25. සමුගැනීමේ සාදය - 1

Background color
Font
Font size
Line height

25. සමුගැනීමේ සාදය - 1
=======================================

ලූනා වතු යායේ එක් අන්තයක ආරක්ෂාව තර කර තිබුනි.
ඒ පෙදෙසේ කර්මාන්තශාලා හෝ සේවක නේවාසිකාගාර නොමැත. මේ වගුරක් යැයි කියන්නට නොහැකි වන තරමට එය සංවර්ධනය කර තිබුනි. මන්ද යත් EYRE සමාගමේ වැදගත්ම නිශ්පාදනාගාරය ඒ දිශාවේ ගොඩනගා තිබූ බැවිනි.

එනම් " සමාජය " නිර්මාණය කරන නිශ්පාදනාගාරයයි.

එය එමරල්ඩ් නගරයේ ධනවතුන්ගේ ප්‍රධාන රැස්වීම් ස්ථානය වූ Del Luna සමාජ ශාලාවයි. EYRE සිය සමාජ සම්බන්ධතා නිර්මාණය කරන්නේ සහ නඩත්තු කරන්නේ මේ තුළය.

අද ඉරිදා දිනයක් වූ අතර සුපෝඛබෝගී මෝටර් රථ එක දෙක බැගින් රථ ගාලේ පිරී යමින් තිබුනි.

ප්‍රධාන සමාජ ශාලා ගොඩනැගිල්ලට මද දුරකින් දෙමහල් මැදුරක් පිහිටා තිබුනි. එහි පිවිසුම් ද්වාර වරකුරු විසිත්ත කාමරයකට විවර වූ අතර මොරානා සහ ගාබ්‍රියෙල් එහි වූ සුවපහසු දිගු අසුනක හිඳගෙන සිටියෝය.

මොරානා නිහඬව කල්පනා කරමින් සිටි අතර ගාබ්‍රියෙල් සුපුරුදු පරිදි මුලින්ම සිය මුව විවර කොට තිබුනි.

" තමුසෙ මොනවද කළේ ?" ගාබ්‍රියල් ඇසුවේ මොරානාගේ උරහිසකට පහරක් එල්ල කරමිනි.

" මම කරපු මගුලක් නෑ... " මොරානා කෝපයෙන් පැවසුවේය. " ...පපාට පිස්සු..."

" තමුසෙ කරපු මොකක් හරි පිස්සු වැඩක් නිසා තමයි පපාට හදිස්සියේම අපිව හම්බ වෙන්න ඕන කියන්න ඇත්තෙ..."

" තමුසෙ කරපු මොකක් හරි දෙයක් නිසා වෙන්න බැරිද ? "
මොරානා ඇසුවේය.

" මන් ? මම කිසිම දෙයක් කරේ නෑ... " ගාබ්‍රියල් කෑ ගැසුවේය.

" හරි හරි රණ්ඩුවට එන්න එපා..." මොරානා පැවසූ පසු ගාබ්‍රියල් ඔහුගේ කර වටා අතක් යවා ගන්නට උත්සාහ කළේය.

" පලයන්කො යන්න..." මොරානා ඔහුගේ අත ඉවත් කරමින් පැවසුවේය.

"තමුසෙ නිකන් පැණි සුවඳයි..." ගාබ්‍රියල් පැවසුවේ ඔහුගේ ගෙල ඉව කරමිනි.

" එක පාරක් කිව්වනෙ එන්සෝ... "

" තමුසෙ අර දත් ගලවපු කොල්ලා එක්ක නිදා ගත්තද ?" ගාබ්‍රියෙල් ඇසුවේ රහසිගත හඬකිනි. " ...මට ආරංචියි පොර මෙහෙන් අයින් වෙලා යනව කියලා. මන් කල්පනා කළේ... "

" එහෙම දෙයක් නෑ..." මොරානා පැවසුවේය. ඔහුට ගාබ්‍රියල්ගෙන් ඉවත් ව සිටීමට ඇවැසි විය.

" හ්ම්..." ගාබ්‍රියෙල් සුවපහසු අසුනේ ඇන්දට හේත්තු වූවේය. " මන් කල්පනා කරන්නෙ කවුද කියලා ! "

මොරානා නිහඬවම ඉදිරියේ වූ කෝපි මේසය මත තබා තිබූ කූඩය දෙස බලාගෙන සිටියේය.
Numinous ඉතා දුර්ලභ පයින් වර්ගයක් වූ අතර ඒ පයින් කෝන් වලින් නිස්සාරණය කරන ලද සුවඳ විලවුන් , තෙල් සහ ඒවායින් සැකසූ ඉටිපන්දම් වලින් කූඩය පුරවා තිබුනි. පපා ඒ සුවඳට කැමතිය.

ඒ පයින් වර්ගය අසාමාන්‍ය ලෙස භූගත ජලය උරාගෙන වැඩුණු වෘක්ෂ විශේශයක් විය. එහි පත්‍ර වෙනත් පයින් ශාක වල පත්‍ර වලට වඩා තියුණු විය. ඒවා පොළව මත වැතිරුණු විට වැසි ජලය පොළවට වැටෙන්නේ හෝ උරා ගන්නේ නැත. ඉතින් ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම සිඳී යයි. මිනිසුන් මේ පයින් වර්ගය දුටු සැනින් කපා දමන්නට පුරුදු වී සිටි නිසා ඒවා වේගයෙන් වඳ වී යන්නට පටන් ගෙන තිබුනි.  ඒ පයින් වර්ගය ආපසු වවා එයින් සුවඳ තෙල් නිස්සාරණය කිරීම ඇරඹුවේ මොරානාය. ඒ තෙල් සහ ඒවා මිශ්‍ර නිශ්පාදන වලට ඉහළ ඉල්ලුමක් ලොව පුරා ඇති විය. තෙල් නිශ්පාදනය මන්දගාමී වූ අතර සැපයුම සීමා සහිත වූ නිසා අධික මිලක් ඒ සඳහා නියමව තිබුනි.

  ලූනා වතුයාය පයින් කෝන් ඉහළ මිලකට මිලදී ගත් නිසා මිනිසුන් ඒ ගස් කපා දැමීම නතර කර පයින් කෝන් අලවි කරන්නට වූවේය.

ඒ පයින් වර්ගය සුරක්ෂිත කිරීම හේතුවෙන් මොරානාට රජයෙන් ගෞරව සම්මානයක්ද හිමි විය. එහෙත් එය තමා කළ යුත්තක් වූවේදැයි මොරානා සිතුවේය. දැන් පොළවේ සාරය උරාගෙන Numinous හොඳින් සැපසේ වැඩෙයි ! ජල උල්පත් සිඳී යාම නිසා තව නොබෝ කළෙකින් කෝන් මගින් මුදල් උපයන මිනිසුන් දුක්ඛිත භාවයට ඇද වැටෙනු ඇත. මොරානාට තෙල් නිශ්පාදනය නතර කරන්නට ඇවැසි විය.

එහෙත් පපා ඊට කැමති නැත. ඒ හැරත් Numinous සුවඳ තෙල් ඔවුන්ගේ බොහෝ රූපලාවණ්‍ය නිශ්පාදන වල අඩංගු කර තිබුනි. ඒ නිසා ගාබ්‍රියෙල් ද ඊට කැමති නැත.

මොරානා සුසුමක් හෙළුවේය. මේ අවසාන තෙල් අස්වැන්න වනු ඇත ! ඔහු ඒ නිශ්පාදනය අවසන් කරන්නට සැලසුම් කරගෙන සිටියේය. පයින් තෙල් ස්වල්පයක් ගාබ්‍රියෙල් ගේ නිශ්පාදන වල අඩංගු නොවුනා යි කියා එහි අන්තර්ගතය විශාල ලෙස වෙනස් නොවේ. මිනිසුන්ට එය දැනෙන්නේ හෝ නැත !

තමාට ඒ ආකාරයෙන් වෙනස් කරන්නට බොහෝ දෑ ඇති බව ඔහු කල්පනා කළේය.

" මාස්ටර්ස්... වැඩිමහල්ලා ඇතුළට එන්න කිව්වා..." යෝධයෙකු බඳු ආරක්ෂක නිලධාරියෙකු පැමිණ පැවසුවේය. මොරානා සහ ගාබ්‍රියල් නැගී සිටියෝය.

" එක්කෙනා ගාණෙ ! "

" මොන මගුලකටද ඒ ? " ගාබ්‍රියෙල් සිය හඬ උස් කළේය. නාකි මිනිසාව මුණ ගැසීමට තනිව යාමට ඔහුට ඇවැසි නොවීය. මොරානා කූඩය රැගෙන ඇතුළට ගියේය.

ගාබ්‍රියල් ඒ දෙස බලා සිටියේය. " අඩුම තරමෙ මේ බූරුවාට තිබුනා මට කලින් යන්න දෙන්න... පොර ගිහිල්ලා මොකක් හරි මෝඩ දෙයක් කියලා පපාව තරහ ගස්සලා ආවම මම එපැයි බැණුම් අහන්න... පුදුම යක්සයෙක් මූ නම්... මාවම කන්න ආව එකෙක්..." ඔහු බැන වදිමින් විශාල ආරක්ෂකයා දෙස බැලුවේය.

" වූඌඌඌ.... තමුසෙ නම් පපාට හොඳට සළකනව ඇති.." ඔහු අතේ තිබූ වැඩ දැමූ සැරයටිය ආරක්ෂකයාගේ පෞද්ගලික ස්ථානයට යොමු කරමින් පැවසුවේය.

ගාබ්‍රියල් ඔහු වටා කැරකෙමින් ඔහුව නිරීක්ෂණය කළ අතර විටින් විට තැනින් තැනට සැරයටියෙන් ඇන්නේය. " තමුසෙලා මොනවද කන්නෙ හැබෑටම ? "
විශාල ආරක්ෂකයා ඉවසාගෙන සිටින බවක් පෙනෙන්නට විය.

" කට අරිනවා... මට දත් බලන්න ඕන..." ඔහු පැවසුවේය. විශාල මිනිසා පුදුමයෙන් ගාබ්‍රියෙල් දෙස බැලුවේය.

" with all the res..."

" කතා කරන්න කියල කවුද කිව්වෙ ? කට අරින්න කියල කිව්වෙ..."

ඔහු කරකියාගන්නට දෙයක් නොමැතිව කට ඇරියේය.

" හ්ම්ම්ම්... තමුසෙගෙන් පපා වැඩ අරන් නෑ වගේ..." ගාබ්‍රියෙල් යළිත් ඔහුගේ පෞද්ගලික ස්ථානයට ඇන්නේය.

" මේක ලොකුයිද ?" මිනිසා ගාබ්‍රියල් දෙස දවා හළු කරන අන්දමේ බැල්මක් හෙලුවේය. එහෙත් ඔහුට කිසිවක් කළ නොහැක. මන්දයත් එන්සෝ ගාබ්‍රියෙල් යනු වැඩිමහල්ලාගේ ප්‍රියතම පුත්‍රයෙකු වූ බැවිනි.

ඔහු යළිත් අසුනට ඇවිද ගොස් හිඳ ගත්තේය.

" ඔහේ කැමති නැද්ද මගේ ලෝයල් ඩෝග් වෙන්න?"
ආරක්ෂකයා නිහඬව සිටියේය.

" හ්ම්..." ඔහු දෙස බලා සිටි ගාබ්‍රියෙල් අසුනට ගොස් හිඳගත්තේය.

========================================

ලූනා වතුයාය කොතරම් විශාලද යන්න ගැන මට අවබෝධයක් ලැබුනේය. කර්මාන්තශාලා කිහිපයක්, නිලධාරීන්ගේ නිල නිවාස කිහිපයක් සහ සේවකයන්ගේ නේවාසිකාගාරයකුත්, සුපිරි වෙළඳසැලකුත් මම පසු කළෙමි. එය සම්පූර්ණයෙන්ම වැඩවසම් ගම්මානයක් මෙනි.

  ක්ලබ් හවුස් යනු සොඳුරු දසුන් පෙනෙන පරිදි වගුර ගොඩ කර ඒ මත ඉදි කළ සංචාරක නිවාස බව මම වටහා ගත්තෙමි.
" මේ ගඳ ගහන වගුරෙ මොනා බලන්න එනවද මන්දා..." මම සිතුවෙමි.

වගුරු මීදුම මැදින් මට කුඩා සංචාරක නිවස දිස් විය. මම යතුරු පැදිය නවතා මද වේලාවක් ඒ දෙස බලා සිටියෙමි.
නිවස සම්පූර්ණයෙන්ම හුදෙකලාව තිබූ අතර සාදය පැවැත්වෙන බව පැහැදිලිව දක්වමින් ප්‍රවේශ මාර්ගය දෙපස විසිතුරු විදුලි බුබුළු දල්වා තිබුනි. ඒ නිවාසය ඉදි කර තිබුනේ වගුර මැදය. රොන් මඩ පතුළට බා වී තිබූ නිසා වගුරු ජලය පැහැදිලිය. මම අත් වැටෙන් පහතට එබී බැළුවෙමි. පරවූ ජලජ මල් සහ කුණුවෙමින් තිබෙන පැළෑටි වල සුන්බුන් මට පෙනෙයි.

සිය සාදය මෙවැනි ජනශූන්‍ය ජලජ වනාන්තරයක් මැද පවත්වන්නට කටයුතු යොදා ගත් මෙරාකිට මම සිතින් බනින්නට වූවෙමි.

මම සෙමින් නිවසට ඇවිද ගියෙමි. වසා තිබූ දොර මත ක්‍රේප් පටි වලින් කළ සැරසිල්ලක් තිබූ අතර ඇතුළෙන් වාදනය වන ගීතයක හඬ මට ඇසුනි.එය කිසියම් ආකාරයක ඔපෙරාවක් මෙනි.
දොරගුළ මත අත තැබූ මම යළිත් වරක් මෙහි යා යුතුදැයි සිතුවෙමි. මම නන්නාදුනන මිනිසුන් මැද සිටගෙන සිටින ආකාරය මට මැවී පෙනුනි. මට ඒ බියජනක හැඟීම දැනුනි !

" ඕන මගුලක්..." යි සිතූ මම දොර සෙමින් විවර කළෙමි.
ඔපෙරාව විළාප දෙන හඬ ඇසුනත් මට කිසිවෙකු පෙනුනේ නැත. නිවාසය පුරා රතු සහ කහ පැහැති ඉටිපන්දම් දල්වා මල් වලින් සරසා තිබුනේ සාදයකට ගැලපෙන අයුරිනි. මේසයක් මත කේක් සහ වයින් ඇති ආකාරයත් මට පෙනෙයි. එක් කොණක ගිණි දැල්වෙන උඳුනකි.

" තාම කට්ටිය ඇවිත් නැද්ද ? " මම සිතුවෙමි. කාර්යාලය පාළුවට ගොස් තිබූ ආකාරය මට සිහිපත් විය.

මම කබාය ගලවා කබා රඳවනයෙන් එල්ලා  නිවස තුළට ඇවිද ගියෙමි. ඉන්පසු මම උගුර පෑදුවෙමි.

" මාස්ටර් මොරානා ?" මෙරාකිගේ හඬ ඇතුල් කාමරයකින් නැගුනි. එහෙත් ඔහු පිටතට පැමිණෙන පාටක් නැත.
මෙය suprised party යක් වීමට ඉඩ ඇත. නමුත් ඔවුන් මොරානාව පුදුම කරන්නට උත්සාහ කරන්නේ මන්ද ? අනෙක ආරාධනාපතක් ලබා දී සප්‍රයිස් කරන්නේ මන්ද ?

අනෙක් අතට මම මෙරාකිව විශ්වාස නොකරමි. මගේ ආරක්ෂාව පිණිස මම මේසය මත වූ වයින් බෝතලයක් අතට ගත්තෙමි.

දොර අසලට ගිය මම ඊට තට්ටු කළෙමි.

" ඇතුළට එන්න..." මෙරාකි පැවසුවේය.
මම පයින් දොර සෙමින් ඇතුළට තල්ලු කළෙමි. එය සෙමින් ඇරුණු අතර මම මෙරාකිව දුටුවෙමි.

ඔහු මා දෙස බලා සිටියේය. මම ඔහු දෙස බලා සිටියෙමි.

මුලින්ම මට කිසිඳු වෙනසක් නොපෙනුනි. ඔහුගේ මුහුණ විශ්මයෙන් පිරී , මුව ඇරී තිබෙන ආකාරය මට පෙනෙයි.

" මොන මගුලක්ද ? " ඔහු ඇසුවේය.

" ඒක තමයි මාත් අහන්නෙ , මොන මගුලක්ද ? "
මම ඇසුවෙමි. ඔහුගේ කිසියම් වෙනසක් ඇත... එහෙත් මගේ මොළයට එය එකවරම ග්‍රහණය කරගත නොහැක.

" අවුට්..." ඔහු කෑ ගැසූ අතර මම පසුපසට වීසි වූවෙම්.

" ඔයා මට ඉන්වයිට් කලානෙ..." මම වචන ගලපාගන්නට උත්සාහ කළෙමි.

" මම තමුසෙට ඉන්වයිට් කරපු එකක් නෑ...මම ඉන්වයිට් කළේ මාස්ටර්ට ! "

මෙරාකි මෙතරම් කෝප වන්නේ මන්ද ?

" අන්න ඒක තමයි. මාස්ටර් මොරානා කිව්වා එයා වෙනුවෙන් මට පාටියට යන්න කියලා... ඉතින් මම ආවා..."

" මෙතන දැන් පාටියක් තියනව වගේ පේනවද ? " ඔහු කෑ ගසයි.

" ඔව්... කේක් තියනව, වයින් තියනව... සරසලා තියනව..."

මම සිතින් මෙරාකිට බනිමින් සිටි නිසාදෝ මගේ මුවට වචන ගලා ආවේය.
"...සිංදු දාලා තියනවා... පාටියක් තමයි..."

"ඔයා ඇත්තටම මෝඩයි ද කෙනත් ? නැත්තන් ඒ වගේ රඟපානවද ? " මෙරාකි ඇසුවේය.

මම ඔහු දෙස බලා සිටියෙමි. " මම මෝඩ නෑ... එකම වෙනස මෙතන පාටියට ආව මිනිස්සු නැති එකයි, ඔයා ඇඳක් උඩට වෙලා ලෙඩ පාටට ඉන්න එකයි.... ඔයා හොඳින්ද ? " 

" ළඟට එන්ඩ එපා ? " ඔහු කෑ ගැසුවේය. " ...යනවා යන්න මෙතනින්..."

" මම යන්නෙ නෑ... " මම පැවසුවේ දොර වසා දමා කෑම මේසය වෙත ගමන් කරමිනි. එතැන විශාල ක්‍රීම් පිරුණු චොක්ලට් කේක් ගෙඩියක් තිබුනි. ගෑරප්පුවක් ගත් මම එයින් කැබැල්ලක් කඩාගෙන කෑවෙමි.

" මොකක් හරි අවුලක් තියනව..." මම සිතුවෙමි. කේක් කැබැල්ල මගේ කටේ දිය වී ගියේය. මම තවත් කැබැල්ලක් කෑවෙමි.
මෙරාකි ගේ සාදයට මිනිසුන් නොපැමිණෙන්නේ ඇයි ? ඔහුත් මා මෙන්ම හුදෙකලා වූ මිනිසෙකු නිසාද ?

මම සාදයක් පැවැත්වුවහොත් පැමිණෙන පිරිස මම ගැන බැලුවෙමි. " ඉවාන් අයියා, ඉවාරා, බෙවලි...මගේ ඩ්‍රයිවර් පැට්... මාස්ටර් මොරානා... සමහර විට මාස්ටර් ගාබ්‍රියෙලුත් එයි..." මම එතරම් තනි වී නැත ! එහෙත් මෙරාකිගේ සමුදීමේ සාදයට කිසිවෙකුත් නැත !

මෙරාකි සිටි කාමරය තුළ යකඩ එකිනෙක ගැටෙන හඬවල් සහ කෝපයෙන් කරන ශාප කිරීම් මට ඇසුනි.

මම පිඟානක් ගෙන ඒ මත කපාගත් කේක් තලිය තබා ගත්තෙමි.
" එකයි...දෙකයි..." මේසය මත පිඟන් දෙකකි... වයින් වීදුරු දෙකකි. කෝප්ප දෙකකි... මේසය දෙපස පුටු දෙකකි...
" එකයි දෙකයි..." මම ගැන්නෙමි. හදිසියේම මගේ මොළය වැඩ කරන්නට පටන් ගත් අතර මෙරාකි ආරාධනා කර ඇත්තේ තව එක් අයෙකුට පමණි. ඒ මාස්ටර් මොරානාය...

" මූට හෙණ ගහන්න ඕනනෙ ! " මම ශාප කළෙමි.ඔහු මෙවැනි දේවල් කරන්නේ ඇයි ? 

මෙරාකිගේ කාමරය තුළින් කරන ශාප කිරීම් හඬ වැඩි වෙමින් තිබෙයි.
මට මෙරාකි සමග කතා කිරීමට ඇවැසිය.

මම පිඟානට පේස්ට්‍රියක් ද බෙදාගෙන ආපසු කාමරයට ඇතුළු වූවෙමි.

" තමුසෙ තාම ගියෙ නැද්ද ? " මෙරාකි මා වෙත ඇවිලෙයි. මම ඉදිරිපස වූ පුටුවේ ඉඳගත්තෙමි.

" ඔතන ඉඳගන්න එපා..." ඔහු මොර දුන්නේය.

" තමුසෙට පිස්සුද ? " මම ඇසුවෙමි.

" තමුසෙට තමයි පිස්සු...! මෙතනින් එළියට බැහැලා යනවා යන්න..."

මම ඔහුට සිදු වී ඇති දෙය වැටහෙන තුරු නිසලව හිඳගෙන සාදය භුක්ති විඳින්නට වූවෙමි. මෙරාකි ඇති තරම් කෑ ගසා ඉන්පසු නිහඬ වූවේය. ඔහු ඇඳෙන් නැගිට මට පහර නොදෙන්නේ මන්දැයි මම කල්පනා කළෙමි.

" ඉවරද ? " මම ඇසුවෙමි. " ...දැන් මට කියන්න මෙරාකි, ඔයා ඇයි මෙහෙම දේවල් කරන්නෙ ? අපි හම්බ උනෙත් ඊයෙ... ඔයා මට රෑ බොරු කිව්වෙ ඇයි ? "

මෙරාකි මා දෙසට මරණීය බැල්මක් හෙළුවේය.
" ගිහින් මැරියන්කො..."
ඔහුගේ කෝපය බුබුළු දමන ආකාරය මට දැනෙයි. මගේ සිතේ එක් කොටසක් මෙතැනින් ඉවතට දුවන්නට යැයි බල කරද්දී අනෙක් කොටසට ඇවැසි වූවේ ඔහුගෙන් හේතු ඇසීමටය. එය සාධාරණය !
මම නිහඬවම ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටියෙමි.

" මට හිතුනා... හරිද ? ඉතින් මම කිව්වා ! කෙනත් හරිම මෝඩයි... මන් කියපු හැම වචනයක්ම විශ්වාස කලා ! " මෙරාකි පැවසුවේය.
"...ඔයා මාස්ටර් මොරානා එක්ක නිදාගන්නවා... හැබැයි ඔයා එයාව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෙ නෑ ! "

මම කල්පනා කළෙමි. එය එසේ නොවේ. මෙරාකි එවැනි බොරුවක් නොපවසන්නට මම මාස්ටර් මොරානා ගැන එසේ නොසිතනු ඇත. එසේ සිතුවත් ඒ ආකාරයෙන් උන්මත්තකයෙකු මෙන් නොහැසිරෙනු ඇත.

" ඔයා ගැන මොකද කියන්නෙ ? " මම ඇසුවෙමි.
"...මම හිතුවෙ ඔයා මාස්ටර් ට බයයි කියල..."

එය නිවැරදිය. පැවරුමක් සම්පූර්ණ කරගත නොහැකිව ඔහු කොතරම් පීඩනයට පත්ව සිටියාදැයි මම දුටුවෙමි.

"...මම දන්නව එයා ඔයාගෙ දත් ගැලෙව්වා කියල, ඒත් ඔයා තාම එයා එක්ක නිදාගන්න හදනවා..."
මෙරාකිට පිළිතුරු නොමැති සෙයකි. ඔහු මා දෙස බලාගෙන සිටියේය.

" ඔයාට මාස්ටර් ඉස්සරහා හරියට හිටගන්නවත් බෑ... ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු... ඔයා මොනාද කරන්නෙ අඩුමතරමෙ මාස්ටර් එක්ක? "

"මන්...මන්..."
මම කෙළ ගිල්ලෙමි.

ඔහු මට බොරු කීවේ ඔහුගේ දුෂ්ටකම නිසාය. මම මගේ මෝඩකම නිසා එය ඒ ආකාරයෙන්ම විශ්වාස කළෙමි.

" ...හරි ශෝක්...ඔයා හිතන්නෙ මාස්ටර් කොල්ලෙක් එක්ක ඉන්නකොටත් හතරවටේ නිදියනවා කියලද ? පොඩ්ඩක් ඉන්නව මාස්ටර් මේ ගැන දැනගන්නකම්... "
මෙරාකි නොකඩවා මට බැන වදියි.

" ඒ ගැන හොඳටම දන්නව නම් ඔයා ඔය විදිහට මොනවද කරන්නෙ ?" මම ඇසුවෙමි.

මෙරාකිට යළිත් පිළිතුරු නොමැති විය. ඔහු දිදුලන විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී සිටි අතර රන්වන් හිසකෙස් ඉතා සිනිදු වන ලෙස සකසා තිබෙන අයුරු මට පෙනෙයි. දෙසවන් වල සහ ගෙලෙහි රන්වන් ආභරණ දිලෙයි.

ඔහු බලාපොරොත්තු වූවේ මාස්ටර් මොරානාය...ඔහු පමණක්මය...

" මම...මම... අපේ සම්බන්ධෙ තවම ඉවර වෙලා නැහැ..." මෙරාකි පැවසුවේය. "...මන් දන්නවා මාස්ටර් මාත් එක්ක තරහෙන් ඉන්නෙ මම එයාට convercation එකට ආරාධනා නොකළ එකට...! ඒ ත් ඒක හරිගස්සගන්න පුලුවන් ! අපි අවුරුදු දෙකක් එකට හිටියා කෙනත්... ඔයා දන්න දෙයක් නෑ... "

" මාස්ටර් මොරානා ඒ ගැන තරහෙන් නෙමෙයි ඉන්නෙ..." මම පැවසුවෙමි. "... එයා කළකිරීමෙන් ඉන්නෙ... ඔයාගෙ ජරා වැඩ නිසා..."

" මට බැණුම දාන්න එපා... මාස්ටර් මොරානයි මමයි... තමුසෙ මේක මැදට පැන්නෙ නැත්තන් මේක මෙච්චර අමාරු වෙන්නෙ නෑ..." ඔහු කෑ ගැසුවේය.

" ...තමුසෙ කොහොම හරි මායම දාලා මාස්ටර්ගෙ හිත දුර්වල වෙලාවෙදි එයාව අල්ලගත්තා..."
මේ සංවාදය මට තවදුරටත් ඉදිරියට කරගෙන යාමට නොහැකි ස්වභාවයක් මට දැනෙයි. මට ඔහුට එකින් එක තේරුම් කර දීමට ඇවැසිය. එහෙත් ඔහු කිසිවක් තේරුම් ගන්නා මානසික මට්ටමක නැත.

ඒ වෙනුවට මම අලුත් හැඟීමක් ගැන ඉගනගනිමින් සිටින සෙයකි !
ඒ ඊර්ෂ්‍යාවයි !

මා අරභයා මෙරාකි තුළ ඒ හැඟීම බුබුළු දමයි.

ඔහු මාස්ටර් මොරානාට වෛර කරන බව මම දනිමි. නමුත් ඊර්ෂ්‍යාව නිසා වෛරය පරදවා ඔහුගේ යටපත්ව තිබූ ආශාව ඉහළට මතු වී තිබේ.

මම මෙරාකිගේ තැන සිටියානම් අනිවාර්යයෙන්ම මමද ආශාවෙන් සහ ඊර්ෂ්‍යාවෙන් මිරිකී මොරානා හා බැඳී සිටිනු ඇත.

හරියට මෙරාකි දම්වැල් වලින් ඇඳට බැඳී සිටින්නාක් මෙනි.
එය නිවැරදිය. මට මුල සිටම මෙරාකි අමුතු ලෙස පෙනුනේ එබැවිනි.
ඔහුගේ දෑත් දෙපසට විහිදී තිබූ අතර ඒවා මාංචු වලින් ඇඳේ විට්ටමට අගුළු ලා තිබුනි.

මාස්ටර් මොරානා යළිත් ඔහු වෙත නොපැමිණෙන බව මට පවසන්නට සිතුනි. ඒ පැහැදිලිවම මා නිසා නොවේ. ඒ ඔහු මෙරාකි හා පැවති සම්බන්ධතාවය  නතර කළ බැවිනි. ඔහුගේ සිතේ මෙරාකි පිළිබඳව තිබූ හැඟීම් එක් මොහොතකදී සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය හෙයිනි. ඔහු කොන්දේසි විරහිතව ඔහුගේ සිරුර සහ ආත්මය මොරානා වෙත වීසි කර ඇති ආකාරය මට පෙනුනි. එහෙත් එයින් පළක් නොමැත.

සම්පූර්ණයෙන්ම මට ඔහු ගැන අනුකම්පාවක් දැනුනි.

" මම ඔයාගෙ අත් වල මාංචු අරින්නද ?" මම ඇසුවෙමි.  මෙරාකිගේ මුහුණ රතු වන ආකාරය මට පෙනුනි. 

" මම ඒක බලාගන්නම්..." ඔහු පැවසුවේය.

මම අසුනෙන් නැගී සිටියෙමි.
" ඔයාට බලාගන්න පුලුවන් කිසිම දෙයක් නෑ මෙරාකි..."

" කටවහගෙන යනවා..." ඔහු පැවසුවේය.

" මම දන්නව ඇයි මාස්ටර් ඔයාගෙ දත් ගැලෙව්වෙ කියල..." මම සෙමින් පැවසුවෙමි. මෙරාකි නිහඬවම පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටියේය. මම ඔහු අසලට ගොස් ඔහුගේ කණ අසලට කිට්ටු වූවෙමි.

" ඒ... ඔයා... නිතරම...හපා...කන...නිසා..." මම වචනයෙන් වචනය තියුණු කරමින් පැවසුවෙමි.

මෙරාකි මා වෙත පනින්නට උත්සාහ කළේය. එහෙත් ඔහුට සෙලවීමට හෝ නොහැක.

මම ඔහු දෙස බලා සිටියෙමි.

"  ඔයා මොරානගෙ විශ්වාසෙ කඩ කරා...ඒකයි එයාට ඔයාව එපා උනේ. මම නිසා නෙමෙයි ! ඔයා නරක මනුස්සයෙක් මෙරාකි..."

"නෑ..." ඔහු කෑ ගැසුවේය. " ...මම නරක මනුස්සයෙක් නෙමෙයි...මම හොඳ කොල්ලෙක්..."

මම සුසුමක් හෙළුවෙමි. .
" ඔයා වතුයායෙ සිස්ටම් එකේ සිදුරක් හැදුවා නේද ? "
මෙරාකිගේ ඇස් එළියට පනීවියැයි මම බියපත් වූවෙමි.
" චූටිම චුටි සිදුරක්... ඒ සිදුරෙන් රිංගපු බග් එකක් තවම සිස්ටම් එකේ ක්‍රියාත්මක වෙනවා. ඔයා මාස්ටර් මොරානගෙ වතුයායෙ තොරතුරු පිටට විකිණුවා ! ඒකයි මොරානා ඔයාගෙ දත් ගැලෙව්වෙ... නැතුව මේ අත තියාගෙන ඉන්න බැරි කමට නෙමෙයි... ඩිග්‍රි ෆී ගෙවයිද නැද්ද කියන එක ගැන ඔයා මාස්ටර්ව විශ්වාස කළෙත් නෑ... ඒකයි ඒ වගේ ජරා විදිහකට සල්ලි හෙව්වෙ ! නේද ?" මම කියාගෙන ගියෙමි.

එය නිවැරදිය. පද්ධතියට  දත්ත ඇතුළත් කිරීම නතර කර දමා ඇත්තේ ඒ සිදුර සහ ආගන්තුග ඔත්තු බලන වැඩසටහන ඒ තුළ ක්‍රියාත්මක වන නිසාය.

මාස්ටර් මොරානාට එය යළිත් සැකසීමට තරම් පද්ධති පිළිබඳ දැනුමක් නොමැත්තා සේම ඔහු මාස්ටර් ගිලියන්ට ඒ ගැන දැනුම් දීම පවා පමා කර ඇත්තාක් මෙනි. මන්ද යත් එවැනි වරදකට දඬුවම සමාගමෙන් ඉවත් කිරීම පමණක් නොව යළිත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වන ලෙස නම සහ අපරාධය ප්‍රසිද්ධ කිරීමයි ! ඉතින් ඒ නිසා මාස්ටර් මොරානා , මෙරාකි සමාගමෙන් ඉවත්ව යන තුරු එය දැනුම් දීම පමා කර ඇත !

" ...මාස්ටර් ඔයාටම සිස්ටම් එක රීබිල්ඩ් කරන්න දුන්නා මෙහෙන් අයින් වෙන්න කලින්... ඒකයි ඔයාට අමතර පැවරුම් කරන්න වෙලාව තිබ්බෙ නැත්තෙ..." මම ඔහේ වචන වලින් දමා ගැසුවෙමි.

ඔහුට ඒ ආගන්තුක පද්ධතිය ඉවත් කරනවා තබා ඒ සඳහා සැලසුමක් හෝ සකසන්නට නොහැකි වී ඇත. ඇතැම් විට මෙරාකි මේ ආකාරයෙන්  උත්සාහ කරන්නේ මාස්ටර් මොරානාගෙන් සමාව ලබා ගැනීමට හෝ ඒ ගොඩනැගීම නොකර සිටීමට හේතුවක් සැකසීම  විය යුතුය !

" Pathetic..." යි පැවසූ මම කාමරයෙන් පිටව සාලයට පැමිණියෙමි.

මට තවත් මෙතැන රැඳී සිටින්නට ඕනෑකමක් නැත.

මෙරාකිට සිය දෑත් නිදහස් කරගත හැකිවේ යැයි මම සිතමි!
එහෙත් එසේ කරගන්නට නොහැකින්වුවහොත් ඔහුට වෙනත් අයෙකු පැමිණෙන තෙක් එසේ සිටින්නට සිදුවනු ඇත. එය දින ගණනක් වීමටත් ඉඩ ඇත. මන්ද යත් මම ඔහු ගැන කිසිවෙකුටවත් කියන්නට නොයන බැවිනි !

මම යළිත් කාමරයට ගියෙමි. මෙරාකි හිරවී දඟලමින් සිටියේය. මම දකිත්ම යළිත් ඔහු කෙළින් වී හිඳ ගත්තේය. ඔහු සුදුමැළිව, කරකියාගන්නට දෙයක් නොමැතිව සිටින ආකාරය මම දුටුවෙමි.

මට ඔහු ගැන දුක්මුසු හැඟීමක් දැනෙන්නට විය. මම කිසි දිනක මේ ආකාරයෙන් කිසිවෙකුට බැන වැදී නැත. මම නපුරු වූ බවත්, දුෂ්ට ලෙස ඔහු සඟවන්නට උත්සාහ කරන කතාව එළියට ඇදගත් බවත් මම දැන සිටියෙමි.

මම හිඳගෙන සිටි අසුන අසල කණප්පුව මත මාංචු වල යතුරු තිබුනි. මම ඒවා ගෙන ඔහුගේ දෑත් නිදහස් කළෙමි. මට තව දුරටත් ඔහු සමග කතා කරන්නට ඇවැසි නොවීය.

මෙරාකි එලෙසම පොරෝනය යටට ගුළි වූවේය.
මට ඔහුගෙන් සමාව ඉල්ලන්නට සිතුනි. එහෙත් ඒ කුමක් සඳහාද ? ඔහු අඬනවාද ? මට ඔහුව මෙතැන තනිව දමා යාමට සිතෙන්නේ නැත !

එහෙත් අනෙක් අතට මට ඔහු ඉදිරියේ සිටගෙන සිටීමට නොහැක ! මම නිවසින් පිටතට ඇවිද ගොස් ආලින්දයේ තබා තිබූ ඇඳි පුටුවක හිඳ ගෙන බලා සිටියෙමි.

=======================================
=

මොරානා දොරට තට්ටු කොට කාමරයට ඇතුළු වූවේය. එක් පොකුරු පහනක් පමණක් දැල්වෙමින් තිබූ නිසා කාමරයේ වංශවත් පෙනුම අඳුරින් වැසී ගොස් තිබුනි.

විශාල චිත්‍රයක් පසුබිම් කරගෙන තිබුනු විශාල කළුවර මේසයක් පසුපස උසැති අසුනක් තබා තිබුනි. ඒ මත මිනිසෙකු හිඳගෙන සිටියේය. මොරානා සිය කූඩය මේසය මතින් තැබුවේය.

" Delighted to see you here Papa..." ඔහු පැවසුවේය.

" ලූනා... මගේ රත්තරන් දරුවා..." මිනිසා දයාබර ලෙස පැවසුවේය. ඔහු සිය සුරත ඔහු වෙත දිගු කළ අතර මොරානා ඉදිරියට නැවී ඔහු මැදැගිල්ලේ පැළඳ සිටි මුදුව සිප ගත්තේය.

" එන්සෝ ? " ඔහු විමසයි. මොරානා ගාබ්‍රියල් පැමිණීමේ ශාලාවේ සිටින බව පැවසුවේය. " ...හොඳයි හොඳයි... මම ඒ දඩබ්බර කොල්ලා එක්ක වෙනම ටිකක් කතා කරන්නම්..."

මොරානා හිස සෙලෙව්වේය. වැඩිමහල්ලා ඔහුව හමු වීමට ඇවැසි බව පැවසුවේ මන්දැයි ඔහු කුතුහලයෙන් යුතු විය. එය හොඳකට වඩා නරකක් විය යුතුය !

=====================================
කොටස පොඩියි වගේ දැනෙනෝ නම් සොරි හොඳේ. පින්තූරත් නෑ. මට හිටගෙනත් නින්ද යනව දැන් 😅.
මම ටිකක් බිසී මේ දවස් ටිකේ.
දවස් 3න් 3ට දෙන්න ඕන නිසාමයි මේ ටික දෙන්නෙ.මේකෙ ඉතිරිය හෙට රෑට දෙන්නම්. 💗💗 ටිකක් ලොකු කොටසක් දෙන්නම් කියල හිතන් හිටියෙ 🙁🙁
ස්තූතියි ! කමෙන්ට් කරන්න ඈ...


You are reading the story above: TeenFic.Net