26. සමුගැනීමේ සාදය - 02

Background color
Font
Font size
Line height

26. සමුගැනීමේ සාදය - 02

වැඩිමහල්ලා ආගිය තොරතුරු කතාවට වැඩි වේලාවක් නොගත්තේය.

" මට දැනගන්න ලැබුනා වතුයායෙ ප්‍රශ්නය තවම විසඳිලා නෑ කියලා..." ඔහු පවසන විට මොරානා තරමක් තැති ගත්තේය.

" ඒක ඉක්මනින් විසඳෙයි... ඉක්මනින්ම වතුයායෙ ආදායම ආපහු වතාවක් අරමුදලට එකතු වෙයි..."
මොරානා පැවසුවේය.

" තමුන් දන්නවා මම පොඩි බල්ලොන්ට කැමති නෑ කියලා..." ඔහු පැවසුවේය. "... තමුන් උන්ට ඇඳ උඩ තියාගෙන සලකන නිසා තමයි උන් තමුසෙගෙ කණ කඩාගෙනම කන්නෙ..." 

මෙවැනි අවස්ථා වල නිහඬව සිටීම වඩා හොඳ බව මොරානා දැන සිටියේය.

" ...තමුසෙ ඌව මැරුවෙ නෑ නේද ? "

මොරානා, වැඩිමහල්ලා දෙස බැලුවේය. ඔහු අදහස් කරන්නේ කුමක්ද ?

" ඒ ළමයට දැනටම මතක හිටින දඬුවමක් දීලා තියෙන්නෙ පපා... එච්චර දුර යන්න ඕනකමක් නැහැ..."

" හ්ම්...මම දැනගෙන හිටියා... මොනාද තමුසෙ කළේ ? කණට ගැහුවද ? "

මේ කරදරකාරී මහල්ලා මෙතරම් ලේ පිපාසිත මන්දැයි මොරානා කල්පනා කළේය. මෙරාකි වරදක් කළ බව සැබෑය. ඔවුන් අතර තිබූ විශ්වාසය පළුදු වූ බව සැබෑය. එහෙත් මෙරාකි තවමත් තරුණ කොල්ලෙකි. ක්ෂණික ආවේගයන් නිසා ඔවුන් පහසුවෙන් වරදට පෙළඹේ.
ඔහුට නිවැරදි වීමට තව කාලය ඇත !

මෙරාකි දැනටමත් සමාගමෙන් ඉවත් වී අවසන්ය. ඔහු ආරක්ෂිතව වතු යායෙන් පිටව යාවියැයි මොරානා සිතුවේය.

" ආපහු එහෙම දෙයක් වෙන්නෙ නෑ..." මොරානා සපථ වූවේය.

වැඩිමහල්ලාගේ අළු පැහැති අප්‍රසන්න දෑස් තමා වෙතම රැඳී ඇති ආකාරය මොරානාට දැනෙයි. ඒ ඇස් මීදුමෙන් පිරී තිබෙන්නාක් බඳුය. ඒවා දෙස කෙළින් බැලීමට හෝ මොරානා කැමති නැත.

" හ්ම්... ඒ කොල්ලව අද ක්ලබ් එකට එවන්න...තමුසෙට බැරි උනාට එතන ඉන්න අයට පුලුවන් වෙයි බල්ලට දම්වැලක් දාන්න... "

මොරානා සුසුමක් හෙළුවේය. " සොරි පපා... ඒ ළමයා දැනටමත් සමාගමෙන් අයින් වෙලා ගිහින් ඉවරයි ! "
මෙරාකි සිය සාදය ගැන තමාට හෝ කෙනත් ට හැරෙන්නට වෙනත් අයෙකුට නොපවසා තිබේවායි ඔහු පැතුවේය.

වැඩිමහල්ලා යළිත් ඔහු දෙස බලා සිටින ආකාරය ඔහුට පෙනෙයි.
" හ්ම්..." ඔහු පැවසුවේය. එය එතරම් හොඳ සළකුණක් නොවේ.

" ලූනා... ගිලියන් එක්ක කතා කරලා ප්‍රොග්‍රැමර් කෙනෙක්ව ගෙන්නගෙන ඉක්මනට පද්ධතිය වැඩ කරන මට්ටමට ගන්න... මගේ ඇස් මානෙ හැමදේම තියෙන්න ඕන..."

" මම දැනටමත් ඇනලයිසර් කෙනෙක්ව ගෙන්නලා තියෙන්නෙ..."

"... අන්න හොඳයි... මම මෙච්චර කල් දුන්නෙත් ලූනා මගේ රත්තරන් දරුවා නිසා... තේරෙනවද ? " එක්වරම වැඩිමහල්ලා කාරුණික ලෙස කතා කළේය. එවර මොරානා ඔහු දෙස බැලුවේය.

" පපා..." ඔහු මිමිණුවේය.

වැඩිමහල්ලා කූඩය තුළින් විලවුන් බෝතලයක් අතට ගෙන සුවඳ බැලුවේය. තමා මෙතැනට පැමිණියේ කුමකටදැයි ඔහුට සිහිපත් වූවේ එවිටය.
" කාටවත් බෑ මේ වගේ දේවල් හදන්න..." ඔහු පැවසුවේ මොරානාව අගය කරමිනි. " ...මගේ රත්තරන් දරුවට විතරයි පුළුවන්..." නිශ්පාදන එකින් එක පරික්ෂකරද්දී වැඩිමහල්ලාගේ අප්‍රසන්න මුහුණේ ඇති ප්‍රසන්න සිනහව දෙස මොරානා බලා සිටියේය.

තමා සමාජ යහපත වෙනුවෙන් ඒ නිශ්පාදනය නතරකිරීමට සූදානම් බව ඔහුට පැවසීමට ඇවැසිය. මිනිසුන් අධික මිලක් ගෙවන්නේ විසකුරු ද්‍රව්‍යයක් වෙනුවෙනි ! එය ඔවුන්ගේ ධනයත් , සරු භූමියත් හූරා කයි !

' ...පපා... ඔය අන්‍තිම තෙල් අස්වැන්න... මම ඉන්පස්සෙ තෙල් හදන එක නතර කරනවා...'

මොරානාට එය පවසන්නට ඇවැසි විය. එහෙත් ඔහුට දැනුනේ ඔහුගේ උගුර වියළී ඇති බවකි. එය පැවසූ සැනින් මහල්ලා ඔහුට විළවුන් බෝතලයෙන් පහර දෙනු ඇත ! ඉන්පසුව පිස්සුවෙන් මෙන් කෑ ගසනු ඇත !

මීට ටික කලෙකට පෙර ඔහු තමාට විශ්‍රාම යාමට ඇවැසි බව කියූ විටදී වැඩිමහල්ලා හැසිරුණු ආකාරය ඔහුට මතකය. දැන් ඔහු මෙරාකි නිසා අපුළෙන් යුතුව සිටියි. තමා ඔහුව කෝප ගැන්වුවහොත් ඒ කෝපයත් මෙරාකි පිටින් පිට වනු ඇත ! මොරානාට ඒ තරුණයාගේ මළකඳ හෝ විනාශ වූ සිරුර දැකීමට ඇවැසි නැත.
ඔහු නිහඬව සිටින්නට තීරණය කළේය. ඒ හැඟීම නිසා ඔහුට දීර්ඝ සුසුමක් පිටවිය.

" ලූනා... නාකි මනුස්සයෙක් වගේ සුසුම් හෙළන්නෙ ඇයි ? " වැඩිමහල්ලා ඔහු දෙස බලමින් ඇසුවේය. ඔහු සිය කබා සාක්කුව තුළින්  චොක්ලට් කවරයක් පිටතට ගෙන එය මොරානාට දුන්නේය.
"...මගේ රත්තරන් දරුවට මොකක් හරි ප්‍රශ්නයක් ද ?"

" පපා... මම පොඩි ළමයෙක් නෙමෙයි දැන් චොක්ලට් කන්න... "

" හොහ් හොහ් හොහ්..." වැඩිමහල්ලා සිනාසෙන්නට විය. " ...ඕක කවදාවත් වයසට යන්නෙ නෑ... හොහ් හොහ් හොහ්...
ඇත්තටම ලූනා... මොකක් හරි ගැටළුවක්ද ?"

මොරානාට ඇති එකම ගැටළුව මේ මිනිසාය... ඔහු ව්‍යාජ සිනහවක් පැළදගෙන කිසිවක් නොමැති බව පැවසුවේය. හදිසියේම මොරානාගේ ජංගම දුරකතනය නාද වෙන්නට විය. එය ගාබ්‍රියල්ගෙන් ඇමතුමකි. මොරානා එය නිහඬ කළේය.

" ලූනට මතකද ෆියුරියෝසා ? අර කවුන්සිල් මෙම්බර් ?"

මොරානා හිස සෙලෙව්වේය.

"... දැන් ඒ ගෑණි  නාගරික ඉදිකිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඇමතිකම කරනවා..."

ගාබ්‍රියෙල් යළි යළිත් ඇමතුම් ගනිමින් සිටි අතර මොරානාට යකා නැග තිබුනි.

"...ඒ ගෑණිට ඔයාව හම්බ වෙන්න ඕනලු ! "

" පපා...මම ඔයා කියන කා එක්කවත් නිදියන්න යන්නෙ නෑ... " මොරානා එක්වරම පැවසුවේය. "...මම ඒ ගෑණිට කැමති නෑ...මහ පිස්සු ගෑණියෙක්..."

" එහෙනම් ඉතින් මම නිදියන්නයැ...මට පණ තිබ්බා නම් උබලා එකෙක්ටවත් කිය කියා ඉන්නෙ නෑ..." වැඩිමහල්ලා පැවසුවේ සිනාසෙමිනි.

ගාබ්‍රියෙල් යළිත් ඇමතුමක් ගන්නා අයුරු මොරානාට දැනෙයි.

" වෙන කාට හරි කියන්න... " ඔහු පැවසුවේය.

" හේතුව ? " වැඩිමහල්ලා ඇසුවේය.

මොරානා සිය දුරකතනය විසන්ධි කර ගත්තේය.

" හේතුව ! " මොරානා එය යළිත් පැවසුවේය.

" තමුන්ට දැන් ඔලුවෙ තියාගෙන නහින්න තරම් කොල්ලෙකුත් නැත්තන්, හිටියත් මට වැඩක් නෑ ඉතින්... ඇයි ඒ ගෑණි එක්ක එක රැයක් ගතකරලා රජයේ අපාට්මන්ට් ව්‍යාපෘතිය අපිට පාස් කරලා දෙන්න බැරි ? "

මොරානා නිහඬව සිටියේය. එය එක් රැයකින් අවසන් නොවනු ඇත. අවම වශයෙන් එය සතියක්වත් වනු ඇත. මොරානාට වමනයට ආවේය.
" මහ කුණු ගොඩක්..." ඔහු මුමුණා ගත්තේය.

" මම සල්ලි දෙන්නම්..."ඔහු පැවසුවේය.

" මොරානා ! " වැඩිමහල්ලා එක්වරම කෑ ගැසූ අතර මොරානා නිහඬ විය.
" ...ඒ පෙරේතයොන්ට සල්ලි තියනවා... උන්ට තියෙන්නෙ සපුරගන්න බැරි ආසාවල් විතරයි... " 

මොරානා දත් මිටි කෑ අතර පිරී තිබෙන පයින් තෙල් බෝතලයක් නාකියාගේ උගුරට බස්සන්නට ඔහුගේ සිත කියන්නට විය. එහෙත් හදිසියේම ඔහුගේ මොළය යමක් පැවසුවේය.

" එහෙනම් මට ඒ වෙනුවෙන් දෙයක් ඕන..." ඔහු කීවේය.

" ඔව්...? "

මොරානා අසුනෙන් නැගී සිටියේය. " මම පයින් ඔයිල් ප්‍රොඩක්ෂන් එක නතර කරනවා..." ඔහු කීවේය.
වැඩිමහල්ලාගේ සිනහව මැකී ගියේය.

"මොකක්ද ?"

"Numinous කියන්නෙ සුවඳ උනාට විස දෙයක්... මිනිස්සුන්ට වගේම පරිසරයට... මම ඒක නතර කරනවා..."

ඔවුන් අතර නිහඬතාවයක් ඇති විය.
වැඩි මහල්ලා කල්පනා කරන සෙයකි.

" හොඳයි ! " ඔහු අවසානයේ පැවසුවේය.

" ඇත්තටම ? " මොරානා පුදුමයෙන් ඇසුවේය.

" ඔව්... පයින් තෙල් කියන්නෙ ඔහේගෙ හොඳම නිෂ්පාදනේ නෙමෙයිනෙ... " මොරානා හිස සෙලෙව්වේය. ඔහු පයින් වලට වෛර කරන්නේය.

" ගාබ්‍රියෙල් ට මොනාද වෙලා තියෙන්නෙ ? " වැඩිමහල්ලා ඇසුවේ මේසයේ පසෙක ඇති කැමරා තිරය දෙස බලමිනි. ගාබ්‍රියල් විසිත්ත කාමරයේ සිටගෙන ඇඹරෙමින් සහ උඩ පනිමින් සිටින ආකාරය මොරානා දුටුවේය. " බඩේ අමාරුවක් හැදිල වගේ..." ඔහු සිතුවේය.

" පේන විදිහට එන්සෝට ඇතුළට එන්න ඕන වෙලා වගේ..."

එය එසේ නොවන බව මොරානා දැන සිටියේය. ගාබ්‍රියෙල් ,වැඩිමහල්ලාට බිඳක් හෝ කැමති නැත.

" එහෙනම් පපා, මම දැන් යන්නම්...ක්ලබ් එකේදි  මුණගැහෙමු... " මොරානා අසුනෙන් නැගී සිටියේය.

" හ්ම්... මම විස්තර දැනුම් දෙන්නම්..." වැඩිමහල්ලා පැවසුවේ මොරානාව වැළඳගනිමිනි.

" ලූනා..." දොර අසලදී මොරානා හැරී බැලුවේය.

" පපා ? "

" මට ආරංචියක් ආවා ලූනා කොලේජ් බෝයි කෙනෙක්ව ඩේට් කරනව කියල ! ඒක ඇත්තක්ද ?"

" කොලේජ් බෝයි ? "
කාරණා වැටහෙන විට මොරානාගේ කොඳු නාරටිය හිරි වැටුනේය. පපාට අසන්නට ලැබී ඇත්තේ කෙනත් ගැනද ?

" නැහැ පපා... මම කොලේජ් බෝයි කෙනෙක්ව ඩේට් කරන්න පටන් අරන් නෑ..."

වැඩිමහල්ලාට තොරතුරු සැපයූ පුද්ගලයා කෙනත් කුඩා සහ ළාබාල පෙනුමකින් යුතු නිසා පාසල් සිසුවෙකු ලෙස සිතාගෙන සිටිනවා විය යුතුය.

" එහෙම එකක් තියනව නම් කමියුනිටි එකට අඳුන්නලා දෙන්න පරක්කු කරන්න එපා..."

මොරානා හිස නවා කාමරයෙන් පිටතට පැමිණියේය. කෙනත්ව ඔවුන්ගේ ධනවත් සමාජයට හඳුන්වා දීමට වඩා ඔහුව මත් ද්‍රව්‍යකට ඇබ්බැහි කිරීම මොරානා තෝරාගනු ඇත. දෙකම විනාශයට ආරම්භයකි. එහෙත් මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වීම වඩා හොඳය !

" මිනිහෝ... " විසිත්ත කාමරයට ගිය පසු ගාබ්‍රියල් මොරානා අසලට පැමිණ වැළඳගත්තේය.

" තමුසෙ දඟලන්නෙ මොකටද ? " මොරානා ඇසුවේ ඒ වැඩිමහල්ලාට සැක නොසිතෙන පරිදි යමක් පැවසීමට ගාබ්‍රියෙල් දරණ උත්සාහයක් බව දැනගෙනය.

" අර උස මහත යෝධයෙක් වගේ මිනිහා, ඌ අපේ ගෙදර තියන පැත්තට ගියා... තමුසෙ අර පිස්සු වාතෙ , කෙනත්ව මෙහේ එක්කගෙන ආවා කියලනම් කියන්න එපා..."

මොරානා හිස සෙලෙව්වේය.

" ඌ මොකෙක් හරි පස්සෙන් වැටිලා තමා ඉන්නෙ..." ගාබ්‍රියෙල් පැවසුවේ මොරානාගේ අත් වලින් අල්ලාගෙන නැටුමක් ආකාරයට චලනය වෙමිනි. වැඩිමහල්ලා නිසැකවම ඔවුන් දෙස බලා සිටිනවා විය යුතුය. මොරානා කලබල වූවේය. ගාබ්‍රියෙල් ගේ අත් වෙව්ලන ආකාරයත් ඔහුට දැනුනි.

" තමුසෙ පිස්සෙක් වගේ දැන් කොහේවත් යන්න එපා... තමුසෙ මේ අවට පපාට පේන තැනකින් ඉඳගෙන ඉන්නවා... මන් කියන විදිහට හිමීට වැඩේ කරනවා..."

=========================================

මම නියපොතු සපමින් වගුර දෙස බලාගෙන සිටියෙමි. එමරල්ඩ් නගරයේ දකින්නට නොහැකිතරම් විශාල ප්‍රමාණයේ මදුරුවන් මගේ දෙපා වටා රැස් කමින් සිටි නිසා මම යළිත් නිවස තුළට ගියෙමි.

ඔපෙරාව කරච්චලයක් මෙන් මට ඇසෙමින් තිබූ නිසා මම එය විසන්ධි කළෙමි.

මට ලූක් ගේ සමුගැනීමේ සාදය සිහිපත් විය. ඔහු සමාගමේ වෙනත් ශාඛාවකට මාරුවක් ලැබුවත්,  ඒ ගැන ලූක් සහ මම කෝපයෙන් සහ සිත් තැවුලෙන් සිටියත් අපි කුඩා සාදයක් සැලසුම් කළෙමු. එය සම්පූර්ණයෙන්ම සමුගැනීමේ සාදයක් නොවේ. එහෙත් ලූක් ඔහුගේ සඟයන් සමඟ ප්‍රීතිමත් කාලයක් ගත කළේය.

" මෙරාකි...ඔයාට කේක් කෑල්ලක් ගේන්නද ? " මම දොරෙන් එබී බලමින් ඇසුවෙමි.

" තවම තමුසෙ ගියේ නැද්ද ? " ඔහු පොරෝනය යට සිටිමින්ම ඇසුවේය. "... තමුසෙට තාම මට හිංසා කරන එක ඇති වුනේ නැද්ද ? වෙන  මොනවද කරන්න ඕන ? "

" සොරී... ! ඒත් මේ කේක් එක රසයි... මේක ඉවර වෙනකම් යන්න හිතෙන්නෙ නෑ... "

" පලයන් යකෝ යන්ඩ..." මෙරාකි ඇඳ මත වූ යමකින් මට දමා ගැසුවේය. ගිලියන්ගේ වීසි කිරීම් වලින් බේරෙන මට මෙය මහ කජ්ජක් නොවන නිසා මම ඉවතට පැන්නෙමි.

" ඊයා...මේ මොකක්ද මේ ? "

එය රබර් නයෙක් බඳු උපකරණයකි. නයෙක්ට වඩා එය විශාල පුරුෂ ලිංගයක් බඳුය.

" අල්ලන්ඩ එපාආආආ...." මම පහතට නැවී එය අසුලා ගනිද්දී මෙරාකි කෑ ගහගෙන ඇඳෙන් බිමට පැන්නේය.

" මගුලයි..." ඔහුගේ සම්පුර්ණ ඇඳුම දුටු මට සිනහව පාලනය කරගන්නට නොහැකි විය... මට මේ සියල්ල පැහැදිලි ව පෙනෙන්නේ දැන් ය. ඔහු හා කන් දෙකක්ද පැළඳගෙන සිටියේය.

" මෙරාකි, ඔයා ඇත්තටම ලස්සන කෙනෙක්... මට ඒ ගැන ඉරිසියයිත් එක්ක... හැබැයි දැන් ඔයා සම්පූර්ණයෙන්ම විහිලුකාරයෙක් වගේ ! ( 😅😅)... ඔයා ඔය විදිහට ඇඳගෙනද මාස්ටර්ව සතුටු කරන්න හැදුවෙ ? "

" ඕක දෙනවා මෙහෙට..." මෙරාකි කෑ ගසමින් මා අල්ලන්නට උත්සාහ කළේය. එහෙත් මම රබර් පිප්පිය රැගෙන කාමරය වටා සිනාසෙමින් දිව්වෙමි. මෙරාකි මා පසුපස පැමිණියත් ඔහුගේ ඇඳුම නිසා දුවන්නට අපහසු විය. ඒ දෙස බලා සිටීමත් විනෝදජනකය.

"...සමහර විට ඔයා මාස්ටර්ව සතුටු කරන්නෙ සර්කස් පෙන්වලා වෙන්න ඕන... "

" කට වහගෙන ඕක මට දීලා මෙතනින් පලයන්..."

" ඔයාට ඇත්තම පීපී එකක් තියෙද්දි රබර් පීපී එකක් තියාගෙන ඉන්නෙ ඇයි ?" මම ඇසුවෙමි. "...මේක ලොකු නිසාද ? " මම රබර් පිප්පිය නැටෙව්වෙමි. මගේ සිත තුළ විශාල සිනහවක් ඇතිවෙමින් තිබෙයි...

මෙරාකි මා පසුපස පැමිණීම නවතා මා දෙස ප්‍රශ්නාර්ථයක් සහිතව බලා සිටියේය.
" මම ඕක තමුසෙගෙ පස්සට එබුවොත් මෝඩයෙක් වගේ හැසිරෙන එක නතර කරනවද ? "
ඔහු අසන විට මම සම්පූර්ණයෙන්ම නිහඬ වූවෙමි.

" පස්සට ?"  🤯

මෙරාකි සිය දෙනෙත් සිහින් කරගෙන සිටියේය.
" ඔව්..." 🗿

" ...මේක ?! " මම වහාම එය බිමට අතහැර දැමුවෙමි. " ...ඔයා කියන්නෙ මේක පූපූ එක ඇතුළට දාන්න හදපු එකක් කියලද ? " 🤯

" ඔව්..."  🗿

" ඒ කියන්නෙ ඔයා මේක දාගෙන හිටියද ? " 🤯

" ඔව්..." 🗿

"ඊයා..." මම පයින් එය ඔහු දෙසට තල්ලු කළෙමි.
"...ඒත් ඇයි ? "

" ඇයි ? " 🤡 මෙරාකි මගේ ප්‍රශ්නයම මගෙන් ඇසුවේය.

එවැනි දෙයක් ගුද මාර්ගයට ඇතුළු කරගන්නේ ඇයි ? වඩාත්ම වැදගත් කාරණය නම් එය එසේ ඇතුළු කරගන්නට හැකිද? මම අදහස් කරන්නේ... එය කුඩා විවරයකි ! ඒ ගැන සිතීමෙන් මගේ හිස විකාරයක් විය.

" ආදේශකයක් විදිහට තමයි..." මගේ මුහුණේ ඇඳී තිබූ සමච්චල් සහගත සිනහව දැන් ඔහුගේ මුහුණේ ඇඳෙමින් පවතී.

" මොකට ආදේශකයක් විදිහටද ? "

" ඇත්ත පීපී එකට ආදේශකයක් විදිහට..." 💀💀මෙරාකි ඇද කරමින් පැවසුවේය.

මෙය විකාර මොහොතකි. එසේ කරන්නේ ඇයි ?

" ඔයා මොළකාරයෙක් කියල මම හිතුවෙ... "

මගේ මොළය මේ විස්තර ග්‍රහණය කරගෙන සකසා ගන්නට උත්සාහ කරමින් සිටියේය.

"...PATHETIC..." ඔහු පැවසුවේ මම ඔහුට ඒ වචනය පැවසූ ස්වරයෙනි.

" නෑ නෑ... ඔයා කියන්නෙ ඇත්ත පීපී එකත් පූපූ එක ඇතුලට දානව කියලද ? "

" ඔව්..." 🗿

" ආආආආආ....." මට කෑ ගැසුනි.

" පිරිමි දෙන්නෙක් සෙක්ස් කරන්නෙ කොහොම කියලද ඔයා හිතුවෙ ? අපිට ඉතින් ස්ත්‍රී පාරක් නැති නිසා අනිත් පාර තමා පාවිච්චි කරන්න වෙන්නෙ..."

" ආආආආආ..." මම මගේ පස්ස අතින් වසාගෙන යළිත් කෑ ගැසුවෙමි. මම ඒ ගැන කිසි දිනක කල්පනා කර තිබුනේ නැත. මෙරාකි පිස්සෙක් මෙන් සිනාසෙමින් මගේ හිස මතට හා කන් දෙකක් දමා ඉන්පසුව මුහුණ ඉදිරියේ රබර් පිප්පිය වැනුවේය.

" හිහ් හිහ් හිහ් හිහ්...දැන් කවුද සර්කස්කාරයා...මෙදා පාර මාස්ටර්ට කණ්‍යාවක් හම්බ වෙලා තියෙන්නෙ... මරු වැඩේ... මේවනෙ විහිලු..."

" අනේ මේ..."
මගේ මුහුණ රතු වී දැවෙමින් තිබේ. මට තවදුරටත් රබර් පිප්පියෙන් විහිලුවක් පෙනෙන්නේ නැත. ඒ වෙනුවට මගේ " අනෙක් මාර්ගය " රත් වී හිරිවැටී ඇති බව මට දැනේ.



" ඔයාට තව ඒවා පෙන්වන්නද ? " එක්වරම මෙරාකි සිනහව නතරකර ඇසුවේය.
ඔහු ඇඳ යටින් බෑගයක් ඇදගත් අතර ඒ තුළ විවිධ ප්‍රමාණයන්ගෙන් සහ හැඩයන්ගෙන් යුතු උපකරණ විය.

" ඔයාට දැන් ට්‍රයි කරන්න ඕනද ? " ඔහු ඇසුවේය.
මම භීතියෙන් පසුපසට වුණෙමි.

" නෑ නෑ මමයි මගේ පූපූ එකයි මෙතනින් පාඩුවේ යන්නම්..." මම පැවසුවේ තවත් තදින් පස්ස අල්ලා ගනිමිනි.

" මේවට කියන්නෙ සෙක්ස් ටෝයිස් කියල..."
මම බලාපොරොත්තු නොවුනත් මෙරාකි ඒ ගැන දේශනයක් පැවැත්වීමට උත්සාහ කළේය. ඔහු ඒවායින් කිහිපයක් මගේ අතට දුන්නේය. තවත් කිහිපයක් සාක්කුවට දැමුවේය.
" ...මාව මතක් වෙන්න ඔයා ඕවා අරන් යන්න...මට මේවා කොහොමටත් අරන් යන්න බෑ... " 

" මේවා දානකොට රිදෙන්නෙ නැද්ද ? " මම ඔහු අසලින් බිමින් හිඳගෙන සෙමින් ඇසුවෙමි. මෙරාකි මා දෙස බලා සිටියේය.
ඔහුගේ මුහුණ යළිත් සාමාන්‍ය තත්වයට පත්ව තිබුනි. ඔහු තුළ තවදුරටත් මා කෙරෙහි තරහක් හෝ වෛරයක් නැත්තාක් මෙනි. ඔහු මගේ හිසට තට්ටු කළේය.

" රිදෙන එක අඩු කරන්න එක එක ක්‍රම තියනවා... "

මම ඒවා දෙස බියෙන් බලා සිටියෙමි. ඇත්තෙන්ම මට මාස්ටර් මොරානාව තෘප්තිමත් කිරීමට නොහැකි වේවිද ? මම මේ කිසිවක් දන්නේ නැත !

"... මේ අහන්න කෙනත්, ඔයා මේවා දැකල බය වෙන්න එපා. සෙක්ස් ටෝයිස් කියන්නෙ වැනිලා රිලේශන්ශිප් එකක අන්තිම අදියර වගේ... ඒ තරම් දුර ගියත් නොගියත්,
ඒ වෙද්දි ඔයා ඉන්නෙ ඔයා කැමතිම මනුස්සයා එක්ක... ඔයා කැමති විදිහට එයා එක්ක වැතිරිලා... ඔයාලා එකිනෙකාව විශ්වාස කරනවා... ඔයාලා කිස් කරයි, සක් කරයි...අල්ලයි... එක එක විදිහට එකිනෙකාව සතුටු කරන්න උත්සහ කරයි...  ඉතින්...ඉතින් මන් කියන්නෙ ඒ මොහොත වෙද්දි කිසිම දෙයක් වේදනාවක් වෙන්නෙ නෑ... ඊයා කියලා හිතන කිසිම දෙයක් අප්පිරියා වෙන්නෙ නෑ... ඔයා ඒකට ආසා වෙයි... ඒ වෙද්දි ඔයා එයා එක්ක ආදරෙන් බැඳිලා ඉඳියි ! "

මෙරාකි සුසුමක් හෙළුවේය. ඔහුගේ ඇස් වලට කඳුළු උනා තිබුනි.

"...මාස්ටර් ගොඩක් හොඳ කෙනෙක්... එයා, එයා ගොඩක් ආදරෙයි එයාගෙ පාට්‍නර් ට... කෙනත්... මට එයාගෙන් සමාව ඉල්ලන්න ඕන, ඒත්... ඒත් දැන් ඒවා නිකන්ම නිකන් වචන විතරයි... මන් පරක්කු වැඩියි... තේරෙනවනෙ... "

මම ඔහුගේ උරහිසට තට්ටු කළෙමි. මට ඔහු පවසන දේ සම්පූර්ණයෙන්ම වටහාගත නොහැක. නමුත් මම ඊට උත්සාහ කරමි. මෙරාකි සිය අතක් මගේ කම්මුළක් මතින් තැබුවේය.

" මට සමාවෙන්න කෙනත්...ඒකට පරක්කු නෑ කියලා මම හිතනව... "

මම හිස සෙලෙව්වෙමි. ඉන්පසු මගේ සාක්කුවේ තිබූ සුදු පැහැති ලේන්සුව ඔහු අතට දුන්නෙමි. ඒ මත මාස්ටර් මොරානා සඳ පළුවක් සහ M අකුර එම්බ්‍රොයිඩර් කර තිබුනි.

මම ඔහුට යමක් කියන්නට උත්සාහ කළෙමි. එහෙත් කිසියම් බිඳෙන හඬක් අපට බාධා කළේය. නිදන කාමරයේ දොර වේගයෙන් විවර වූ අතර එය පසුබිම් කරගෙන විශාල මිනිසෙක් සිටගෙන සිටියේය. මට ඔහුගේ මුහුණ පැහැදිලිව පෙනුනේ නැත.

" මෙරාකි කියන්නෙ කාටද ? " ඔහු ගිගුරුමක් මෙන් ඇසුවේය.

අපි දෙදෙනාම තුෂ්නිම්භූතව ඒ විශාල මිනිසා දෙස බලා සිටියෙමු.

" මාස්ටර් මොරානා එයා එනකම් ක්ලබ් එකේ බලාගෙන ඉන්නවා..."

මෙරාකි සහ මම මුහුණින් මුහුණ බලා ගත්තෙමු.

මගේ කුස තුළ කැළඹීමක් ඇති වෙමින් තිබුනි.

මේ විශාල මිනිසා නිහඬවම නිවසට ඇතුළුවී කාමරයේ දොර විවර කරන තුරු අපට ඇසුනේ හෝ නැත. ඔහු මාස්ටර් මොරානාගේ පණිවිඩයක් රැගෙන මේ පාළු වගුර හරහා පැමිණි බව විශ්වාස කිරීමට අපහසුය. මාස්ටර් මොරානාට පහසුවෙන්ම දුරකතන ඇමතුමක් දෙන්නට හැකිය.

" ඒ මොකටද ? " මෙරාකි ඇසුවේය.

" එයාට ගුඩ් බායි කියන්න..." විශාල මිනිසා පැවසුවේය.

" හරි... අපි එන්නම්..." මෙරාකි පැවසුවේය. "...මුලින්ම ඇඳුමක් ඇඳගන්නකම් එළියෙන් ඉන්නවද ? "

විශාල මිනිසා දොර අසලින් ඉවත් වුවත් ඔහු දොර වසා දැමුවේ නැත. මෙරාකි සිය දිලිසෙන ඇඳුම මතින් කලබලයෙන් කලිසමක් ඇඳ ගත්තේය.

" මෙරාකි, මාස්‍ටර් ඔයාට කතා කරනව වෙන්න බෑ..." මම සෙමින් පැවසුවෙමි. මට අනතුරක සේයාවක් දැනෙමින් තිබෙයි.

" මම දන්නවා... දැන් ක්ලබ් එකට ගියොත් මට සදහටම ගුඩ් බායි කියන්න තමයි වෙන්නෙ...උන් මාව මරයි..."
ඔහු ඇඳ යටින් කුඩා බෑගයක් පිටතට ගත්තේය.

" කෙනත්... ඔයා මුලින්ම යන්න... මේ මිනිහා කීයටවත් ඔයාට කරදරයක් කරන්නෙ නෑ... මට පැනගන්න පුලුවන්... "

" කොහොමද ? "
මෙයින් පැන යාමට පසුපස දොරක් හෝ ජනේලයක්වත් නොමැත ! එසේ තිබුනත් ඒවා කෙළින්ම විවර වන්නේ එරෙන වගුරටයි !

" යන්න..."

" ඒත්..."

" වදයක් නොවී ඉස්සල්ලා යනවකො..." මෙරාකි මට රහසින් බැන්නේය.

මම සාලයට ගොස් විශාල මිනිසා දෙස බැලුවෙමි.
මෙරාකි උත්සාහ කරන්නේ ඔහු සමග පොර බැඳ පලා යන්නට නම් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වනු ඇත !

  "මාස්ටර් මොරානා මාව එක්ක එන්න කිව්වද ? " මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහු අප දෙදෙනාගෙන් මෙරාකි කවුදැයි හරියටම නොදන්නා බව ඔහුගේ කතාවෙන් මට සිතාගත හැකිය.
ඔහු අවිනිශ්චිතව හිස සෙලෙව්වේය.

" මරු..." මම පැවසුවෙමි.

ඔහුගේ දෑස් මගේ අතේ තිබූ රබර් පිප්පිය වෙත යොමු විය. මම එය ඒ මේ අත වැනුවෙමි.

" ඔයාට නම් මීට වඩා ලොකු එකක් ඇති නේද ? " මම ඇසුවෙමි.

" මොකක් ? ! " මිනිසා කෑ ගැසුවේ ඔහුගේ ඉදිරිපස අතින් වසාගනිමිනි.
" ...තමුසෙලා ඔක්කොටම පුදුමාකාර ලිංගික පිස්සුවක් තියෙන්නෙ... මන් හිතුවෙ මහ උන්ට විතරයි කියල... බලන් ගියාම උබලා සේරම එකයි... මගෙන් ඈත්වෙලා ඉදපන් පොඩි පකයා..."

" ඒකනෙ... ඉක්මනට මගෙන් නිදහස් වෙන්න... මට මාස්ටර්ව බලන්න ඕන..."

මෙරාකි කාමරය තුළින් විශ්මයෙන් එබී බලන ආකාරය මට පෙනුනි. විශාල මිනිසා මගේ උරහිසට අත තබා ඉදිරියට තල්ලු කළේය.

" මාව බඳවගන්නකොට මේවා ගැන කිව්වෙ නෑ..." ඔහු මා මෝටර් රථයකට නංවන විටත් බැන වදිමින් සිටියේය.

මම ජනේලයෙන් එබී බැලුවෙමි. මෙරාකි පාරට දුවගෙන එමින් සිටියේය.

" ඉක්මනට යන්... මට බේරිල්ලක් නෑ අරූගෙන්...ඔයා දෙවියෙක් වගේ ඇවිල්ලා මාව බේරගත්තෙ... " මම පවසන විට විශාල මිනිසා මෝටර් රථය වේගයෙන් ඉදිරියට ඇද්දුවේය. මෙරාකි කෑ ගසමින් අප පසුපස දුවගෙන එමින් සිටියේය.

" ආ..... Whores in this house...
ආ... There's some whores in this house...
There's some whores in this house
There's some whores in this house
ආ හෝල්ඩ් අප්...
....I said certified freak, seven days a week...."
මෙරාකිගේ හඬ ඇසේවි යැයි සිතූ මම හඬ  නගා ගැයුවෙමි.

මම උමතුවෙන් බව මට සිතෙයි. මගේ සිත භීතියෙන් උමතුව ඇත. මා මේ අයුරින් විකාරයක් මෙන් හැසිරෙන්නේ එබැවිනි. මම මෙරාකි වෙනුවෙන් තැනුනු මර උගුල වෙත ස්වකැමැත්තෙන් ඇවිදගෙන යමින් සිටියෙමි ! මට හඬන්නට ඕනෑ විය. කුඩා මෝටර් රථයක් අප පැමිණි දෙසට ධාවනය වූවේය. මට දුවගෙන ගොස් එයට නගින්නට සිතුනි.
එහෙත් මගේ සැලැස්ම වූවේ කොන්ක්‍රීට් නිවස දක්වා ගොස්, ඒ තුළට රිංගා දොර අගුළු දාගන්නටය.

"...Beat it up, nigga, catch a charge...
Extra large, and extra hard
Put this p*ssy right in yo' face... හහ් හහ් හහ් හහ්.... " මට හඬ නගා සිනා පහල වූ අතර ඇස් වල හිරවී තිබූ කඳුළු කම්මුළ් පහලට ඇද වැටෙමින් තිබුනි. මම අතේ තිබූ රබර් පිප්පියෙන් මෝටර් රථයට පහර දුන්නෙමි.

විශාල මිනිසාමා දෙස විටින් විට බැලුවේ කුණු ගොඩක් දෙස බලන්නාක් මෙන් අප්‍රසන්න ලෙසය.

" පිස්සු හැත්තක්..." ඔහු බැන වදියි.

මම මෙවැන්නක් කරන්නේ ඇයි ?
ක්ලබ් එක යනු කුමක්ද ? එතැන මොරානා සිටියහොත් මා ගලවාගනු ඇත ! නැති වුවහොත් !!! එහෙත් මෙරාකි මිය යනවා දකින්නට මට ඕනෑ නැත.

. මම wap ගායනා කිරීම නවතා මිනිසා දෙස බැලුවෙමි.

" මට ගෙදර ගිහින් ඇඳුමක් දාගෙන එන්න පුලුවන් ද ? "
එවිට මට ඒ කොන්ක්‍රීට් බන්කරය තුළට ගොස් අගුළු දමාගැනීමට හැකිය.

" ඇඳුම් ? පුෆ් !!! " මිනිසා සිනාසුනේය. " ඇඳුම් මොකටද ? දැන් ගියාම ඇඳුම් නැතුව තමයි ඉන්න තියෙන්නෙ... හරියට බල්ලන්ගෙ අඛණ්ඩ ලිංගික සන්දර්ශනයකට ගියා වගේ... එතන පුදුම අසහනකාරයෝ ගොඩක් ඉන්නෙ..."

මම කෙළ ගිල්ලෙමි. කොන්ක්‍රීට් නිවසේ වහලය වනාන්තරය මතින් පසු වී යද්දී මම හීල්ලුවෙමි.

" ඔයාට ශුවර් නේද මාස්ටර් මොරානා එතන ඉන්නව කියල..." ඔහුගේ අංකයට ඇමතුමක් ගැනීමට උත්සාහ කරමින් මම ඇසුවෙමි. එහෙත් මම

You are reading the story above: TeenFic.Net