40.ආර්යාව

Background color
Font
Font size
Line height

පසුවදා මාස්ටර් මොරානා මා සපත්තු නිර්මාණය කරන කුඩා කර්මාන්තශාලාවකට කැඳවාගෙන ගියේය. එහි සපත්තු නිර්මාණය කරන්නේ මූලික උපකරණ කිහිපයක්  මිනිසුන් විසිනි. ඔවුන් මගේ පාද වල මිනුම් වලට ගැලපෙන පරිදි අපූරු සපත්තු කුට්ටම් ගෙන ආවෝය. අවසනයේ මට පළඳින්නට හැකි ආකාරයේ අඩි උස සපත්තු ලැබුනි.

ආපසු කාර්යාලට පැමිණි පසු මම ටොකොස් ටොකොස් හඬ නගමින් බිම පුරා ඇවිද්දෙමි. මේවා පැළඳ සිටින විට මට අපහසුවක් දැනුනේ නැත.

" දැන් පස්ස වනන්න යන්න එපා මොනා උනත්..." මාස්ටර් මොරානා පැවසුවේ මගේ පසුපස මිරිකමිනි. මම ඔහුගේ අත සපා කෑවෙමි.

" හපන එක අඩු වෙලා නෑ නේද ?"
ඔහු මගේ නිකටින් අල්ලා මදක් සොලවමින් ඇසුවේය. මම විරිත්තුවෙමි. ඉන්පසු ඔහුව බදාගෙන බඩ සැපුවෙමි.

" ඌඌඌ...
පුදුම දැඟලිල්ලක් තියෙන්නෙ..."

මම සිනාසුනෙමි. මාස්ටර් මොරානා සමඟ ඒ මේ අත දඟළමින් සිටීමට මම කැමැත්තෙමි.

" මාස්ටර් මොරානා..." මම දෑතින්ම ඔහුව තද කරගනිමින් පැවසුවෙමි. මට එසේ කරන්නට අරමුණක් තිබුනේ නැත.

" ඇයි බබෝ... "

මම සිනාසුනෙමි.

" මට මාස්ටර්ව මිරිකන්න හිතුනා..."

" ඇත්තට..."

ඔහු දීප්තිමත් දෙනෙත් වලින් යුතුව මා දෙස බලා සිටියේය. ඔහු දැන් රාජකාරි සඳහා පිටව යා යුතු බව මම දැන සිටියෙමි. ඒ ගැන සිතද්දී මට කිසියම් හිස් බවක් දැනෙයි. මම ඔහුව අල්ලාගෙන සිටියේ එබැවිනි.

" ඔයාට මගේ තැනට ඇවිල්ලා වැඩ කරන්න ඕනද අද ?"

" නෑ සර්..." මම පැවසුවේ ඔහුගේ මේසය මත අටවා තිබෙන පරිගණකය පෙන්වමින් පැවසුවෙමි. " ...මේ සේරම උස්සගෙන එතන්ට එන්න බෑනෙ..."

" ඒකත් ඇත්ත තමයි. මම හෙට නිවාඩුවක් ගන්නම්. ඔයාගෙ ප්‍රසන්ටේශන් එක බලන්නත් ඕනනෙ...
අපි රෑට එළියට යමු... හොඳේ "

" හා... "

" මාව අතාරින්න ඉතින්..."

මම ඔහුට යන්නට දුන්නෙමි. " වැඩ නිසා ගොඩක් ස්ට්‍රෙස් වෙන්න එපා හොඳේ... ඔයාට වෙලාව, නිදහස තියනවා..." ඔහු පැවසුවේය. මම ප්‍රධාන දොරටුව දක්වාම ඔහු පසුපස ගියෙමි. ඉන්පසුව මගේ ගුලට රිංගාගෙන පරිගණකය ඉදිරියේ හිඳගෙන වැඩ කරන්නට පටන් ගත්තෙමි.
කලබලයෙන් පැමිණි බෙවලි මගේ මුහුණේ ෆේස් මාස්ක් එකක් අලවා ගියේය.

මද වේලාවකින් එය ඉවත් කරගෙන පැමිණි මම සෝෆාවට වැටී දුරකතනය ඔබන්නට වූවෙමි.

මම ඉවාන්ට ඇමතුමක් ගත්තෙමි. ඔහු ආපසු අද  ක්ලබ් එකට පැමිණේවිදැයි සිතමිනි.
" ඔයා ඇයි ආන්සර් කරන්නෙ නැත්තෙ ? " මම හිස් දුරකතන තිරයෙන් ඇසුවෙමි.
" ඔයා මාත් එක්ක තරහයිද ?"  ඔහු මා සමඟ තරහෙන් නොවූවත් හිත් අමනාඅපයෙන් ඇතැයි මම සිතුවෙමි. මම ඔහුට යැවූ පණිවිඩ එකකට හෝ ඔහු පිළිතුරු එවා නැත. ඒවා යළිත් කියවන විට මට මා ගැනම ශෝකයක් දැනුනි. ඒ නිසා මම ඒවා මකා දැමුවෙමි.

ඉවාරාගේ තත්වයත් එයින් වෙනසක් නොවීය.

කෙසේ වුවත් ඈෂ්වින්ගර් පණිවිඩ රාශියක් එවා තිබුනි. ඔහු තාවකාලිකව රටින් පිටව යන බව අවසන් පණිවිඩයේ තිබුනි. මා සමඟ ගත කළ කාලය ඔහුට ඉතා වටිනා බව පවසා යළිත් සමාව ඉල්ලා තිබුනේය. මම ඔහුට පිළිතුරක් යැව්වෙමි.

මට නිවසින් ඇමතුම් රාශියක් පැමිණ තිබුනි. මම   ඔවුන් ට ඇමතුමක් ගත් අතර ඔවුන්ව මග හැරීම ගැන අම්මා මට බැණ වැදුනාය.

" උබේ තාත්තා මර ඇඳට වැටිලා ඉන්නෙ... උබ ඔහෙට වෙලා නට නටා ඉඳපන්... "

" මම කොහොමද ඒක දන්නෙ ? ඔයාලා අඩුම තරමෙ මගේ කෝල් එකක් ගන්නෙවත් නෑනෙ... මේ අද ගන්නකම්..."

" දන්නෙ ? ඔව් උබට දැන් ගෙදරට කතා කරන්න වෙලාවක් නෑනෙ...අපිට ආරංචියි උබ කරන දේවල් ? "

" මොනවද ආරංචි ? "

" උබ මිනිහෙක් ගෙ ඇඟේ එල්ලිලා ඌ එක්ක නිදි වදිනවා කියල..."

" හාහ් ?"
මම පුදුමයට පත් වූවෙමි. එය මගේ නිවැසියන්ට පැවසුවේ කවරෙක්ද ? මම දෙතොල් සපන්නට වූවෙමි.

" ඉතින් ?"

" මම දැනගෙන හිටියා උබත් ඒ වගේ අමුතු අසහනකාරයෙක් කියල...
උබට දැන් අපෙන් වැඩක් නෑනෙ නේද ? උබ දන්නවද අපි කොච්චර වියදම් කලාද , කොච්චර ණය ගත්තද කියලා ඔය තැන් වලට යවන්න ? "

මම කෙළ ගුලියක් ගිල්ලෙමි.

"...උබ දැන් ඒ සේරම අමතක කරලා කොහෙවත් යන එකෙක්ගෙ ඇඟේ එල්ලිලා ඌ වෙනුවෙන් වියදම් කරනවා..."

මගේ මව සියල්ල පටලවාගෙන සිටියි. මට මුල සිට සියල්ල පහදා දෙන්නට සිතෙයි.

" මම ඔයාලට සල්ලි දැම්මා... "මම සංසුන්ව පැවසුවෙමි. "...මට ෆ්‍රෙයා කිව්වෙ අම්මට අසනීපයි කියල.මම එයාට ඩොලර් තුන්සීයක් දැම්මා... මට සති දෙකක පඩි තහනම් වෙලා තියෙද්දිත් !! මම දන්නෙ නෑ තාත්තා අසනීපෙන් කියල... "

අම්මා නිහඬම සිටියාය. " ෆ්‍රෙයා...? " ඇය මගෙන් ඇසුවේ ඉමහත් කෝපයෙනි.
"...උබ මොකටද ෆ්‍රෙයාට සල්ලි දැම්මෙ ? "

" ගෙදර ෆෝන් එක වැඩ කළේ නෑ... ඉතින් මම ෆ්‍රෙයාට කෝල් කළේ දිගටම... "

අම්මා සුසුමක් හෙළුවේය.

" උබ ඒකිට ඇඳුමක් ගන්න කියලත් සල්ලි දුන්නද ? "

" ඔව්..."

" උබ වගේ මෝඩ ගොනෙක්..."

" ...ඇයි... ? ඇයි එහෙම කිව්වෙ ?"

අම්මා යළිත් සුසුම් හෙළුවාය.

" ...අම්මේ... ඔයාලට සල්ලි මදිනම් මම එවන්නම්. තාත්තව ටවුමෙ තියන ගෙවන ඉස්පිරිතාලෙකට ගෙනියන්න. මම වියදම් කරන්නම්..." මගේ සේප්පුවේ ඇති මුදල සිතින් ගනිමින් මම පැවසුවෙමි. දෙමාපියන් වෙනුවෙන් මට එය වියදම් කිරීමට නොහැකි නොවේ !

" ඒක නෙමෙයි කාරණාව... ෆ්‍රෙයා.. ෆ්‍රෙයා පැනලා ගියා... කවුද මන්දා මිනිහෙක් එක්ක... "

" හාහ්... !!! "
මම ඇසුවේ සෝෆාවෙන් නැගී සිටිමිනි. "...මොකක් ? "

" ඔව් ඒක තමයි ඇත්ත. ඒ මෝඩි අපිට තමුසෙ එක්ක කතා කරන්න තිබ්බ සේරම පාරවල් අහුරලා සල්ලි ගරන්න ඇති ! "

මම මගේ නළල අතින් මිරිකා ගත්තෙමි.

" ෆ්‍රෙයා... එතකොට එයා එයා කොහෙටද ගියේ ? ඔයාලා හෙව්වෙ නැද්ද ?"

" කාටද ඕවට මහන්සි වෙන්න වෙලාවක් තියෙන්නෙ... ඒකිට හිතුනා... ඒකි ගියා. ගිහින් හැඳි ගෑවෙන්නෙ නැතැයි..."

" ඒත් එයා පොඩියි නෙ..." ඇය කුමනාකාරයේ මිනිසෙකු සමඟ යන්නට ඇතැයි සිතද්දී පවා මගේ දෙපා ගැහෙන්නට විය. " ...අම්මේ...ඔයාලා පොලිසියට යන්න... " මට හැඬුම් ආවේය.
"...ඔයාලා දන්නවද එයා ගිය කෙනා... ඒ කෙනාගෙ ගෙදරට ගිහින් බැලුවෙ නැද්ද ? "

" පොඩි කමට කරන වැඩ තමයි... ඒකිගෙ ඉස්කෝලෙට බැඳපු සල්ලි අපරාදෙ... "

" සල්ලි නෙමෙයි... එයා ඔයාගෙ දුවනෙ... මම පොලිසි යන්නම්..."

" උබ පොලිසි ගිහින් මොනා කරන්නද ? උබ ෆ්‍රෙයා ගැන දන්නෙ මොනවද ? "

මම නිහඬවම සිටියෙමි. මම ඇය ගැන දන්නා දෙයක් නැත. අම්මා නිහඬවම සිටියාය. මට ඇය ගැන විශාල දුකක් දැනෙයි. ඇය ෆ්‍රෙයාව ඉහේ කණේ තබාගෙන හදා වඩාගත් බව මට මතකය. ඇයට සෑම විටම හොඳම ඇඳුම් සහ හොඳම ආහාර පංගුව වෙන් විය. ඇයට ඉඩ කඩ අවශ්‍ය බව කියමින් අම්මා මගේ කාමරයත් ඇයට දුන්නාය. එහෙත් ඒ සියල්ලම සිදුවූවාට මට කමක් නැත. ඇය මගේ කුඩා නැගණියයි ! අම්මා ශෝකයෙන් සහ කෝපයෙන් සිටින බව මට වැටහෙයි. ෆ්‍රෙයා කොහේ ගියාද ? කා සමඟ ගියාද ?

" අම්මා..." මම කතා කළෙමි. මට ඇය අසලට යන්නත් ඈ බදාගන්නත් සිතෙයි.
"...මම ගෙදර එන්නද ?"

අම්මා නිහඬව සිටියාය.

" මම හිතන්නෙ නෑ ඒක හොඳ අදහසක් කියලා..."  ඇය මිමිණුවාය.

" අනේ... මම ගෙදරින් ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් වෙනවා... මට ඔයාලගෙ මූණුවත් මතක නෑ..."

" උබට ඇයි අපේ මූණු මතක තියාගන්න ඕන කෙනත් ? උබ ගෙදරින් ගියාට පස්සෙ මගේ ඔලුවෙන් විශාල බරක් නිදහස් උනා...උබට අපේ මූණු අමතකයි නම් හොඳයි... අපිට නිදහසේ ජීවත් වෙන්න පුලුවන්. උබ වගේ අසහනකාරයෙක් මේ ගෙදර පස් පාගන්න ඕන නෑ..."

මගේ කම්මුළ් වලින් පහළට කඳුළු වැගිරෙන ආකාරය මට දැනුනි. 
" අම්මා... ඔයා ඇයි මට නපුරු විදිහට සලකන්නෙ ?  මම මොනාද කළේ? මට මොකුත් මතක නෑ? ඒත් මම ඔයාට ආදරෙයි අම්මා..."

" මට ඕන ඇති ආදරයක් නෑ... මම උබට ආදරෙත් නෑ... උබ මගේ ඔලුව උඩට වැටුණු කරදරයක්... උබට ඇත්තටම නිදිවදින්න ගෑණියෙක් හිටියෙම නැද්ද ? උබ ගමේ ඉන්නකොට අර දොස්තරයගෙ පුතා එක්ක නැටුවා... දැන් තව මිනිහෙක් අල්ලගෙන...උබට මොකද වෙලා තියෙන්නෙ ?"

මගේ උගුරේ වචන සිරවී තිබුනි.

" ඔයාට තේරෙන්නෙ නෑ මට හිතෙන දේවල් ගැන... ඔයා මට ආදරේ උනානම් ආදරේ හොයාගෙන මම එක එක්කෙනාගෙ පස්සෙ යන්නෙ නෑනෙ..."
අම්මාට වචනයක් හෝ කියන්නට ඉඩ නොදී මම ඇමතුම විසන්ධි කළෙමි.

අම්මා මට ආදරේ නොමැති බව මම දනිමි. ඇය මා හා ගුලට දමා වෙඩි තැබුවේ එබැවිනි. එහෙත් මට ඈ අත්හැර දැමිය නොහැක. මම කඳුළු පිස ගනිමින් සෝෆාව මතින් හිඳ ගත්තෙමි. මම

ෆ්‍රෙයාට ඇමතුමක් ගත්තත් ඇගේ අන්තයෙන් දුරකතනය විසන්ධිව තිබුනේය.

මම යළිත් අම්මාට ඇමතුවෙමි.
" තාත්තව ගෙවන ඉස්පිරිතාලෙක නතර කරන්න. මම මගේ බැංකුවට සල්ලි දාන්නම්, ඔයා ඔහෙන් ගන්න... " යි පැවසූ මම යළිත් ඇමතුම විසන්ධි කළෙමි.

මම ෆ්‍රෙයා ගැන දන්නේ නැත ! ඇගේ මිතුරියක් හෝ ගුරුවරයෙක් හෝ ඈ ගැන විස්තරයක් අසා ගතහැකි කිසිවෙකුත් මම දන්නේ නැත. මගේ පියාට ඇති රෝගය ගැන මම දන්නේ නැත ! එය බරපතල එකක් නම් අම්මා ඔහුව නිවසේ තබාගෙන කුමක් කරනවාද ?
ෆ්‍රෙයා පැන ගියේ ඇගේ පාසල් සඟයෙකු සමගද නැතිනම් වෙනත් වැඩිමහලු අයෙකු සමගද ? ඔවුන්ට ජීවත් වන්නට නිවසක් තිබේද ?ඒ මිනිසාට රැකියාවක් තිබේද ? ඔහු සැබවින්ම ෆ්‍රෙයාට ආදරේද ? නැතිනම් ඔහු ඈ විනාශ කරාවිද ?

මට කළ හැක්කේ මුදල් යැවීම පමණකි ! මගේ මුදල් ගැනීමට මම ආපසු නගරයට යා යුතු විය !

මම දෑතින්ම මගේ මුහුණ තද කරගත්තෙමි. මගේ පෙනීම සහ ඇසීම දුර්වල වෙමින් තිබුනේය.

"... මම මොකක්ද කරන්නෙ...මොකක්ද කරන්නෙ මොකක්ද කරන්නෙ..." මම මිමිණුවේ දණහිස් අතර හිස ඔබා ගනිමිනි. මට වතුර ස්වල්පයක් ඇවැසිය. මම වතුර ෆිල්ටරය වෙත දණගාගෙන ගියෙමි. මම අතපත ගාමින් වතුර වීදුරුවක් පුරවාගෙන එක හුස්මට එය පානය කළෙමි. එහෙත් මට හොඳක් දැනුනේ නැත. මගේ උගුර වියළී ඇත. මගේ සිරුර උණුසුම් බව මට දැනෙයි. මම පසුපසට ඇදී බිත්තියට හේත්තු වූවෙමි.
මගේ හිස තුළ ෆ්‍රෙයා සහ තාත්තා ගැන මනෝ විකාර මැවුණේය. මගේ හුස්ම ගණ බවට පත්වන සෙයක් මට දැනුනි. මම ඒ ආකාරයෙන් හුස්ම අදිමින් කොතරම් වේලාවක් ගත කළාදැයි මම දන්නේ නැත.

කිසියම් මිනිත්තුවකදී මගේ මුහුණ කිසිවෙකු හෝ සියුමැළි ලෙස ස්පර්ශ කරන ආකාරය මට දැනුනි. ඒ පුද්ගලයා මාස්ටර් මොරානා නොවේ. කුඩා සිරුරක් ඇත්තා, මා බිමදිගේ ඇදගෙන ගොස් සෝෆාව මතට අපහසුවෙන් මෙන් ඔසවා දැමුවේය.
මගේ මුව විවරවන ආකාරය සහ කිසියම් ප්ලාස්ටික් කැබැල්ලක් ඒ තුළට තද විය. එයින් පිටවූ දුමාරයක් හෝ සිහින් කුඩක් මගේ උගුරට වැදී නාසයෙන් පිටවිය. මට එය ආශ්වාස කරන්නට සිදු විය. මගේ හිස මුදුනටම එහි සැර වදින ආකාරය මට දැනුනි.

මිනිත්තුවක් පමණ යන විට මගේ ඇතුළාන්තය සංසුන් විය. මම ඇස් ඇර වටපිට බැලුවෙමි. දුමාරයක් තුළින් මට මගේ ගැලවුම් කාරයායේ ඡායාවක් පෙනුනි.
" ෆ්...ෆ්‍රෙයා ? "

" ආහ්...ජීසස්... මම එයා නෙමෙයි..." මගේ පෙනීම පැහැදිලි වූ අතර ඒ ෆ්‍රෙයා නොවූවත් වෙනත් තරුණියක් විය.
මම වහාම සෝෆාවෙන් නැගිට මගේ දෙනෙත් පිස ගත්තෙමි.

" හායි..." ඇය පැවසුවාය.

මම දොර දෙස බැලුවෙමි. ඇය මේ තුළට පැමිණියේ කෙසේද ?
" ඔයා කොහොමද මේක ඇතුළට ආවෙ ? "

" අහ්... you are welcome...good sir..."

ඇය පැවසුවේ අතේ තිබූ ඉන්හේලර් උපකරණය කරකවමිනි. මම ඇයට ස්තූති කළ යුතුද ?

මම ඈ දෙස බලා සිටියෙමි. ඇය ජනේලයකින් පියඹා ආවා විය හැකිද ?

" තෑන්ක්ස්..." මම හිස කසමින් පැවසුවෙමි. මම ෆ්‍රෙයා ගැන සිතමින් සිටි නිසා මට ඈ මගේ නැගණිය මෙන් පෙනෙන්නට ඇති.

" කවුද ෆ්‍රෙයා ? ඔයාගෙ නංගිද ?" ඇය ඇසුවාය. මම හිස සෙලෙව්වෙමි.

මෙම කාන්තාව කවරෙක්ද ? ඇයට තිබුනේ ඉතා උසස් පැළැන්තියේ පෙණුමකි ! ඇගේ විලාසිතා සහ සිටගෙන සිටින ආකර්ෂණීය ඉරියව්ව මට සිහිපත් කළේ මාස්ටර් මොරානා තුළ ඇති විශිශ්ට ප්‍රභාවය යි.
ඇයට පිරුණු සඳක් වැනි මුහුණක් සහ මංගල සළුවක් තරම් දිග අතිශය කළුපැහැති කොණ්ඩයක් තිබුනි. මම ඒ සුරංගනා පෙනුම අගය කරමි. එහෙත් ඇයට තිබුනේ  අළුවන් මීදුමක් වැනි අප්‍රසන්න පිළිකුළ් සහගත දෙනෙතකි. එහෙත් ඇය දීප්තිමත් ලෙස සිනාසුනාය. දෑස් නිසා ඇගේ සුන්දරත්වය පිළිකෙව් කිරීම අපරාධයක් බව මට හැඟුණි.

" ලේඩි ටට්‍යානා... " ඇය පැවසුවේ මා වෙත සිය අත දිගු කරමිනි. එය මට ඇගේ අතින් අල්ලා සෙලවීමට කරනා ආරාධනයක් නොවීය. මම ඇගේ අත්මේස් පැළඳි අත ගෙන මුදුවක් සිපගත යුතු විය !
මම ඇය දෙස බැලුවෙමි. මට ඈ හඳුනාගැනීමට ඇවැසි නැත !
එහෙත් මම ඇගේ අත ගෙන සිප ගත්තෙමි. ඇගේ සුරත ඉතාම සුවඳවත් වූ අතර මාස්ටර් ගාබ්‍රියෙල් ගේ අනර්ඝතම විලවුන් වර්ගය  තෙවැනි තැනට වැටුණි.

" ඔයා ? ඔයා මෙතන අලුත් මැනේජර් ද ? සුපර්වයිසර් ද ? " ඇය ප්‍රශ්න කළාය.

මම ඇය දෙස කට ඇරගෙන බලා සිටියෙමි.

" ඒ කවුරුවත් නෙමෙයි..." මම පැවසුවෙමි.

" ඔයා ඇතුළට ආවෙ කොහොමද ? "

" මේක ඇතුළට ?? හහා...හහහහ්හහා...." ඇය කොක් හඬලා සිනා සුනාය.

"... I have the finger print access..."

මම හිස සෙලෙව්වෙමි.
ඇය මාස්ටර් මොරානාගේ මේසය වෙත ඇවිද ගියාය.

" ලේඩි ටට්‍යානා... එතනට යන්න එපා..." මම ඇගේ මග අහුරමින් පැවසුවෙමි. 

ඒ අසුනේ හිඳ ගැනීමට ඇය කවුද ? මම ඊට කැමති නැත.
ඒ මාස්ටර් මොරානාගේ අසුනයි...
දැන් එය මාස්ටර් මොරානාගේ සහ ඔහු නොමැති විට මගේ අසුන යි.

අනෙක එතැන මොනිටර් කිහිපයක් සම්බන්ධ කර ජාලයක් සකසා තිබූ අතර මම පිළිවෙළට තබාගත් සටහන් අවුල් වනවාට මම කැමති නැත !

ඇය මා දෙස කරදකාරී ලෙස බලා සිටියාය.
" මම කොහෙන්ද එහෙනම් ඉඳගන්නෙ ?"

එය මම දන්නේ නැත. මට අදාලත් නැත. මම සෝෆාව වෙත ඇඟිල්ලක් දිගු කළෙමි.

" ජීසස්... තමුන් ආර්යාවකට සළකන්නවත් දන්නෙ නැද්ද ? "

මම හිස සෙලෙව්වෙමි. " මම මෙතුවක් කාලෙකට ආර්යාවක් දැකලා නෑ... ඔයා ආර්යාවක් ද ? " මම ඇසුවෙමි. ඇගේ දෙනෙත් වල කෝපයේ සළකුණු මම දුටුවෙමි.

" ඒක ජරාවක්... මොරානා ඒක උඩ කොල්ලො එක්ක හු$$වා කියල මම දන්නව... ඊයා... ලේඩි කෙනෙක් කොහොමද එතන ඉඳගන්නෙ ? "

" එහෙනම් ඔය නෝනා ඉඳගන්න සුදුසු තැනක් හොයාගෙන යන්න... නැත්තන් ඔය බිමින් කොහේ හරි ඉඳගන්න..."

" අහ්..." ඇය පැවසුවේ ඇගේ ලය මතින් අතක් තබා ගනිමිනි. " ...ජීසස්... what a rude f*ck..."

මම ඉක්මනින් ඇවිද ගොස් මාස්ටර් මොරානාගේ කැරකෙණ පුටුවෙන් හිඳ ගත්තෙමි.

" මම ලේඩි ටට්‍යානා... ඔයා තවම මම කවුද කියල දන්නෙ නැතුව ඇති..." ඇය මා වෙත ඇවිද එමින් පැවසුවාය. ඇය මේසය මතින් හිඳ ගෙන සුරුට්ටුවක් දල්වා ගත්තාය. ඉන්පසුව මා වෙත සුරුට්ටු පෙට්ටිය දිගු කළාය. මම කාරුණිකව එය ප්‍රතික්ෂේප කළෙමි. මට තවමත් හොඳක් දැනෙන්නේ නැත.

" ඔයා ද මොරානගෙ අලුත් බෝයි ?" ඇය ඇසුවාය. මම හිස සෙලෙව්වෙමි.

"...හ්ම්..." ඇය දුම් ඉහළට අදිමින් මා දෙස බලා සිටියාය. "...මම බලාපොරොත්තු උනාට වඩා වෙනස්... මට ආරංචියි මොරානා තමුන් ට ඇත්තටම කැමතියි කියල... " ඇය මගේ නිකටින් අල්ලා සෙමින් සෙලවූවාය.
" ...ඔයා කියුට්... අනිත් අයට වඩා වෙනස්..."

මම ඇය දෙස බලා සිටියෙමි. ඇය මගේ හිසකෙස් සහ මුහුණ අල්ලා බැලුවාය.
"... let's be friends... ok ? "

" අනේ මන් දන්නෙ නෑ..."මම පැවසුවෙමි. ඇය සිනාසුනාය .

" ඔයාට පැනික් ඇටෑක් එනවද ? මටත් එනවා..." ඇය පැවසුවේ ඇගේ අතේ තිබූ ඉන්හෙලර් එක මගේ අතට දෙමිනි.
"... ඔයා කවද හරි ඩොක්ටර් කෙනෙක්ට ඕක කියන්න උත්සහ කරල තියනවද ? " ඇය ඇසුවාය. මම හිස සෙලෙව්වෙමි.

" මම උත්සාහ කලා... ඒත් ඩොක්ටර්ස්ලට ඒක පේන්නෙ නෑ..." ඇය පැවසුවේ මුව උල් කරගනිමිනි. " ...මම මේක හදාගත්තා... මේ පව්ඩර් එක  නියමයි පැනික් ඇටෑක් වලට..."

" ඔයා ෆාමසිස්ට් කෙනෙක් ද ?"
මම ඇසුවෙමි.

ඇය උස් හඬින් සිනා සුනාය. " ඔයා හරි විහිලුයි නෙ... මම මොනාවත් කරන්නෙ නෑ... ඔයා මොනාද කරන්නෙ ?"

ඇය මගේ උරහිස මතින් පරිගණකය වෙත එබී බැලුවාය. මගේ ගෙලෙහි වූ රෝම ඉහළට එසවෙනු මට දැනුනි.  "...ඔයා ඔය මොනාද කරන්නෙ ?"

තිර මත තිබෙන එකේ සහ බිංදුවේ විශාල ඉලක්කම් ඇයට හිසේ ඇම්ම හදවනු ඇත.

" වාආආආආආආආආ...." ඇය එක දිගටම ඇදගෙන ගියාය. මම ඇය දෙස බැලුවෙමි.

" ඔයා හැකර් කෙනෙක්ද ? සෝඕඕඕ කූඌඌඌල්ල්ල්ල්.... "

ඇගේ හැසිරීම මට අපහසුවක් ගෙන ආවේය.
එහෙත් ඇය කතා කරන විට මට මගේ නැගනිය ෆ්‍රෙයාව සිහිපත් විය.

" නෑ නෑ මම එහෙම කෙනෙක් නෙමෙයි..."

" නැත්තෙ මොකද ? ඔයා හැක් කරනව නේද ඔය ? මටත් උගන්වන්න බැරිද ?" මගේ ගෙලේ එල්ලෙමින් ඇය ඇසුවාය. මම තිගැස්සුනෙමි.

" මම හැක් කරපු එකක් හරිගස්සන්න තමයි හදන්නෙ..." මම පැවසුවේ ඇගේ අත් ඉවත් කරන්නට උත්සාහ කරමිනි.

අවසානයේ මම අසුනෙන් නැගිට්ටෙමි. ඇය ජයග්‍රාහී ලෙස එහි හිඳ ගත්තාය. මම පරාජිතව ඒ දෙස බලා සිටියෙමි.

" දැක්කනෙ... ආර්යාවො දන්නව එයාලට ඕන දේ කොහොම හරි ගන්න..."

" මගේ වැඩ අදින්න එපා..." මම පැවසුවේ ජංගම දුරකතනය අතට ගනිමිනි. මාස්ටර් මොරානා ට අමතා ඔහුගේ කාර්යාලයට පිස්සු ආර්යාවා කඩාවැදී සිටින බව පවසන්නට මට ඇවැසිය.

" ගිහින් මට වයින් වීදුරුවක් අරන් එනවා කොල්ලෝ..." ඇය මට අණ කළාය.

" ඔයාට ඕනනම් ගිහින් ගන්න නෝනා..." මම පැවසුවෙමි. ඇය මගේ කීබෝඩයට අත් තැබූ අතර මම වහා පරාජය බාර ගත්තෙමි.

" ප්ලීස් නෝනා... මන් කිව්වෙ ආර්යාව... ඔයාගෙ අත් මගේ කම්පියුටර් වලින් අහකට ගන්න...මම ඔයාට වයින් අරන් එන්නම්..."

මම පුස්තකාල කාමරය තුළට ගොස් වයින් බෝතලයක් සහ වීදුරුවක් රැගෙන ආවෙමි. ඒ ඈෂ්වින්ගර් විසින් මට ලබාදුන් ඉස්තරම් ගණයේ ඉතාලි වයින් වර්ගයකි.

මම ඇයට වයින් වත් කළෙමි.

ඒ සමඟම දොර විවර කරගෙන මාස්ටර් මොරානා කාමරය තුළට පැමිණියේය.
ලේඩි ටට්‍යානා මදක් කලබල වුවත් ඇය අසුනෙන් නැගිට්ටේ නැත. මම ඇගෙන් පසෙකට වූවෙමි.

" හෙලෝ ලූනා... මම මේ අපේ අලුත් යාළුවාට හායි කියන්න ආවා..."

"Nope... you are the last fucking one who I needed to see around us now ! ." මාස්ටර් මොරානා සිය හඬ සංසුන්ව තබාගැනීමට උත්සාහ කරමින් සිටියේය.

"... මගේ ඔෆිස් එකෙන් යනවා යන්න..." ඔහු පැවසුවේ මේසය වෙත පැමිණෙමිනි. මට ඔහු කෝපයෙන් සිටින බව වැටහෙයි. ලේඩි ටට්‍යානා ගල් ගෙඩියක් මෙන් නොසොල්ව සිටිමින් සංසුන්ව වයින් වීදුරුව තොල ගෑවාය.

" ඔයාට මොකද වෙලා තියෙන්නෙ ? අපි මේ ටිකක් කතා කළා විතරයි... "

මාස්ටර් මොරානා මා දෙස බැලූ අතර මම තිගැස්සුනෙමි.
" ඔයා හොඳින්ද ? " ඔහු ඇසුවත් මගේ පිළිතුර ගැන ඔහු සැලකිලිමත් වූවේ නැත.

ඔහු ලේඩි ටට්‍යානා ගේ අතකින් ඇද අසුනෙන් නැගිට්ටවා ගත්තේය.
" යමු..."

" මම පපාට කියනව... " ඇය කෑ ගැසුවාය.

මාස්ටර් මොරානා ඇය ඇදගෙන කාමරයෙන් එළියට ගමන් කළේය. මම ඈ පසුපස යාමට උත්සාහ කළත් දොර අසල සිටි බෙවලි එය වළක්වාලූවේය.

" එයා මට මොකුත් කළේ නෑ... " මම පැවසුවෙමි.

" හහා... එහෙනම් හොඳයි..." බෙවලි පැවසුවේය.

"... thats a fucking snake bit.ch..."

" මම යනවා..." මම සෝපානය වෙත ගියේ මාස්ටර් මොරානා ඇයට කුමක් කරාවිදැයි සැකයෙනි.

හිස්ව තිබූ ප්‍රධාන කාර්යාලය තුළ සිට ඔවුන් රණ්ඩු වන ආකාරය මම දුටුවෙමි.

" මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා..." මාස්ටර් මොරානා කෑ ගැසුවේය.

" කවුද  ඇඟිලි ගැහුවෙ... මට නිකන් බලන්න විතරයි ඕන උනේ... මොන මගුලක්ද ? ඉඳපන්කො මම පපාට කියනකම්..."

" කියල බලපන්... මට උබේ මේ ගතිය එපා වෙලා තියෙන්නෙ ටට්‍යානා... අනවශ්‍ය දේවල් නොකර සතුටින් ජීවත් වෙනවකො මේවගෙන් ඈතට ගිහිල්ලා..." මාස්ටර් මොරානා පැවසුවේය.

" උබ මහා නපුරු මිනිහෙක්... උබට ඕනද මම මැරෙනව දකින්න...උබ එහෙම කිව්වද ? " ඇය අසද්දී මම ගල් ගැසුනෙමි.

"ඔව්... උබල ඔක්කොම එකපාර මැරිල ගියානම් මට රෑට සැනසිල්ලෙ නිදාගන්න පුලුවන්..." මාස්ටර් මොරානා නපුරු ලෙස පැවසුවේය.

" අපායටම පලයන්... ඌරා... "
ලේඩි ටට්යානා හඬන්නට පටන් ගත්තාය.

" ඔහ්...ෆකෝෆ්..." මාස්ටර් මොරානා ආපසු හැරුණේය. අපගේ  දෙනෙත් එකිනෙක ගැටුනේය. හඬමින් සිටි ආර්යාව ඔහුට පසුපසින් අත ඔසවන බව මම දුටුවෙමි. ඇය මාස්ටර් මොරානා ට පහරක් දුන්නාය. මාස්ටර් මොරානා ආපසු හැරී ඇගේ දෑත් ඉහළට කර අල්ලා ගත්තත් ඇය ඔහුගේ පපුව බරවී සපා කෑවේය.

" oh my fu.cking goddd...." ඒ වේලාවේ එතැනට පැමිණි බෙවලි පැවසුවේය.
මාස්ටර් මොරානා ඇය පසුපසට තල්ලු කළාය.
එහෙත් ඇය වියරු වැටී ඔහුව සපන්නට සහ සූරන්නට උත්සාහ කිරීම නතර කළේ නැත.

බෙවලි ඉදිරියට පැන ඇගේ එක් අතකින් අල්ලා පසුපසට ඇද ගත්තේය.
මාස්ටර් මොරානා අනෙක් අතෙන් අල්ලාගෙන සිටි අතර ඇය ඔහුගේ උරහිසක් සපා කන ආකාරය මම දුටුවෙමි.

එහෙත් ඇගේ දෙනෙත් හිස්ව තිබුනේය. ඇය තමා කරන දේ නොදුටුවාය.
ඔවුහු ඈට සංසුන් වන ලෙස කෑ ගැසුවෝය.
ඇයට එය ඇසුනේ නැත. ඇය කෝපයෙන් සිටියාය. එසේම ශෝකයෙන් සිටියාය.

මට එය හඳුනාගන්නට හැකිය. මම ඊට මුහුණ දෙමි !
ඇය " panic attack " ලෙස හැඳින්වූවේ එයයි. එහෙත් එය එසේ නොවන බව මම දනිමි. ඇය මා වැනි අයෙකි ! නොදන්නා භීතියකට මුහුණ දෙන අයෙකි.

මගේ අතේ ඇය දුන් ඉන්හේලර් එක ගුලිව තිබුනේය.

ඇය දඟලමින් බිම හිඳගත්තාය.
මම අපහසුවෙන් ඇගේ මුවට ඉන්හේලර් එක තබා තද කළෙමි. තෙවරක් තද කරන විට ඇය සම්පූර්ණයෙන්ම අප්‍රාණිකව මාස්ටර් මොරානාගේ උරහිසට බර වූවාය. ඇය ඔහුව බදාගෙන සිටියාය. මම ඒ දෙස බලා සිටියෙමි.

" ශිට්... " ඔහු ශාප කළේය. " මෙයාව ආව දිහාටම අරන් යන්න..."

ඔහු පැවසුවේ ඈව බිමින් තබමිනි. කොහෙදෝ සිටි ගෝලියාත් කාර්යාලයට පැමිණ සිටියේය.

" මොකද බලන් ඉන්නෙ... මෙයාව ගෙනියනවා..." මාස්ටර් මොරානා ඔහු ට කෑ ගැසුවේය.
"...තමුසෙ මොනවද මෙතන කරන්නෙ... ගිහින් එළියට යන්න ලෑස්ති වෙනවා..." ඉන්පසුව ඔහු මට කෑ ගැසුවේය. එහෙත් මට ලේඩි ටට්‍යානා අසලින් ඉවත් වීමට සිතුනේ නැත.
ඇය අසරණ බව මට සිතුණු අතර අනෙක් අතට මට ෆ්‍රෙයාව සිහිපත් විය...

" මාස්ටර්... මම එයාව එක්කගෙන යන්නම්..."

" ඔව් එක්කගෙන යන්න... හැබැයි ආපහු මන් ළඟට එන්න එපා..." යි පැවසූ ඔහු කාර්යාලයෙන් පිටතට ඇවිදගෙන ගියේය.

" මාස්ටර් ළඟට යන්න..." බෙවලි පැවසුවේය. එහෙත් මම ලේඩි ටට්‍යානා දෙස බැලුවෙමි.
ඇය නිදමින් සිටියාය.

" එයාව කොහෙටද අරන් යන්නෙ ?" මම ගෝලියාත් ගෙන් ඇසුවෙමි.

" ක්ලබ් එකට තමා... උතුමාණන්ගෙ පෞද්ගලික ගෙදරට..." ගෝලියාත් පැවසුවේ ඈ ඔසවා ගනිමිනි.

" තමුසෙලාට පිස්සුද ? මැරුම් කන්න ඕනද ?" කොහෙදෝ සිට එතැනට කඩා පහත් වූ මාස්ටර් ගාබ්‍රියෙල් කෑ ගැසුවේය.
"  ... මොන මගුලක්ද කළේ... ? මේ පිස්සු හු$$ව අරන් එනව මගේ කාමරේට... පපා දැනගත්තොත් උබල අපි සේරම ඉවරයි..."

ගෝලියාත් ඈ ගෙන ගොස් මාස්ටර් ගාබ්‍රියෙල් ගේ ඇඳෙන් තැබුවේය.

බෙවලි කෝපයෙන් ගාබ්‍රියෙල් ට පිඹින ආකාරය මම දුටුවෙමි.
" තමුසෙ දන්නව මේකෙ බරපතලකම... ඒ නිසා බොරුවට මගේ කසාද ගෑණි වගේ හැසිරෙන්න එපා..." ගාබ්‍රියෙල් ඔහුට පවසන ආකාරය මම බලා සිටියෙමි.

" උබලා මොනවද බලන්නෙ... පලයල්ලා යන්න මෙතනින්..." මාස්ටර් ගාබ්‍රියෙල් අප වෙත කඩා පැන්නේය. ගෝලියාත් සහ මම කොරිඩෝවට වීසි වූවෙමු.

You are reading the story above: TeenFic.Net