22. ජුලියට් සහ අවසන් වචන

Background color
Font
Font size
Line height

22 කොටස

මම වහලය දෙස බලාගෙන හුස්ම ඉහළ පහළ ගැනීම ගැන අවධානය යොමු කළෙමි. මදින් මද මගේ සිත යථා තත්වයට පත් වන්නට විය. මම ඉන්නේ කොතැනද යන්න ගැන මම අවබෝධ කර ගත්තෙමි.  පොරෝණය යට මට අධික රස්නයකුත් තද ගතියකුත් දැනෙන්නට විය. මම ඇඳෙන් බිමට බඩ ගෑවෙමි. යහන අසල වූ ගිණි උඳුන දුටු මට කෑ ගැසෙන්නට ගියේය. එහෙත් ඒ බොරු ගිණිදැල් ය. කාමරය තුළ අධික උණුසුමක් තිබෙන්නේ ඒ හේතුවෙනි. කාමරය අඳුරුය...ඇහිරුණු බවක් ඇත. මට කෑ ගසන්නට සිත් විය. එහෙත් එක් බිත්තියක එල්ලා ඇති තිර රෙදි මට පෙනුනේය. එය ජනේලයක් විය යුතුය. මම ඒ වෙත දණගාගෙන ගියෙමි. වීදුරුවට මුහුණ තද කරගත් මට සඳ එළියෙන් නැහැවුණු එළිමහන පෙනෙන්නට විය.
මට පිටතට යන්නට ඕනෑ විය.  ජනේලය හෝ දොර හෝ ජනෙල්දොර හෝ විවර කරගත හැකි අගුල සොයාගත් මම පිටතට අඩිය තැබුවෙමි.

වර්ශාව නිසා අවට වායු ගෝලය අධික ශීතලෙන් යුතු විය. මම දොර අසල සිටගෙන හිර වී අපහසු ලෙස තිබූ ඇඳුම් ගලවා ඉවත් කළෙමි. ශීතල සුළඟ ඇඟේ දැවටෙන විට මට මහත් සැනසීමක් දැනෙන්නට විය. මම සෙමින් කුඩා මිදුලේ කෙළවරට ඇවිද ගියෙමි. සඳෙහි ප්‍රතිබිම්භයක් කුඩා පිහිනුම් තටාකයට වැටී තිබුනි.

සුළං හමන විට එහි දිය රැළි නැගුණි. සඳ බොඳව ගියේය. පිරී තිබූ ජලය සල සල හඬ නංවමින් තටාකයේ ගැට්ටෙන් ඉතිරී ගියේය. මම අත් වැටට බර වී පහත බැලුවෙමි.
අඳුරු ආගාධයක් මට පෙනෙයි !

එහෙත් හිස ඔසවා දුර බැලූ විට කුඩා වනරොදත් ඉන්පසුව තෙරක් නොපෙනෙන වගුරු බිමත් දිස් වෙයි. වගුරෙහි වැවී තිබෙන තණ පඳුරු එකම අතකට සුළඟේ වැනෙන්නේ මහ මුහුදක් මෙනි.
ඒ සියල්ලම තෙල් සායම් සිතුවමක් ලෙස සඳ එළියෙන් පෙනෙයි. ඇත්තෙන්ම ඒ වගුර මුහුද දක්වා දිව යනවා විය යුතුය. මගේ සිත මදින් මද සංසුන් විය. 
මට තවත් දුර්වර්ණ මතක කැබැල්ලක් හමු වූ සෙයකි.

මගේ ළාබාල මනස දුටු දෘෂ්ටි මායාවක් බඳු දෙය දැන් මගේ වැඩිහිටි විඥාණයට හසු වී තිබෙයි. මිනිසෙකු කුඩා දරුවෙකුට හිංසා කරන දුටුවෙමි.
" හිංසාව ? " එය හිංසාවක් නොවේ. දෙපා අතර ඇති හිසක තේරුම මම දැන් දනිමි.   මම දුටුවේ කුඩා ළමයෙකුට සිදු වන ලිංගික අපයෝජනයකි.
මම ස්වභාවයෙන්ම අඳුරට බිය අයෙක්මි.
ඒ අන්ධකාරයත් මගේ නොදන්නාකමත්, බිය ජනක හැඟීමුත් නිසා ඒ වැඩිහිටි මිනිසා මට යකෙක් මෙන් පෙනෙන්නට ඇත. එය අප්‍රසන්න සහ කම්පිත මතකයකි.

ඒ මම නොවීම නිසා මට තරමක සහනයක් දැනුනි. මගේ එකම ප්‍රතිචාරය දේවස්ථානයෙන් ඉවතට දිව ගොස් හා ගුල තුළ සැඟවීම පමණකි.
හාවන් මරා දැමූ ශීත සෘතුවේ මට වයස අවුරුදු හයක් පමණ වන්නට ඇත. පියානෝ පාඩම් ගන්නා විට වයස අවුරුදු එකොලහක් පමණ විය යුතුය. අවුරුදු හයක් තිස්සේ මම ඒ හා ගුල තුළට රිංගා ඇති සෙයකි ! එය මගේ ආරක්ෂිත ගුල වන්නට ඇත.

මම බතල වගා කරන්නට ඉගනගන්න ඇත්තේ ඉන්පසුව විය යුතුය.

මම අතෙහි ගුලි වී තිබූ මැණික් ආභරණය දෙස බැලුවෙමි .

එය මා වෙත වීසි කළේ ප්‍රසංගයේදී මට හඳුනාගන්නට ලැබුන ගොන්සාලිස් හෙවත් එකැස් මිනිසාය. ඒ මා නානකාමරයේදී ඔහුට අභිමුඛ වූ විටදීය.
" මේක ගන්න...මේක තමුසෙගෙ..." ඔහු පැවසුවේය.
මම එය රැගෙන සාක්කුවට දමා ගත්තෙමි. අද උදෑසන එය මගේ කලිසම් සාක්කුවෙන් බිමට වැටුණු අතර මොරානා දැකීමට පෙර එය අසුලාගෙන ඩෙනිම් කලිසමේ සාක්කුවට දමා ගත් බව මට මතකය.

ඇත්තෙන්ම එය මගේද ? ඔව්... මම සිහිනයේදී එය අතේ ගුලිකරගෙන සිටියෙමි !
එහෙත් එය වෙනත් අයෙකුගේ ගෙලේ රැඳී තිබුනු එකක් විය.

මම ඒ පුද්ගලයාගේ මුහුණ සිහිපත් කරගන්නට උත්සාහ කළෙමි. ඒ මට හමු වූ ඡායාරූපයේ සිටි මිනිසාද ? ඒ මගේ තාත්තාද ? මට පියානෝ පාඩම් ඉගැන්නුවේ මගේ තාත්තාය. ඔහු මට දේවස්ථානයේ පියානෝවෙන් පාඩම් ඉගැන්වූවේය !

එය එසේනම් මම අල්ලාගෙන සිටින මැණික් ආභරණය තාත්තාගේය. එය ගොන්සාලිස් නැමති මිනිසාගේ කරේ තිබුනේ කෙසේද ? ඔහුට මැරයෙකුගේ පෙනුමක් තිබුනි. ඔහු එය සොරා ගත්තාද ?
ඔහු මා වෙත පැමිණීමට තරම් නිර්භීත වූවේ එබැවිනි. ඔහු භීතියට පත්වන්නට ඇත්තේ ඔහුගේ සොරකම ගැන මා දන්නා බව සිතූ නිසාවෙන් විය යුතුය !

ඔහු මගේ ගම ගැන දැන සිටියේය. මා දැන සිටියේය ! කිසිඳු බියකින් තොරව මගේ තාත්තාගේ ආභරණය පැළඳ සිටියේය.
මට ඔහුව හමුවී ඒ ගැන අසන්නට ඇවැසිය.

මම මගේ අම්මාගේත් තාත්තාගේත් මුහුණු සිහිපත් කරගන්නට උත්සාහ කළෙමි. අම්මා මා හා ගුල තුළට දමා වෙඩි තැබුවාය. එහෙත් තාත්තා...

ඔහු මට " වස්තුවේ..." ලෙස ඉතා ආදරයෙන් ඇමතුවේය. අද වනතුරු මගේ ජීවිත කාලයටම එතරම් ආදරණීය ඇමතුමක් මට ඇසී නැත. මගේ සවන් තුළින් එය තතක් මෙන් ඇදී ගියේය.

" වස්තුවේ..."

මගේ මුහුණට සිනහවක් නැගුණේය. මම මාලය ඉහළට කර අල්ලා ගත්තෙමි. ආලෝකය තිබුනානම් එය වඩාත් පැහැදිලිව දැකගත හැකිවනු ඇත.

" වස්තුවේ..." මම සෙමින් මිමිණුවෙමි. මට තාත්තාව දකින්නට ඇවැසිය. ඔහු යළිත් මට ඒ අයුරින් කතා කරනු ඇත ! මට දැන් විසඳුම් දෙකක් ඇත... එකක් ගොන්සාලිස්ව සොයාගෙන මේ ගැන ඇසීමය. නැතිනම් මගේ පියාට ඇමතුමක් ගැනීමය.

" මගේ වස්තුව..." මම යළිත් මිමිණුවෙමි. ආදරය සහ උණුසුම එක ලෙස පැතිරෙන ලෙස ඒ ඇමතුම කිසිවෙකු වෙනුවෙන් යොදාගන්නේ කෙසේදැයි මම සිතුවෙමි. මම එසේ කතා කරන්නේ කාටද ? මාස්ටර් මොරානාට... ? මට යළිත් සිනාවක් පහළ විය. මම ඔහුට එසේ අමතන විට ඔහුගේ මුහුණේ නැගෙන විහිලු සහගත පෙනුම මම මවා ගත්තෙමි.

ඇත්තෙන්ම ඔහු කොහේද ? කාර්යාලයට නිදන කාමරයක් පැමිණියේ කෙසේද ? පිහිණුම් තටාකය නිසා මම සිටින්නේ එකම ස්ථානයේ බව මම දැන සිටියෙමි. කාර්යාලයේ ජනේලයෙන් බැලූ විටත් මේ පිහිනුම් තටාකය දිස් වේ.

මම පසුපස හැරී බැලුවෙමි.
කාර්යාල කාමරයේ වීදුරු දොර විවර වී තිබූ අතර මොරානා ඒ අසල බිම ඉඳගෙන සිටියේය.

ඔහු මා දෙස බලා සිටියි.
මම ඔහු දෙස බලා සිටිමි.
අපි එකිනෙකා දෙස බලා සිටිමු.

" මාස්‍ටර් මොනවද කරන්නෙ ? " මම ඇසුවෙමි.

" බලන් ඉන්නවා..."ඔහු සිය හිස සොලවමින් පැවසුවේය. " මරු..."

මම පහතට නැඹුරු වී හෙළ කොතරම් ගැඹුරුදැයි බැලුවෙමි. මන්දයත් මම දැන් මෙතැනින් පහළට පනින්නට යන බැවිනි.
මම ඔහු වෙත අතක් දිගු කළෙමි.
"I fear too early, for my mind misgives;
Some consequence, yet hanging in the stars,
Shall bitterly begin..." මම පැවසුවෙමි.

ඉන්පසු මම අහස දෙස බැලුවෙමි.
" I defy you... stars..."  මම තෙපලුවෙමි. මම මේ පවසන්නේ ෂේක්ස්පියර්ගේ ප්‍රසිද්ධම ශෝකාන්තය වන රෝමියෝ ජුලියට් හි එන වචනයි.

මම පඩිය මතට නැග්ගෙමි.

"...There rust and let me die..."*
මම පැවසුවෙමි. එය ජුලියට් ගේ අවසන් වචනයි... මාස්ටර් මොරානා මා මතක තබා ගනු ඇත ! මගේ අකල් වියෝවට හේතුව ඔහු බව ඔහුට මතක තිබෙනු ඇත.

මම පනින්නට සූදානම් වී මාස්ටර් මොරානා මා වැළැක්වීමට එනතුරු බලා සිටියෙමි.
ඔහු නොපැමිණියේය. මම හැරී බැලුවෙමි. ඔහු තවමත් හිඳගත් තැනමය.

" මාස්‍ටර් මොරානා... ඔයා මොනවද කරන්නෙ ? " මම යළිත් ඇසුවෙමි.

" බලන් ඉන්නවා... මරු..."

" එහෙනම් මම පනිනවා..." මම පැවසුවෙමි.

" හා හා... " මාස්ටර් මොරානා පැවසුවේය. මම පහල බැලුවෙමි. එය අපාය මෙන් අඳුරුය. කෙළින්ම මම ගල් ගොඩක් හෝ කොන්ක්‍රීට් ගොඩක් මතට ඇද වැටෙනු ඇත !

" එහෙනම් පැන්නා ඔන්න..." මට සැබවින්ම ඔහුව මා වෙත ගෙන්වා ගැනීමට ඇවැසි විය එහෙත් ඔහු ගලක් මෙන් නිසලව හිඳ සිටියේය.

" පනින්න..." මොරානා පැවසුවේය.
මගේ නාට්‍යාකාර මානසිකත්වය දැන් සම්පූර්ණයෙන්ම වාශ්ප වී හමාරය. ඔහු එවැන්නක් පවසාවි යැයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. මම ඔහු දෙස බලද්දී ඔහු කකුළක් පිට කකුළක් දමාගෙන දෑත් ඒ මතින් බැඳගෙන වේදිකා නාට්‍යක් නරඹන්නාක් මෙන් මා දෙස බලා සිටියේය. මට සැබවින්ම මේ අන්ධකාරයට නම් පනින්නට ඇවැසි නොවීය. එසේ ඕනෑනම් මම දහවල් කාලයක් තෝරා ගනිමි !

මම සෙමින් ගැට්ටෙන් පහතට බැස්සේ හුළං බැස ගිය බැලුම් බෝලයක් මෙනි. ඉදිරියට හැරී සිටිනවාද පසුපස හැරී සිටිනවාද යන්න මට ඊළඟට නැගුණු  ලොකුම ගැටළුව විය.
බිමට තැබීම පසෙක තබා තටාකයට පැනීමට මට සිතුනි. එහෙත් මට පීනන්නට නොහැක. මම ගිලී මිය යනු ඇත.

මම එක් අන්තයකට ගොස් බිම ඉඳගෙන මගේ හිස දෙපා අතර සඟවා ගත්තෙමි. මාස්ටර් මොරානා කොයි මොහොතක හෝ එතැනින් ඉවත්ව යනු ඇත. තනිව සිටින සෑම මොහොතකම ඇඟේ නූල් පොටක් හෝ නොමැතිව සිටින්නට මම නැඹුරු බව මට සෙමින් සෙමින් සිහිපත් වන්නට විය. ඉවාන් ට මේ ආකාරයෙන්ම මම නිරාවරණය වූවෙමි. මට ලැජ්ජාවකට වඩා දැනුනේ පිළිකුළකි. මම කිසියම් ආකාරයක අසහනකාරයෙකු බව මට ඒ මොහොතේ සිතෙන්නට විය. .
මම ඇස් දෙක පිස දා ගත්තෙමි. මට අඬන්නට ඕනෑ නැත.

මාස්ටර් මොරානා පැමිණ මා අසලට නැඹුරු වන ආකාරය මට දැනුනි.

" හ්ම්..." ඔහු පැවසුවේය. "...ඔයාට සීතල නැද්ද කෙනත්? "

" යනවා යන්න... මන් තරහයි..." මම පැවසුවෙමි. මට ඇස් අරින්නට නොහැකි වූ අතර මම ඒවා පොඩි කරමින් හැඬුවෙමි.
ඔහු මා අසලින් හිඳ ගත්තේය.

" අව්ව්ව්ව්.... I'm sorry.." මාස්ටර් මොරානා මගේ හිසට තට්ටු කරමින් පැවසුවේය. " I am just enjoying the view...I am sorry..."

මම මද වේලාවකින් කඳුළු පිස දා ගෙන නැගී සිටියෙමි. මට ඔහුගේ අනුකම්පාවක් ඕනෑ නැත.

සඳ එළිය මා මතට වැටී ඇති බව මට වැටහුණි. මාස්ටර් මොරානා මා දෙස බලා සිටියේය. ඔහු මගේ මුහුණ ඇල්ලුවේය. මම ඔහුගේ අතට මුහුණ බර කළෙමි. ඔහුගේ මහපට ඇඟිල්ල මගේ දෙතොල් මත ඒ මේ අත ඇදුනේය.
" මම මීටින් එකක හිටියෙ..." ඔහු පැවසුවේ මහපට ඇඟිල්ල මගේ මුව තුළට යවමිනි. ඔහු ඇඟිල්ල මගේ දිව මතින් තැබුවේය. " ...අහම්බෙන් ඔයාව දැක්කම මට හිත එකතැනක තියාගෙන ඉන්න බැරි උනා..."

ඔහු ගේ දෙනෙත් මගේ නිරුවත් සිරුර පුරා ගමන් කරමින් තිබුනි... ඔහු එය දැකීම ගැන මට අපහසුවක් දැනුනේ නැත. මන්දයත් පමාවී හෝ ඉක්මනින් හෝ ඔහු එය දකිනු ඇති බව මම දැන සිටි හෙයිනි.

  එහෙත් මගේ කුඩා සිරුර ගැන මට ලැජ්ජාවක් දැනුනි !

මම ඔහු ගේ දෙනෙත් දෙස බලාගෙන සිටියෙමි. ඔහු සිය දෙතොල් සපන ආකාරය මට පෙනුනි. තවමත් මාස්ටර් මොරානාගේ මහපට ඇඟිල්ල මගේ මුව තුල විය. මට එය හපන්නට සිතුනි.

ඔහු සිය සුරත මගේ ලය මතින් තැබුවේය.
ඇඟිලි විහිදූ ඔහු අත මගේ සිරුරේ පහතට ගෙන ගියේය. ඔහුගේ අත් වල උණුසුම නිසා මට ශීතල දැනෙන්නට විය.

"...කෙනත්...ලස්සනයි..." මොරානා සෙමින් පැවසුවේය.

මම එය පිළිගන්නේ නැත. මන්ද යත් එය අතේ පැළවන බොරුවක් වූ බැවිනි.
මෙරාකි වැනි රණහංසයන් සමග නිදි වැදුණු කුමාරයෙකු වූ මොරානා මා වැන්නෙකුට එය පැවසීම ම විහිලුවක් විය. ඔහු යළිත් සිය අත ඉහළට ගෙන ආවේය. මට ස්නායු වල කැළඹීම දැනෙන්නට විය.
එහෙත් එය පරයමින් හැඟීම් සටන් කරන්නට විය.

ඔහු මට කැමති වූවේ පවා මන්ද ? මට ඔහු වෙනුවෙන් ලබා දිය හැක්කේ කුමක්ද ? මම කායිකව මෙන්ම මානසිකවද දුර්වල මිනිසෙක් වෙමි. ඔහුට කායික තෘප්තියක් හෝ මානසික සහනයක් ලබා දීමට මට නොහැක. ඔහු එය දන්නවා විය යුතුය. එසේ නම් අපි එක්වන්නට උත්සාහ කරන්නේ හෝ ඇයි ?

මම ඔහු දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණේ ඇති හැඟීම් මට නොවැටහේ. ඔහුගේ දෙනෙත් අඩවන්ව තිබූ අතර ඒවා මගේ යටිකය වෙත යොමුව තිබුනි.
ඔහු මගේ මුහුණ දෙස බලමින් අත මගේ කුස මතට ගෙන ගියේය.

"මේක අමුතුයි..." ඔහු පැවසුවේය. " ...මට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුනෙ..."

ඔහුගේ මහපට ඇඟිල්ල මගේ දිව මතට තද වී තිබුනි.
ඔහු යළිත් සිය අත ඉහළට ගෙන ආවේය.

" කෙනත්, මම අද ඔයාව අල්ලන්නද ? " ඔහු ඇසුවේය. මම කුමක් කළ යුතුද ? අප පළමු වරට සිපගත්තේ ඊයේ රාත්‍රියේ නොවේද ? ඔහුගේ පෞද්ගලික කාර්යාලයේ එළිමහනේ මා නිරුවතින් කුමක් කරනවාද ?
මගේ සිත සහ ගත ඇකිළෙණ ආකාරය මට දැනුනි. මගේ නහර වෙව්ලමින් තිබෙන ආකාරය මට දැනෙයි. මගේ උගුර වියළී ගිය සෙයක් විය.
මාස්ටර් මොරානා මගේ මුව තුළ වූ ඇඟිල්ල ඉවත් කරගත්තේය.
" Its ok..." ඔහු පැවසුවේ මගේ ලය මත වූ අත ඉවත් කරගනිමිනි. " ...මට ඔයාව බය කරන්න ඕන උනේ නෑ..."

ඔහුට මගේ හදවත වේගයෙන් ගැහෙන ආකාරය දැනෙන්නට ඇත.

" ඔයා දැන් කාමරේට ගිහින් ඇඳුමක් දාගෙන නිදාගන්න ඕන... ? " ඔහු පැවසුවේය.

මම ඔහු ඉදිරියේ ගල් ගැසී සිටියෙමි. ඔහුගේ මුහුණෙහි කිසිඳු කෝපයක් හෝ ආවේගයක් නොමැත. සඳ එළිය ඔහු මතට වැටී තිබූ අතර ඔහු තවත් සඳක් මෙනි ! ඔහු වැනි මිනිසෙකු මගෙන් අවසර පතන්නේ ඇයි ? මම වැනි මිනිසෙකු ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

" යන්න... හුළං වැදිලා අසනීප වෙන්න එපා..."
ඔහු යළිත් පැවසුවේය.
මම දෑත් උරහිස් මතින් පොරවාගෙන ආපසු හැරෙද්දී මොරානා සුසුමක් හෙළූ ආකාරය මට ඇසුනි. එහෙත් මම පසුපස නොබලා කාමරය වෙත ඇවිද ගියෙමි. ඔහු මා පසුපස පැමිණියේ නැත.

මම දොර අසලට ගොස් හැරී බැලුවෙමි. ඔහු පසෙක වූ අත් වැටට බර වී සුරුට්ටුවක් දල්වාගන්නා ආකාරය මම දුටුවෙමි. ඔහු දුම් පානය කරන්නෙක් බව මට දැනුනේ හෝ නැත.
මම දොර වසාදමා ඔහු කාර්යාලය තුළට යන ආකාරය හොරෙන් බලාගෙන සිටියෙමි.

මට සැනසුමක් දැනෙන්නට විය. එහෙත් අනෙක් අතට මට අකෘතඥ බවක් දැනෙන්නට විය.

ඔහුගේ සිත රිදෙන්නට ඇතිද ? මම කුමක් කළ යුතුද ? මම සුසුමක් හෙළුවෙමි. මටත් සුරුට්ටුවක් තිබුනානම් යෙහෙකි ! 

මම අතේ ගුලි ව තිබූ මැණික් ආභරණය යළිත් කළිසම් සාක්කුවට දැමුවෙමි. නිදන කාමරය කෙළවරේ නාන කාමරයක් තිබූ අතර එය සම්පූර්ණයෙන්ම වීදුරු වලින් සකසා තිබුනේ ඇතුළත සිටින්නා පිටතට නිරාවරණය වන පරිද්දෙනි. එවැන්නක් සෑදීමේ අරමුණ කුමක්ද ?

එහෙත් මම ස්නානය කර හිස වියලා ගත්තෙමි.

ඇඳ අසල ලොම් කමිසයක් තිබූ අතර මම එය ඇඳගත්තෙමි. එය පමණට වඩා විශාල වූ අතර ගවුමක් මෙන් විය. මම ඇඳ සිටි ඇඳුම පුටුවක් මත වේලෙන්නට දැමුවෙමි. හෙට මට අඳින්නට කිසිවක් නැත!

මැණික් ආභරණය අතේ ගුලිකරගත් මම යළිත් ඇඳට වැටුනෙමි. එය සුවපහසු ඇඳක් වූ අතර මෙට්ටය තුළට මම ගිලී ගියෙමි. ජංගම දුරකතනය පිරික්සන විට ඉවාන්ගෙන් ඇමතුම් කිහිපයක් ලැබී තිබුනි. ඔහුට වහාම ඇමතුමක් ලබා දෙන ලෙස කියමින් පණිවිඩ කිහිපයක් එවා තිබුනි. එහෙත් ඇමතුමක් ගැනීමට දැන් පමා වැඩිය.

මාස්ටර් මොරානා සුරුට්ටුවක් උරන ආකාරය දුටු නිසා මගේ නිදන්ගතව තිබූ පැරණි ඇබ්බැහියද මදින් මද ඉහළට ඇදී ආවේය ! මම බියපත් වූවෙමි. කොට්ටය තුළට හිස යවාගෙන ඒ ගැන අමතක කරන්නට උත්සාහ කළෙමි.
කුමක් හෝ හේතුවක් නිසා මම කාලයක් දුම් උරන්නට පුරුදු වී සිටියෙමි. විශ්ව විද්‍යාලයේදීත් රැකියාවට පැමිණි මුල් කාලයේදීත් ඒ ඇබ්බැහිය මා තුළ විය. එයින් මා මිදවූවේ ලූක් ය. ඔහු මා වෛද්‍යවරයෙකු හමුවට පවා රැගෙන ගියේය. නරකම දෙය වූවේ මම දවසකට එකක් හෝ දෙකක් නොව සම්පුර්ණ අසුරණයක්ම ඉවර කළ බැවිනි. මම ලූක්ගේ පැරණි කෙටි පණිවිඩ ඔස්සේ ගමන් කළෙමි. ඔහු විදේශගත වූවාට පසු එතරම් පණිවිඩ එවා නැත. එහෙත් පැරණි පණිවිඩ මම කියවන විට ඒවා නැවුම් ලෙස දැනෙයි.

හදිසියේම මට කිසිවක් වැරදී ඇති බව දැනුනි. මගේ සිත කිසිවක් මග හරින්නට උත්සාහ කරයි ! මේ දින දෙක තුළ මට බොහෝ දෑ සිදු විය. ඒ සියල්ලම මට ක්‍රමවත්ව සකසා ගැනීමට ඉඩක් ලැබුනේ නැත.

මම ලූක් ගැන කල්පනා කරන්නේ මොහොතකට පෙර ප්‍රතික්ෂේප කළ මාස්ටර් මොරානා ගැන අමතක කරන්නටය ! ඒ මන්ද යත් ඒ මොහොත සිහිපත් කිරීම පවා මට පීඩනයක් සහ වියවුල් බවක් ඇතිකරවන බැවිනි.

"...අපි ජීවත් වෙද්දි කාලය කියන දේ ගඟක් වගේ අපිව හෝදගෙන පහලට ගලනවා... සමහර වෙලාවට අපිට ජීවත් වෙන්න අමාරු කරවන මතකයන් , හැඟීම් සේරම පහලට අරන් යනවා..." මාස්ටර් මොරානා පැවසූ දේ මට සිහිපත් විය. මම අමතක කර දමන්නේ මට දරන්නට අපහසු දෑ නොවේද ?
ඒ ගැන සිතද්දී මගේ හිස රිදෙන්නට විය.

මම දොර විවරකරගෙන මාස්ටර් මොරානා පැමිණෙන තුරු බලා සිටියෙමි. ඔහු හමුවක සිටි බව පැවසුවා නොවේද ? ඔන්ලයින් හමුවීම් එතරම් වේලාවක් පවතින්නේ නැත.
මම දෙනෙත් පියාගෙන සුසුමක් හෙළුවෙමි. සැබවින්ම මාස්ටර් මොරානාගේ ස්පර්ශය මම ප්‍රතික්ෂේප කළේ මන්ද ?

එය මගේ සිතේ ඇතිවූ හැඟීමක් නොවේ ! මම ඔහුට කැමැත්තෙමි !
ඔහු මා සිපගන්නවාට මම කැමැත්තෙමි. ඔහු දුටු දිනයේදී සිටම මම ඔහු කෙරෙහි ආශාවෙන් යුතුවූ බව මම පිළිගත යුතු විය.

ඇතැම් විට ඒ මම ඒ සඳහා සූදානම් වී නොසිටි බැවින් විය යුතුය. මේ සියල්ල මට අලුත් අත්දැකීම් විය යුතු නිසා බව මම සිතමි. ඒ පිරිමියෙකුගේ සිපගැනීම්,වැළඳගැනීම් සහ ස්පර්ශයන් මෙතරම් සමීපව මම විඳ නැති නිසා විය යුතුය.

එහෙත් එය මට තවමත් පැහැදිලි නැත.

ඉන්පසු මට සිතුනේ මාස්ටර් මොරානා කොතරම් කාරුණික අයෙක්ද යන්නයි. එක් ක්ෂණයකින් ඔහු මගේ අපහසුතාවය හඳුනා ගත්තේය. මට පහසුව සැලසුවේය. එය ඔහුට අපහසු වන්නට ඇත !

සිපගැනීමේදී අපි කොතරම් ගැඹුරු වූවෙමුද ? මම ඉඩ ලැබෙන හැකි සෑම මොහොතකම ඔහුගේ දෙතොල් සිපගන්නට බලා සිටියෙමි. ඉතින් ඔහු ඉන් එහා ගිය දෙයක් බලාපොරොත්තු වීම ස්වභාවිකය.

එය ඔහුගේ ඇබ්බැහි වීමයි !

ඔහු දුම්වැටියක් උරන ආකාරය දැකීමෙන් පමණක් මට යළිත් සිගරට් බීම අරඹන්නට සිතුනි !
මා ඔහුට පෙනෙන මානයේ නිරුවතින් සිටියදී එසේ නොසිතෙන්නේ නම් ඔහු රෝගියෙකු විය යුතුය !

මට ඇඳ සිටින ලොම් කමිසයෙන් ඔහුගේ සුවඳ දැනේ. යහනෙන් ඔහුගේ උණුසුම දැනෙයි. මගේ ආත්මයේ කොටසක් ඉරා ඔහුට ලබා දෙන්නට මම කැමැත්තෙන් සිටිමි.
ඔහු මා වෙනුවෙන් ගැයූ ආකාරය මට සිහිපත් විය. මට ඔහුගේ ගෙල වැළඳගන්නටත් සමාව ඉල්ලන්නටත් ඇවැසි විය.

මම නැගිටගොස් සෙමින් දොර විවර කර බැලුවෙමි. කාර්යාල කාමරය හිස් ව තිබුනි. ඔහු එළිමහනේ හෝ කාර්යාලයේ කොහේවත් නොවීය. මට වැටහුණේ කාර්යාලයේ දොරද පිටතින් අගුළු ලා ඇති බවයි. මම කාර්යාලය තුළ තිබූ සෝපානය විවර කරන්නට උත්සාහ කළත් එය විවර කිරීමට ඇඟිළි සළකුණ අවශ්‍ය විය. එය බේස්මන්ට් එක තුළ නතර වී ඇති බව මුහුණතේ සටහන් ව තිබුනි.

නිරායාසයෙන්ම මම කලබලයට පත් වූවෙමි ! ඔහු කොහාට ගියාද ?

"...මාස්ටර් මොරානා..." මම කිහිපවරක් ඔහුට කතා කළෙමි.
කාර්යාල කාමරය තුළ තිබූ අනෙක් දොර විවර කර බැලුවත් එය පුස්තකාලයක් වූ අතර ඒ තුළ කිසිවෙකු නොවීය.

මම ඔහුගේ දුරකතනයට පළමු වරට ඇමතුමක් ලබා දුන්නෙමි. එහෙත් එය ඔහුගේ මේසය මත නාද වෙද්දී මම කෝපයට පත් වූවෙමි. ඔහු කොහේට ගියාද ?

මම ඔහුගේ මේසය මතට ගොස් ඔහුගේ විශාල සුවපහසු අසුනේ දෙපාද ඉහළට ගෙන හිඳ ගත්තෙමි. ඔහු පැමිණෙන මොහොතක් දක්වා මම මෙසේ හිඳගෙන සිටිමි. මද වේලාවක් එසේ සිටීමෙන් අනතුරුව මම ඔහුගේ ලිපි ගොනු ඇවිස්සුවෙමි. ලාච්චු සහ කබඩ් ඇද බැලුවෙමි.

අලුතින් හමු වූ පුස්තකාල කාමරයට ගොස් එහි ඇවිද බැලුවෙමි. මට ඒ තුළ වූ මත් පැන් කබඩයක් හමු විය.  ආපසු දොරවල් සහ සෝපානය විවර කරන්නට බැලුවෙමි.

එළිමහනට ගොස් ඔහු පිහිනුම් තටාකයට හෝ වැටී සිටිනවාදැයි බැලුවෙමි. පොරෝනයක් රැගෙන ගොස් අත් වැටේ ගැටගසා පහලට බසින්නට උත්සාහ කළෙමි. එහෙත් එය අසාර්ථක විය.

ඉන්පසු මම විශාල වගුරට ඇසෙන ලෙස කෑ ගැසුවෙමි !
" ම්...මා...ස්...ට...ර්... මො...රා...නා...ආ..ආ..ආ...."

මම වෙහෙසට පත්ව බිම හිඳ ගත්තෙමි.

එහෙත් ඔහු නොමැත !

"වව්ලෙක් වෙලා කාගෙ හරි ලේ බොන්න පියාඹලා ගියාද දන් නෑ..." මම සිතුවෙමි. මට හැඬෙන්නට ළං වී තිබුනි.

කෙසේ හෝ මම මෙහි සිරගතව තනිව සිටිමි !
මට ඔහුව දකින්න අවැසිය. නැතිනම් මෙතැනින් යන්නට ඇවැසිය.

මට වෙහෙසත් නිදිමතත් එක ලෙස දැනෙමින් තිබුනි.

මම ඔහුගේ අසුනට දණගාගෙන ගොස් ඒ මත හිස තබාගෙන බිමින් හිඳගෙන සිටියෙමි.
හදිසියේම මාස්ටර් මොරානා ගේ දුරකතනය නාද වන්නට විය.

ඒ අංකය save කර නොතිබූ අතර මම විගස එය අතට ගෙන පිළිතුරු දුන්නෙමි.
" හෙලෝ...මාස්ටර් මොරානා..." මම කතා කළෙමි. "...මට සමාවෙන්න..."  ඒ ඔහු විය යුතුය. එහෙත් අනෙක් අන්තයේ තිබුනේ නිහඬතාවයක් පමණි.
"...ඔයා කොහෙද ඉන්නෙ මාස්ටර්... මට මෙතන ඉන්න බෑ... මෙතන තනියි, මට බයයි...ඉක්මනට එන්නකෝ..."
මට ඉකි ගැසෙන බව වැටහුණේ එහා අන්තයෙන් ඇමතුම විසන්ධි වූ විටය.
මම දුරකතනය බිමින් තබා හිස් තිරය දෙස බලා සිටියෙමි.

ඒ මාස්ටර් මොරානාද ? ඔහුට ඇමතීමට ඇවැසි වූ වෙනත් අයෙක්ද ? එහෙත් වේලාව පාන්දර දෙකට ආසන්න වී තිබූ අතර මේ වේලාවට ඇමතුම් ගන්නේ කවුද ?

මම භීතියට පත්ව මේසය තුළට රිංගා ගත්තෙමි.

මට හා ගුළ තුළ සිටින ආකාරයේ හැඟීමක් දැනෙන්නට විය.

යළිත් ඇමතුමක් ලැබෙන්නට විය. මම මේසය යටට දුරකතනය ඇදගෙන එයට පිළිතුරු දුන්නෙමි.

එසේනම් මාස්ටර් මොරානා මගෙන් පළි ගන්නේ මෙසේය.

" කෙනත්... මේ මම..." ඔහු පැවසුවේය.

" මම කිව්වෙ ? "

" මම... මෙරාකි..."

" මෙරාකි... අනේ ඇවිල්ලා මේ ඔෆිස් එකේ දොර අරින්නකෝ...." මම පැවසුවෙමි. "...මට මෙතන ඉන්න බෑ... "

" ඔයාට කරදර වෙන්න එපා කියන්නයි මම ආපහු ඔයාට ගත්තෙ..." ඔහු සෙමින් පැවසුවේය.
"...මාස්ටර් මොරානා මාත් එක්ක අද රෑ ඉඳීවි... ඔයා ගිහින් විවේක ගන්න..."

" හා හ් ? " මට පිටවූ වචන මතක නැත.

" මම දැනගෙන හිටියා මේක වෙයි කියලා... ඔයාට...මේක කරන්න බෑ...ඔයාට...මාස්ටර්ට...ඕන දේවල්...දෙන්න...බෑ...  " ඔහු පවසන්නේ රහසක් කියන හඬිනි. වචන එකින් එක තියුණු කරමිනි.

මම ඔහුට ඇහුන්කන් දීගෙන සිටියෙමි. මට හුස්ම ගන්නට අපහසු බවක් දැනෙන්නට විය. ඔහු පවසන්නේ මොනවාද ?

" දැන් ගිහින් නිදාගන්න කෙනත්... අපිට පාඩුවේ ඉන්න දීලා ඔයා ආව ගුහාවටම යන්න... මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න එපා..."

මගේ මුව විවරව තිබූ අතර මට කතා කරගන්නට නොහැකි විය ඇමතුම විසන්දි වී තිරය අඳුරු වන ආකාරය මම බලා සිටියෙමි. ඔහු පැවසුවේ කුමක්දැයි වටහාගන්නට මට මිනිත්තු කිහිපයක්ම ගත විය.

එසේ නම් එය එසේය ! ඔහුව ප්‍රතික්ෂේප කළ වරදට දඬුවම මෙයයි.

" ඌරා..." මම කෑ ගැසුවෙමි. මම යටි ගිරියෙන් කෑ ගැසුවෙමි.

බිම තිබෙන දුරකතනය මට සිනාසෙන්නාක් මෙන් මට පෙනුනි. මම එය වීදුරුවේ ගැටෙන ලෙස වීසි කළෙමි.

" ඌරා..." මගේ මුව යළිත් කෑ ගැසුවේය. මම පුටුවට පයින් ගසා බිමට දැමුවෙමි. මම කිසියම් බිහිසුණු දෙයක් කරාවියැයි මම ම බියපත්

You are reading the story above: TeenFic.Net