39. ප්‍රදර්ශනය

Background color
Font
Font size
Line height

ගාබ්‍රියෙල් විශාල යහනෙන් නැගිට නාන කාමරයට තුළට ඇවිද ගියේය.
ඔහුට දීර්ඝ ,උණුසුම් ස්නානයක් ඇවැසි වූ නිසා ඔහු නාන බේසම පිරෙව්වේය.

" මමත් එන්නද ?" විශාල යහන මත සිටි අයෙකු විදේශීය භාෂාවකින් ඇසුවේය.

" මම හොඳින්..." ගාබ්‍රියෙල් පැවසුවේ නාන බේසමේ අදහස අත් හැරගෙන ශවරය යටට පැමිණෙමිනි.

" උදේ කෑමට ඉන්නවද ? "

" bitch, its 3'O clock... so fucking early... wtf are you talking about ? " ගාබ්‍රියෙල් සිතින් බැණ වැදුනේය.

ඔහුට ඉක්මනින් මෙයින් පිටව යාමට ඇවැසි නිසා කලබලය නොපෙනෙන පරිදි ඉක්මනින් ඇඳුම් ඇඳගත්තේය.

" දැන්ම යනවද ? "

" ඔව්... මේ දවස් වල අපි බිසී..."

"හ්ම්ම්ම්ම්... මටත් හෙට දිහාවට වතුයායට එන්න හිතෙනවා..."

ගාබ්‍රියෙල් දත් මිටි කමින් සිනාසුනේය. " හේ හේ හේ..." ඔහු සිය හිසකෙස් යන්තමින් පීරාගෙන උණ්ඩි කොට බැඳගත්තේය. හොඳින්ම දන්නා කෙනෙක්‍ට හැර ඔහුගේ රිදී පැහැති දෙනෙත් සහ සකසන ලද මුහණේ හැඟීම් හඳුනාගැනීමට අපහසුය. ඒ වාසිය ගෙන ඔහු සිය කෝපයත් අපුළත් කරදරකාරීබවත් පිට කළේය.

"...ක්ලබ් එක වැඩ නේද මොනා උනත් ?"

" ඔව් ඔව්...ඒවා වහලා කොහොමද ? හෙ හේ..."

" මොරානට කොහොමද ? "
ගාබ්‍රියෙල් ඇය දෙස බලා සිටියේය.

" ආය පටන් ගන්න නම් ලෑස්ති වෙන්න එපා ටට්‍යානා...! "

" ආය ?! " ඇය ඇසුවේ ඇඳෙන් හිඳ ගනිමිනි. ගාබ්‍රියෙල් මේස් නොපැළඳම සපත්තු පැළඳ ගත්තේය.

"...ආය පටන් ගන්න කියන්නෙ මොකක්ද ? ආය පටන් ගන්නෙ එක වතාවක් ඉවර උනානම් නෙ... එහෙම එකක් ඉවර උනාද ?"

ගාබ්‍රියෙල් සැබෑවටම කෝපයට පත් වූවේය.

" අපිට මේවා බිස්නස් විතරයි... ඒ හැර මොරානට තමුන් ගැන කිසිම ආසාවක් නෑ... තමුන්ගෙ හිතේ තියන දේ එක්ක ඩීල් කරන එක තමුසෙගෙ වැඩක්...
ඒ මනුස්සයාගෙ ඔලුව ඕනාවටත් වඩා පැක් වෙලා තියෙන්නෙ දැන්. ගිහින් උගේ ඔලුව කන්න හැදුවොත් අම්මප මම උබව මරනව මගේ මේ අත් දෙකෙන්ම..."

" හා හා හා lamoo..."

" ඥැමෝ... තමයි... He has a man now. He is serious..."

" හා හා... මන් දන්නෙ නැති මොරානගෙ පාට්නර්ස්ලා..." ඇය ඇඳෙන් නැගිට සිනිදු කබායක් ඇඳගත්තාය. ඇය කතා කළේ වීදුරුවකට වයින් වත්කරමිනි.
"...පපා මට කිව්වා එයා ෆියුරියෝසගෙ ජොබ් එක බාර ගත්තා කියල..."

ගාබ්‍රියෙල් හිස සෙලෙව්වේය.

" මොරානා ප්‍රාර්ථනා කරනව අද හෙටම ඒ ගෑණි මැරිලා යයි කියල... "

" ඇත්තට ?"

" ඔව්...තව එයා ප්‍රාර්ථනා කරනව තමුසෙයි ,පපායි දෙන්නත් ඉක්මනට මැරිල යන්න කියල... " ගාබ්‍රියෙල් දොර අසලට ගොස් පැවසුවේය.

ගැහැණිය සුසුමක් හෙළුවාය.

" එයා එහෙම කිව්වද ? "

ගාබ්‍රියෙල් නිහඬවම සිටියේය.

" ඒක මහ නපුරු දෙයක්... මොරානා මහ දුෂ්ට මිනිහෙක්... උබ...උබත් ඊට දෙවනි නෑ... උඹල අපායටම යන්ඩ ඕන... "

ගාබ්‍රියෙල් නිහඬවම කාමරයෙන් පිටතට ගියේය. ඇගේ අතේ තිබූ වීදුරුව උඩින් පැමිණ දොරෙහි ගැටී බිඳෙන හඬ ගාබ්‍රියෙල් ට ඇසුනි.

" බැල්ලි..." ගාබ්‍රියෙල් සිතුවේය. ඉන්පසු මොරානා ගැන කෝපයෙන් සිතුවේය. ඔහුට මෙවැන්නන් නිහඬ කරන්නට තිබුනේ කාලයකට පෙර දීය. ඉන්පසු ගාබ්‍රියෙල් ඔවුන් දෙදෙනා ගැනම කෝපයෙන් සිතුවේය.

"ඔවුන්ට" මෙවැනි මිනිසුන් ඉවත් කරන්නට තිබුනේ නියපොත්තෙන් කඩා දමන්නට හැකි තරම් ළපටි කාලයේදීය. නමුත් දැන් ඔවුන් ගස් මෙන් වැඩී මුල් වලින් පොළවේ ගැඹුරුම ස්ථර අල්ලාගෙන සිටියි. ඔවුන්ව පසුබිමෙන් ඉවත් කිරීම දැන් පහසු නැත.

ඔහු ඒ නිවසේ දොරකඩට කෙළ ගසා ආරක්ෂක කැමරාවට මැද ඇඟිල්ල පෙන්වූවේය. ඇය එය දකිනු ඇත.
මෝටර් රථයට ගොඩ වූ පසු ඔහුට වතුයායට ගොස් නියමාකාරයෙන් ස්නානය කරන තුරු ඉවසුමක් නොවීය.

කොන්ක්‍රීට් බන්කර් නිවසට පැමිණි පසු ගාබ්‍රියෙල් ට නිදහසක් දැනුනි. ඔහු සෝපානයේ ඉහළට එන අතර තුර තමා මේ නිවස ඉදි කරන්නට හේතුව කල්පනා කළේය.
ඔහු එය ඉදි කළේ ඔහු සහ මොරානා පවුල් වූ කළෙක නිවඩු නිවසක් ලෙස භාවිතා කරන්නටය. එහෙත් එය දැන් කාර්යබහුල කර්මාන්තපුරයක් බවට පත්ව තිබෙයි !!
ඔහුට දූ දරුවන් රාශියක් හදා වඩා ගන්නට සිහිනයක් තිබුනි. එහෙත් තවමත් ඔහු ධනවත් කාන්තාවන්ගේ සහ පිරිමින් ගේ මනදොළ සපුරන නිකන්ම නිකන් මිනිසෙකි ! මොරානාට හැඟෙන ආකාරය ඔහුට වැටහෙයි. එය අපුළ් සහගත හැඟීමකි.

ඔහු මොරානාගේ කාර්යාලයට ගොස් ඔහුගේ කාමරයට එබී බැලුවේය. කෙනත් පැමිණ ඇති සෙයකි. දින තුනකට පමණ පසු මොරානා නිදමින් සිටින ආකාරය දුටු ගාබ්‍රියෙල් සැනසුම් සුසුමක් හෙළුවේය.

ඔහු කාමරයට බාගෙට ඇඳුම් ගලවමින් සිය කාමරයට ගියේය. බෙවලි අසුනක් මත නිදා වැටී සිටින ආකාරය ඔහුට පෙනුනු අතර ඔහුගේ ශබ්ධ කිරිම් නිසා ඔහු අවදි වූවේය.

" ඇඳට ගිහින් නිදාගන්න..." ඔහු බෙවලිට පැවසුවේය.

" මම බාත් එකක් රෙඩි කළා..." බෙවලි පැවසුවේ වැනෙමින් නැගී සිටිමිනි. ඔහු මේ සතිය පුරාවටම වෙහෙස වූවේය. එහෙත් සෑම විටම මෙන් ඔහු තමා එන තුරු බලා සිටි බව ගාබ්‍රියෙල් දනියි. ඔහු උණුසුම් නාන බේසමට බැස ඒ තුළ ගිලුනේය. එය සුවඳවත් වූ අතර ඔසු මිශ්‍රණයක් ඊට එක් කොට තිබුනේය.

මද වේලාවකින් බෙවලි දොරෙන් එබී ඇතුළට පැමිණියේය.

" ඔයාගෙ කකුල් මිරිකන්න ද ?" ඔහු ඇසුවේය.

" මම හොඳින්...මගේ කොල්ලා දැන් ගිහින් නිදා ගන්න..."

බෙවලි ඇඳට වැටෙන හඬ ඔහු අසා සිටියේය. මෙවැනි අවස්ථා වලදී ඔහු තමාට මුහුණ දෙන්නට අකමැති බව ගාබ්‍රියෙල් දැන සිටියේය. ඔහු දෙස බැලීමට ගාබ්‍රියෙල් ද කැමති නැත. ඔහු තමා දෙස බලා සිටින විට ගාබ්‍රියෙල් ට වරදකාරී බවක් දැනෙයි.
ඊළඟට පැමිණෙන්නේ බෙවලි තමාගෙන් පලි ගන්නටත්, සිත රිදවන්නටත් සිතමින් තමා මෙන්ම කටයුතු කරන්නට යාමයි. බෙවලි පපාගේ ප්‍රියතම තරුණයෙකි. ඔහුගේ සුන්දරත්වය සහ කීකරුබව නිසා නිරන්තරයෙන්ම පපාගේ ලැයිස්තුවේ ඉහළ තැනක් ඔහු හිමි කරගත්තේය. එනම් ඔහුට ඉහළ පෙලේ ගණුදෙනුකරුවන් හිමිවේ !

තමා සහ බෙවලි අතර ඇති සම්බන්ධය සෑම අතකින්ම විවෘත්ත වූවක් විය. දෙදෙනාම එළිපිටම වෙනත් පුද්ගලයන් සමඟ සංවාසයේ යෙදුනෝය. එහෙත් එකිනෙකාගෙන් ජීවත් වීමට ඔවුන්ට නොහැක. ගාබ්‍රියෙල් සහ බෙවලි නිතරම එකිනෙකා සොයා ආවෝය.
ඔවුන් එකිනෙකාගෙන් මුදල්, ප්‍රීතිය හෝ ආශ්වාදය බලාපොරොත්තු නොවන බවත් ඔවුන් ඊටත් එහා ගිය ගැඹුරු දෙයක් බලාපොරොත්තු වන බව ගාබ්‍රියෙල් ට වැටහෙයි.

ඔහු නිදන කාමරයට ගොස් සිරුර තෙත මාත්තු කර ගත්තේය. කුඩා කණප්පුවක් මත කුඩා උණුසුම් ප්ලාස්කුවක* ( උණු වතුර බෝතලයක්) සහ හිස් සුප් භාජනයක් තිබුනි.

" බාර්ලි කැඳ..." ඔහු සිනා සුනේය.
බෙවලි එය දැන සිටියේය. ගාබ්‍රියෙල් අවුරුදු දා හතරේදී පමණ සොනොෆෝක් වෙත පැමිණියේ බාර්ලි වගාකරන පෙදෙසක සිටය. බාර්ලි ඔහුගේ ප්‍රියතම ආහාරය නොවේ. නමුත් එය ආහාරයට ගන්නා විට ඔහුට උණුසුම් සුවපහසු බවක් දැනෙයි. ඔහුට ප්‍රීතියක් දැනෙයි.

" බෙවලි... ස්තූතියි..."

බෙවලි නින්දෙන්ම ඔහුට කිසිවක් පවසා අනෙක් පසට හැරුණේය. පොරෝනයෙන් පිටතට පැන තිබූ ඉදමුණු පාදයක් එළියට ගත් ගාබ්‍රියෙල් එය මිරිකන්නට වූවේය.
" ආ.... ගෝඩ්ඩ්ඩ්...." බෙවලි මිමිණුවේය.

" එක දිගට හිටගෙන ඉන්න එපා නහර වැල් පෑදෙයි..." ඔහු පැවසුවේය.

එහෙත් සනීපයට කෙඳිරි ගෑවා මිස ඔහුට එය ඇසුණු බවක් පෙනුනේ නැත. බෙවලි සම්පූර්ණයෙන්ම නින්දට වැටෙන තුරු ගාබ්‍රියෙල් ඔහුගේ සිරුර සම්බාහනය කළේය. ඔහු සිහින් හඬින් ගෙරෙව්වේය.

ගාබ්‍රියෙල් නින්දට වැටෙන්නට පෙර බෙවලිගේ මුහුණ සිප ගත්තේය.
" I love you doll...! " ඔහු පැවසුවේය. බෙවලිගේ ගෙරවීම නතර විය. ඔහු සෙමින් ඇස් ඇර ගාබ්‍රියෙල් දෙස බැලුවේය.
" කරුවලේ අවතාරයක් වගේ මගේ මූණට එබිලා ඉන්න එපා මාස්ටර් , මට බය හිතෙනව..." ඔහු පැවසුවේය.

"හහා... සොරි සොරි... "
ගාබ්‍රියෙල් අනෙක් පසට හැරී දෙනෙත් පියා ගත්තේය. බෙවලි ඔහුගේ බාහුවක් සිප ගන්නා ආකාරය ඔහුට දැනුනි. " I love you too master..."
ගාබ්‍රියෙල් සිනාසුනේය.

ඔහු නිදාගන්නට උත්සාහ කළේය. බාර්ලි රස ඔහුගේ මුවේ තිබුණු අතර එය දීප්තිමත් සරත් සෘතුවක දිනයක් ඔහුට සිහිපත් කරවීය.

ඒ ඔවුන් බාර්ලි නෙළූ අවසන් දිනයයි. ඔවුන්ට බාර්ලි නිධානයක් පහලව තිබුනේය ! ගම්මානයේ මිනිසුන් සියළුදෙනා පාහේ කෙළවරක් නොපෙනෙන වෙල් යායට එක්ව උත්සවශ්‍රීයෙන් යුතුව සිටියෝය.

එන්සෝ ගාබ්‍රියෙල් සිය පියා සමඟ කපා ගොඩ ගසන ලද බාර්ලි ගොඩක් අසල සිටගෙන සිටියේය.

එක්වරම විශාල ශබ්ධයක් සමඟ යමක් සිය කණ අසලින් පියඹා යන ආකාරය එන්සෝට දැනුනේය. එහි ශක්තිය කොතෙක්ද යත් ඔහු බිම ඇද වැටුණේය. ඔහුට පෙනුනේ තමා අසලම ලේ වගුරුවමින් තම පියා වැටී සිටින ආකාරයයි !
ඔහුගේ රිදී පැහැති දෙනෙත් භීතියෙන් විශාල ව නොසැලී තිබෙන ආකාරය ඔහු දුටුවේය. මිනිසුන් කෑ ගසන හඬත් පිපුරුම් හඬවල් රාශියකුත් ඔහුට ඇසුණේය. එන්සෝ නැගිට බැලීමට හෝ බියෙන් එලෙසම වැතිර සිය පියා දෙස බලා සිටියේය.

එදින සතුරු හමුදා විසින් ඔහු ජීවත් වූ ගොවි ගම්මානය සමූල ඝාතනය කර අස්වනු සහ සතුන් පැහැර ගන්නා ලදී !

එන්සෝ ඔහුගේ මවගේ සහ සොහොයුරියන් දෙදෙනෙකුගේ මළ සිරුර දුටුවේය.
ජීවත් වූ දරුවන් වහල් වෙළෙදුන්ට විකුණා දමනු පිණිස සොනොෆෝක් වෙත ගෙන ගියේය.. නගරයේදී ඔහුට සිය සත් හැවරිදි කුඩා නැගණිය මග හැරුනේය.

ඔහුව මිලට ගත් වහල් ස්වාමියාට,
සුදු පැහැති ඇස්, සම සහ කොණ්ඩය නිසා එන්සෝ ගාබ්‍රියෙල් ගේ ඇලි පෙනුම ගැන කුතුහලයෙන් යුතු වූවෝය. ඔහු එබඳු අයෙකු කිසි දිනක දැක තිබුනේ නැත.
ගාබ්‍රියෙල් ඔහුට අමුතු සතෙකු විය.
ඉතින් මුලින්ම ඔවුන් එන්සෝ ගාබ්‍රියෙල් ව කූඩුවක් තුළ දමා නගරය මැද ප්‍රදර්ශනය කර මුදල් සෙවුවෝය. එය ඉතා ජනප්‍රිය සර්කස් අංගයක් විය. ඊළඟට උසස් පැළැන්තියේ නගර වැසියන්ට ඔහු සිරුර තුළ ගමන් කරන ලේ සුදු පාටදැයි බලන්නට ඇවැසි විය. ඉතින් ඔවුන් මුදල් ගෙවා ඇලි දරුවාට තුවාල කර බැලුවෝය.

සිය පවුල මියගිය කම්පනයෙන් පීඩා වීම නිසා තාවකාලිකව ගොලු බවට පත්ව සිටි තමා වේදනාවෙන් පීඩිතව හැඬූ ආකාරය ගාබ්‍රියෙල් ට සිහිපත් විය !

ගාබ්‍රියෙල් තිගැස්සී ඇඳෙන් ඉඳගත්තේය. ඔහු වහාම නාන කාමරයට ගොස් බාර්ලි කැඳ වමනය කොට කට සෝදා ගත්තේය.

ඉන්පසු සඳළුතලයට පිවිස දුම් වැටියක් දල්වා ගත්තේය.

එය එසේ විය. ඔහුට වඩාත් සැනසීම ගෙන දෙන දෙයම ඔහුව මාරාන්තික භීතිය සහ වේදනාව ගෙන ආවේය. ඔහු තමාට ශාප කර ගත්තේය.
ඔහු තවමත් සිටින්නේ කූඩුවකය. වෙනස නම් එය දෙනෙත් වලට නොපෙනීම පමණකි. ඔහු තවමත් පීඩිතයෙකු විය !

==========================================

මම උදෑසනම අවදි වූවෙමි. මාස්ටර් මොරානා නිදා සිටින අකාරය දුටු විට මට ඔහුව අවදි කරන්නට සිතුනේ නැත. මම ඔහුට හොඳින් පොරවා නළලට හාද්දක් දුන්නෙමි.
මම බොක්සිං පුහුණුවන ඇඳුම ඇඳගෙන මුළුතැන්ගෙයට ඇමතුමක් ලබා දී තේ ගෙන එන ලෙස පැවසුවෙමි. වතුයායේ සිටින නිසා මම බාරගත් රාජකාරිය හමාර කළ යුතුය. මට ඒ වෙනුවෙන් කොතරම් දුරක් යන්නට සිදු වේදැයි මම නොදැන සිටියෙමි.

මාස්ටර් මොරානාගේ කාර්යාල මේසය අසල උස් අඩි සහිත සපත්තු සහ කාන්තා පාවහන් කිහිපයක් වැටී තිබෙන ආකාරය දුටු විට මම පුදුමයට පත් වූවෙමි. මම ඒවා අතට ගෙන බැලුවෙමි.

" මේවගෙ ලොකු..."
මම සපත්තුවක් දාගන්නට උත්සාහ කළත් කොන්ද කඩා ගැනීමට උවමනාවක් නොතිබූ නිසා එය අත්හැර දැමුවෙමි.

දොරට තට්ටු කරන හඬක් ඇසුණු අතර මම ඇතුළට පැමිණෙන්නයි කීවෙමි.

" ඔහ්... ගුඩ් මෝනින් පොඩි බොස්..." දොර අසල සිටියේ මාස්ටර් ගාබ්‍රියෙල් ය. ඔහු තේ කරත්තය ගෙනවිත් තිබුනි !
"... කොයි වෙලාවෙද ඔයා ආවෙ ? "

මම ඔහුට විස්තරය පැවසුවෙමි.

" ෆයිනලී...ලූනා නිදාගෙන..."
ඔහු පැවසුවේ නිදන කාමරයට එබී බලමිනි. මාස්ටර් ගාබ්‍රියෙල් පිජාමාවක් හැඳගෙන සිටියේය. ඔහුගේ කාමරය කොරිඩෝවේ අනෙක් කෙළවරේ ඇති බව මට සිහිපත් විය.

ඉන්පසුව ඔහු මම සපත්තු දමන්නට උත්සාහ කර ඇති ආකාරය දුටුවේය.
" ඔයා ලූනගෙ සපත්තු දාන්න යන්න එපා හොම්බ කට සමතලා වෙයි වැටුනොත්..."
ඔහු පැවසුවේ තේ කෝප්පයක් සකස් කරමිනි. මම කැරකෙන පුටුව පැදගෙන කරත්තය අසලට ගොස් එයින් සැන්ඩ්විච් එකක් ගෙන මුවතුළ රුවා ගත්තෙමි.

" නෑ... මම නිකන් බැලුවෙ... මාස්ටර් මොරානා ඒවා දානවද ? "

" අපි මේ දවස් වල models ල පුරුදු කරනවා... so yeah ! "

" මේකත් ? " තියුණු අඩියක් සහිත සපත්තුවක් පෙන්වමින් මම ඇසුවෙමි.

" ඔව්..."

" අම්මෝ..."

ගාබ්‍රියෙල් මගේ අතර තේ කෝප්පයක් දුන්නේය.

" අම්මෝ නෙමෙයි...හීල්ස් දාන්න පුලුවන් කියන්නෙ ඉතින් එළකිරි කොල්ලෙක් තමයි..."

ඔහු තේ කෝප්පයක් සකසාගෙන සෝෆාවෙන් හිඳ ගත්තේය. මම පුටුවේ වටයක් කැරකුණෙමි.

" ඔයා මොනවද මේ දවස් වල කරන්නෙ ?" ගාබ්‍රියෙල් ඇසුවේය. මම මගේ පැවරුම ගැන පැවසුවෙමි. ඉන්පසුව මගේ මුහුණ විනාශ වීමට හේතුව පහදන්නට සිදු විය. මම රණ්ඩුවකට මැදි වූ බව පැවසුවත් ඈෂ්වින්ගර් ගේ සම්බන්ධය ගැන නොපැවසුවෙමි. එහෙත් ඔහු නිසැකවම ඒ ගැන දැනගෙන සිටියේය.

" අපේ පපා නිතර වතුයායට යනවා එනවා මේ දවස් වල. ඒ නිසා ඔයා ඕනම දේකට ලෑස්ති වෙලා ඉන්න ඕන..."

ඔහු පවසන විට මගේ සිත මදක් තිගැස්සුනේය.
" ලෑස්ති වෙලා ඉන්න කිව්වෙ ? "

" හොඳට ඇඳගෙන පැළඳගෙන ඉන්න... එන්න කිව්වොත් එන්න... "

මම සුසුමක් හෙළුවෙමි. මට ආපසු නගරයට යාමට සිතෙයි. කුමක් හෝ හේතුවක් නිසා මට සෑම තෙවන පාර්ශවයක් ම කරදරයක් ලෙස දැනෙයි.
එහෙත් මාස්ටර් මොරානා ව දමා යන්නට මට සිතෙන්නේ නැත. මට ඔහු සමඟ තනිව ජීවත් වෙන්නට හැකි තැනක් ඕනෑය. ඔහු සහ මම පමණක්... එවිට අපට ඕනෑ දෙයක් පමණක් කරමින් කල් ගෙවන්නට හැකිය. එය සරලය.
මට අපගේ සම්බන්ධය අනෙකුන් සමඟ බෙදා ගන්නට ඕනා නැත. මට මාස්ටර් මොරානා ගැන ලෝබකමක් දැනෙයි ! මම ඒ ගැන සිතමින් කේක් කැබැල්ලක් කෑවෙමි.

ගාබ්‍රියෙල් සිය කාමරය වෙත ගොස් යළි පැමිණියේ කළුවන් පෙට්ටියක් ද රැගෙනය. ඔහු එය මගේ අතට දුන්නේය.

" වාව්..." ඒ තුළ තිබුනේ උස් අඩියක් සහිත සපත්තු දෙකකි.

" ඕකෙ සයිස් ඇතිද බලන්න දාලා...මම ඔයාට පුරුදු කරන්නම්..."

එය මම බලාපොරොත්තු නොවූ දෙයක් විය. මට බොක්සින් පුහුණුවට යාමට වේලාව ළඟා වෙමින් තිබේ. කෙසේ වුවත් මම එය පැළඳගෙන බැළුවෙමි. එහෙත් මට සිටගන්නට නොහැකි බවක් දැනුනි. ගාබ්‍රියෙල් මගේ අතකින් අල්ලා නැගිට්ටවූවේය.

" අම්මෝ..." මට කියැවුනි.

මට මගේ සිරුර අමුතු ආකාරයට නැවී ඇති බවක් දැනෙයි. මගේ පසුපස කැපී පෙනෙන ලෙස එසවී තිබූ අතර පපුව ඉදිරියට යොමුව තිබුනි.

" ආආආ... මන් වැටෙයි..."

" එහෙම වැටෙන්නෙ නෑ... ඔය හරි හමන් හීල් එකක්වත් නෙමේ... Wedges දෙකක්නෙ... "

අඩි කිහිපයක් උස ගොස් සිටි නිසා මට ලෝකය වෙනත් ආකාරයකින් පෙනුනි. මම ගාබ්‍රියෙල් ගේ අත අල්ලාගෙන අඩි දෙක තුනක් ඇවිද්දෙමි.
මගේ ඉණ අසාමාන්‍ය ලෙස වැනෙන බව මට දැනුනි.

" කුදු වෙන්න එපා...උරහිස් සෘජුව තියාගන්න... "
ගාබ්‍රියෙල් පැවසුවේ මගේ උරහිස් දිගහරිමිනි.
එය මගේ පුරුද්දකි.

" බිස්නස්මන් කෙනෙක් වැදගත් විදිහට හිටගන්න ඕන... සෘජුව ! පපුව ඉස්සරහට දාලා නිර්භීත විදිහට ඉන්න ඕන... ඔයා දැකල තියනවද ඔයාගෙ මොරානා ඔහොම බයෙන් වගේ හිටගෙන ඉන්නවා?"

මට දැනුනේ මම නැටුමකට සූදානමින් සිටින බවකි.

" ...අයෝ....රොබෝ කෙනෙක් වගේ ඉන්න එපා කොල්ලො... ටිකක් නැචුරල් විදිහට ඉන්න..."

මම මෙය මට කෘතිම දෙයකි. මෙවැන්නක් පැළඳගෙන ස්වභාවික ලෙස සිටගන්නට හැකියාවක් මට නොමැත !

මම සෙමින් ඒ මේ අත ඇවිද්දෙමි. එය ඉතා අපහසුදායකය. මගේ කකුල් කැපෙන බවත් කොන්ද රිදෙන්නට පටන් ගෙන ඇති බවත් මට දැනෙයි.

" ගුඩ්...ගුඩ්..." ගාබ්‍රියෙල් පැවසුවේය. "...මේ ළමයා දැන් ටිකක් මහත් වෙලා...ලූනා හොඳට සලකනවා වගේ..."

මම සිනාසුනෙමි.

ඉන්පසු ගෝලියාත් පැමිණි අතර මම ඔහු සමඟ බොක්සින් පුහුණු වීමට ජිම් එක වෙත ගියෙමි.
එය නිරූපණ ශිල්පීන්ගෙන් කාර්යබහුලව තිබුනේය. මම ව්‍යායාම යන්ත්‍ර සමඟ හැපෙන ඔවුන්ගේ ආකර්ෂණීය සිරුරු දෙස බලා සිටියෙමි. ඔවුන් උසය. පැහැපත් ය. මාස්ටර් මොරානා වැඩ කරන්නේ මෙවැනි පුද්ගලයන් සමඟය. මම උසැති කැඩපතකින් පෙනෙන මගේ කුඩා සිරුර දෙස බැලුවෙමි. මගේ දුර්වල බව ගැන මට කණස්සල්ලක් දැනුනි.

ගෝලියාත් මගේ පුළුන් කොට්ටය සැබෑ බොක්සින් කොට්ටය අසලින් එල්ලා මට කතා කළේය. තරුණයන් සහ තරුණියන් එකා දෙන්නා මා දෙස බලන බව මට පෙනෙයි.

මට ලැජ්ජාවක් දැනෙයි.

" අද බෑ ගෝලියාත්.." මම සෙමින් පැවසුවෙමි. ඔහු ට ඉතා ශක්තිමත් විශාල සිරුරක් තිබෙන අතර ඔහුට කණස්සල්ලට පත් වන්නට කාරණාවක් නැත.

" එහෙම බෑ... පටන් ගත්තා නම් කරගෙන යන්න ඕන රජෝ... පන්ච් දහයකින් පටන් ගන්න අද..."
ඔහු පැවසුවේ මගේ කොට්ටය අල්ලා ගනිමිනි. එහෙත් මම ඔහේ සිටියෙමි.

ගෝලියාත් වටපිට බලා මා අසලට පැමිණියේය.

" තමුසෙ කැමතියිද අද ගල් කොට්ටෙට මාරු වෙන්න ?" ඔහු ඇසුවේය. ඉන්පසු ඔහු මගේ අත් වලට අත්වැසුම් දැමුවේය.
මම පහර දෙන විට ඔහු නොසෙල්වෙන ලෙස කොට්ටය අල්ලාගෙන සිටියේය.

මම සිටින්නේ මට අයත් නොවන තැනක බව මට දැනුනි. එහෙත් ගෝලියාත් පැය දෙකම බොක්සින් පුහුණුව සඳහා කැප කළ අතර වට පිටාව ගැන ඔහුට වගක් තිබුනේ නැත. ආපසු කොන්ක්‍රීට් බංකර් නිවස වෙත අපි පැමිණියේ පා ගමනින් ය. මම වෙහෙස සහ සිත් පීඩාව නිසා හෙම්බත් ව සිටියෙමි.

ගෝලියාත් සිය ප්‍රධානීන් හමු වීමට මන්දිරය වෙත යන බව පැවසුවේය. ඔහු "මන්දිරය..." ලෙස අදහස් කරන්නේ සමාජ ශාලාවට විය යුතුය.

මාස්ටර් මොරානා ,ගාබ්‍රියෙල් සමඟ පිටව ගොස් තිබුනේය. මම මාස්ටර් ගාබ්‍රියෙල් පැවසූ පරිදි හොඳ වැදගත් ඇඳුමකින් සැරසී කාර්යාලය වෙත ගියෙමි.

මම අඩි සහිත සපත්තු පළදින්නට උත්සාහ කළත් මට බියක් දැනුනෙන් සුපුරුදු සැහැල්ලු පාවහන් වලටම මම මාරු වූවෙමි.

කාර්යාලයේ සේවකයන් වැඩ කරමින් සිටි අතර මම මෙරාකිගේ මේසයෙන් අසුන් ගත්තෙමි. සේවකයන් අතර කිසියම් කසුකුසුවක් පැන නගමින් තිබෙන බවක් මට පෙනුනත් ජිම් එකේදී මෙන් එය නොසලකා හැරීමට මම උත්සාහ කළෙමි.

මෙරාකි දැන් කොහේ කුමක් කරන්නේදැයි මම මොහොතක් කල්පනා කළෙමි. ඔහුගේ පරිගණකය පද්ධති බිඳවැටීමේ ආරම්භය බව මම සිතුවෙමි.
ඒ අතර තරුණියක් පැමිණ ඇයට පැන නැගී ඇති ගැටළු මා හමුවේ තැබුවාය. මම සියල්ල නවත්වා ඊට සවන් දුන්නෙමි. ඉන්පසු මම ඇයට උපදෙස් දුන්නෙමි.
ඉන්පසු තවත් අයෙක් පැමිණියේය. තවත් අයෙක්...තවත් අයෙක්...
මට මගේ කාර්යයට අවධානය යොමු කරන්නට අපහසු විය.

" මේ අහන්න... මම ඔයාලගෙ සුපර්වයිසර් නෙමෙයි..." මම අවසානයේ පැවසුවෙමි.

" අපි කාගෙන්ද එහෙනම් මේවා අහන්නෙ ? "

ඔවුන් අසන විට උත්තර නොමැති විය. වතුයායේ මෙහෙයුම් කටයුතු විශාල ප්‍රමාණයක් සිදුවුවත් පරිපාලන කණ්ඩායම කුඩා වීමත්, කණමණාකරුවෙක් නොමැති වීමත් නිසා මතුවන ගැටළු මට වටහාගත හැකිය.

" මම උත්සහ කරනව සිස්ටම් එක ආපහු ට්‍රැක් එකට ගන්න... එහෙම උනොත් ප්‍රධාන පද්ධතියෙ ඉඳන් ඔයාලට උදව් කරන එක අපිට කරන්න පුලුවන්... මෙහෙම කරමු... ඔයාලා හවසට ඇවිල්ලා අහන්න කරගන්න අමාරු දේවල් ගැන... එතකම් මම මේ වැඩේට අවධානය යොමු කරන්නම්... "

ඔවුන් ඊට එකඟ වූ පසු මට තරමක් සාමකාමී කාලයක් ලැබුනි.
මාස්ටර් මොරානා සමඟ මේ ගැන කතා කළ යුතු බව මම සිතුවෙමි.

මෙරාකිගේ පරිගණකය අවුල් ජාලාවක් විය. එය සෑම අතකින්ම මට පද්ධති මූලය වෙත පිවිසීම වළකා තිබුනි. කුඩා සිදුර තුළින් ඇතුළු වී ඇති වෛරසය සම්පූර්ණයෙන්ම පද්ධතිය අල්ලාගෙන සිටින බව මට පෙනෙන්නට තිබුනි.

" ආච්චිට හාල් ගරන්න මුගේ... මූව මට අහු උනා නම් දත් නෙමෙයි ගලවන්නෙ... අතක් පයක් තමයි කපන්නෙ... කාළකම්ණියා..."
මම බැණවැදී පරිගණකය ක්‍රියා විරහිත කළෙමි. ඉන්පසුව එය ඔසවා පොළවේ ගැසුවෙමි. සහෝදර සේවකයන් මා දෙස බලා සිටියේ පුදුමයෙනි.

" හ්ම්..." මම කුඩු වූ පරිගණක තිරය දෙස තෘප්තියෙන් බලා සිටියෙමි. ඉන්පසු මධ්‍යම පාලක පද්ධතිය(CPU) ගලවා කරේ තබාගෙන ඉහළ මාලයට ගෙන ගියෙමි. එය මගේ සුපිරි පරිගණකයට සම්බන්ධ කළ විට කුමක් සිදුවනු ඇත්දැයි මට බලන්නට ඕනෑය.

" හෙණම ගහන්න ඕන..." මම ශාප කළෙමි. මට මෙරාකිව සිහිපත් වේ...
" කනව තෝව...කනවා..." මම බැන වැදුනෙමි. මට මෙය වීදුරුවේ වදින ලෙස විසි කරන්නට ඕනෑය.

" හෝ හෝ පොඩි බොස් වැඩ වගේ..."

" බෙවලි..." මම කෑ ගැසුවෙමි. මම උදේ බලන විට ඔහු මිය ගියාක් මෙන් නිදාගෙන සිටියේය.

" නයිස් අවුට්ෆිට්..." ඔහු පැවසුවේ මගේ ඉස්තරම් ඇඳුම දෙස බලමිනි. "...ඒක නෙමේ...මට බඩගිනියි... කන්න යමු..."

අපි සේවක ආපන ශාලාවකින් දවාලටත්, රාත්‍රියටත් නැති ආහාර වේලක් ගත්තෙමු. ඒ අතර මගේ මුහුණට සිදු වූ දෙය ගැන බෙවලිට කියන්නට සිදු විය.

" ඔය ප$යව එක්කගෙන එන්න අපේ සැලෝන් එකට... මන් වැඩක් දෙන්නම් ආය හොයන්න බැරි වෙන්න... ඌරා..."
ඔහු මා සමඟ එකඟ වූ නිසා මම සිටියේ ප්‍රීතියෙනි.

මම බෙවලි සමඟ නිරූපන වේදිකාව සහිත ගොඩනැගිල්ල වෙත ගමන් කළත් ඇතුළට යන්නට පැකිළුණෙමි.
මට මාස්ටර් මොරානා ව දකින්නට ඕනෑ වුවත් හංසයන් බඳු නිරූපන ශිල්පීන් අතර කැහැටු කපුටෙකු මෙන් ඇවිදගෙන ඔහු වෙත යාමට මට ආශාවක් තිබුනේ නැත. ඒ විශාල ගොඩනැගිල්ල අසලට යාම පවා මට අපහසුවක් ගෙන ආවේය.

ඉතින් මම යළිත් කාර්යාලයේ සේවකයන්ට උදව් කරන්නට ගියෙමි.

=========================================

මාස්ටර් මොරානා සවස හය පමණ වන විට පැමිණියේය. ඔහු සියළු ලිපි ලේඛන කටයුතු හෙට උදෑසන වනතුරු කල් දමා සේවකයන්ට නිවාස බලා යන ලෙස පැවසුවේය.
" ඔය ළමයි ඕනවට වඩා මහන්සි වෙන්න එපා... ඔයාලා රෑ තිස්සෙ මෙහෙම දකිනකොට මටත් ඔලුවෙ කැක්කුමයි...යන්ඩ යන්ඩ... කාලා බීලා නිදාගන්ඩ මේ හිම වැටෙන කාලෙ... "

ඉන්පසු අපි ඔහුගේ කාර්යාලය වෙත ගියෙමු.
" කෙනත්..." මේසය මතින් හිඳගත් ඔහු මගේ අතකින් අල්ලාගනිමින් කතා කළේය.

" මාස්ටර්... ඔයා ඔච්චර මහන්සි

You are reading the story above: TeenFic.Net