45.මැණිකිණයන් අතර

Background color
Font
Font size
Line height

==============================================


මාස්ටර් මොරානා මට මල් පොකුරක් සහ ඔතන ලද තෑගි පෙට්ටියක් සේවකයෙකු අත එවා තිබුනේය.
සුදු ලිලී,රතු රෝස සහ විශාල ප්‍රමාණයක විසිතුරු කොළ වර්ග වලින් සමන්විත විශාල සිසිර මල් පොකුර නැවුම්ව සහ සුවඳවත් ලෙස තිබුනි. මම එය වීදුරු පෝච්චියකට සැකසුවෙමි. කිසියම් හේතුවක් නිසා නැවුම් මල් කාලයක් පෝච්චියක තිබෙන ආකාරයට එය සකසන්නට මට හැකිය. ඒ මගේ ආත්මය තුළ සිටින බතල ගොවියාගේ හැකියාව බව මම රහසින් සිතුවෙමි.

තෑගි පෙට්ටිය අපූරු ලෙස ඔතා සරසා තිබුනේය. ඉරා දමන කවරයකට එතරම් කැටයම් දැමීම ගැන මට නොවැටහුනත් එය අලංකාර බව මම පිළි ගත්තෙමි. පෙට්ටිය විවර කළ මම ඒ තුළ තිබූ විසිතුරු භාණ්ඩ එක බැගින් පිටතට ගත්තෙමි. ඒ තුළ අගනා පෙනුමැති  ස්කාෆයක් තිබුනේය. හොඳින් ඉඩකඩ ඇති කුඩා පෙට්ටියක් වැනි බෑගයක් තිබුනේය.  ඉන්පසු මම විසිතුරු සෙරමික් කෝප්පයක් පිටතට ගත්තෙමි. වීදුරු බෝතලයක දමන ලද සුවඳැති ඉටිපන්දමක් සහ  දුඹුරු පැහැති ද්‍රාවණයක් අඩංගු වීදුරු කුප්පියක් ඒ තුළ විය. මම මේ එකිනෙකට නොගැලපෙන භාණ්ඩ දෙස බලා සිටියෙමි. මට එයින් ප්‍රයෝජනයට ගත හැකි දෙයකට තිබුනේ දිලිසෙන කොළ වල ඔතා තිබූ ඉමිහිරි රසයෙන් යුතු චොක්ලට් පමණි. තවද බෑගය මට මගේ දෘඩ තැටි සහ අනෙකුත් සකළමණා බාහාලන්නට භාවිතා කළ හැකිය.

අනෙක් සියල්ලම මම පෙට්ටිය තුළ බාහා පසෙකින් තැබුවෙමි. මේ සුකුරුත්තම් සමඟ සෙල්ලම් කරනවාට වඩා මට වැඩ තිබුනි.

මට මේ දින කිහිපය ඇතුළත මාස්ටර් මොරානා ට ඔහුගේ වැඩසටහනේ කිසියම් ප්‍රගතියක් පෙන්විය යුතුය. ඊයේ දිනයේදී ඔහු මා ඔහුගේ ව්‍යාපාරික අධ්‍යක්ෂකවරුන්ට සහ විධායක නිලධාරීන් ඇතුළු මුල් පුටුවල කිහිප දෙනෙකුට හඳුන්වා දුන්නේය.  එපමණක් නොව මට මගේ වැඩසහටහන ඔවුන් ඉදිරියේ ඉදිරිපත් කරන්නටද සිදු විය. මුල් මිනිත්තු කිහිපය මට බොහෝ සෙයින් පැටළුනේය. මගේ උගුර කට වියළී තිබුනි. මට හැඬෙන්නට ගියේය. එපමණක් නොව මට එතැනින් පැන දුවන්නට පවා සිතුනේය. එහෙත් මාස්ටර් මොරානා මා දෙස දිගින් දිගටම බලාපොරොත්තු සහගතව බලා සිටියේය. ඔහුගේ බලාපොරොත්තු  ඔහුගේම නිලධාරීන් ඉදිරියේ කඩ කිරීමට මට ඇවැසි නොවූ නිසා මම කෙසේ හෝ ඉදිරිපත් කිරීම කළෙමි.  එය අවසන් වූ පසු මට ප්‍රශ්න වරුසාවක් එල්ල විය. ඇතැම් ගැටළු මට හරිහැටි තේරුම් ගන්නට පවා නොහැකි විය. ඉවාන් අයියා එවැනි අවස්ථාවන් ඉතා සුමට ලෙස  හසුරුවන ආකාරය මට සිහිපත් විය. එහෙත් මම ගල් ගැසී සිටියෙමි. මාස්ටර් මොරානා මා ගලවා ගත්තේය.

ඒ ඉවසීමක් නොමැති මිනිසුන් රැළට පෙනෙන ලෙස ඉක්මනින් මගේ පැවරුම නිම කිරීමට මම ඉටාගෙන සිටියෙමි.

පරිගණකයෙ කළුවන් තිරය මත වූ කහ පැහැති ඉලක්කම් මගේ ඇස් කණ්නාඩි මත නටමින් තිබුනේය. දීර්ඝ වේලාවක් තිර දෙස බලාගෙන සිටීමෙන් ඇස් වලට හානි සිදුවිය හැකි නිසා ඒවා මට දුන්නේ මාස්ටර් මොරානා ය.

මම ඒ තුළින් හොඳ ප්‍රතිඵල පමණක්ම දකිනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කළේය.

මම ඊයේ තරමක් අඳුරු පසුබෑ මානසිකත්වයකින් යුතු වූවෙමි. ඔහු මට ව්‍යාපාරික මානසිකත්වයන් ගැන විස්තර කර සිදුවූ දෙය පැහැදිලි කළේය.

මගේ පියා සාර්ථක ලෙස රෝහල්ගත කළ බව මට දැනගන්නට ලැබීම සැනසීමට කරුණක් විය.

ඇතැම්විට මාස්ටර් මොරානා මට මල් සහ චොක්ලට් එවා ඇත්තේ මගේ මානසිකත්වය ඉහළ නැංවීමට විය යුතුය. ඒ ගැන සිතද්දී මට ඔහුව අල්ලාගෙන මිරිකන්නට සිතුනි. මගේ මාස්ටර් මොරානා... ඔහු කරුණාවන්ත බුද්ධිමත් මිනිසෙකි. ඔහු මා ගැන සැලකිලිමත් වන බව දැනුනු නිසා මම ප්‍රීතියෙන් යුතු වූවෙමි.

මම පැය කිහිපයක් නොකඩවා වැඩ කළෙමි. මම දිවා ආහාරය මග හැරි නිසා මට ස්නැක්ස් වර්ග අඩංගු පිඟානක් මුළුතැන්ගෙයින් එවා තිබුනි.

මාස්ටර් මොරානා මට ඇමතුමක් හෝ නොදීමට තරම් කාර්යබහුල ව සිටියේය. ඔහුට කරදර කිරීමට මට ඇවැසි නොවීය.

ඊයේ රැස්වීමෙන් පසුව දත්ත සුරක්ෂිතතාවය සහ සැලසුම් නොමැති වීමෙන් අවුල් වූ ව්‍යාපාරයක සැබෑ ස්වරූපය මට හඳුනා ගත හැකි විය. මම සිදු කරන රාජකාරිය ඉතා බැරෑරුම් එකක් ලෙස මිනිසුන් සලකන්නේ මන්දැයි මම වටහා ගත්තෙමි. ERYX වෙතින් මට කරන ගෙවීම ගැන පළමු වරට මට ප්‍රශ්න කරන්නට සිතුනි.

ඒ සියල්ලටම වඩා සිය පද්ධතියේ කඩා වැටීම ගැන මාස්ටර් මොරානා දක්වන අඩු උනන්දුව මගේ අවධානයට ලක් විය. ඊයේ විධායක හමුවේදී අනෙක් නිලධාරීහු මාස්ටර් මොරානා ට දෝෂාරෝපණ පවා එල්ල කළෝය. එහෙත් ඔහු එතැනදී අනුගමනය කළේ ඉතා උදාසීන ප්‍රතිපත්තියකි. ඒ අවස්ථාවේ ඔහුට තිබූ එකම ආරක්ෂිත පලිහ වූවේ මම නිල නොවන ලෙස ඔහුගේ ව්‍යාපාර පද්ධතිය යථා තත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බව පමණි.
එය අතිශය අවධානම් සහගත තත්වයක් විය !

ඔහුගේ ව්‍යාපාරය එළඹෙන සති කිහිපය තුළ ඔවුන්ගේ ප්‍රධානම වෙළඳ අංගයක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටි අතර ඔවුන්ගේ අරමුදල් වියදම් වන ආකාරය හෝ එයින් ප්‍රතිලාභ ලැබෙන ආකාරය ගැන කිසිවක් කිසිවක සටහන් නොවේ. එය පරිගණකගත කොට පාලනය කිරීම අවශ්‍ය නැත. එය සාම්ප්‍රදායික ක්‍රමයට පිරිස්බලය යොදා කරවීමට හැකි වුවත් ඒ සඳහා ප්‍රමාණවත්  පුහුණු සේවකයන්  ඔහුට නොමැත.

මාස්ටර් මොරානා ගේ ව්‍යාපාරය විශාල අවුලකට වැටී තිබුනේය.

ඔහුට මව් සමාගමේ විශේශඥයන්ගේ සහය ඇවැසිය. එසේ නොමැති නම් එළඹෙන විලාසිතා දැක්ම හෝ සරලව මට වටහාගත හැකි ආකාරයට නම් මෙහෙයුම් අංගයෙන් කිසිඳු ලාභ ප්‍රයෝජනයක් නොවනු ඇත.

ඒ ගැන මට ඔහු සමඟ කතා කරන්නට ඇවැසිය. ලූනා වතුයාය ගිලෙන නැවකි. මේ විලාසිතා දැක්ම එහි අවසාන වාදන වෘන්දය වැනිය !

කෙසේ වුවත් මම මට හැකි දේ උපරිමයෙන් ඔහු වෙනුවෙන් කළ යුතුය.

මම සන්ධ්‍යා කාලයේදී කාර්යාල සේවකයන්ට සරල පද්ධතියක් හඳුන්වා දුන්නෙමි. ඔවුන්ට එය භාවිතයෙන් දෛනික ගිණුම් කටයුතු කිරීමට හැකි අතර ඔවුන් ප්‍රධාන පද්ධතිය භාවිතා කිරීම අවසන් කළ දින සිට මේ දක්වා සිදුකළ ක්‍රියාවලිය කඩිනමින් ඒ පද්ධතියට ඇතුළ් කිරීමට තවත් තිදෙනෙකුට බාර දුන්නෙමි. එයින්  මාස්ටර් මොරානා ගේ වතුයායේ වියවුල් සහගත බව මදකින් හෝ අඩු වනු ඇත.

දිනය අවසන් වන විට මම හෙම්බත්ව සිටියෙමි.
වෙහෙසට පත්ව හිස් නිදන කාමරයට ඇතුළු වන විට මට වවාගන්නට නොහැකි විය. එය අඳුරුය. හිස් ය. වීදුරුවෙන් දුක්මුසු වගුර දිස් විය.
     මේ ආකාරයෙන් සිතීම ඉතා බොළඳ දෙයක් බව මම දැන සිටියත් මට මාස්ටර් මොරානා ව දකින්නට ඕනෑය.

අනෙක් අතට මම ඔහුගේ ඇඟේ එල්ලී සිටීම ඔහුට එක්තරා ආකාරයක වදයක් බව මම දැන සිටියෙමි.

මම ඔහුට ඇමතුමක් ගත්තෙමි. එහෙත් සිතූ ආකාරයටම එයට අනෙක් අන්තයෙන් පිළිතුරු දුන්නේ නැත. ඒ නිසා මම ඔහු සිටින වැඩපොලට ගියෙමි.

මාස්ටර් මොරානා සාමාන්‍යයෙන් ගැවසෙන ස්ථාන වල නොසිටි නිසා මම පසුපස වූ විලාසිතා ගබඩාව වෙත සෙමින් ඇවිද ගියෙමි. මාස්ටර් මොරානාගේ වැඩපොලට යන සෑම විටම මට විශාල අවධානයක් ලැබෙයි. සියළුදෙනාම පාහේ මා දෙස බලන්නට සහ රහසින් කතා කරන්නට පටන් ගනියි. ඔවුන් කතා කරන්නේ කුමක් ගැනදැයි මට වටහාගත හැකිය.
වතුයාය පුරාම මාස්ටර් මොරානා හා මා ගැන කටකතා පැතිරී ඇති බව මම දනිමි. ඇත්තෙන්ම එය කටකතා පැතිරීමට තරම් දෙයක් නොවේ. මාස්ටර් මොරානා හා මම එක්ව සිටින ආකාරය ඔවුන්ට දකින්නට හැකිය !

බෙවලි ඔවුන් අතර පැතිර ඇති කටකතා ගැන මා හා පැවසුවේය. ඔවුන් කතා කරන්නේ මගේ මිල අධික ඇඳුම් පැළඳුම්, විලාසිතා , බොක්සින් පුහුණුව සහ රැකියාව ගැන බව මට දැනගන්න ට ලැබුනි.
   ඔවුන් දැනටම මා ගැන සිය විනිශ්චය ලබා දී අවසන් ය.
" සීනි යකා " ලෙස ලෙස ඔවුන් අතර මම නම් ලබා සිටියෙමි. මම වැඩපොලට පැමිණෙන සෑම විටකම මාස්ටර් මොරානාගේ කබායේ එල්ලී ඔහු අසලට පැමිණෙන සෑම නිරූපණ ශිල්පියෙකුටම කෝපයෙන් පිඹිමින් සිටීම ඊට හේතුව ලෙස බෙවලි පැවසුවේය. එහෙත් එයින් සියයට පනහක් බොරු විය. මම පුප්පන්නේ නැත. මම කරන්නේ මාස්ටර් මොරානා ගේ අතකින් අල්ලාගෙන ඔවුන් දෙස අහිංසකව බලාගෙන සිටීම පමණකි.

මාස්ටර් මොරානා ගැන පවතින කටකතා ගැන දැනගත් පසු ඔවුන් මා වැනි ක්ෂුද්‍ර ප්‍රාණියෙකු ගැන පැවසූ කතා කුණු බාල්දියට වැටුනි.

මම මාස්ටර් මොරානා ගැන පැවතුනේ අතිශයින්ම විකාරයක් විය.

ප්‍රසිද්ධම එක වූවේ මාස්ටර් මොරානා ලේකම්වරියන්ගේ පස්ස්වල් මිරිකණ කතාවයි. මම ඊට කැමති නැත...

මා පුදුම කළ කටකතාව වූවේ වැම්පයර් කෙනෙකු බවත් සිය රුව පවත්වාගෙන යාමට කණ්‍යාවන්ගේ රුධිරයෙන් ස්නානය කරන බවත් ය. නිරූපන ශිල්පීන් මේ කතාව හද පතුලෙන්ම විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබුනි.
ඔහු නිසා මිය ගිය කණ්‍යාවන් අවතාර බවට පත්ව වගුර පුරා සැරිසරමින් සිටියි !!

මාස්ටර් මොරානා ස්නානය කරන්නේ උණු වතුර පමණක් බවත් , ලේ උරා නොබොන බවත්  මට ස්ථිර කළ හැකිය. ඔහු මා සපා කයි... එහෙත් ඒ මම ඔහුව සපා කන තරමට නොවේ !!

තවත් කතාවක් වූවේ ඔහු රුසියානු කුමාරයෙකු බවත් රස්පුටින් ට ඥාති වන බවත් ය. මම දන්නා රස්පුටිනයෙක් නැත.... සිටියත් ඔහු අපෙන් ඉවත්ව සිටීම ඇඟට ගුණය. වැඩිමහල්ලා දුටු විට පමණක් වමනය කරන්නට සිතීම පමණක් මට දැනට ප්‍රමාණවත් ය.

හොඳම කතාව වූවේ ඔවුන් මෙරාකිටත් කතාවක්  ගොතා තිබීමයි. එනම් ද්‍රෝහී වීම නිසා මාස්ටර් මොරානා සිය කළින් පෙම්වතාව මරා වගුරේ සැඟවූ බවයි. ඊට පෙර එක්තරා නිමාඩු නිවසක් තුළ ඔහුව සිර කරගෙන වද දුන් බවත් ඉන්පසුව ඔහුව මරා දැමූබවත් ය. ගෝලියාත් සහ මම ඊට උපකාර කර තිබේ !!! අහෝ... ඔවුන් ගේ කට කතාව කොතරම් ගැඹුරු ද යත් මේ වන විට මෙරාකි සිටි ඒ නිවාඩු නිවස හොල්මන් සිටින අද්භූත සිදුවීම් සිදුවන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධව තිබුනි.
මට මෙරාකි ව සිහිපත් වී විශාල සිනහවක් සමඟ අනුකම්පාවක් දැනුනි. මිනිසුන් ඔහු මිය ගිය බව විශ්වාස කිරීම හොඳය. ඔහු ගිය තැනක යහතින් ඇතැයි මම සිතුවෙමි.

ඒ ගැන සිතමින් මම විලාසිතා ගබඩාවට දෙසට ඇවිද ගියෙමි. ඒ ශාලාවක් වැනි කාමරයට ඇතුළු වීමට අවසර තිබුනේ කිහිප දෙනෙකුට පමණි.

ඒ නිසා එහි කිසිවෙකුත් සිටින බවක් පෙනෙන්නට නොවූ අතර කහ පැහැති  ආලෝකයක් දැල්වෙමින් තිබුනි. මම දොරෙන් ඇතුළු වූවෙමි. මාස්ටර් මොරානා විසින් නිම කළ විලාසිතා ජීවී ප්‍රමාණයේ මැණිකිනයන්ට*( dummy)  අන්දවා තිබුනි. ඒවා කලා කෘති වූ අතර අවසරයකින් තොරව අල්ලන්නට හෝ ඒ දෙස බලන්නට පවා තහනම් විය. මට මාස්ටර් මොරානා ඈත කෙළවරේ රවුම් මේසයක හිඳගෙන සිටින ආකාරය දකින්නට ලැබුනි.

ඔහු ට කිසියම් මිනිසෙකු උස් හඬින් කතා කරමින් සිටියේය.

මට ඈත තියාම ඔහු ඒ මිනිසා දෙස බලා සිටින ආකාරය පෙනුනි. මම සෙමින් ඒ වෙත ළං වූවෙමි.  රවුම් මේසය වටා මැණිකිනයන් එක ගොඩට හිටවා තිබූ නිසා මා ඔහුට එක්වරම දකින්නට අපහසුය. ඒ හැරත් මට ඔහුගේ සාකච්ඡාවට බාධා කරන්නට ඇවැසි නොවේය. මම මදකට මැණිකිනයන් අතර සිටගෙන සිටියෙමි.

" ... තමුසෙ මේ පාර වැඩේ වරද්දගත්ත කියල හිතාගනින් මොරානා..." ඔහු කෑ ගැසුවේය. මම තිගැස්සුනෙමි.
"... ටට්‍යානා හොඳටම අසනීපෙන්,තමුන්ගෙ නම කිය කියා කෑ ගහනව... තමුසෙ දන්නවා එයා අවුල් උනාම සංසුන් කරගන්න කොච්චර අමාරුද කියල !! "

" ඒ ගෑණිට පිස්සු.... තමුසෙට වඩා මම ඒ ගැන දන්නවා. මම පිස්සු දොස්තර කෙනෙක්ද ගිහිල්ලා බෙහෙත් කරන්න ? " මාස්ටර් මොරානා සංසුන්ව පැවසුවේය. "...ගිහින් එයාව හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්වනවා..."

" එයාට පිස්සු නෑ... එයා ට තියෙන්නෙ එකම එක පිස්සුවයි...ඒ තමයි තමුසෙ..."

"ජීසස්.... වික්ටර්.... තමුසෙ එයාගෙ හස්බන්ඩ්... ඒ තමුසෙගෙ ගෑණි... තමුසෙ කොහොමද කියන්නෙ තමුන්ගෙ ගෑණි වෙන පිරිමියෙක්ට පිස්සුවෙන් ඉන්නවාය කියල..."

"හහ්... මම බූරුවෙක් නෙමෙයි මෙතන වෙන දේවල් නොතේරෙන්න... මම අන්ධයෙක් ,බීරෙක් නෙමෙයි මොරානා... මට බුද්ධියක් තියනව... මම දන්නව උබයි, උබේ සහෝදරයයි ටට්‍යානා එක්ක නිදියනවා කියල... ඒක අද ඊයෙක ඉදන් පටන් ගත්ත රෙද්දක් නෙමෙයි කියලත් මන් දන්නවා...
උබලා නිකන්ම නිකන් පවුලක් නෙමෙයි... උබලා මහ ජරාවක්... මම....මම ටට්‍යානා ට ආදරෙයි... ඒ මගේ ගෑණි...
උබලා උබලා...කොහොමද මේවා කරල රෑට සැනසීමෙ නිදාගන්නෙ ? හාහ්හ්හ්හ්???"

වික්ටර් නැමති මිනිසාගේ හඬ වෙව්ලන ආකාරය මට ඇසෙයි. ඔහු හඬනවා විය යුතුය

" ....තමුසෙට බැරිද දෙයියනේ ඇවිල්ලා එක පාරක් එයාව බලල යන්න..."

මාස්ටර් මොරානා නිහඬව සිටියේය.

"...ඒ ගෑණි මැරිලා යයි පපුව පැළිලා... මට බෑ ඒ ගෑණි පණ පිටින් වැළලෙන හැටි  දැක දැක ජීවත් වෙන්න..."

" වික්ටර්..." මාස්ටර් මොරානා පැවසුවේය. "... මට කණගාටුයි ඔයාට ,ටට්‍යානව මැරි කරන්න සිද්ද වුණු එක ගැන... එයාට පොඩි කාළෙ ඉඳන් ඔය පිස්සුව තිබ්බා. මට කණගාටුයි ඔහේට ඒකට කරගහන්න උන එක ගැන... ඒක මගේ වරදක් නෙමෙයි...  "

" ඕයීඊඊඊ...." වික්ටර් බාධා කරමින් කෑ ගැසුවේය. "...එයාට පිස්සු නෑ... අපි ආදරෙන් ජීවත් උනා... මිලානෝ වල... අවුරුදු දෙකක්...
ඊට පස්සෙ තමුසෙ කොහෙන්දෝ පියාඹගෙන ආවා...උබව දැක්කට පස්සෙ...  ඊට පස්සෙ ඒ ගෑණිට ආපහු මේ කරුමක්කාර ජරා ගොඩට එන්න ඕන උනා... ඒ ගෑණි මට ආදරේ කළා... අපි...අපි ළමයෙක් හදන්න ප්ලෑන් කරගෙන හිටියේ... උබ ඒ සේරම විනාස කළා..."

මම ගල් ගැසී සිටියෙමි. මගේ දෙපා අයිස් මෙන් මට දැනුනි.

" ... උබ මේ සේරම විනාශ කළා..." වික්ටර් පහත් හඬින් පැවසුවේය. "...උබලයි උබලගෙ තාත්තයි ඒ අසරණ ගෑණිට කරපු දේවල් මම දන්නවා...  ටට්‍යානා මාත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා... උබ... උබ ඒක විනාශ කළා..."

මාස්ටර් මොරානා නිහඬව හිස සොලවමින් ඔහු දෙස බලා සිටියේය.

" වික්ටර්...මට කණගාටුයි..." ඔහු මිමිණුවේය.

"... ටට්‍යානා කියන්නෙ ඔයා දකින එක පැත්තක් විතරයි... අපි පොඩි ළමයි කාලෙ දේවල් ගොඩක් උනා... අපි හැමෝම අපිට ආවේණික විදිහට ඒවා දරා ගන්නවා... මට කණගාටුයි... "

" උඹට ඇත්තටම කණගාටුයි නම් ඇවිල්ලා ඒ ගෑණිව සනසලා යනවා. අඩුම තරමෙ කියපන් උබට ඒකිව මැරෙනවා දකින්න ඕන නෑ කියලවත්... දෙයියම්පා මම උඹව මගේ අත් දෙකෙන්ම මරනව ටට්‍යානා එහෙම දෙයක් කරගත්තොත් නම්..."

" වික්ටර් ඔයා දැන් මෙතනින් යන්න ඕන... " මාස්ටර් මොරානා අසුනේ පසුපසට වෙමින් පැවසුවේය. "...මට මහන්සියි... ඔයා ඇයි එයාව මෙහෙන් ආපහු අරගෙන ගිහින් ප්‍රතිකාර කරන් නැත්තෙ   ? ඒක එයාගෙ සෞඛ්‍යටත් හොඳ වෙයි... මම සේරම වියදම් දරන්නම් ! "

වික්ටර් නිහඬවම සිටියේය.
" උඹට මේක විහිලුවක් ද ? හාහ් ?" මද වේලාවකට පසු ඔහු ඇසුවේ මේසයට පහරක් එල්ල කරමිනි.
" ...ප්‍රතිකාර කරවන්න ?? උඹ හිතන්නෙ බෙහෙත් ටිකක් පොවන එක ලේසි උනත් ,සනීප වෙන එක ලේසි වැඩක් කියලද ?"

ඉන්පසු ඔහු මේසය මත තිබූ කිසිවක් මාස්ටර් මොරානා දෙසට වීසි කළේය.

"... උඹ මහ අඩු කුළේ සතෙක්..."

මාස්ටර් මොරානා සුසුමක් හෙළුවේය.
" ඔව් ඒක එහෙම තමයි... අන්න ඒ නිසයි ටට්‍යානා මාව අතාරින්න ඕන. වික්ටර්, ටට්‍යානා ඉන්නෙ මුලාවක... "

මම කෙළ ගිල්ලෙමි. මගේ උගුර දර පතුරක් මෙන් වියළිව ඇති බව මට දැනුනි.

"...බෙහෙත් ටික ගිලුනු පළියට සනීප වෙන්නෙ නෑ වගේ තමයි, කොච්චර අපි සංවාසෙ යෙදුනත්,  හදවතින් බැඳෙන්නෙ නෑ... ටට්‍යානා ඒක තේරුම් ගන්න ඕන... ඒක මට උගන්වන්න බෑ...
ඔයා හොඳ වැදගත් මනුස්සයෙක් වික්ටර්, මන් වගේ නෙමේ... හොඳ පවුලකින් ආව උගත් මහත්තයෙක්... මම දන්නව ඔයා ටට්‍යානා ව කසාද බැන්දෙ සල්ලි දේපල මොකුත් ඕන නිසා නෙමේ කියල... ඔයා එයාට ආදරෙයි... මම දන්නවා ඒක. ඒ නිසා ටට්‍යානා ඉන්නෙ මුලාවක කියන එක එයාට තේරුම් කරල දෙන්න... එයා ඉල්ලන ජීවිතේ මට දෙන්න බෑ... "

මාස්ටර් මොරානාගේ ස්වරයේ වූ ශෝකී බව නිසා ඉනූ කඳුළු මගේ කම්මුල් දිගේ පහලට බැස්සේය.
ඔහු ගැන කෝප විය යුතු දැයි , ශෝක විය යුතු දැයි මම දන්නේ නැත. එහෙත් මට ඔහු වේදනාවෙන් සිටින ආකාරය පෙනෙයි. ඔහුගේ ජීවිතය කොතරම් රළු එකක් වන්නට ඇත්දැයි මට කිසිඳු ආකාරයේ වැටහීමක් නොවීය. මම මෙවැනි ආකාරයක විඳවීමක් ගැන නොදැන සිටියෙමි.

වික්ටර් නැමැත්තා පිටව යන ආකාරය මට ඇසුනේය. මාස්ටර් මොරානා දෙනෙත් පොඩි කරගෙන සිය හිස මේසය මත තබා ගත්තේය. ඔහුට නිසැකවම තමා ගැන අපුළක් දැනෙනවා විය යුතුය.

මට ඔහු අසලට ගොස් සනසන්නට ඕනෑ විය. එහෙත් ඔවුන්ගේ සංවාදය සම්පූර්ණයෙන්ම මා අසා සිටි බව එවිට ඔහු දැන ගනී. එවිට මා දකින සෑම විටකම ඔහුට වරදකාරී බවක් දැනෙනු ඇත ! මට ඔහුව එවැනි හැඟීමකින්ද පෙලන්නට ඇවැසි නැත.

මම මැණිකිනයන් අතර සිටගෙන ඔහු දෙස බලා සිටියෙමි. හදිසියේම ඔහු හිස ඔසවා බැලුවේය. ඉන්පසු වහාම සිය මුහුණ පිසදා ගෙන උගුර පාදා ගත්තේය.

මම භීතියෙන් ගල් ගැසී, මැණිකිණයන් අතර හිඳ ගත්තෙමි. මගේ කුස දඟලන්නට වූ අතර සිරුරේ මවිල් කෙළින් වන විට මට ඒ සංවේදනය දැනුනේය. මගේ බඩ දඟළන්නට විය.

වැඩිමහල්ලා පැමිණ සිටියේය. ඔහුගේ සැරයටිය ගැටෙන හඬ මගේ දෙසවන් තුළ දෝංකාර දුන්නේය.

" ලූනා...?! "

" පපා..." මාස්ටර් මොරානාගේ හඬ බිඳී තිබුනි. මම මැණිකිනයන් ගේ දෙපා තුළින් ඔවුන් දෙස බැලුවෙමි.

" මේ මහ රෑ මොකද මගේ රත්තරන් දරුවා මෙතන්ට වෙලා කරන්නෙ ? කන්නෙ බොන්නෙ නැද්ද ? "
ඔහු මෘදු ලෙස ඇසුවේය.

" අම්... මම මේ වැඩ ඉවර කළා විතරයි..." මාස්ටර් මොරානා සිනාසෙන්නට උත්සාහ දරමින් පැවසුවේය. වැඩිමහල්ලා ඔහුගේ පිටට තට්ටු කරන ආකාරය මම දුටුවෙමි.

" නරකද අපි දෙන්නා එළියට ගිහින් කාලා බීලා ආවොත්...ඔයාගෙ මූණ හරි නෑ... මම කැමති නෑ ලූනා මූණ එල්ලගෙන ඉන්නව දකින්න..."

මාස්ටර් මොරානා කල්පනා කරමින් සිටියේය.

" අම්...පපා... මම ඇත්තටම අද කෙනත්ව එළියට එක්කගෙන යන්න හිටියෙ..."

" ඔහ්... එයාට එක රැයක් ඉවසන්න බැරි නෑනෙ..."

මම මගේ සිරුර හැකි තරම් පොළවට තද වන ලෙස තබා ගත්තේ හද ගැස්ම හෝ පිටතට නොඇසෙන ආකාරයෙනි.

" බට්...පපා... මම හිතන්නෙ මම ටිකක් නිදා ගත්තොත් මේ ගතිය අඩු වෙයි..."

" හොඳයි, ඔයාට පුලුවන් හොඳ තැනකින් කෑම ටිකක් කාලා... හොඳ තැනක විවේකෙන් නිදාගන්න... "

මාස්ටර් මොරානා එය ප්‍රතික්ෂේප කරාවි යැයි මම භීතියට පත් වූවෙමි. ඔහු මා ඉදිරියට ඇද ගතහොත් කුමක් හෝ නරක දෙයක් සිදු වීමට ඉඩ ඇතැයි මට දැනුනි.

මේ මහල්ලා භීෂකයෙකි !

" ...කොල්ලට කතා කරලා කියනව තමුන් බිස්නස් එකකට එළියට යනවා කියල... ඉන්පස්සෙ එළියට ඇවිල්ලා මාව හම්බ වෙන්න... රෑ තිස්සෙ ඒ කොල්ලා කරදරයක් වෙන්න තියාගන්න එපා..."

මගේ කොඳු නාරටිය හිරි වැටී ගියේය. මහල්ලා ගිය පසු මාස්ටර් මොරානා අසුන මතට ඇද වැටුනේය. ඔහු මට ඇමතුමක් ගන්නට උත්සාහ කරනු ඇත. මම වහාම දුරකතනය ගෙන එය නිහඬ කර ගත්තෙමි.

ඔහුගේ මුහුණේ වූ බලාපොරොත්තු කඩ වීම මට පෙනුනි. ඉන්පසු ඔහු අපහසුවෙන් යමක් ටයිප් කළේය. මට කෙටි පණිවිඩයක් පැමිණි බවට සංඥාව ලැබෙන විට ඔහු ශාලාවෙන් පිටව ගොස් අවසන් ය. මම භීතියෙන් නැගිට දොර වෙතට දිව්වෙමි. වාසනාවකට මෙන් එය අගුළු දමා නොතිබුනේය.

මම එළියට ගොස් වමනය කළෙමි.

"නිදාගන්න.මම.එනකම්.ඉන්න.එපා.කාමරෙන්.කාමරේ.දොර.අගුළු.දා.ගන්න..."
මාස්ටර් මොරානාගේ පණිවිඩය එපමණකි.

මම දොරකඩ හිඳ ගත්තෙමි. මට ඔහු ගැන බියක් දැනෙයි. වික්ටර් හෙවත් ටට්‍යානා ආර්යාව ගේ සැමියා යැයි කියූ පුද්ගලයා පිටව ගොස් සුළු මොහොතකින්ම වැඩිමහල්ලා පැමිණීම ගැන මට හොඳක් දැනුනේ නැත. ඔවුන් මෙය කල් තබා සැලසුම් කරගෙන සිටියාක් මෙනි.

මට මෙතැන රැඳී සිටින්නට නොහැක. ඒ සම්පුර්ණ විලාසිතා ගොඩනැගිල්ලම පාළුවට ගිය ස්වරූපයක් ඉසිලුවේය. මීට පැය බාගයකට පමණ පෙර සියයක පමණ නිරූපණ ශිල්පීන් සහ අනේකවිධි කාර්ය මණ්ඩලයෙන් කාර්යබහුලව පැවති වේදිකාව සහිත ගොඩනැගිල්ල දැන් සුසාන භූමියක නිහඬතාවයෙන් සහ හුදෙකලාවෙන් යුතු විය.  විදුලි පහන් පවා නිවා දමා ඇත. ඔවුන් එතරම් ඉක්මනට කොහේට වාශ්ප උනාද ?

මම සිහිනයක් දකින්නේදැයි මම කල්පනා කළෙමි.එහෙත් එසේ වීමට නොහැක !

මම බිත්තිය අයිනට කර නතර කළ  මා පැමිණි විදුලි යතුරු පැදිය ගෙන පණ ගැන්වූවෙමි. මාර්ගයේ වැටී තිබෙන හිම ඉවත් කර ඇති බව පෙනෙන්නට තිබුනි. මාර්ගයේ මිනිසුන් නොවීය.
සියල්ල අතහැර දමා තිබුනේය. මම සම්පූර්ණයෙන්ම තනිව සිටින ස්වභාවයක් මට දැනුනි.

කොන්ක්‍රීට් බන්කර් නිවස අඳුරේ ගිලී තිබූ අතර ඒ තුළට යාමට මට සිත දුන්නේ නැත.

ශීතළ සුළඟ මගේ හිස මතින් කැරකුණේය. මම යතුරු පැදිය ප්‍රධාන ගේට්ටුව දක්වා ධාවනය කළෙමි. එතැන ආරක්ෂක නිලධාරීන් සිටි අතර ඔවුන් මට පිටතට යන්නට ඉඩ ලබා දුන්නේ නැත.

" වතුයාය ඇඳිරි නීතිය යටතෙ තියෙන්නෙ... ඔයාට එහෙම එහෙ මෙහෙ යන්න බැහැ... " ඔවුන් මට පැවසූ අතර මම සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු කඩ වූවෙකු බවට පත් වූවෙමි. මේ ආරක්ෂකයන් මට ගෝලියාත් ව සිහි ගැන්වූ අතර ඔවුන් අත ගිණි අවි ද තිබුනි.

" මට ඇත්තටම යන්න ඕන... මේක හදිස්සියෙක්..." මම උත්සාහ කළෙමි. එහෙත් මිලිටරි මට්ටමේ ඇඳිරි නීතියක් ඉක්මවා යන්නට නොහැකි බව මම දැන සිටියෙමි.

ඔවුන් ඉහළ සිට පහළට මා දෙස බැලුවෝය. මෙතැනින් ඉවත්ව යාම ඇඟට ගුණය.

" අපි ඔයාව ගෙදරට බස්සන්නද ? " එක් පසුපස සිටි ආරක්ෂකයෙක් ඉදිරියට පැමිණෙමින් ඇසුවේය. ඔහු මගේ යතුරු පැදියෙන් අල්ලා ගත්තේය.

" නෑ නෑ මම යන්නම්..."
මම යතුරු පැදිය පසුපසට ගත්තෙමි. එහෙත් ආරක්ෂකයා එය ඉදිරියට ඇද්දේය. සැහැල්ලු වාහනය පුළුන් රොදක් මෙන් ඉදිරියට ඇදී ගියේය.

" අපිට ඕනනම් පුලුවන් ඔයාව යන්න ඕන තැනට ඉක්මනට එක්කගෙන යන්නත්..." ඔහු පැවසුවේ පසුපස නවතා තිබූ SUV රථ කිහිපයක් පෙන්වමිනි.

"...එන්න එන්න නගින්න..."
ඔහු යතුරු පැදිය සෙලවූ අතර මම නිරායාසයෙන්ම බිමට පැන්නෙමි.
යතුරු පැදිය හඬ නගා බිමට වැටුනේය. ඔහුගේ දෑත් තිබෙන ආකාරය දෙස බැලූ විට ඉතා ඉක්මනින් ඔහු මගේ උරහිසකින් අල්ලා ගනු ඇත !

වෙනත් වේලාවකදී නම් මම හඬා වැටෙනු ඇත.

එහෙත් ගෝලියාත් වැනි අණ ලබන මිනිසුන් සමඟ කටයුතු කරන විට හැඬීම යනු කළ හැකි මෝඩම දෙය බව මම දැන් වටහාගෙන සිටියෙමි. ඔවුන් ඒ දුර්වලකම වටහාගත් පසු මට ගැලවෙන්නට නොහැක.

" මොකද කියන්නෙ...? " ඔහු මා වෙත නැඹුරු වූ අතර ඔහුගේ මුවෙන් හමන සිගරට් ගන්ධය මට දැනුනේය.
" කරුණාකරලා මට යන්න දෙන්න..." මම මිමිණුවෙමි. මට ඔහු සමඟ කතා කරන්නට ඕනා නැත. මාස්ටර් මොරානා වෙත යන්නට ඇවැසිය. මට ඔහුව දකින්නට ඇවැසිය... ඔහු හොඳින් දැයි දැන ගන්නට ඇවැසිය...

නිලධාරියා මගේ උරහිසකින් ඇල්ලුවේය. මම තිගැස්සී පසුපසට පැන්නෙමි.
" මාව අල්ලන්න එපා කරුණාකරලා..." මම පැවසුවේ මගේ සාක්කුව තුළට අත දමාගෙන ඒ තුළ වූ ගම්මිරිස් විදිනය අල්ලා ගනිමිනි.

ඔහු පමණක් නොව ඒ අසල සිටි ආරක්ෂකයන් කිහිප දෙනෙක් උස් හඬින් සිනා සෙන්නට වූවෝය.
" තමුසෙ අපිට පොරොන්දු වුණු ජාතියේ කෙනෙක් නම් නෙමෙයි... ඒත් මේ සීතලත් එක්ක ගෑණියෙක් මොකද පිරිමියෙක් මොකද !!! ... ඒක අවුලක් වෙන එකක් නෑ...හහ් හහ් හහ් හහ්..."

මම දෙතොල් හපාගෙන හැඬුම ගිල ගත්තෙමි. පසුපස සිටි කිසිවෙකු මා ඉදිරියට තල්ලුකළ අතර වැටීම පාලනය කර ගැනීමට මම දෑත බිමින් තැබුවෙමි. එවිට මගේ සාක්කුව තුළ තිබූ නිල් මැණික් ආභරණය බිමට වැටුනේය. නිලධාරියා ගේ දෑස් ඒ වෙත යොමු වූ අතර මම වහාම එය පොළවෙන් ඩැහැ ගත්තෙමි.

මම එය අතක ගුලි කරගෙන කෙළින් සිටගත්තෙමි.

" ඕකේ... මාව අරන් යන්න වැඩිමහල්ලා ගිය දිහාවටම..."මම සංසුන් ලෙස පැවසුවෙමි. ආරක්ෂක නිලධාරීන් එක්වරම ගල් ගැසුණු ආකාරයක් පෙනෙන්නට තිබුනි. ඔවුන් අතර කසුකුසුවක් පැතිර ගියේය.

" ...යමු..." මම suv රථයක් අසලට ඇවිද යන ආකාරයට හැසිරුණෙමි.

" වෝව් වෝව් කිඩ්..."

" එක්ස්ක්‍යුස් යූ..." මම අඩියක් පෙරට තබා ටට්‍යානා ආර්යාව ගේ මෙන් උස් හඬින් කතා කළෙමි. "...අයෑම් නොට් අ ඩෑම් කිඩ්... මට විසි හයයි... හරිද ?"
මම සම්පූර්ණයෙන්ම ලේඩි ටට්‍යානා මෙන් මේ කිසිවක් විශ්වාස කිරීමට නොහැකි ලෙස රඟ පෑවෙමි.

" සොරි සොරි..." නිලධාරියා තරමක් අවුල් සහගත තත්වයට පත් වූ බවක් පෙනෙන්නෙට විය.

" I can not believe... OH MY GOWWWDDD... Look at my ride..." මම නාට්‍යාකාරයෙන් පැවසුවෙමි. එක් නිලධාරියෙක්

You are reading the story above: TeenFic.Net