21. මැණික

Background color
Font
Font size
Line height

කතාවට කලින්...
කතාව අඩුම 50ස් දෙනෙක්වත් කියවනවා. හැබැයි වෝට් කරන්නෙ 10දෙනෙක් වගෙව් පොඩි ප්‍රමාණයක්( ඒත් කමෙන්ට්ස් දාන අයමයි). කමෙන්ට් එකක් ටයිප් කරගන්න අමාරුයිම කියමුකො. අඩුම වෝට් එකක්වත් දෙන්න පුලුවන් නෙ නේද ? මම කවදාවත් ප්ලැට්ෆෝම් එකක විශාල ප්‍රමාණයක කියවන්නන් පිරිසක් බලාපොරොත්තු වෙලා නෑ. මොකද මම ලියන විදිහෙ කතා වලට කැමති ඉතාම සීමිත පිරිසක් කියල මම දන්නවා. ඒක මට ගැටළුවක් නැහැ.

මම කියවන ප්‍රමාණය වැඩි වෙනවට වඩා ඉන්න ටික දෙනාගෙ හරි කොලිටියක් තියනවට කැමතියි. කතාවට සපෝට් කරනවට කැමතියි.

ඉතින් කරුණාවන්ත වෙලා කියෙව්වම වෝට් එකක්වත් දීලා යන්න. සල්ලි යන්නෙ නෑනෙ ඕකට.

====================================
*Gehetto
කලින් කොටසෙ තිබ්බ කෑම වර්ගය මතක ඇතිනෙ. ඒකට විශේශ නමක් නෑ. " potato noodles " කියලම තමා කියන්නෙ. මම කතාවට ඕන නිසා Gehetto කියල නමක් දැම්මෙ.
Gehetto කියන එකේ තේරුම "a poor urban area occupied primarily by a minority group" කියන එක. ඉතා දුප්පත් මිනිස්සු ජීවත් වෙන දුෂ්කර පළාතකට හෝ නගර කොටසකට තමා මේ වචනෙන් හඳුන්වන්නෙ. මේක ඉතාලි භාශාවෙන් බිඳිල ආව වචනයක්.

මම ඒක යොදා ගැනීමෙන් අදහස් කරන්න උත්සාහ කළේ ඒක දුප්පත් මිනිස්සුන්ගෙ අග්‍ර බෝජනයක් කියන එක. ඉතින් මාස්ටර් මොරානගෙ පොඩි කාළෙ ගැන හිතාගන්න ඔයාලා.

=======================================

21 කොටස
( සිද්ධි දාමයන් සිද්ධ වෙන කාලය ගැන කල්පනාවෙන් කියවන්න...අද කොටස තුන්දෙනෙක්ගෙ povවලින් යන්නෙ...)

  කාර්යාල නිවස වෙත ළඟා වන විට මොරානාගේ කර මතම කෙනත්ට නින්ද ගොස් තිබුනි.
" මගේ කටහඬ අහගෙන ඉඳලත් කාටවත් නින්ද යයි කියල මම හිතුවෙ නෑ..."
මොරානා සිතුවේය. "...හොඳ වෙලාවට කෑවට පස්සෙ එක්කගෙන ගියේ..."
මොරානා සිය උගුර පාදා ගත්තේය. බොහෝ කලකින් ගීයක් ගැයූ නිසා ඔහුගේ උගුර ලේ රහ වී ඇති බව ඔහුට දැනෙයි.

" මම දන්නෙ නෑ ඔයා මට මොනව කරලද කියලා..." මොරානා සිතුවේ ගොඩනැගිල්ල පසුපස වූ ආරක්ෂිත අසෝපානය වෙත ගමන් කරමිනි. එය භාවිතා කළ හැකි වූවේ ගාබ්‍රියෙල්ට සහ මොරානාට පමණි. ඒ සෝපානය සෘජුවම ඔහුගේ කාර්යාලය තුළට විවෘත්ත වේ.

කාර්යාල කාමරය හා යාකර සකසා තිබූ නිදන කාමරයේ දොර ඇරියේය. කෙනත් අවදි නොවන ලෙස ඔහුව ඇඳ මතින් තැබූ මොරානා ඔහුගේ ඇඳුම් ලිහිල් කර පොරෝනයක් දැමුවේය. තවම නිදා ගැනීමට වේලාසන වැඩි වුවත් කෙනත් ට මහන්සි බව මොරානා සිතුවේය.

කාමරය ශීතල වූ අතර මොරානා ඇඳ අසල තිබූ විදුලි උඳුන දැල්වූවේය. එය සැබෑවටම ගල් අඟුරු සහ දර දමා සකසන ගින්නක් නොවූවත් එහි තිරය මත ගිණිදැල් නටන ආකාරය දැකීම මොරානා ට සතුටක් ගෙන ආවේය. ඔහු එය දුටු සැනින් මිලදී ගත්තේ එබැවිනි.

ඔහු තම ඇඳුම් අල්මාරිය විවර කර කෙනත්ට අඳින්නට හැකි තරම් කුඩා ඇඳුමක් ඇත්දැයි ඔහු සොයා බැලුවේය. ඇඳුම් වල අපහසු ගතිය නිසා ඔහු ඉක්මනින් අවදි වනු ඇත.
ඒ අතර කබඩයේ යට තට්ටුව මත තබා තිබූ තරමක ට්‍රන්ක් පෙට්ටියක් ඔහු සොයා ගත්තේය.

ඔහු එය විවර කර බැලූ අතර ඔහුට පෙනුනේ ඒ තුළ විවිධාකාරයේ ඇඳුම්  වලින් පිරී තිබෙන බවයි. ඒ එකක්වත් ඔහුගේ නොවන බව මොරානා දැන සිටියේය.
" මේව මෙතන කියල මන් දැනන් හිටියෙ නෑනෙ..." මොරානා එකින් එක අතට ගෙන ඒ ඇඳුම් කාගෙ කාගේදැයි සිහිපත් කරන්නට උත්සාහ කළේය. එහෙත් අවසානයේදී එය අනවශ්‍ය දෙයක් බවට පත් විය. මේ ඇඳුම් කෙනත්ට අඳිනවාට ඔහු කැමති නොවීය. ඒවා පරණ අතහැර දැමූ කාගේ හෝ ඇඳුම් ය !

ඔහු අල්මාරියේ තිබූ කුඩාම යැයි සිතූ ලොම් කමිසය කෙනත්ගේ ඇඳ අසලින් එල්ලුවේය. 
ඉන්පසු යළිත් පිටතට ගමන් කළ මොරානා ට්‍රන්ක් පෙට්ටියේ තිබූ සියලුම ඇඳුම් ගොඩනැගිල්ල පසුපස තබා තිබූ විශාල කුණු කූඩයට හැළුවේය.

ආපසු පැමිණි මොරානා වයින් වීදුරුවක් වත් කර ගත්තේය.  ඉන්පසුව පසෙකින් වූ සෝෆාවේ හිඳගෙන කෙනත් දෙස මද වේලාවක් බලාගෙන සිටියේය.

එක්වරම කෙනත්ගේ දුරකතනයට ඇමතුමක් පැමිණි අතර මොරානා ඇසිල්ලකින් එය නිහඬ කර දැමුවේය. ඇමතුම ලැබෙමින් තිබෙන්නේ ඉවාන් හාටි ගෙනි. ඔහු කෙනත් ගැන සොයා බලන බව මොරානා දැන සිටියේය. එහෙත් ඔහුට ඒ ඇමතුමට පිළිතුරු දීමට හැකියාවක් නොමැත. ඉවාන් වද වනු ඇත... එහෙත් සැපසේ නිදන කෙනත්ව ඇහැරවීමට එය හේතුවක් නොවේ.

ඉවාන්ගෙන් ඇමතුම් කිහිපයක් ලැබෙන ආකාරය මොරානා බලා සිටියේය. ඉන්පසු ඉවාන් එය අත්හැර දමන්නට ඇත ! ටෙක්ස්ට් මැසේජ් කිහිපයක් පැමිණි අතර දුරකතන තිරය අගුලා තිබූ නිසා ඔහුට එය කියවන්නට නොහැක. මොරානාගේ අවධානය ඔහුගේ දුරකතනයේ තිරය වෙත යොමු විය. ඔහු සිය නැගණිය ෆ්‍රෙයාගේ ඡායාරූපයක් එයට දමාගෙන සිටියේය.

      මොරානා ඇය දෙස මද වේලාවක් බලා සිටියේය. ඔහු සිය ජීවිත කාලය තුළදී හමු වූ සහ ගණුදෙනු කළ ගැහැණු සහ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් විය. ඔහුට මිනිසුන් ගැන පුළුල් අවබෝධයක් තිබුනි. ඉතින් ඔහු කෙනත් ගේ සහෝදරියගේ කැමති වූවේ නැත.
සුන්දර වුවත් ඇය කපටි කෙල්ලක බව ඔහුගේ සහජ බුද්ධිය පැවසුවේය. ඇය ඇඳ සිටින ඇඳුම සහ ආභරණ සෑහෙන ගණනක් වටිනා බව ඔහුට කිව හැකිය. කෙනත් ඈ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නට ඇත !   හැකි සෑම විටම මේ කපටි කෙල්ල කෙනත්ගෙන් මුදල් කඩාවඩා ගන්නා බව මොරානා අනුමාන කළේය.

එහෙත් කෙනත් එය හඳුනාගන්නට තරම් තවම පරිණතව සිටියේ නැත. ඇය ඔහුට ඔහුගේම ලෙය බෙදාගත් ඔහුගේ කුඩා සුරතල් නැගණියයි ! ඇගේ හුරුබුහුටි කතාවට සහ ලස්සන පෙණුමට ඔහු ඈ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනු ඇත. ඒ හැරත් සහෝදර ප්‍රේමය කුමක්දැයි ඔහු දැන සිටියේය.

අනෙක් අතට ඔහුගේ පවුලට තමාව මහ දවාලේම කොල්ල කෑමට කෙනත් ඉඩ දී තිබෙයි ! 
එය කුමනාකාරයේ කැපවීමදැයි මොරානා කල්පනා කළේය.

ඒ සියල්ලම ගැටළුවක් වූවේ කෙනත් තවමත් සීමාවාසී සේවා කාලය ගෙවමින් සිටින්නෙකු ලෙස ආයතනික පද්ධතිය හඳුනාගෙන තිබීමයි. ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළත් කොතරම් බැරෑරුම් ව්‍යාපෘති වලට උර දුන්නත් තවමත් ඔහුව හඳුනාගන්නේ පහලම මට්ටමේ සේවකයෙකු වශයෙනි. එවිට විශාල වැටුප් වැඩිවීම් හෝ උසස් වීම් ඔහුට හිමි වන්නේ නැත. ඒ හැරත් දක්ෂ සේවකයන් එසේ සිටීම ප්‍රධානීන්ට වාසියකි. ඔවුන්ව පහසුවෙන් තලා පෙළා වැඩ ගැනීමට ඔවුන්ට හැකිය. සීමාවාසී ගිවිසුම් කාලයට පෙර ඉවත් වුවහොත් සේවා සහතිකයක් නොලැබේ. එවිට ඔවුන්ගේ වයසත් සමග නව රැකියා ස්ථානයක් සොයා ගැනීමට පහසු වන්නේ නැත !

කෙනත් වෙනුවෙන් ආයතනික වශයෙන් බොහෝ දේ කිරීමට මොරානාට නොහැක. එසේ කරන්නට ගියහොත් සිදුවන්නේ කෙනත්ව අසාමාන්‍ය ලෙස ඉළිප්පී පෙනෙන්නට පටන් ගැනීමයි. කිසිඳු අදාලත්වයක් නොමැති හේතුවක් නිසා කෙනත්ට අනවශ්‍ය අවධානයක් ලැබෙනවාට මොරානා කැමති නැත.
කෙනත් සැබෑ දක්ෂයෙකි. ඔහු අවධානයටත් , උසස් වීම් වලටත් ලක්විය යුත්තේ ඒ දක්ෂකමෙන් නිසි ප්‍රයෝජන ගැනීමෙන් බව ඔහු සිතුවේය.

ඔහුට කළ හැකි එකම දෙය නම් අනෙක් සෑම අතකින්ම කෙනත්ව සුවපහසුවෙන් තැබීම පමණි.

ඒ හැරත් තමා වටා හොල්මන් කරන ආයතනික අවතාර කෙනත් වෙත සිය අත් දිගු කිරීම ඔහු වැළැක්විය යුතුය.

කෙනත් සහ මොරානා නොදැනුවත්වම කිසිදිනක නොපැවතිය යුතු යමක් ආරම්භ කළෝය. එය නිකන්ම ඇරඹුනි !  ඔවුන්ගෙන් එක් අයෙකු  හෝ පසුපස බලන්නටත්, ආපසු හැරෙන්නට සූදානම් නැති සෙයකි. එසේනම් ගමන් කල යුත්තේ ඉදිරියටය. ඒ ගමනේදී අනේක සිදුවීම් ඔවුන් විසින් දරාගත යුතු විය.

මොරානා සුසුමක් හෙළුවේය. තමා මේ ආකාරයෙන් තම තීරණයක් ගැන බැරෑරුම්ව සිතුවේ බොහෝ කළෙකට පසුවය. එයින් තමා වැඩිහිටියෙකු බවත් සෑම තීරණයක් තුළම  එසවිය යුතු වැඩි බරක් ඇති බවත් ඔහුට දැනෙන්නට පටන් ගනී.

එහෙත් කෙනත් සමඟ ගත කරන කාලය ඒ සියල්ලටම වටිනාකමක් ගෙන එන බව ඔහු සිතුවේය.

ඔහු කෙනත්ට නිදා ගන්නට හැර නාන කාමරය වෙත ගියේය. කෙටි ස්නානයකින් අනතුරුව ඔහු අලුත් කමිසයකින් සැරසී සිය කොණ්ඩය සකසා ගත්තේය . ඔහුට ප්‍රධානීන්ගේ ඔන්ලයින් හමුවකට සූදානම් විය යුතුව තිබේ.
ඉපසුව කෙනත්ට අඳින්නට ඔහු සතුව තිබූ විශාල නමුත් සුවපහසු රාත්‍රී ඇඳුමක් ඔහු ඇඳ අසලින් තැබුවේය..

මොරානාට කෙනත් අසලින් වැතිරී නිදා ගන්නට ඇවැසි විය. එහෙත් රාජකාරිය මුළින් කළ යුතුය.

ඔහු සිය පරිගණකය දිගහැරගෙන අසුනේ හරි බරි ගැසුනේය.
දොරට තට්ටු කරන හඬක් ඇසුණු අතර මොරානා සිය මේසය යට තිබූ ස්විචය ඔබා දොර විවර කළේය.

ලිපි ගොනු කිහිපයක් සමග දොර අසල පෙනී සිටියේ මෙරාකි ය.

" ගුඩ් ඊව්නින් මාස්ටර්... " ඔහු පැවසුවේය. මොරානා හිස සෙලෙව්වේය. ඔහුගේ අතේ ලිපිගොනු තිබෙන ආකාරය මොරානාට පෙනෙයි.

" මම...පැවරුම ඉවර කළා..." ඔහු පැවසුවේය.

" ආ ගුඩ් ගුඩ්..."
මොරානා පැවසුවේ ලිපිගොනුව පෙරළා ගනිමිනි. එහි තමා ඉල්ලා සිටි සියලුම අංශ වල විශ්ලේෂණය කළ දත්ත පිළිවෙලට කොළ වල මුද්‍රණය කර තිබුනි.
මොරානා එය කියවද්දී මෙරාකි වටපිට බලමින් පැද්දෙමින් සිටියේය.

" සෝ...අලුත් සුපර්වයිසර් කොහොමද ? " මොරානා ඇසුවේය.

" හොඳයි... " මෙරාකි පැවසුවේය. "...මට ගොඩක් උදව් උනා ! "

" ඇත්තට ? " මොරානා ඇසුවේය. ඉන්පසුව ඔහු හිස ඔසවා බැලුවේය.
"...මට තේරෙන විදිහට කෙනත් ලොකු බරක් ඇදලා වගේ..."

මෙරාකි නිහඬවම සිටියේය. කෙනත් සමග වැඩ කරන විට ඔහුට වෙනත් අයෙකුට උගන්වන්නට හෝ උපදෙස් දෙන්නට එතරම් නොවැටහෙන බව මෙරාකි තේරුම් ගත්තේය. ඔහු දක්ෂ වූවේ වැඩ කිරීමට පමණි. නිහඬව පසෙකට වී වැඩ කිරීමට ඔහුට හැකිය.

" ඔව්... " මෙරාකි පැවසුවේය.

" ඔයාගෙ graduation එක ගැන මොකද ? "

" අම්... " මෙරාකි කෙළ ගිල්ලේය.ඔහු මේ වසරේ  සිය master උපාධිය සම්පූර්ණ කළේය. උපාධි ප්‍රධානෝත්සවය පසුගිය මාසයේදී පැවැත්වුණි.

කෙසේ වුවත් ඔහු උපාධිප්‍රධානෝත්සවයට මාස්ටර් මොරානාට ආරාධනා නොකළේය.
ඔහු දැන් ඉහළ පිළිගැනීමක් ලබන ඔහුගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. සිය ඉළක්ක සපුරාගත් නිසා Eryx වෙතින් ඉවත් වී විදේශ ගත වීමට ඔහු සූදානම් වෙමින් සිටියේය.

ඉතින් තම ජීවිතයේ ඉතා වැදගත් කඩඉමක් සමරන මොහොතකට මෙබඳු ලේ පිපාසිත වදකයෙකුට ආරාධනා කරන්නේ මන්ද ? ඔහුගේ රත්‍රන් දත් දෙක වේදනා දෙන ආකාරය ඔහුට දැනෙයි.

රාත්‍රිය ශීතල වුවත් මෙරාකිගේ නළලේ දහදිය බිඳු නැගෙමින් තිබේ.

" අම්...මට...මට ස්..."

" ඔයා කිව්වත් මට එන්න බැරි වෙන්න තිබුනා ! " මාස්ටර් මොරානා පැවසුවේය.

එය නිවැරදිය. මෙරාකිට ඔහුගේ පැමිණීම ඇවැසි වූවේ නැත ! එහෙත් ඔහුට කිසියම් ආකාරයක කුහක බවක් දැනෙමින් තිබුනි.

මෙරාකි නිදන කාමරයට ඇතුළු වන දොර දෙස බැලුවේය. ඒ දොර සම්පූර්ණයෙන්ම වසා තිබේ. මේ කාර්යාලය තුළත් ඒ යහන මතත්, මාස්ටර් මොරානා සහ තමා එකතු වූ වාර ගණන ගැණිය නොහැකි තරම් ය.
ඒ ගැන සිහිපත් වෙද්දී පවා ඔහුගේ ගත හිරිවැටී ගියේය.

මාස්ටර් මොරානා සිය අසුන පසුපසට කර නැගී සිටි අතර මෙරාකි ගැස්සුනේය.

" හ්ම්... මට ගොඩක් සතුටුයි මෙරාකි ! මම අද ඔයාගෙ අස් වීමත් ඇපෘ කරලා hr එකට දැම්මා...
ඔයා අනාගතේදි හොඳ  ජීවිතයක් ගෙවයි කියල මම හිතනවා..."
මාස්ටර් මොරානා හොඳින් අසුරණ ලද කළු පැහැති පෙට්ටියක් ඔහු අතින් තැබුවේය.

"... ඔයාගෙ graduation gift එක..."

මෙරාකි එය පිළි ගන්නට පැකිළුනේය. එහෙත් මොරානා එය ඔහුට ලබා දී අවසන් ය. ඔහුට ඒ වෙනුවෙන් ඇවැසි මොනවාද ?

තවත් එක රාත්‍රියක් ද ?

ඔහු අඩියක් ඉදිරියට තබා මොරානාගේ දෙතොල් මත සිය දෙතොල් තැබුවේය.

එහෙත් මොරානා අකුණක් වැදුනාක් මෙන් පසුපසට පැන්නේය. මෙරාකි ඔහු දෙස පුදුමයෙන් සහ කම්පනයෙන් යුතුව බලා සිටියේය.
"ඇයි ? " ඔහු ඇසුවේය.

" අපේ ගනුදෙනු දැන් ඉවරයි මෙරාකි... ඔයා දැන් නිදහස් මනුස්සයෙක්..."

මොරානා ඔහුට පිටව යන ලෙස අතින් සන් කළේය.

" එතකොට මේක ? " මෙරාකි ඇසුවේය. ඔහු තමාව මේ ආකාරයෙන් ප්‍රතික්ෂේප කිරීම ගැන මෙරාකිට වටහාගත නොහැක !

" මන් කිව්වා වගේ... ඕක ඔයාගෙ Graduation Gift එක...ගුඩ් නයිට් මෙරාකි... දැන් යන්න..."

" ඔයා මාව අතාරිනවද මාස්ටර්...? " මෙරාකි ඇසුවේය. ඔහුගේ හඬ වෙව්ලමින් තිබේ.

මාස්ටර් මොරානා සුසුමක් හෙළුවේය.
" ඔයාට තවදුරටත් මාව ඕන නැහැ දරුවෝ... අපි අතර තිබ්බෙ ගණුදෙනුවක් ! සම්බන්ධයක් නෙමෙයි..."

" ඒත්...ඒත්..."

මොරානා ඔහුගේ උරහිසකට තට්ටු කළේය.
" ඔයා දැන් ලොකු මනුස්සයෙක්... ඒ විදිහට හිතන්න...ජීවත් වෙන්න පටන් ගන්න..."

" ඔයා දැන් අර කෙනත් එක්ක සම්බන්ධයක් පටන් ගත්ත නිසාද මාත් එක්ක තිබ්බ අෆෙයා එක නතර කරන්නෙ...මාස්ටර්...!! "

මොරානා මේසය මතින් හිඳගෙන මේ බලාපොරොත්තු විරහිත තරුණයා දෙස බලා සිටියේය. ඔහුගේ ළාමක හැඟීම් පවසන්නේ ඔහු කිසිවක් ඉගනගෙන නොමැති බවයි.

" මම ඔයාට කිව්වෙ නැද්ද ,මේ වගේ ගණුදෙනු වලදි හැඟීම් වලට වහල් වෙන්න එපා කියලා ? "
මොරානාගේ හඬ සංසුන් ය. "...අපි දෙන්නම දෙන්නගෙ ආශාවන් සපුර ගත්තා... ඉතින් අපි දෙන්නම දැන් වෙන පාරවල් දෙකක යනවා. මට ඔය ළමයා එක්ක තරහක් නෑ... මෙරාකිත් දැන් හරි පාරෙ යයි කියල මම හිතනවා ... " මාස්ටර් මොරානා හැකිතරම් සංසුන්ව පැවසුවේය. ඔහු තම යහන බෙදාගත් සහයකයන් ඉදිරියේ කරුණු දැක්වීමට කැමති නැත.

"මාස්ටර් මාත් එක්ක තරහෙන් නේද ඉන්නෙ ? මම මාස්ටර්ට එන්න කිව්වෙ නැති එකට ? මට සමාවෙන්න...ඒත්...ඒත්...ඒක වෙන සම්බන්ධයක් පටන් ගන්න හේතුවක් නෙමෙයි... මම මාස්ටර් කියන හැමදේම කළේ නැද්ද ? මම කීකරු නැද්ද ? මගෙන් මොකක්ද උන අඩුපාඩුව ? මට සමාවෙන්න .... මට සමාවෙන්න...
මම... මම... මම මාස්ටර්ට ආදරෙයි..."

" මෙරාකි ! " මාස්ටර් මොරානා කෑ ගැසුවේය. ඔහු උඩ වීසි විය. මොරානාගේ දෙනෙත් වලින් ගිණි පිටවෙමින් තිබෙන ආකාරය මෙරාකිට පෙනෙයි.
තව වචනයක් හෝ පැවසුවහොත් මොරානා ඔහුව වගුරට වීසි කර දමනු ඇත !

මෙරාකි වේගයෙන් හුස්ම ඉහළට ඇද්දේය. තමා මේ කරන්නේ කුමක්දැයි ඔහු කල්පනා කළේය.
මෙරාකි මොහොතක් ඔහුගේ ප්‍රධානියා දෙස බලා සිටියේය. ඔහුගේ මුහුණේ හෝ දෙනෙත් වල කිසිඳු තෙතමනයක් හෝ උණුසුමක් නොමැත ! මාස්ටර් මොරානා සිය අසුන වෙත ගොස් හිඳගත්තේය. ඔහු යළිත් මෙරාකි දෙස නොබැලුවේය.

ඔහු හිස නවා කාමරයෙන් පිට වූවේය. මෙරාකිට නොවැටෙන්නට උත්සාහ නොකරමින් සිය මෝටර්රථය දක්වා ගමන් කිරීමට නොහැකි විය. ඔහු ගැහෙමින් සිටියේය. ඔහුගේ පපුව කැක්කුම් දෙන ආකාරය ඔහුට දැනෙයි.
සිය පෞද්ගලික නිල නිවස අසලට ළං වන විට ඔහුගේ දෙනෙත් වලින් කඳුළු කඩා වැටෙමින් තිබුනි.

ඔහු ට මහත් වූ ඌෂ්ණයක් දැනෙන්නට විය. ඔහු සිය ඇඳුම් ගලවා වීසි කළේය. ඉන්පසු ඇඳට වැටී ඔහේ සිටියේය.

ඔහු මුළු හදවතින්ම මොරානාට වෛර කළේය ! ඔහු මොරානා ඉදිරියේ සිටියදී දැනෙන අසරණ කමට ඔහු වෛර කළේය.
එහෙත් අනෙක් අතට ඔහු මොරානාගේ චැරිස්මාවට ආශා කළේය... ඔහුගේ පහස විඳිමින් වැතිර සිටීමට ආශා කළේය.

අවසානයේ මාස්ටර් මොරානාව අත් හැරියේ තමාය...

ඇත්තෙන්ම එය ගණුදෙණුවක් විය. මාස්ටර් මොරානා කිසිඳු මොහොතක තමා පිළිබඳව හැඟීමකින් නොසිටි බව ඔහු දැන සිටියේය.
ඔවුන්ගේ ගිවිසුම වූවේ ඔහු මොරානා සමඟ සමග යහන බෙදා ගැනීමත්, ඒ වෙනුවට මොරානා, ඔහුගේ මාස්ටර්ස් උපාධිය වෙනුවෙන් සියළු වියදම් දැරීමත් ය. ඒ අනුව ඉළක්කම් පහකින් යුතු වියදමක් ඔහු වෙනුවෙන් දැරුවේ මාස්ටර් මොරානාය.

ඉන්පසු යම්කිසි සිදුවීමක් සිදු විය.
     මෙරාකි, මාස්ටර් මොරානා වෙතින් ඉවත් වීමට පටන් ගත්තේය.

එහෙත් මොරානා සිය වචනය අනුවම් මෙරාකි වෙනුවෙන් වියදම් කළේය. තමා මහා අකෘතඥ මිනිසෙකු ලෙස මෙරාකිට හැඟෙන්නට විය.

ඔහුට උපාධි ප්‍රධානෝත්සවය යෙදී තිබුනු දිනයේ  දුරකතනයෙන් හෝ මොරානාට අමතන්නට තිබුනා නොවේද ? ඔහු නොවන්නට කිසිම දිනක මෙරාකිට සිය උපාධිය සම්පුර්ණ කරගන්නට ලැබෙන්නේ නැත !

මොරානා හදිසියේම මේ ආකාරයෙන් ඔහු ඉදිරියට නොපැමිණියානම් තමාට ඒ සියල්ලම අවසන් කිරීමට මෙතරම් අපහසු වන්නේ නැත. එසේ නොපැමිණියානම් දිගින් දිගටම ඔහුට වෛර කරමින් ඔහුගේ රස බන්ධනයන් අමතක කර දැමීමට පහසු වනු ඇත... ඔහුට රටින් පිටව යාමට පහසු වනු ඇත...

  මොරානා ආපසු වතුයායට පැමිණියේ මාස දෙකකට පමණ පසුවය. ඒ තවත් අලුත් තරුණයෙකු සමගය ! එය අළු යට සැඟවුණු ගිනි පුපුරු ඉහළට මතු කරන සිදුවීමක් විය.

මෙරාකි උඩුබැලි අතට හැරුණේය. ඔහුගේ සිරුරට තද වී තිබූ ත්‍යාගය අතට ගත් ඔහු එහි ආවරණය ගලවන්නට වූවේය.

මොරානා ලබා දුන් ත්‍යාගයේ කළු පැහැති විල්ලුද වලින් හැඩ කළ ආභරණ පෙට්ටිය තුළ දියමන්ති මුහුණතකින් යුතු රත්‍රන් ඔරලෝසුවක් විය. මෙරාකි එය පැළඳගෙන හැඩ බලන්නට වූවේය.

මාස්ටර් මොරනා කිසි දිනක තමාට තෘප්තියක් නොලැබෙන දේවල් මත ආයෝජනය කරන්නේ නැත. ඔහු මිනිසුන් වෙනුවෙන් වියදම් කරන්නේද ඒ පදනමෙනි. ඔහුට කෙනත් සමඟ ඇත්තේ කුමනාකාරයේ එකඟතාවයක්දැයි මෙරාකි කල්පනා කළේය.

කෙනත් එතරම් නරක හෝ හොඳ පුද්ගලයෙකු ලෙස ඔහුට දැනුනේ නැත... ඔහු සාමාන්‍ය අයෙකි.
ඔහුට සාමාන්‍ය පෙනුමක් තිබුනේය. සාමාන්‍ය ලෙස ඇඳ පැළඳගෙන සිටියේය. මොරානා සහ කෙනත් යුවළක් ලෙස හැඳින්වීමට මෙරාකි ඉක්මන් වූවේ නැත. ඔවුන් එකට කාර්යාලයේදී සිටගෙන සිටින ආකාරය මුලින්ම දුටු විට පවා එවැන්නක් අනුමාන කළ නොහැක.
සන්ධ්‍යාවේදී ඔහු කෙනත් ට කෝපි බඳුනක් රැගෙන ආ අතර ඒ මොහොතේ ඔහු සියල්ල දුටුවේය.

මොරානා සහ කෙනත් සූරියකාන්ත මලක් සහ කපුටෙකු මෙනැයි මෙරාකි සිතුවේය. කෙනත් මාස්ටර් මොරානා වැනි තේජාන්විත මිනිසෙකුට ගැලපෙන්නේ නැත ! ඉතින් මාස්ටර් මොරානා ඔහු තුළ දුටුවේ හෝ කුමක්ද ?

කෙනත්ට යහනේදී මොරානාගේ සිපගැනීම් හෝ දරාගැනීමට හැකිවේදැයි මෙරාකි කල්පනා කළේය.

අද සවස මොරානා, කෙනත්ව සිපගත් ආකාරය ඔහුට සිහිපත් විය.

මෙරාකි සිය දෙතොල් ඇඟිලි වලින් පොඩිකරගත්තේය. ඒ මතකයන් ඔහුගේ නහර තුළින් පවා දිව ගියාක් වැනිය. ඔහුගේ රෝම කූප පවා සෘජුවිය !

ඔහු තද වී ඇති කුඩා තනපුඩු ස්පර්ශ කළේය. මොරානා ඒවා උරමින් සහ ,සපමින් සිපගත් ආකාරය ඔහු සිහිපත් කළේය. තම රහසඟ ගලක් මෙන් සෘජුව ඇති ආකාරය මෙරාකිට දැනෙයි.

" මට මේක කරන්න ඕන නෑ..."ඔහු යහනේ මූණින්තලාව වැතිරෙමින් ඔහුටම පවසා ගත්තේය.
යහනට තද වී තිබියදී ඔහුගේ යටිකය රිදුම් දෙන්නට විය. ඔහු එය සෙමින් ඉහළට සහ පහළට ස්පර්ශ කළේය. මාස්ටර් මොරානා තමා වෙත බරව සිටින ආකාරයත්, ඔහුගේ අතක් සිය රහසඟ මත ඇති ආකාරයත් මෙරාකි මවා ගත්තේය. මොරානා සිය ගෙල සහ සවන් සිපගන්නා බව ඔහු සිතුවේය.
ඔහු කොට්ටයට මුහුණ ඔබාගෙන සිහින් හඬින් කෙඳිරි ගෑවේය. ඔහුට මොරානාගේ සිරුරේ බර දැනෙන්නාක් මෙනි.  එහෙත් ඔහුට අවසානයක් දකින්නට එතරම් පහසු වූවේ නැත. ඔහුගේ සිරුර ආශාවෙන් ගැහෙමින් තිබෙයි. වියළි සුරාන්තයකින් අනතුරුව උඩුබැලි අතට හැරී ඔහු මෙරාකි සිගරුට්ටවක් දල්වා ගත්තේය.

හිස ඔසවා ඇඳ අසල වූ කණ්නාඩියෙන් සිය ප්‍රතිබිම්බය දෙස බැලුවේය.ඔහු දහදියෙන් පෙඟී සම්පූර්ණයෙන්ම  අවුල්ජාලයක්ව සිටියේය. එහෙත් ඔහුගේ මුහුණ රතුවී දෙතොල් ඉදමී තිබුනි. අවුල් වූ රන්වන් කෙස් කළඹ ගෙල දෙපසින්  පහතට වැගිරෙමින් තිබුනි. ඔහුගේ දෙසවන් සහ දත් දිදුළමින් තිබුනි.  තමා කොතරම් සාරාගීද ?

කෙනත් වැනි දුර්වල කපුටෙකු මොරානාව දිනා ගත්තේ කෙසේද ? මොරානා, කෙනත් දෙස බැලූ ආකාරය ඔහුට සිහිපත් විය. එතරම් සුමුදු බැල්මක් ඔහුට කිසිදිනක ලැබී නැත. මොරානා කෙනත්ගේ අතින් අල්ලාගෙන සිටියේය... ඔහුව කරමත තබාගෙන ගියේය.... ඔහු වෙනුවෙන් ගැයුවේය...

ඉන්පසු ඔහුගේ හාදුව ප්‍රතික්ෂේප කළේය !

මෙරාකිට දැනුනේ ඔහුගේ සිරුර දැවෙන්නාක් මෙනි. ඔහු අත ඔසවා එහි දිදුළන දියමන්ති ඔරලෝසුව දෙස බැලුවේය.

කෙනත්ට තමා තරමට මොරානාව තෘප්තිමත් කළ නොහැක.

තව එක් වරක්... තව එකම එක එක් වීමකින් යළිත් මොරානාව දිනාගැනීමට හැකි වනු ඇත !

මෙරාකි තමා ගැනම කෝප වූවේය.
ඔහුට තමා ගැනම අපුලක් ඇති වූවේය. ඔහු අතේ තිබූ සිගරට්ටුව සිය කළවයක් මතට ගෙන ආවේය... සම පිළිස්සෙන ආකාරය දෙස ඔහු බලා සිටියේය.

=======================================

" මම මාවත ඔස්සේ තනිව ඇවිද යමි...
ගොරහැඬි මාවත මීදුමෙන් දිදුලන ලෙස පෙනෙයි...
රාත්‍රිය තවමත් නැවුම් ලෙස පවතී...
කාන්තාර දෙවියන් වෙත කන් යොමා සිටියි !
තරු තරු සමග සංවාදයේ යෙදෙයි..."

මාස්ටර් මොරානාගේ හඬ ගැඹුරුය. ශොකීය...
එය හිස් අවකාශයේ පවා වැදී දෝංකාර දෙයි..

ඒ හැරත් කාන්තාර දෙවියන්ට ඇහුන්කන් දෙමින් සිටින බවත් තරු කතා කරන බවත් ඔහු දන්නේ කෙසේද ?
කෙනත් ඒ ගැන සිතුවේය.

තැනිතලාවේ වැතිර සිටියදී ඔහුට යටින් වූ පොළව ස්පන්ධනය වන ආකාරය තමාට දැනුණු ආකාරය කෙනත්ට සිහිපත් විය. ඔහු තැනිතලාවට පණ ඇති බව විශ්වාස කළේය ! ඒ ආකාරයෙන් කාන්තාර වලටත් ප්‍රාණයක් ඇති බවද මොරානා පවසන්නේ...

මාස්ටර් මොරානා කාන්තාරයක වැතිර කොඳුරණ තරු ඇති ආකාෂය දෙස බලා සිටින ආකාරය කෙනත්ට මැවී පෙනුනි. ඔහුට දිගු රන්වන් හිසකෙස් තිබුනි. ඒවා කාන්තාරයේ වැළි මත විසිරී තිබුනේය.

කෙනත් සිනා සුනේය.

" මගේ වස්තුව ඇයි නින්දෙන් හිනා වෙන්නෙ ? " කිසිවෙකු ඇසුවේය.

ඔහු දෙනෙත් විවර කළේය. හිරු එළිය ඔහුගේ මුහුණ සිප ගත්තේය. ඒ කාන්තාරයක් නොවේ... ඒ තැනිතලාවයි. සරත් සෘතුවේ හමා යන සුළඟ තැනිතලාව මුදුනේ වූ වනාන්තරයේ සිට කහ පැහැති වියළි කොළ ඔවුන් වෙත ගෙන ආවේය.
ඔහු හිස හරවා ඒ මිනිසා දෙස බැලුවේය.

ඔහුට කළුවන් කොණ්ඩයක් තිබුනි.  ඔහු කාරුණික පෙනුමකින් යුතුය. ඔහු කඩවසම් ය.

" මට තැනිතලාව හුස්ම ගන්නවා වගෙව් දැනෙනවා..."
ඔහු මිමිණුවේය.

" හහා...  ඔයා දේවල් මවා ගන්න හරි දක්ෂයි... ඕවා කියල මාව රවට්ටන්න බෑ...
දැන්වත් යමු කම්මැළි කොල්ලෝ..."

ඒ පුද්ගලයා කෙනත්ගේ අතින් අල්ලාගෙන නැගිට්ටවා ගත්තේය. පහතින් වූ ධවලමය දේවස්ථාන කෙනත්ට පෙනෙයි.

" අනේ මට බෑ..." ඔහු යළිත් බිමින් හිඳ ගත්තේය.
"...ඔයාට බැරිද මාව සමූහ ගොවිපලට අරගෙන ගිහින් බතල හිටවන්න උගන්වන්න ? " කෙනත්ට පියානෝ පාඩමට යන්නට ඕනෑ නොවීය.

" ඒක කොඳු කැඩෙන බර වැඩක් වස්තුවේ...මට ඔයාව මහන්සිකරවන්න ඕන නෑ. ඉගනගන්න එක් හැම අතින්ම පහසුයි..." ඔහු සුසුමක් හෙළුවේය. " ...ලූණු කරේ

You are reading the story above: TeenFic.Net