුගේ කොණ්ඩය අවුල් කරමින් පැවසුවෙමි. ඔහු සිනාසුනේය.
" ඔව් ඔව් ඔයාගෙ තමයි..."

පිටතින් දොර සීනුව නාද වන හඬක් ඇසුණු අතර මාස්ටර් මොරානා මාව බිමින් තබන්නට උත්සාහ හෝ නොකරමින් ඇතුළට පැමිණෙන ලෙස පැවසුවේය.

ඒ ඔහුගේ ලේකම්වරිය වූ අතර ඇය අප දුටු වහාම ගල් ගැසුණාය. මම වහාම බිමට පැන්නෙමි. ඇය කළබලයෙන් පිටව යන්නට උත්සාහ කළාය. එහෙත් මාස්ටර් මොරානා ඈ සංසුන් කර නවතා ගත්තේය.

මගේ යෝධ සුපිරි පරිගණක ඇටවුම සහ අනේකවිධි කේබල් ඔහුගේ ලස්සන විශාල මේසය අත් පත් කරගෙන සිටි නිසා ඔහුට සිය ව්‍යාපාර කටයුතු පුස්තකාල කාමරයට ගෙන යන්නට සිදු විය. එහි දොර සම්පූර්ණයෙන්ම විවරව තිබුනේය. එහෙත් මම දොර අසලට ගොස් ඔවුන් දෙස හොරෙන් එබී බලාගෙන සිටියෙමි.

මාස්ටර් මොරානා කියූ ලෙසම මේ ග්වේන් හුරුබුහුටි බව මම සිතුවෙමි. ඇය නිහඬ අයෙකි. 

ඈ නිසා මට ඉවාරාව සිහිපත් විය. ඇගේ තොරතෝංචියක් නැති කතාවෙන් තොරව සති දෙකක් ගෙවුණු ආකාරය සිතාගන්නටවත් නොහැක. ඇය හොඳින්දැයි මම වද වූවෙමි. ගිලියන් ඇයට හොඳින් සළකනවාදැයි මම දන්නේ නැත !

" ඇයි වැඩ නැද්ද ? කෙල්ලො දිහා හොරෙන් බලන් ඉන්නෙ ? "
මාස්ටර් මොරානා මට කෑ ගැසූ අතර මම මගේ සේවා ස්ථානයට වීසි වූවෙමි.

ගෝලියාත් ගේ වැඩ මුරය අද සවසට යෙදී තිබෙන නිසා බොක්සින් පුහුණුවට යන්නට සිදුවන්න්වෙත් සවසටය. ඔහු ඊයේ මාස්ටර් මොරානා සමඟ ගොස් තිබේ. ඔහු හමු වූ විට පෙරදා රැයේ මට සිදුවූ අවනඩුව ගැන පැමිණිලි කළ යුතුය.

මාස්ටර් මොරානා පැවසූ දේවල් හිසේ තබාගෙන මම වැඩ කරන්නට පටන් ගත්තෙමි.
ඔහු ඇත්ත ඇති සැටියෙන් පැවසීම මම අගය කරමි.

මා ඒ කරන දෙය භයානක බව මම දනිමි. එහෙත් මෙරාකි තරම් මා මෝඩ නැත. මගේ ඇතුළු වීම ඉවාන් අයියාට හෝ සොයාගන්නට නොහැකි වූ අතර ඔහු හෝ ගිලියන් හෝ හැර ප්‍රධාන පද්ධතිය අතැඹුල ලෙස දන්නා අයෙකු වේයැයි මම නොසිතමි.

ඊට ප්‍රධාන හේතුව වූවේ අප භාවිතා කරන මව් පද්ධතිය සමාගම ඇතුළෙන් නිර්මාණය වූවක් වීමයි. එහි ප්‍රධාන නිර්මාපකයා සහ සංවර්ධන කණ්ඩායම ගැන කිසිඳු තොරතුරක් මට සොයාගන්නට නොහැකි විය. මම දන්නා එකම දෙය නම් මාස්ටර් ගිලියන් ඒ කණ්ඩායමේ සාමාජිකයෙකු ව සිටි බව පමණකි. වර්තමානයේ එහි සංවර්ධන කරයුතු කිරීමේ වගකීම බාර ඉවාන්, මම සහ තවත් සංවර්ධන ශිල්පීන් කිහිප දෙනෙක්ටය. එය යෝධ පද්ධතියක් වූ අතර මට අනුව නම් අයස්කාන්ත කලා කෘතියකි. අපි ඒ සමඟ ඔට්ටු වූවේ කලාතුරකිනි.

මම සෝෆාවට වැටී කල්පනා කළෙමි. උදේ කෑම මේසය තවමත් අස් නොකළ නිසා පිඟානක වූ ස්ටෝබෙරි ගෙඩියක් මුව තුළ රුවා ගත්තෙමි.

මාස්ටර් මොරානා පැවසූ කතාව මම මට පැහැදිලි වන ආකාරයට තේරුම් කර ගත්තෙමි.

********----********

" 01. මෙරාකි වතුයායෙ පද්ධතිය වෙනස් කරනවා.

ඒ කොහොමද ?
- එයා වතුයායෙ පද්ධතියෙ ගේම් මාස්ටර් නිසා ලේසි වැඩක්. එයාට පුලුවන් පද්ධතිය මැනිපියුලේට් කරන්න. ඒක වතුයායට වාසි වෙන විදිහට කරන්න ඇති. ඒ කියන්නෙ ප්‍රධාන මව් පද්ධතියට , වතු‍යායෙ දත්ත අවප්‍රාමාණිකව හෝ අධිප්‍රාමාණිකව පේන විදිහට...

02. මේක කරන්න විධි දෙකක් තියනව...

        1 - ආගන්තුග පද්ධතියක් භාවිතයෙන්. මේක හරියට ට්‍රෝජන් අශ්වයෙක් වගේ. හානි දායක නැති අනු වැඩසටහනක් විදිහට පෙනුනත් ඇත්තටම ගේම් චේන්ජර් මෙයා.

       2- ඔරිජිනල් සිස්ටම් එකේ අවශ්‍ය වෙනස්කම් කරනවා...

ඒත් මම නම් ඔය දෙකම කරන්නෙ නෑ. මොකද සුපුරුදු අනු පද්ධතියෙ වෙනසක් වුණු ගමන් මව් පද්ධතියෙන් ඒක අඳුරගන්නවා. මම ඒක දන්නෙ මෙරාකි වගේ අනු පද්ධතියක නෙමේ මව් පද්ධතියෙම වැඩ කරන නිසා.

03. මෙරාකි මොකක්ද කරන්න ඇත්තෙ ?

මම හිතන විදිහට මෙරාකි දෙවනි ක්‍රමේ තමයි පාවිච්චි කරන්න ඇත්තෙ... හැබැයි ඒක මව් පද්ධතියට අහු වෙන්න යනකොට එයා කලබල වෙන්න ඇති.
ඊටපස්සෙ ආගන්තුග වැඩසටහනක් හඳුන්වලා දෙන්න ඇති.

මෙරාකි බය උන පාර කවුරු හරි කෙනෙක්ගෙන් ප්‍රෝග්‍රෑම් එකක් මිලට ගන්න ඇති.

බොහෝ විට බ්ලැක් මාකට් එකෙන් ඒක සල්ලි වලට ගන්න ඇති. දෙයියො තමා දන්නෙ කොච්චර ගෙව්වද කියල.
මාස්ටර් " කොහේ හරි ගුබ්බෑයමකට රිංගන්න ඇති..." කියන එකෙන් අදහස් කරන්න ඇත්තෙ ඒක.

හැබැයි ඔය කළුකඩ ගානෙ ප්‍රෝග්‍රෑම් විකුණන අය හෙණම අණ්ඩපාලයි. එයාලා ගොඩක් වෙලාවට දත්ත හොරකම් කරනවා.

ආගන්තුග වැඩසටහනෙන් තමයි බග් එක සිස්ටම් එකට ඇතුළ් වෙන්නෙ...

මේ වගේ ව්‍යාපාරෙක දත්ත අතට ආවා කියන්නෙ ඉල්ලමක් පෑදුනා වගේ උන්ට තියෙන්න ඇති.

මට හිතෙන විදිහට ඔය වැඩසටහනත් මව් පද්ධතියෙන් අල්ලගන්න ඇති. වතුයායෙ පද්ධතිය සම්පුර්ණයෙන්ම ශකබුම් වෙන්න ඇරලා සම්බන්ධතාවය කපා හරින්න ඇත්තෙ ඊට පස්සෙ...

*******************************

කෙසේ වුවත් මේ සියල්ල මගේ උපකල්පනයන් පමණි. " ශහ්... දුම් පයිප්පයක් ගන්න තියෙන්නෙ..." මම සිතුවෙමි.

මම ඒ ගැන සිතා අවසන් වන විට මගේ අති සුපිරි පරිගණක ජාලයෙන් බීප් හඬක් නිකුත් විය. මම ඒ වෙත දිව්වෙමි. ආගන්තුග වැඩසටහන හෙවත් වතුයායේ පද්ධතිය විනාශ කර දැමූ වෛරසයේ ආරක්ෂක වැට බිඳ වැටී තිබුනි.

" යෙස්... යෙස්... මාස්ටර්

You are reading the story above: TeenFic.Net